Open top menu
Tuesday, December 25, 2012


මේ වන විටත් ලංකාවේ විධායකය,ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික ආයතන අතර ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතව තිබෙන අයුරු දක්නට පුලුවන. විශේෂයෙන්ම ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය සේවයෙන් සමන්විත විධායක සහ යුක්තිය පසිඳම සදහා වූ අධිකරණය අතර සංවරණය හා තුළනය ගිලිහී යමින් එක් ආයතනයක් අනෙක් ආයතනය අභිබවා සිය බලතල අනිසි ආකාරයෙන් භාවිතා කරන්නට උත්සහා කරන ආකාරයක් දක්නය ලැබේ.
 අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එනු ලැබ තිබෙන දෝෂාභියෝග යෝජනාව යනු මේ අර්බුදයේ එක්තරා කඩඉම් ලක්ෂයකි. අද වන විටත් මේ සම්බන්ධයෙන් වූ තොරතුරු ඕනෑතරම් මාධ්‍ය මගින් අනාවරණය කර ඇත. අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එනු ලැබ තිබෙන විෂමාචාර චෝදනා අතරින් වඩාත් සැළකිල්මත් විය යුතු චෝදනාව වන්නේ ඇය බලය බෙදීම සම්බන්ධයෙන් දරණ ස්ථාවරය සහ ඒ සම්බන්ධයෙන් ඇයගේ අතීත ක්‍රියා කළාපයයි.
මෙය මේ අවස්ථාවේ සෘජුවම සම්බන්ධ වන්නේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ගෙන එනු ලැබ සම්මත කර තිබෙන දිවි නැගුම පනත සම්බන්ධවයි. ජනාධිපතිවරයා සතු විධායක බලය සහ අධිකරණය සතු යුක්තිය පසිඳලීමේ බලය අතර ඇති තුලනය බිදීයාම නිසා ඇතිව තිබෙන මේ අර්බුදය රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දමන මහා ප්‍රවාහයක ආරම්භය විය හැකි බව බොහෝ උදවිය පවසයි.

නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශය කරා ගමන් කළේ අද ඊයේ නොවේ. වර්ථමාන අගවිනිසුරුවරිය එම ධූරයට පත් කිරීමත් ඇය ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ඒමත් යන කාරණා දෙකම එක්කෝ හරි විය යුතුය නැතිනම් වැරදි විය යුතුය. එකක් හරි නම් අනෙක වරදින්නට විදිහක් නැත. ඒ තරම්ම මේ කරුණ සංකීර්ණය. අගවිනිසුරුවරිය එම ධූරයට පත් කරන්නේ වර්ථමාන රජයේ අවශ්‍යතා ඇය විසින් ඉටුකරණු ඇතැයි වූ පූර්ව නිගමනය නිසාමය. ඇය ඉවත් කළ යුතු යැයි රජය තීරණය කරන්නේ ඇය සහ රජය අතර වූ කොන්දේසි විරහිත නොනිල එකගතාවය අති පෞද්ගලික කාරණාවක් මත බිද වැටුනි නිසාය. මේ නිසා අප මේ අවස්ථාවේ අන්ධ විය යුතු නැත. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ හොද-නරක කතා කරනවාට වඩා වැදගත් වන්නේ ලංකාවේ රජ්‍ය පාලනය කාලයක පටන් බිදවැටීමේ ප්‍රතිපලයක් ලෙස මෙය දැකීමය.
අතීතයේ අප රටේ රාජ්‍ය පාලනය වර්ථමානයේ පවතිනවාට වඩා උසස් මට්ටමක හෝ පහත් මට්ටමක පැවතියාද නැද්ද යන්න පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා පළක් නැත. අද වන විට අපට කියන්නට ඇති සරළ කාරණය වන්නේ මේ වන විටත් ලංකාවේ ඉතිහාසය නිවාඩු යවා ඇති බවත් නීතිය මරණයට පත්ව ඇති බවත්ය. මේ නිසා මේ යුගයේ අපට හමුවන්නේ මිනිස් වෙසින් සිටින අවතාරයන්ය.

