Header Ads

නිදහස්‌ අධ්‍යාපනය 21 ශතවර්ෂයට නොගැලපුවහොත් රටම අඳුරේය

21 ශතවර්ෂයේ දරුවන්ගේ හා ලෝකයේ අවශ්‍යතාවයන් දෙස බලන විට නිදහස්‌ අධ්‍යාපනය යනු මොන්ටිසෝරි සිට උපාධිය දක්‌වා නොමිලේ අධ්‍යාපනය දීම යන්නෙන් අදහස්‌ කරන්නේ නම් එය පාසලකට නිකමටවත් ගොඩවී නොමැති දෙඇශපාලයකුගේ මිස යන්තම් හෝ මොළයක්‌ ඇති අයකුගේ අදහසක්‌ විය නොහැක. අනිත් අතට කන්නන්ගර මැතිතුමාගේ කාලයේ එතුමාගේ ශ්‍රේෂ්ඨ අදහසක්‌ අනුව හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ඒ අන්දමටම ඉල්ලන්නේ නම් අප රට පමණක්‌ නොව සමස්‌ත ලෝකයම නැවත එම යුගයට යා යුතුය.

අප රටේ විවිධ දේශපාලන පක්‌ෂ සංවිධාන සරසවි සිසුන් මෙන්ම බෙහෝ ඇදුරන්ද සෑහෙන කලක සිට නිදහස්‌ අධ්‍යාපනය යන වචනය මන්ත්‍රයක්‌ ලෙසින් එසේත් නැතිනම් දේශපාලන වේදිකාවල ගිරිය කැඩෙන තුරු කියවන හිස්‌ සටන් පාඨයක්‌ බවට පත්කොටගෙන ඇති බව අප සැවොම දන්නා කරුණක්‌ වුවද එහි අරුත ඒ කිසිවකු දන්නා බවක්‌ නෙපෙනේ. මා හටද ඔවුන් කියන දේ නොවැටහුනත් එමඟින් වත්මන් අධ්‍යාපනයට සිදුව ඇති ව්‍යසනය හා අනාගතයේ දී සිදුවන්නට යන අති භයානක විනාශය පිළිබදව පුඑල් සංවාදයක අවශ්‍යතාවය කෙරෙහි යොමු කිරීමට මම බලාපොරොත්තු වෙමි. 21 ශතවර්ෂයේ දරුවන්ගේ හා ලෝකයේ අවශ්‍යතාවයන් දෙස බලන විට නිදහස්‌ අධ්‍යාපනය යනු මොන්ටිසෝරි සිට උපාධිය දක්‌වා නොමිලේ අධ්‍යාපනය දීම යන්නෙන් අදහස්‌ කරන්නේ නම් එය පාසලකට නිකමටවත් ගොඩවී නොමැති දෙඇශපාලයකුගේ මිස යන්තම් හෝ මොළයක්‌ ඇති අයකුගේ අදහසක්‌ විය නොහැක. අනිත් අතට කන්නන්ගර මැතිතුමාගේ කාලයේ එතුමාගේ ශ්‍රේෂ්ඨ අදහසක්‌ අනුව හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ඒ අන්දමටම ඉල්ලන්නේ නම් අප රට පමණක්‌ නොව සමස්‌ත ලෝකයම නැවත එම යුගයට යා යුතුය. නවීන තාක්‌ෂණය තුළින් ලොව වැඩිම වෙනස්‌කම් සිදුවෙමින් පවතින්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළය. දැනට වසර පනහකට පෙර අප බාලාංශ නැතහොත් පළමු වසරේ භාවිතා කළ ගල් ලෑල්ල, ගල් කූර වෙනුවට මුළු ලොවම තමා ළඟට ගෙන්වාගත හැකි ගල් ලෑල්ලට වඩා කුඩා වූ ඉඵොනෙ වැනි ඩිජිටල් මෙවලම් මෙන්ම ගුරුවරයාගේ කළු ලෑල්ල වෙනුවට ගුරුන්ට හා සිසුන්ට බොහෝ අධ්‍යාපනික විස්‌කම් කළ හැකි නිර්මානයක්‌ වන අන්තර් ක්‍රියාකාරිත්ව සුදු පූවරුව(ඓන්ටෙරcටිවෙ Wහිටෙබොඅර්ඩ්) නැතහොත් (Sමර්ට්ඹොඅර්ඩ්)  නමැති උපකරණයද පැන්සල හා කොපි පොත සිට විශ්වවිද්‍යාලයේ පුස්‌ථකාලය වෙනුවට සියලු අධ්‍යාපන තොරතුරු තමන්ගේ කුඩා ජංගම දුරකථනයට හෝ එවැනි කුඩා ඩිජිටල් යන්ත්‍රයකට තම ඇඟිලි තුඩු හරහා ලබා ගැනීම තුළින් දරුවාට ලෝකය දැකීමට හැකි මෙවන් යුගයක අධ්‍යාපනය සහමුලින්ම නොමිලේ දිය හැකිනම් ඊට වඩා ආශ්චර්යයක්‌ තවත් තිබිය නොහැක.

