Open top menu
Thursday, June 13, 2013

මංජුල වෙඩිවර්ධන -
අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත් මිත‍්‍රකම් කළින් සැළසුම් කළ හැකිය. අරුන්දික ප‍්‍රනාන්දු කිසිමදාක මගේ මිතුරෙකු නො වන්නේ එබැවිනි. දැනහැඳුනුම්කමක් මෙසේ මිත‍්‍රකමක් ලෙස දක්වීමට සහ ඒ හරහා රටේ මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල ප‍්‍රමුඛ සිද්ධියක් මුළුමනින් ම අසත්‍ය ප‍්‍රබන්ධයක් බවට පත්කිරීමට අරුන්දික ප‍්‍රනාන්දු ගන්නා නින්දිත උත්සාහය මම පළමුකොටම පිළිකුල්සහගතව හෙළා දකිමි. එසේම ඔහුගේ මනංකල්පික සිද්ධියට අමනෝඥ ලෙස මා ඇඳා තිබීම මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමි. ප‍්‍රජතන්ත‍්‍රවිරෝධී වත්මන් මිනීමරු ආණ්ඩුවේ සීමා රහිත ප‍්‍රබන්ධ අතරේ වන තවත් ප‍්‍රබන්ධයක ර`ගපාන්නට බැරි නළුවකුගේ තත්වයට අරුන්දික ප‍්‍රනාන්දු පත්ව ඇත. මිත‍්‍රකම් නිර්මාණය වීමට හේතු තිබේ. මිත‍්‍රත්වයන් ගොඩනැෙ`ගන්නේ මූලධාර්මික කාරණා, ජීවන දර්ශනයේ සමාන්තරකම් , රුචි අරුචිකම් ආදී ලකුණු මත ය. නමුත් අරුන්දික යනු ඉතිහාසයේ කිසිම දවසක
මා සම`ග මිත‍්‍රකමක් ගොඩනැගීමට අවශ්‍ය කිසිදු සුදුසුකමක් සපුරා ඇත්තෙකු නොවේ. ඒ බැව් ඔහුගේ පාදඩ දේශපාලන භාවිතය නිරීක්ෂණයෙන් පමණක් වුව පැහැදිලි කර ගැනීමට පිළිවන.

වත්මන් මිනීමරු ආණ්ඩුව පැහැදිලව වගකිවයුතු ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීමට නිෂ්චිත පිළිතුරක් නොදී, විවිධ කවටයන් යොදමින් ‘ප‍්‍රගීත් ඉන්නවා’ යැයි පවසන්නට ආණුඩව මෙ තරම්ම වලිකන්නේ ඇයි?

ප‍්‍රගීත් එක්නැලිගොඩගේ මාධ්‍යභාවිතයට ඉතිහාසයක් ඇත. ඔහු අවසන් වරට සිදුකළ ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය මැදිහත් වීම් මත පමණක් ඔහුගේ භාවිතය රඳා පවතින්නේ නැත. ශ‍්‍රී ලාංකීය ජනසමාජයේ සංස්කෘතික කතාකාවට අතිශයින් සාධනීය මැදිහත් වීමක් කරමින් 80 දශකයේ ප‍්‍රකාශිත මාවත ස`ගරාව දක්වා ඔහුගේ මාධ්‍ය ඉතිහාසය ගොඩ නැගී ඇති බැවිනි. එ බැවින් ඔහු වනාහී ගිරා පෝතකයකු නොව සමාජ විග‍්‍රහයක් සහිත මාධ්‍යවේදියකු හා සමාජ ක‍්‍රීයාකාරිකයකු බව අප වටහා ගත යුතු ය. ආණ්ඩව සම`ග ඍජුවම සම්බන්ධවන කුලී ලියන්නන් මෙන්ම ඒ බව ස`ගවා ගනිමින් එකී කාර්යයේම නිරතවෙන මාධ්‍යවේදින් යැයි හඳුන්වා ගන්නා සියල්ලන් අවශ්‍යයෙන්ම අතහැර දමන ඉතිහාසය එයයි.