අවතාර වලට කළ හැක්කේ තවත් අයෙතු බියට පත් කිරීම පමණි. මේ නිසාම අපට හමුවන බහුතරයක් මිනිසුන් කියන කරණ කාරණා අධ්‍යනය කර බලද්දී අපට සිතෙන්නේ මේ යුගයේ ඇත්තටම විධායක,ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය ක්‍රිියාවට නංවන්නේ අවතාර වලින් බවයි. මේ අවතාර වලට තමන්ට අවශ්‍ය ඕනෑම මොහොතක තමන්ට වාසි සහගත ඕනෑම හැඩයක් ගන්නට පුලුවන. පාර්ලාමේතු නියෝජිතයන් හැසිරෙන, කියන කරන දෑ අධ්‍යනය කිරීමෙන් එය අවබෝධ කර ගත හැකිය. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් සිය පෞද්ගලික අරමුණු සාක්සාත් කර ගැනීම වස් රටේ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කිරීම කරන්නේ නැත. අනෙක් අතට අධිකරණයේ ගෞරවය ගැන සිතන අයෙකු සිය තනතුරේ වරප්‍රසාද යොදා ගනිමින් පෞද්ගලික වරප්‍රසාද ලබන්නේ ද නැත. ඇත්තටම අගවිනිසුරුවරයෙකු ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන එන්නට හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන බව සත්‍ය නමුදු එය යොදා ගත යුත්තේ යම් පුද්ගලයෙකු අගවිනිසුරු ධූරයේ ලබය අනිසි ලෙස යොදා ගන්නවා නම් පමණි. එය දේශපාලන කාරණා තුළට ලඝු නොකළ යුතුය. වර්ථමාන අගවිනිසුරුවරිය මේ ධූරයට තෝරාපත් කර ගන්නා විටත් ඇගේ ඇතැමි ක්‍රියා කළාපයන් මහින්ද රාජපක්ෂ විසින් නොදැන සිටියා නොවේ. හදිසියේම රාජපක්ෂලාට අධිකරණයේ ස්වාධීනතාවය ගැන මතක් වන්නේ අගවිනිසුරුවරිය තමන්ගේ කන්ට්රෝල් එකෙන් ගැලවුන නිසා මිස ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතන නිසා නොවේ. අගවිනිසුරුවරිය වෙනුවෙන් දැන් පෙළපාලි උද්ඝෝෂණ සංවිධානය කරන අය නරුමවාදීන් වන්නේ මේ යථාර්ථය තුළයි. හැමෝම හොදටම දන්නවා මේ හුටපටය මුල පටන්ම අවුලක් සහ විහිලු සහගත තත්ත්වයක් බව ඒත් මේ මොහොතේ මේ අර්බුදයෙන් ලොකුම කොටස තමන්ට කඩා ගන්නට අවශ්‍ය කරන නිසා එය දන්නා නමුත් නොදන්නා ආකාරයෙන්  පාරට බැස කෑ ගසනවා.

මේ සියලු දෙනා නගන තර්තය වන්නේ මේ දෝෂාභියෝග යෝජනාව සම්මත වුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය වල පල්ලට යන බවයි. අපට මෙහිදි අසන්නට ඇත්තේ සරළ ප්‍රශ්ණයකි. මේ වන විටත් රට් ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය මනාව ක්‍රියාත්මක වන්නේ ද යන්නයි. වල පල්ලට යන්න අපට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය දැනටමත් තිබිය යුතුය. දැනටමත් නැති දෙයක් අලුතෙන් නැති වන්නේ කොහොමද යන්න අපට පැහැදිලි නැත.
පසුගිය දා අපරාධ නඩු විධාන සංග්‍රහයට අලුතින් සංශෝධන මාලාවක් ගෙන එන්නට යන බවත් ඒ මගින් මානව අයිතිවාසිකම් බරපතල ආකාරයෙන් උල්ලංඝණයට ලක් විය හැකි බවත් ඇතැමුන් සැක පල කරයි. විවිධ නීතිමය තර්ක ඉදිරිපත් කරයි. ඒ පනත සම්මත වුවහොත් සාමාන්‍ය සැකකරුවෙකු පැය 24 සිට 48 දක්වා කාලයක් රඳවා තබා ගැනීමට හැකි වෙන නිසා ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකි බව පවසන අයගෙන් අසන්නට ඇත්තේ පැය 24 රඳවා ගැනීම 48 දක්වා වැඩි කිරීම හෝ 12 දක්වා අඩු කිරීම යනු ප්‍රශ්ණයේ වලිගයෙන් අල්ලා ගැනීමක් පමණක් වන බවයි. ලංකාවේ පොලීසියේ ක්‍රියා කළාපය මුලුමනින්ම වෙනස් නොකර පැලැස්තර විසඳුම් ඉදිරිපත් කළාට පළක් නැත.  ගැටලුවක් පැන නැගුන සැනින් මාධ්‍ය ඉදිරියේ නීති පොත් දිග හරිමින් මාධ්‍ය වීරයන් වන්නට තතබන උදවිය කල්පනා නොකරන්නේ ක්‍රමය වෙනස් නොකර විසඳුම් ඉදිරිපත් කළාට පළක් නැත යන කාරණයයි.

