Open top menu
Friday, January 4, 2013


අප විසින් ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය සමබන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ඇතැම් පිරිස් අපට කීවේ මෙය තනිකරම අපේ ඔලුවේ හට ගැනුනු මනෝවිකාරයක් වන බවයි. එමෙන්ම අපට මනෝ භ්‍රාන්තීන් ලෙස සිතෙන විකාර කතා අපි සමස්ථ සමාජයටම අනන්‍ය කරන්නට හදන බවටත් චෝදනා එළ්ල විය.

ඒ අනුව අප විසින් ඉදිරිපත් කළ ජාතික ලිංගික අනන්‍යතාවය පිළිබදව වූ කාරණය ඔහුන් කියන ආකාරයට තනිකරම අපේ මනස තුල ඇති වූ මනෝ විකාරයක් යැයි අපි සිතමු. ඒ අනුව මදකට ඒ කරුණ පසෙකලා අපි දැන් අපේ මාතෘකාවට හැරෙමු.

ලංකාවේ ජාතික ගැටලුව නිමා කරන්නට ඒල්.ටී.ටී.ඊ සංවිධානය සිටින තුරු හැකැයාවක් නැති බවත් මේ ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ පසු ලංකාවේ ජාතික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇති බවත් බොහෝ අය විශ්වාස කලා. නමුත් අද වන විටත් මේ ගැටලුවට විසඳුමක් ලැබී නැහැ. මේ නිසා මේ දිනවල ඇමෙරිකාව, මහාබ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඇතුලු විවිධ රටවල් විසින් ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලබා දෙන්න යැයි ද දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය
ක්‍රීයාත්මක කරන්න යැයිද කියනු ලබනවා.
 මේ සම්බන්ධයෙන් ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයින් වන පාක්‍යසෝති සරවණමුත්තු, නිමල්කා ප්‍රනාන්දු, ජෙ.සී වැලි අමුණ වැනි අය පවසන්නේ එල්.එල්.ආර්.සී.වාර්ථාවේ නිර්දේශයන් වහා ක්‍රිියාත්මක කල යුතු බවයි. ආණ්ඩුවත් පවසන්නේ මේ අනිවාර්යෙන්ම කළ යුතු බවයි.නමුත් මේ කාර්ය ඉටු කිරිම දිනෙන් දින කල් යනවා. ඒ ඇයි?

අපට මෙහිදී අවබෝධ වූයේ අපේ ජාතික ලිංගික අනන්‍යතාවය වගේම හැමෝම කැමති මේ වැඩෙත් දන්නෑ වගේ කරන්නයි. කොටින්ම මේ වැඩේ කරන්නට සැමට අවශ්‍ය වන්නේ කලුවරේ ලයිටි නිවා කාටවත් නොපෙනෙන්නටයි. හැමෝම ආශා කරන්නේ උදේට අවධි වූ පසු මෙන්න බලය බෙදලා අපි දන්නෙත් නෑනේ. දැන් ඉතින් මොනවා කරන්නද අපි නම් ඕවා දන්නෙ නෑ යැයි කියන්නටයි. ඒ කියන්නේ ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය වගේම මේ වැඩෙත් කරන්න ඕනේ සූක්ෂමවයි. කරලා ඉවර වුනාම කරපු කෙනෙත් කරවා ගත්ත කෙනත් ඉන්නට කැමති මොකුත් දන්නෑ වගෙයි.

