කැලම් මැක්රේ (කුලියට චිත්‍රපට හදන 'කොටි' අධ්යක්ෂ)
පොදු රාජ්‍ය මණ්ඩල සැසි වාරය වාර්තා කිරීම සඳහා පසුගියදා ලංකාවට පැමිණි කොටි සුරතලා වූ කැලම් මැක්රේ නිකම්ම නිකම් ගොබ්බයකු ලෙස සලකා අහක දැමිය නොහැක. එංගලන්තයේ එඩින්බරෝ කලා පාසලේ ඉගෙන ගත් ඔහු දැන උගත්කමක් ඇති කපටියෙකි. මේ නිසා ඔහු කරන දුෂ්ට වැඩවලට අනන්‍යතාවක් සහ පිළිගැනීමක් තිබේ. මධ්‍යකාලීන අධිරාජ්‍යවාදයේ මවුබිම වුව අවුරුදු 500 කට කිට්ටු කාලයක් ලෝකයෙන් සැලකිය යුතු කොටසක් සූරා කෑවා වූද, ශ්‍රී ලංකාවේ සියලු සාරය උරාබීහපයෙන්ද කොටසක් අනුභව කළා වූද මහා බ්‍රිතාන්‍යය කැලම් මැක්රේගේ ජන්ම භූමියයි. ඔහු කුලී මාධ්‍යවේදියෙකි.
ජාත්‍යන්තර යුද බිමේ කුලී හේවායෝ සිටිති. එහෙත් ජාත්‍යන්තර යුද බිමේ කුලී මාධ්‍යවේදීන් නැත. මේ අඩුව සපුරාලමින් කැලම් මැක්රේ 2010 දී හෝ ආසන්න කාලයකදී දෙමළ කොටි ත්රස්තවාදීන්ට පක්ෂව වාර්තා චිත්‍රපටයක් තනයි. එය කුලියට තැනූ චිත්‍රපටයකි. 2011 වසරේදී එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව පැවැත්වෙන විට එම කුලී චිත්‍රපටය පෙන්වා විශාල නාඩගමක් නැටීමට විදේශගතව සිටින දෙමළ කොටින් සහ ඔවුන් ජීවත් කරවන ඩයස්පෝරා කට්ටිය උත්සාහ කළ නමුදු සිතූ තරම් පලප්‍රයෝජනයක් එයින් ලැබෙන්නේ නැත. ඒ නිසා දෙමළ ඩයස්පෝරාව මැක්රේ ලවා දෙවන චිත්‍රපටයකුත් සාදවයි. පසුගිය දිනවල විවිධ රටවල එය පෙන්වමින් එදාවේල සොයාගත් මැක්රේ ඉතා පහසුවෙන් මිලට ගත හැකි පුද්ගලයකු බවත් අවස්ථාවාදියකු බවත් පෙරේදා දහවල් පැහැදිලි විය. ඒ මෙතෙක් කලක් තමා(ව) නඩත්තු කළ කොටි සංවිධානයේ යුද අපරාධ ගැන වහාම විමර්ශනයක් කළ යුතු බව ''දිවයින'' සමග කළ සාකච්ඡාවකදී ඔහු කීමය. ඔහු මෙතෙක් කලක් තමන්ට කෑම බීම ලබා දුන් කොටි සංවිධානය ගැන මෙබන්දක් කියන්නේ ඇයි? ඔහු මේ මොහොතේ සිටින්නේ ලංකාවේය. එබැවින් තමා ලංකාවට සුදුසු පරිදි කතා කළ යුතු බව ඔහු කල්පනා කරන්නේය. කොටි ත්රස්තයන්ගේ අපරාධ ගැන විමර්ශනයක් කළ යුතු බව ඔහු එංගලන්තයේ දී නම් නිකමටවත් කියනු ඇද්ද? අප නම් හිතන්නේ ඔහු කොටින්ට විරුද්ධව වචනයක්වත් නොකියන බවය. එසේ කීවොත් ඔහුට කුලියත් නැත. පණත් නැත·