කුමන අන්දමකට අපි අධ්‍යාපනය හැඳින්වුවද එය ජාත්‍යන්තර මට්‌ටමින් දරුවන්ට ලබා දීම අත්‍යවශ්‍ය වන අතර එසේ කිරීමට නම් මෙම නවීන තාක්‌ෂණය අප අධ්‍යාපන ක්‌ෂේත්‍රයට ඇතුළත් කළ යුතුමය. එසේ නොදුනහොත් ඔවුන්ට රටවිරුවන් වීම හැරෙන්නට අන් මඟක්‌ නොමැත. "ජාතික අධ්‍යාපනය" හා "ජාතික ආර්ථිකය" යන වචනද නිදහස්‌ අධ්‍යාපනය වැනි ප්‍රකාශ ද දේශපාලන වේදිකා හිස්‌ වදන් බවට පත්ව ඇත. ඔය කෑ මොර දෙන අයගෙන් ජාතික අධ්‍යාපනය හෝ ජාතික ආර්ථිකය කියන්නේ කුමක්‌ද කියා ඇසුවොත් උත්තර නැති බව මා හොඳින් දනිමි. එක කට්‌ටියක්‌ වැව් දහදාහක්‌ කර තියාගෙන ඒ ජාතික ආර්ථිකය යෑයි කට මැත දොඩා දැන් නිදහස්‌ අධ්‍යාපනය කර තබාගෙන තරුණයන් මුළා කරමින් ඇත. රටකට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක්‌ මෙන්ම ශක්‌තිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ ද අත්‍යවශ්‍යය. එය සෑම රටකටම පොදුය. නමුත් රටක ආර්ථික හෝ අධ්‍යාපනික ක්‍රියාවලිය ජාත්‍යන්තර සම්බන්ධතාවලින් වෙන් කළ නොහැක. කිසියම් රටකට අයත් විශාල කම්හල්, සමාගම් රටවල් ගණනාවක්‌ පුරා ව්‍යාප්තව ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය (පාසල් හා උසස්‌) එක්‌තරා කාලයක ජාත්‍යන්තර මට්‌ටමින් පැවතුනු අතර අපගේ විශ්වවිද්‍යාල හා ආචාර්යවරු ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ සමීප සබඳතා පැවැත්වුවද අද ඒ සියල්ල බිඳවැටී විශ්වවිද්‍යාල යෑයි කිව නොහැකි තරමට පහළ මට්‌ටමට වැටී ඇත. (පීඨ දෙක තුනක්‌ හැරෙන්නට) පාසල් හා උසස්‌ අධ්‍යාපන අංශ දෙකම ජාත්‍යන්තර මට්‌ටමින් වේගයෙන් ඈත් වෙමින් ඇත. ඇමතිවරු ලේකම්වරු මාරුවන හැම අවස්‌ථාවකම පැලැස්‌තර අලවා පාසල් අධ්‍යාපනය දැන් හිඟන්නාගේ තුවාලයක්‌ බඳුය.

