Open top menu
Friday, April 12, 2013


කිළිනොච්චි උදයන් පුවත්පත් කාර්යාලයට යළිත් ප‍්‍රහාරයක් එල්ල කොට තිබේග පසුගිය ජනවාරි මාසයේදීද උදයන් පුවත්පත් කාර්යාලය ප‍්‍රහාරයකට ඉලක්ක වූ අතරල ඔවුන්ගේ පුවත්පත් බෙදාහරින්නෙක්ද ප‍්‍රහාරයට ලක්වියග

පසුගිය සතියේදී කිළිනොච්චියේදී දෙමළ ජාතික සංවිධානයේ රැස්වීමකටද මහ දවල් මැර ප‍්‍රහාරයක් එල්ල වියග ඊට පෙර ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට පහරදීමට පැමිණි මැරයන් පිරිසකගෙන් එකකු පොලීසියට අල්ලා දුන්නත් ඒ පිළිබඳව ඉන්පසු ගත් ක‍්‍රියාමාර්ගයක් ගැන වාර්තා වන්නේ නැතග

එක දිගට සිදුවන මෙවැනි සිදුවීම්වල පොදු ගුණාකාරය වන්නේ ඒ සිදුවීම්වලට වගකිවයුතු කිසිවකු මෙතෙක් නීතිය හමුවට ගෙනඒමට රටේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන
අසමත්වීමයිග නැතහොත් වුවමනාවෙන්ම ඉන් වැළකී සිටීමයිග

එසේම එම සිදුවීම්වලින් වැඩිදුරටත් පෙනෙන්නේ මුදාගත්තායැ’යි ආණ්ඩුව කියන උතුර තවමත් ඇත්ත වශයෙන්ම මුදාගෙන නොමැති බවයග මුළු උතුරු නැගෙනහිරම ආවරණය වන පරිදි ස්ථානගත කර ඇති දැඩි ආරක්ෂක හමුදා මුරකාවල් යටතේ වුවදල නීතියට පටහැනිල නීතියේ පැවැත්මට අභියෝග කරන මෙවැනි සිදුවීම් එකදිගට සිදුවෙයිග ඒ කිසිවක් නතර නොවන විට හා නතරකිරීමට උත්සාහයක් නොගැනෙන විට තේරුම්ගත හැකි තිත්ත ඇත්ත වන්නේල මේ සියලූ සිදුවීම්වලට ආරක්ෂක හමුදාවල කිසියම් සම්බන්ධයක් ඇති බව හෝ ඔවුන්ගේ අනුදැනුමෙන්ල අනුමැතියෙන් මේවා සිදුවන බවයග

යුද්ධය අවසන්කොට වසර හතරක් ඉක්ම ගිය පසුවද තවමත් මහජනතාවට කැමැති දේශපාලනයක් කිරීමට උතුරේ නිදහසක් නැතග ආණ්ඩුවට පක්‍ෂ අදහස් හා ක‍්‍රියාකාරකම්වලට කිසිදු බාධාවක් නොවන අතරේ ආණ්ඩුවේ මතයට විරුද්ධ අදහසක් දරන හෝ ආණ්ඩුව විවේචනය කරන දේශපාලන ක‍්‍රියාකාරකම්වලට උතුරේ කිසිදු ඉඩක් නැතග ඒ ඕනෑම එකක් සංවිධානය කිරීමේදීදල පැවැත්වීමේදීද තර්ජන හා බාධාකිරීම්වල සිට ශාරීරික හානි දක්වා යන ප‍්‍රතිචාරවලටල මැරකම්වලට මුහුණ දීමට උතුරේ මිනිසුනට සිදුවෙයිග උතුරේ සිදුවන මහා පරිමාණ භෞතික සංවර්ධනයක් ගැන ආණ්ඩුව පුන පුනා කියයිග එවැනි සංවර්ධනයක් සිදුවන බවද පෙනෙයිග එහෙත්ල ඒ සංවර්ධනයට සමගාමීව උතුරේ මිනිසුන්ගේ නිදහස හා අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය ගුණාත්මකව සංවර්ධනය නොවන බව ඉතා පැහැදිලියග තමන් කැමති පුවත්පතක් ප‍්‍රකාශයට පත්කරන්නටල තමන් කැමති දේශපාලන පක්‍ෂයක රැස්වීමක් සංවිධානය කරන්නටල එවැන්නකට සහභාගිවන්නට නැති නිදහසක් විසින් නියම මිනිස් සංවර්ධනයක් සංකේතවත් කරන්නේද? එවැනි මිනිසුන් පිරිසක් සැලකිය හැකිවන්නේ භෞතික සංවර්ධනයකින් පමණක් යුත් අර්ධ වහලූන් පිරිසක් ලෙස පමණකිග

උතුරේ හා නැගෙනහිර ජනතාවගෙන් කොටසක් සන්නද්ධ අරගලයට යොමුවූයේ දේශපාලන නිදහස වෙනුවෙනිග ඒ වෙනුවෙන් ඔවුහු ජීවිතවලින් හා දේපළවලින් විශාල වන්දියක් ගෙවූහග ඔවුන්ගේ අරගලය සන්නද්ධ ක‍්‍රියාමාර්ගයකින් මර්දනය කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් එක් සාධාරණ හේතුවක් ලෙස දක්වන ලද්දේ යුද්ධයෙන් පසුව ඔවුන්ට උදාවන නව ලෝකයක් ගැනල නැවත හිමිවන ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන පොරොන්දුයග ඒ පොරොන්දු දුන්නේ ඔවුන් වෙත පමණක් නොවේග ජාත්‍යන්තර ප‍්‍රජාවටද දුන්නේයග එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු අවුරුදු හතරක කාලයෙන් අපට උගත හැකි පාඩම් මොනවාද? දැන් ගතවන්නේ ඒ පොරොන්දු කිසිවක් ඉටු නොකරන කාලයයිග

උතුරේ ජනතාව තව කොතෙක් දුරට මේ කනගාටුදායක ජීවිතයේ රඳවා තැබීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේද?

රාවය -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

4 comments :

  1. අදහස ඉතා පැහැදිලිය. මොන දේ දෙන්නත් ත්‍රස්ත සෙවනැළි නොමැතිවිය යුතුය. එවන් වපසරියක් ලද දිනෙක මේ සියල්ල ලැබෙනු ඇත.30වසරක් අප සිංහල දෙමළ සියල්ල බැට කැවේ ත්‍රස්ත උවදුර නිසයි. තාමත් ඒ සෙවණැලි විවිධ වේශයෙන් කරලියට එන එක නොපෙනේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත එයද නලින්?.දෙමල මිනිසුන් දිගටම මර්ධනය කරමින් ගෙනයන මේ ක්‍රමයට සුදු හුණු ගාන්න එපා.උතුරේ මිනිසුන් දිගටම මර්ධනය කළහොත් අවසන් ප්‍රතිපලය ලෙස විදේශ මැදිහත් වීමකින් උතුර වෙන්වීමේ අවදානමක් ඇති බව වගකිවයුත්තෝ තේරුම් නොගැනීම පුදුමයකි.

      Delete
    2. නලින් හරි...ලංකාවේ විතරයි මහ ජාතිය සුලු ජාතින්ගේ අයිතින් අරක්ෂාකරන ලෝකෙ එකම රට..

      Delete

Popular Posts

Popular Posts