Open top menu
Tuesday, May 7, 2013


කුසල් පෙරේරා -
කුසල් පෙරේරා -
තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට පසුගිය අපේ‍්‍රල් 12 වන සිකුරාදා සවස 07 සිට ‘‘දැල් වූ ඉටි පහන් අතැති විරෝධය’’ සඳහා ෆේස්බුක් කැඳවීමක් තිබිණ. එයට සැළකිය යුතු ප‍්‍රතිචාරයක් ද තිබිණ. ඒ මධ්‍යස්ථානයෙන් එළියට පැමිණි බොදු බල සේනා එකතුවේ ගිහි නායකයා ලෙස පෙනී සිටින දිලන්ත විතානගේ, මේ කිසිවකු බෞද්ධයින් නොවන බවත්, ඔවුන් ‘‘එන්.ජී. ඕ’’ කාරයින් බවත් බෙරිහන් දෙනු ඇසුනේ යැයි විඉුත් මාධ්‍යන්හි වාර්තා විය. තමන් ද ‘‘නොම්මර එකේ එන්.ජී. ඕ කාක්කෙකු’’ බව අමතක වූ ඔහු, මේ කිසිවෙකු කවදාවත් පන්සලක දැක නැතැයි ද බෙරිහන් දුන් බැව්, වැඩි දුරටත් එහි වාර්තා විය. දිලන්ත සිතන්නට ඇත්තේ මේ තරුණ පිරිස ද ඔහු මෙන් කාගේ හෝ මුදලකට ‘කහින්නට‘ පැමිණි පිරිසක් යැයි කියා ය. එනිසා මේ විරෝධය පිටු පස ද රාජ්‍ය නොවන සංවිධානයක් සිටිය යුතු යැයි, දිලන්ත සිතන්නට ඇත. බොදු බැලයින් හා සම්බන්ධ හැමෝමත් පොලීසියත් මේ විරෝධයේ නායකයින්, සංවිධාන සොයන්නට වූයේ එබැවින් ය.


එහෙත් එවැනි නිශ්චිත ආයතනගත සංවිධානයක්, දේශපාලන පක්ෂයක් තබා, නිශ්චිත පුද්ගල නායකත්වයක් හෝ ඒ විරෝධයේ නොතිබිණ. ‘‘දැල් වූ ඉටි
පහන් අතැති විරෝධය’’ කවුරුන් හෝ පසු ගිය අපේ‍්‍රල් 09 වන දින අන්තර්ජාලයේ ෆේස්බුක් පිටුවකට ගොනු කළ ආකර්ශනීය, සුන්දර අදහසකි. එය අන්තර්ජාල භාෂාවෙන් කියන්නේ නම්, දවසක් ගත වන්නටත් පෙර ‘‘වයිරල්’’ බලපෑමක් ඇති කළේ ය. පැහැදිලි අයිතිකාරයෙකු නොමැති මේ විරෝධය සඳහා දින නියම වූයේ ද ෆේස්බුක් පිටු වල ය. සිංහල – හින්දු අලූත් අවුරුද්ද කට ළ`ග තිබූ එදින උදය වරුවේ සිට, කොළඹ නගරය හා අවට හිස් වෙමින් තිබිණ. දහවල වන විට තොග පිටින් සෙන`ග ඇදුණේ තම උපන් ගම් බලා ය.

ඊටත් සතියකට වඩා කලින් වෘත්තීය සමිති එකතුවක කැඳවීමක දී මාධ්‍ය සාකච්ඡුාවක් සඳහා දින නියම කර ගැනීමට කතා කරද්දී, එක් වෘත්තීය සමිති නායකයෙකු මට කීවේ, ‘‘කුසල් අයියා, මේ සිංහල අවුරුදු කාලේ මොනවත් කරන්න බැහැ – රාවය කියවන අයත් අවුරුදු මානසිකත්වයෙන් ඉන්නේ – ආයේ ඉතිං 18-20 වෙලා තමයි මොනවා හරි වෙන්නේ.’’ කියාය. එනිසා සිංහල අවුරුද්දට දින දෙකකට කලින් සිකුරාදා සවස ප‍්‍රසිද්ධ විරෝධතාවක් සංවිධානය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවන බව ඔහු කියනු නොඅනුමාන ය. අනෙකුන් ඊට පුර්ණ එක`ගත්වය පල කිරීමත් එළෙසින්ම සිදු වන්නකි. එනිසා කිසිවකු හෝ කල් තියා මගෙන් ඇසුවේ නම්, මෙවැනි විරෝධයකට අපේ‍්‍රල් 12 වන සිකුරාදා දින යෝජනා කිරීමට, මම මඳක් මැලිවෙමි.


