Open top menu
Thursday, November 29, 2012


චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය රජය විසින් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යොජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සිය ආකල්පය දක්වමින් මාධ්‍ය නිවෙිදනයක් නිකුත් කර ඇත. අර්බුදයක් හමුවේ ඇය විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම අප අගය කළ යුතු වුවත් අපට ඇගෙන් අසන්නට ප්‍රශ්ණ කිහිපයක් ඇත.

මේ රටේ අධිකරණයේ ස්වාධීනතාවය මේ තරම් පහතට ඇද දමන්නට ක්‍රියා කළ අය අතර ඇයත් ප්‍රමුඛයෙකු නොවන්නේ ද?. මේ රටේ අධිකරණය මුලු මිනින්ම වළ පල්ලට තල්ලු කර දැමු සරත් එන් සිල්වා යනු චන්ද්‍රිකාගේ හිතවෙතෙකි. ඔහු විසින් අධිකරනයට හදුන්වා දුන් වැරදි පූර්වාදර්ශයන් අනෙකුත් විනිසුරන් විසින් ආදර්ශයට ගත් අධිකරණ පූර්ව නිදර්ශණ න්‍යාය නිසා අද වන විට ලංකාවේ අධිකරණය පමණක් නොව සමස්ථ නීතියේ පාලනයම බිද වැටී ඇත.

අන් සියල්ලන්ම වැරදි යැයි පවසන චන්ද්‍රිකා  මහත්මිය නොපවසන කතාව වන්නේ තමන් ද මේවාට වගකිව යුත බවයි. තමන්ගේ වගකීමෙන් මිදෙමන්නට දන්නා ෙබාහෝ අය චන්ද්‍රිකා වගේම තමන් විසින් කළ වැරදි අමතක කර අනුන්ගේ වැරදි හුවා දක්වමින් සිටියි.
 
එපමණක් නොව මේ වන විටත් ලංකාවේ ආර්ථිකය අයි පෑඩ් එකකින් හැන්ඩල් කරන පී.බී ජයසුන්දර යනු ද චන්ද්‍රිකා විසින් කරළියට ගෙනා තවත් චරිතයකි. ඔහු ලංකාවේ ආර්ථිකය අද වන විට පාලනය කරන්නේ ගණු සහ දෙනු ආකාරයටයි.
චන්ද්‍රිකාගේ බොහිමියන් ජීවන විලාශය අපට හොදහැටි මතකය. අප ඇයට බොහිමියන් ජීවන විලාශයක් ඇතැයි කියන්නේ නකමට නොවේ. මේ බොහිමියන් අය බොහෝ විට ජීවිතය දකින්නේ කළාකෘතියක් ලෙසය. එවන් තැනැත්තියක විසින් නින්දෙන් අවදි වූ ආකාරයෙන් හදිසියේම නන්දෙඩවීම අපට සමාන කළ හැක්කේ යුද්ධයට හොදින්ම ආවඩා ප්‍රභාකරන් මරා දැමූ පසු රතිඥඤා පත්තු කරමින් කිරිබත් කා පසුව තමන් ජාතිවාදයට විරුද්ධ යැයි කෑ මොර දෙන ජන අරගල ව්‍යාපාරයේ හැසිරීමටය.

උපුටා ගැනිම 3mana.com
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

Popular Posts

Popular Posts