Header Ads

ඔබ මාධ්‍යවේදියෙක් ද? පෙටිටියක් තෝර ගත්තද?

ලංකාවේ ජන මාධ්‍ය සම්බන්ධයෙන් ජනවාරී මාසය යනු කලු පැල්ලම් රාශියක් එක් වූ මාසයකි. මීට වසර 04කට පෙර ජනවාරී මස 08 වන දා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මහ මගදී නාදුනන නමුත් දන්නා තුවක්කුකරුවකු විසින් ඝාතනය කරණු ලැබීය. මීට වසර තුකට පෙර සිදු වූ ඒ ඝාතනයත් තවත් එක් නඩු නැති ඝාතනයක් ලෙස ඉතිහාසයට එක් වී හමාරය. මේ ලිපිය මගින් ලසන්තගේ ගුණ දොස් විචාරය කරන්නට අදහස් නොකරන අතර මෙම ලිපිය මගින් අපේක්ෂා කරන්නේ ලංකාවේ සමස්ථ ජනමාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් සාධනීය කතිකාවකට මුල පිරීමට පමණි.
ලංකාව් ජන මාධ්‍ය ඉතිහාසයේ මාධ්‍යවෙිදී රිචඩ් ද සොයිසා ඝාතනය, ප්‍රේම කීර්ති ද අල්විස් ඝාතනය, රෝහණ කුමාර ඝාතනය, සම්පත් ලක්මාල් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා මාධ්‍යවෙිදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් ඕනැ
තරම් අටුවා,ටීකා,ටිප්පනි, ලියවී අවසන්ය. වාර්ශිකව මෙමමාධ්‍යවේදී සමරා සමරු උත්සව සංවිධානය කිරීමේ සිට මෙම මාධ්‍යවෙිදීන් ගේ හොද නරක සාකඡිචාවකට බදුන් කරමින් ලියැවෙන ලිපි ප්‍රමාණය අපමණය. ලසන්ත ඇතුලු මෙම මාධ්‍යවෙීදී සමරන්නට සමරු උත්සව යම් පිරිසක් සංවිධානය කරදදිී තවත් පිරිසක් පවස්නේ මේ අය දේශද්‍රෝහීන් බවය. අපට අනුව මේ අය වීරයන් හෝ ද්‍රෝහීන් කිරීමෙන් අත්වන පලක් නැත.තවත් සමහරුන් පවසන්නේ ලංකාවේ නැති වුනාට බටහිර රටවල නම් මාධ්‍ය නිදහස උපරිමයෙන් පවතින බවය. ඒ අනුව ලංකාවේ ජන මාධ්‍ය සම්බන්ධයෙන් විවිධ ලිපි ලියන උගතුන් බුද්ධිමතුන් වැඩි පුරම ගණිකා වෘත්තියේ යොදවන මාතෘකාව වන්නේ ජනාධිපතිවරුත් එළවිය හැකි ඇමෙරිකාවේ වෝටර් ගේට් සිද්ධියයි. ඔවුන් සිතන හා දකින ආකාරයට ඇමෙරිකාවේ ජන මාධ්‍යවේදීන් යනු එරට හතර වන ආණ්ඩුවයි. දේශපාලනය හසුරුවනුලබන්නේ ජන මාධ්‍යවේදීන් විසිනි. ඒ නිසා එරට මාධ්‍යවෙිදීන්ට උපරිම නිදහසක් හා ආරක්ෂාවක් ඇත. ඔවුන්ව මෙලෙස මහමග මරා දමන්නට බැරිය. මරා දැමුවද ආණ්ඩුවකට යහතින් ඉන්නට බැරිය. ඒ අනුව අහෝ ඇමෙරිකාව, එංගලන්තය, යනු මොන තරම් නම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල්ද?

