Open top menu
Thursday, October 31, 2013
හිසේ ඔටුන්නයි, අතේ හිඟන පාත්තරයයි

ඬේලි මිරර්’කතුවැකිය -

යුද්ධය අවසන් වී වසර හතරකටත් වැඩි කාලයක් තිස්සේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා සහ රජයේ ඉහළ පෙළේ නායකයෝ විවිධ ආර්ථික සංඛ්‍යා ලේඛන රටට සපයමින්, ශී‍්‍ර ලංකාවේ වර්ධන අනුපාතිකය, ඒක-පුද්ගල ජාතික ආදායම, උද්ධමන අනුපාතික සහ වෙනත් තොරතුරු අනුව අපේ ආර්ථිකය යහපත් බවත්, ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමට දැන් පාර කැපෙමින් ඇති බවත් කියා සිටියහ.
Read more
අනන්‍ය වන්නේ කවුද?

පවතින සමාජ ක්‍රමයට අධිකතර ලෙස අනන්‍ය වන්නේ කවුද? ටෙනිසන් කුරේ හෝ රන්ජන් රාමනායක යනු මේ පවතින පිළිවෙල සහ තමන් අතර පරතරයක් තබාගෙන සිටින අයයි. වාමාංශිකයන් යනු පරණ ලෝකයට අයත් පිරිසක් ලෙස අප හදුන්වන්නේ මුහුණු පොත පවා ඔවුන් බැරෑරුම් ස්ථානයක් ලෙස සළකන බව පෙනෙන නිසාය. මාක්ස්ට අනුව දෘෂ්‍යමානයට යටින් රහසිගත සත්‍යයක් ඇතැයි සිතන්නේ මාක්ස්වාදීන් නොවේ. අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ දෘෂ්‍යමානය මෙතරම් සරල ඇයිද යන්නය.

ජිජැක් විසින් නතර උදාහරණයට ගන්නා රුසියානු විහිළු කතාවක් ඇත. එක්තරා ගැමි යුවලක් දූලිවි පිරිණු මාර්ගයක ගමන් කරමින් සිටින අතර ඔවුන් ගමන් ගන්නා මාර්ගයේ මේ මොහොතේ දී වංශාධිපතියෙකු අසුපිටන් පැමිණෙයි. මේ ගැමි යුවල අසල අසු නතර කරන වංශාධිපතියා මේ යුවලට අපූරු යෝජනාවක් කරයි. ඔහු පවසන්නේ තමන්ට මෙකී කාන්තාව සමග මෙම ස්ථානයේ දීම සංසර්ගයේ යෙදීමට අවශ්‍ය බවයි. ඒ අනුව ඔහු මෙම ගැමි පුරුෂයාට අණ කරන්නේ මාර්ගය අධික ලෙස දූවිලි සහිත බැවින් තමන් මෙකී ස්ත්‍රිය දූෂණය කරන තුරු ඔහුගේ වෘෂණ කෝෂ යුගලයේ දූවිලි නොගෑවෙන ලෙස අල්ලාගෙන සිටින ලෙසයි. මේ වංශාධිපතියා මේ කාන්තාව දූෂණය කර පිටව යන දෙස බලා සිටි ගැමියා කොක්හඩලා සිනහසෙන්ට පටන් ගනියි. මෙහිදී දැඩි කේනිතියට පත් බිරිද ඔහුගෙන් අසන්නේ අර මිනිහා මාව බොහොම වේදනාකාරී විදිහට දූෂණය කරලා යන්න ගියහම තමුසෙ ඇයි හිනහ වෙන්නේ.

ඌ මට කීවා උගේ බෝල දෙක දූවිලි ගැවෙන් නැති වෙන්න අල්ලගෙන ඉන්න කියලා. ඒත් මම ඒක අතහැරියා. ඌ ඔය යන්නේ බෝල දෙකේ හොදටම දූවිලි ගාගෙනයි. ජිජැක් පවසන්නේ අවශ්‍ය කරන දෙය වන්නේ බෝල දෙකේ දුවිලි ගෑමට ඉඩ හැරීම නොව බෝල දෙක කඩා දැමීම බවයි. ඒ අනුව ලංකාවේ වාමාංශිකයන් කියන්නේ බෝල දෙකේ දුවිලි ගැවුන බව සිතා සතුටු වන අයයි.

අද දවසේ අපට අවශ්‍ය වන්නේ බලය සහිතවූවන්ගේ බෝල කපන අයයි. සිනහා වීමට තරම් අප එඩිතර නම් එය පළමු පියවරයි. එබැවින් අතිශය බැරෑරුම් වෙස්ගෙන ඇති මිනිසුන් යනු අතීතයට අය. අයයි.

3mana -


Read more
මතට තිත තබන්නට නොහැකි දේශයක සිට ලියා දන්වමි

1912 දී ලංකාවේ සුරාබදු පනත ආරම්භ කළ වේලාවේ පළමු ශ්‍රී ලංකා තැබෑරුම විවෘත කරන්න ගිය වෙලාවේ පාරට බැස්‌ස වීරයෝ අද නැත. අනගාරික ධර්මපාලලා නැත. කොටින්ම අමද්‍යප සංවිධාන බෝඩ්ලෑල්ලට සීමාවී තිබේ. මඩිහේ නාහිමියන්, ගණේගම සරණංකර නායක හාමුදුරුවන් වහන්සේලා ද, නන්දදාස කෝදාගොඩ, ඩී. වී. ඡේ. හරිස්‌චන්ද්‍ර වැනි දොස්‌තර මහත්වරුන්ද දැන් ජීවතුන් අතර නැත. එසේ හිටියානම් කසිප්පුවලින් බදු අයකර ගැනීමට යෝජනා කරන අයට එල්ලුම් ගස නියම කරනු ඇත. කසිප්පුකාරයන්ගේ කරපිටින් රටේ පාලනයට පැමිණ කසිප්පු රස දන්නන් තමන් බලයට පත්කළ අයට සහන සලසනවා හැරෙන්නට වෙන කළහැකි දෙයක්‌ නොමැත.

Read more
Tuesday, October 29, 2013
ඩලස් එන්න ජනතාව සතුටින් දැයි බලන්න

ලෝකයේ මිනිසුන් සතුටින්ම සිටින රටවල් 156 ක් අතරින් ශ‍්‍රි ලංකාව 137 වෙනි ස්ථානයට පත්වීම පිළිබඳව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ‘‘අසතුටින්’’ සිටින බව මාධ්‍ය හමුවකදී හෙළිදරව් වී තිබේ.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා රාජපක්ෂවරුන්ට සමීපව සිටින කල්ලි කණ්ඩායම් හැරුණුවිට මේ රටේ ජනතාව අසතුටෙන්, වේදනාවෙන් ජීවත්වන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ඉතා නිවැරැදි දේශපාලන භාවිතයක් හා සාර්ථික දේශපාලන දැක්මක්ද ඇතිව අපරාජිත ආකාරයෙන් ඉදිරියට යන්නේ යයි අද ඩලස් සිතාගෙන සිටිනවා විය හැක. අපට පෙනෙන ආකාරයට අතිශය ජරාජීර්ණවූ දේශපාලන මඩ ගොහොරුවේ කරවටක්ම ගිලී, තම ස්වාමියන්ගේ සිත් සතන් සතුටුකර අවසන් තත්පරයේදී හෝ වාසියක් ලබාගැනීමට දඟලන තවත් එක් චරිතයක් ලෙස ඩලස් හඳුන්වාදීම අසාධාරණ නොවේ යයි මට සිතේ.
Read more
Monday, October 28, 2013
අත්තෙන් අත්තට පනින කුරුල්ලා!

පසුගිය දා වෙබි අඩවි කිහිපයක ප්‍රවෘත්ති වලට අනුව ජයසූරියගෙන්  වෙන් වීමට ඔහුගේ බිරිද ස්‍රැන්ඩ්‍රා තීරණය කර ඇත. ඊට හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ අධීක ස්ත්‍රීලෝලත්වයයි. මෙම ප්‍රවෘත්තිය කියවන අයට මේ ගැන මෙසේ සිතීම අහම්බයක් නොවේ. අම්මට සිරි සනා මාර සැපක්නේ ගන්නේ! අපිට කොහෙද ඔහොම සැප.

මිනිස් ආශාවේ මූලධර්මයට අනුව ආශා කරන වස්තුව ලැබුණු විගස ආශාව මියයයි.මේ නිසාම ස්ත්‍රී පුරුෂ සබදතා ආකෘති තුනක් බිහි වී ඇත.

01-වසගය (Seduction)

02-විවාහය (Marriage)

03-පෙරුම්පුරණ ආදරය (Courtly Love)

දැන උගත්කම් අඩු සනත් එකවරම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම නිසා මුදල්,කීර්තිය සහ බලය හිමිකර ගත්තේය. අතීතයේ දී ඔහුට සිහිනෙන්වත් හිමිකර ගැනීමට නොහැකි වූ ස්ත්‍රී ශරීර විශාල ප්‍රමාණයක් පසුව ඔහුට හිමි විය.

කුඩා කළ සිට මවගේ දැඩි අවධානයට ලක් වූ පිරිමි දරුවෙකු වූ සනත් ග්‍රස්තික නියුරෝසිකයෙකි. සාමාන්‍ය ග්‍රස්තිකයෙකු මෙන් නොව සනත්ට තමන්ගේ ආදර වස්තුව මුදල්, කීර්තිය සහ බලය නිසා සෑමවිටම ක්ෂණිකව අත්පත් කරගත හැක. එවිට සනත්ට එම ආදර වස්තුව එපා වේ. ග්‍රස්තිකයා පස්සෙන් පන්නා ආලය කරන්නේ හිස්ටරික ස්ත්‍රියටයි. මන්ද යත් ඇය සෑමවිටම අනෙකාගේ ආශාවේ වස්තුව වීම හෙළා දකින නිසාය. ඒ අනුව ග්‍රස්තිකයා නන්නත්තාර වන්නේ හිස්ටෙරික ස්ත්‍රිය ඉදිරිපිටයි.

