Header Ads

අය වැය අර්බුදයේ නොදුටු පැතිකඩ

ප‍්‍රභාශ්වර [Sunday, September 8, 2013]
රාජ්‍ය ආදායමට වඩා රජයේ වියදම බෙහෙවින් ඉහළ යෑම නිසා ශී‍්‍ර ලංකා ආණ්ඩුව වත්මනෙහි බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව, පසුගිය වසරේ සංඛ්‍යාලේඛන හා සැසඳීමේදී 2013 මුල් මාස 6 තුළ පමණක් රටේ ආනයන වියදම 3%කින් ඉහළ ගොස් ඇති අතර අපනයන ආදායම 3%කින් පහළ වැටී ඇත. එනම්, 2013 ජනවාරි සිට ජූනි දක්වා වන කාල පරිච්ෙඡ්දය අතරතුර රටේ අපනයන ආදායම රුපියල් බිලියන 509.4ක් වන විට, ආනයන වියදම රුපියල් බිලියන 861.6කි. රටක ආනයන - අපනයන පරතරය ඉහළ යෑම, ආර්ථික විශ්ලේෂකයන් විසින් හඳුන්වන්නේ ‘‘ගෙවුම් ශේෂ අර්බුදයක්’’ ලෙසිනි.
මේ මූල්‍ය ගැටලූවෙන් ගොඩ ඒම පිණිස මහජනයා වෙනුවෙන් වැයකරන රාජ්‍ය සුබසාධන වියදම් කපාහැරීමටත්, භාණ්ඩ හා සේවා මත පනවනු ලබන සෘජු හා වක‍්‍ර බදු යළි ඉහළ නැංවීමටත් ආණ්ඩුව නුදුරේදීම කි‍්‍රයාකරනු ඇතැයි 2013/08/25 සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ, නම හෙළිකිරීමට අකමැති භාණ්ඩාගාරයේ උසස් නිලධාරියෙකි.

පාඩු ලබන රාජ්‍ය ආයතන

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ඩිව් ගුණසේකරට අනුව, රජය ලබන අලාභයෙන් 98%කටම දායක වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් හා මිහින් ලංකායි. සුදු අලින් වන මෙම රාජ්‍ය ආයතනයන්හි එදිනෙදා පැවැත්ම වෙනුවෙන් ඒවාට අසීමිතව ණය සැපයීම නිසා රටේ රාජ්‍ය හා පුද්ගලික බැංකු පද්ධතියද මතු දා අර්බුදයට ලක්විය හැකි වග හෙතෙම ප‍්‍රකාශ කළේ 2013 ජූලි 23වැනිදාය. තත්ත්වය මෙසේ තිබියදී පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන වෙත බුරුතු පිටින් සේවක සේවිකාවන් බඳවා ගැනීමද යහමින් සිදුවෙයි. ලංකාවේ සෑම පවුල් කුටුම්බ 4කින් එක් අයකු රාජ්‍ය සේවයේ නියැළෙන අතර වත්මනෙහි රජය සතු ශ‍්‍රම බලකාය මිලියන 1.4කි. සොච්චම් දීමනාවකට, කළමනාකාර සහකාර තනතුරට බඳවාගනු ලබන උපාධිධාරීන්ගෙන් බහුතරයක් නිශ්චිත රාජකාරියක් නොකොට පිංපඩි ගනිමින් සිිටිති. ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන රාජ්‍ය සේවය පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට බඳුන් නොකොට, සිය ආදායම වැඩිකර ගැනීම සඳහා දුම්කොළ, සිගරැුට්, එතිල් ඇල්කොහොල්, වාහන අමතර කොටස්, ටයර්, කිරි ආහාර නිෂ්පාදන යනාදිය සඳහා වන බදු 2013 ජූලි 31 දින ඉහළ දැමීමට ආණ්ඩුව කි‍්‍රයාකළේය.