කෙසේ වුවද ඔහු අතුරුදහන් කිරීමෙන් පසු ආණ්ඩුවට ගැළවී හෝ ම`ග හැර දමා සිටිය හැකි දහස් ගණන්ක් සිද්ධි අතරේ වන තවත් එක් සිද්ධියක් නොවුණේ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ තම සැමියා වෙනුවෙන්ද, දරුවන් දෙදෙනා තම පියා වෙනුවෙන්ද අඛන්ඩව අනිකුත් මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන හා විපක්ෂයේ සියලූ දේශපාලන සංවිධාන සම`ග එක්වී සටන් ක‍්‍රියා මාර්ග ගැනීම හේ තුවෙනි. එය අනවරත අරගලයක් මෙනි. එ බැවින් තවමත් ප‍්‍රගීත් සජීවි පුද්ලගයෙකු ලෙස සමාජය තුළ රඳවා ගැනීමට මෙම ප‍්‍රයත්නය පැහැදිලිවම සමත් වී තිබුණි. අප පවා එම අරගලයට දායක වූ අතර ප‍්‍රගීත් අතුරුදහන් කර දෙසිය වැනි දිනයේ පැවති සම්මන්ත‍්‍රණයේදී සන්්‍යා විසින් කියවන ලද්දේ මා විසින් ලියන ලද කවියකි. එළි දැක්වීමට නියමිත ප‍්‍රගීත් පිළිබඳ අලූත් කෘතියේ ද මා විසින් ලියැවුණු වෙනත් රචනාවක් වේ. කෙසේ හෝ සියල්ලන්ගේම මැදිහත්වීමෙන් අඛන්ඩව සිද්ධ වෙමින් පැවතියේ මෙම සිද්ධිය දිගින් දිගට ම ජාත්‍යන්තරයේ සංවාදයට බඳුන් වීමයි. සන්ධ්‍යා හා දරු දෙදෙනාද, ඔවුන් වටේ සිටින සියලූම දෙනා හා සංවිධාන ද නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ නම් ප‍්‍රගීත් පිළිබඳ මතකය මෙසේ අදටත් ජීවමානව නොපවතිනවා සේ ම ප‍්‍රගීත්ගේ සිද්ධිය මෙතරම් දුරදිග ගෙනයන්නට ආණුඩවට ද වුවමනා නොවනු ඇත.

ප‍්‍රගීත් පිළිබඳ මුලින්ම අරුන්දික පන්නයේ ප‍්‍රකාශයක් කළේ එවක ආණ්ඩුවේ මාධ්‍ය කටහඬ වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. ඔහු පවසා සිටියේ ප‍්‍රගීත් සිටින බවත් ඔහුව අද හෙට ඉදිරිපත් කිරීමට කියමිත බවත් ය. ඔහුගේ ආයෝජනයට කෘතගුණ සැළකූ ආණ්ඩුව විසින් ඔහුගේ තත්වය ආයෝජන ප‍්‍රවර්ධන කැබිනට් අමාත්‍යධූරය දක්වා ප‍්‍රවර්ධනය කෙරුණි.

ඉන් අනතුරුව නීතිපති මොහාන් සිල්වා ජිනීවාහී එක්සත් ජාතීන්ගේ වදහහිංසවටන්ට එරෙහි කමිටුවේ 2011 නොවැම්බර් සැසිවාරයේ දී පැවසූයේ ප‍්‍රගීත් එක්නැලිගොඩ වෙනත් රටක දේශපාලන රැුකවරණ ලබා සිටිනා බව ය. ජාත්‍යන්තරයට එසේ කී මොහාන් පීරිස් ශ‍්‍රී ලංකාවේ අධිකරණයට පවසා සිටියේ ප‍්‍රගීත් ඉන්නා තැනක් දන්නේ දෙවියන් පමණක් බවයි. නිර්ලජ්ජිත ආණ්ඩුවක් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ එවන් බේගලයක් කීමට අවදානමක් ගැනීමේ නින්දිත, නීච ක‍්‍රියාවට කෘතගුණ සැළකීමක් ලෙස ආණ්ඩුවෙන් ඔහුට පිරිනැමුණේ සමස්ථ අධිකරණ දේහයේ ම අග‍්‍රවිනිශ්චයකාර තනතුර ය.