ග්‍රස්තික නියුරෝසිකයෙකුට සාමාන්‍ය ස්ත්‍රියක් ආදර සහ ලිංගික සබදතා වලදී හමුවුවහොත් ඇය පිරිමියාගේ ආදර වස්තුව බවට පත්වීමට උත්සාහ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මෙය ග්‍රස්තිකයාගේ පැත්තෙන් මරාන්තික අවධානමකි.  ඒ නිසා අනෙකාගේ ආදර වස්තුව බවට තහවුරු වූ විගසම ග්‍රස්තිකයා එම සම්බන්ධය අත් හරියි. ඒ අනුව ග්‍රස්තිකයන් දිගට හරහට බඩු ගසමින් යන්නන් නොව ආශාවේ වස්තු හේතුව යළි යළි සොයා ගැනීමට අත්තෙන් අත්තට පනින කුරුල්ලන්ය. මෙය ග්‍රස්තිකයාට මළ වදයකි. නමුත් බාහිර අය මෙය සළකන්නේ සැප ගැනීමක් ලෙසිනි. අනෙක් පසින් ග්‍රස්තික පිරිමින්ට ලිංගිකව සහ ප්‍රේමයෙන් හේත්තු වන ස්ත්‍රින්ට හිමි වන්නේ ශෝක ජනක ඉරණමකි. ටික දවසකින් ඔවුන් ස්ත්‍රීන්ව අතහැර තම මව ලගට යයි. ග්‍රස්තිකයාගේ නිවසේ දිගටම නතර වී සිටින ස්ත්‍රිය අම්මාය. ග්‍රස්තිකයන් යනු ආදරය කරන්නන් නොව වසග කරන්නන් පමණි

3mana -
Read more
කුඞ්ඩන්ට ගිය දේශපාලනය

ටිරන් කුමාර බංගගමආරච්චි 
කලක් පැවති දෙමටගොඩ නිහඬතාව නොබෝදා බිඳ වැටුණි. ඒ ඔක්තෝබර් අටවැනිදා රාත‍්‍රියේදීය. ආයුධ සන්නද්ධ පාතාල කල්ලි එළිපිට ආයුධ ගෙන පාරට බැසීමත් සමගය. දැන් දෙමටගොඩ පැරණි සෙයියාවම පවතියි. වසර කිහිපයකට පෙර දෙමටගොඩ පාතාල රජ දහනකි. හෙරොයින් ජාවාරමේ තෝතැන්නකි. කෙටි නිහඬතාව කියාපෑවේ දෙමටගොඩ හොඳ වී පාතාලය, හෙරොයින් අතුරුදන් වී ඇති බව නොව නරක එළියට නොආ බවය. එහෙත් ඒ නිහඬ බව අහෝසිය. අටවැනිදා ? හෙරොයින් මුල් කරගෙන දෙපිරිසක් ගැටුණු අතර නිහඬ බව පාසාරු කරගෙන තුවක්කු පත්තු විය. එක් අයෙක් මරු දුටුවේය. ගැටුණු කල්ලි දෙක වූයේ කුඩු රුවන් හා ඕල්කට් කල්ලියයි. දෙමටගොඩ කමල් හා මැගසින් පාරේ ඕල්කට් පාතාල ලොව කෙරුමන් ලෙස සිටි අයය. ඔවුහු පොලිස් විශේෂ කාර්ය බලකාය අතින් මරු වැළඳ ගත්හ. මරන්න ඕනෑ කල මරා දමන ආණ්ඩුවේ කැලෑ නීතිය විසින් ඕල්කට් හා කමල් ඉවත් කෙරෙනුයේ කුඩු නැති කිරීමට නොව එ තැන තව අයෙකුට දීමටයැ’යි උපකල්පනය කළ නොහැකිද?

නොබෝදා ගැටුණු කල්ලියක ප‍්‍රධානියා කුඩු රුවන්ය. කුඩු චමින්ද රුවන්ගේ සහෝදරයාය. මොවුන්ගේ නමට වාසගම සේ කුඩු යන්න බද්ධය. කුඩු රුවන්, කුඩු චමින්ද යනුවෙන් ඔවුන් අමතනුයේ මෙරට පොලිසිය ය. එසේ නම් පොලිසිය මොවුන් කරන ව්‍යාපාරය හොඳාකාරවම දනියිි. රුවන් චමින්ද යන අයගේ වාසගම ‘කුඩු’ නම් මේ අය නිදැල්ලේ සිටියේ කෙසේද? කුඩු ග‍්‍රෑම් දෙක තුනක් ළඟ තබා ගත් අය අල්ලා හිරගෙවල් පුරවන පොලිසිය කුඩු රුවන්ලා, චමින්දලා අතහැර දමනුයේ කෙසේද?

නොබෝදා සිද්ධිය වූ සැණින් මොවුන්ගේ පැටිකිරි වමාරන පොලිසිය මොවුන් දුටු තැන අල්ලන්නැ’යි වරෙන්තු නිකුත් කරති. එහෙත් එතෙක් මොවුහු සිටියෝ නිදැල්ලේය. කුඩු ව්‍යාපාරය රිසි සේ කරමින්ය. පොලිසියට එවිට මේ රුවන් සහ චමින්දය. පත්තු වූ කල කුඩු රුවන් සහ කුඩු චමින්දය. මොවුන් නාමධාරීන් වී යෙහෙන් වැජඹෙනුයේ දේශපාලනයේ ආශිර්වාදයෙනි. කුඩු චමින්ද නම කරළියට ආවේ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයත් සමගය. එකී ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවකු වන්නේ කුඩු චමින්දය. එසේ නම් ඕනෑම පොඩි ළමයකුට වැටහෙන ඇත්ත නම් කුඩු චමින්ද දුමින්ද සිල්වාගේ මිනිහෙක් බවය. එසේ නම් කුඩු චමින්ද කුඩු බව දුමින්ද නොදන්නේද? මහා පරිමාණ කුඞ්ඩන්් සමග මේ දේශපාලන සම්බන්ධය රස රහසක් නොකියන්නේද?

මෙරට කුඩු ව්‍යාප්තිය දිනෙන් දින වැඩිවනුයේ දේශපාලනය සහ පොලිසියේ රැකවරණය නිසාය. අපේ රටේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධව කටයුතු කරන දේශපාලනඥයන් පාර්ලි මේන්තුවේ පවා සිටින බව වත්මන් අගමැතිවරයා නොබෝදා ප‍්‍රකාශ කළ මුත් ඒ කවුදැ’යි නොකියුවේය. නොබෝදා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ දැනුවත් කිරීමට වැඩසටහනක් සංවිධානය කොට තිබුණද ඊට සහභාගිව ඇත්තේ 225ක් වන මන්ත‍්‍රීවරුන්ගෙන් 13ක් තරම් සුළුම සුළු පිරිසක් පමණය. කුඩු අහවර කිරීමේ පාර්ලිමේන්තු උනන්දුව එයින්ම පැහැදිලිය.

බොදු බල සේනා සංවිධානයේ නායක හිමිවරුන් දැඩිව ප‍්‍රකාශ කළේ මෙරටට කුඩු ගෙන්වන දේශපාලන චරිත තුන හතරක් සිටින බවත් ඔවුන් අනිවාර්යයෙන්ම රටට හෙළිදරව් කරන බවත්ය. ඒ සඳහා මුල්ම මෙහෙයුම පටන්ගත්තේ කොළොන්නාවෙනි. කොළොන් නාවේ කුඩු දේශපාලකයා තමන් දන්නා බව පැවසූ ඒ හිමිවරු අදටත් ඒ කවුදැ’යි නොකියති.

කුඩු චමින්ද, දුමින්ද සිල්වා ළඟ කරන රාජකාරිය භාරතගේ සිද්ධියෙන් තවදුරටත් තහවුරු විය. කුඩු රුවන් සිටිනුයේ කරාටේ ධම්මික පෙර ලැගුම් ගත් දේශපාලකයා ළඟ බවත් නොරහසකි.

එසේ නම් රටට බණ දෙසමින් මේ දේශපාලන මහත්වරුන් කරන සෙල්ලම පැහැදිලිය. කෙළින් නොකිව්වාට කුඩු රුවන්ලා කුඩු චමින්දලා තරමට කුඩු දේශපාලකයන් කිහිපදෙනාම ප‍්‍රසිද්ධය. ඔවුන්ද කුඩු රුවන්ලා සේ ම නිදැල්ලේය. ඊට වඩා සුරක්ෂිතය.

නූරීවත්තේ අතකොටාලා ගැන පැල් බැඳගෙන ලියූ කිසිවෙක් තොටළඟ වතුවල ගැහැනු මේ කුඞ්ඩන් අතින් නිතර දෙවේලේ දූෂණය වන බව නොලියති. කෙසේ වෙතත් එදින සිද්ධියෙන් මියගිය සජිත් ද ඕල්කට් කල්ලියේ හිතවතකු බව පැවසේ. මැගසින් පාර, සිංහ දූපත, සර්පන්ටයින් මහල් නිවාස ඇති පැතිවල රාත‍්‍රිය සජිත්ගේ බව පැවසේ. වනාතමුල්ලේ බිම්සර, බ්ලූමැන්ඞ්ල් සංඛ, වනාතමුල්ලේ චුට්ටන් සජිත්ගේ සෙසු බට්ටන් බව පොලිසිය දනියි. ඕල්කට් මළ පසු ඕල්කට්ගේ කුඩු ජාවාරම අතට ගත්තේ ඕල්කට්ගේ මාමා බවත් ඔහු සිටිනුයේ ඉතාලියේ බවත් ඉතාලියේ සිට එය අධීක්ෂණය කළ බවත් මාධ්‍යවලට කියනුයේ පොලිසියම බව සහතිකය. ඉතාලියෙන් එන කුඩු මෙරට ව්‍යාප්ත කරනුයේ ධම්මි නමැති ඔහුගේ සහෝදරිය බවත් පොලිසිය දන්නාමුත් ඔවුන් කුදලාගෙන එන්නේ නැත.

සජිත්ට වෙඩි තබා පලා ගියේ කුඩු රුවන්ලා බව පොලිසිය ටක්කෙටම දැනගන්නේ පොලිසිය යනවිටත් සජිත් මියගොස් නොසිටි නිසාය. මියයන්නට පෙර සියලූ විස්තර සජිත් හෙළි කළ බව පොලිසිය පවසයි. පොලිසිය පත්තරවලට ලබාදෙන්නේ ඒ රස කතාය.

පෙර නොවූ විරූ ලෙස ලංකාවේ හෙරොයින් ගැන කතාබහට ලක්වන්නේ මෑතකදීය. රාජපක්ෂ ආණ්ඩුවේ මතට තිත සංකල්පය අකුරටම ක‍්‍රියාත්මක වන්නේ මෙකලය. ආසියාවේ එකවරකදී ඇල්ලූ විශාලතම කුඩු තොගය පසුගියදා ඇල්ලූවේ ශ‍්‍රී ලංකාවෙනි. ලක්ෂ පණහක හෙරොයින් පාන් පිටි බවට පත්වූයේද ලංකාවේදීය. පොලිසියේ මැජික් බලයෙනි. දේශපාලකයන් කිහිපදෙනෙකු මෙන්ම මෙරට කුඩු ව්‍යාප්තියට පොලිසියද විශාල දායකත්වයක් සපයන බව නොරහසකි. ඊට අදාළ ඕනෑතරම් හේතු කාරණා පෙන්වා දියහැකිමුත් ඒ කිසිවක් වැදගත් නොවනුයේ කුඩු නැවැත්වීම ඉහළ යාන්ත‍්‍රණයෙන්ම වැළකී ඇති නිසාය. ඉදිරියේ කොළඹ මහා පරිමාණ කැසිනෝහල් බිහිවීමත් සමග කුඩු යන්න සිගරැුට් තරම් සාමාන්‍ය වනු නියතය. කුඩු පාතාලය යනු මෙරට සාමාන්‍ය අත්දැකීමක් වන තරමට ව්‍යාප්තව ඇති අතර ඒ හරහා අනාගත චිකාගෝවක් නිර්මාණය කරන බව සහතිකය.

