Open top menu
Saturday, November 16, 2013

ඔබගේ පොත්වලටත් මේ දවස්වල මාර්කට් එකක් තියනවා. ඒ නිසා මාර්කටිං ගැන කතා කරමු.

හැමදේම මාර්කටිං තමයි. මොනවද මාර්කටිං නොවන්නේ. මුළු ලෝකයම පවතින්නේ ව්‍යාපාරික පදනමක් මත. හැමදේම විකිණෙනවා. මමත් විකිණෙනවා. මගේ පොත් විකිණෙනවා. ඒක ලේඛකයකුට කියලා මිදෙන්න බැහැ. ඔබ රාවයේ ඉන්නේ වැටුපක් දෙන නිසා ඔබට වැටුප දෙන්නේ රාවය විකුණලා. මෙතන හොඳද නරකද කියන ප‍්‍රශ්නය නෙමෙයි මම කියන්නේ. එක එක්කෙනා තමන්ට ගැළපෙන ආකාරයට විකුණනවා. ඒ අතර මම මගේ දේ විකුණනවා. විකුණන විදිය වෙනස් වුණාට සැබෑ අරුත විකුණනවා. ඒක ඔයාට, මට, කාටත් පොදුයි.

ඔබට අනුව කුණුහරුප කියන්නෙ මොනවාද?

ඇත්තටම මටත් ඒක ප‍්‍රශ්නයක්. මොකද මම ඒක දන්නේ නැහැ. කවුරුහරි ඒ ගැන පාඨමාලාවක් කරනවා නම් මමත් යනවා. ඔබ කියන කතාව මගේ පොත් සම්බන්ධයෙන් මට එල්ලවන චෝදනාවක්. ඇත්තටම මම කුණුහරුප දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කතා කරන්න බැහැ. හැබැයි මම සෙක්ස් ගැන ලියනවා. ඒ මොකද මට අනුව සෙක්ස් කියන්නේ ජීවිතය. පැවැත්ම. ඉතින් කවුරුහරි කියනවා නම් සෙක්ස් කියන්නේ කුණුහරුප කියලා, ඒ කියන අයගේ ජීවිතයත් කුණුහරුපයක් විය යුතුයි.

පුංචි දරුවන්, වැඩිහිටියන් අතින් දූෂණයට ලක්වෙන්නේ ඇයි කියලද හිතන්නෙ?

මම ලියපු පොතෙන්ම ගනිමුකෝ. ඒකේ තැනක තියෙනවා තාත්තා දුවත් එක්ක ලිංගිකව ඉන්නවා. මේක දැකපු අය හිරිවැටිලා ගියා. පොත ගෙදරකට ගෙනියන්න නරකයි කිව්වා. සම්මාන උළෙලවල්වල මුල්තැන්වලට ගේන්නවත් හොඳ නැහැ කියලා හිතුවා. මම ඒ කතාව තුළම ගොඩනගනවා ඒ හරහා සිද්ධ වෙන ඛේදවාචකය. අපි තේරුම් නොගන්නේ මේ ඛේදවාචකයයි.

ලංකාවේ තරම් බෞද්ධයෝ ඉන්න රටක් ලෝකයේත් නැහැ. පන්සල් තියන රටක් ලෝකෙත් නැහැ. බණ කියන, බණ අහන රටක් තවත් නැහැ. ඒත් පොඩි දරුවා, වයසක ගැහැනිය දූෂණය කරනවා. ඒ ඇයි? ඒ තමයි බොරු සිංහල බෞද්ධ සංකල්පය. අද මේ බොරුව පැතිරිලා. ඔඩු දුවලා. මම නම් කියන්නේ අපේ රටේ නියම සිංහල බෞද්ධකම තිබුණේ 1815ට පෙර. ඊට පසු ලන්දේසි, පෘතුගීසි, ඉංග‍්‍රීසි කවලම් වෙච්ච බොරු යටත්විජිතවාදී අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් යුත් සභ්‍යත්වයක් තමයි අද තියෙන්නේ. මේ ඒ සිංහල බෞද්ධකම ව්‍යාජයි. විවෘත නෑ. ඒ හින්දා සිද්ධවෙන්නේ අපි මුලින් කතා කළ දේවල්. මේ රැුවටිල්ල තියන නිසා අපිට අහන්න දකින්න ලැබෙන්නෙ පොඩි දරුවෝ, වයසක අය දූෂණය කරන යුගයක්. ඒක තමයි ඇත්ත.

එෆ්එම් හැම එකක්ම එකම වැඬේ කරන්නෙ ඇයි?