අද වන විට දෝෂාභියෝග යොජනාව පිළිබදව විවිධ අය විවිධ දේ කරමින් සිටියි.අපි උදාහරණ කිහිපයක් ගනිමු.
01-නීතිඥ සහ විනිසුරු සංගම් මේ නින්දිත උත්සහයට එරෙහිව සිය විරෝධය දැක්වීම උදෙසා ප්‍රකාශයන් නිකුත් කිරීම
02-දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම උදෙසා ජනතාව මහ පාරට ගෙන ඒම
03- රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන රැස්වීම් සහ වැඩ සටහන් සංවිධානය කිරීම.
04-ජනමාධ්‍යවෙදීන් දෝෂාභියෝග වල ඉතිහාසයේ සිට වර්ථමානය දක්වා හරබර ලිපි ලියමින් ජනතාව දැනුවත් කිරීම
ඉහත සියලු පියවරයන් වැරදි යැයි අපි නොකියන්නෙමු. අපේ ගැටලුව වන්නේ අනාගතයේ සිදු වන්නට නියමිත කුමක් ද යන්න පිළිබදවයි. මීට පෙර 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයනය ගෙනඑනු ලැබූ අවස්ථාවේ මේ ආකාරයෙන්ම ඉහත සියලු පුද්ගලයන් හැසිරුණ ආකාරය අපට මතකය අනසානයේ සිදු වූයේ කුමක් ද? එම පනත ඒ ආකාරයෙන්ම සම්මත වීමයි. ඒ අනුව තවත් වරක් නොව කැමති වාරයක් ජනාධිපතිවරණයට තරඟකරන්ට මහින්ද රාජපක්ෂට අවස්ථාව ලැබී ඇත. ඒ නිසා තවමත් මේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ප්‍රබල බලවෙිගයකි. නමුත් අද වන විට එහි වටිනාකම අඩුව ඇත්තේ එහි අවධානම අඩු වූ නිසා නොව ප්‍රවෘත්තිමය වටිනාකම අඩු වූ නිසාය.
ලංකාවේ දේශපාලනය වසර ගණනක් භූමණය වෙමින් පවතින්නේ මෙවැනි ව්‍යුහයක් තුළය. කිසිවෙකුටත් මේ ව්‍යුහය අප්සට් යැයි සිතනේනේ නැත. හැමා්ම මේ ව්‍යුහය පෝෂණය කරමින් එහිම පංගුකරුවන් බවට පත්වෙමින් ඒ තුළම සිරවී සිටියි. මේ ව්‍යුහයෙන් පිටත නව ව්‍යුහයක් නිර්මාණය කර පවතින ධනවාදී සමාජයට වඩා උසස් සමාජයක් නර්මාණය කරන්නට හැකි යැයි කල්පනා කරන ව්‍යපාරයකට පමණක් මේ රික්තය පුරවන්නට පුලුවන. නැතිනම් දිගින් දිගටම විවිද හැඩයන් ගනිමින් තව දුරටත් අපට අවතාර ලෙසම ජීවත් වන්නට පුලුවන.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

3 comments :

  1. අගවිනුසුරු වරයා වරිය කවුරු වුනත් අපි හම්බකල දෙයින් අපි කනවාබොනවා ජීවත් වෙනවා..
    ඔය මල මගුල් පිකට් උපවාද කලා කියල අපිට ලැබෙන එකක් නැහැ...ලැබෙන දෙයක් නැහැ...
    ඔය තනතුරට සිරානි බන්ඩාරනායක ආවත් තිලකවර්ධන ආවත් අපිට ඇති සෙතක් නැහැ...
    සේස්ටාදිකරන කියන්නෙ සමාජයෙ ලොකු මිනිස්සුන්ගෙ නඩු අහන තැන්...අපි වගේ පුංචි අයට ඕ තැන් වලට කිස්ටු වෙන්නත් බැහැ යන වියදමේ හැටියට...
    ඒ මිනිස්සුන්ගේ පස්න ඒ අයම විසදාගනීවි..ඔය සේස්ටාදිකරනෙ නැතිවුනා කියලා අපිට වෙන කිසිම අලගෙඩියක් නැහැ...

    ReplyDelete
  2. What you write indicates your poor mentality.
    Sri lanka would never become a developed country unless the attitude of majority changes

    ReplyDelete
  3. My comment was not on the article it is on Another comment

    ReplyDelete

Recent Posts

Popular Posts

Popular Posts