කුඩු රුවන්ලා, කුඩු චමින්දලා හෙට දවසේ පාතාලයෙන් හෝ පොලිසියෙන් වෙඩි කා නසිනු ඇත. එවිට සැමට තාවකාලික සතුටක් ලබමින් පාතාල ගැන, කුඩු ගැන මාගල් ලිවිය හැකිය. එහෙත් විසඳුම් නැත. ඒ වෙනුවට කුඩු වාසගම සහිත තව නම් කරළියට එනු ඇත. මේවා නවතාලන්නට නම් කුඩු ගෙන්වන දේශපාලකයන් මට්ටු කළ යුතුමුත් එය කිසිසේත් සිදු නොවේ. ඔවුහු මේ ආණ්ඩු මාරු වූ කල අලූතින් පිහිටවන ආණ්ඩුවට පනිති. නැතහොත් තව දේශපාලකයකු මෙය පටන් ගැනීමට ඉඩ ඇත. ලංකාවේ මහා පරිමාණ කෝටිපතියන් වී ඇති බොහෝ අයගේ ව්‍යාපාරය කුඩුය. එහෙත් අත්අඩංගුවට ගැනෙනුයේ සාමාන්‍ය කුඞ්ඩන්ය. ඒ පොලිසියට අල්ලා ගතහැකි පිරිසය. කසිප්පු නීතිගත කරන්නැ’යි කී කල කෑමොර දෙන භික්ෂූන් වහන්සේලාට කුඩු ගැන ලොකු හඬක් නැඟිය නොහැකිය. බොදුබල සේනා අනිවාර්යයෙන් හෙළිකරනවායැ’යි කී කුඩු දේශපාලකයන් සිව්දෙනා කවදා හෝ හෙළි කරන තෙක් බලා සිටිනු හැර වෙන කළ හැකි විකල්පයක් නැත. මේ සියල්ල කරනුයේ දේශපාලකයන් නම්, ඔවුන් නියෝජනය කරනුයේ ආණ්ඩුව නම් ඒ ගැන කවර කතාද?

ravaya-
Read more
Sunday, October 27, 2013
රතුපස් වල සිට BMW සමාගමට

මේ දින වල ලංකාවේ හරි අපුරු සිදුවීම් වගයක් සිදු වෙනව. වීරයන් දෝහීන් බවට පත් වන්නට ඉතාම කෙටි කලායක් ගත වන ලංකාවේ රතු පස්වල සිද්ධියට සම්බන්ධ හාමුදුරුවෝ හිටි ගමන් වෙස් මාරුකර ගෙන ඇති බව වාර්ථා වෙනව. පළමුව ජනතාවගේ පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් උපවාසයක් කරන්නට පවා ඉදිරිපත් වුණ මේ හාමුදුරුවෝ හිටි හැටියේම මාස තුනක් ඉවසන්න කියල ජනතාවට කියනව. ජනතාව කියන්නේ හාමුදුරුවෝ ලක්ෂ දහයක් අරගෙන තමන්ගේ අරගලය පවා දුන්න බවයි.

අනිත් වැදගත්ම සිදුවීම වන්නේ ලංකාවේ කැසිනෝ ව්‍යපාරයට එරෙහිව පැවති විරෝධතාවයයි. ලබන සතියේ පාර්ලාමේතුවේ දී කැසිනෝ බදු සහන ලබා දෙන පනතට එරෙහිව සර්ව ආගමික නායකයන් විසින් විරෝධතා රැස්වීමක් සංවිධානය කළ අතර ඉන් අනතුරුව කැසිනෝ රජාගේ දානයකට සහභාගී වී මිලියන ගණනින් තෑගි බෝග ලබා ( මෙහි ගණන් හිලව් පිළිබද සත්‍ය අසත්‍ය භාවය අප හරියටම දන්නේ නැත. අපට මෙය වැදගත් වන්නේ සිදුවීම පැහැදිලි කර ගැනීමට පමණි.) කැසිනෝ විරෝධය අවසන් කළ බව අන්තර්ජාල වාර්ථා සදහන් කරයි.

ඉහත සිදුවීම් දෙක අනුව ලංකාවේ යතිවරුන් සහ දේශපාලකයන් මුදල් හමුවේ තම ප්‍රතිපත්ති පවා දෙන නීචයන්ය. බටහිර යුරෝපා සමාජයේ ඇති යහ පාලනය,නීතියේ ආධිපත්‍ය, දූෂණයට හා අල්ලසට එරෙහි වීම වගේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ලංකාවෙන් තුරන්ව ගොස් ඇත. ඒ අනුව බටහිර යුරෝපයේ සුන්දර මානුෂික ප්‍රතාතන්ත්‍රවාදී රටවලට සාපෙක්ෂව ලංකාව කියන්නේ ඒකාධිපති මිනී කන්නන්ගේ දේශයකි.

ඒ අනුව මේ සිදුවීම් මාලාව අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්

01-                     දේශපාලන පක්ෂ වලින් තොරව තනි තනි පුද්ගලයන් මැදපාන්තික වීරයන් ලෙස කාලයෙන් කාලයට කරළියට ඒම සහ මෙසේ එන මැදපාන්තික වීරයන් හිටි හැටියේම කප්පන් ගත් දෝහීන් බවට පත්වීම

02-                      මේ ආකාරයේ මධ්‍යම පාන්තිකයන් හැම විටම තම සතුරා විදිහට කල්පනා කරන්නේ පවතින ධනවාදී සමාජ ප්‍රපංචය නෙවි. හුදකලා පුද්ගල චරිතයක්ය. උදාහරණයකට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ටිල්වින් සිල්වා, කුමාර ගුණරත්න, දීප්ති කුමාර, බින් ලාඩන්, ප්‍රභාකරන්, බැරැක් ඔබාමා

මේ මධ්‍යම පාන්තිකයන් තමයි වැඩියෙන්ම බය තමන්ගේ සැප පහසු ස්ථාවර ජීවිතය කඩා වැටෙනවට. ඒ නිසා මේ අය හැම විටම තනි පුද්ගල ඒක කේන්ද්‍රීය පොදු සතුරෙකු හදුනා ගන්නවා. මේ චූල සතුරා (මහින්ද රාජපක්ෂ) අභිමුව මහා සතුරා (ධනවාදී සමාජ ක්‍රමය) දැකීමට නොහැකිව ගිණි කණා වැටෙනව.

මීලගට මේ ලෝක පරිසර අර්බුදය, කර්මාන්ත ශාලා වලින් පිටවන විෂ වායුන් නිසා පරිසරයට වන හානිය, මිහිතලය උනුසුම්වීම වගේ ගැටළු කියන්නේ ගෝලීය පරමාණයේ ගැටළු. මේවා තනි රටක ජාතික දේශපාලනයට පමණක් අදාල කරුණු නෙවි. මේවා ගෝලීය ධනවාදී සමාජ ක්‍රමය නිසා ඇතිව තිබෙන අර්බුදයන්. මේවා විසදනවා කියන්නේ සමාජ ක්‍රමය වෙනස් කරනවා කියන එකයි.

ලංකාවේ වාමාංශිකයන් ඇතුලු සිවිල් ක්‍රියාධරයන්, නීතිඥයන් ඇතුලු ගොඩක් අය හිතන් ඉන්නේ අපේ රට අප්සට් වුණාට ඇමරිකාව,එංගලන්ය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් දියුණු රටවල් කියලයි. මේ දියුණු රටවල සිද්ධ වෙන්නෙත් අපේ රටේ වගේම දේවල් කියන එක ගොඩක් අය දන්නෙ නැහැ. මොකද මේ කොයි රටෙත් සමාජ ක්‍රමය එකයි. අපි මේක උදාහරණයකින් තේරුම් ගමු.

මේ වන විටත් ලෝකයේ වාහන වලින් කාබන් මොනොක්සයිඩ් විමෝචනය වන වැඩිම ප්‍රමාණයක් නිකුත් කරන්නේ ඹ්MW රථවලින්. සාමාන්‍යෙයන් ලෝකයේ පිළිගත් කාබන් විමෝචන ප්‍රතිපත්තිය අනුව පරිසරයට මුක්ත කළ හැකි උපරිම කාබන් ප්‍රමාණය වසර 2020 දී  කාබන් ග්‍රෑම් 95 දක්වා අඩු කරන්නට සැලසුමක් තියෙනව.ඒත් ඹ්MW සමාගමේ රථ වලින් පිටවන කාබන් ප්‍රමාණය ග්‍රෑම් 137 යි. එම ප්‍රමාණය අඩු කරන්නට සිදුවන එක ඔවුනට අවාසිදායකයි. මේ නිසා ඔවුන් කලේ කුමක් ද?

පසුගිය ජර්මානු මහමැතිවරණයේ දී එම සමාගම විසින් ඇන්ජෙලා මර්කල් හට ලබා දී තිබෙන මුදල යුරෝ ලක්ෂ 06 ක් වෙනව. මෙම මුදල ලබා දී තිබෙන්නේ ඹ්MW සමාගමේ වැඩිම කොටස් හිමි පවුල විසින්. ඒ අනුව මේ වන විට ඇන්ජෙලා මර්කල් මේ කාබන් වායු විමෝචන ප්‍රතිපත්ති පනත සම්මත කිරීම දිනෙන් දින කල් දමමින් තමන්ට උපකාර කළ ඹ්MW සමාගමට වන්දි ගෙවන්නට සූදානම් වෙනව. ඒ අනුව මේ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට අනුමැතිය දීම ප්‍රමාද කර තිබෙනව.

අප ජීවත් වන්නේ ධනවාදී සමාජ ක්‍රමයක බවත් එම සමාජ ක්‍රමය විසින් මිනිසාව ඇතුලතින් කා දමමින් සිටින බව බොහෝ අයට වැටහීමක් නැහැ. ඒ නිසා මාදුරුවාවේ සෝභිත වගේම ඇන්ජෙලා මර්කල්වත් පාලනය කරන්නේ ව්‍යාපාරිකයන් විසින් කියන එක තේරුම් ගන්න පුලුවන් ද?

3mana -
Read more
මංගල සමරවීර මරන්න කොන්ත්‍රාත්තුවක් ගත් බව කියන ‘කොට ගාමිණී’ කවුද?

තමන්ව මරා දමන්නට පාතාල ලෝකයට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි මංගල සමරවීර 24 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය. ළඟඳීම පැවැත්වීමට නියමිත ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පෙර මෙසේ තමන් මරා දමන්නට සැලසුම් කර ඇතැයිද ඔහු කීවේය.
මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන සියලු තොරතුරු මේ වන විටත් රාජ්‍ය බුද්ධි අංශයට වාර්තා වී ඇතැයි තමන්  විශ්වාස කරන බව මංගල සමරවීර කියද්දී ඔහුගේ කතාවට කථානායක චමල් රාජපක්ෂ විරෝධය පළ කළේය. මන්ත්‍රී වරප්‍රසාද යටතේ මෙවැනි ප්‍රකාශයන් කළ නොහැකි බවද කථානායකවරයා ප්‍රකාශ කරද්දී මංගල සමරවීර කියා ගෙන යන්නට වූයේ ‘කොට ගාමිණී’ සහ ‘චක්කුවා’ යන දෙදෙනාට තමන් ඝෘතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙන බව දැනගන්නට ලැබි තිබෙන බවයි.
Read more
Saturday, October 26, 2013
ගොවියා , කම්කරුවා සහ ජේම්ස් පැකර්

ලංකාවේ අද වනවිට ප්‍රධාන මාතෘකා බවට පත් වී කතාබහට ලක්වන කාරණා දෙකක් තිබේ.ඉන් පළමු වැන්න වන්නේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ වෙළෙඳාමයි. දෙවැන්න නම් මාතර එජාපයේ ගුටි කෙළියයි. වෙඩි කෙළියයි.හෙට අනිද්දා පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළු වාරයේ දී රටට තිබෙන අතිශය වැදගත්කම ආණ්ඩුවේ මාධ්‍යයන්හී හුදු හොරණෑ හඬක් බවට පත්වෙද්දී ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඔක්කෝගෙම හඬ නැගෙන්නේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ වෙළෙඳාමට එරෙහිවයි. එහෙමත් නැත්නම් මාතර කුරුඳු පොලු ගුටි කෙළිය ගැනයි.

ජේම්ස් පැකර්ගේ කැසිනෝ‍ වෙළෙඳාමට විරුද්ධව කෑගොස්සන් නගන පිරිස් මේ රට තුළ ජනතාවට එරෙහිව නැගෙන විවිධ බලවේග කුඩුපට්ටම් කරවන තරමේ බලසම්පන්න යන්ත්‍රයක්දැයි මා තුළ ඇත්තේ සැකයකි.එහෙමත් නැත්නම් මොවුන්ගෙන් සමහරුන්ට අවශ්‍ය වන්නේ දවසින් දවස ජනතාව අතරෙන් ගිලිහී යන තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් සිංහල හා බෞද්ධ ජනතාවගේ ආවේගශීලි හැඟීම් ඇවිස්සීමදැයි යන සැකය මතු වේ.
පසුගියදා ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී හෙරොයින් කන්ටේනරයක් අල්ලා ගත්තේය. මුළු ආසියාවෙන් එතෙක් මෙතෙක් අල්ලාගත් ලොකුම කුඩු තොගය එය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.කාටද මේ කුඩු ගෙනාවේ? මේ රටේ තරුණ තරුණියන්ටයි. කවුද මේ කුඩු ගෙනාවේ? රටේ දේශපාලනයට සම්බන්ධ උදවියයි.මේ කාරණා රටට හෙළිදරව් කොට අපරාධකරුවන් නීතියේ රැහැනට අල්ලා දෙන්නට මුලින් කී කිසිම බලවේගයක් ඉදිරියට ආවේ නැත.අදටත් මෙහි පරීක්ෂණ ඈලියාවට යමින් තිබේ. රටේ තරුණ පරපුර අනාගතයේ කුඩු ගැසූ පෙන්දන්ගේ ,කෙන්දන්ගේ තත්ත්වයට පත් කරද්දී ජාතිආල බලවේග සිටින්නේ ඇස් වසාගෙනය.
මේ වනවිට හොරොයින්වලට වඩා භයානක මත් පෙත්තක් තරුණ පරපුර පානය කරන බවට තොරතුරු අනාවරණය වෙයි. එය ‘මෙතන්ෆොටමයින්’ (Methamphetamine) නමින් හඳුන්වනු ලැබ්. කොළඹ තරු හෝටලවලට සහ වෙරළ සැණකෙළි (Beach Party) වලට එකතු වන තරුණ තරුණියන් අතරේ මෙම පෙත්ත සීග්‍රයෙන් පැතිරේ. පෙත්තේ මිලත් අඩුය. ආයුෂත් කෙටිය. මේවා රටට ගෙන්වන්නේ රටේ ඉහළම පෙළේ පුද්ගලයන් සමග කිට්ටු මිත්‍රකම්
පවත්වන සමහරුන් ය.05 ජේම්ස් පැකර්, හෝටලයක ශාලාවක් ඇතුලේ කැසිනෝ වෙළෙඳාමේ යෙදෙන්නට සූදානම් වනවිට ඊටත් වඩා බිහිසුණු හානි සිදුකරන පුද්ගලයන් රට තුළ නිරුපද්‍රිතව වෙසෙති. ඔවුන්ට නීතියක් ක්‍රීයාත්මක වන්නේ නැත. ඔවුන් ඉදිරියේ පැකර් විරෝධීන් හැසිරෙන්නේ ස්වාමියා ඉදිරියේ නගුටයි කන දෙකයි හලාගත් බලු කුක්කන් ගාණටය. ඒ ක්‍රමය සාර්ථක නොවේ. නිවැරැදි දේ වන්නේ පැකර් පමණක් නොව, රට කන, රට වනසන සියලු බලවේග උස්සා පොළවේ ගසා නීතිය අකුරටම ක්‍රියාත්මක කරවන්නැයි බලධාරීන්ගේ සරොම් ගැලවී යන ලෙසට හඬ නැගීමයි.

අපට අමතක කළ නොහැකි තවත් අවාසනාවන්ත සිද්ධියකි. ඒ රතුපස්වල වෙඩි ප්‍රහාරයයි.වතුර බොන්න ඉල්ලා කෑ ගැසූ ජනතාවට වෙඩි තබා ඝාතනය කරද්දී ජනතාව වෙනුවෙන් කම්හල් බලධාරීන් සමග සටනට බැස්සේ තෙරිපැහැ සිරිධම්ම හිමියන් ය. නමුත් මේ වනවිට උන්වහන්සේ එම ජනතාවගේම විත්තිකරුවෙක් බවට පත් වී සිටී. එය වෙනම කතා කළයුතු කාරණාවකි. රතුපස්වල පමණක් නොව,මේ රටේ විවිධ ප්‍රදේශවල කර්මාන්ත ශාලාවලින් මුදා හරින විෂ සහිත අපද්‍රව්‍ය හා ගෑස් වර්ග හේතුවෙන් රෑ නින්දේ දී මිනිසුන් සිය ගණන් මියයන දිනය වැඩි ඈතක නොවේ. ඒ තරමට තත්ත්වය බිහිසුණුය.
පාරිසරික නීති තිබුණත් ඒවා බලගන්වන බලධාරීන් බොහෝ දෙනා සිටින්නේ රා බී, ගංජා ගැසූ ඔල්මොරොන්දන්කාරයන් මෙනි. නීති රකින උන් බොහෝ දෙනා සිටින්නේ කම්මල්කාරයින්ගේ සාක්කුවලය. නොබෝදා මෙවැනි බිහිසුණු සිද්ධීන් කීපයක් සිදු වුවත් ඒවා එම ගම්වලට සීමා වූ හුදෙකලා සටන් පමණක් විය. ජේම්ස් පැකර්ගේ සූදුපොළෙන් ජනතාවට ‘කෙළවේවි’ යැයි සිතන උදවිය මේ අපරාධ ගැන කිසිම ‘හාහූවක්’නැත. ඊට හේතු වන්නේ සමහර විට පැකර්ට කෑ ගැසීම හරහා ජාත්‍යන්තර මීඩියාව හරහා ප්‍රසිද්ධියක් හිමි වීම විය හැක. ගමක දෙතුන් සියයක් වෙනුවෙන් කෑ ගසනවාට වඩා ඔස්ට්‍රේලියාවට හා එහි ජීවත් වන පැකර්ට එරෙහිව කෑ ගැසීම ලෝකයේම සිංහල බොදු ‘අස්වැන්න’ එක්වර නෙලා ගැනීමේ පහසු මගක් යැයි මොවුන් කල්පනා කරනු ඇත.
පැකර්ගේ කැසිනෝ වෙළෙඳාමට එරෙහිව රටේ දේශපාලනඥයින් කියන කතා බොහෝය. ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා කියන්නේ රටේ ගොවි,කම්කරු ජනතාවට පැකර්ගේ කැසිනෝ කඩයට රිංගන්නට තරම් වත්කමක් නැති නිසා අකැමැත්තෙන් වුවත් කැසිනෝ පනතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ජන්දය පාවිච්චි කරන බවයි. බංකොලොත් එජාපය මෙරටට කැසිනෝ හඳුන්වා දුන් බව කියන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන්, ඒ නිසාම තමන් කැසිනෝ පනතට පක්ෂව ජන්දය දෙන බව සඳහන් කරයි. එජාප උප නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් මයිකල් පෙරේරා කියන්නේ ‘බුදුසරණයි’යන බෝඩ් එක ගසා ගෙන කැසිනෝ,ගණිකා මඩම්,හෙරොයින් පටවා ගෙන යන ලොරියක තත්ත්වයට සන්ධාන ආණ්ඩුව පත් වී සිටින බවයි.මේ අතරේ ආණ්ඩුව කියන්නේ මෙමස 24 සහ 25 වැනිදා කැසිනෝ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි. සංශෝධන සහිතව ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.ජේම්ස් පැකර් මේ අතරේ ශ්‍රි ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ ප්‍රචාරක තානාපති ලෙස පත්කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වත්මන් සුපිරි ක්‍රිකට් ක්‍රිඩක හා නායක මයිකල් ක්ලාක්ය. “ශ්‍රි ලංකාවේ සිටින්නේ ක්‍රිකට් පිස්සන් නිසා මයිකල් ක්ලාක් ප්‍රචාරක නිලධාරියා ලෙස බඳවාගත් බවත් ඔහු හරහා ඉන්දීය හා සංගප්පූරු ධනවතුන් කැසිනෝ ක්‍රිඩාව සඳහා ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම අරමුණ බවත් ජේම්ස් පැකර් ඔස්ට්‍රේලියානු මාධ්‍යයන්ට පවසා තිබුණි.
මෙච්චර ප්‍රශ්න හදාගෙන කැසිනෝව මෙරටට ගෙන්වීමේ අරමුණ කුමක් විය හැකිද? වාසුදේව නානායක්කාර පවසන ආකාරයට ගොවි කම්කරු ජනතාවක් අද ලෝකයේ නැත. ඔවුන් සිටියේ අතීතයේය. එදා වනාන්තර ආශ්‍රිතව සිටි ගොවීන් සහ කම්කරුවන් දියුණු වන ලෝකයේ එලියට එමින් සිටින්නේ ශ්‍රමිකයන් සහ සංචාරකයින් වශයෙනි. අපිත් ශ්‍රමිකයන් ය. ඒ වගේම සංචාරකයින් ය. විදේශිකයන්ට අපි ‘සුද්දෝ’ කියන්නේ පොත්ත රතු නිසාය. ඒ රටට අපි ගිය විට අපි ‘කල්ලෝ’ය.ගෝලීය ලෝකයේ අප කවුරුත් ශ්‍රමික සංචාරකයන්ය. නීති විරෝධි ක්‍රියා වළකන්නට රටවල නීති තිබේ.දැඩි දඬුවම් තිබේ. සිංගප්පූරුව වැනි රටවල මත්ද්‍රව්‍ය නඩු අසා දවසෙන් දෙකෙන් මරණ දඬුවම නියම කෙරේ. රටේ දියුණුවට දහදිය වගුරවන ශ්‍රමිකයන් (සංචාරකයින්) විනෝද ගන්වනු පිණිස නවීන දුම්රිය,බස්රිය,ෆෙරි,අන්තර් ගුවන් යානා,ගුවන් පාලම්,අධිවේගි මාර්ග, ගුවන් තොටුපොළ,වරාය,මල්වතු,දියඇලි රටවල ඉදිවන්නේ ආකල්පය වෙනසකුත් සමගයි. අපේ රටට නැත්තේ එම වෙනසයි. ඇත්තේ දේශපාලන වාසිවලින් පිරුන ආකල්ප පමණයි.