එකම වැඬේ ඇරෙන්න ඒ අය අලූත් දේවල් කරන්න දන්නේ නැහැ. කවුරුහරි අපේ එෆ්එම් එක අහන්න සල්ලි දෙනවා කිව්වාම අනෙක් හැමෝම ඒ දේ ම කරනවා. අද වැඩසටහනුත් එහෙමයි. නිර්මාණශීලී වෙනස් දේවල් හිතලා කරන පිරිස නැහැ. හැමෝම එකම විදියට තම මාධ්‍යය විකුණනවා.

ලිංගික අධ්‍යාපනය වැදගත්ද?

අනිවාර්යයෙන්. අද අපේ රටේ හැමෝටම කුතුහලය වැඩියි. මේ අර මුලින් කියපු බොරු බෞද්ධ සංකල්පය යටතේ කුතුහලය තමයි වැඩෙන්නේ. අද පාසල්වල සෙක්ස් ගැන උගන්වන්නේ නැහැ. ඉතින් හොරෙන් ඒ මොකද්ද කියලා හොයනවා. එතකොට තරාතිරමක් නැහැ. සහෝදරියද, ආච්චිද නිච්චියක් නැහැ. මේක ලංකාවට, ඉන්දියාවට, බංග්ලාදේශයටත් පොදුයි. මේ තුන්වන ලෝකයේ රටවල හැමෝටම මේ ලෙඬේ තියනවා. අවුරුදු 13-15දී විතර පිරිමි ශරීරය, ගැහැනු ශරීරය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දුන්නා නම්, ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබාදුන්නා නම් මේ වල්මත් ගතිය අඩුවෙනවා. ඒත් අපි අටවා ගත් බොරු සිංහල බෞද්ධ සංකල්පය මේ සියල්ල වහලා. ගුරුවරු ලිංගිකත්වය ගැන කතා කරන්න බයයි.

සංඝ සමාජය

හාමුදුරුවෝ කියන්නෙත් මාර්කටිං. ඒ අයත් කරන්නේ බිස්නස් එකක්. අපි ගනිමුකෝ පන්සල. පන්සල් කියන්නේ මොනවද රජ මාලිගා වගේ ගොඩනැගිලි, ලොකු චෛත්‍ය, ලස්සන චීන (චිත‍්‍ර) පිළිම, ලොකු විදුලි බුබුලූ. මේකනේ පන්සල්. එතකොට මේවා ලොකුවට හොඳට එළියට තියෙනකොටනේ දායකයෝ යහමින් එන්නේ. එතකොට මේ ටික ලබාගන්නනේ හාමුදුරුවරු මහන්සිවෙන්නේ. එතකොට ඒ වෙනුවෙන් මොනවද විකුණන්න වෙන්නේ? බණනේ. අද සුපර් ස්ටාර්ස් හාමුදුරුවරු බිහිවන්නේ ඒකනේ. කාවද බණකට ගේන්න කැමති. ඒ වගේ භික්ෂුවක්නේ. ඒ භික්ෂූන්ගේ පන්සල් මාලිගා. එතකොට ඒ බණ වුණත් විකුණන විදියනේ. අද බුද්ධාගම කියන්නේ හොඳම මාර්කටිං එකක්.

කැසිනෝ?

මගේ අදහස ඕන දෙයක් මිනිස්සුන්ට තියෙන්න ඕනෑ. ඕනෑ අය ගනීවි. එපා අය නොගනීවි. හැමදේම විවෘත වන තරමට තෝරා ගැනීමත් විවෘත වෙනවා. අපි මේවා මහා භයානක දේවල් කියලා පෙන්වන තරමට ඒ ගැන කුතුහලය වැඩිවෙනවා. ලිංගිකත්වය වගේම තමයි.

පොදු රදු මඬුලූ සමුළුව

ආණ්ඩුව හොඳ කියනවා. අපි අහනවා. විපක්ෂය නරකයි කියනවා. ඒත් අපි අහනවා. ආණ්ඩුව හොඳයි කියන්නේ ඒ අයට මේ හරහා ලැබෙන වාසි හින්දයි. විපක්ෂය මේකට විරුද්ධ වෙන්නේ අද ඒ අය බලයේ නැති හින්දයි. බලයේ ඉන්නකොට මේ අයටත් ඕන නරකක් හොඳයි. බලය නැති වෙනකොට ඕන හොඳක් නරකයි. අපි ඒ ගැන උනන්දු වුණා කියලා වැඩක් නැහැ. ඇත්තටම ඒ දේ මට අදාළ නැහැ

ටිරන් කුමාර බංගගමආරච්චි
ravaya -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

10 comments :

  1. ඔබ කියන කාරනා ඇත්තයි.