අපගේ ජාතික උසස්‌ අධ්‍යාපනයේ තත්ත්වය එක්‌ අතකින් අතිශයින් භයානක අතර අනිත් අතට ඉතාමත් කනගාටුදායකය. රටේ සමස්‌ත අධ්‍යාපනයේ වගකීම රඳා පවතිනුයේ සරසවි ඇදුරු ප්‍රජාව මත වුවද අද ඒ බව අමතක වන තරමට ඔවුන් දේශපාලන අතකොලු බවට පත්ව ඇත. ඊයේ අප ඉගෙනගත් දේ අද දරුවන්ට ඉගැන්වීමෙන් අප කරනුයේ එම දරුවන්ගේ අනාගතය විනාශ කිරීම බව ලොව ප්‍රකට අධ්‍යාපන විශේෂඥයන් පවසා ඇතත් අප බොහෝ පීඨවල ඇදුරු මහැදුරන් ඊට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින්නේ ඔවුන් අද සිසුන්ට උගන්වන්නේ අප ඊයේ ඉගෙනගත් දෙය නොව අපගේ දෙමාපියන් හා මුතුන් මිත්තන් ඉගෙනගත් දේ බැවිණි. මා මීට ඉහත කීප වරක්‌ම සඳහන් කළ පරිදි අප බොහෝ පීඨවල උගන්වනු ලබන පාඨමාලා හා විෂයයන් වැඩි ගණනක්‌ වසර සිය ගණන් පැරණි ඒවා වන අතර ඒවායින් බොහොමයක්‌ ඉවත් කිරීම හෝ 21 ශතවර්ෂයට අනුව හා ඉන් එහාට ගැලපෙන අන්දමට වෙනස්‌ කිරීමට සිදුව ඇත. එම පාඨමාලා හා විෂයයන් අද සිසුන්ට රටට හෝ ලොවට කිසිදු පලක්‌ නැත. ඉංග්‍රීසි භාෂාව ඇතුළු ලොව ප්‍රධාන භාෂා ගණනාවකට මුල් වූ ග්‍රීක්‌ ලතින් වැනි භාෂා මෙන්ම අපගේ හා දකුණු ආසියාතික භාෂාවලට අත්තිවාරම දැමූ සංස්‌කෘත පාළි භාෂාවන් අද භාවිතයේ නැත. එහෙත් එවා සංරක්‌ෂණය කරමින් පුස්‌තකාලවල ඇත. අප අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ එවැනි සංරක්‌ෂණයට යෑවිය යුතු පාසල් හා සරසවි විෂයයන් හා අධ්‍යාපන ක්‍රම ශිස්ල්ප බොහෝ ඇතත් එසේ කිරීමට අපගේ අධ්‍යාපන විශේෂඥයින් හා සරසවි ඇදුරු මහැදුරන් කිසිවිටක ඉඩ නොදෙන්නේ අනාගත පරපුරට හෙන ගැසී ගියත් තම නොහැකියාව වසන් කිරීමටත් තමාගේ බඩ වඩා ගැනීමේ අවශ්‍යතාව නිසාමය. සිසුන්ට හා රටේ අනාගතයට ඵලදායී ජාත්‍යන්තර තලයේ උපාධි පාඨමාලා නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ දේශපාලකයින්ට නොව සරසවි ඇදුරන්ටය. පාසල් අධ්‍යාපනයේ සංවර්ධනය ර¹ පවතිනුයේ ද ඔවුන් අතය. අවාසනාවකට අද ඔවුන් ඒ සියලුම වගකීම් අමතකකොට දේශපාලකයින්ට හා අන්තවාදීන්ට කඩේ යමින් සිටිති. ඔවුන් එම වගකීම් හා රාජකාරි නිවැරදිව ඉටු කරමින් රටේ සරසවි පද්ධතිය ජාත්‍යන්තර තලයට ගෙන ඒමට කටයුතු කරන්නේ නම් කිසිදු දේශපාලකයකුට සරසවි කටයුතුවලට අනවශ්‍ය පරිදි බලපෑම් කළ නොහැක. අනවශ්‍ය හෝ නුසුදුසු පත්වීම් කළ නොහැක. ඒ බවට අතීතයේ පැහැදිලි සාක්‌ෂි ඇත. එහෙත් අද අපගේ සමස්‌ත උසස්‌ අධ්‍යාපනයටම දේශපාලනය සුවකළ නොහැකි මාරාන්තික පිළිකාවක්‌ බවට පත්වීමේ සම්පූර්ණ වගකීම ගත යුත්තේ සරසවි අධ්‍යයන ප්‍රජාවය.

වාර්ෂිකව ලක්‌ෂ තුනක්‌ පමණ අධ්‍යාපනයට එකතුවන දරුවන්ගෙන් නිසි ඵල ලබාගන්නේ එනම් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් හා සෙසු ක්‍ෂේත්‍රවලින් අතලොස්‌සක්‌ ඇතුළු දෙතුන් දහසක්‌ නම් (සෙසු උපාධිධාරීන් බහුතරය රටට බරකි) ඒ නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵලය වන්නේ එයින් විශාල පිරිසකගේ අධ්‍යාපන නිදහස නැතිවීම නොවේද? උසස්‌ පෙළ සමත්ව එහෙත් සරසවි වරම් නොලැබෙන අති බහුතර සිසුන්ට යන එන මං නැති වන්නේ මේ නිදහස්‌ අධ්‍යාපනයෙන්ද? උසස්‌ අධ්‍යාපනය නොලැබෙන ලක්‌ෂ සංඛ්‍යාත පිරිසකගේ ඉරණම වන්නේ මැදපෙරදිග ගෘහ සේවය නැතහොත් රට විරුවන් වීම හෝ ඉතාමත් පහත් රැකියාවල නියුක්‌ත වීම නොවේද? ඊට වඩා ප්‍රතිඵලයක්‌ මෙම නිදහස්‌ අධ්‍යාපනයෙන් ගත නොහැකිද? රටට ඵලදායී යමක්‌ එකතු කළ සුද්දාට යටත්වීමට අකමැති වූ ශ්‍රේෂ්ඨ ජාතියකඇ වූ ශ්‍රී ලාංකිකයන්ට මැද පෙරදිග වහල් සේවයට යාමට සිදුව ඇත්තේ එය රටේ අංක එකේ විදේශ විනිමය උපයන මාර්ගය වීම නිසාද නැතිනම් පවතින නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵල නිසාද? ආසියාවේ රටවල් අතරින් වඩාත් දරුණුම අන්දමට පාසැල් පද්ධතිය පිරිහී ඇති රට අප රට වීමට හා වාර්ෂිකව බහුතර සිසුන් සංඛ්‍යාවක්‌ ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වැනි ප්‍රධාන විෂයයන් අසමත්වීම පවතින නිදහස්‌ අධයාපනයේ යථාර්ථයද? රජය රටේ අධ්‍යාපනය විකුණා කෑමට යන බව මොරගා කියන අයට අධ්‍යාපනය වේගයෙන් අලෙවි වීම නොපෙනෙන්නේද? නැතහොත් නොපෙනුනා සේ බලා සිටින්නේ නිදහස්‌ අධ්‍යාපනයට ඇති ගෞරවය නිසාද?

කෙසේ වෙතත් අධ්‍යාපනය වර්තමානයේ ලොව ඉදිරියෙන්ම පවතින සාර්ථකම වෙළඳ භාණ්‌ඩය බව මෙම අන්තවාදීන්ගේ නොදැනීම ගැන කනගාටු වෙනවා හැරෙන්නට කළයුතු දෙයක්‌ නොමැත. අද රට පුරා ජාත්‍යන්තර පාසැල් සහ උසස්‌ අධ්‍යාපන ආයතන වේගයෙන් වර්ධනය වනවා පමණක්‌ නොව ඒවා බෙහෙවින් ප්‍රචලිත වන්නේ එමගින් ජාත්‍යන්තර තලයේ උසස්‌ අධ්‍යාපන ආයතනවලට ප්‍රවේශවීමේ අවස්‌ථා හිමිවන බැවිනි. ඒ බව සනාථ කරවන සති අන්ත පුවත්පත් දැන්වීම් ව්‍යාජ ඒවා නම් ඔවුන්ට එරෙහිව නඩුඣ් පවරන මෙන් මා ඉහත සඳහන් කණ්‌ඩායම්වලින් ඉල්ලමි. එම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට හෝ ඔවුන්ගේ දෙමව්පියන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳ කිසිදු සැකයක්‌ නැත. 20 ශතකයේ මැද භාගයේ අප රටට වඩා පහලින් සිටි දකුණු කොරියාව අද ලොව සංවර්ධනය අතින් පතාකයකු වීමට බලපෑ අංක එකේ සාධකය අධ්‍යාපනයයි. එරට පාසල් යන දරුවන්ගෙන් 80% ට වැඩි ප්‍රමාණයකට උසස්‌ අධ්‍යාපන වරම් ලබන අතර රටේ උගතුන් වැඩි ගණනක්‌ උසස්‌ උධ්‍යාපනය ලබා ඇත්තේ බටහිර රටවල සුපිරි විශ්වවිද්‍යාලවලිනි. 2015 වනවිට එරටේ සියලුම පාසැල් සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්‌ෂණයෙන් පරිපූර්ණ කිරීමට සැලසුම්කොට ඇත. හොංකොං හා තායිවානය වැනි රටවල තත්ත්වය ද එසේය. ඒ සෑම රටකම ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය අනිවාර්ය මෙන්ම නිදහස්‌ (නොමිලේ) අතර පෞද්ගලික පාසල්ද ඇත. රාජ්‍ය මෙන්ම පෞද්ගලික උසස්‌ අධ්‍යාපන ආයතන ඇති අතර එවා බොහොමයක්‌ ජාත්‍යන්තර ඒවා බවට පත්ව ඇත්තේ විශාල මුදල් වැයකිරීමෙන් බැවින් ඒවාට නිකම් නැතහොත් පිනට උපාධි දීමේ හැකියාවක්‌ නැත. නමුත් විශාල සිසු සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව සකසා ඇත.