නිපැයුම් පිරිවැය

රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යවසාය යන කවර ව්‍යාපාරික ක්ෂේත‍්‍රයක් තුළ වුව ඊට අදාළ නිෂ්පාදන පිරිවැය එහි ශුද්ධ අලෙවි සාමාන්‍යය අබිබවා යයි නම් සමස්ත කර්මාන්තයම කඩාවැටීම නොවැළැක්විය හැකිය. ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වුණු ප‍්‍රාදේශීය පෞද්ගලික වැවිලි සමාගම්, 1970 දශකයෙහි රජයට පවරාගත් ආකාරය පිළිබඳව කෙටි විමසුමක්, 2013 ජූලි/සැප්තැම්බර් ‘‘ශී‍්‍ර ලංකා එක්ස්පෝටර්’’ ස`ගරාවෙහි පළවිය. 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත හරහා එතෙක් පෞද්ගලික අංශය සතුව පැවති විශාල තේ වතු ප‍්‍රමාණයක් ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ශී‍්‍ර ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යන රාජ්‍ය ආයතන යුගලය වෙත පවරාගැනීමට එවකට බලයේ සිටි ආණ්ඩුව පියවර ගත්තේය. මහත් උජාරුවෙන් වැඩ ආරම්භ කළද, කාලයාගේ ඇවෑමෙන් මේ රාජ්‍ය ආයතන දෙක කෙතරම් අකාර්යක්ෂම වීද කිවහොත්, 1992 වන විට ඒවායේ මෙහෙයුම් අලාභය පියවීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1.5ක් වැය කිරීමට ආණ්ඩුවට සිදුවිය.

මේ අලාභය තවදුරටත් උහුලාගැනීම අපහසු වූ හෙයින් රජය කළේ, තේ වතු කළමනාකරණය පෞද්ගලික අංශය වෙත පැවරීමයි.

තේ වතු බද්දට දීම

1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ශී‍්‍ර ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව තිබූ තේ වතු 461ක්, පෞද්ගලික කළමනාකරණ සමාගම් 12ක් වෙත රජය විසින් පවරා දුන්නේ 1993 වර්ෂයේදීය. තේ වතුවල අයිතිය 100%ක්ම රජය සතු වුවද, පනස්තුන් අවුරුදු බදු කාල සීමාවක් පනවමින් මේවා පුද්ගලික කළමනාකරණ ආයතන වෙත භාර දෙනු ලැබිණි. පෞද්ගලික අංශය, තමන් එසේ බද්දට ගත් තේ වතු පාලනය කිරීම පිණිස, රටේ එවකට සිටි විශිෂ්ටතම වැවිලි කළමනාකරුවන් සේවයට බඳවා ගත්තේය. රාජ්‍ය පාලනය යටතේ එතෙක් වාර්ෂිකව රුපියල් බිලියන 1.5ක මෙහෙයුම් අලාභයක් ලැබූ වැවිලි සමාගම්, වසර 2008 වන විට රුපියල් බිලියන 14.9ක ශුද්ධ ලාභයක් උපයාගන්නා ආයතන බවට පත්කිරීමට මෙකී පෞද්ගලික ව්‍යවසායකයෝ සමත් වූහ. පාඩු ලබන රාජ්‍ය ආයතනවල අයිතිය වෙනත් පාර්ශ්වයකට පූජා නොකොට ඒවායේ කළමනාකාරීත්වය වෙනස් කිරීමෙන් පමණක් වුව රටේ මහජනතාවගේ බදු මුදල්වලට සාධාරණයක් ඉෂ්ට කළ හැකි වග මින් පැහැදිලිව පෙනී යයි.

