Open top menu
Thursday, April 4, 2013


ලංකාවේ ගම ගැන ප්‍රවාද නිර්මානය කරන්නෝ වනාහි ගම්වලින් නගරවලට සංක්‍රමණය වී, නාගරික සංස්කෘතිය සමග බාගෙට අනුගත වූ, සිය අනන්‍යතාව ගොඩනඟා ගැනීම සඳහා ගම උත්කර්ෂයට නඟන පිරිසක් විසිනි.

සිංහල ගම, වැව, දාගැබ ගැන උදම් අනන මේ පුද්ගලයන් විසින් ඇත්තෙන් ම කිවහොත් කර ඇත්තේ කිසිදා නො පැවතුණු ගමක් පරිකල්පනය කිරීමයි.
බාල රසවින්දනයක් ඇති නූගත් පිරිස් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය විසින් ඉදිරිපත් කරන කෝපි කඩේ වැඩසටහන විසින් ද ගමක් පරිකල්පනය කර තිබේ. එයත්, ස්වාධීන රූපවාහිනියේ ම දොරමඩලාව විසින් පරිකල්පනය කරනු ලබන ගමත් අතර හරයාත්මකව වෙනසක් නැත.
මේ පරිකල්පිත ගම කෙතරම් අපූරු දෙයක් ද යත්, ලංකාවේ හද්දා පිටිසර
ගම්වල මිනිස්සුත් විස්මයෙන් ඇළලෙමින් මේ ගම පිළිබඳ ප්‍රවාදය රූපවාහිනියෙන් නරඹති.
අද වන විට මුළු ලංකාවමත් එක්තරා විදියක ගමකි. ඒ කලා, සංස්කෘතික, සමාජ, දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයක ම පවතින ග්‍රාම්‍යකම නිසා ය.
නූතනවාදී අදහස් අනුව පුරවැසියා හෙවත් නාගරිකයා ගැමියාට වඩා දියුණු මිනිසෙකි. පුරවැසියා යනු නූතන දේශපාලන ව්‍යූහයන් හා සමාජ ආයතන සමග යහපත් සම්බන්ධයක් ඇති, වගකීමක් සහිත මිනිසෙකි. ලංකාවේ නම්, කොළඹ කුරුඳුවත්තේ පවා අමු ගොඩයෝ ජීවත් වෙති.
අද වන විට ලංකාවේ ගමත්, නගරයත් වෙන් කරන සාධකය බවට පත් වන්නේ පහසුකම් ඇතිකම හා නැතිකමයි. පහසුකම් ඇති තැන නගරයයි. නැති තැන ගමයි.
ගමේ ය, නගරයේ ය කියා මහා ලොකු සංස්කෘතික වෙනසක් නැත.
එප්පාවල ළාබාල තරුණියන් දෙදෙනෙකුගේ හා හමුදාවෙන් පැන ගිය සෙබළෙකුගේ ගසක එල්ලී තිබුණු මළ සිරුරු පිළිබඳ පුවත්පත් වාර්තා කියවා බලන්න.
විමුක්ති ජයසුන්දරගේ කෑන්ස් සම්මාන දිනූ ‘සුළඟ එනු පිණිස’ සිනමා කාව්‍යයෙන් විස්තර කළේ මේ ගම ගැනයි. එය එදා ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නො ලැබුණු අතර දැන් සිනමා අධයක්ෂවරයකු හා මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් වීරසේකර එදා විමුක්ති ජයසුන්දරට මරණ දඬුවම දිය යුකු බව කීවේ මේ ඇත්ත කතා කළ නිසා ය.


මෙන්න එප්පාවල විස්තර
එප්පාවල කඩිගාව ඛේදවාචකය: එල්ලී මැරුණාද? මරා එල්ලුවාද?

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts