Open top menu
Tuesday, December 31, 2013
ඔරුවක් නැති ආචාරියා?

        අප හිතවත් මර්වින් සිල්වා ඇමැතිවරයාට මේ දිනවල මාර ප්‍රශ්නය. කැලණියේ සංවිධායක කමින් ඉවත් කිරීමෙන් පසු ඔහු ඉන්නේ තොටියෙක් නැති ඔරුවක් වගේය. ඔහු නම් කියන්නේ කැලණිය හරියට තොටියෙක් නැති ඔරුවක් වගේ කියාය.

හබලකුත් අරගෙන කැලණි ඔරුවට තමා ගොඩවන දවස වැඩි අෑතක නොවේ කියා අප ආචාර්යතුමා පවසන නමුත් ඔහුට කැලණිය දීමට විරුද්ධ වන අයද මේ ආණ්ඩුවේ සිටින බව පැහැදිලිය.


කැලණිය ශ්‍රී ලනිප සංවිධායක කමට දාන්න ඕනෑ කැලණියේම අයෙක් බව බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග ළඟදී ප්‍රකාශ කර ඇත. මර්වින් සිල්වා ඉවත් කිරීමෙන් පසු කැලණිය වැඩබලන සංවිධායක ලෙස ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාත් තමා පත් කළ බව පවසන රණතුංග කැලණියේ ඉන්නේ උගත් බුද්ධිමත් ජනතාවක් බවද කියයි.

මේ කතාවෙන් පැහැදිලි වන්නේ කැලණියේ සංවිධායක කම මර්වින් සිල්වාට නොලැබෙන බව නොවේද?
එහෙත් ආචාර්ය මර්වින් සිල්වා නම් කියන්නේ තමා උපන්නේ බෙලිඅත්තේ බවත් කොල්ලා කාලේ සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙ පීල්ලේ සිටින බවත්ය.
හැමදාම ජනාධිපතිවරයාගේ පීල්ලේ සිටි බව පවසන මර්වින් සිල්වාට කලක් රනිල් වික්‍රමසිංහගේ යූ. ඇන්. පී.යට ගොස් ලිස්සන ලෑල්ලේ සිටි බව අමතක වීම නම් කනගාටුවට කරුණකි.


අනෙකුත් ඇමැතිවරුන් මෙන් නොව හොඳට උගත් මර්වින් සිල්වා ආචාර්ය උපාධිධාරියකි. ඔහුගේ ආචාර්ය පට්ටම ලැබුණේ කුමන විශ්වවිද්‍යාලයෙන්ද කියා මෙලෝ මිනිහෙක් දන්නේ නැත.


මේ විදියට ආචාර්ය පට්ටමක් දරන කෙනකු කැලණිය සංවිධායක වීම එහි ජනතාවට කෙතරම් ආඩම්බරයක්ද?
ළඟදී පෑලියගොඩ නගර සභාවේ අය-වැය දෙවරක් පරාජය වීම නිසා එහි සභාපතිට තනතුර අහිමි විය. සභාපතිවරයා නම් කියන්නේ මේ ජංජාලයට මර්වින් සිල්වා වගකිවයුතු බවයි. ඔක්කොම කුණු බේරුවල බොක්කට කීවාසේ කැලණියේ හැම මරාලයක්ම අපේ ආචාර්යතුමාගේ පිටින් යැවීම නම් හොඳ නැත.


හෙමිජ්ජා වගේ සිටියාට පෑලියගොඩ සභාපතිගේ පට්ටම ගැලවීම පිටුපස ආචාර්යතුමා සිටියාද කියා අප නම් දන්නේ නැත.
ආචාර්ය මර්වින් සිල්වා එසේ මෙසේ මිනිසකු නොවේ. ඔය විජය කුමාරතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මඟුල සෙට් කළේද මර්වින්ය.
ඒ කාලයේ මා වැඩ කළේ 'දිනකර' පුවත්පතේය. චන්ද්‍රිකා මැඩම් දවස ගත කළේ රොස්මිඩ් වලව්වේ නොවේ. 'දිනකර' පත්‍රයේය. මර්වින් සිල්වා විජය කුමාරතුංග සමඟ 'දිනකර' පුවත්පතට පැමිණි අවස්ථා මට මතකය.


විජය එකල ජනප්‍රිය නළුවෙකි. විජය සමඟ 'දිනකර'ට එන මර්වින් සිල්වා ඔහුට චන්ද්‍රිකා සමඟ කතා කරන්නට ඉඩදී අප ළඟට එයි.
'මොකද මචං දැන් උඹ කපුකම් කරන්න පටන් ගෙනද?' අපේ යාපා කරුණාරත්න මර්වින්ගෙන් ප්‍රශ්න කරයි.
"උඹ දන්නේ නෑ මචං මේ දෙන්න කොච්චර ලව් වුණත් කපුවෙක් නැතිව මේ වැඩේ කෙරෙන්නේ නෑ. බණ්ඩානායක මැතිනිය මේකට තවම අවසර දීල නෑ. මං කරන්නේ මේ මඟුලට මැතිනිය කැමැති කරවා ගන්න එක."
"කපුවා කපෝති වේවිද දන්නේ නැහැ."