අනෙක් අතට ලංකාවේ සිංහල බෞද්ධ බහුතරයට අනුව ඇමෙරිකාව යනු අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ කරුවන්ය. ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය වී ඇත්තේ ලංකාවේ සිංහල බෞද්ධ මතවාදය සහමුලින්ම වනසා දමා මේ රට යුදෙව් ක්‍රිස්තියානි බල කදවුරක් කරන්නට වෙහෙසීමය. අප විසින් මේ ඉහත මතවාදයන් දෙකම විකාරයක් වශයෙන් සලක්නේ මේ වන විටත් ලෝකයේ හද ගැස්ම බවට ධනවාදය පත්ව ඇති බව ඇස් පනා පිටම පෙනෙන්ට තිබෙනනිසාය. ඒ අනුව පළමු මතය නියෝජනය කරන පිරිසට අපට කියන්නට ඇත්තේ ඇමෙරිකාවේ, එංගලන්තයේඇත්තේ ලංකාවට වඩා උසස් ආචාරධර්ම සහිත ජන මාධ්‍ය භාවිතාවක් නොවන බවයි. එම රට වල ජන මාධ්‍ය හා ධනවාදී ආර්ථික හා සමාජ රටාව එකිනෙක හා අනෝන්‍ය වශයෙන් බද්ධ වී ඇති බවයි. එම රට වල ජන මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, ආදී සියලුම සමාජ ව්‍යාපාර ගොඩ නැගී ඇත්තේ පවතින ධනවාදී ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය බලය සපයන ඉන්ධන හා දැති රෝද වශයෙනි. ඒ අනුව එරට ජන මාධ්‍යවෙිදීන්ට නිදහස් ජන මාධ්‍ය කරණයේ නියැලෙන්නට අසීමිතව වරප්‍රසාද සපයා දෙනු ලබන්නේ අන් අදෘශ්ෂමාන බලවෙිගයක් විසින් නොව පවතින ධනවාදී සමාජ හා ආර්ථික රටාව විසිනි. මේ වන විටත් දේශපාලන රක්ෂස්ථාන ලබා විදෙස් රට වලට පැන ගොස් දිවි ගලවා ගන්නට ලංකාවේ ජන මාධ්‍යවෙිදින්ටඅවස්ථාව උදා වී ඇත්තේත් මේ ලෝක ධනවාදී ආර්ථික රටාවට පින්සිදු වන්නටය.

ඉදින් ඒ අනුව තව දුරටත් ලංකාවේ නොමැති ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ මාධ්‍යවෙිදීන් භුක්ති විදින තමන් භුක්ති නොවිදනවා යැයි අප විසින් පරිකල්පනය කරනු ලබන සංකේතීය නිදහස යනු නව ලිබරල් ධනවාදයේ විනෝද සාධකක් වශයෙන් අපට හදුන් වන්නට පුලුවන.

නමුත් ඇත්ත වශයෙන්ම මේ රට වල මහා මාධ්‍යවෙිදින් යැයි සිතා සිටින උදවියට ධනවාදයට එරෙහිව සිය සටනට කිසිසේත් අවතීර්ණ වන්නට නොහැකිය. මේ නිසා කියුබන් විප්ලවයට පණ පොවා සියල්ල අතහැර බොලිවියාවේදී හුදකලාව දරුණු මරණයකට මුහුණ දුන් චේ යනු ඇමෙරිකාවේ දී අර්ථ ගැන්වෙන්නේ කාන්තා,පිරිමි ඇදුම් විලාසිතාවක් නැතිනම් පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ආදායම් වර්ධනය කර ගත හැකි බැරෑන්ඩ් එකක් වශයෙනි. මෙය ඇතැමුන් හදුන් වන්නේ කිසිවකු විසින් හිතා මතා කරණු ලබන දෙයක් වශයෙන් නොවේ. නමුත් ධනවාදයේ නාමයෙන් මේ සිදු වන්නේ සමාජවාදී සිය සතුරා වෙළදපොල තුල මරණයට යළිත් පත් කිරීම පමණි. අනෙක් අතට ධනවාදී සමාජ ප්‍රපංචය විසින් අපට මුණ ගස්වන කටුක යාථාර්තය වන්නේ තව දුරටත් රුසියානු සමාජයට ලෙනින් යනු පවතින සමාජ ක්‍රමයට එරෙහිව අරගල කර පවතින ක්‍රමය පෙරලා දමා වඩා යහපත් සමාජයක් ගොඩ නගන්නට උත්සහා කළ වීරයෙකුට වඩා බටහිර පාරිභෝගික භාණ්ඩ භුක්ති විදින්නට වැට බැදි ධනවාදයේ සතුරෙකු වශයෙනි. අනෙක් අතට බර්ලින් තාප්පය බද දමා එදා නැගනහිර ජරමනිය හා බටහිර ජමනිය ඒකාබද්ධ වූ ඒ ඓෙතිහාසික දිනයේ බොහෝ තරුණ තරුණියන් සොයා ගියේ මොනවාද? දිලිසෙන සිල්ලර ධනවාදී පාරිභෝගික භාණ්ඩ හමුවේ සිය ආත්මය දියකර හරිනට වුව මේ තරුණ තරූනියන් සූදානම් වුයේ තවදුරටත් ධනවාදයට පමණක් මේ ලොකයයේ සියලු සමාජ සබධතා පාලනය කලහැකි බව පසක් කරමිනි. ඉදින් ඇමෙරිකාවේ, එංගලන්තයේ ඇති ලිබරල් ජන මාධ්‍ය නිදහස යනු අන් යමක් නොව ධනවාදයේ ශ්‍රව්‍ය,දෘෂ්‍ය හා මුද්‍රිත රූපිකයන්ය.