අපනයන ක්ෂේත‍්‍රයේ ඇදවැටීම

2013 අගෝස්තු 28දා ස්වාධීන රූපවාහිනී සේවයේ රාතී‍්‍ර ප‍්‍රවෘත්තිවලින් කියැවුණේ දකුණු කොරියානු අගමැති, ආසියාවේ ආශ්චර්යය වන ශී‍්‍ර ලංකාව දැක බලාගැනීමේ දොළදුකින් ලහිලහියේ මෙහි පැමිණි බවයි. ආශ්චර්යය ගැන කොහොම කීවත්, 2010 සහ 2011 වර්ෂවල ශී‍්‍ර ලංකාවේ දේශීය අපනයන ක්ෂේත‍්‍රය පිළිවෙළින් වර්ධනය වී ඇත්තේ 18.2%කින් හා 5.4%කින් පමණි. ඉන්දියාවේ එය 40.5%ක් හා 29.3%කි. වියට්නාමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව එරට අපනයන වර්ධනය 26.4%ක් හා 33.3%ක් ලෙස දැක්වෙන අතර තායිලන්තය තම අපනයන 28.1%කින් හා 17.4%කින් වර්ධනය කරගෙන තිබේ. 2010 වසරේදී පිලිපීනය සිය අපනයන 34%කින්ද, 2011දී පාකිස්ථානය හා බංගලිදේශය ඔවුන්ගේ අපනයන පිළිවෙළින් 29.3%කින් හා 41.5%කින්ද ඉහළ නංවාගැනීමට සමත්විය. 1990 දශකයේදී වියට්නාමයේ හා බංගලිදේශයේ වාර්ෂික අපනයනයන්ගේ වටිනාකම, ශී‍්‍ර ලංකාව හා සමතත්ත්වයේ පැවැතුණි. එහෙත් අපනයන විවිධාංගීකරණය හරහා මේ රටවල් දෙක 2011 වසර වන විට ශී‍්‍ර ලංකාව අබිබවා යෑමට සමත් වුණි. 1990 දී වියට්නාමය අපනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 02කි. 2011 වනවිට එය ඇමරිකන් ඩොලර් බිලියන 96.8 දක්වා වර්ධනය කර ගැනීමට වියට්නාමයට හැකිවිය. එහෙත්, 1990දී ඇමරිකන් ඩොලර් බිලියන 2ක් වටිනා අපනයනයන්ට හිමිකම් කී ශී‍්‍ර ලංකාව, 2011 වන විට වාර්තා කළේ ඇමරිකන් ඩොලර් බිලියන 10ක අපනයන ආදායමකි. මීට හේතුව 2011 වසරේ ශී‍්‍ර ලංකා අපනයනයන්ගෙන් 62%ක්ම ප‍්‍රාථමික ගණයේ නිමි ඇඳුම්වලින් සමන්විත වීමයි. 1990 දි බංගලිදේශයේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.7ක් ලෙස වාර්තාවිය. 2011 වනවිට එය ඇමරිකන් ඩොලර් බිලියන 24 දක්වා ඉහළ නංවාගැනීමට එරට සමත් විය. ඇගලූම් කර්මාන්තය මතට යැපෙමින් නොසිට, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහභාණ්ඩ, යන්ත්‍රෝපකරණ, ඖෂධ, සහල් වැනි නිපැයුම් හරහා සිය අපනයන ඉපැයුම් වැඩිකර ගැනීමට වියට්නාමය හා බංගලිදේශය ඥානාන්විතව කි‍්‍රයාකළේය. ආචාර්ය සමන් කැලේගමට අනුව ශී‍්‍ර ලංකාවේ අපනයන භාණ්ඩවලින් 99%ක්ම අයත් වන්නේ තවෙකෙකුට කොපි කළ හැකි ඉතා ප‍්‍රාථමික ගණයටය.

2008 දී අධිතාක්ෂණික නිපැයුම් අපනයනය කොට ඇමරිකන් ඩොලර් මිලියන 102ක් උපයාගත් ශී‍්‍ර ලංකාව, 2010 වන විට ඉන් උපයාගත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 57ක ආදායමක් පමණි.