දිලන්ත සිතන්නට ඇත්තේ මේ තරුණ පිරිස ද ඔහු මෙන් කාගේ හෝ මුදලකට ‘කහින්නට‘ පැමිණි පිරිසක් යැයි කියා ය.
දිලන්ත සිතන්නට ඇත්තේ මේ තරුණ පිරිස ද ඔහු මෙන් කාගේ හෝ මුදලකට ‘කහින්නට‘ පැමිණි පිරිසක් යැයි කියා ය.
රටේ වෘත්තීය සමිති නායකයින් එළෙසින් තීන්දු ගන්නා අතරතුර, මේ ‘‘දැල් වූ ඉටි පහන් අතැති විරෝධය’’ සිංහල අවුරුද්ද හෙට අනිද්දා යැයි තිබිය දී අවිධිමත් ලෙස දින තීන්දු කිරීමට තරුණන් කිහිප දෙනෙකු ඉදිරිපත් විය. අරුමය වූයේ දින තුනකින් එය සාර්ථක කර ගැනීමටත් හැකි යැයි ඒ යෞවනය සතු වූ විශ්වාසයෙහි ය. අන්තර්ජාලයෙන් අලූත් තරුණ සමාජය හා ගනු දෙනු කිරීමේ දී අපගේ සාධක හා සම්මතයන් වැදගත් නොවන බැව් 12 වන සිකුරාදා සවස 07 ට තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපස පදිකයට රැුස්වූ ඒ තරුණ තරුණියෝ ඔප්පු කළහ. ඊට බෙහෙවින් වැඩි ජනතාවක් අතීතයේදී විරෝධතා සඳහා කොළඹට එකතු වී ඇත. එහෙත් මෑත කාලයේ විපක්ෂය විසින් පැවැත් වූ විරෝධතා හා සාපේක්ෂව ගත් කළ, මෙදින පැමිණි තරුණ පිරිස විශාල ය. විපක්ෂයේ ඇතැම් කොළඹ මැයි දින රැුළි වලට එපමණ හෝ සෙන`ගක් ස්වේච්ඡුාවෙන් එකතු නොවන බව ද කල් තියා කිව හැක.

එනිසාම, මේ අලූත් තරුණ විරෝධයේ අලූත් සංවිධානාත්මක ප‍්‍රවේශය හා එහි දේශපාලනය තේරුම් ගැනීම, අනාගතයට අතිශය වැදගත් වනු ඇත. මේ තරුණ පිරිස, නාගරික මැද පංතික පිරිසකි. ඔවුන් එකතු වූ කාරණය පැහැදිලි ප‍්‍රතිපත්තිමය කාරණාවකි. විඉුත් පුවත් අඩවි වල ප‍්‍රවෘත්ති අගට තම අසහනය සහ වෛරය කිසිදු තර්කයක් චාරයක් නැතිව එකතු කරන, මෙරටින් පිට මං සිංහල හා දෙමළ සමාජයන්හි නරුම කම මේ විරෝධයෙන් පිටු දුටුවකි. මේ තාරුණ්‍ය, සමාජයේ අන්තවාදී සංස්කෘතීන්ට අයත් නැතැයි සනාථ කෙරෙමින් ඔවුන්ගේ ෆේස්බුක් කැඳවීම සම්බන්ධයෙන් පසු දින එළිවන්නට කලියෙන් නැවත ඉතා පැහැදිලිව ෆේස්බුක් පිටුවක සටහන් කෙරුණේ,
‘‘හිතවත් මිතුරනි, එතරම් පිරිසක් ඊයේ සවස සහභාගි වීම, නිහතමානී ආඩම්බරයකි. …… සංවිධායකයින් යැයි ඒ සඳහා නිශ්චිතව කිසිවකු නොවුනි. පූර්ව රැුස්වීම් නොතිබිණ. තම පුරවැසි වගකීම මත ඉදිරිපත් වූ අපි, සාමාන්‍ය ශී‍්‍ර ලාංකිකයින් වීමු. අපගේ අගනා ජාතික ගීයෙන් ආයාචනා කරන අයුරු, මේ කුඩා ¥පත් රාජ්‍යයේ සාමය රැුක ගැනීමටත් පවත්වා ගැනීමටත් ඉදිරිපත් වූවන් වෙමු. බුදු දහමෙහි සඳහන් සාමය වෙනුවෙන් සම්මා වාචා (නිවැරදි බස) සූභාසිත වදන් (යහපත් කතා බහ* අගය කරමින් රොද බැඳ ගත්තවුන් වෙමු.’’