    ReplyDelete
  2. ඇත්තම කතාව මේක තමා. යමක් හංගන්න උත්සහා කරන තරමට ඒ ගැන සොයන්න පෙළඹවෙනවා. යව්වන අවධියට පත්වන ළමයාට විධිමත් ලිංගික අධ්‍යාපනයක් නැති හින්දා, ඒ අය බොරු ආකල්ප මත වල්මත් වෙනවා. ඒකෙන් ඇතිවෙන කුතුහලය මත, නොයෙකුත් වැරදි අත්හදා බැලීම් කරන්න යොමුවෙනවා.
    අද තියෙන මේ තත්වය වෙනස් නොවෙනතාක්, මේ ලිංගික අපරාධ, අපයෝජන අහන්න ලැබේවි.මේ පොත මම කියවලානම් නැහැ. මේ ලිපියේ තියෙන අදහස් වලට තමා මම ප්‍රතිචාරයක් දැම්මේ.

    ReplyDelete
  3. the brief and the simple truth is this.... but many are not free to think out of the frame in which they ar in.. no turning point insight although we are looking forward to......

    ReplyDelete
  4. සිංහල බෞද්ධකම තිබුණේ 1815ට පෙර.......... this is the truth

    ReplyDelete
  5. I absolutely agree with some of your ideas.
    1)Sex Education. That should be begun with school education. If not curiosity will be ended up in porn videos, childhood pregnancies, prostitution and so many ill-social acts. Sex education should not be just lessons in school text books. Those lessons must be taught in an effective manner. Today teachers are also shy to teach those lessons in front of a class which aggravate the feeling that the sex is a thing ;not to talk about in public;a thing to be afraid of;a thing to explore like that. In present school system, all the students are gathered to one place[school auditorium] and a speech is delivered by a medical personnel[ a MO, PHI/a NO]. That speech may not complete to fulfill their curiosity. And does it for the sake of doing. If we do not do it today, we will be able to achieve the first place once again in future googling SEX.

    2)Buddhism- We should act according to the Buddhism which will absolutely make our lives simple and grant every success in lives. But today it is a thing to boast.

    But........ THERE SHOULD BE A LIMIT FOR ANYTHING. Because,when we talk / emphasize on something more and more it become generalized in our mind. Talking about SEX, should have a limit too. Nowadays it is very hard to find a good book without sex..its like seeking for Kalunika. In the past, there were Crimes, Rapes,havin sex with daughter/sister, books on sex. But there were no money to afford a book or a news channel like Live @ 8 [so called News walin 1st][it's another topic to discuss in public] to emphasize on them.So they were strange things to be heard and disgusted.But today a crime is not a thing to be surprised. Because even a suicide is a NEWS today[but not the wheather forecast] This is called "Desensitization" in Pshycology & Sociology I guess. desensitization on crime/sex due to generalization by media over a period of time not good for a civilization as human beings. First LEARN PSHYCOLOGY AND SOCIOLOGY before talking to the public. Second, THINK ABOUT MONEY.
    1ST-humanity & duty. Money[so called Marketing/ being marketed] comes NEXT.

    ReplyDelete
  6. i really appreciate your open and direct ideas. we need more person like you

    ReplyDelete
  7. දැනට මැදි වියද ඉක්මවමින් සිටින මා කුඩා කාලයෙ කිසිදිනක පියවරුන් දරුවන් පිළිබද මෙවන් දූෂිත කතාන්තර අසන්නට නොතිබනා පමණක් නොව ඒවන් සත්‍ය සිදුවීම්ද සමාජය තුළ නොවීය . ඉන් වසර 20 ක් පමණ ඉක්ම ගිය පසු මෙවන් පුද්ගලයක් පිළිබදව අසන්නට ලැබිණි . ඔහු දෙස සමාජය බැලූ පිළිකුල් දෘෂ්ටිය මට අදද මතකය . මෙවන් දූෂිත කතාන්තර සමාජයට ගෙනෙන්නවුන් අපහාස කරන්නෙ තමාගෙම පියාටය . මගෙ අාදරණීය තාත්තෙ මගෙ ලොකයෙ උත්තම පුද්ගලයා අදටත් ඔබයි . ඔබෙ ගුණබර අාදරය මා මියෙන තුරු මා මතකයෙහි පුජනීය ලෙසින් තැන්පත්ව අැත .

    ReplyDelete
  8. මෙම පොත ලියූ ඔබට තාත්තා කෙනෙක් සහ දුවක් ඉන්නවාද ?

    ReplyDelete

Recent Posts

Popular Posts

Popular Posts