Open top menu
Tuesday, December 25, 2012
මිනිසුන් මියගිය අවතාර ජීවත් වන රටක්


මේ වන විටත් ලංකාවේ විධායකය,ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික ආයතන අතර ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතව තිබෙන අයුරු දක්නට පුලුවන. විශේෂයෙන්ම ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය සේවයෙන් සමන්විත විධායක සහ යුක්තිය පසිඳම සදහා වූ අධිකරණය අතර සංවරණය හා තුළනය ගිලිහී යමින් එක් ආයතනයක් අනෙක් ආයතනය අභිබවා සිය බලතල අනිසි ආකාරයෙන් භාවිතා කරන්නට උත්සහා කරන ආකාරයක් දක්නය ලැබේ.
 අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එනු ලැබ තිබෙන දෝෂාභියෝග යෝජනාව යනු මේ අර්බුදයේ එක්තරා කඩඉම් ලක්ෂයකි. අද වන විටත් මේ සම්බන්ධයෙන් වූ තොරතුරු ඕනෑතරම් මාධ්‍ය මගින් අනාවරණය කර ඇත. අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එනු ලැබ තිබෙන විෂමාචාර චෝදනා අතරින් වඩාත් සැළකිල්මත් විය යුතු චෝදනාව වන්නේ ඇය බලය බෙදීම සම්බන්ධයෙන් දරණ ස්ථාවරය සහ ඒ සම්බන්ධයෙන් ඇයගේ අතීත ක්‍රියා කළාපයයි.
Read more
Saturday, December 22, 2012
ජන බලය වරදට බලපත‍්‍රයක් නොවේ



ආණ්ඩුව, විශේෂයෙන් එහි බලවත්ම අංගය වන විධායකය ගමන්කරමින් සිටින්නේ අත්තනෝමතිකත්වයේ හා ජනපීඩාවේ දෙසට බව දැන් නැවතත් පැහැදිලිවෙමින් පවතියි. එය මේ දැන් ඇරඹූ ගමනක් නොවේ. දැන් ගතවෙමින් තිබෙන්නේ, ඉන් එපිටින් ලද පූර්වාදර්ශයන් අනුයමින්, 2005 වසරේ සිටම අත්තනෝමතිකත්වයේ හා ජනපීඩාවේ දෙසට යන ගමනෙහි වර්තමාන මොහොතයි.

එකිනෙකා කෙරෙහි සුපරීක්ෂාකාරීව බලාසිටිනා, අවශ්‍ය වුවහොත් අනෙකාගේ නොමනා ක‍්‍රියාවන් පාලනය කරනා ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුනක් වෙන් වෙන්ව තිබීම කිසියම් රටකට අවශ්‍ය වන්නේ, පාලකයන් බලය අනිසි ලෙස පාවිච්චිකිරීම වැළැක්වීමටත්, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීමටත්ය. එහෙත් ලංකාවේ ඒ තත්ත්වය නැත. ලංකාවේ ඇත්තේ බලසම්පන්න විධායකයක අත්තනෝමතික විධානයන්ට ස්වයංදීනභාවයෙන් යුතුව අවනත වන ව්‍යවස්ථාදායකයකි. මෑතක් වනතුරුම අධිකරණය තිබුණේද ඒ තත්ත්වයේය.
Read more
Monday, December 17, 2012
ලංකා ඉතිහාසයේ අලූත්ම කළු ලපය


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කළ කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයන් හත්දෙනාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබේ. මේ වනාහි ලංකා ඉතිහාසයේ තවත් අඳුරු හා ලජ්ජාසහගත මොහොතක ලේඛනගත සංකේතයක් බව කිවයුතුය.

දෝෂාභියෝග කාරක සභාවේ හත්දෙනාගේ වාර්තාවත් ඊට පාදක කරගත් ක‍්‍රියාපරිපාටියත් එවැනි දෙයක් නොකළ යුත්තේ කෙසේදැයි යන්නට හොඳම උදාහරණ ලෙස සැලකිය හැකිය.