ප‍්‍රගීත් සම්බන්ධයෙන් ම මෙවන් බොරුවකට සම්මාදම් වීම නිසා තමන්ටත් එවන් දොළ පිදේනියක් ලැබෙන්නට පිළිවනැයි අරුන්දික මන්ත‍්‍රිවරයා හිතනවා වන්නට ඇත. අද හෙටම නියෝජ්‍ය අමාත්‍යධූරයක දිවුරුදීමට ඔහු සිහින දකිනවා වන්නට පිළිවන. අවම වශයෙන් අධීක්ෂණ මන්ත‍්‍රීධූරයක්වත් ලබා ගැනීම ඔහුගේ උත්සාහය වන්නට පිළිවන. සියලූම විෂයයන් ‘සීනි කිරීම’ දක්වාම බෙදා ඇති බැවින් ඒ සඳහා විෂයයක් සොයා ගැනීම අතිශයින් බැ?රුම් කාර්යයක් වන්නට පිළිවන. ‘දැන හැඳුනුම්කම් අලූත්වැඩියා කිරීම’ හෝ ‘අතුරුදහන් වූවන් සොයා දීම’ වැනි විෂයක් යටතේ නව අමත්‍යංශයක් පිහිටුවා එය ඔහුට බාර දීමට ඉඩ ඇති බවට ඔහුගේ ටිකිරි මොළයට දැනෙනවා වන්නටද පිළිවන.
මෙහි වඩාත් උත්ප‍්‍රාසාත්මක කරුණ වන්නේ මෙම ප‍්‍රකාශය නිසා ප‍්‍රගීත් පිළිබඳ සිද්ධියේ මේ මොහොතේදී ප‍්‍රගීත්ටත් වඩා ගොදුර බවට පත්ව ඇත්තේ අරුන්දික මන්ත‍්‍රීවරයා වීම ය. මේ බව ජනාධිපතිවරයා ඇතුළු සියල්ලන්ම දන්නා කරුණකි. එය නොදැන සිටින්නෙකු වේ නම් ඒ අරුන්දිකම පමණි. කලින් වතා වලදී මෙන් ලක්ෂ්මන් යාපා හා මොහාන් පීරිස් බඳු කිසියම් ම හෝ විශ්වාසනීයත්වයක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු මේ වන විට ආණ්ඩුවට ආණ්ඩුව තුළින්ම සොයා ගත නොහැකි වීමෙන් අරුන්දික ප‍්‍රනාන්දු බඳු රජවාසල කවට කේවට්ටයන් යොදා ගැනීමට සිදුවීමෙන් ආණ්ඩුවට සිය තාවකාලික අරමුණ පවා සාක්ෂාත් කර ගැනීමට නො හැකි වි ඇත.
අරුන්දිකගේ මෙම සැළසුම්සහගත නෙයියාඩගම තුළ පිළිතුරු දියයුතු කිසිවක් නැත. එය මුළුමනින්ම මනංකල්පිතයක් වන බැවිනි. ප‍්‍රංශයේ දී කිසිදු දිනෙක අරුන්දික ප‍්‍රනාන්දු නැමැත්තා මට හමුවී නැත. ඔහු එකම එක් වතාවක් ප‍්‍රංශයට පැමිණ මා ද හඳුනන වෙනත් පුද්ගලයකුගේ දුරකතනයකින් මා හට කතාකළේ ය. ඒ මෙයින් වසරකුත් මාස 3කට පෙර 2012 මාර්තු මාසයේ ජිනිවාහි පැවති එක්සත් ජාතීන්ගේ සැසිවාරයට පසු ඊට ආසන්න දිනයක ය. එදා මා හමුවන්නට ඔහු කැමැති බව දුරකතනයෙන් කියා සිටියත් ඔහු හමුවීමට මට කිසිදු හේතුවක් හෝ අවශ්‍යතාවක් නොතිබූ බැවින් අප අතර හමුවීමක් සිදු නොවිණි.

එහෙත් For the sake of argument යන පදනම පමණක් මත මා ප‍්‍රශ්න කිහිපයක් හෝ මතු කිරීම ඔහුගේ සංතෘෂ්ටියට හේතු වනු ඇත.
මා මේ න`ගන ප‍්‍රශ්න වලට මවිසින් උත්තර දෙනු ලැබීම අවශ්‍ය නොවන්නේ අරුන්දිකට මා හමුවූවාට, මට ඔහු හමුවී නැති බැවිනි. එහෙත් අරුන්දික මේවාට මට නොව රට හමුවේ පිළිතුරු දිය යුතු ය. මන්දයත් අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් හා පිටුවහලේ සිටින මා ද ඇතුළත් සිද්ධියක් ඔහුට අත්විඳින්නට සිදුවී ඇති බැවිනි.