 නමුත් ධනවාදයේ නාමයෙන් රජුන් තනන්නට තමන්ට හැකි යැයි සිතා සිටි රූපට් මර්ඩොප්ලාට සිදු වූ දෙය අපට පසක් කරන්නේ ධනවාදයට මේ සමාජයේ කරන්නට බැරි දෙයක් නැති බවයි. ලංකාවේ අනෙක් අන්තයේ සිටින උදවිය කල්පනා කරන්නේ මේ රට ඇමෙරිකානු අධිරාජ්‍යවාදයෙන් ගලවා ගන්නට කුමක් කළ යුතු ද යන්න පිළිබදවය. ඒ අනුව විමල් වීරවංශ හා පාඨලී චම්පික මේ ව්‍යාපෘතිය සිය දේශපාලන කන්‍යභාවය ලෙස සලකමින්දිවි ගෙවයි. ඔවුනට අනුව මේ රට හැර විදෙස් ගත වූ මාධ්‍යවෙිදීන් යනු සි.අයි.ඒ නියෝජිතයන්ය. ඇමෙරිකානු තානාපති කාර්යාල සමග සම්බන්ධතාවයන් පැවැත්වූ දේශද්‍රෝහීන්ය. මේ වන විටත් ඔවුන් කරමින් සිටින්නේ විදෙස් රට වලට වී ලංකාව ඇමෙරිකානු යුදෙවි ක්‍රිස්තියානි කොලනියක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියකි. ඒ උදෙසා ඔවුනට ඩොලර් මලු පිටින් ලැබෙමින් පවතී. ඉතින් දිගින් දිගටම චමිපිකලා, විමල්ලා සිංහල බෞද්ධ රාජ්‍ය රැක ගැනීම උදෙසා සටන් කරමින් සිටයි. නමුත් මේ වන විටත් මේ ඇමතිතුමන්ලා සිංහලකම බෞද්ධකම කුමක් වුවත් ටෙන්ඩර් සුවඳ ඇතුලු ඇමති පුටුවේ රස නම් අත්හරින්නට කැමති බවක් පෙනෙන්නට නැත.