අනුර හොරේෂස්

Read more
Friday, October 25, 2013
රාජා හෝ මා හෝ

ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කැසිනෝ බලපත්‍ර දීමට ටෙන්ඩර් කැඳවන කාලයය. එකල ඕස්ට්‍රේලියාවේ බලයේ සිටි ලේබර් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුට අද කැසිනෝ රජා ලෙස ප්‍රකට ජේම්ස් පැකර්ගෙන් දුරකතන ඇමැතුමක් ලැබිණි.
'මට ලැයිසන් එක ලැබුණේ නැතිනම් මම උඹලා ඔක්කොම කම්බස් කරනවා....'

මේ ජේම්ස් පැකර් ඇමැතිවරයාට කරපු තර්ජනයය. පසු දින ඕස්ට්‍රේලියානු පුවත්පත්වල මෙය පොල් ගෙඩි අකුරින් පළ විය. ඒත් කැසිනෝ රජාට අත තියන්න ලේබර් ආණ්ඩුව බය විය.

 වරක් ඔහුව ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයකදී 'ද ඕස්ට්‍රේලියන්' පුවත්පතේ වාර්තාකාරයකුට හමු විය.

'ඔබ අගමැතිතුමා හමුවීමට ගියාද....?'

වාර්තාකාරයා ඇසීය.

'නෑ... මම විපක්‍ෂ නායකවරයා හමුවෙන්න ගියා...'
පැකර් උත්තර දුන්නේ එසේය.

'පැකර් ඕස්ට්‍රේලියාවේ දේශපාලනයේ එක පැත්තකට පමණක් නොවේ දෙපැත්තටම සෙල්ලම් කරන්න දක්‍ෂයි...'

මේ පැකර්ට එරට ආණ්ඩුවේ පමණක් නොව විපක්‍ෂයේත් තියෙන සම්බන්ධතා ජාලය දැක එරට මාධ්‍ය කිව්ව කතාවක්ය.

'ලොක්කන් එක්ක ගනුදෙනු කරද්දී ජේම්ස් පැකර් ඔහුගේ පියා කෙරී පැකර්ට සම කළ නොහැකිය. ඒත් ඔහු සිඩ්නි නුවර දෙවැනි කැසිනෝ සංකීර්ණය හදන්න දියත් කර ඇති යුද්ධය දිහා බලන විට පේන්නේ ඔහු පියාගේ බලගතු ජාන පරම්පරාවෙන් එන අයකු බවය. එයින් ඔප්පු වන්නේ පැකර් නාමය අදටත් ජාතියේ තීරණ ගන්නවුන්ගේ දෙසවන තුළ රැව් පිළිරැව් දෙන වගය...'

මේ ඕස්ට්‍රේලියානු මාධ්‍යයක පසුගිය වසරේ පළවූ ලිපියකි.

 පැකර්ගේ පියා කෙරී පැකර් එරට ආණ්ඩු හදපු වට්ටපු මාධ්‍ය අධිරාජයෙකි. ජේම්ස් පැකර් ඔහුගේ පුතාය. ඔහු කැසිනෝ රජෙකි. ඔහු පියා මෙන් මාධ්‍ය හරහා නොව සූදුවෙන් එරට දේශපාලනය අල්ලේ නටවයි.

'එතකොට මෙයාද මේ ලංකාවට එන්න යන්නේ...'

 දන්නෝ අහන්නේ එහෙමය.

'පැකර්ට ගිය රට...'

කවදා හරි හැමෝම කියන්න ගන්නේ ඔය කතාවය.

මේ පැකර් දැන්ම මහින්දගේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න හදලා ඉවරය. කැසිනෝවලට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා කට අරින්නේ කැසිනෝ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න කියා තිබියදීය.

'කැසිනෝ ව්‍යාපාරවලට වඩා අපි ජාතික උරුමයට මුල් තැන දිය යුතුයි.....'

නිමල් සිරිපාල එහෙම කියද්දී හෙළ උරුමයේ බලපෑමට ආණ්ඩුව කැසිනෝ කෙටුම්පත අකුළා ගත්තේ එය පාර්ලිමේන්තුවේ පරාජය වේ යැයි පණ බයෙන්ය.

කැසිනෝ රජා ලංකාවට පය ගහන්න කල් යල් බලන්නේ අද ඊයේ නොවේ. 2008 සිටය. මේ ආණ්ඩුව 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත නමින් පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේය. මෙම පනතේ අරමුණ, හඳුනාගත් සංවර්ධන ව්‍යාපෘති සඳහා බදු රහිත කාල සීමාවක් සඳහා විධිවිධාන සැලැස්වීමය. 2010දී ආණ්ඩුව කැසිනෝ පිහිටුවීම සඳහා පනතක් ගෙනැවිත් සම්මත කර ගත්තේය. තෝරාගත් ස්ථානවල කැසිනෝ පිහිටුවීම සඳහා බලපත්‍ර දීමට එම පනතින් අනුමැතිය ලැබිණි. මේ, කැසිනෝ රජාට ලංකාවට එන්න මේ ආණ්ඩුව පාර කපපු හැටිය. 2008 කැපූ පළමු පාර 2008 ක්‍රමෝපාය සංවර්ධන පනතය. ආණ්ඩුව ඒ පාරට තාර දමන්නේ 2013 අංක 16 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත හරහාය. එයින් කියන්නේ 2008 සම්මත වූ පනතට අනුව දෙනු ලබන බදු සහනවලට අලුත් අයිතමයක් නොහොත් විෂයක් එකතු වන බවය. එකතු වන අයිතමය නොහොත් විෂය නම් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතය. පැකර්ට එන්න පාර කැපිලා තියෙන්නේ මෙහෙමය. ඒ කියන්නේ සියලු බදු සහන සහ වරප්‍රසාද දී පැකර්ව ගෙන්නා ගන්න පනත් සම්මත කර ගෙන ඇත්තේ ප්‍රභාකරන්ව විනාශ කොට ත්‍රස්තවාදය අවසන් කරන්න ත්‍රස්ත විරෝධී අණ පනත් නීති රීති සම්මත කර ගත්තා වගේය.

 පැකර් සිඩ්නි නුවර දෙවැනි කැසිනෝ සංකීර්ණය හදන්න ගත් උත්සාහය එරට මාධ්‍ය හැඳින්වූයේ යුද්ධයක් ලෙසය. ඒ යුද්ධය ජය ගත්ත ඔහු ආණ්ඩුවටත් විපක්‍ෂයටත් සල්ලි වීසි කළේය. පැකර් ලංකාවෙත් කැසිනෝ පටන් ගන්න දියත් කර ඇත්තේ එවැනිම යුද්ධයක් බව පෙනේ.

'ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුවටයි විපක්‍ෂයටයි පැකර් සල්ලි වීසි කරනවාද...'

 ඒක නම් කියන්න දන්නේ නැත. සුද්දන්ව පේන්න බැරි මේ ආණ්ඩුවට පැකර් ගැන කැක්කුමක් ඇති වුණේ කොහොමද කියන එක ප්‍රශ්නයකි. පැකර්ගේ කැරැට්ටුව මේ ආණ්ඩුව නොදන්නවා නොවේ. පැකර්ගේ පියා එරට ආණ්ඩු හොලවපු හැටිත් පැකර් අද එරට දේශපාලනඥයන් අල්ලේ නටවන හැටිත් ආණ්ඩුව දනී.


