ඉංග්‍රීසියට පෙරළා විලියම් හේග්ට කියවනු පිණිස....

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලක් රජය ස්‌වාධීන සහ විනිවිද පරීක්‍ෂණයක් ඇරඹිය යුතු බව විලියම් හේග් විසින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කියනු ලැබ ඇත. මෙය වූ කලී කඩේ මුදලාලිට කිවයුතු පණිවුඩය බඩු ගැනීමට එන පාරිභෝගිකයකුගේ දුර ඥතියකුට කීම හා සමාන ක්‍රියාවකි. යුද්ධය ගැන විනිවිද පරීක්‍ෂණයක් පවත්වන ක්‍රමවේදය අපට නොතේරේ. යුද අපරාධ චෝදනා යනු නිර්නාමික පෙත්සමක් වැනි දෙයකි. ශ්‍රී ලංකා යුද හමුදාව කොටි පොලිස්‌පති මැරූ බව කෙනෙක් කීය. පොට්‌ටු අම්මාන් ඝාතනය කළ බව තව කෙනෙක් කීය. ප්‍රභාකරන් මැරූ බව තව කෙනෙක් කීය. කොටි ත්‍රස්‌තවාදීන් ඝාතනය කළ බව තවකෙක් කීය. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය යනු අවුරුදු තිහක් පරණ කතාවකි. මායිම් ගමකට පැන පවුල් තිහ හතළිහක් කපා කොටා ඝාතනය කළ තිරිසන් ත්‍රස්‌තවාදියකු හසු වූ විට ඔහු ඒ. සී. වාහනයක දමාගෙන කොළඹ ගෙනවුත් ටාඡ් සමුද්‍රඩ් හෝටලයේ හෝ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නවත්වා බුරියානි කන්නට දී, සුරූපී තරුණියන් ලවා ඇඟ මසාඡ් කර අලුත්කඩේ උසාවියට ගෙන ගොස් නඩු ඇසිය යුතුද? එසේත් නැත්නම් ඔහු ඇල්ලූ සැණින්ම ඔහුට කතා කිරීමට තුවක්‌කු සහ වෙනත් ගිනි අවිවලට ඉඩ ලබාදිය යුතුද? ඉරාකයේදී බ්‍රිතාන්‍ය යුද හමුදාව මේ දෙකෙන් කුමක් කළේද? ඇµඅගනිස්‌තානයේදී ඇමරිකාව මේ දෙකෙන් කුමක් කළේද?
යුද්ධය විනිවිදය. පාර්ශ්ව දෙක අතේම තුවක්‌කු තිබුණු අතර මුලින් කොකා ගැස්‌සූ එකා අතින්, එසේ කිරීමට පමා වූ එකා මළේ ය. යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තවාදීන් එවෙලේම එතැනම වෙඩි තබා මැරිය යුතු වූ නමුත් කොළඹ ගෙනවුත් තරු තුනේ හෝටලයක් වන මැගසින් රිමාන්ඩ් හිරගෙදර ගාල්කර නඩු අසා වරදකරු වූ විට තරු හතරේ හෝටලයක් වන බන්ධනාගාරයට යෑවීය. ඒ අතර ඉතා භයානක ත්‍රස්‌තවාදීහු මාස දෙකේ, මාසයේ, අවුරුද්දට අත්හිටවූ සිර දඬුවම් වැනි බෝනස් සහන යටතේ ලාබෙට දඬුවම් ලැබ නිදහස් වූහ. එහෙත් කොටි ත්‍රස්‌තවාදීන්ට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් අත්අඩංගුවට ගැනීමට ලැබුණු විට සිදුවූයේ කුමක්‌ද? උදලු තලවලින් කොටා අත්වල ඇඟිලි කැපීම ය. සිරුරේ අංග ඡේදනය කර එම අංග දෙස බලා සිටීමට සැලැස්‌වීම ය. පොළොව යට හිරගෙවල්වල දමා සුළුදිය පානය කරන්නට සැලැස්‌වීම ය. මේ යුද්ධය ආණ්‌ඩුවේ සහ යුද හමුදාවේ පැත්තෙන් විනිවිදය. ඒ බව කෝට් බෝට් සහ තරු පටි ගැලවූ හිටපු ජෙනරල් පවා පිළිගනී. එහෙත් ත්‍රස්‌තවාදීන්ගේ පැත්තෙන් යුද්ධය විනිවිද නැත. ඒ විනිවිදභාවය ගැන කටඋත්තර ලබා ගැනීමට නම් පොට්‌ටු අම්මාන්ට පණ දිය යුතු ය. ප්‍රභාකරන්ට කතා කිරීමට සැලැස්‌විය යුතු ය. මුහුදු කොටි නායකයා වළෙන් නැගිටුවා ගත යුතු ය. කොටින්ගෙන් වෙඩි කා මියගිය පනස් දහසකට ආසන්න ජනයාට ජීවන හුස්‌ම පිඹිය යුතුය.
divaina -
කේ පී සහ කරුණා ගැන සදහනක් නැහැ නේ.. ඒ අය ආන්ඩුවෙ ඉන්නව ාමදිවට ජනපති තුමා එක්ක කතා කරනවාත් නේ..
ReplyDelete