Header Ads

රේවත හිමියන්ගේ කාමසුඛල්ලිකානු පැවිද්ද

ඉන්දීය මහාබෝධි සංගමයේ සභාපතිත්වය දැරූ ප‍්‍රකට ඉන්දීය ව්‍යාපාරික ආචාර්ය බීකේ මෝදි මහතා පසුගිය මාසයේ වැඩි සද්ද බද්දයක් නැතිවම සිය ධුරයෙන් ඉල්ලා අස්විණි. ඉන්දියාවට ඡායා පිටපත් යන්ත‍්‍ර, ජංගම දුරකතන, ලේසර් මුද්‍රණ යන්ත‍්‍ර මුලින්ම හඳුන්වාදීමේ ගෞරවයට හිමිකම් කියන මෝදි මහතාගේ ඉල්ලා අස්වීම ඉන්දීය ජනමාධ්‍යයන්ට ඉව වැටීමට වැඩි කලක් ගියේ නැත.

එහි ප‍්‍රතිඵලය වූයේ මෝදි මහතාට ජනමාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට සිදුවීමය.

‘‘මේක මූලධර්ම පිළිබඳ ප‍්‍රශ්නයක්.’’ ඔහු ප‍්‍රකාශ කළේය.

‘‘මම 2004 වසරේ සංගමයේ සභාපතිත්වය බාරගත්තේ දලයි ලාමා තුමන්ගේ දැඩි ඉල්ලීම මත. නැවත 2007 වසරේදීත් මම සභාපති ධුරයට පත්වුණා. මම උපතින් බෞද්ධයෙක් නෙවෙයි. උපතින් මම හින්දු. එහෙත් දැන් මම අදහන්නේ බෞද්ධාගම. ඒත් හදිසියේම ඉන්දීය මහා බෝධි සංගමය තීරණය කරලා තියෙනවා, සංගමයේ තනතුරු දැරිය හැක්කේ උපතින්ම බෞද්ධයන්ට පමණයි කියලා. ඉතින් මම හිතුවා ඉල්ලා අස්වෙන්න.’’ මෝදි මහතාගේ ඉල්ලා අස්වීමත්, ජනමාධ්‍ය හමුවේ ඔහු කළ ප‍්‍රකාශයත් නිසා සමස්ත ඉන්දීය සමාජයේම බලවත් අවධානය ඉන්දීය මහා බෝධි සංගමයේ මේ නව තීරණය වෙත යොමුවිණි.

ඉන්දියාවේ ඉන්නා බෞද්ධයන්ගෙන් ඉතා සුළු ප‍්‍රතිශතයක් හැරෙන්නට අන් සියල්ලෝම උපතින් බෞද්ධයෝ නොවෙති. විවිධ හේතු නිසා පසුකලෙක බුද්ධාගම වැළඳ ගත්තාහුය. ඉන්දීය මහා බෝධි සංගමයේ මේ තීරණය කිසි ලෙසක බෞද්ධ දර්ශනය සමග නොපෑහෙන බව ඔවුන්ගේ මතයයි. මේ තීරණය නිසා බෞද්ධයන් අතර පැළැන්ති දෙකක් නිර්මාණය කෙරෙන බවටද ඔවුහු චෝදනා කරති.

‘ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පත පෙන්වා දෙන අන්දමට මේ ආකාරයෙන් හදිසියේම සංගමයේ ව්‍යවස්ථා සංශෝධනයක් කරලීමට මූලික හේතුව එහි මහලේකම් ධුරය දරන ආචාර්ය දොඩන්ගොඩ රේවත හිමියන්ගේ පුද්ගලික අභිලාෂයකි. සංගමයේ ව්‍යවස්ථාවට අනුව මහලේකම් ධුරය වාර තුනකට වඩා වැඩි අවස්ථාවක් දැරිය නොහැකිය. උපතින් බෞද්ධයන්ට පමණක් තනතුරු සීමා කිරීමට මුවාවී, අවශ්‍ය ඕනෑම වාර ගණනක් මහලේකම් ධුරය දැරීමට අවශ්‍ය සංශෝධනයක්ද ඇති බව එම පුවත්පත පෙන්වා දෙයි.

ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් මහාබෝධි සංගමය පිහිටවූ යුගයේ පටන් මේ වන තුරුම බුදු දහම වැළඳගත් ඉන්දීය ජාතිකයන් පමණක් නොව, හින්දු දහම අදහන, එහෙත් බොදු දහම ප‍්‍රචලිත වනු දැක්මට රිසි ඉන්දීය ජාතිකයන්ද ඉන්දීය මහාබෝධි සංගමයේ තනතුරු හොබවා තිබේ. ඉන්දීය මහාබෝධි සංගමයේ මුල්ම සභාපති ආශුතෝශ් මුකර්ජි මහතා බෞද්ධාගම වැළඳගත්තෙක් පවා නොවේ. ඔහු බුදු දහම අගයන හින්දු බ‍්‍රාහ්මණ වංශිකයෙකි. එවන් පසුබිමෙක මෙවන් සංශෝධනයක් ගෙන ඒම සුදුසු නැති බව ප‍්‍රකාශ කළ සංගමයේ උප සභාපතිවරයකු වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු භගවතී ප‍්‍රසාද් බැනර්ජි මහතාට මුහුණපාන්නට සිදුවී ඇත්තේ ඉතාමත් අභාග්‍යසම්පන්න සිදුවීමකටය.

‘‘මම පහුගිය අවුරුදු 25 තිස්සේම සංගමයේ ප‍්‍රධාන නීති උපදේශකයකු ලෙසත් කටයුතු කළා. මේ ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයකින්, බෞද්ධාගමික යන් අතර අනවශ්‍ය භේදයක් ඇතිවෙන බවත්, එය බුදු දහම වැළඳගත් ඉන්දීය ජාතිකයන්ට කෙරෙන අසාධාරණයක් බවත් මම පෙන්වා දුන්නාම, මට ඉතාම රළු විදියට බැණ වැදුණා. දරුණු විදිහට ගාල ගෝට්ටි කළා. මගේ ජීවිතේ කිසිම වෙලාවක බෞද්ධ භික්ෂුවක් එහෙම හැසිරෙනවා මම දැකලා නෑ. මට අදහාගන්න බැරිවුණා. මාව නිලංකාර වෙලා සිහිනැතිවුණා. සිහිය එනකොට මම ඉස්පිරිතාලේ. ඒ කම්පනයට මට ආඝාතය වැළඳුණා.’’ තවමත් ලෙඩ ඇඳේ සිටින බැනර්ජි මහතා ඉන්දීය ජනමාධ්‍ය හමුවේ කියා සිටියේය.

බැනර්ජි මහතා පමණක් නොව සංගමයේ උපසභාපතිවරුන් ලෙස සේවය කළ බෙංගාලයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අමියෝ කුමාර් සමන්තා මහතාද, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු චිත්තතෝශ් මුකර්ජි මහතාද සංගමයෙන් ඉල්ලා අස්වී ඇත.

මුකර්ජි මහතා සහ මහාබෝධි සංගමය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවකි. බුද්ධගයාව බේරාගැනීමේ ව්‍යාපාරයේදීද, ඉන්දීය මහාබෝධි සංගමය පිහිටුවන අවස්ථාවේදීද, ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් සමගම සිටිමින් ඒ සියලූ කාර්යයන්ට උර දුන් ආශුතෝශ් මුකර්ජි මහතා චින්තතෝශ් මුකර්ජි මහතාගේ මුත්තණුවන්ය.

ඉන්දීය මහාබෝධි සංගමයේ මුල්ම සභාපතිවරයා වූයේද ආශුතෝශ් මුකර්ජි මහතාය. එතුමන් පිළිබඳ අනගාරික ධර්මපාලතුමන් තැබූ සටහන අද ද සාරනාත් නුවර ධර්මපාල කෞතුකාගාරයේ දක්නට තිබේ. ‘‘බෞද්ධාගමික පුරුෂාර්ථයන් රැුකි හින්දු බ‍්‍රාහ්මණයකු වීම ගැන ඔහු ආඩම්බර විය. අපිදු ඊට ගරු කරමු. ලාංකේය බෞද්ධයන් ඔහු ‘‘සම්බුද්ධාගම චක‍්‍රවර්ති’’ නාමයෙන් පුදන්නට කටයුතු කළේ එබැවිනි.’’

ආශුතෝශ් මහතාගේ මුණුපුරු චිත්තතෝශ් මහතා ජනමාධ්‍ය හමුවේ පැවසූයේ සිය මුත්තණුවන් ආරම්භ කළ ඉන්දීය මහාබෝධි සංගමය දැන් ගමන් කරන මාවත සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම සෑහීමට පත් නොවන බවයි.

‘‘තණ්හාධික පුද්ගලයෙක් ඔහුගේ පුද්ගලික අභිලාෂයන් ඉෂ්ට කරගැනීම සඳහා මුළු සංගමයම විනාශ කරනවා. ඇත්තම කියනවා නම් මම මෙතන ඉන්නේ නමට විතරයි. කිසිම පරිපාලනමය කටයුත්තකට සම්බන්ධවෙන්න අපට ඉඩක්කඩක් නෑ. මට ආත්ම ගෞරවයක් තියෙනවා. අපි හොරකම්, වංචා කරපු පරපුරක් නෙවෙයි. ඒ නිසා මගේ ගෞරවය රැුකගෙන මම සංගමයෙන් අයින්වෙන්න තීරණය කළායැ’’යි පවසමින් මුකර්ජි මහතා චෝදනා කරන්නේ ඉන්දීය මහාබෝධි සංගමයේ ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් වෙතටය.

ඉන්දීය මහාබෝධි සංගමයට විවිධ චෝදනා එල්ලවීම ආරම්භ වූයේ දැනට 1998 වසරේ පමණ සිටය. නිලවරණ පැවැත්වීමේ සිට මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන්ද එල්ල වුණු චෝදනා මෙන්ම මුහුණදීමට සිදුවුණු අධිකරණ ක‍්‍රියාමාර්ගයන්ද බොහෝය. සංගමයේ නිලවරණ තමන්ට අවාසිදායකයැ’යි හැඟුණු අවස්ථාවන්හිදී, කුප‍්‍රකට වයඹ ක‍්‍රමය ඉන්දියාවේ කල්කටා නුවරදීද ක‍්‍රියාත්මක කෙරුණු බවටද චෝදනා පවතී.

2001 වසරේ නිලවරණයට ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා කල්කටා නුවරට ගිය හිටපු අමාත්‍ය සහ දියවඩන නිලමේ ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතා ඇතුළු පිරිසකට මැර බලය යොදවා ඡුන්දය විමසන ශාලාවට ඇතුළුවීමට බාධා සිදු කෙරිණි. ඉතා අසීරුවෙන් ශාලාවට ඇතුළු වූ පසු, ඔවුන්ගේ මතය පළකිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදී ඒකපාක්ෂිකව නිලවරණය මෙහෙයවූ බවට විජේරත්න මහතා පැමිණිලි කර තිබේ.

1998 වසරේ මහාබෝධි පාලක මණ්ඩල සාමාජිකයකු විසින් විදේශ මුදල් පරිහරණය පිළිබඳ ඉතා බරපතළ චෝදනාවක් රේවත හිමියන් වෙත එල්ල කරන ලදි. ඒ පිළිබඳ පැවැත්වූ පරීක්ෂණය අවසානයේ රේවත හිමියන්ට එරෙහිව නඩු පවරන ලදි. ඩොලර් 71,000ක සහ ජපාන යෙන් කෝටි 5.53ක මුදලක් මහාබෝධි ගිණුමේ සිට තමන්ගේ පුද්ගලික ගිණුමට බැර කරගනිමින්, අයථා ලෙස මුදල් පරිහරණය කිරීම වෙනුවෙන් රේවත හිමියන් වැරදිකරු ලෙස අධිකරණය විසින් තීන්දු කරන ලදි. මේ වරද වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි තුනහමාරක දඩයක් ගෙවීමටද රේවත හිිමියන්ට නියම කෙරිණි. මෙම තීන්දුවත් සමගම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඉන්දීය මහාබෝධි සමාගමේ සියලූ බැංකු ගිණුම් තහනම් කරන ලදි. කල්කටා, සාරනාත්, බුද්ධගයා, දිල්ලි සහ බුබනේෂ්වර් නගරයන්හි පිහිටා ඇති මහාබෝධි මධ්‍යස්ථානයන්හි එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට පමණක් එම ගිණුම්වලින් මුදල් ඉවතට ගැනීමට විශේෂ අවසරයක් ලබාදෙන ලදි.

එසේම කිසිදු විදේශ මුදල් ආධාරයක් හෝ හුවමාරුවක් කිරීම මහාබෝධි සංගමයට සපුරා තහනම් කෙරුණු අතර, සංගමයේ කිසිදු මූල්‍යමය ක‍්‍රියාවකට සම්බන්ධවීමට රේවත හිමියන්ට තහනම් කෙරිණි. මෙම තහනම් නියෝග දැනුදු ක‍්‍රියාත්මකය.

මෙම තහනම් නියෝග තිබියදී 2003 වසරේ කෝටි 1.3ක විදේශ මුදල් ආධාරයක් ඉන්දීය මහාබෝධි සංගමය ලබාගත් බවට යළිදු චෝදනා එල්ල වී අධිකරණ කි‍්‍රයාමාර්ග ඇරඹිණි. නඩු විභාගයේදී දිල්ලි නගර අධිකරණය ඉදිරියේ රේවත හිමියන් වරද පිළිගත් අතර, ඉන්දීය රුපියල් පනස් දහසක දඩයකටද යටත්වීමට සිදුවිය.

පසුගිය ඔක්තෝබර් 20 වැනිදා විශේෂ ප‍්‍රවෘත්තියක් පළකරමින් ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත පෙන්වා දී ඇත්තේ මේ විදේශ මුදල් අයථා පරිහරණය එතැනින්ද නතර නොවුණු බවය. එම පුවත්පත චෝදනා කරන්නේ බි‍්‍රතාන්‍ය කාන්තාවන් දෙදෙනකු සිය බූදලය මගින් මහාබෝධි සංගමයට පවරා තිබූ පවුම් ලක්ෂ 1.75ක මුදල රේවත හිමියන් විසින් වංචා කර ඇති බවය. කවුට්ස් නම් වූ බි‍්‍රතාන්‍ය සමාගමක් හරහා මේ මුදල රේවත හිමියන් විසින් ලංකාවට ගෙන්වා ගෙන තිබේ. ඒ පරිත්‍යාගය කර තිබුණේ ඉන්දීය මහාබෝධි සංගමය වෙත නම්, මුදල ලැබිය යුත්තේ ඉන්දියාවටය. ලංකාවට මුදල් පරිත්‍යාග කර තිබුණේ නම් මුදල් ලැබිය යුත්තේ ශ‍්‍රී ලංකා මහාබෝධි සමාගමටය. එහෙත් රේවත හිමියන් ඉන්දීය මහාබෝධි සංගමයේ නමින් ඇති 0618-5854 දරන ලංකා බැංකුවේ ගිණුමකට ඒ මුදල ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ. අනතුරුව ඒ මුදල් වෙනත් ගිණුමකට මාරු කරගෙන ඇති බවත්, දැන් ඒ මුදල්වලට වුණු දෙයක් නැති බවත් ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත පෙන්වාදෙන්නේ ඊට අදාළ ලිඛිත සාක්ෂි ද තමන් සතුව ඇති බව කියමිනි.