ඒ අතර ගම් වලින් කොළඹ පැමිණ මේ සිංහල බෞද්ධ මතවාදී ලණුව කා සිටින නංගිලා මල්ලිලා අපිට චන්ඩිපාටි දමමින් කොමෙන්ට් එවයි. අපිට ඉතිහාසය උගන්වන්නට හදයි. නමුත් මේ අය නොදන්නා යථාර්තය වන්නේ ධනවාදය කියන්නේ කුමන අන්දමේ යක්ෂයෙකුද යන්නයි. අනෙක් අතට බටහිර රටවලට සිය යුදෙවි ක්‍රිස්තියානු ච්න්තනය ලෝකය පුරා ව්‍යාප්ත කරන්නට අවශ්‍ය නම් ලංකාව ඒ සදහා තෝරා ගන්නනේ කුමටද? මුලු ලංකාවේම ජනගහනය සිය ආගම මාරු කලත් එය දෙකෝටියකි. ඒ සදහා ඩොලර් වියදමි කරනවාට වඩා ජපානය චීනය චීනය වැනි රටකට ඩොලර් වියදම් කිරීමෙන් ඔවුනට පහසුවෙන් කොට් දහයක් විස්සක් සිය ආගමට බන්දවා ගන්නට පුලුවන. අනෙක් අතට ඔවුනට මහායානය තේරවාදය කියා වෙනසක් අවශ්‍ය නැත ඔවුනට අවශ්‍ය වන්නේ කුමන හෝ ආගමිකයන් වැඩි වැඩි යෙන් සිය ආගමට බදවා ගැනිමටයි. ඒ අතින් බැලූ කළ මේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන කතා මනෝ භ්‍රාන්තීන්ය. අතීතයේ විදෙස් ජාතිකයන් ලංකාව ආක්‍රමණය කලේ ඇත්දත් හා කුරුදු වෙනුවෙනි. මේ කාලයේ සුද්දන් මේ රට ආක්‍රමණය කරන්නේ කුමකටද? ඇතැමුන් කියන්නේ ලංකාව යුධමය වශයෙන් වැදගත් මංසංදියක් වන බවයි. එහෙම නම් මේ වන විටත් ගාල්ල කොළඹ ආදී ප්‍රධාන නගර සියල්ලක්ම විදේශිකයන්ට විකුණා තිබෙන බැවින් මේ රට අමුතුවෙන් ආක්‍රමණය කරන්නට අවශ්‍ය නැත. ලාංකීය සමාජයේ කතිකාව ගොඩ නැගෙන්නේ ජන මාධ්‍යයට අවැසි පරිදිය.

මේ නිසා රත්තරන් සෝමා එදිරිසිංහට, රේස් බුකි තිලංගට, දේශපාලකයන්ට පඩි ගෙවන කෙලී මහරාජලාට අවැසි පරිද මේ රටේ සමාජ.දේශපාලන හා ආර්ථික බලවේග හසුරුවන්ට ඉඩ දී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නොදැන වන්නට පුලුවනද? ධනවාදයේ ළදරු අවදියටත් වඩා සැබැවින්ම අංගවිකල ධනවාදයක් ක්‍රියාත්මක ලාංකීය සමාජය මේ වන විටත් යථාර්තය ඊට වඩා වැඩි දෙයක් වශයෙන් දකින්නට ගොස් වැටී තිබෙන අගාධයේ තරම අප අවබෝධ කර ගත යුතුය. අපට මේ වන විට හමුවන්නේ වැඩිහිටි වේෂයෙන් සිටින ළදරු මනසක් සහිත ඇවිදිනශරීරයන් පමණි. මේ නිසාම එක්තරා ස්ථානයක දෙසැමිබර් 31 සමරන්නට තරුණ තරුණියන් කා බි නටා රමණය කර සතුටු වද්දී ඒ හා සමානම තරුණ තරුණියන් පිරිසක් විරු සිසු ස්මාරකයට බෝම්බ දැමිමට එරෙහි පෙළ පාලි යති. ඇතැම් තරුණ තරුණියන් මේ අවස්ථා දෙකටම එක හා සමාන තෘප්තියකින් සහභාගී වෙති. මෙන්න මේ හිඩැස නැත්නම් ගැප් එක පුරවන්නට නම් ඒ සදහා දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යය. එනම් මේ දෙවර්ගයක තරුණ කොටස් අතර නිර්මාණය වී තිබෙන පරතරය මතින් ලංකාවේ තරුණ පරම්පරාවේ සැබෑ උවමනාවන් නිවරදිව සංජානනය කිරිමේ නිවරදි දේශපාලන මැදිහත් වීමක් කරන්නට දැන් කාලය එළඹ ඇත.

 ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 04 සපිරෙන මේ අවස්ථාවේ ලසන්ත, ප්‍රගීත් ඇතුලු ජන මාධ්‍යවෙිදීන් සමරා එක් ඉටි පහනක් හෝ දැල්වීම කළ යුත්තක්ව පවතින්නේ ලසන්තලාගේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් යම් ගැටලු තිබුනත් ඔහු මරණයට පත් කරන්නේ මේ ක්‍රමය විසින් වන බැවිනි. මේ නිසා පවතින ක්‍රමයට එරෙහිව අරගලය දියත් කරන්නට ලසන්ත සාධකය පෙරමග වූවාට වරදක් නැත. ලංකාවේ පවතින සමාජ, ආර්ථික, රටාව තුල වෙනසක් වෙනුවෙන් අතීසාරයට අමුඩ ගැසීමෙන් අත් වන ප්‍රයෝජනයක් නැත. නමුත් මහින්ද රාජපක්ෂ රජය විසින් අමු අමුවේ උල්ලංඝණය කරණු ලබන සියලු ආචාර ධර්ම රැක ගැනීම උදෙසා හඬ අවධි කිරීමට කාලය එළඹ තිබේ. සමාජවාදී අරගලය වෙනුවෙන් මේ වන විටත් මරාගෙන මැරෙන සටනකට අවතීර්ණව සිටින ජන අරගල ව්‍යාපාරයට අතුරුදන් වූ සිය ලලිත් හා කුගන් සහෝදරයන් සොයා ගන්නට නොහැකිව සිටින අතර යළිත් ජනාධිපති ලේඛම් කාර්යාල නිළධාරීන් ගේ ලණුව කන්නට සිදු වන්නේ ඇයි? අවසානයේ සිය අයිතිවාසිකම් උදෙසා සටනට අවතීරණ වූවන් පරිසර හිතකාමීන් බවට රූපාවතරණය වී මහපාරේ කොළ කෑලි එකතු කරමින් සිය විරෝධතාවය නිමා කරන්නේ ධනවාදයේ නාමයෙන් තමන් හොද මිනිසුන් බවට ලෝකයට හඩගා කියන්නට නොවෙද? මේ ව්‍යාපාරයේ සහෝදරයන්ට නොතේරෙන දේශපාලනය සංස්කෘතික කරණය වීමේ ක්‍රියා වලියයිමීට වසර කිහිපයකට පෙර අවසාන කොටි සාමාජිකයාද ඝාතනය කරණ තුරු සටන අත් නොහරිනන යැයි හමුදාවේ සහෝදරයන්ට ආයාචනා කළ මේ ව්‍යාපාරයේ අය අද අත් විදින්නේ දිඨිට ධමිමවෙිදනිය කර්මයක් දැයි අපට අසන්නට සිදුවේ.
ලසන්ත වැනි මාධ්‍යවෙිදින් අඩුම තරමේ මහින්ද අබේසුන්දරලාට, වසන්ත ප්‍රිය රාමනායකලාට, කරුණාදාස සූරියආරච්චිලාට වඩා ප්‍රගතීශීලි බව කිව යුතුය. පසුගිය දිනෙක සිය මාධ්‍ය ජීවිතයට වසර පනහක් පිරීම නිමිත්තෙන් පොතක් එළි දක්වන්නට ප්‍රවීණ මාධ්‍යවෙිදී මහින්ද අබේසුන්දර විශාල උත්සවයක් සංවිධානය කළඅතර මෙයට රජයේ ප්‍රබලයන් බොහෝ පිරිසක් ද සහභාගී විය. දෛනිකව මහින්දට කඩේ යන්නට ස්වාධින රූපවාහිනියේ විමසුම ලියන මහින්ද අබේසුන්දර එයට දිනකට රුපියල් තුන් දහසකට වැඩි දීමනාවක් ලබා ගන්නේ ලංකාවේ ජන මාධ්‍යකරණයේ නිරුවත ප්‍රදර්ශණය කරමිනි. වසන්ත ප්‍රිය රාමනායක කිසිම අපුලක් නැතිව පිදෙල්ට හොද දේ මහින්ද නරකද යනුවෙන් ලියන්නේ හා ඒ සම්බන්ධයෙන් අප විමසන විට ඊට පිළිතුරු ලෙස උබලට තේරුණාට ලංකාවේ ගොඩකට ඕක තේරෙන් නෑ යනුවෙන් පවසන්නේ මහින්දවත් කඩේ යවමිනි. ලංකාවේ තවත් ප්‍රවීණ මාධ්‍යවෙිදියෙකු වන සී.ඒ චන්ද්‍රප්‍රේම වරෙක පවසන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවෙිදියෙකු නොවන බවත් මාධ්‍යවේදියෙකු නම් රජයේ මාධ්‍ය හැදුනුම්පත ලබා ගෙන තිබිය යුතු බවත්ය. ඒ අනුව ලංකාවේ මාධ්‍යවෙිදියා යනු රජයේ හැදුනුම්පතක් දරණ ආණ්ඩුව විවෙිචනය නොකරන සමබරව ලෝකය දකින විවෙිචනය කළත් එය හානියක් නොවන අයුරින් කළ යුතු සිංහල ජාතිවාදී බෞද්ධ බලවෙිග නියෝජනය කරණ ( මෙහිදී උපතින් බෞද්ධ වීම හෝ බෞද්ධාගමිකයෙකු වීම වැදගත් නැති අතර ජැක් සන් ඇන් හනී වර්ගයේ අයෙකු වූවාට කම් නැත.) අයෙකු වීම වැදගත්ය. ඒ අනුව තව දුරටත් ලසන්ත හෝ ප්‍රගීත් මාධ්‍යවෙීදීන් නොවන නිසා මරා දැමුවාට හෝ අතුරුදන් වූවාට කම් නැත. මේ වන විටත් අතුරුදන්ව සිටින ලලිත් හා කුගන් ගැන හඩ නගන්නට කිසිවෙකුත් නැත. අඩුම තරමේ පැරණි ජනතා විමුක්ති පෙරමුනත් හැසිරෙන්නේ තොපිට හොද වැඩේ ගානටය. එදා උතුරේ යුද්ධයේ අවසන් අදියරේදී දෙමල සටන්කාමින් හතලිස් දහසකට අධික පිරිසක් මිය ගිය විට කිරිබත් කනවා හා රතිඥ්ඤා පත්තු කරනවාට වඩා වැඩි යමක් ගැන අවිඥාණිකව සිටි මේ අරගල කරුවන්ට මෙදා තමන් වෙනුවෙන් කිසිවකුත් හඩ නගන්නට නැති වීම සම්බන්ධයෙන් යළි මතක් කර දිය යුත්තේ මාර්ටින් නිලමෝර් පියතුමාගේ සුපුරුදු කතාවමය.