මලයාසියාවට රිංගපු සල්ලි රජා ජෝර්ජ් ෂෝරෝත් කළේ ඒකමය. මලයාසියාවේ මහතීර් මොහමඩ්ගේ වසන්ත කාලයේ මලයාසියාව බලගතු රටක් කරන්න ෂෝරෝ ආයෝජන සඳහා සල්ලි වීසි කළේ ලෝභකමකින් තොරවය. මහතීර්ගේ ආණ්ඩුව එකල නැටවුණේ ෂෝරෝගේ අල්ලේය. හංගේරියානු - ඇමෙරිකානු මිශ්‍ර ව්‍යාපාරිකයෙක් වූ ෂෝරෝ මහතීර්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ව සල්ලිවලට ගත්තේය. මහතීර් ඇතුළු ආණ්ඩුව ෂෝරෝගේ වලිගේ එල්ලිලා මලයාසියාව දිව්‍ය ලෝකයට ගෙන යන්න දත කද්දී ෂෝරෝ වලිගේ ගැසුවේය. මහතීර් පමණක් නොව මලයාසියාවත් බිම ඇද වැටිණි. මහතීර්ව විනාශ කරන්න වේලාව හරි යයි හිතපු ෂෝරෝ මලයාසියාවේ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ මුදල් හිටි හැටියේ ඇදලා ගත්තේය. මහතීර් සමඟ මලයාසියාවම හතර ගාතෙන් ඇද වැටිණි. ෂෝරෝ කසකස්තානයේ මෙන්ම යුක්රේනයේ සහ ජෝර්ජියාවේ ආණ්ඩු වෙනස් කරන්න රාජ්‍ය නොවන සංවිධානවලට සල්ලි වීසි කළේය. සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු නැඟෙනහිර යුරෝපයේ රටවල් කොමියුනිස්ට්වාදයෙන් බේරා ගැනීමටත්, ඇමෙරිකාවේ බුෂ්ගේ ආණ්ඩුව වෙනස් කිරීමටත් ඔහු මහා ධනස්කන්ධයක් වැය කළේය.

 පැකර්ලා ෂෝරෝලා කියන්නේ එක ජාතියේ කුරුල්ලන්ය. ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ලංකාවට ආ කැසිනෝ රාජා ජෝෂිම්ද එවැනි කුරුල්ලෙකි. ඔහු ගැන මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂයේ සිටියදී පාර්ලිමේන්තුවේ කළ මේ කතාව මතක් කර ගත්තොත් පැකර් එන්නේ මොකාටද කියල තේරුම් ගන්න තව අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නොවේ.

 'මොකක්ද, මේ විනෝදය? පසුගිය කාලයේ කැසිනෝව විනෝදාංශය වුණා. පසුගිය කාලවලදී ජෝෂිම්ට පුළුවන්කමක් තිබුණා ඉහළ පෙළේ දේශපාලනඥයන් සමඟ පින්තූරවලට පෙනී සිටින්න. (බාධා කිරීම්) තමුන්නාන්සේලාට වැරදිලා. තමුන්නාන්සේලා වෙන්න පුළුවන්. අපි නොවෙයි. ඒ නිසා ඒ ගැන කතා කරන්නට එපා. ජෝෂිම් එක්ක හිටපු අයගේ ලැයිස්තුව ගැන මම කියන්න ගියොත් තමුන්නාන්සේලාට ටිකක් කෑගහන්න වේවි. මම කාටවත් අපහාස කරන්න කැමැති නැති නිසා ජෝෂිම් එක්ක හිටපු අයගේ නම් ලැයිස්තුව කියවන්නේ නැහැ. නමුත් ජෝෂිම්ලා වගේ උදවිය, කැසිනෝ වැනි සූදු මේ රටට ගෙනැවිත්, තායිලන්තයෙන් ගණිකාවන් මේ රටට ගෙනැවිත් මේ රටේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. එවැනි අයට මේ රටේ අවුරුදු පහක් ඉන්න එකවත් රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක් දීලා පුරවැසිභාවය ලබාගන්න එකවත් විශාල කාර්යයක් නොවෙයි. එවැනි අය මේ රටට ශතයක්වත් ගේන්නේ නැතිව, මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි සූරා කාලා, මේ රටේම ඉඳගෙන සල්ලි හම්බ කරලා, කළු සල්ලි ඩොලර්වලට පත් කරලා ඕනෑ නම් ඒ සල්ලිවලින්ම මේ රටේ පුරවැසිකම ලබාගෙන, දේශපාලනඥයනුත් ඒවාට හවුල් කරගන්න මහන්සි ගත්තොත් ඒකෙන් සිද්ධ වෙන්නේ විශාල පරිහානියක්ය කියන එක මම මතක් කළ යුතුව තිබෙනවා. ඒ විතරක් නොවෙයි මේ තත්ත්වය යටතේ ගණිකා වෘත්තිය, සමලිංගික සේවනය, ඒඩ්ස් රෝගය වැනි දේවල් ඔවුන් මේ රටට ගෙනෙන්නට පුළුවන්.

 දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කරගන්නේ නැතිව වෙනත් ව්‍යාපාර ආරම්භ කරන්නට ගියොත් - මේ රටේ විනාශයක් මිස සංවර්ධනයක් ඇතිවන්නේ නැහැයි කියන එක මම මතක් කරන්නට ඕනෑ. ඒ විතරක් නොවෙයි, ඊටත් වඩා භයානක දෙයක් තිබෙනවා. මේ රටේ තිබෙන දේශපාලන පරිසරය අනුව පසුගිය කාලයේදී මේ රටේ ජනාධිපතිතුමා ඝාතනය වුණා, රංජන් විජේරත්න ඇමැතිතුමා ඝාතනය වුණා, ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි හමුදා නායකයන් ඝාතනය වුණා. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ඝාතනය වුණා. මෙවැනි තත්ත්වයක් පවතින විටදී, සමහර විට මැරවරයන්, සල්ලිකාරයන්, හොර ජාවාරම්කාරයන් මේ රටට ඇතුළු වී අවසානයේ මේ රටේ දේශපාලනය හසුරුවන්නට එවැනි ඝාතන සැලැස්මවල් ආරම්භ කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මීට වඩා පරෙස්සම් විය යුතුව තිබෙනවා. මොකද, සල්ලි අරගෙන මේ රටට ඇවිත්, සල්ලිවලට පුරවැසිකම් ගත් පසු මේ රටේ ආණ්ඩු වෙනස් කිරීම, අලුත් ආණ්ඩු ඇති කිරීම, රාජ්‍ය නායකයන් ඝාතනය කිරීම වැනි දේවල් පවා සිදුවීමට ඉඩ තිබෙනවා. එම නිසා මේ භයානක සෙල්ලම නතර කළ යුතුයි.'


උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Thursday, October 24, 2013
ජනාධිපතිවරයකු කියන ඇත්ත!

සුනන්ද දේශප‍්‍රිය 

පාසල් ගිය සන්ධියේ කී දහස්වරක් නම් පන්සිල් පද කියා ඇත්ද? මේ කතාව හතර වැනි සිල් පදය ගැනය. පොදු වශයෙන් මෙරට බෞද්ධයන් සහ බෞද්ධ සංස්ථා පන්සිල් සියල්ල නැතොත් ඉන් බහුතරය කෙළෙසන බව කියන විට අප ආරක්ෂා කරන්නේ එම හතර වන සිල් පදය යි.
Read more
Wednesday, October 23, 2013
ශරීර ස්ත‍්‍රී වුණාට ඔළුව පිරිමි - අනෝමා රාජකරුණා

ඇය අනෝමා රාජකරුණාය. 

පිල්ලෙ ගැන

පිල්ලෙ කියන්නෙ කවුද කියලා වටහාගන්න ලෙහෙසිම දේ තමයි පිල්ලෙගේ ඉතිහාසය කියවන එක. ඇය සංක‍්‍රමණික පවුලක කෙනෙක්. ඒ වගේම ඉතාම පහළ අඩියක ඉඳලා ජීවිතය පටන් ගත්ත කෙනෙක්. ඇයට ඉගෙනීමට අත දෙන්නෙ ඇය ජීවත් වුණ පරිසරයේ කොටස්මයි. එයින් උපරිම පල ඇය නෙළා ගන්නවා. ඈ කුඩා කාලේ ඉඳලාම ජීවිතය කියවපු, පරිසරය අත්විඳපු, සමාජය ග‍්‍රහණය කරගත්ත කෙනෙක්. අද ඇය ඉන්න නිලයට අවශ්‍ය සියලූ සුදුසුකම් ඇයට උරුම වුණේ ඇය ඉපදිච්ච කාලය, දීපය, දේශය අනුව කියලායි මම විශ්වාස කරන්නෙ. පිල්ලෙ රූප සුන්දරියක් නෙමෙයි.
Read more
Tuesday, October 22, 2013
මාතර දී මංගල "බිලී බෝයි" වූ හැටි

ඉකුත් ඔක්‌තෝබර් 5 වැනිදා මේ රටේ ජනතාවට එජාපයේ කණ්‌ඩායම් දෙකක්‌ අතර මාතර නගර මධ්‍යයේ ඇතිවූ පුංචි යුද්ධයේ සේයා රූ සියලු ප්‍රවෘත්ති නාලිකා ඔස්‌සේ දැක ගැනීමට හැකි විය. මේ සිද්ධියට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ මංගල සමරවීර යෑයි අදහසක්‌ පැතිර තිබුණ ද මේ "ගේම" තුළ තවත් "ගේම්" ගණනාවක්‌ම සිදුවී ඇති බවට තොරතුරු මතුවෙමින් පවතී. තමා හා ශිරාල් ලක්‌තිලකගේ නායකත්වය යටතේ සාමකාමී පා ගමනක්‌ දෙවුන්දර මහ විෂ්ණු දේවාලයේ සිට කොළඹ දක්‌වා ඔක්‌තෝබර් 5 වැනිදා උදේ 10.30 ට ආරම්භ කිරීමට යන බව මුලින්ම පොලිස්‌පතිවරයාට දැනුම් දුන්නේ මෛත්‍රි ගුණරත්න මහතාය. මෙම පෙළපාලියේ මුඛ්‍ය පරමාර්ථය එ.ජා.ප. නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වීමට බල කිරීම බවත් ඔවුන් පාරේ ගමනාගමනයට අවහිර නොවන ආකාරයට ගමන් ගනු ඇති බවත් එම ලිපියේ කියා තිබිණි. මෛත්‍රී ගුණරත්න ඒ සඳහා පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ඉල්ලා නොතිබුණේය.
Read more
ජනතාව හිඟන්නන් කිරීම සහ ජාතිය වහලූන් කිරීම