තාක්ෂණයේ පසුබෑම

2001 වසරේදී ශී‍්‍ර ලංකාවේ සමස්ත නිමැවුම්වලින් අධිතාක්ෂණික භාණ්ඩ ලෙස වර්ගීකරණය කළ හැකි වූයේ 2.2%කි. 2010 වන විට මෙය 1% දක්වා පහත වැටුණි. පසුගිය දශකය පුරාම අධිතාක්ෂණික භාණ්ඩ අපනයනයෙන් ශී‍්‍ර ලංකාව පසුබාන විට, දකුණු කොරියාවේ එය 75%ක් ලෙසද, තායිලන්තයේ 27%ක් ලෙසද සිංගප්පූරුවේ හා මැලේසියාවේ එය 50%ක් ලෙසද සටහන් වුණි. ‘‘නව දේ නොසොයන ජාතිය ලොව නොනගී’’ යනුවෙන් කුමාරතුංග මුනිදාස ශූරීන් එදා පැවසුවේ තම කට කහනවාට නොවේ. ලෝක වෙළෙ`දපොළ ජයගැනීමට අපේක්ෂා කරන කවර රටක් වුවද, තම අපනයන භාණ්ඩ කෙසේ නිමැවිය යුතුද යන කාරණය ගැන නිතර නිතර විද්‍යාත්මක පර්යේෂණ සිදුකරමින්, ගෝලීය ආර්ථික ප‍්‍රවණතා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. එහෙත් කරුමයකට දෝ, 2004 වසරේදී පර්යේෂණය හා සංවර්ධනය සඳහා සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.21%ක් වෙන් කළ ශී‍්‍ර ලංකාව 2008 වනවිට එය 0.11% දක්වා පහත හෙළීමට කටයුතු කළේය. ශී‍්‍ර ලංකාවේ සෑම පාසල් 10ක් අතරින් නවයක්ම විද්‍යා හා තාක්ෂණික ධාරාවෙන් උසස් පෙළ ඉගැන්වීමේ හැකියාවක් නොමැති ඒවා සේ සැලකිය හැකිය. අනෙක් අතට ශී‍්‍ර ලංකාවේ ආචාර්ය, මහාචාර්යවරුන් එළිදක්වන විවිධ පර්යේෂණ නිබන්ධන නොයෙක් ජර්නලයන්හි පළවන න්‍යායික දේවල් ඔහේ පවතිනවා මිස එමගින් බිහිවූ ‘‘ලොවට වැඩදායක’’ නිපැයුමක් නැති තරම්ය. ශී‍්‍ර ලංකා නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානය පමණක් එය පිහිටු වූ මුල් වසර තුළට සිය නැනෝ තාක්ෂණ නිපැයුම් සඳහා ජාත්‍යන්තර පේටන්ට් බලපත‍්‍ර පහක් අත්පත් කර ගැනීමට සමත් වී තිබීම සතුටට කරුණකි. ස්වාධීන රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නිවේදකයා කියන අන්දමට, දකුණු කොරියානු අගමැතිවරයා පුදුම කරන අන්දමේ ‘‘මැජික් නිපැයුම්’’ ශී‍්‍ර ලංකාව තුළ නොමැති වග අප ප‍්‍රථමයෙන් වටහාගත යුතුය. කැසිනෝහල්, හෝටල් ප‍්‍රමුඛ සංචාරක ව්‍යාපාරයෙන් පමණක් රටක් දිගුකාලීනව සංවර්ධනය කළ නොහැක. 70 දශකයේදී ශී‍්‍ර ලංකාවටත් වඩා ආර්ථික දරිද්‍රතාවෙන් පෙළුණු බොහෝමයක් ආසියානු දේශයන් අද අප රට පසුකොට ශීඝ‍්‍රයෙන් ඉදිරියට ඇදෙන්නේ තාක්ෂණ හා විද්‍යාත්මක පර්යේෂණ හරහා නව නිපැයුම් ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමට ඔවුන් සමත් වුණු හෙයිනි. දකුණු කොරියාවේ හුන්ඩායි හා කියා මෝටර් රථ ඉන්ධන පිරිමැසුම හා නවීන තාක්ෂණය අතින් ලොව ඉදිරියෙන්ම සිටී. සැම්සුන් සමාගම, ජපානයේ ‘‘සෝනි’’ අබිබවා ලෝක වෙළෙඳපොළ ජයගත්තේය. ඉන්දියාවේ ටාටා සමාගම, ඇමරිකාවේ ෆෝඞ් සමාගම වෙතින්, ජගුවර් හා ලෑන්ඞ් රෝවර් මෝටර් රථ සමාගම් අත්පත් කරගත්තේ 2008 ජූනි මාසයේදීය. මේ ආසියානු රටවලට ලොව ජයගත හැකි වූයේ, ඔවුන් සිය පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් තම දළදේශීය නිපැයුමෙන් වැඩි ප‍්‍රතිශතයක් කාලාන්තරයක් තිස්සේ වෙන් කළ නිසාය. ආසියාවේ ආශ්චර්යය අපය කියමින් කටින් බතල සිටුවීම පසෙක තබා විද්‍යාව, නව තාක්ෂණය, ඉංජිනේරු විෂය හා ගණිතය වැනි අධ්‍යාපනික ක්ෂේත‍්‍රවලට වැඩි වැඩියෙන් සිසු සිසුවියන් යොමු කිරීමද, නව නිපැයුම් ජනනය කිරීම ඉලක්ක කොටගත් විද්‍යා හා තාක්ෂණ පර්යේෂණයන්හි නියැළීම ද ශී‍්‍ර ලංකාව විසින් නොපමාව සිදුකළ යුතුය. මේ වැදගත් ප‍්‍රතිසංස්කරණ සිදුනොකොට දවස තලාගැනීම සඳහා පොදු ජනයා මත බදු බර පැටවීම ඉතා අසාධාරණය. ශී‍්‍ර ලංකාවේ දේශපාලනඥයන්ගේ වත්මන් කි‍්‍රයාකලාපය හා සැසෙඳන අප ජනවහරේ එන ශ්ලෝකයක් මෙහි සටහන් කිරීම වටී. ‘‘කතාවෙන් බහු සිද්ධංච - කිරියාවෙන් ටං හුටං’’!