ලංකාවේ මහින්ද චින්තනය කියන්නෙත් මේ වගේම දේකට තමයි නේද? අපි මේක උදාහරණ කිහිපයකින් තේරුම් ගනිමු. දැන් ලංකාවේ දෙවෙනි වතාවටත් බාල ඩීසල් ගෙනත් ප්‍රශ්ණයක් වෙලා තියෙනවා, ඉසෙඩ් ස්කොර් ප්‍රශ්ණය නිසා සමස්ථ අධ්‍යපන ක්‍රමයම අවුලට පත්වෙලා තියෙනවා, හෙජිං ගනුදෙනුව නිසා බිලියන ගණනක පාඩුවක් වෙලා තියෙනවා, ජුම්පිටයේ අමරේට තුවක්කු බාර දීලා සිල් ගන්න කියලා අධිකරණ නියෝග දීලා තියෙනවා, මේ විදිහට තව ගොඩක් දේ ලියන්න පුලුවන්.
 අපි මේ කිවේ උදාහරණ කිහිපයක් විතරයි. හැබැයි මේ සියලු දේ දැක දැකත් ජනතාව හැසිරෙන්නේ කොහොමද? හරියටම ජනතාව මේ දිහා බලාගෙන හැසිරෙන්නේ දැක්කත් දැක්කේ නෑ වගෙයි නේද? අපේ රටේ මිනිස්සුන්ගෙ මේ හැසිරීමත් හරියටම ජාතික ලිංගික අනන්‍යතාවය වගේමයි නේද? ඒ අනුව ලංකාවේ මේ දේවල් අතර තියෙනවා නේද පොදු ලක්ෂණයක්.
 ඉතින් ලංකාව වෙනස් කරනවා නම් අපි මුලින්ම කරනන්න ඕන මේ පොදු ලක්ෂණය වෙනස් කරන එක නේද? ඒ පොදු ලක්ෂණයක් බවට පත්වෙලා තියෙන චින්තනය වෙනස් නොකර අපි දේශපාලනය කරනවා යැයි කෑමොර දුන්නට වැඩක් නෑ නේද?
හරියටම අපේ හැලපයා මහත්තයා කියන විදිහට දේශපාලනය කරන්න වෙන්නේ තර්ක කරලා කතිකාමය සංවාද කරලා තමයි. ඒ මගින් තමයි අපිට පවතින සමාජක්‍රමය වෙනස් කරන්නට පුලුවන් වෙන්නේ. මේ ගැන තේරුම් ගන්න බැරි අයට මේවා අපේ ඔලුවේ ඇතිවුන මනෝ විකාර යැයි කියන්න පුලුවන්. හැබැයි ඇත්තටම මේවා අපේ මනෝ විකාර නම් කොහොමද මුලු සමාජ දේහයටම මේවා පොදු ලක්ෂණයක් බවට පත්වෙලා තියෙන්නේ. මේ නිසා තමයි ලංකාවේ මිනිස්සුන්ට සතියකින් හැමදේම අමතක වෙනවා යැයි ප්‍රභාකරන් කියන්න ඇත්තේ. තමන්ට යථාර්ථයේ දරා ගන්න බැරි දෙයක් වෙනත් ක්‍රමයකින් හංගගෙන ඉන්නයි අපි පුරුදු වෙලා ඉන්නේ.
මේක තේරුම් ගන්න තවත් උදාහරණයක් අපිට ගන්නට පුලුවන් අපේ එක්තර සමිපතම මිත්‍රයෙකු හදිසි අනතුරකින් මිය ගියා. මේ යාළුවගේ මරණය අපිට දරා ගන්න බැරි තරම් අපහසු දෙයක් වුනා. මේ නිසා මේ යාළුවව ලගින් ඇසුරු කරපු අය ඇඬුවා වැලපුනා,බීව්වා කතා කලා මේ හැමෝටම මේක දරා ගන්න බැරි වේදනාවක්. ඒත් එක යාළුවෙක් මේ මරණයෙන් කම්පා නොවී සිටියා. ඔහු මියගිය යාළුවගේ බෙල්ලේ තිබුන සුරය සුරය පැලදගෙන හිටියා. ඒ නිසා මේ සුරය දිහා බල බලා ඔහු යාළුවගේ මරණය අමතක කලා. මරණය කියන ක්ෂිතිමය අත්දැකීමෙන් මිදෙන්නට මේ යාළුවට අර්චනකාමී වස්තුවක් විදිහට සුරය ලැබිලා තිබුනා. මේ නිසා යාළුවගේ මරණය කියන රෝග ලක්ෂණය යටපත් කරන්න මේයාට අර්චනකාමී වස්තුවක් විදිහට සුරයක් ලැබිලා තිබුනා.
