හඬා වැළපිය යුතු දවස්
වසරක් තුළ දෙවැනි වතාවටත් ලංකාව ජාත්‍යන්තර සමාජය ඉදිරියේ බරපතළ අවමානයටත් අපකීර්තියටත් ලක්කරන ලද්දේය. ඇත්ත වශයෙන්ම තමන්ගේ රටක් ගැන හිතනවුන්ට, ඒ රටේ අභිමානය ගැන හිතනවුන්ට නම් මෙවැනි අවස්ථාවක් වූකලි හඬාවැළපිය යුතු තරමේ කනගාටුදායක අවස්ථාවකි. ඔවුන්ගේ ඊනියා ‘ලෝකයෙන් උතුම් රට’ හෙවත් ‘ආසියාවේ ආශ්චර්යය’ දැන් මුළු ලෝකයාම හඳුනන්නේ, නිරන්තරයෙන් මානව අයිතිවාසිකම් බහුල ලෙස කඩකරන, කඩකැරෙන මානව අයිතිවාසිකම් ගැන කිසිම ආපසු හැරීබැලීමක් නොකරන,- වගකීමක් භාරනොගන්නා, සුළු වාර්ගිකයන් පීඩනයට පත්කරන, පසුගාමී, අන්තවාදී හා ම්ලේච්ඡු රටක් වශයෙනි. ලෝකයා ඉදිරියේ මේ සා අවමානයකට රට ඇදදැමීමේ වගකීම මුළුමනින්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව භාරගත යුතුය. රට තුළ වරාය, ගුවන්තොට, මහාමාර්ග, පාලම්, හෝටල් සිය දහස් ගණනින් තැනූවත්, දැයට කිරුළ හා විජයග‍්‍රහණයේ සමරු සැණකෙළි වසර පුරා පවත්වා සව්දිය පිරූවත් මේ අවමානයෙන් රට ගලවාගත නොහේ. රටක් හැටියට අප යෙදීසිටින්නේ හාත්පසින් නැගෙන ගිනිදලූ මැද කක්කුටු නැටුමකය.
දැන් ඒ ගිනිදලූ අපේ දොරකඩටම, ඉන්දියාව මතු නොව තමිල්නාඩුව
දක්වාම පැමිණ ඇත්තේය. තමිල්නාඩුව එකහඬින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට කියන්නේ ලංකාව ‘වර්ග සංහාරයක’ යෙදුණු රටක් හැටියට සලකා කටයුතු කරන ලෙසය. ඉන්දීය කොන්ග‍්‍රස් පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධි සිය පක්‍ෂ සාමාජිකයන්ගේ රැස්වීමකදී, ලංකාවේ ‘වර්ග සංහාරය’ ගැන පරීක්‍ෂණයක් අවශ්‍යයැ’යි කී බව බීබීසීය වාර්තා කළේය. ලංකාවේ ප‍්‍රශ්නය මත තමිල්නාඩුවේ ද්‍රවිඩ මුනේන්ත‍්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්‍ෂය සභාග ආණ්ඩුවෙන් ඉවත්වූවා පමණක් නොව සිය ඇමැතිවරුන් පස් දෙනකුට ඉල්ලා අස්වන ලෙසද නියම කළේය. ඞීඑම්කේ පක්‍ෂයේ ආසන දහඅටක සහාය සභාග ආණ්ඩුවට අහිමිවීමෙන් ආණ්ඩුව නොවැටෙන නමුත්, තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩුව බරපතළ දුෂ්කරතාවන්ට පත්වනු ඇතැ’යි දේශපාලන විචාරකයෝ කියති. මේ, තම රටේ නොවන කාරණයක් සම්බන්ධයෙන් ඉන්දීය පාලක සභාගයක් තුළ මෙතරම් බලවත් ගැටුමක් හටගත් දුර්ලභ අවස්ථාවකැ’යිද කියනු ලැබේ.
මේ සියල්ල වළක්වාගත හැකිව තිබුණු දෑය. ඒ වගකීම පැවැරී තිබුණේද තිබෙන්නේද රාජපක්‍ෂ ආණ්ඩුවටය. 2009 මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ජනාධිපතිවරයා දුන් පොරොන්දු අමතක කරදමා වුවත්, අඩුම ගණනේ 2012 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මතවූ අවස්ථාව කඩඉමක් කරගෙන තමන්ගේ කල්ක‍්‍රියාව යහපත් කරගන්නට ආණ්ඩුවට ඕනෑතරම් අවස්ථාව තිබුණේය. අඩුම ගණනේ ඒ යෝජනාව අනුව කටයුතු කරන්නට සූදානම්වන බවවත් පෙන්වීමේ හැකියාවක් ආණ්ඩුවට තිබුණේය. යෝජනාවේ කරුණු රාජ්‍යතාන්ත‍්‍රිකව විශ්ලේෂණය කොට මනෝඥ ලෙස ප‍්‍රතිචාර දක්වමින් අවශ්‍ය පියවර ගැනීමට වගකීමක් තිබුණේය. එහෙත් ඒ වෙනුවට කළේ කුමක්ද? යෝජනාව ගෙන ඒමට මුල්වූ අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් හා යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් අසල්වැසි ඉන්දියාව පරම හතුරන් සේ සලකමින්, ඔවුන්ගේ හොඳහිත හා සහයෝගය අවඥාවෙන් බැහැර කරලමින් රාජපක්‍ෂ ආණ්ඩුවට නිසගයෙන් හිමි ග‍්‍රාම්‍ය චණ්ඩියකුගේ උද්දච්ඡ විලාසයෙන් ළඟ පමණක් බලමින් හැසිරීමය. 2013 දී තවදුරටත් බෙල්ල හිරවන්නේ මෙලෙස ගෙදර වැඩ ටික හොඳින් නොකිරීම නිසා මිස අන් යමක් නිසා නොවේ.