1 comment:

  1. ධනවාදී සමාජ ක්‍රමය තුල වුවත් මනුෂ්‍යයින් බහුතරයට හිතකර වටපිටාවන් ගොඩ නැගී ඒවා කාලාන්තරයක් තිස්සේ බටහිර රටවල ජනතාව විසින් නඩත්තු කරගෙන යනවා...
    මනෝරාජික සමාජවාදයට වඩා ධනවාදය විසින් ඇතිකරන ලද මනුෂ්‍යයින්ට හිතකර සංකල්ප වටා ගොඩනැගීමයි වැදගත් වෙන්නෙ..
    එතනදි මිනිසුන් වඩාත් නිර්මාණශීලි ලෙස අප අවට වෙනස් කරගන්න උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා...ආන්ඩුවක් පෙරලලා රජයක් පෙරලලා ක්‍රමයක් වෙනස් කරන්න පුලුවන් කියන එක ධනවාදය විසින් ගිලගෙන ඇති ලෝකය තුල හිතලුවක් හීනයක් විතරයි...
    අප විසින් මේ ධනවාදය තුලම වඩා හිතකර පරාමිතීන් තුල අපේ ජීවිත පවත්වාගෙන යන්න අවශ්‍ය යටිතල පහසුකම් ටික එකතු කරගන්න එක තමයි වඩා කාෙලා්චිත වෙන්නෙ..

    නැත්නම් මේ ලියන අයත් මීට කලිං ලංකාවෙ ඉපදිලා ටෝක්ස් දීලා ඒ ටෝක්ස් පොත්වල ලියලා මියගිය තියොරිටිකල් සමාජවාදීන් බවට පත්වේවි...

    ReplyDelete

Powered by Blogger.