Open top menu
Wednesday, June 26, 2013
මාධ්‍ය සදාචාරය සහ ආණ්ඩුවේ චාරය

සාමාන්‍ය දැනීම අනුව ගනු ලබන තාර්කික, ප‍්‍රශස්ත සහ උචිත තීරණය ආචාරධර්ම ලෙස නිර්වචනය කෙරේ. වැරදි හා නිවැරදි හැසිරීම තීරණය කරනු ලබන නිර්දේශිත සංකල්පයන් ආචාරධර්ම ලෙස ඇතැම්හු දක්වති. මේ සියල්ල විසින් පෙන්වා දෙන්නේ, ආචාර ධර්ම පුද්ගලයෙකුගේ හැසිරීම තීරණය කරන්නා වූ නිර්ණායක බවය. මේ ආචාරධර්ම ආගමික විශ්වාස අනුව, සංස්කෘතීන් අනුව මෙන්ම පොදු පිළිගැනීම් අනුව සකස් වන ඒවාය. බොහෝ ආචාරධර්ම
Read more
Monday, June 24, 2013
දොන්ද සිමන්ද?

'උතුරේ පළාත් සභාවට පොලිස් බලතල දෙනවාට මම විරුද්ධයි...'
ගෝඨාභයගේ මේ සද්දේ ඉන්දියාවේ කන්වල දෝංකාර දෙන්නේ ලලිත් ඇතුලත්මුදලි එදා 1987 ඉන්දු - ලංකා ගිවිසුමට දමපු සද්දෙ වගේය.
ගෝඨාභය රටේ ආරක්ෂක ලේකම්වරයාය. ලලිත් එදා ජාතික ආරක්ෂක ඇමැතිය. ඇත්තටම ගෝඨාභය අද නිරූපණය කරන්නේ එදා ලලිත් ඇතුලත්මුදලි රඟ පෑ භූමිකාවය. එකම වෙනස ලලිත් ජේ. ආර්. ගේ මල්ලී නොවීමත් ගෝඨාභය මහින්දගේ මල්ලී වීමත්ය.



එදා ලලිත් යාපනය මුදා ගන්න දියත් කළ වඩමාරච්චි මෙහෙයුමේ ගෝඨාභයද සිටියේය. මෙහෙයුම නතර කරන්න යැයි ඉන්දියාව
Read more
Monday, June 17, 2013
ඔවුන්ගේ ආචාර ධර්ම පද්ධතිය ඔවුන්ට වූවත් ….

කුසල් පෙරේරා -
ජාත්‍යාන්තර මාධ්‍ය ආයතනයක් වන ‘‘දේශ සීමා රහිත වාර්තාකරුවෝ’’ නම් සංවිධානය, රටවල් 179 ක ජන මාධ්‍ය පැවැත්ම, ආරක්ෂාව හා ස්වාධීන භාවිතය සම්බන්ධව, ඉතා අගනා තත්ත්වයේ සිට ඉතාම අහිතකර, අනතුරුදායක තත්ත්වය දක්වා වන ලේඛනයක් වාර්ෂිකව සකසන්නේ ය. ඔවුන්ගේ 2011-2012 වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාව ස්ථානගත කර ඇත්තේ ඉතා අහිතකර, අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති රටවල් අතර ය. අපව තබා ඇත්තේ ලේඛනයේ 163 වන ස්ථානයේ ය. එම වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාව, පෙර වාර්ෂික වාර්තාවෙන් හිමි කරගත් තත්ත්වයෙන් ද
Read more
Sunday, June 16, 2013
ගව ඝාතන නවතනු! අරුන්දික රැක ගනිමු!!


සුනන්ද දේශප‍්‍රිය -
යුග නිර්මානක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැුක ගනිමු’’ යන්නයි.

එජාප රජය හදිසි නීතිය යටතේ පුවත්පත් වාරණයක් පණවා ජනමාධ්‍ය මර්දනය කර තිබු වකවානුක ඇත්ත පුවත්පතෙහි කප්පාදු කරන ලද පුවත් නිසා හිස්ව ගිය ඉඩෙහි ‘බල්ලො කෑවා’ යනුවෙන් සදහන් කිරීමට පියවර ගැනුනේ ද කතුවර සිරිවර්ධන යටතේ ය. එසේ පුවත්
Read more
Saturday, June 15, 2013
මාධ්‍ය ආචාර ධර්ම සහ තථ්‍යතා පරීක්ෂාව

 තිසරණී ගුණසේකර -

‘‘ආණ්ඩුවේ වංචාව සාර්ථකව හෙළිදරව් කළ හැක්කේ, යදම් රහිත නිදහස් මාධ්‍යකට පමණි’’  (පෙන්ටගන් ලියවිලි පිළිබඳ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය)

රාජපක්ෂලා ඔවුන්ගේ ‘මාධ්‍ය ආචාර ධර්ම යෝජනා’ රටේ නීතියක් බවට පත්කළහොත්, ශ‍්‍රී ලංකාවටත් ‘ඇමතිසත්‍යයක්’ (සත්‍යය අමාත්‍යාංශයක්)*ලැබෙනු නොඅනුමානයි. එවිට, ශ‍්‍රී ලංකා මාධ්‍යයේ භූමිකාව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරබල්ලා’ යන සම්මත අරුතින් ‘රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කා’ බවට අළුතින් නිර්වචනය කළ යුතු වනු ඇත.

එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන් බිහි වන ඕර්වෙල්ලියානු* යථාර්ථය තුළ,
Read more
Thursday, June 13, 2013
අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම – මංජුල වෙඩිවර්ධන

මංජුල වෙඩිවර්ධන -
අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත් මිත‍්‍රකම් කළින් සැළසුම් කළ හැකිය. අරුන්දික ප‍්‍රනාන්දු කිසිමදාක මගේ මිතුරෙකු නො වන්නේ එබැවිනි. දැනහැඳුනුම්කමක් මෙසේ මිත‍්‍රකමක් ලෙස දක්වීමට සහ ඒ හරහා රටේ මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල ප‍්‍රමුඛ සිද්ධියක් මුළුමනින් ම අසත්‍ය ප‍්‍රබන්ධයක් බවට පත්කිරීමට අරුන්දික ප‍්‍රනාන්දු ගන්නා නින්දිත උත්සාහය මම පළමුකොටම පිළිකුල්සහගතව හෙළා දකිමි. එසේම ඔහුගේ මනංකල්පික සිද්ධියට අමනෝඥ ලෙස මා ඇඳා තිබීම මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමි. ප‍්‍රජතන්ත‍්‍රවිරෝධී වත්මන් මිනීමරු ආණ්ඩුවේ සීමා රහිත ප‍්‍රබන්ධ අතරේ වන තවත් ප‍්‍රබන්ධයක ර`ගපාන්නට බැරි නළුවකුගේ තත්වයට අරුන්දික ප‍්‍රනාන්දු පත්ව ඇත. මිත‍්‍රකම් නිර්මාණය වීමට හේතු තිබේ. මිත‍්‍රත්වයන් ගොඩනැෙ`ගන්නේ මූලධාර්මික කාරණා, ජීවන දර්ශනයේ සමාන්තරකම් , රුචි අරුචිකම් ආදී ලකුණු මත ය. නමුත් අරුන්දික යනු ඉතිහාසයේ කිසිම දවසක
Read more
‘‘ජාති-විරෝධී’’ විවේචන යනු හරියටම කුමක් ද?

කිෂාලි පින්තු ජයවර්ධන -
මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡුාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය අතිශය කාලෝචිත ය.

ආචාර ධර්මවලින් වඳපීදුනු රජයේ මාධ්‍ය

ප‍්‍රතිවාදීන් දඩයම් කිරීමේ සහ විසම්මුතිකයන් හඹා යාමේ අරමුණින් රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගැනීමේ දී, මීට පෙර සිටි අනිත් හැම අශුද්ධවන්ත පාලනයකටම වඩා
Read more
Tuesday, June 11, 2013
කර්තෘ අයිතිය රැකදුන් ඓතිහාසික තීන්දුව

දිනපතා පත්තර කියවන පාඨකයන්ට නම් “නඩු තීන්දු” වූ කලි අලුත් මාතෘකාවක් නොවේ. ඒ  ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා තිබෙන්නා වූ උසාවිවල නඩුකාරවරුන් දෙන තීන්දුවලින් දිනපතාම පත්තර පිටු පිරී යන බැවිනි. මේ නඩු තීන්දුවලින් බහුතරයක ඇත්තේ හොරුන්ට කොල්ලකරුවන්ට ස්ත්‍රී දූෂකයන්ට මිනීමරුවන්ට දුන් දඬුවම්ය. ඒවා පාඨකයන් අතර බොහෝ ජනප්‍රියය.
කෙසේ නමුදු දෙතුන් සතියකට පමණ ඉහතදී කොළඹ වාණිජ මහාධිකරණය
Read more
Friday, June 7, 2013
ගානකට නැති රටක්

Add caption
 තිසරණී ගුණසේකර -

ලංකාව මුහුණදෙන අර්බුදය බහුමානී ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයත්, සාමය සහ ජාතිය ගොඩනැගීමේ අර්බුදයත් අන්තර්ගත කරගන්නා දේශපාලන අර්බුදය එකකි. ආර්ථික අර්බුදය තවත් එකකි. ඒවාට අමතරව, මානසික අර්බුදයක් ද, ආචාරධාර්මික-සදාචාරමය අර්බුදයක් ද, සාරධර්ම අර්බුදයක් ද තිබේ. වෙසක් සමයේ ඇති වු සිදුවීම් දෙකක් හරහා මේ සමාජයීය විපත මොනවට විදාරණය කෙරුණි.

බරපතල තුවාල ලත් රෝගියෙකුට කොළඹ මහ රෝහලේ ඇතැම් හෙදියන් සහ වෛද්‍යවරුන්
Read more

Popular Posts

Popular Posts