Header Ads

අර්ජුන නැමති විදුලිබල උත්පදකයා සහ ක්‍රිකට් නායකයා


වසර 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ජයගන්නට හැකි වුනේ අර්ජුන ගේ නායකත්වය තුළ ඇති සුවිශේෂී ගුණාංගයන් නිසයි. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩකයන්ට ක්‍රීඩාකරන්නට නායකත්වය විශාල පිටුවහලක් වුනා. ඒ සම්බන්ධයෙන් අර්ජුනට ලැබිය යුතු ඉහළම ගෞරවය අදටත් හිමිවිය යුතුයි. අද වනතුරුම කිසිදු වෙළෙද දැන්වීමකට පෙනී නැති අර්ජුන ක්‍රීඩාව සිය බඩවියත රැක ගන්නට මුදලට විකිණූනැති බව පැහැදිලිය. ඒ අතින් අද දක්වාම
අර්ජුන යනු ක්‍රීඩාවට අදාලව ශ්‍රේෂ්ඨ නායකයෙක්.

වර්ථමානයේ අයි.පී.එල් නිසා ක්‍රිකට් ක්‍රීඩාව මුල්මනින්ම විනාශය කරා ගමන් කරන බවට ඔහු පවසන කතාව සත්‍යයක්. මුදලට ක්‍රීඩාකරන ක්‍රීඩකයන්ට අර්ජුනගේ විවෙිචනය සාධාරණයි. ඇත්තටම අර්ජුන කියන්නේ ඉස්සර දක්ෂ, අවංක, නිහතමානි, ක්‍රිකට් ක්‍රීඩකයෙක්.නායකයෙක්. ඒත් දැන් අර්ජුන කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඔහු කුඩා පරිමාණයේ විදුලි බල ව්‍යාපෘති කිහිපයක් කරගෙන යනු ලබනවා. සමස්ථ රටේ විදුලි බිල කෙරෙහි මේවා යම් පමණකට බලපානවා. අපිට වඩා වැදගත් වන්නේ මිනිසෙක් සදාචාරය සමග දක්වන සම්බන්ධය නෙවී. ප්‍රාග්ධනය එක්ක පවත්වන සම්බන්ධයයි. අපි ජීවත් වන ධනවාදී සමාජය තේරුම් ගන්නට එය වැදගත් වෙනවා.

3 comments:

  1. ඉතින් අර්ජුන ව්‍යාපාරිකයෙක් වීම හොඳයිනෙ. මොකද්ද ඒකෙ ඇති වැරද්ද?

    ReplyDelete
  2. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙළඳ දැන්වීම් වල පෙනී සිට හෝ සාධාරණ ව්‍යාපාරයක නියැලී මුදල් ඉපයීම වරදක් හෝ විවේචනයට ලක් කළ යුත්තක් වන්නේ කෙසේද?.

    අර්ජුනත් ක්‍රීඩා කරන කාළයේ යුනියන් ඇෂුවරන්ස් වෙළඳ දැන්වීමක පෙනී සිටියා.(නැවත කියන්නේ එය වරදක් නොවෙයි).ක්‍රීඩාවෙන් බඩවියත රැක ගැනීමේ ඇති වරද කිම.අප සියලු දෙනා කරන්නේ තමන් දන්න තමන් උගත් ශිල්පශාස්ත්‍රයකින් බඩවියත රැකගැනීම නොවේද?

    වරදක් වන්නේ කෙනෙක් සොරකම,වංචාව,දූෂණය ආදී අපචාර වලින් මුදල් ඉපයීමයි.

    ReplyDelete
  3. Arjuna has some principles and nobody in the field has no any leadership quality like Arjuna.

    ReplyDelete

Powered by Blogger.