Open top menu
Wednesday, May 1, 2013

මැයි දිනය සමරන්නට සැරසෙන බහුතරයක් ලාංකීය වාමාංශිකයන් අතර ජන අරගල ව්‍යාපාරය සිය මැයි දින තේමාව ලෙස යොදාගෙන තියෙන්නේ සමාජවාදී ජීවිතයක් යන තේමාවයි. මේ වාමාංශිකයන් නොදන්නා ප්‍රධාන කාරණාවක් වන්නේ මේ වන විටත් සමාජවාදය යන්න අභාවයට ගොස් ඇති බවයි. සමාජවාදය අවංගු වී ඇති බවට බටහිර බුද්ධිමතුන් මතයක් ප්‍රකාශ කර තියෙනවා. කොටින්ම වර්ථමාන ත්ත්වයන් අනුව සමාජවාදය යනු ධනේෂ්වර සමාජයට පෙර පැවති පූර්ව ධනේෂ්වර සමාජයේම දිගුවක් බවට ලඝු වී තිබෙනවා.

කම්බෝජිවායාවේ පෝල් පෝට් ගේ සමාජවාදී සමාජය වගේම රුසියාවේ ස්ටාලින් ගේ සමාජවාදයත් අපට ඒකාධිපවාදය හැර වෙන යමක් ඉතිරි කලේ නැහැ. පවතින ධනවාදී
සමාජයට වඩා උසස් සමාජයක් නිර්මානය කරන්න නම් පූර්ව ධනේෂ්වර සමාජයක් නිර්මාණය කර වැඩක් නැ. අවශ්‍ය වන්නේ ධනේශ්වර සමාජයට වඩා මානව සමාජයට විමුක්තිය උදාකරන සමාජයක් නර්මාණය කිරීමයි.

‍මේ නිසා අපි කොමියුනිස්ට් සමාජයක් ගැන තමයි කල්පනා කරන් ඕනේ. කොමියුනිස් සමාජය කියන්නේ ධනවාදී සමාජයට වඩා උසස් සමාජ ක්‍රමයක්. ඒ සම්බන්ධයෙන් අපි පසුව දීර්ඝ වශයෙන් වෙනත් ලිපියකින් පැහැදිලි කරනවා.

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ එංගලන්තයේ ප්‍රයිමාර්ක් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිතර වන එංගලන්තයේ වැසියන් පිරිසක්. ඒ අය බංගාදේශයේ ඇගලුම් කම්හල් සිද්ධියට එරෙහිව සිය වරෝධය දක්වනවා. කැමති නම් ඒ පිරිසත් මේ සමාජවාදී ජීවිතයක් හදන්නට සිතා ඉන්න පිරිසට තමන්ගේ ගොඩට දා ගන්න පුලුවන්.

3mana -








Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts