මේ දෙරණේ රියැලිටි ළමා අපචාර.........
දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය ළමා මනසක් සහිතව ගත කිරීමට ඉඩ ලබා දීම සඳහා ඔවුන් අන්තර්ජාල පරිහරණයෙන් වැළැක්වීම පිළිබඳව ඇමෙරිකානු බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි මෑතකදී වාර්තා විය. ඒ අමෙරිකාවේය. එම රටද එසේ සිතද්දී ලක් දෙරණේ සිදුවන්නේ කුමක්ද? ළමා තරු තෝරන රියැලිටි වැඩසටහන් මගින් දරුවන් අපචාරයේ යෙදවීමය.
මෙවැනි වැඩසටහනකින් දිනූ අවුරුදු තුන හමාරක දැරියක් ගායනා කළේ ‘චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං’ (මඩේ ලගින තාරාවන්) ගීතයයි. ‘අක්ෂරය’ චිත්‍රපටයට එරෙහිව නීතිය හමුවට යාමට එක් හේතුවක් වූයේ එහි ළමා නළුවා මවගේ නිරුවත දකින ජවනිකාවක් ඇතැයි යන චෝදනාවයි. එසේ නම් ලිංගිකත්වය ඉස්මතු කරන ‘චපල හිමිට සිරි යහනේ’ ගීතය අවුරුදු තුන හමාරක දැරියක් ලවා ගායනා කරවීම ළමා අපචාරයක් නොවේ දැයි විමසමින් එකල ‘ඉරිදා ලක්බිම’ ට මා ලියූ ලිපියට බොහෝ තුතිබර ප්‍රතිචාර ලැබුණි. වැඩසටහන කළ ආයතනය පමණක් ‘ගොන් තර්ක’ ගෙනෙමින් ඊට එරෙහි විය. සැබැවින්ම දරුවන් වෙනුවෙන් පවතින කාර්යංශයක් හෝ පදනමක් එදා ඔවුන්ට එරෙහිව නීතිය හමුවට ගියේ නම් එය එතැනින්ම නවතිනු ඇත. ප්‍රශ්න කළ මට පහර දී මේ වන විට එය තවදුරටත් ව්‍යාප්ත කර තිබේ. පසුගිය සතියේ එම වැඩසටහන නැරඹූ මට (අවසන් භාගය පමණක්) දැක ගන්නට ලැබුණේ ‘නුඹේ සිතට පුන්සඳ පායලා වගේ’ යන ආදර ගීතය අවුරුදු අටෙන් පහළ දරුවෙකු ලවා ගායනා කරවූ අන්දමටය.
‘චපල හිමිට .....’ ගීතය ගයමින් එදා කුඩා දැරිය දැක්වූ අභිනයන් අනුමත කළ දෙමාපියන් , ගුරුවරුන් ගැන මෙන්ම එය අගය කළ සංගීත ක්ෂේත්‍රයේ විනිසුරු මඩුල්ල ගැන කවර කතාද? නුඹේ සිතට...... ‘ ගැයූ දරුවා ගැනද එසේමය. එදා නැගුණු ආදර කැක්කුමක් ගැන ගායනා නොකරවා එම දරුවා ලවා ගයවන්නට ළමා ගීත කොපමණ මේ රටේ ඇද්ද? මෙහිදී බලධාරීන් නගන මෝඩ තර්කයක් වන්නේ ගායනයේ විවිධ පරාසවලට යාම සඳහා ශෘංගාර ගී සහ ප්‍රේම ගී දරුවන් ලවා ගායනා කරවන බවයි. අ¼ෙදා්මැයි ඒ සඳහා විවිධ පරාසවල ගැයෙන බුදු ගුණ ගී මව් ගුණ ගී පිය ගුණ ගී, දේශාභිමාන ගී ස්වභාව සෞන්දර්යය ගැන ගැයෙන ගී කොපමණක් (ළමා ගීතවලට අමතරව) මේ රටේ බිහි වී තිබේද? මොවුන්ට ඒවායින් පලක් නැත. අවශ්‍ය වන්නේ මුදල් ගැරීම සඳහා ළමා මනස වැඩිහිටි කිරීමයි. විකෘති කිරීමයි. දරුවාට දරුවා ලෙස සිතන්නට සිටින්නට නොදීමද ළමා අපචාරයකි. දරුවෙකු දූෂණය කර වැඩිහිටි කිරීමද දරුවෙකු ලවා වැඩිහිටි ගීත ගායනා කරවා මනසින් වැඩිහිටි කිරීමද එක සමාන අපරාධයන්ය. ළමා පරපුරේ යහපත උදෙසා ඇති ළමා හා කාන්තා කාර්යංශය පමා වී හෝ දැන්වත් නාලිකාවල විකාශය වන ළමා රියැලිටි වැඩසටහන්වල වැඩිහිටි ගීත ගායනා කරවීමට එරෙහිව දැඩි පියවර ගත යුතුය. පසුගියදා පැවති ‘සුමති’ ටෙලි සම්මාන උළෙලේ දී ‘සුමති’ ප්‍රකාශන අධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ළමා වයසේ පසු වන දරුවන්ට ළමා කාලය අහිමි වීම ගැන කනගාටු වෙන් කතා කළේය. ළමා රියැලිටි වැඩසටහන් ගැන අප නගන මේ චෝදනා ගැනද එතුමා වැනි අය හෝ අවධානය යොමු කර බලධාරීන් දැනුවත් කරන්නේ නම් එය දරු පරපුරේ සුරැකුමට හේතු වන්නේය.