 හදිසියේම දවසක් කැළණි ගගේ නාන විට මෙයාගේ සුරය නැති වෙලා. පස්සේ මෙයාව රෝහල් ගත කරන්න සිද්ධ වුනා. ඇත්තටම මෙයාට වුනේ සිය මිතුරාගේ මරණය කියන රෝග ලක්ෂණය යටපත් කරගෙන සිටි අර්චණකාමී වස්තුව නැති වීමත් සමගම යථාර්ථයට මුහුණ දෙන්නට සිදු වීමයි. බොහෝ උදවිය සතුටින් ජීවත් වෙන්නේ යථාර්ථය අමතක කරන්න අර්චණකාමි වස්තුවකට පෙම් බැදලලයි. ඒක අපේ යාළුවට සුරයක් වුනා. සමහර අයට මේක බලු පැටියෙක්, ඇදුමක්, දරුවෙක් වගේ වස්තුවක් වෙන්න පුලුවන්. මේ නිසා අපි හැම විටම අපට මුහුණ දෙන්න ලැබෙන ක්ෂිතිමය අත්දැකීමෙන් ගැලවෙන්න සවිඥාණයෙන් එයඅවිඥාණය දෙසට තල්ලු කරනවා. ඒ අනුව ඒ අපි අර්චණකාමී වස්තුවක් නිසා සවිඥාණිකව ජීවත් වෙවා යැයි සිතනවා. අපිට මේ දෙකට රෝග ලක්ෂණය සහ අර්චණය අතර සම්බන්ධය කියලා කියන්නත් පුලුවන්.
අපෙන් ප්‍රශ්ණ අහන හුගක් අය ප්‍රධාන වශයෙන් අසන පොදු ප්‍රශ්ණ 02 ක් තියෙනවා.
01- අපි විසින් ඉදිරිපත් කරන න්‍යයන් යනු අපි තුල හට ගන්නා මනෝභ්‍රාන්තීන් නේද?
02- එවැනි දේ කියන්නට අපි විසින් සමාජ විද්‍යාත්මක පර්යේක්ෂණ කරණු ලැබ තිබෙනවා ද?
මෙයට පිළිතුර සරලයි.
හැමදේටම වගේම අපේ විඥාණයටත් යථාර්ථයක් තියෙනවා. අන්න ඒ විඥාණයේ යථාර්ථයේ මූලිකම ලක්ෂණය තමයි එයට මුහුණ දීමට බැරි ක්ෂිතිමය අත්දැකීම් අමතක කිරීම. උදාහරණයක් ලෙස මේ කාලයේ කවුරුවත් දේශපාලනය කරන්න කැමති නෑ. වැඩි දෙනෙක් කැමති ෆේස් බුක් ගිණුමක් හදාගෙන ජීවත් වෙන්නයි. ඒ ඇයි? දේශපාලනය කරන විට ක්ෂිතිමයබ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. මේ නිසා ෆේස් බුක් එකේ දී අපට අපි කැමති අර්චණකාමී යාළුවෙකු මුණ ගැසෙනවා.
එව්ට අපි ඒකට ආදරය කරනවා. ඒ නිසා අපි හැමෝගෙන්ම අහන් ඕන ප්‍රශ්ණයක් තියෙනවා. ගොඩක් අය මේ යුගයේ ජීවත් වන්නට කැමති වන්නේ සාමකාමීවයි. සාමකාමීව ජීවත් වෙන්න ඕන කියන අයගෙන් අහන්න තියෙන ප්‍රශ්ණය තමයි ඔයාගේ අර්චණකාමී සුරය මොකක්ද කියන එක. එවිට කෙනෙක් කියන්න පුලුවන් මම බ්‍රූන්ඩඩ් ඇඳුම් විතරයි අදින්නේ කියලා. ඒක තමයි එයාගේ සුරය. තවත් කෙනෙක් කියන්න පුලුවන් මගේ ආත්මය කවියයි කියලා. එතකොට කවිය තමයි එයාගේ සුරය. තව කෙනෙක් කියන්න පුලුවන් මම තමයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති කියලා. ඒක තමයි එයාගේ සුරය. අන්න ඒ සදාතනික සභාපතිකම් කියන අර්චණකාමී වස්තුව අවුල් කරන රෝග ලක්ෂණය තමයි මම. මම කියන්නේ ධමිම. ධම්ම කියන්නේ ආර්ථික සංවර්ධන ඇමතිවරයාගේ යාළුවෙක්.