තිසරණී ගුණසේකර -

‘‘අපි හිටියේ, ආරුබොක්කේ කජු වගාවේ. මුලින්ම වරායෙන් ඇවිල්ලා අපේ ඉඩම් මැන්නා.. ඊට පස්සේ ලියුම් එව්වා. අපේ ඉඩම් හුඟාක් අඩු ගානකටයි තක්සේරු කරලා තිබුණේ.. ලක්ෂ 3 ක්, 4ක්… අපි පවුල් 70 ක් විතර හිටියා.. අපි හැමෝටම තිබුණා, අක්කර 2.5 ක විතර ඉඩම් කට්ටි.. අපි විරුද්ධ වෙනකොට, ගාන වැඩි කළා, ලක්ෂ 5ක්, 6ක් වගේ ගානකට. එහෙම ඉඳලා තමයි අපි මේ පර්චස් 20 ඉඩම් කෑලිවලට ආවේ. අවුරුද්දේ මේ කාලේ වෙනකොට අපේ කජු වගාවෙන් හුඟාක් ආදායම් ලැබෙන්න තිබුණා.. ජලාශ පිරිලා.. එහේ අපිට තිබුණා, ගඩොල් පුච්චන පෝරණු. ඒ කිසි දේකට අපිට වන්දියක් ලැබුණේ නැහැ.. ඉඩම් අතඇරලා එන්න කලින් අපිට පොරොන්දු වුණා, අපේ හැම පවුලකම එක දරුවෙකුට රස්සාවක් දෙනවා කියලා.. ඒක අපිට ලැබුණෙත් නැහැ. කිසි දරුවෙකුට රස්සාවක් දුන්නේ නැහැ.. දැන් අපි ඉන්නේ අන්ත අසරණ තත්වෙට පත්වෙලා.’’ - ගාල්ලේ වරාය නිසා අවතැන් වූ ගැමියෙක් -(‘‘හම්බන්තොට මහා සංවර්ධන ව්‍යාපෘතිය: කාගේ උවමනාවට ද?’’ – නීතිය හා සමාජය භාරකාරත්වය)
Read more
Monday, October 21, 2013
මාලක සහ සාලින්ද අනතුරුදායකය

ටිරන් කුමාර බංගගමආරච්චි

අධි වේගයෙන් ඉගිල්ලෙන ජීවිතවලට අනෙක් ජීවිත කෙටිය. ඒ දෙස ඇස් ඇර බලන්නට හෝ ඇති ඉඩ පටුය. රිය අනතුරුද අද දවසේ මෝස්තරයකි. රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශයේදී රිය අනතුරු හතර පහක් හෝ පෙන්වීම නිත්‍ය අංගයකි. එය ලේවල තවරාම ඉදිරිපත් කිරීම විජයග‍්‍රහණයකි. රිය අනතුරු තරමටම එය වාර්තා කිරීමද තරගයක් වී හමාරය.

Read more
එජාප ඛේදවාචකයේ අවජාතක නපුංසක කුජීත කතා

සුනන්ද දේශප‍්‍රිය 

වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජය කල් තබා තීරණයවී තිබුණි. දයාසිරි ජයසේකර වැනි නැගී එන සහ ජනපි‍්‍රය නායකයකු පන්නා දමන පක්ෂයක් මැතිවරණයකින් ජයගැනීම තබා හොඳ තරගයක් දීමටවත් සමත් නොවන බව මැතිවරණ දේශපාලනයේ අ යන්න ආ යන්න දන්නා ඕනෑම අයකුට තේරුම් ගත හැකිව තිබුණි.
Read more
Saturday, October 19, 2013
බර්ටි මැරුණාද? මැරුවාද?

උතුරු-මැද හිටපු ප‍්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල්ගේ අවමගුල පසුගියදා පැවැත්විණි. සැබැවින්ම බර්ටි මැරුණාද මැරුවාද යන්න එහිදී මතුවූ ප‍්‍රශ්නයකි. බර්ටි පේ‍්‍රමලාල් නමැති නම අපේ රටේ දේශපාලනයෙන් මකාදැමීම ආරම්භ වූයේ මෙයට වසරකට ඉහතදීය. අවමගුල් දිනයේ බර්ටිගේ පුත් දුමින්දගේ කතාවෙන් එය මැනවින් ඔප්පු විය. අපි අසරණ වූයේ 2012 සැප්. 24දායින් පස්සෙ. එදා තමයි තාත්තාව දේශපාලනිකව මැරුවෙ. ඒ අසරණවීම තමයි තාත්තගෙ මරණයට ඇත්ත හේතුව. මේ ඔහුගේ කතාවේ ඇත්ත දේශපාලන හරයයි.

කිරිවෙහෙරෙ අලූත්වැව සෝරත හාමුදුරුවන්ගේ ආදාහනයට සහභාගි වුණු මහින්ද බර්ටිගෙ මළගෙදරට සහභාගි වූයේ නැත. අඩුම ගණනේ බැසිල් රාජපක්ෂවත් සහභාගි වූයේ නැත. මහින්ද අමෙරිකාවේ සිටි බැවින් බැරිවුණා යැයි කීමට හැකියාවක් ඇත. ඒත් බැසිල් හිටියේ අමෙරිකාවේ නොවේය. ලංකාවේ සිටියදීත් සහභාගි නොවීමට විශේෂ හේතුවක් තිබිය යුතුමය. ඒ ඇත්ත කාරණාව ආණ්ඩුවේ ප‍්‍රධාන ඇමැතිවරු මන්ත‍්‍රීවරු සියලූ දෙනාම දන්නෝය. ඒ කිසිවෙකුට මෙය රහසක් නොවේය.

නාමල් රාජපක්ෂ මළ ගෙදරට සහභාගි විය. එහෙත් නාමල් එනවිට දුමින්දත් මල්ලිත් කනත්ත පැත්තට ගියේ නාමල්ව මගහැරීමටය. නාමල් මළගෙදරින් පිටත්වන තුරුම දුමින්ද හෝ මල්ලී නැවත ගෙදරට ආවේ නැත. මළ ගෙදරට පැමිණි එස්. එම්.ට එතැන හිටි පිරිස හූකියල එලවල දාපු කතාවද මාධ්‍යවල ප‍්‍රචාරය විය. එස්. එම්. යනු මහින්දගේ මිනිහෙකි. පිරිස එළවා දැමීමේ මහින්දගේ මිනිහාවය. මළ ගෙදර අවසන් කටයුතුවලින් පසු එස්. එම්. ගේ ආරක්ෂකයන් තලාව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට පහර දී ඇත. පහරදීමට පෙර මන්ත‍්‍රීවරයා මන්ත‍්‍රීධුරයට අමතරව කරමින් සිටි රැකියාවෙන්ද දොට්ට දමා ඇත. මෙම මන්ත‍්‍රීවරයා ඉතා පැහැදිලිව බර්ටිගේ මිනිහෙකි. මළගෙදර කටයුතුවලට උරදී කටයුතු කළ අයෙකි. දැන් එස්. එම්. කරන්නේ එළව එළවා පහරදීමය. බර්ටිගේ මිනිස්සු සහ එස්. එම්. ගේ මිනිස්සු ලෙස කණ්ඩායම් දෙකක් ඇත. බර්ටිගේ මිනිස්සු නියෝජනය කරන්නේ සැබෑ පැරණි ශ‍්‍රී. ල. නි. ප. යයි එස්. එම්. ගේ මිනිස්සු නියෝජනය කරන්නේ මෑතදී ගොඩනැගුණු කලවම් ශ‍්‍රී. ල. නි. පක්ෂයයි. එස්. එම්. - බර්ටි ගැටුමේ අභ්‍යන්තරය එයයි.

දුමින්දගේ කතාව ඒ සඳහා වූ ප‍්‍රහාරයකි. ඒ ප‍්‍රහාරය තුළ මහින්ද ගැන කිව්වේ ජනාධිපතිතුමා අමෙරිකාවේ ඉඳන් බලවත් ශෝකය පළකරනව කියල මට කිව්වා. නමුත් ඊට පස්සෙ දුරකථනය විසන්ධි වුණා කියලය. කතාව එතනින් නතර වුණා කියලය. ඒත් එක්කම චන්ද්‍රිකා ගැන ලොකු වර්ණනාවක් කළේය. චන්ද්‍රිකා මැතිණිය තාත්ත බලන්න ආවා. තාත්ත නැතිවෙන්න දවස් දෙකකට කලින් එතුමිය අපේ මල්ලි කවීන්ට කතාකරල තාත්ත බලන්න එන බව කියල තිබුණ. ඒත් මම කිව්ව එන්න එපා කියල. එහෙම කියද්දි මට බර්ටිව ඈත ඉඳන් හරි බලන්න ඕනි කියල එතුමිය ආවා. තාත්ත එදා අපරිමිත ලෙස සතුටට පත්වුණා. චන්ද්‍රිකා මැතිණිය තාත්ත බලන්න ආවාම කකුල් පණ නැතිව හිටිය අපේ තාත්තා එතුමිය දැකලා නැගිටලා ඇවිදින්න හැදුවා. එතුමිය මට අම්මා කෙනෙක් වගෙයි. මම එතුමියට ගොඩක් ආදරෙයි.

මේ කතා ඔක්කොම කිව්වේ ඇත්තටම හදවතින්ම බව සුපැහැදිලිය. ඒත් ඒ ප‍්‍රකාශය ඇතුළේ දුරකථනය විසන්ධි වූ මහින්දට ගහපු ගැහිල්ල හදවතට වඩා එහා ගිය දේශපාලන ගැහිල්ලකි. බර්ටි ශ‍්‍රි.ල.නි. පක්ෂය වෙනුවෙන් කළ දේවල් දිහා බැලූවම මහින්ද අමෙරිකාවටම ගිහිල්ලා බර්ටිව බැලිය යුතුය. ඔහු පක්ෂය වෙනුවෙන් කරපු දේවල් අංශු මාත‍්‍රයක්වත් එස්. එම්. ලා කර නැත. හැබැයි මහින්ද අමෙරිකාවට ගිහින් බර්ටිව බැලූවත් බර්ටිගේ කකුල්වලට පණ එන්නේ නැත. චන්ද්‍රිකා දැකලා ඇවිදින්න හදපු බර්ටි මහින්ද දැකලා ඇවිදින්න හදන්නේ නැත. එහෙම පණක් එන්නේද නැත. කකුල්වලට පණ එන්නේ ඉදිරියට යන්න යම් ධෛර්යයක් ගන්නා විටදීය. ඒත් මහින්ද දැක්කම ඒ ධෛර්යය බර්ටිට කොහෙත්ම එන්නේ නැත. සමහර විට  මහින්ද ඒ ගැන දන්නා නිසා නොගියා වන්නටද පුළුවන.

එදා උතුරු-මැද ඡන්දයේදී මහින්ද මහඇමැති අපේක්ෂකයෙක් නම්කළේ නැත. එහෙත් බර්ටි කිව්වේ මැරෙනකම් මහඇමැති මමයි කියාය. ඒකට මොකුත් නොකිව්ව මහින්ද ඡන්දෙන් පස්සෙ කිව්වේ වැඩිම මනාප ගත්ත කෙනාට මහඇමැති දෙනවා කියාය. ඒ තියරියට අනුව මධ්‍යම පළාතේ මහඇමැතිකම ලැබිය යුත්තේ අගමැතිගේ පුතාටය. නමුත් එහිදී කියන්නේ ජ්‍යෙෂ්ඨත්වයට තැන දෙනවා කියාය. ඒ ජ්‍යෙෂ්ඨත්වය වයඹ අතුලට අදාළ කරගන්නේ නැත. එතැනදී දෙසැරයක් මහඇමැතිකම දරපු ශ‍්‍රී. ල. නි. පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයාට වඩා දයාසිරි ලොකුය.

