ජනාධිපති :- කෙහෙළි, උඹ කියපං අරූට වීසා දෙන්නේ නෑ කියලා........කෙහෙළි :- ඊට පස්සේ සර්......කැලම් මැක්රේට වීසා දුන්න හැටි චක්කුවාට පෙනෙන හැටි
අපේ ජනාධිපති ලොක්කව අන්දන්න ලේසියෙන් බෑ. මාර මොළයක් එයාට තියෙන්නේ. කබරයා තලගොයා කරන්නත්, තලගොයා කබරයා කරන්නත් ලෝකේ ඉන්න ‘නම්බර් වන්’ තමයි අපේ ජනාධිපති උතුමා.
මම එහෙම කිව්වෙ මොකද දන්නව ද? මේ, ඊයේ පෙරේදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 කියන රූපවාහිනියේ වැඩ සටහන් අධ්යක්ෂ කැලම් මැක්රේ කියන හාදයා ඉන්දියාවට එන්න වීසා ඉල්ලුවා. එයා ඉන්දියාවට එන්න හැදුවේ ඉන්දියාවේ ටුවර් එකක් යන්න නෙමෙයි. පසුගිය යුද්දේ කාලේ ලංකාවේ සිද්ධ වුණා කියන යුද අපරාධ ඇතුලත් කරලා හදපු වීඩියෝ එකක් පෙන්නලා ඉන්දියාව මඤ්ඤං කරන්න.ඊට පස්සේ අපේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට අන්නන්නයි මෑන් ප්ලෑන් කරලා තිබුණේ. ඒ වීඩියෝවේ ඇත්ත, නැත්ත මොකක් වුණත් මිනිහට ඉන්දියාවට එන්න වීසා හම්බ වුණා නම් මාර ජංජාලයකට තමයි ලංකාවට කර ගහන්න සිද්ධ වෙන්නේ.
ඉන්දියාව මේ මිනිහට වීසා දුන්නේ නෑනේ. කැලම් මැක්රේට අම්බානක තද වුණා වැඩේට. එයා බ්‍රිතාන්‍යයේ පත්තරවලට කිව්වා ඉන්දියාවයි ලංකාවයි යටි කූට්ටු ගේමක් දීලා මිනිහගේ වීසා කැන්සල් කළා කියලා. “ මම මේක ලේසියෙන් අත හරින්නේ නෑ” කියලත් කැලම් මැක්රේ කිව්වා.
අපේ ජනාධිපතිතුමා කළේ මොකක්ද දන්නවද? කැලම් මැක්රේට විතරක් නෙමෙයි බ්‍රිතාන්‍යයේ තවත් පත්තරකාරයෝ තිහකට විතර අපේ රටට ඇතුල් වෙන්න වීසා දෙන්න කියලා අපේ විදේශ අමාත්‍යාංශයට උපදෙස් දුන්නා.
කොහොමද වැඩේ? ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල උන්නැහේ ටික දවසකට ඉස්සරින් කිව්වා කැලම් මැක්රේට ‘ලංකාවේ පස් පාගන්න දෙන්නේ නැහැ’ කියලා. ලංකාවේ කීර්තිමත් ප්‍රතිරූපය මේ යක්ෂයා ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරන නිසා වීසා දෙන්නේ නැහැ කියලයි රඹුක්වැල්ල උන්නැහේ කිව්වේ. අන්තිමට සිද්ධිය කෙළවර වුණේ මේ විදිහට වෙන්න ඇති.
ජනාධිපති :- කෙහෙළි, උඹ කියපං අරූට වීසා දෙන්නේ නෑ කියලා.
කෙහෙළි :- ඊට පස්සේ සර්..
ජනාධිපති :- ඊට පස්සේ මම කියනවා මෑන්ට වීසා දෙන්න කියලා.
කෙහෙළි :- ඒ ඇයි සර්..
ජනාධිපති :- ඇයි යෝදයෝ උඹට තේරෙන්නේ නැද්ද? අපිට ගහන්න එන එකාට ඉන්දියාව වීසා දෙන්නේ නැති කොට මම මිනිහට වීසා දෙනවා. ඉඹලා පිළිගන්නවා.
කෙහෙළි :- එතකොට මොකක්ද සර් වෙන්නේ?
ජනාධිපති :- මට ගහන්න බෝම්බයක් ගෙනාවත් මැක්රේට හිතෙනවනේ ඌටම ඒක පුපුරවා ගෙන මැරෙන්න.
කෙහෙළි :- සර්ගේ මොළේ තමයි සර් මොළේ කියන්නේ.
කෙහෙළිය උන්නැහේ එහෙම නොකීවත් මට හිතෙන්නේ ඒ විදිහට. ලංකාවට ගොඩ බහින කැලම් මැක්රේ අන්තීමට අරලියගහ මන්දීරයටත් ගිහින් අපේ ජනාධිපති ලොක්කා එක්ක ආප්පයක් කාලා ප්ලේන්ටියක් නොගැහුවොත් අම්මපා..මම ආයෙමත් රිමාන්ඩ් වෙනවා.. වෙනවාමයි. ෂුවර්..
‘චක්කුවා’ගේ පසුවිපරම

අනේ පවු කැලම් මැක්රෛ් ත් යයිද දෑත් සක්තිමත් කරන්න..
ReplyDelete