රාවය -

3 comments:

  1. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  2. Oh! miracle of Asia. Bambuwa.

    ReplyDelete
  3. මට කැමති අනන්‍යතාවයක් තියෙනවා ඒක චමින්ද ප්‍රදීප් කුමාර ද සිල්වා හා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියන පිරිමි පෞරුෂ නාමයන්ගෙන් වගේම පුංචි කුමාරිහාමි, කුරුටු ගෑ ගී පොත වගේ ස්ත්‍රී අනන්‍ය නාම හැඩතල වලිනුත් එලියට එනවා. මගේ සුවිශේෂී වුනු ලිංගික අනන්‍යතාවයකුත් නැහැ. වරෙක ස්ත්‍රී වරෙක පුරුෂ ඇත්තටම මට ඔය දෙකම පිහිටලා තියෙනවා ජීව විද්‍යාත්මකව.

    මට පිරිමියෙකුගෙන් වගේම මට ගැහැණියකගෙන් සතුටු වෙන්නත් පිලිවනි. මම වරෙක ගැහැණියක ලෙස ගැහැණු ලිංගික පරිණාමකයින් පිරිමින්ව සතුටට සුරතාන්තයට පත් කර සතුටු වන අතර වරෙක පිරිමියෙකු ලෙස ඇඳුම් පැළඳුම් වලින් පමණක් ලෝකයෙහි පෙනී සිටිමි. මම කායිකව පරිපූර්ණ ගැහැණියක නමුදු සමාජය මාව මතුපිටින් දකින්නේ පිරිමියෙකු විලසය. මාගේ ලිංගික අනන්‍යතාව කාන්තාවකි.

    ReplyDelete

Powered by Blogger.