මේ මොහොතේද අපේ ඇත්තෝ හැසිරෙන්නෝ, අමෙරිකාවේ මානව හිමිකම් කැරැට්ටුව ප‍්‍රශ්නකරමින් හා ඉන්දියාවේ හුදෙකලා ප‍්‍රකෝපකාරී සිදුවීම් ගැන දෙස්දොවොල් තබමින්, මිනිසුන්ට පාරට බස්සවා මොරගෑමට වංක සහයෝගය සපයමිනි. ප‍්‍රශ්නය අපේ එකක් නොව අමෙරිකාවේ හා ඉන්දියාවේ කුමන්ත‍්‍රණයක් බව කියමිනි. අමෙරිකාව ගෙනෙන්නට හැදූ යෝජනාව සැර බාලවිණැයි උපහාසයෙනි.
මේ අමනොඥ ක‍්‍රියාපිළිවෙතික් ප‍්‍රශ්නයට පිළිතුරු නම් සැපයෙන්නේ නැත. මේ මාර්තුවේදී සම්මත වන යෝජනාව කෙතරම් ලිහිල් බවක් පෙනුණත් ඒ පසුපස ඊළඟට පැමිණිය හැකි අවදානම ගැන දූරදර්ශීව මැනැවින් සලකාබැලීමෙන් ඉදිරි පියවර නොතැබුවහොත් ඊළඟ අවස්ථාවේ අන්තරාය කීප ගුණයකින් වැඩිවන බව නම් පැහැදිලිය.
රාවය
අැත්තටම අද උද්ගත වී අැත්තේ මානව හිමිකම් කඩවීම හෝ ජාතිවාදී ප්‍රශ්ණයකට ඒහා ගිය ගැටළුවකි. මා කියන්න යන්නේ අප රටේ මානවහිමිකමි සුරැකෙනවා කියා නොවේ. මානව හිමිකම් කඩකිරීමත් ජාතිවාදී ප්‍රශ්නයත් ලංකාවේ ඉතා ඉහල මට්ටමකින් සිදු වේ. නමුත් ඒ අඩන්න ඉන්න ඉන්දියාවේත් අැමරිකාවේත් අැහැට අැගිල්ලෙන් අැනීමක් පමණි. ඒ සේනම් ඉන්දියාවත් අැමරිකාවත් අඩන්න ඉන්නේ අැයි යන ප්‍රශ්ණය මතුවේ. ඒයට පිලිතුර තමයි චීනය. ප්‍රමාණයට වඩා අපේ අැති චීන ගැතිභාවය නිසා ඉන්දියාවත් අැමරිකාවත් අප දෙස බලන්නේ සතුරු අාකල්පයකිනි. LTTE ය සමුලඝාතනය වූ අවස්ථාවේ වත් 40000ක් ද්‍රවිඩ ජාතිකයින් ජීවිතක්ෂයට පත්වූවා යයි කයන අවස්ථාවේවත් නොතිබුනු විරෝධයක් ඒක්වරම තමිල්නාඩුවෙන් අැරඹෙන්නේ කෙසේද? ඔවුන් ස්වාමීන් වහන්සේලා දෙනමට පහර දෙන්නේ චීන ණය අාධාර යටතේ චීනුන් විසින්ම ඉදිකරන ලද ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන දිනයේ හා ඊට පෙර දිනයි. යුද්ධයකදී ඉතා වැදගත් ක්ර්යභාරයක් ඉටු කලහැකි වරායක් සහ ගුවන්තොටුපලක් චීනුන්ට ප්‍රයෝජනයට ගතහැකි තත්වයක පැවතීම ඉන්දියාවට මෙන්ම අැමරිකාවටද තර්ජනයකි. ඔවුන් අඩන්නේ ඒ නිසාය.ඒ අඩන ඔවුන්ගේ අැසට මානවහිමිකම් කඩකිරීම් සහ ජාතිවාදී අරගල නැමති අැගිල්ලෙන් අැනීම නිසා තත්වය බරපතල වී අැත. රජය විසින් හිතාමතාම මානවහිමිකම් කඩකරන්නේත් ජාතිවාදී ප්‍රශ්ණ අැති කරන්නේත් තමන්ගේ නොහැකියාව වසාගෙන ජනතාව ගොනාට අැන්දවීමටය.
ReplyDelete