1 ඔහු පවසන්නේ ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දී මා හමුවූයේ 2013 ජනවාරි 09 වැනිදා රාත‍්‍රීයේ බව ය. එදින ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ කීයටද, කවරකුගේ දුරකථනයෙන් ද යන්න ප‍්‍රකාශ කළ යුතු ය. (සන්ධ්‍යාට කියන්නා සේ කතා කිරීමට ස්කයිප් බඳු වෙනත් මාර්ග ඇතැයි නොකියන්නේ නම් බෙහෙවින් කාතඥ වෙමු.) එවිට ඔහු එවැනි දුරකතන ඇමතුමක් මට ලබාදුන්නාද නැතිනම් එය ඔහු ගේ ප‍්‍රබන්ධයක් ද යන්න ඔප්පු කර පෙන්විය හැකි ය.

2 අරුන්දික පවසන්නේ අප හමුවීමට මිලංක නම් පුද්ගලයා සමග Out of Paris  හි කිසියම් ස්ථානයකට පැමිණි බවයි. ඔවුන්ගේ දැනුම වැදගත් විය හැකි බැවින් එය මේසේ හඳුන්වා දීමට අපට හැකි ය. පැරිස් නම් වන කේන්ද්‍ර නගරය පරිපාලනයේ පහසුව සඳහා Arrondisment ම් වන දිස්ත‍්‍රීක්ක වශයෙන් සැළකිය හැකි පරිපාලන ඒකක 20කට බෙදා ඇත.Out of Paris යනුවෙන් හඳුන්වන්නේ මේ ඒකක 20ට පිටතින් පවතින් ප‍්‍රංශ ¥පත  ( Ile- de- France) යන කළාපයට ඇතුළත් සෙසු ප‍්‍රදේශ වලට ය. මා සිටියේ යැයි පැවසෙන අරුන්දික නොදන්නා, ඔහුගේ අනුගාමිකයා දන්නා ආසන්නම නගරය කුමක්ද?

3 ඔහු මා හමුවන්නට රැගෙන ආවායැයි කියන මිලංක නැමැති පුද්ගලයා මගේ සොයා බැලීම් වලට අනුව පැරිසියේ වෙසෙන දේශපාලනය ගැන මුං ඇටයක තරම්වත් දෙයක් නොදන්නා කැපුවත් නිල් පන්නයේ කිසිදු විචාරශීලීභාවයක් නැති නිල් බලකා මුහුණුවරක් සහිත අලූත් ශ‍්‍රීලංකාකාරයෙකි. ඒ බැව් පැරිසියේ වෙසෙන ශ‍්‍රීපනිප ක‍්‍රියාකාරීන්ගෙන් විමසා දැන ගත හැකි ය. මේ පුද්ගලයා අරුන්දිකගේ මිතුරෙක්ද? මිත‍්‍රයෙක් නම් ඒ මිත‍්‍රකම කවර පදනමකින් පවතින්නක්ද? එහි ඉතිහාසය කුමක්ද? මේ මිත‍්‍ර මිලංක ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරිකයෙක්ද? නැද්ද? මේ පුද්ගලයා නිවාඩුවකට ශ‍්‍රී ලංකාවට ගියාද? නිවාඩුවකට ගියා නම් ඒ කවදා සිටද? නොඑසේ නම් අරුන්දික ඉතුත් ජූනි 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ඓතිහාසික අමනෝඥ ප‍්‍රකාශයෙන් පසු ක්ෂණිකව ලංකාවට ගෙන්වා ගත්තාද? නැද්ද?

4 අරුන්දික අවම වශයෙන් මා හමුවීමට එනවිට අදාල ස්ථාන නාමය නොදැන ආවා යැයි සිතූවද මා ප‍්‍රගීත් එක්නැලිගොඩ යැයි කෙනෙකු පෙන්වා දුන් පසුත් ස්ථානය මතක තබා ගැනීමට ක‍්‍රියා නොකළේ ඇයි?

5 ප‍්‍රගීත් එක්නැලිගොඩ යනු ශ‍්‍රී ලංකාවේ රජයට මහත් බලපෑමක් ඇති සිද්ධියක කතා නායකයා ය. එවන් කෙනෙකු මා පෙන්වූයේ නම් ඒ මොහාතේ ම පැරිස් නගරයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීම මහජන නියෝජිතයකු වන ඔහු ගේ අනුල්ලංඝනීය වගකීමකි. එසේ කළේ ද? ඒ පිළිබඳ සාක්ෂි මොනවාද? ඒ සම්බන්ධයෙන් මාස හයකට පසු එම තානාපති කාර්යාලය ගෙන ඇති පියවරයන් මොනවාද? මන්ත‍්‍රීවරයා එසේ තානාපති කාර්යාලයට පැමිණිලි නොකළේ නම් ඒ ඇයි?

