Open top menu
Thursday, April 18, 2013


සාමාන්‍යයෙන් අපට අහන්නට ලැබෙන්නේ වීරයා විසින් දුෂ්ඨයා මරා දැමීම පිළිබද කතාය. එවිට වීරයා දෙවි කෙනෙකු බවට පත් කොට දුෂ්ඨයා යක්ෂයෙකු කිරීමයි. සිංහල පමණක් දන්නා, වෙනත් කිසිම භාෂාවක් නොදන්නා, එම නිසා ලෝකයේ සිදුඅන්නේ කුමක්දැයි සිංහල පත්තරවලින් කියවා දැන ගන්නා ලිං මැඩි මාද්‍යකරුවන් විසින් ඉන්පසු ඒ කතාව නිෂ්පාදනය කොට තම සහෘද හෙවත් තමන් හා සමාන හෘදයකින් යුතු සිංහල පාථකයන්ට තලු මරමින් රස විදීඑම සදහා බෙදාහරිනු ලැබේ. ඊනියා පොදු ජන මතය නිෂ්පාදනය කරන්නේ මේ ආකාරයටය.
ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය මෙන්ම  පාතාලයට, ගණිකාවන්ට, සමලිංගිකයන්ට එරෙහි සංග්‍රාමයන්හිදී ලංකාවේ සිංහල මාධ්‍ය හැසුරුනේ මේ ආකාරයට වන අතර පසුව ඉංග්‍රීසි
මාද්‍ය ද එම ප්‍රතිපත්තිය අනුකරණය කරමින් දේශීය විය.
කලාතුරකින් අවස්ථාවක මේ වීරයා පරදා යක්ෂයා ජයග්‍රහනය කළ විට මාධ්‍ය එය වාර්තා කරන්නේ යුද බිමේ වැටුණු වීරයාට අනුකම්පාව සහ දුෂ්ඨයාට සමාජ වයිරය යොමුවන ආකාරයටය.
නමුත් අම්පාරේ විශේෂ කාර්ය බලකා කදවුරේදී ‘වීරයෙකු’ විසින් තවත් ‘වීරයෙකු’ ඝාතනය කොට තමාද සිය දිවි නසා ගත් විට මේ මාධ්‍ය කලාව අර්බුදයට ගමන් කළ හැටි නිරීක්ෂණය කිරීම සදහා දිවයින පුවත්පතෙන් උපුටා ගත් පහළින් පළවන වාර්තාව කියවන්න. මේ කතාවේ මිනීමරුවා සහ මිනීමරීමට ගොදුරු වූ පුද්ගලයා යන දෙදෙනාම ‘ත්‍රස්තවාදයට එරෙහි’ යුද්ධයේ විශාල වැඩ කොටසක් කළ අය වෙති. ඉන්පසුව ඇරැඹි පාතාලය මර්දනය කිරීමේ සටනේද මරණයට ගොදුරු වූ පොලිස් අධිකාරීවරයා පෙරමුණ ගෙන ඇත. “මාලිගාවත්ත පාතාලයේ ප්‍රධානියා ලෙස සිටි පුජි, කොළඹ පාතාලයේ දරුණුම අපරාධකරුවකු වූ  ඕල්කොට්‌, ආනමාළු ඉමිටියාස්‌, නෙළුවේ ප්‍රියන්ත ඇතුළු පාතාල ප්‍රබලයන් රැසක්‌ විනාශ  කර මහජනතාවට සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස්‌ කර දීමට සහකාර පොලිස්‌ අධිකාරි  සිසිර කුමාර මහතා කටයුතු කර තිබිණි.” යි මාධ්‍යකරුවා කියයි
* ඝාතනයට ලක්‌ වූ සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මුරුත්තෙට්‌ටුවේගම මහතා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන දක්‍ෂ නිලධාරියකු ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නමක්‌ දිනාගෙන සිටි අයෙකි.
* සහකාර පොලිස්‌ අධිකාරිවරයා ඝාතනය කර දිවි හානිකරගත් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයතිලක මහතා සමාජ සේවකයකු ලෙස මහඔය ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් වූ නිලධාරියෙකි.



Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

  1. යම් අවාසනාවන්ත හේතුවක් (ක්ෂණික කෝපය) නිසා ජාතික වීරයන් දෙදෙනෙකු රටට අහිමි වීම ගැන කාලකන්නි සතුටක් ලැබීම, ඇල්ලේපොල කිළමේ ගේ වීර ප්‍රකාශයක් පසුබිමේ කබා ගෙන ලේඛණයේ යෙදෙන ඔබ වැන්නෙකුට තරම් නොවේ.

    ReplyDelete

Popular Posts

Popular Posts