නිදහස්‌ අධ්‍යාපනය අර්ථවත් කළයුතුය යන්නන්අ මා අදහස්‌ කරන්නේ 21 ශතවර්ෂයේ සිසුන්ගේ හා රැකියා වෙළඳපළේඅ අවශ්‍යතාවලට අනුකූලව පාසල් අධයාපනය නවීකරණය කිරීමයි. එය පූර්ණ නැතහොත් රැඩිකල්වාදී වෙනසක්‌ මිස වසර 50 ක්‌ තිස්‌සේ අප කළ පැලැස්‌තර දැමීම නොවේය. අලුත්ම පැලැස්‌තරයක්‌ නොබෝදා අලවනු ලැබීය. එනම් තාක්‌ෂණ විෂයයක්‌ උසස්‌ පෙළට හඳුන්වා දීමයි එය නරක නොවුනත් තවත් පැලැස්‌තරයකි. එය තාක්‌ෂණය ලොවට හඳුන්වා දුන් මුල් කාලයේ එනම් 20 ශතවර්ෂයේ මැද ආරම්භ වු විෂයයකි. අද තාක්‌ෂණය අධ්‍යාපන මෙවලමක්‌ වන අතර එය පෙර පාසලේ සිටම සෑම විෂයකටම අතුළත් කළ යුතු අවධියකට අප පැමිණ ඇත. ඒවා ප්‍රධාන හර (ජදරු) විෂයයන්ට හා 21 ශතවර්ෂයට අදාළ නිපුනතාවලට (21 Cඑබඑමරහ Sනසකකි) අන්තර්ග්‍රහණය කළ යුතුය. ඒ සඳහා ඩිජිටල් තාක්‌ෂණය, මෙවලම් හා සිය දහස්‌ ගණන් මෘදුකාංග වෙළඳපළේ හා අන්තර්ංජාලය හරහා පහසුවෙන් හා පහසු මිලට ලබාගත හැකිය.

මේ සඳහා ප්‍රමුඛතම අවශ්‍යතාවය හැටියට මා අවධාරණයෙන් කියා සිටින්නේ ඔය පැලැස්‌තර අලවමින් රජය හා අධ්‍යාපන බලධාරීන් නොමග යවමින් සමස්‌ත අධ්‍යාපනයම තව තවත් ආපස්‌සට ගෙනයාමට පාරවල් හදන 19 හා 20 ශතවර්ෂවල හණමිටිවලින් ඔලුගෙඩි පුරවාගත් වෙනසක්‌ හෝ නව තාක්‌ෂණය ගැන මතක්‌ කළ පමණින් යක්‌ෂාරූඪවන අධ්‍යාපනයේ සියලුම තැන්වල ආධිපත්‍ය දරා සිටින උපදේශකයින් වහා ඉවත්කර 21 ශතවර්ෂයේ අධ්‍යාපන අවශ්‍යතා හා කුසලතා ගැන හසල දැනුමක්‌ ඇති ඒ පිළිබඳව දැක්‌මක්‌ හා ඩිජිටල් පරපුර (ඩ්සටසඒක බ්එසඩැ) නමින් ලොව අධ්‍යාපන විශේෂඥයින් විසින් හඳුන්වන ඩිජිටල් පරිසරය තම ජීවිතය කරගත් වතමන් හා අනාගත පරපුරේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කරගතහැකි පිරිසක්‌ තෝඅරාගෙන හෝ වෙනත් රටකින් ආනයනය කර හෝ මෙම පාසල් අධ්‍යාපනය ගොඩනැගීමේ හා ගොඩ ගැනීමේ භාරදූර කාර්යයන් පවරන ලෙසය.

සරසවි ඇදුරනි, අනාගත පරපුරේ අවාසනාවට පෙරහැර ගොස්‌ හමාරය. පාසැල් හා උසස්‌ අද්‍යාපනය උඩු යටිකුරු කරන තැනට අප සැවොම ගෙනැවිත් ඇත. එය හදවතින් හා ඔලුවෙන් අවබෝධ කරගෙන දැන්වත් රටේ අනාගත දරු පරපුර වෙනුවෙක්‌ අපගේ අධ්‍යාපන ව්‍යඣ්හමය වෙනස්‌ කිරීමට කටයුතු නොකළහොත් වැඩිකල් නොගොස්‌ ඔබට ද කඩවල දොරවල් වැසෙනු නොඅනුමානය

එච්. එම්. නවරත්න බණ්‌ඩා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
බාහිර මහාචාර්ය, නිව්යෝක්‌ සිටි විශ්වවිද්‍යාලය

No comments

Powered by Blogger.