Header Ads

ඉංග්‍රීසියෙන් ලියන අයගේ බංකොලොත්කම


පසුගිය දිනක කළණ සේනාරත්න නමින් ලියන ලද ලිපියක අන්තර්ගතය වූයේ දයාන් ජයතිලකගේ බුද්ධි මහිමය පිළිබදවය. ඔහුට අනුව දයාන් ජයතිලක බුද්ධිමතෙකි. කෙනෙක් ඉංග්‍රීසියෙන් ලීවා කියා බුද්ධිමතෙකු වෙනවා නම් ඉංග්‍රීසි කතා කරන ලෝකයේ සිටින ඕනෑම හිඟන්නෙකු බුද්ධිමතෙකු විය යුතුය. දයාන් ජයතිලක විසින් දේශපාලනය අරබයා නිපද වූ අලුත් සංකල්ප තිබේද? එවැනි සංකල්ප ජාත්‍යන්තර විශ්ව විද්‍යාල පිළිගෙන තිබේද? අප දන්නා තරමින් නැත. එපමණක් නොව කළණ සේනාරත්න ගේ මහාපතරංග ජාතක වලට ද කිසිදු අරුතක් නැත. ඒවා cut & paste ලිපි ය.

Colombo Telegraph වෙබ් අඩවියට මිනිසුන් ගැන ප්‍රමිතියක් නැති බව
එහි සිටින පුද්ගල විවිධත්වයෙන් ගම්‍ය වෙයි. මීනිමරුවන් ගේ සිට ලිබරල්වාදීන් දක්වා පුළුල් පරාසයක පුද්ගලයන් එහි ලියති. අපට අනුව නම් දයාන් ජයතිලක යනු බුද්ධිමතෙක් නොවේ. ඔහු දේශපාලන Opinion කාරයෙකි. ඔහුගේ අතීතය හාරා ඇවිස්සූ විට එන්නේ කුණු ගඳක් මිස තාර්කික රටාවක් නොවේ. ලංකාවේ සිටින කැතම අවස්ථාවාදියා දයාන් ජයතිලක ය. ස්ටැලින්වාදියෙකු ගේ තාර්කික රටාව කොපි කරන ඔහුට අනුව ඔහුගේ ගඳ ගැන කතා කිරීමත් සුවදවත්ය. ස්ත්‍රීන් විශාල ගණනකගේ ජීවිත විනාශ කළ මේ පුද්ගලයාට ප්‍රචාර ලබා දෙන්නේ ඔහු වැනිම තක්කඩීන්ය. මීට අමතරව තව දෙයක් ඉතා පැහැදිලිව කිව යුතුය. දයාන් ජයතිලක යනු සිංහල ජාතිවාදයේ වඩාත්ම අවස්ථාවාදී ප්‍රවණතාවය යි. සිවිල් යුද්ධය සහ යුද්ධය ( civil War & War) අතර වෙනස නොදන්නා, විමුක්ති අරගලයක් සහ ෆැසිස්ට්වාදය අතර වෙනස නොදන්නා, හිංසනයට නිශේධාත්මක පැවැත්මක්සේම නිර්මාණාත්මක පැවැත්මක් ද තිබේ යැයි නොදන්නා දයාන් ජයතිලක බුද්ධිමතෙක් ද?

3mana -

No comments

Powered by Blogger.