රේවත හිමියන් සඳහන් කරන්නේ තමාට එරෙහිව පැවති නඩු විභාග සියල්ලම සාධාරණ හා පක්ෂපාතී ලෙස නොපැවැත්වුණු බවය. ඒ නිසා තීන්දුවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරමින් තීන්දු වෙනස්කර ගැනීමට තමා වෙහෙසෙන බව උන්වහන්සේ පවසති. විදේශ මුදල් ආධාර තහනම ඉවත් කරවා ගැනීම සඳහාද කටයුතු කරමින් සිටින බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ අතර මුම්බායි නුවර පිහිටා ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් වූ ‘ස්ප්‍රෙඞ් අ ස්මයිල්’ සංවිධානයේ ප‍්‍රධානී රාජ්පාල් රානා මහතා රේවත හිමියන්ට එරෙහිව තවත් චෝදනා ගණනාවක් එල්ල කර තිබේ. එකී චෝදනා අඩංගු ලිපිය රානා මහතා විසින් ජනමාධ්‍යයන් වෙතද නිකුත් කරනු ලදුව විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් සේ ම අන්තර්ජාලය ඔස්සේද පළවී තිබේ.

එම ලිපියේ මෙසේ සඳහන්ය.

‘‘ඔබ භාවිත කරනුයේ ඕඑල් 3639330 දරන නිල ගමන් බලපත‍්‍රයයි. ඔබගේ තනතුර එහි දක්වා ඇත්තේ ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ලෙසය. කල්කටාවේ මහාබෝධි ප‍්‍රධාන කාර්යාලයේත්, බුද්ධගයා, සාරනාත්, ඔරිස්සා ආදී වෙනත් මධ්‍යස්ථානවලත් ඇති දේපළ අයථා ලෙස පරිහරණය කිරීම, මුදල් වංචා කිරීම, කාම මිථ්‍යාචාරය, ගිජු ලෙස සුරාපානය කිරීම සම්බන්ධයෙන් ඔබ නම් දරා සිටින නිසා මේ තනතුරු ලැබුණේදැ’යි නොදනිමි. එහෙත් ඔබේ ගමන් බලපත‍්‍රයේ උපන් දිනය දක්වා ඇත්තේ 1948 නොවැම්බර 28 ලෙසය. එහෙත් ඉන්දීය ආදායම් බදු පනත යටතේ ඔබට නිකුත් කර ඇති පීඒඑන් කාඞ්පතේ ඔබේ උපන් දිනය දක්වා ඇත්තේ 1945 ජනවාරි 10 වනදා ලෙසය.’’

ඒ අනුව ලංකාණ්ඩුවටත්, ඉන්දීය ආණ්ඩුවටත් දෙකටම රේවත හිිමියන් වංචා කර ඇති බවට රානා මහතා චෝදනා කරයි.

මේ සියල්ල අතරේ රේවත හිමියන් වෙත නැගෙන චෝදනාවන් කූටප‍්‍රාප්තියට පත්වූයේ සති කීපයකට පෙරාතුව අන්තර්ජාලයට නිකුත් වූ වීඩියෝ පටයක් හේතුවෙනි. එහි දැක්වෙන්නේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති කල්කටා මහාබෝධි ප‍්‍රධාන කාර්යාලයේදී රේවත හිමියන් විසින් කාන්තාවක සිප වැළඳ ගන්නා දර්ශනයකි.

මේ සිද්ධිය දැන් ඉන්දීය බෞද්ධයන් කම්පාවට පත් කෙරුණු කරුණක් බවට පත්වී ඇත. චීවරයට නිගා නොකොට වහාම ඉන්දියාව හැර දමා පිටවී යන ලෙස රේවත හිමියන්ට බලකෙරෙන උද්ඝෝෂණයක් පසුගියදා බුද්ධගයාවේදීද පැවැත්විණි. කල්කටා නගරයේදීද එවැනි උද්ඝෝෂණ පවත්වන බව ඉන්දීය බෞද්ධ සංවිධාන නිවේදනය කර තිබේ. බුද්ධගයාව පිහිටි බිහාර් ප‍්‍රාන්තයේද, සාරනාත් පිහිටි උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේද පළවන ප‍්‍රාදේශීය පුවත්පත්, මේ සිප වැළඳ ගැනීම පිළිබඳව ලිපි, වාර්තා හා විශේෂාංග පළකරමින් සිටිති.

මුළු ඉන්දියාවේම වෙසෙන බෞද්ධ ජනතාවගේම අවධානය හා අප‍්‍රසාදය මේ සම්බන්ධයෙන් යොමුවී තිබේ. ඉන්දීය බෞද්ධ සංවිධාන ගණනාවක් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටීමට යන්නේ ලාංකේය භික්ෂූන්වහන්සේලාට ඉන්දියන් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් දැඩි නීති රිති අනුගමනය කරන ලෙසය. ඉන්දියාව පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන ගණනාවක ලාංකේය භික්ෂූන්වහන්සේලා ධර්ම ප‍්‍රචාරක කාර්යයන්හි නිරත වෙති. දශක ගණනාවක් තිස්සේ ලොව පුරා බෞද්ධ ජනතාවගේ ආධාර උපකාර ඇතිව, විහාරස්ථාන, ස්ථූප, ධර්මශාලා, විශ‍්‍රාම ශාලා ආදිය ඉදිකර, ඒවා පවත්වාගෙන යමින් වෙහෙසකාරී දිවියක් ගත කරති. යම් හෙයකින් පෙර කී වීසා ප‍්‍රශ්නය දුරදිග ගියහොත්, මේ සියලූ ස්ථානයන් අතහැර දමා ආපසු ලංකාවට එන්නට ඒ හාමුදුරුවරුන්ට සිදුවනු ඇත. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි.

එසේම සමස්ත ලාංකේය භික්ෂු සමාජය ගැනම පිළිකුළක් ඇති කිරීමට මේ සිප වැළඳ ගැනීමේ වීඩියෝව සමත් වී තිබේ. විශේෂයෙන්ම බටහිර රටවල බොදු දහම ගැන උනන්දුවක් දක්වන ජනතාව දිනෙන් දින වැඩි වෙද්දී, ලාංකේය භික්ෂුවකගේ මේ අනියම් හැසිරීම සංඝ සමාජයම අවමානයට ලක්කිරීමකි. වඩාත් කනගාටුදායක වන්නේ බුදුන් වහන්සේගේ නිජබිම වූ ඉන්දියාවේදී ලාංකේය භික්ෂූන්වහන්සේ නමකට මේ චෝදනා එල්ලවීමය. ඒ ස්වාමීන් වහන්සේට කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ඉන්දියාවේ ප‍්‍රධාන සංඝනායක තනතුරද ප‍්‍රදානය කර තිබීමය. ඉන්දියාවේ පළවන ප‍්‍රධාන පෙළේ ප‍්‍රාන්ත පුවත්පතක් වූ රාස්ත‍්‍රීය සහරා පුවත්පත පසුගිය 13 වැනිදා මේ වීඩියෝව පිළිබඳ ඡුායාරූප සහිත වාර්තාවක් පළකර තිබිණි. ඒ වාර්තාව අවසන් කර තිබුණේ මේ අයුරිනි.