මේ අලූත් තරුණ පිරිස බෞද්ධ භාවිතය එළෙස ස්ථානගත කළ ආකාරයට, ඊයේ පෙරේදා පන්සල් යන්නත් පිරිත් නූල් බැඳ බෞද්ධාගම රකින්නත් අලූත් වෘත්තියක් සොයා ගත් දිලන්තට ඔවුන් කිසිවකු පන්සල් වලදී හමු නොවීම අරුමයක් නොවේ. මොවුන්ගේ විරෝධය, බොදු බල පිට්ටනියට ගොඩ වී, බොදු බලයින්ටම අභියෝග කිරීමේ දේශපාලන වාසිය ගැන ගණන් හැ¥ උපායික විරෝධයක් ලෙස, එනිසාම මම දකිමි. බුදුන් ගේ වදනට අනුව මෙත් සිත් වඩමින් කිසි ආකාරයකින් ප‍්‍රකෝප කිරීම් වලට හසු නොවන, ඉතා දැඩි හික්මීමක් ඇති, ඉටි පහන් දල්වා ගත් සාමකාමී විරෝධයක් ගැන ඔවුන් ෆේස්බුක් පිටු වල කතා කර තිබූයේ ද එනිසා යැයි සිතමි. එළෙසින්ම, මහ ලොකු සමාජ අත්දැකීම් නැති නාගරික තරුණ පිරිස් සඳහා ආකර්ශනීය, අභියෝගාත්මක කි‍්‍රයාවක් ලෙස ඉදිරිපත් කිරීමේ වාසියද එයට එකතු වූවකි. එනිසා ඔවුන් ෆේස්බුක් පිටු වල සටහන් තැබූ තර්කය වූයේ, ‘‘අපි බොදු බල සේනාවට විරුද්ධ නැත. ඔවුන්ට ඔවුන්ගේ මත ප‍්‍රකාශයට ඇති අයිතිය, අපි පිළිගනිමු. අපි ඔවුන්ව ප‍්‍රශ්න කරන්නේ බෞද්ධ සංවිධානයක් ලෙස ඔවුන් බුදුන් යහපත් භාෂාව ගැන දෙසූ දහමට, මේ ආකාරයෙන් නින්දා කරන්නේ ඇයි දැයි කියා පමණි’’ යන තර්කය ය.

මෙවැනි තරුණ පිරිසක් ෆේස්බුක් මගින් හෝ මෙළෙස හදිසියේ එකතු කිරීම, සැළකිය යුතු පදම් වීමකින් පසු සිදු වන්නකි. මැද පෙරදිග වසන්තයේ පළමු පියුම ලෙස සැළකෙන ටියුනීසියානු ජනතා නැගිටීම ගැන තැබුණු සටහනකට අනුව, සිඩි බුසීඞ් නගරයෙහි විරෝධතාවන් ඉන් පිටත ජනතාව දැන නොගත්තේ නම්, ටියුනීසියාවේ විප්ලවයක් ඇති නොවන්නේ ය. ඉතා බරපතල වාරණයක් තිබියදී ඒ විරෝධතා ගැන පිටස්තර ජනයා දැන ගත්තේ ෆේස්බුක් පිටු අතරට එක් කෙරුණු විරෝධතා පිළිබඳ වීඩියෝ පට සහ ප‍්‍රවෘත්ති මගිනි.

එය නිකම්ම සිදු නොවන්නකි. ඊට සාධක කිහිපයක් සම්පූර්ණ විය යුතු ය. පළමු වැන්න, නොකඩවා එවැනි වාර්තා ෆේස්බුක් හි පල කරන්නට, දේශපාලන අධිශ්ඨානයක් ඇති කුඩා හෝ දැනුවත් තාක්ෂණික කණ්ඩායමක් සිටිය යුතුය. දෙවැන්න, ඒ තොරතුරු සියල්ල නොකඩවා ලබා ගැනීමට සහ ඒවා සමාජ කි‍්‍රයාකාරිත්වයකට පරිවර්තනය කර ගැනීමට වුවමනාවක් ඇති සැළකිය යුතු තීරණාත්මක පිරිසක් දිනපතා අන්තර්ජාලයට ගොඩ වන්නවුන් අතර සිටිය යුතුය. එය අන්තර්ජාල සංස්කෘතියක් බිහි වීම පිළිබඳ කතාන්දරයක් පමණක්ම නොවේ. එය සමාජ අසාධාරණයට එරෙහි දේශපාලනයක් සයිබර් සංස්කෘතියෙහි පිළිගත් මතයක් බවට පත්වීමේ කතාන්දරයකි. ඊට අදාල විය හැකි සටහනක් තබන අල් ජසීරා රූපවාහිනි නාලිකාවේ වාර්තාකාරිනියක් වන යැස්මින් රයාන්ට අනුව, ‘‘පාරට පැමිණි බොහෝ තරුණන් අත, ලොකු ගලක් සමග ජංගම දුර කතනයක් ද තිබුණි’’. ඇය කියන්නේ, ඔවුන් බහුතරයක් දැනුවත් පුරවැසි මාධ්‍යවේදීන් වූ බව ය. ඒ මොහොතේම තම අත වූ ජංගම දුර කතනයෙන් සියලූ සිදුවීම් සයිබර් අවකාශයේ සමාජ ජාල හරහා ලොවට වාර්තා කිරීමේ සූදානමකින් ඔවුහු පාරට බැස සිටියහ. සමාජ අසාධාරණයට විරුද්ධ වූ දේශපාලන අදහසක් ඒ වන විට ටියුනීසියානු සයිබර් සංස්කෘතියෙහි තහවුරුව තිබූණු බවට ඒ හොඳ සාක්ෂියකි.

තුම්මුල්ලට කැඳවුනු විරෝධය සතුව ද යම් පමණක එවැනි දැනුවත් දේශපාලන මැදිහත් වීමක් තිබිණ. එදින උදයේ කෙටි ‘‘ට්විට’’ දැනුම් දීමකට අනුව, උදය 7.30 වන විට සම්බුද්ධත්ව ජයන්ති ගොඩනැගිල්ල ඉදිරිපස හමුදා කණ්ඩායමක් රඳවා තිබිණ. සවස විරෝධය ගොනු වන්නට පටන් ගත් මොහොතේ ලියැවුනු, ‘‘ස්වර්ණවාහිනිය මේ දැන් විරෝධය වාර්තා කර ගත්තා. බොදු බල හාමුදුරු කෙනෙකුගෙන් අදහස් පටිගත කෙරුවා.’’ එක් ට්විට වාර්තාවක තිබුණි. ඒ ක්ෂණයෙන්ම, ‘‘විරෝධතාවයට පැමිණි කිසිවකුගෙන් අදහස් ගැනීමක් නොවුනි’’ යැයි එම පණිවුඩකරුවාම ඊළ`ග ට්විට සටහන තබා තිබිණ. ‘‘බොදු බල පුද්ගලයෙකු මගේ මුහුණ ළ`ගටම විත් පිංතුරයක් ගත්තා. එය මකන්න කියුවම දිව්වා. පොලීසිය නිකම් හිටියා.’’ තරුණියක් තව ට්විට සටහනක් තබා තිබුණි. ඒ මොහොතේම තැබූ තවත් ට්විට සටහනකින් දන්වා තිබූයේ, ‘‘පණ්ඩුක සමරසිංහව දැන් අත් අඩංගුවට ගත්තා. නීතිඥයින්ගේ මිතුරන්ගේ සහාය වහා අවශ්‍යයයි’’ යනුවෙනි.