දෝෂාභියෝග නඩු විභාගයත් කාරක සභාවේ හත්දෙනාගේ වාර්තාවත් මෙතැන් සිට ලංකාවේ ඉතිහාසය වෙයි. ඒ ඉතිහාසය කියනු ඇත්තේ කුමක්ද? රටේ අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ඉහළම නාමධාරී කාන්තාවට එරෙහිව පදනමක් නැති චෝදනා ගොනුකොට, පාර්ලිමේන්තුවට ගෙන්වා, ඇයට සාධාරණ නඩු විභාගයක් නොදීමෙන් නොනැවතී ඇය
පෞද්ගලිකව අවමානයට හා අපහාසයට පත්කරමින්, මේ රටේ පාර්ලිමේන්තුව තමන් විසින්ම තමන් ඉතිහාසයේ නින්දාසහගතම තත්ත්වයකට පත්කරගත් බවය. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ මහ හඬින් කියතත් ඇත්ත තත්ත්වය ඒ සා කනගාටුදායකය.

Read more
Sunday, December 9, 2012
(අ)සංස්කෘතික ඇමෙරිකාව සහ සංස්කෘතික ලංකාව



අප මත සමාජය විසින් කුඩා කළ පටන් ගොඩ නංවා ඇති මතවාදය වන්නේ සිංහල බෞද්ධයන් වන අපට වසර 2500 ක අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බවත්  ලෝකයේ වෙනත් කිසිම ජාතියකට වඩා අපි සංස්කෘතික මිනිසුන් වන බවත් මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ වන බවත්ය. ආදාරය, කරුණාව, මාපිය දුදරු, ස්වාමි-භාර්ය්‍ය සම්බන්ධතාවයන් අප විසින් දිවි පරදුවට තබා ආරක්ෂා කරන බවත්ය. අපේ අභිමානවත් ඓතිහාසික උරුමය විනාශ කර දැම්මේ විදේශිකයන් අප රට ආක‍්‍රමණය කිරීමෙන් පසුව බවත්ය. මේ නිසා වසර 1505 දී ප‍්‍රෘතුග‍්‍රීසීන් අපට රට ආක‍්‍රමණය කර වසර 1948 දී බි‍්‍රතාන්‍යයන් අප රට හැර යන කාලය දක්වා වූ කාලය තුළ එතෙක් අප රටේ වූ අභිමානවත් උරුමය මේ අය විනාශ කළ බවයි. මේ නිසා තවමත් බටහිර යුදෙව් ක‍්‍රිස්ත‍්‍රියානි ( යුදෙව්වන් ක‍්‍රිස්ති‍්‍රයානි වන්නේ කොහොමද යන්න අප නම් දන්නේ නැත) අසංස්කෘතික මිලේඡුචයන් විසින් අප රට විනාශ කිරීමට මාන බලාගෙන සිටින බවයි. මේ මතවාදය ගොඩ නගන්නේ නලින් ද සිල්වා, චමිපික රණවක, විමල් වීරවංශ ප‍්‍රමුඛ දේශහිතයිශීන් විසිනි. මේ නිසා අපට අනුව ඇමෙරිකාව ඇතුලු මුලු බටහිරම කිසිදු සංස්කෘතියක් නැති මිලේඡ්චයන් සිටින ස්ථානයකි. ඒ රටවල් මේ වන විටත් දැඞ් අර්බුදයට ලක්ව ඇති නිසා බෞද්ධ උරුමය සොයන්ට පටන් ගෙන ඇත. අප වැනි ශ්‍රේෂ්ඨ රටවල් සමග මේ අය පසු වන්නේ දැඩි ඊෂ්‍යවෙනි. වෛරයෙනි. ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇත්තේ නිදහස් ලිංගික සම්බන්ධතාවයන්ය.
Read more
Monday, December 3, 2012
නව්‍යකරණ ව්ප්ලවයේ ජඩ මාධ්‍ය භාවිතය