වයඹ මැතිවරණය පුරාම පරණ ශ‍්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පෙනී සිටියේ දයාසිරි වෙනුවෙන්ය. ඒ වෙන හේතුවකට නොවේය. යූ. එන්. පී. යෙන් ඇවිත් මහින්දගෙ කිට්ටු ගෝලයෙක් වී සිටියේ ජොනීට විරුද්ධවය. ජොනීම කියන විදිහට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සියලූම ආසන සංවිධායකවරු වැඩ කළේ ජොහාන්ට විරුද්ධවය. ජොහාන්ට සහාය දී ඇත්තේ ජොනී එක්කම යූ. එන්. පී.යෙන් ආපු ඉන්දික බණ්ඩාරණායක පමණි. ඒත් ඒ ඉන්දික පඬුවස්නුවර සංවිධායකවරයාය. ඒ නිසා එයත් වැඩක් වූයේ නැත. කුරුණෑගල ප‍්‍රධාන ඇමැතිවරු නාවින්න, අනුර යාපා, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, බන්දුල බස්නායක සියලූ දෙනාම සහාය දුන්නේ මහින්දගේ අලූත් ශ‍්‍රී. ල. නි. ප. යට එරෙහි පිලටය. ජොහාන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ ඍජුවම පෙනී සිටියේය. වේදිකා කිහිපයකටම නැග්ගේය. කුරුණෑගල මාලිගාවත්ත පිට්ටනියේ තිබුණ ජොහාන්ගේ අන්තිම රැස්වීමටද නාමල් සහභාගි විය. එහිදී නාමල් කිව්වේ තරුණ නායකත්වයට තැනක් දෙන්න කියාය. මුළු රාත‍්‍රිය පුරාම ජාතික රූපවාහිනිය හරහා විකාශනය කළ සංගීත සංදර්ශනයේදී පවා නාමල් පෙනී සිටියේ ජොහාන් වෙනුවෙන්ය. කොටින්ම කියතොත් නාමල්ගේ ෆුල් සපෝට් එක තිබුණේ ජොහාන්ටය.

මේ සියල්ලටම වඩා පුදුමය දනවන මහඇමැති වූයේ ශෂීන්ද්‍ර රාජපක්ෂය. ඌවේ මහඇමැති පත්කරද්දී ජ්‍යෙෂ්ඨත්වයේ ඉහළින්ම සිටි හිටපු මහඇමැති සොයිසාට අපේක්ෂකත්වයවත් දුන්නේ නැත. ඔහු නැතිවුණත් ඊළඟට සිටියේ බදුල්ලෙන් වැඩිම මනාප ගත් බුද්ධදාසය. ඌවේ ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක දෙකෙන් ප‍්‍රධානතම දිස්ත‍්‍රික්කය වන්නේත් බදුල්ල දිස්ත‍්‍රික්කයයි. ඒත් එහිදී ඒ සියල්ල පැත්තකට දමා අයියගෙ පුතාට මහඇමැතිකම දුන්නේය. විග්නේශ්වරන් කොළඹින් ගිහිල්ලා මහඇමැති වෙන එකේ සදාචාරය කතාකරන මහින්දට ශෂීන්ද්‍ර හම්බන්තොටින් ගිහිල්ලා ඌවේ මහඇමැති වෙන එකේ හිරිකිතය එදා දැනුනේ නැත. දි. මු. ජයරත්න කියන්නේ දුමින්දගේ මාමණ්ඩියාය. ඒ කියන්නේ බර්ටි පේ‍්‍රමලාල් පවුල හා දි. මු. පවුල කිට්ටු ඥාතිවන්තයෝය. බර්ටිට බෙදන බෙදිල්ලම දි.මු.ටත් බෙදන්නේ පරණ ශ‍්‍රී.ල.නි.ප. හයිකාරයන් මහින්දට තර්ජනයක් නිසාය. බර්ටි කපන්න ඕන වුණාම වැඩිම මනාප කතාවක් ගෙනාවේය. අතුලට කපන්න  ඕනි වුණාමත් ඒ කතාවම කිව්වේය. දි.මු. ගෙ පුතාව කපන්න ඕනි වුණාම ජ්‍යෙෂ්ඨත්වයක් ගෙනාවේය. මේ සියල්ල සිදුවන්නේ මහින්දට ඕන විදිහේ ගෝලයන් පත්කර ගැනීම වෙනුවෙන්ය.

මහින්ද කුරුණෑගල රැස්වීම්වලට ගිහිල්ලා අඬගහල ළඟට ගෙන්නගත්තේ ජොහාන් පුතාය. එහිදී මහින්ද කිව්වේ තාත්ත වගේම පුතාත් දක්ෂයි කියාය. එනම් කුරුණැගල ඡන්දය ඇතුලේ ප‍්‍රකාශයට පත්වූයේ මහින්දගේ අලූත් කණ්ඩායමයි. ශ‍්‍රී.ල.නි.ප.යේ පැරණි කණ්ඩායමයි අතර තිබූ ගැටුමය. මහින්ද කොච්චර යටිකූට්ටු ගේම් දුන්නත් නාවින්නලා ජයග‍්‍රහණය කළෝය. දයාසිරිට මහඇමැතිකම ලැබෙන්නේ කුරුණෑගල තිබූ ඇත්ත ශ‍්‍රී.ල.නි. පක්ෂයේ ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙසින්ය.

මාතලේ දිස්ත‍්‍රික්කයෙන් ජනක බණ්ඩාරගේ පුතාට විරුද්ධව හිඟුරාන අරක්කු කර්මාන්තයේ අයිතිකාර ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ ගෝලයා දිනවන්න මහින්ද උපරිම උත්සාහ දැරීය. ඡන්දය ආරම්භයේදීම පහරදීම් පවා ඇතිවිය. මුළු ඡන්ද ව්‍යාපාරය පුරාම මනාප බලූ පොරයක් ලෙස දිස්වුවත් සැබැවින්ම තිබුණේ පැරණි ශ‍්‍රී. ල. නි. ප. සාමාජිකයා සහ මහින්දගේ අලූත් ගෝලයන් අතර ගැටුමය. මේ ගැටුම මැතිවරණයේදී පැහැදිලිව ප‍්‍රකාශයට පත්විය. එහෙත් මුළු කැබිනට් මණ්ඩලය තුළත් මුළු ආණ්ඩුව පුරාවටත් මෙම ගැටුම සීතල යුද්ධයක් සේ වර්ධනය වෙමින් පවතින්නකි.

මෛත‍්‍රිපාල සිරිසේන තමන්ට මරණ තර්ජනයක් ඇති බව එළිපිටම කිව්වේ මෙකී ගැටුමේ බරපතළ තත්වය ප‍්‍රකාශයට පත්කිරීම සඳහාය. කොතරම් උපක‍්‍රම යෙදුවත් එය හංගන්නට පුළුවන් එකක් නොවේ. විටින් විට එළියට එන සිදුවීම්වලින් පාක්ෂිකයන්ට මෙය යම්තම් දැකගන්නට පුළුවන. සිරස මාධ්‍යයෙන් මේවා එළියට දාන්නේද නැත. ආණ්ඩුවේ මාධ්‍ය කොහෙත්ම එළියට දාන්නේ නැත. යූ. එන්. පී. යේ ඇත්ත පක්ෂ අර්බුදය සිරස හරහා එළියට ආවද ආණ්ඩුව ඇතුළේ ඇති තත්වය තේරුම්ගත හැකිවන්නේ වරින් වර සිදුවෙන සිදුවීම් හරහාය. චන්ද්‍රිකා දැක්කම කකුල් දෙකට පණ නැතිව හිටිය තාත්තා නැගිටලා ඇවිදින්න හැදුවා යැයි දුමින්ද කීවේ නිකම්ම නොවේය. අභ්‍යන්තර පීඩනයේ තරම පුපුරායෑම ඉන් මනාව ප‍්‍රකාශයට පත්විය. සැබැවින්ම ශ‍්‍රී. ල. නි. ප. යේ පැරණි සැබෑ සාමාජිකයාගේ කකුල් දෙකට පණ ඇවිත් ඇවිදින්න පටන් ගත්තොත් මහින්දලගෙ ව්‍යාජ යූ. එන්. පී. - ශ‍්‍රී. ල. නි. ප. කවලම් පංචස්කන්දයේ පණ නැසී යනු ඇත.

ලංකා ඉරිදා සංග්‍රහය
Read more
අය වැය අර්බුදයේ නොදුටු පැතිකඩ

ප‍්‍රභාශ්වර [Sunday, September 8, 2013]
රාජ්‍ය ආදායමට වඩා රජයේ වියදම බෙහෙවින් ඉහළ යෑම නිසා ශී‍්‍ර ලංකා ආණ්ඩුව වත්මනෙහි බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව, පසුගිය වසරේ සංඛ්‍යාලේඛන හා සැසඳීමේදී 2013 මුල් මාස 6 තුළ පමණක් රටේ ආනයන වියදම 3%කින් ඉහළ ගොස් ඇති අතර අපනයන ආදායම 3%කින් පහළ වැටී ඇත. එනම්, 2013 ජනවාරි සිට ජූනි දක්වා වන කාල පරිච්ෙඡ්දය අතරතුර රටේ අපනයන ආදායම රුපියල් බිලියන 509.4ක් වන විට, ආනයන වියදම රුපියල් බිලියන 861.6කි. රටක ආනයන - අපනයන පරතරය ඉහළ යෑම, ආර්ථික විශ්ලේෂකයන් විසින් හඳුන්වන්නේ ‘‘ගෙවුම් ශේෂ අර්බුදයක්’’ ලෙසිනි.
Read more
පිල්ලෙයි වැරදි නම් අපි හරිද?

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ලංකා සංචාරයේදී ඇය නිරීක්‍ෂණය කළ කරුණුද පදනම්කොටගෙන එළැඹෙන සැප්තැම්බරයේදී මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට වාචික වාර්තාවක්ද, 2014 මාර්තු මස සැසිවාරයට දීර්ඝ වාර්තාවක්ද ඉදිරිපත්කරන්නට නියමිතය.

රජයේ ආරාධනයකින්ම මෙහි පැමිණි ඇය කෙරෙහි ජනාධිපතිවරයාගේ සිට පහළට විවිධ ස්ථරවල පුද්ගලයන් විසින් මෙන්ම විවිධ ජාතිකවාදී සංවිධාන විසින්ද දක්වන ලද නිශේධනීය ප‍්‍රතිචාර දැන් රටම දනියි.
Read more

Popular Posts

Popular Posts