මේ තරුණ විරෝධයෙහි එවැනි දේ සිදුවූවත් අපේ රටේ තීරණාත්මක වැදගත් ෆේස්බුක් සංස්කෘතියක් තවමත් නැත. අපේ රටේ ඇත්තේ හඳුනන – නාඳුණන හැමෝටම ‘‘ලයික්’’ කිරීමේ ෆේස්බුක් කලාවකි. එහි ඇත්තේ රාජපක්ෂ විරෝධය විහි`ඵවට නගා ගෙන ඉන් ආත්ම තෘප්තියක් ‘‘ෆන්’’ එකක් ලබා ගැනීම පමණි. පළමු වරට ඉන් වෙනස් වූ ආරම්භයක් දකින්නට හැකි වූයේ විශ්ව විඉාල ආචාර්යවරුන් පසු ගිය අවුරුද්දේ ගාල්ලෙන් ආරම්භ කළ ඔවුන්ගේ පා ගමනට අදාල වූ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ෆේස්බුක් සහ විඉුත් තැපෑල භාවිත කිරීම තුල ය. පා ගමන යෝජනා වූ දින සිට සති කිහිපයේ දී ඒ ගැන පුවත් අලූත් කිරීමක් ද ඉතා ආකර්ශනීය ඡුායාරූප භාවිතයක් ද අපි අත් දැක්කෙමු. ඒ වෙනුවෙන් අර්ථවත් සිරස් තලද එසැවුනි. ඒ සියල්ල සමගින් ඉතා හොඳ අදහස් හුවමාරුවකට ද එළැඹුමක් ඇති විය. විශේෂයෙන් ආණ්ඩුවක් විසින් අධ්‍යාපනයට වෙන් කළ යුතු මුදල් ප‍්‍රතිපාදන ගැන විවිධ මතිමතාන්තර, කෙටි අදහස් හා සටහන් හමු විය.

ඊළගට සංවිධානාත්මක ෆේස්බුක් භාවිතය තිබූයේ බොදු බැලයින්ගේ මුස්ලිම් විරෝධයෙහි ය. එහි කිසිදු වගකීමක් ඉවසීමක් නොතිබිණ. තම අනන්‍යතාවය හෙළි නොවන ආකාරයෙන් අපහාස පරිභව කිරීම සඳහා මහ ඉහළින් එය භාවිත කෙරිණ. ඉන් බොහෝ විට බලපොරොත්තු වූයේ බොදු බැල මැර කි‍්‍රයා සඳහා සමාජ අනුමැතියක් ඇතැයි කීමට ය. ෆේස්බුක් හරහා සංවිධාන කටයුතු කිරීමේ සංස්කෘතියක් ඔවුන්ට නොතිබිණ. එය සිදුවූයේ තෝරාගත් පන්සල් ඇසුරෙනි. එනමුත් ඔවුන්ට හවුල් වන්නේ නාගරික අසපු ඇසුරෙන් නවීකරණය වූ බොදු දහම චාරිත‍්‍රයක් කර ගත් මැද පංතිකයින් නොවේ. දරුවන් දහම් පාසල් යවන, පොහොයට සිල් ගන්නා, පන්සලේ සළාක දානය බාර ගන්නා පහළ මැද පංතික සාමාන්‍ය සිංහල බෞද්ධයින් හෝ නොවේ. බොදු බැල මැර කි‍්‍රයා හැම විටම ගොනු කර ගෙන තිබූයේ පහළ සමාජයේ අපංතික සිංහල තරුණ පිරිස් ය. එනිසා ඒ මැර කි‍්‍රයා සහ ෆේස්බුක් අතර ඇති සම්බන්ධය, එක්තරා ආකාරයක විකෘතියක් විය.

විශ්ව විඉාල ආචාර්යවරුන්ගේ විරෝධයෙන් පසු ඇත්ත ෆේස්බුක් සංස්කෘතියක් දකින්නට ලැබෙන්නේ, 12 වන සිකුරාදා සවස පැවති ‘‘දැල් වූ ඉටි පහන් අතැති විරෝධය’’ ගොනු කළ තරුණ ශක්තියෙහි ය. ඔවුන් පැහැදිලිවම, නාගරික මැද පංතියේ දැනුවත් තරුණ ශක්තිය විය. ඔවුන්ගේ අධ්‍යාපනය ද රජයේ පාසල් අධ්‍යාපනයට වඩා වෙනස් බැව් පෙනිණ. යම් පමණකට ‘‘ලිං මැඩි’’ සංස්කෘතියෙන් මිදුනා වූ නව සංස්කෘතියකට ඔවුහු හිමි කම් කියන්නාහ. එනිසාම බැලූ බැල්මටම ඔවුහු, නාගරික සංස්කෘතියකට හිමිකම් කියන්නාහ. එයද එහෙත් අලූත් ය. මේ රටේ විරෝධතා දේශපාලනයට අයත් සාම්ප‍්‍රදායික සංස්කෘතික ගොනුවක් නොවුනි. බොදු බැල ලොක්කන් ඔවුන් අබෞද්ධ යැයි කියන්නේත්, පොලීසිය එහි පිටු පස නායකයින් සංවිධාන ඇතැයි සිතුවේත් මේ තරුණ ගොනුවෙහි ඇති සංස්කෘතික වෙනස තේරුම් ගැනීමේ අපහසුව සමගින් ය.

පොදු ගොනුවක් ලෙස ඔවුහු මේ රටේ දේශපාලන නායකයින් ගෙන් මග සළකුණු ලබා ගැනීමට බලා ඉන්නා පිරිසක් නොවන බව එදින පැහැදිලි වූවකි. විපක්ෂ නායකයින්ට මෙන් සිංහල බෞද්ධ ඡුන්ද තරහ වේයැයි ගැට`ඵවක් ඔවුන්ට නැත. බොදු බල සේනා මතවාදය අභියෝග කිරීමට ඔවුන් ඔවුන්ගේ තනි හයියෙන් ඉදිරිපත් වන්නේ එබැවින් ය. මේ තරුණ සමාජ ස්ථරය සම්මත විපක්ෂ දේශපාලනය ගැන තැකීමක් ද නැත.

එහෙත් ඔවුන්ට ද දේශපාලනයක් විය. මේ නාගරික තරුණ පිරිස ගේ දේශපාලන විරෝධයේ පැහැදිලි දේශපාලන මතවාදය වූයේ වර්ගවාදයට එරෙහි, මානව සමානාත්මතාවයයි. මේ අලූත් නාගරික තරුණ පරම්පරාවේ එකෙකු නෑර, පොදු සාමාජීය වුවමනාවන් හා වගකීම් නොදන්නා, සිංහල ඉංගී‍්‍රසියෙන් හපන, එලොවටත් නැති මෙලොවටත් නැති, අසංස්කෘතික පරම්පරාවක් යැයි සම්මත දේශපාලනයේ වූ අත හැර දැමීම, මේ විරෝධය එසැවූ දේශපාලනයෙන් සමච්චලයට ලක් කෙරුණි. තම පරම්පරාවෙහි ද සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඉදිරිපත් වන දැනුවත් පිරිසක් ඇතැයි ඔවුහු හ`ඩ නැගූහ. මේ විරෝධය විසින් අලූත් සංවාදයක් සමාජය හමුවේ තබණු ලැබ ඇත.

සංවාදය ඇරඹෙන්නේද එතැනින්ම ය. අපේ සාම්ප‍්‍රදායික විපක්ෂය එවැනි ප‍්‍රතිපත්තිමය දේශපාලනයක නැත. ඔවුන් සොයන්නේ සිංහලවාදී රාජපක්ෂ විරෝධයකි. ඒ විරෝධය සංවිධානය කිරීමේ දී ඔවුන් අහුල ගන්නේ සිංහල ඡුන්ද බේරා ගැනීමට හැකි සටන් පාඨ පමණි. විපක්ෂ දේශපාලනය ඒ අනුව, මැතිවරණ සිහින මත ඇඳෙන්නකි. විපක්ෂය අත නොගසන දේශපාලනයේ සිංහල නිමිත්ත ඔවුන් තෝරා ගත්තේ, මේ බරපතල වෙනස සමගිනි. ඒ සමග නාගරික තාරුණ්‍යයේ රාජපක්ෂ විරෝධය ගොනු වන්නේ පාර්ලිමේන්තුවාදී දේශපාලනයක් ලෙස නොවේ. එය ගොනු වන්නේ රාජපක්ෂ පාලනයේ මූලික හරය ප‍්‍රශ්න කිරීමක් ලෙසින් ය. එනිසා එය සම්මත විපක්ෂයට නොගැලපෙන්නකි.