6 එසේ ම ඔහු ශ‍්‍රීලනිපය නියෝජනය කරන මහජන නියෝජිතයකු වශයෙන් පැරිස් නගරයේ ඇති ශ‍්‍රීලනිප පැරිස් ශාඛාවේ නිළධාරීන් දැනුවත් කළ යුතු ය. එසේ කළේද? කවුරුන් හමුවේද? එම ශාඛාව මාස හයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද? එවැනි දැනුවත් කිරීමක් සිදු නොකළේ නම් ඒ ඇයි?

7 ශ‍්‍රී ලංකාවේ ‘අදාළ අංශවලට’ මේ පිළිබඳව තමන් දැනුම් දුන්බව මන්ත‍්‍රීවරයා කියයි. ඒ ‘අදාළ අංශ’ මොනවාද? එසේ දැනුම් දුන්බවට ඇති සාක්කි මොනවාද? ඒ ඒ ‘අදාළ අංශ’ මාස හයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග කවරේද? ඒවායේ ප‍්‍රගතිය කුමක්ද?

8 මේ පියවරයන් කිසිවක් නොගත්තේ නම් වගකිවයුතු මන්ත‍්‍රීවරයකු වශයෙන් ඔහු මාස හයක් තිස්සේ මෙය වසන් කරගෙන සිටියේ ඇයි? පසුගිය මාර්තුවේ එනම් අරුන්දික ප‍්‍රනාන්දු දැන් එළිකරන හමුවීමෙන් මාස තුනක් ගියතැන පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ද ප‍්‍රගීත් ගේ අතුරුදන් කිරීම ගැන ප‍්‍රශ්නය සාකච්ඡුාවට බඳුන් වූ අතර, එය එවර ද ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අවාසියට පැවැති එක් ප‍්‍රමුඛ කාරණයක් විය. මෙතරම් වැදගත් සමුළුවක දී, එහි විමසීමට භාජනය වන ප‍්‍රමුඛ සිද්ධියක් ගැන මෙතරම් වැදගත් සාක්ෂ්‍යක් ළඟ තබාගෙනත් මන්ත‍්‍රීවරයා හෝ ආණ්ඩුව ඒ ගැන කටේ කෙලපොදක් ජිනීවාහි දී බිම නොහෙලූවේ ඇයි?

9 ප‍්‍රංශය හෝ පැරිසිය ගැන කිසිවක් නොදන්නා බව අ`ගවන්නට අරුන්දික තැත් කරයි. එහෙත් ඔහුට ප‍්‍රංශය අලූත් තැනක් නොවේ. එබැවින් ඔහුගේ දෙමාපියන් පැරිසියේ ස්ථිර පදිංචියට පැමිණ ඇත්තේ කවරදාකදැයි ඔහු කිව යුතු ය. ඔහු මෙතෙක් කී වතාවක් ප‍්‍රංශයට පැමිණ තිබේද?
10 දෙමාපියන්ට අමතරව ඔහුට ප‍්‍රංශයේ වෙනත් ඥාතිවරු සිටිත්ද? සිටී නම් ඒ කවුරුන්ද?

11 මිලංක යන්නාගේ නමට අමතරව ඔහු තව නම් දෙකක් මේ සිද්ධියට ඈඳා ගනියි. පළමුවැන්න කර්නල් නිලංග ය. කර්නල් නිලංග යනුවෙන් ඔහු හඳුන්වන හමුදා නිලධාරියා නිලංග ප‍්‍රනාන්දු නම් ඔහු මා පංතියේ සිටි ශීෂ්‍යයෙකි. මතකයට අනුව නිලංග අරුන්දිකගේ පංතියේ සිටියකු නොවේ. පාසැලෙන් නික්ම යාමෙන් පසු මා නිලංග පළමුවරට හා අවසාන වරට දුටුවේ එකම දිනයකදී ය. වසර 15කට පමණ ඉහත පැවති ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර වාර්ෂික සීමිත ඕවර කි‍්‍රකට් තරගයකින් පසුව ය. එවක ඔහු ලූතිනන්වරයෙකු හෝ කපිතාන්වරයෙකු වන්නට ඇත. නමුත් මේ සිද්ධියෙන් පසු නැවතත් ඔහු හා මා අතර කිසිදු සමබන්ධතාවයක් පැවතී නැත. එබඳු අවශ්‍යතාවක් මා තුළ පැවතියේ නැත. ඔහුටද එසේ වන්නට පිළිවන. මෙකී හමුවීමට අමතරව අවම වශයෙන් එක්වතාවක් හෝ මා හා නිලංග මුණ ගැසී හෝ අවම වශයෙක් කතා කර හෝ ඇත්දැයි අරුන්දිකට ඔප්පු කළ හැකිද?

