කන පැලෙන සිද්ධි තුනක්
මේ වන විට අපේ රට හරක් මස්, සාලයා මාළු, ගංජා, හෙරොයින් සහ වර්ෂාව යනාදියෙන් ස්වයංපෝෂිත ය. පසුගියදා (3 දා) සවස් කාලය වන විට අපි අකුණුවලින් ද ස්වයංපෝෂණය වූ බවක් පෙනෙන්නට තිබිණි. ඊයේ (05 දා) "දිවයින" කියවන විට අපට පෙනී ගියේ සිසුන්ගේ කන පළන ගුරුවරුන්ගෙන් සහ පාරවල් දිගේ පිස්සු කෙළින දේශපාලනඥයන්ගෙන් ද රට ස්වයංපෝෂණය වෙමින් පවත්නා බව ය.
ඇඟට හිර දිග කලිසමක් ඇඳගෙන වැලිගම දෙණිපිටිය විදුහලට පැමිණි ශිෂ්‍යයකුට ගුරුවරියක විසින් දඬුවම් කරන ලද්දේ කතුරක් ගෙන එම කලිසම පැළීමෙනි. ශිෂ්‍යයා අන්ත දුප්පත් දරුවෙකි. ඔහු ජීවත් වූයේ ලෑලිවලින් තැනූ ගේකබලක ය. ඔහුට තිබුණේ එකම එක දිග කලිසමක් පමණි. හෙට සිට මේ සිසුවා යට ඇඳුම පිටින් පාසල් ආවත් කාටවත් එයට විරුද්ධ විය නො හැක. හේතුව, සිසුවාට තිබූ එකම කලිසමත් දැන් නැත. කලිසම පැලූ ගුරුවරිය ස්ථිර වශයෙන්ම උමතු කාන්තාවකි. ඇය වහාම මානසික රෝහලකට භාර දිය යුතු ය. ඒ, ඇය හෙට හෝ අනිද්දා ගුරුවරියකගේ හැට්ටය හිර බව කියා එය කැපීමට ඉඩ තිබෙන නිසා ය.
අරලගංවිල විලයාය මහ විදුහලේ ගුරුවරයකු විසින් පොලිතින් කොළයක කෑම ඔතාගෙන ඒමේ වරදට සිසුවකුගේ කනට ගැසුවේ ය. කොලුවාගේ කන පැලුණේ ය. මේ ගුරුවරයා උගන්වන්නේ බුද්ධ ධර්මයයි. විදුහල්පතිතුමා මගින් මුලින්ම කළ යුතුව ඇත්තේ ගුරුවරයාගේ විෂය මාරු කර ඔහු දෙමටගොඩ මස් මඩුවේ උපදේශකයකු ලෙස පත් කළ හැකි ක්‍රමයක් සෙවීම ය. පොලිතින් කොළවල කෑම ඔතාගෙන විදුහලට ගෙන ඒම අරලගංවිල විලයාය විදුහලේ දරුවන්ට තහනම් ය. ඉස්කෝලවලට අවශ්‍ය තරමට මේ රටේ කෙහෙල් කොළ නැත. තිබුණත් හදිසි අවස්ථාවකදී පොලිතින් කොලයක කෑම ඔතාගෙන ඒම වැළැක්වීමට බැරි ය. ආණ්ඩුව යටතේ කෙසෙල් කොළ නිෂ්පාදනය කිරීමේ අමාත්‍යාංශයක් ඇතිකර කෙසෙල් කොළ භාරව ඇමැතියකු ද පත්කර නැත. මතු යම් දවසක මේ සිසුවා මීට වැඩි යමක් කළොත් බුද්ධ ධර්මය භාර ගුරා විසින් ඔහු එල්ලුම් ගස් යවනු ලබන්නේද? මෙයට අවුරුදු 20 කට පෙර සිටි ගුරු මවුවරු සහ ගුරු පියවරු අද සිටින්නේ අතරින්පතර බව අප කියන්නේ ඉතාම ශෝකයෙනි.
මේ අතර කොට්ටාව මාකුඹුරේදී වෙළෙඳසල් දෙකකට සහ වාහන කිහිපයකට පහර දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ගැන ඊයේ (05 දා) අපි දැන ගතිමු. එතුමියගේ නම සත්ගුණවත් නීලකාන්ති සමරවික්‍රම ය. සුපුරුදු පරිදි ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරියකි. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පෙනෙන මානයක නැති බව අපි දනිමු. එසේම, නීලකාන්ති සමරවික්‍රම ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව ජනතාවට එපා කර මීළඟ ඡන්දවලදී පරාජය කිරීම බව ද අපි සැක කරමු. කඩ සහ වාහනවලට ගැසීම කුඩු විකුණන පාතාල දාමරිකයන්ගේ කටයුත්තකි. නීලකාන්ති සමරවික්‍රම පාර දිගේ පිස්සු කෙළින්නේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව මුව විට තිබියදී ය. මෙවැනි පිස්සකු වූ තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති නිසා රටට එල්ල වී ඇති චෝදනා ගැන ඇය නොදන්නේද? මෙබඳු සිදුවීම් දේශපාලනඥයකුගේ පරම්පරා දෙක තුනකටම දේශපාලන බලපෑමක් ඇති කරයි. පසුගියදා නිකවැරටියේදී පාසල් ගුරුවරියක දණ ගැස්සූ පළාත් සභා මන්ත්‍රීට සිදුවූයේ කුමක්ද? පළමුවෙන්ම ඔහුට ඊළඟ පළාත් සභා ඡන්දය සඳහා අපේක්ෂකත්වය අහිමි විය. දෙවනුව ඔහු සිය බෑනාට අපේක්ෂකත්වය ලබාගෙන ඔහු ඡන්දයට ඉදිරිපත් කළේ ය. බෑනා පැරදිණ. අහෝ· මෙවැනි විපත් හතුරකුටවත් නොවේවා· එහෙත් මේවා සිදුවන්නේ හතුරන්ට නොව ජනතාවගේ මිතුරන් ලෙස පෙනී සිටින අයට වන විට අපටද කාලකණ්ණි සතුටක් එයි. පරපීඩකයාට නිසි දඬුවම් ලැබුණේ ය යන තෘප්තිය ඇති වෙයි.

divaina -
තව ෙපා්ෂණය ෙවන ඒකක් තිෙයනවා ෙවිසිෙයා් ෙබා් ෙවනවා ලංකාෙවි හිටු කියලා
ReplyDeleteGreat.!
ReplyDelete