 ඒ අනුව ධම්මගේ සුරය වන්නේ ආර්ථික සංවර්ධන ඇමතිතුමයි. මේ කොහොම වුනත් කවදා හරි දවසක මේ හැමෝටම ප්‍රශ්ණයක් එන්නේ සුරේ වතුරේ දාන්න ගිය දවසකයි. මොකද හේතුව මේ සුරය කියන්නේ අපේ පංචේන්ද්‍රයන් අත් විදින දෙයක් නෙමෙයි. සරලව කිවහොත් සුරය අපේ ඉන්ද්‍රියන් අත්විදින දෙයක් නෙමෙයි. ඉන්ද්‍රියන් ඉක්මවා ගිය දෙයක්. ඒ නිසා මේවා සමාජ විද්‍යාත්මක පර්යේක්ෂණ වලින් ඔප්පු කරන්න බෑ.
ඒ කියන්නේ මේක පුදුම වැඩක්. සමහර අය බටහිර ලිවයිස් ඩෙනිමක් අදන් තමන්ගේ ඉනේ පෙරදිග සුරයක් බැදන් ඉන්නවා. තවත් අය පූමා ටීෂර්ට් එකක් ඇදන් සුරේ වහගෙන ඉන්නවා. අපිට මෙයට කියන්න වෙන්නේ පෙර අපරදිග ආධ්‍යාත්මික සංවාදය කියලයි.
අපිට කොමෙන්ටි එවන අය අහනවා අපි කියන ජාතික ලිංගික අනන්‍යතාවය කියන්නේ අපේ මනෝ භ්‍රාන්තියක් ද කියලා. නමුත් ඇත්තටම මේ හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි ලිංගිකත්වය කියන එක දන්නෑ වගේ කරන්න අවශ්‍ය වෙන එක. ඒකයි අපෙන් සරලවම පිස්සුද කියලා අහන්නේ. මේ අය බයයි. මේ අය අමතක කරන්න හදන ක්ෂිතමය අත්දැකීමට නැවත මුහුණ දෙන්න වෙයි කියලා. ඒකයි හැම වෙලාවෙම අර්චණකාමී වස්තුවක් විශ්වාස කරන්නේ.
 විශේෂයෙන් මේ අර්චණකාමී වස්තුව කියන සංකල්පය මුලින්ම ඉදිරිපත් කලේ සිග්මන් ෆ්‍රොයිඩි. ඒ නිසා අපි අපිට කොමෙන්ට් එවන මහත්තුරුන්ට කියන්නට කැමතියි අපි නිකම් පිස්සු පූසෝ වගේ නෙමෙයි වැඩ කරන්නේ  අපි ඉදිරිපත් කරන හැම සංකල්පයක්ම අපි ඉදිරිපත් කරන්නේ හොදට අධ්‍යනය කරලයි. ජාතික ලිංගික අනන්‍යතාවය කියන සංකල්පය නිසා ඇත්තටම කලබල වෙලා ඉන්නේ ඒක හරියටම හරි කියලා විශ්වාස කරන අයයි. මේ නිසා මේක ගොඩක් අයට ක්ෂිතිමය අත්දැකීමක්. ඒ නිසා මේ අය ඒක අමතක කරන්න අපිව අර්චණකාමී වස්තුවක් විදිහට යොදා ගන්නවා. තමන්ගේ ඇත්ත ලිංගික ජීවිතය කියන ක්ෂතිමය අත්දෑකීම හමුවේ මේ අය අපිව මනෝභ්‍රාන්තීන් ඇති අය විදිහට සැලකීම ඒ අයට අර්චනයක්. ඉතින් අපිට මේ යථාර්ථය හොදට තේරෙනවා. අපිට අවසන් වශයෙන් අහන්නට තියෙන්නේ ඔයාලගේ සුරය මොකක්ද කියන එකයි.
3mana
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

  1. My personal view is this model of articles should be in Daily published paper to enable to read general public. Until people may think & write and also behave like blinds. This is happening now.

    ReplyDelete
  2. Sri lanka is recognized only thru "Cricket ' throughout the world in sports. So this game's governing body should have a fair play in all it's area.

    ReplyDelete

Recent Posts

Popular Posts

Popular Posts