මේ වැඩසටහන් විනිශ්චය කරන ප්‍රවීණ ගායක ගායිකා සංගීතවේදීන් ගැන නම් කියලා වැඩක් නැත. අපූරුයි - අගෙයි - ෂෝක් කියා එම ගායනයන් වර්ණනා කරන ඔවුහුද ළමා අපචාරයේ හවුල්කරුවෝය. එදා ගුවන් විදුලියේ සිරි අයියාගේ හෝ කරු අයියාගේ ළමා පිටිය වැඩසටහන්වලින් සිදු කෙරුණේ ළමා ගීත මගින් ළමා ගායක ගායිකාවන් බිහි කිරීමය. ඔවුන් වැඩිහිටි වන තුරුම වැඩිහිටියන්ගේ ගීත ගයන්නට ඉඩ දුන්නේ නැත. මේ දෙරණේ මුදල් තණ්හාව මත අද ඒ තත්ත්වය කණපිට හරවා තිබේ. ශෘංගාරාත්මක ගී හා ප්‍රේම ගී ගායනා කරවා දරුවන් අපචාරයේ යොදවා මුදල් සොයන්නට උන්ට කිසි ලැජ්ජාවක් නැත. දෙමාපියෝද අද උන්ගේ ගොදුරු බවට පත්ව සිටිති. වගකිව යුත්තන් නිහඬය. ළමා පරපුර වෙනුවෙන් මෑතදී බෝනික්කෝ නමින් විශිෂ්ට ප්‍රසංගයක් පැවැත්වූ විශාරද ගායිකා සංගීතවේදීනී නීලා වික්‍රමසිංහයන් මේ රියැලිටි ළමා අපචාරවලට එරෙහිව මාධ්‍ය මගින් හඬක් නගනු අපි දුටුවෙමු. ඊට නීලාට සියලු ගෞරව හිමිවිය යුතුය. දරුවන් උදෙසා කැපවූ වැඩසටහන් කරන අතුල රන්සිරිලාල් - නාලක ස්වර්ණතිලක රත්නා
පුෂ්පකුමාරි (ළමා කුසලතා සංවර්ධන පදනම) වැනි කීප දෙනාද මෙහිදී අමතක කළ නොහැකිය.
ඇමෙරිකාව දරුවන් රකින්නට දැඩි පියවර ගනිද්දී මේ දෙරණේ දරුවෝ රියැලිටි අපචාරයේ යොදවනු ලැබෙති. මේ මාධ්‍ය දුරාචාරයට එරෙහිව දැන්වත් අදාළ බලධාරීන් පියවර නොගන්නේ නම් රට පුරා සිදුවන ළමා අපචාර ගැන කතා කිරීමේ ද තේරුමක් නැත. මේ සම්බන්ධ කතාබහකදී මගේ මිතුරෙකු දැක්වූ අදහස ගීතයකට කැටි කළ හොත් එය මෙසේය.
“දරු පරපුර රැක ගන්නට වෙහෙස වෙන්නෙ මොන රටේද
ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ........
ඇමෙරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
මේ දෙරණේ රියැලිටි නම් ඉවර වෙන්නෙ නෑ
දරු පරපුර වනසන එක නතර වෙන්නෙ නෑ”
ආනන්ද පද්මසිරි

ahema kiyannath beeee.podi ayageth sagauna kusalatha hakiyawan eliyata anawa akennn.anagathe hadenawa a ayagee.akata karannaa thiyennee ama program wala standard aka quality aka gana hoyana akaa nethuwa awa nawaththana aka neweee mr.writter.lankaweee mechchara waradiweda wenawa eth lankawe aya hoyannemaa hoda deka thiyena podi deyakkk.mewa liyana aunuth gon harak
ReplyDeleteBambuwa thama,, Mona kusalathawayanda.? poddak balanna Child Psychology ... Lamai mona paratada yawanne mehema karala?
DeleteLamaingen eliyata ganna one lama kusalatha...nathuwa podi kale sagaila thiyena wadihiti kuslatha nemei.ada lamainge vinaya pirihila thiyenne me wage moda fun ganna ayanisai.Pls Lamanta eyalage lama kalaya lamai vidiyatama inna denna.
DeleteLamainge eliyata ganna one lama kussalatha missk eyala thula thama sagavila thiyena,wadihitiyo wenakan eliyata noauthu wadihiti kusalatha nemai.me wage hithana moda minissu inna nisai ada TV channel walata ape lamainwa vikunala hambu karanna puluwa wela thiyenne.karuna karala lamainta eyalage lama kale lamain vidiyata inna denna.
Deletemechchara lankawee naraka dewal wenawaaa awa hoyanne neeee.hoda deka thiyena podi deyak allan ke gahanawaaaa.bullshit..awata banina aka newe karanna onaaa ahenam awage standard akai quality akai wadi karana aka mr.writter
ReplyDeleteQulaty wadi karanna thamai buruwo lama song sing karanna kiyanne love song nathuwa. meee haraka
ReplyDeleteKatawa sahatika atta. dan ape rate karana me wage wadasatahan gana wagkiwa utto as arala balanna one kale awilla. derana, sirasa wage winaskari channal ape daruwanwa saha kolu kellange hageem ekka sellam karanawa. pahugiya dawasaka super star eke lamayek kiyanwa a wada satahanedima eya harima duppath mokakda podi rassawak kala wadasatahanata adinna gaumak ganna, ekath adinna epa qwa kiyala sirasen. eya adan hitapu gauma antime wena yaluwekugen illa gatte kiyala. a kiyanne a lamaya duk windala argaththu gaumath sirasata quality na. me wage ape daruwowange hageem ekka sellam karanna denna honda na badagostarawadi nalika walata.
ReplyDeleteubalata pissu oita wada dewal tiyanawa hoyanna balapan me podi unta meka witarai tiyenne tamange hakiyawan pennanna
ReplyDeleteකෙලින් කතා කරමු.මේ හදිස්සියේ මේ මාධ්‍ය වලට ළමයි අරන් මේ වගේ ඒවා කරන්න හිතුනේ ඇයි?ආසන්නතම හේතුව ඉන්දියාව ඇතුළු ලංකාව හිස් මුදුනින් අනුකරනය කරන්න යොදා ගත් රටවල් කීපයක මේ වගේ විකාර පටන් ගත්ත එක.ළමයෙක් කියන්නේ පොඩි වැඩිහිටියෙක් නෙවෙයිනේ.ළමයි අරන් වැඩසටහනක් කරන්න ඕන නම් එතනදි ඒ ලමයින්ගේ ළමා කම ඉස්මතු වෙන දෙයක් කරන්න තිබ්බා.සින්දු කියවන්න ඕන නම් ඒ ළමයට ගැලපෙන ගීත දෙන්න තිබ්බා.දැන් නිකමට හිතන්න ළමයෙක් අඩු ගානේ තමන් කියන ගීතයේ තේරුම ගැනවත් දන්නවද කියලා?අනික මෙතන මේ තව කොච්චර නරක වැඩ වෙනවද අරකද මේකද කියලා බයිලා ගහන්නේ ප්‍රශ්නෙන් පැනලා යන්න හදන අය.මත තියා ගන්න එළි පිට එන කොටියාට වඩා බැටළු හම පොරවගත්ත වෘකයා භයානකයි.

ReplyDelete