ස්වාධීන රූපවාහිනි සේවය ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව වශයෙන් ආරම්භ කර අද වන විට වසර තිහකට අධික කාලයක් ගතව ඇත. එදා මෙදා කාලය අතර තුර විවිධ රූපවාහනී නාලිකා කිහිපයක්ම කරළිට පැමිණ අද වන විට රූපවාහිනය යනු නිවසක අත්‍යාවහ්‍යම භාණ්ඩයක් බවට පත් තිබේ. ඇත්ත වශයෙන්ම රූපවාහි නාලිකාවක් මගින් ජන විඥාණයට ප්‍රබල බලපෑමක් කළ හැකි බව පැහැදිලිය. විවිධ සමාජ විද්‍යාඥයින් විසින් පරියේක්ෂණ නිබන්ධන ලියමින් රූපවාහිනිය සමාජයට කරන බලපෑම සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය කතිකාවන් නිර්මාණය කරන්නට වෙර දරයි. ලාංකීය ජන විඥාණයේ විඥාණ බල රටාව හොදින් අධ්‍යනය කර බලන කළ අපට පෙනෙන පැහැදිලි සත්‍ය වන්නේ ලාංකීය සමාජයට ආමණ්ත්‍රනය කළ යුත්තේ ශ්‍රාස්ත්‍රීය භාෂාවෙන් නොව ගමේ ගොඩේ හන්දියේ භාෂාවෙන් බවයි.
Read more
Sunday, December 2, 2012
ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග ක‍්‍රමය-වික්ටර් අයිවන්


විවේචනාත්මක විශ්ලේෂණයක්


සමහර උසස් තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදී එම තනතුරුවලින් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ නීතිගත කර තිබෙන වැරදි හා අවලස්සන ස්වභාවය මෙතෙක් විවේචනාත්මක විග‍්‍රහයකට හසුකොට නැති විෂය ක්ෂේත‍්‍රයක් ලෙස සැලකිය හැකිය.
උසස් අධිකරණවල විනිශ්චයකාරවරුන්ට ඔවුන්ට ඔවුන්ගේ තනතුරුවලින් පහකිරීමේ තර්ජනයකින් තොරව සිය කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ලබාදීම ශිෂ්ට සම්පන්න ලෝකයේ අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකේ. බරපතළ වැරදි කරන උසස් අධිකරණයේ විනිශ්චය කාරවරයකු තනතුරෙන් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. සමහර රටවල් එවැනි ආරක්ෂාවක් විගණකාධිපති, මැතිවරණ කොමසාරිස් වැනි තනතුරුවලටද ලබාදී තිබේ. විධායක ජනාධිපතිවරුන් අයත් වන්නේද මේ ගණයටය. විධායක ජනාධිපතිවරයකු බරපතළ වැරදි කරන්නේ නම් ඔහුගේ නිල කාලය සම්පූර්ණවීමට පෙර තනතුරෙන් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය.
Read more
Thursday, November 29, 2012
චන්ද්‍රිකා ගේ බොහිමියන් ජීවිතය


චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය රජය විසින් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යොජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සිය ආකල්පය දක්වමින් මාධ්‍ය නිවෙිදනයක් නිකුත් කර ඇත. අර්බුදයක් හමුවේ ඇය විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම අප අගය කළ යුතු වුවත් අපට ඇගෙන් අසන්නට ප්‍රශ්ණ කිහිපයක් ඇත.

මේ රටේ අධිකරණයේ ස්වාධීනතාවය මේ තරම් පහතට ඇද දමන්නට ක්‍රියා කළ අය අතර ඇයත් ප්‍රමුඛයෙකු නොවන්නේ ද?. මේ රටේ අධිකරණය මුලු මිනින්ම වළ පල්ලට තල්ලු කර දැමු සරත් එන් සිල්වා යනු චන්ද්‍රිකාගේ හිතවෙතෙකි. ඔහු විසින් අධිකරනයට හදුන්වා දුන් වැරදි පූර්වාදර්ශයන් අනෙකුත් විනිසුරන් විසින් ආදර්ශයට ගත් අධිකරණ පූර්ව නිදර්ශණ න්‍යාය නිසා අද වන විට ලංකාවේ අධිකරණය පමණක් නොව සමස්ථ නීතියේ පාලනයම බිද වැටී ඇත.
Read more
Friday, November 16, 2012
අපේක්‌ෂා භංගත්වයෙ සිහින සාප්පුව


නිදහසින් පසු මේ රටේ ප්‍රකාශයට පත්වූ හැම අයවැයක්‌ විසින්ම අප කා දමන ලද බව නොබියව කියමු. ඒ බව දැන දැනත් ලඡ්ජාවක්‌ නැති අපගේ ජනයා හැම අවුරුද්දකම අය වැය එනතුරු බලා සිටින්නේ සිහින සාප්පුවක්‌ අරින තුරු බලා සිටින කුඩා දරුවන් මෙනි. සාප්පුව අරින විට බලාපොරොත්තු වූ දේවල් එකක්‌වත් නැත. එක්‌කෝ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පැනවෙන බදු වැඩිකර ඇත. එහෙමත් නැත්නම් ඉන්ධන මත පැනවෙන බදු වැඩිකර ලයිට්‌ බිල්, බස්‌ ගාස්‌තු නඟින තැනට වැඩ සිද්ධ වී ඇත. එහෙමත් නැත්නම් නිෂ්පාදන අමුද්‍රව්‍ය මත පැනවෙන බදු වැඩිකර ඇත. එවිට ද භාණ්‌ඩ මිල ඉහළ යයි. අන්තිමේදී අය වැය ලේඛනය කියවීම නිමාවට පත් කරමින් මුදල් ඇමැතිතුමා/රාජ්‍ය නායකයා කියන්නේ රටේ සංවර්ධන වේගය ඉහළ ගොස්‌ ඇති බවය. දළ ජාතික නිෂ්පාදන වේගය වර්ධනය වී ඇති බවය. රුපියල තවදුරටත් ශක්‌තිමත් වී ඇති බවය. යටිතල පහසුකම් ඉහළ ගොස්‌ ඇති බවය. මෙසේ සියලු දේ සංවර්ධනය වී උසස්‌ තත්ත්වයකට පත්වී නම් බඩු මිල ඉහළ ගොස්‌ ඇත්තේ කවර ලබු ගෙඩියක්‌ නිසාදැයි ජනතාව කල්පනා කරන්නට පටන් ගනී.
Read more
Tuesday, November 13, 2012
වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස


මේ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදි නායකයා හමුවන්නට දබානට ගොස් සාම්ප්‍රදායික ආදීවාසී උත්සවයකටත් සහභාගී වූ බවට මාධ්‍ය වාර්ථා පල විය. මේ නිසාම අපි වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු ජන නායකයා හා වැදි නායකයා අතර වෙනස අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
වැදි නායකයා සම්බන්ධයෙන් ගත් කළ ඔහු රැහේ ප්‍රධානියායි. ඔහුට නායක කම උරුම වන්නේ පිය පරවෙිනියෙන.සියල්ලයටම ඉහලින් සිටින සර්ව බලධාරී  රැහේ නායකයා වන වැදි නායකයා නීතිය නිර්මාණය කරන්නාද වෙි. සාම්ප්‍රදායික වැදි රැහේ නිර්ලිඛිත නීතීන් අවශ්‍ය විට තමන්ට උචිත යැයි හැගෙන පරිදි වෙනස් කරන්නට වැදි නායකයාට බලයක් වේ. වැදි රැහේ ප්‍රජාතන්ත්‍රවාදය ජන සම්මතවාදය විපක්ෂය මානව අයිතිවාසිකමි මාධ්‍ය නිදහස වැනි දෑ නොවේ. බොහෝ විට රැහේ නායකයා තමන්ට උචිත යැයි හැගෙන පරිදි සිය සාමාජිකයන් පාලනය කරණු ලබන අතර රැහේ නීතිය කඩ කරන්නාට ශාරීරික දඩුවම් පමුණුවන්නට පමණක් නොව පාලනය කළ නොහැකි අයිතිවාසිකම් ගැන කථා කරණ නාහෙට නාහන නාම්බන් වැදි රැහෙන් පිටමං කිරීමේ බලයද වැදි නායකයා සතු වේ.
Read more
සමාජය කැරකවෙන්නේ ස්ත්‍රී බුරිය වටා බව


මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතවරයා බවට පත් කරවන්නට උපකාර කළ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට අවසානයේ තමන් විසින් පත්කළ නායකයා නිසාම විනාශ වන්නට සිදු විය. එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනයට ලක්වන අතර ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී අවසානයේ මහින්ද රාජපක්ෂ රාජාභිෂේකයට ඔටුනු පලදිනු ලැබීය.පසුගිය දිනෙක දෙරණ රූපවාහිනි නාලිකාවේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් මහා තරගය නරඔන විට ලංකාවේ දේශපානය තුල මේ වන විටත් ඇතිව තිබෙන තත්ත්වයන් නිවරදිව සංජානනය කරන්නට අපට හැකියාවක් ලැබුනි.

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් මහා තරඟයේ අවසන් වටයට කණ්ඩායම් තුනක් තේරී පත් විය. එම කණ්ඩායම් නම් ගම්පහ ඩේන්ජරස් ගැන්, කලුතර රෝයල් වොරියස්, සහ කළම්ඹූ ට්‍රුකස් යන කණ්ඩායම්ය. මෙහිදී අවසන් වටයේ කේවල තරඟය සදහා කලුතර රෝයල් වොරියස් කණ්ඩායමෙන් නංගියෙක් සහ මල්ලියෙක් තේරීපත් වූ අතර ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමෙන් මල්ලිලා දෙන්නෙක් තේරී පත්විය. කෙසේ නමුත් අවසානයේ මෙම තරගාවලියේ කේවල තරඟයේ ජයග්‍රහනය හිමිවන්නේ කලුතර රෝයල් වොරියස් කණ්ඩායමේ ඉමල්ෂා මධුෂානී හටයි. ඇයගේ කණ්ඩායමේම නායකයා වන නදීෂ් රන්දීර් මෙම තරගයෙන් දෙවැනි තැනට පත් විය. නමුත් සම්ස්ථ තරගාවලියේ ජයග්‍රහණය හිමි වන්නේ ගමිපහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමටයි. මේ තරගාවලියේ තෙවන ස්ථානයට පත් වූයේ කොළොම්ඹු ට්‍රුකස් කණ්ඩායමයි.
 එම කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ තර්තන ශිල්පිණියකටයි.
Read more
ලංකාවේ මාධ්‍යවේදීන් අති බහුතරයක් බිරිඳට බයයි


ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයටයන්හි සේවය කරන මාධ්‍යවේදීන් අති බහුතරයක් බිරිඳට බය නිසා ඇයට ආදරය කරන බව පෙන්වුවත් ඔවුන් ඇත්තටම ආදරය කරන්නේ පෙම්වතියට බව වාර්තා කිරීමට අපට හැකිව තිබේ.
කරුණාකර මේ ප්‍රවෘත්තිය ගැන කලබල වී ‘පුහුල් හොරා කරෙන් දැනේ‘ කරමයට තමා කරදරයට පත් නොවී දිගටම කියවන ලෙස අපේ හිතවත් මාධ්යටවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.
ලංකාවේ මාධයටවේදීන් බහුතරයක් බිරිඳට හෙවත් ආණ්ඩුවට නැත්නම් කෙළින්ම කිව්වොත් ජනාධිපතිට බයයි. ඒ නිසා කථාවට ඔවුන් කියන්නේ අපි ආණ්ඩුවට ආදරෙයි කියාය. ඔවුන් තම මාධ්යෙ භාවිතයේදී ආණ්ඩුවට පක්ෂපතී වෙයි. එසේ කරන්නේ තමන් පක්ෂපාතී නිසා නොව අනෙක් හැමෝම ආණ්ඩුවට පක්ෂපාතී යැයි ඔවුන් සිතන නිසාය.
Read more

Popular Posts

Popular Posts