Header Ads

හියුගෝ චාවේස් නම් ජනප්‍රියවාදියා

වෙනිසුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මිය ගොස් ඇත. ඔහු ඇමෙරිකාවේ සී.අයි.ඒ සංවිධානය විසින් හැටේ දශකයේ සිට පවත්වාගෙන ආ වමට එරෙහි Counter Insurgency  නම් ප්‍රතිපත්තිය ලතින් ඇමෙරිකාවේ දී පරාජය කළ පුද්ගලයාය. ලංකාවේ දී යුධ හමුදාව 89 දීත් මේ වන විට උතුරේ ක්‍රියාත්මක කරන්නේත් මේ ඇමෙරිකානු විධික්‍රමයයි. මෙහිදී කරනු ලබන්නේ ක්‍රමවිරෝධීන් එක්කෝ විනාශ කිරීමය. නැතහොත් අවශෝෂණය කිරීමය. ලංකාවේ දී මෙම ක්‍රමය දෙවන වරට සුජාත කරණු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එවැන්නක් ලෝකයේ ජාතිවාදයේ නාමයෙන් කරන ලද ඊනියා එකම වාමාංශිකයන් ඔවුන් විය හැක. ඔවුන් සමාජවාදය පිහිටුවන්නට
පොරොන්දු දී ධනවාදය තහවුරු කරන ලදි.

හියුගෝ චාවේස් පහළ ජනකොටස් දක්ෂ ලෙස සංවිධානය කරමින් පන්ති අරගල ආකෘතිය තුළ වෙනිසියුලා සමාජ අන්තර්ගතය වෙනස් කළේය. එහි දී ඔහු තෙල් වලින් ලැබෙන ආදායම පීඩිතයන් සමාජීයව නගා සිටුවීමට ප්‍රති අයෝජනය කළේය. මියයන තුරු චාවේට්ව ආරක්ෂා කළ සමාජ තීරය වුයේ ඔවුන්ය. නමුත් හියුගෝ චාවේස් මාක්ස්වාදායෙක් නොවේ. ‛සිමෝන් බොලිවාර්ට’ පසු ජාතික විමුක්ති අරගලයක් ජයග්‍රහණය කළ මිනිසෙකු ලෙස ඔහු ඉතිහාසයට එකතු වනු ඇත. ලතින් ඇමෙරිකානු කලාපයේ ‛න්‍යාය’ වර්ධනය කරන ‛අර්නෙස්ටෝ ලැක්ලාව්ට’ අනුව චාවේස් යනු මාක්ස්වාදීන්ගේ සාරාත්මක අන්තර්ගතය විසංයෝජනය කළ ජනප්‍රියවාදියෙකි. ඔවුගේ මානුෂික උත්සහයට අපි ස්තූතී පූර්වකව ආචාරය පුදන්නෙමු.

No comments

Powered by Blogger.