ශ්‍රී ලංකාව යනු රටින් කැබැල්ලක් කඩාගෙන තමිල්නාඩුවේ අනුභවය පිණිස සපයන්නට බලා සිටි ත්‍රස්ත කණ්ඩායමක් පරදවා නිදහසේ හුස්ම ගැනීමට තැත් කරන රටකි. කැලම් මැක්රේ වැනි දුෂ්ට සහ අමන කුලී මාධ්‍යකාරයන් කරන්නේ අප හුස්ම ගන්නට තැත් කරන විට නාස් පුඩු තරයේ මැඩගෙන සිටීමය. මෙය නව යටත්විජිතවාදයේ සහ නව අධිරාජ්‍යවාදයේ ලක්ෂණයකි. මැක්රේ සැම්පලයේ සිංහල මාධ්‍ය කුලීකාරයෝද බහුලව වෙසෙන අතර ඔවුන් වැඩි දෙනා දැනට වාසය කරන්නේ යුරෝපයේ රැකවරණ යටතේය. ලංකාවේ බෙදුම්වාදී යුද්ධයට වඩා ලක්ෂ ගුණයක් භයානක කෝටි ගුණයක් හානිදායක සංග්‍රාමික සිදුවීම් යුරෝපය විසින් සිදු කරන බව අපි හැමෝම දනිමු. තලේබාන් හෝ අල්ඛයිඩා සංවිධානය විනාශ කිරීමට යයි කියමින් ඇමරිකාව හැම රැයකම පාහේ පාකිස්තානය සහ ඇµඅගනිස්ථානය අතර දේශසීමාවන්ට බෝම්බ දමයි. මෙවිට තලේබාන් කාරයන්ද ආණ්ඩුවේ ක්ලාක්ලාද, කඩවල බඩු කිරන අයද, රටඉඳි බිස්නස් කරන අයද පසුදා පාසල් යැමේ අපේක්ෂාවෙන් නින්දට යන උදවිය යනාදී වශයෙන් සිය ගණන් දෙනා එක රොත්තට මිය යති. කැලම් මැක්රේ මේ නීච ක්‍රියාවන් ගැන චිත්‍රපටයක් තබා වේදිකා නාට්‍යයක්වත් නොතනන්නේ ඇයි? ඇමරිකන් ජනාධිපති බැරක් ඔබාමාගේ රහස් ඔත්තු ඒජන්සිය විසින් ලෝකයේ භාගයකම දුරකථන ඇමතුම්වලට සවන් දෙන බව පසුගියදා හෙළි විය. කැලම් මැක්රේ මේ ගැන චිත්‍රපටයක් තබා වීථි නාට්‍යයක් වත් නොතනන්නේ ඇයි? දුෂ්ට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා 1818 කැරැල්ල යොදාගෙන මේ රටේ වැසියන් දස දහස් ගණනක් ඝාතනය කළ අතර ගැහැනුන් දහස් ගණනක් දූෂණය කර ළමයින් දහස් ගණනකගේ බෙලි කපා ගෙවල් ලක්ෂ ගණනක් ගිනි තැබූ බව මුළු ලෝකයම දනී. කැලම් මැක්රේ මේ ගැන ඓතිහාසික චිත්‍රපටයක් සෑදීමෙන් වැළකී සිටින්නේ ඇයි? කුලී මාධ්‍යවේදියකු වන ඔහුට ඒ සඳහා මුදල් වැය කිරීමට කෙනකු සොයා ගැනීමට බැරිද? පිට රටවල සිටින අයගේ දේශප්‍රේමීන් කළ යුත්තේ මෙවැනි ව්‍යාපෘතීන්ට සහාය දීමය. එහෙත් කොටින් සමග අත්සන් කර තිබෙන ගිවිසුම්වලට අනුව එවැනි චිත්‍රපට හදනවා තබා එවැනි චිත්‍රපට හැදිල්ලක් ගැන හිතන්නටවත් කැලම් මැක්රේට ඉඩ නැති බවය අපගේ වැටහීම.
divina-

your writing is so biased that you couldn't understand the fact that Callum Macrae is a journalist. it was his duty to make that documentry. it's not a movie like you said. please read his profile here: http://en.wikipedia.org/wiki/Callum_Macrae
ReplyDeleteto get an idea about what reporting is.
he is not a journalist but a literary terrorist
Delete