Header Ads

වෙනසකට පෙර කරන්ට් වැදීම


රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය අනුව වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ ලක්ෂ හතලිකට ආසන්න පහළ මධ්‍යම පාන්තිකයන්ය. මොවුන් යනු ඒකක අනූව සීමාව නොපන්වා මෙතෙක් විදුලිය පර්භෝජනය කළ පිරිසයි. දිගින් දිගටම රජය විසින් විදුලිය පිරිමසන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටි විට එය අකුරටම පිලිපැදි සමාජ ස්ථරය වූයේද මේ ජනතාවයි. මේ අය විදුලිය ඉතිරි කරන්නට නොයෙක් කැප කිරීම් කලෝය. අදුරේ ඉදිමින් රට ගොඩ නගන්නට රජයට මහය පළ කලෝය. නමුත් වර්ථමාන විදුලි බිල සංශෝධනයෙන් සියයට හැටකින් බිල වැඩිකර ඇත්තේ මේ අයගේමය. මෙතෙක් ඒකක 120 වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කළ අයට දැන් සිය බිල අඩුකර ගන්නට හැකියාව ලැබී ඇත. මෙයට හේතුව කුමක් ද?

මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් කලේ ඒකක 120 වඩා භාවිතා
කරන අයගෙන් වැඩි පුර ලබා ගන්නා  මුදලින් ඒකක 90 ට අඩුවෙන් පර්භෝජනය කරන පිරිසට සහන ලබා දීමය. නමුත් නව මිල සංශෝධන මගින් එම සහනය ඉවත් කර ඇත. ඒ නිසා දැන් තමා හිසට තම අතමය සෙවනැල්ල යන කියමන සිහියට නගිමින් මේ අයට තමන් ගැන බලා ගන්නට සිදුව ඇත. විදුලි බිල සංශෝධන සූත්‍රයේ රහස මෙයයි. මේ ලක්ෂ හතලිහකට ආසන්න පිරිස යනු මේ රටේ ආණ්ඩු බිහිකරන සහ ආණ්ඩු ගෙදර යවන්නට හැකි පරමාධිපත්‍ය බලය හිමි ජනතාවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නිසා මෙතෙක් ලෝකයේ කිසිදු රාජ්‍යයක සිදු නොවූවක් ලංකාවේ සිදුව ඇත.

යම් රාජ්‍යයක ආණ්ඩුව සහ රාජ්‍ය අතර පැහැදිලි වෙනසක් ඇත. ආණ්ඩුව ස්ථාවර නොවන අතර රාජ්‍ය ස්ථාවරය. නමුත් මේ වන විට ලංකාවේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර මේ වෙනස මැකී ඇත. ඒ නිසා ආණ්ඩුව රාජ්‍ය බවටත් රාජ්‍ය ආණ්ඩුව බවටත් පත්ව ඇත. මේ තත්ත්වයෙන් ගොඩ එන්නට නම් පැලැස්තර විසදුම් වලින් තොර සමාජ ක්‍රමයේ වෙනසක් අවශ්‍යය. ලක්ෂ හතලිහක විදුලි පාර්භොගිකයන් හට මෙවැනි වෙනසක් අවශ්‍ය වනු ඇත් ද?

1 comment:

  1. අපේ රටේ දැනට කිසිම දෙයකට ක්‍රමයක් කියලා එකක් නැහැ...
    ක්‍රමයක් නැති නිසා ඕනිම දෙයක් කරන්න නිදහස එයාලට ලැබිලා තියේ...

    ReplyDelete

Powered by Blogger.