12 අරුන්දික සඳහන් කරන අනෙක් නම අසේල ය. ඔහු මේ පවසන්නේ අසේල ඩයස් ගැන නම් ඔහු අපට වඩා වසර පන්ති දෙකකින් පහළ සිටි අප පාසලේම චණ්ඩිපහේ ශිෂ්‍යයෙකි. මෙම ශිෂ්‍යයා ඇතුළු කණ්ඩායමෙන් අරුන්දික විවිධ අඩන්තේට්ටම් විඳ ඇත. එහෙත් අරුන්දික තමා මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත්වූ විගස මෙම අසේල ඩයස් තමන්ගේ ලේකම්වරයෙකු ලෙස බඳවාගෙන තිබුණි. නමුත් මෙම අසේල ඩයස් හා මා අතර කිසියම්ම හෝ සම්බන්ධයක් පාසල තුළ හෝ පාසලෙන් ඉවත්වීමෙන් පසු ඉන් පිටත පැවති යැයි අරුන්දිකට ඔප්පු කළ හැකිද?

13 කොළඹ පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාලය ප‍්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කිසිඳු තොරතුරක් තම රජය සතුව නැතැයි නිල වශයෙන් ප‍්‍රකාශකර සිටියදී පවා පැරිසියේ පිහිටි සිංහල සංගම් සියල්ලක්ම ප‍්‍රගීත් ප‍්‍රංශයේ ජීවත් වන බව තහවුරු කරන්නේය යි අරුන්දික පවසයි. ඒ කුමන සංගම්ද යන්න හා සාමාජිකයන් සියල්ලන්ම නොවුණත් අවම වශයෙන් ප‍්‍රගීත් ගැන දන්නා මෙම සංගම්හි ප‍්‍රමුඛ නිළධාරීන්ව නම් කරලීමට අරුන්දික ක‍්‍රීයා කළ යුතු ය. එසේ කිරීමට ඔහුට හැකිද?

14 ප‍්‍රගීත් ප‍්‍රංශයේ ඉන්නා බවට කරන ලද මේ ‘අඩ වසරක් පැරැුණි නවතම සොයාගැනීමත්’ සමඟ අරුන්දික ප‍්‍රනාන්දු හෝ ආණ්ඩුව ගෙන ඇති රාජ්‍ය තාන්ත‍්‍රික කි‍්‍රයාමාර්ග කවරේද? විශේෂයෙන් කොළඹ පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාලයේ නිවේදනය සම්බන්ධයෙන් මේ වන තුරු ගෙන ඇති පියවර මොනවාද?