ඒ නොගැලපීමෙහි විපක්ෂයේ බෙලහීනත්වය ප‍්‍රශ්න කිරීමක් ද සිදුවේ. විපක්ෂය ප‍්‍රශ්න නොකරන රාජපක්ෂ අධිකාරවාදය සිට ගන්නා සිංහල බෞද්ධ වර්ගවාදය, සු`ඵතර අයිතිය සහ නීතිය කි‍්‍රයාවට නොනැගීම, විරෝධතා මර්දනය කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධය වැනි රාජපක්ෂ පාලනයේ ජාතිවාදී අඩිතාලම මේ නාගරික තාරුණ්‍ය විසින් සරළව ප‍්‍රශ්න කළහ. මේ දෙපැත්තක දේශපාලනයත් එකිනෙකාගේ භාවිතයත් වෙනස් තල දෙකක තීන්දු කෙරෙන්නේ ය. තරුණ විරෝධතා ඉදිරියට වර්ධනය වුවහොත්, නාගරික තාරුණ්‍යයේ මේ පළමු සයිබර් අත්දැකීම තව තවත් නිර්මාණාත්මක අත් දැකීම් සඳහා අලූතින් කවු`ඵ විවෘත කළහොත් විපක්ෂයට ඒ හා තරග කිරීම අසීරු වනු ඇත. එයට එක් හේතුවක් වනුයේ, මේ අලූත් තාක්ෂණික පරම්පරාව බිහිව ඇත්තේ නව ලිබරල් ආර්ථිකයේ සේවා සපුරන්නවුන් ලෙසින් වීමෙහි ය. නගරයේ අලූත් ආර්ථික ජීවිතයට ඔවුන් වැදගත් පිරිසකි. පරණ කාර්යාල හා පාසල් සේවා මෙන් නොව, ඔවුහු ආර්ථිකයේ මර්මස්ථාන වල විසිර ඉන්නා පුංචි තිරිංග ය.

සිකුරාදා විරෝධයෙන් පසු ධම්ම පදයේ 142 වන ගාථාවෙන් අවසන් කළ ඔවුන්ගේ තාරුණ්‍යයේ ෆේස්බුක් ප‍්‍රකාශයෙහි අනාගතය ගැන සටහන ද එළෙසින්ම වැදගත් ය.
‘‘සාමකාමීව එක්රැුස් වෙමින්, පොලීසියේ බලය ඇතිව බොදු බල සේනා සාමාජිකයින් නැගූ අපහාස සහ අභූත චෝදනා හමුවේ කුපිත නොවෙමින්, සිංහල බෞද්ධ තාරුණ්‍ය ස්ථාවරයක් ගැනීම අපි ඊයේ දුටුවෙමු. මෙය ශක්තියකි. මෙය ගෞරවණීය ආඩම්භරයකි. අපේ කුඩා ¥පත් රාජ්‍යයේ අයුතු බලයට විරුද්ධව නැගී සිටින්නට, ‘වරද‘ වරදක් යැයි කියන්නට ආත්ම ශක්තියක් ඇති ජනතාවක් සිටීම, අප තුල බලාපොරොත්තු ඇති කරන්නකි.’’

නාගරික අලූත් පරම්පරාවේ ඒ අධිශ්ඨාන සහගත සටහන දේශපාලනිකව තේරුම් ගැනීම, මේ යුගයේ තවත් දේශපාලන කතිකාවකි.

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. http://beyondframe.wordpress.com/2011/12/08/%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B6%A2%E0%B6%B1-%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%8B%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8F-%E0%B6%9A/

    ReplyDelete

Popular Posts

Popular Posts