‘‘වීඩියෝ දර්ශන ලොව පුරා හෙළිදරව්වීමෙන් පසු අපි ආචාර්ය රේවත හිමියන්ගේ අදහස් විමසීමට නොසෑහෙන සේ වෙහෙසුණෙමු. එහෙත් කල්කටාව, බුද්ධගයා, සාරනාත් ආදී කිසිදු ස්ථානයක උන්වහන්සේ සිටියේ නැත. සමීප ආරංචි මාර්ග පවසන්නේ උන්වහන්සේ සැඟවී සිටින බවය.’’ තත්ත්වය තව තවත් නරක අතට හැරෙන්නට පෙර, බුදු දහමෙහිත්, ලාංකේය භික්ෂූන් වහන්සේලාගේත් ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය සුදුසු පියවර කඩිනමින් ගැනීම කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේත්, මහා නායක ස්වාමීන් වහන්සේලාගේත්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේත්, ලාංකේය බලධාරීන්ගේත් වගකීමයි‍ෙ

විශේෂ ලියුම්කරුවකු විසිනි.     (  ravaya )

12 comments:

  1. බුදු හාමුදුරුවොත් උපතින් බෞද්ද නෙමෙයි.උපතින් බෞද්ද කියන්නෙ මොකක්ද.මහා විහිලුවක්.අගම වනසන්නෙ මෙ වගෙ ------------

    ReplyDelete
    Replies
    1. you are absolutely right...
      These greedy bastards ruin the public image of buddhism.

      Delete
  2. there is no meaning for`' Buddist" by birth. The buddist means any body who follows the teaching of the Lord Buddha.

    ReplyDelete
  3. apae bauda agama winasha karannae naethiwa thanathuraen raewatha himi panan illa as wiya yuthuya.lankawae kirthi namaya raka gatha yuthui.maya waenas kirimata nam apagae anaek bikshun wahansaela daeana wahasa mahansiya gana paenwiya yuthuya,

    ReplyDelete
  4. me wage kalaknni 1,2k nisa ape uthum agamath,sasaneth wenasenawa

    ReplyDelete
  5. සමිර (අල රනා) ලන්ඩන්December 3, 2013 at 2:38 AM

    සිවුරු දෙම්මට රහත් බාවය ලබල නෙති නිසා මුකුත් කියන්න බෙහෙ . කවුරුත් ආසයි හොරෙන් හරි ලස්සන ගෙහෙනික්ගෙ පහස ලබන්නට . එනිසා මෙම චිවර දාරියත් එම පසහ ලබන්නට ආසවක් අති වෙල . ලොකෙන් තියෙන උතුම් සෙප තමා කම් සෙපත . එය වින්ද කෙනා මිසක් නොවින්ද කෙනෙක් එය ගෙන දන්නෙ නෙ . එනිසා මෙම චිවර දාරියට මම දොස් නොකියමි

    ReplyDelete
    Replies
    1. It is ridiculous. Then renounce the spiritual Life.If you were ordained take the responsibilies. Do not violate the principles.
      Not only Revatha but also the other yellow robed idiots are also focused on Money Power and prestige. Sri Lankan buddhist monks are worse than Sri lankan politicians. Always they are after prestige. But they are unable to deceive the public and hide their own character. So they lose the good reputation, These idiots are the curse on Sri lanka

      Delete
  6. උන් වහන්සේ අත්ථකිලාමථානුයෝගයට එනකම් ඉමු.

    ReplyDelete
  7. හෙළ උරුමය, සිහල රාවය, බොදු බල සේනාව, රාවණා බලය ........නිදිද? වින්ද සැපේ විපාක රේවතටම ලැබේවි. කරුමයේ උරුමය, හෙළ කරුමය වගේ නමකින් සංවිධානයක් හදාගෙන චන්දෙ ඉල්ලාවිද කියන්නත් බෑ.

    ReplyDelete
  8. Oya kiyana sangvidaana wala naayekayo, leykamwarayo sita bahuthara saamaajikayan mey lesa kriyawan walata yatathwee etha, mesey siyura endagena kaamayata yatath woo aya thamange horakama lowin hangannai anawashya sulu deywal Bauddha Dharmayetama loku Satanak lesa lokeyata penwaa, Maha loku saddath daagena lowama eya sulu deywalwelat erahiwennata Naayakathwaya dee, hemovama ungey Hora wedawalin maga harawa gannun!

    ReplyDelete
    Replies
    1. wedenam weradiy thamay... monaa unath patta kella...! neda ban...

      Delete

Powered by Blogger.