තත්වය මෙසේ තිබියදී හිටිහැටියේ ම පාර්ලිමේන්තුවේ දී ප‍්‍රගීත් ගැන කියන්නට අරුන්දිකට ඇති වන මාරාන්තික හදීසිය කුමක්දැයි විමසා බැලිය යුතු ය. ඇත්ත වශයෙන් ම ඒ හදිසිය ඇත්තේ අරුන්දිකට නොව ඔහු වැනි අඳබාල හෙන්චයියන් රූකඩ සේ නටවා නාඩගම් පෙන්වන ආණ්ඩුවට ය. දෙමළ මළසිරුරු දස දහස් ගණනින් කඳු ගැසීමෙන් නොනැවතී ඔවුන්ගේ භූමිය පවා මංකොල්ලකමින් සිටින ආණ්ඩවකට කළ හැක්කේ මෙවන් නෙයියාඩගම් නැටීම පමණකි. කිසිඳු වගවිභාගයකින් තොරව පවත්නා දෙමළ දේශපාලන සිරකරුවන්ද ඇතුළු අතුරුදහන් කිීරීමේ සිද්ධි දහස් ගණනකි. ජාත්‍යන්තර පර්යේෂණවලින් සත්‍ය බවට තහවුරු වූ යුද අපරාධවලට සම්බන්ධ බලවත් වීඩියෝ හා ඡුායාරූපමය සාක්ෂ්‍ය බොහොමයකි. මේ කිසිවක් ගැන පිළිගතහැකි පරීක්ෂණයක් නැත. වගකිවයුත්තෙක් නැත. අතුරුදන් වූවකු හෝ අතුරුදන් කරවූවකු ද නැත. ඇත්තේ ලිංමැඩි සිිංහල ජාතිවාදීන් පිනවන මේ ජාතියේ නාඩගම් නැටීම් පමණි. මේවා මේ ලංමැඩි ජාතිවාදීන්ට හරිගියාට රටතුළ වෙසෙන විවෘත මනසක් ඇති සැබෑ මනුෂ්‍යයන්ට හරියන්නේත් නැත. සම්මුති ගිවිසුම් ආදියෙන් හා රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් බැඳීම් ඇති ජාත්‍යන් තරයට හරියන්නේත් නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ෙලෙ එළැඹෙන අගෝසතු මාසයේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය. ඇගේ වාර්ථාවද සහිතව සැප්තැම්බරයේ යළිත් ජිනීවා මානව හිමිකම් කොමිසම රැුස්වීමට නියමිත ය. සුවිශාල ජාත්‍යන්තර විරෝධයක් හමුවේ නොවැම්බරයේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ය. ඒ හැම තැනකදී ම ප‍්‍රගීත්ගේ අතුරුදන් වීම යළි යළිත් ප‍්‍රශ්න කැරෙනු ඇත. මේ ප‍්‍රශ්න කිරීම්වලින් බේරීමට ප‍්‍රගීත් සිද්ධිය ගැන මෙවැනි ප‍්‍රබන්ධ කතාවක් ගොතා එය සිය ඇම්බැට්ටයකු ලවා කියවීමෙන් හැකිවෙතැයි කිසිදු රාජ්‍ය තාන්ත‍්‍රික ඥානයක් නැති රාජපක්ෂ රෙජීමය සිතනවා ඇත. අනෙක් අතට ජාත්‍යන්තර තලයේ කුමක් වුවත්, මේ ප‍්‍රශ්නය මේ ප‍්‍රධාන ජාත්‍යන්තර අවස්ථාවනිහි දී මතුපිටට පැමිණෙන විට ලංකාවේ මිනිසුන් හෝ රවටාගැනීමට මේ ප‍්‍රබන්ධය ඉවහල් වනු ඇතැයි ඔවුන් සිතනවා වන්නට පිළිවන. මේ කිසිවක් ගැන හාකවිසියක් නොදන්නා අරුන්දික වැන්නෝ නොදන්නා නාඩගමක බහුබූතයන්ට අඳිති.

අවසානයේ එකම එක කරුණක් දක්වමි. කලක් අරුන්දික හා මා දෛනිකව මුණගැසුණු පාසැල ඔහුට සිහිපත් වනු පිණිසය. ප‍්‍රකට ලියවිල්ලක් වන ශාන්ත පීතරයන්ගේ පළමුවැනි සාමාන්‍ය පත‍්‍රයේ තුන්වැනි පරිිෙඡ්දයේ දසවැනි වගන්තියේ ඔහු මෙසේ ලියයි.
‘‘යහපත් දවස් දකින්නට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කතාකිරීමෙන්ද වළක්වා ගනීවා.’’
ශාන්ත පීතර නාමකරණය සහිත ස්ථානයකට පොත් බෑගයක් ඔසවාගෙන ඒමට අමතරව එම නාමකරණයෙන් අබමල් රොනක දෙයක්වත් තම ජීවිතයට උකහා ගැනීමට අරුන්දික ප‍්‍රනාන්දු සමත් වි නැත. මේ සිද්ධිය තුළින් අරුන්දිකට මේ තාක් හැකිවී තිබෙන්නේ තමන් පාසල්ගිය මන්ත‍්‍රීවරයෙකු බවට මා ලවා සහතිකයක් ලබා ගැනීම පමණෙකි.

2013 ජූනි 12
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

  1. ප්‍රගීත් මැරුවේ රසායනික අවි ගැන ඔහු සොයාගත් රහස නිසා.

    ReplyDelete
    Replies
    1. පුක තමා උබේ

      Delete

Popular Posts

Popular Posts