"නෑ මචං මේ මර්වින් කපුවා කවදාවත් කපෝති වෙන්නේ නෑ."
එදා එසේ කී මර්වින් ආචාර්යතුමා අද කැලණිය නැතිව දුක්වෙන අන්දම විජය කුමාරතුංග ජීවත්ව සිටියා නම් කවදාවත් අමතක කරන්නේ නැත. විජය පැනලා හොඳ ෆයිට් එක් දී ඔහුට කැලණිය ලබාදෙන එක ෂුවර්ය.


අපේ මර්වින් ඇමැතිවරයාට මෙන් ආසන ප්‍රශ්නයක් තිබූ සංවිධායකයෙක් දකුණු පළාතේ සිටියේය.
ඔහුට ආසන සංවිධායකකම නොදී වෙනත් කෙනකුට එය දීමට පක්ෂය සූදානම් විය.


"හරි වැඩේ මට වෙලා තියෙන්නේ. මං අවුරුදු දහයක් මේ ආසනේ සංවිධායක කම දැරුවා. දැන් මට කපන්නයි යන්නේ, සංවිධායකයා තම හිතවත් කාන්තාවකට කීවේය.


"ඕක මොකක්ද මං ඔයාට ඕක ලබා දෙන්නම්"
ඒ අනුව කාන්තාවගේ වචනය විශ්වාස කළ සංවිධායකයා බලාපොරොත්තු සහිතව සිටියේය.
ඡන්දය ආවේය. අර කාන්තාව හිටපු සංවිධායක හමුවිය.


"ඔන්න වැඩේ හරි මට හදිස්සියකට ලක්ෂ 10ක් ඕනෑ ඒක දෙන්න පුළුවන්ද?"
"මගේ වැඩේ කරපු ඔයාට නොදී කොහොමද?"
හිටපු සංවිධායක ඇය ඉල්ලූ ගණන දුන්නේය.


නාම යෝජනා බාරදීමේ දිනය උදාවිය. හිටපු සංවිධායකට බිංදුවය. අර කාන්තාව නාම යෝජනා භාර දුන්නාය.
දේශපාලනය කියන්නේ ඒකටය.
අපේ මර්වින් සිල්වා ඇමැතිවරයා අද පරණ යූ. ඇන්. පි.යේ සිටියා නම් රනිල් වික්‍රමසිංහගේ කැපිලි අනුව ඔහුට සිදුවන්නේ කැලණි ගඟට නොව බේරේ වැවට පනින්නටය.

බාල්දිය -
Read more
 එඩ්වඩ් ස්නෝඩන්ගේ සුභ නත්තල...!

 තවත් නත්තලක් ගෙවී ගියේය. ගිරුවායේ රාජපක්ෂ රජතුමාගේ සිට හිරු නොබසින රාජ්ජයේ එළිසබෙත් මහ රැජිණ දක්වා, ජනතාවගේ මුදලින් සුදියේ ඉන්නා සියළු තක්කඩීන් නත්තල වෙනුවෙන් ජනතාවට සුභ පැතුවෝය. මහ රැජිණගේ නත්තල් දින පණිවුඩය හුදු ආගමික පණිවුඩයක් නොව සිය අධිරාජ්‍ය ආවරණය කරමින් සිදුකරන බලාධිපත්‍ය සම්බන්ධ ප්‍රකාශයකි. [බලන්න: The Queen's Christmas Message 2013] බ්‍රිතාන්‍ය චැනල්-4 නාළිකාව, රජ්ජුරුවන්ගේ සහ රැජිණියන්ගේ ව්‍යාජ සුභ පැතුම් වලට සමගාමීව, විකල්ප නත්තල් දින පණිවුඩ ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන එයි. 1993 දී ඇරඹි මෙම පණිවුඩය ලබා දීමට කාලීන වැදගත් කමක් ඇති චරිත භාවිතා කරන ලදී. (ලැයිස්තුව සඳහා බලන්න.) ඒ අතර මෙතෙක් සුවිශේෂීම චරිතය වූයේ Mahmoud Ahmadinejad හිටපු ඉරාන ජනාධිපතිවරය ය. (2008) එහිදී ඔහු විසින් "වර්තමානයේ ජේසුස් මහපොළොව මත සිටියා නම්, දාමරික- ව්‍යාප්තවාදී බල කඳවුරු වලට එරෙහි ජනතාවගේ පැත්තේ හිට ගනු නිසැකය." යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලදී.

මෙවර, විකල්ප නත්තල් පණිවිඩය, (අත්‍යාවශ්‍යයෙන් ම විය යුතු පරිදිම) එක්සත් ජනපදය නැමැති ගොලායත්ට එරෙහිව, ප්‍රාණ පරිත්‍යාගයෙන් සටනට පිවිසි අපේ කාලයේ ඩේවිඩ්- එඩ්වඩ් ස්නෝඩන්ගෙනි. ඇමරිකානු ආරක්ෂක ඒජන්සියෙහි (NSA) සේවය කරමින් සිට ලෝක ව්‍යාප්ත ඔත්තු බැලීමේ වැඩපිළිවෙළක් පිළිබඳ හෙළිදරව් කළ එඩ්වඩ් ස්නෝඩන් මේ වන විට රුසියාවේ, මොස්කව් නුවර තාවකාලික සරණාගත වීසා බලපත්‍ර යටතේ රැඳී සිටියි. (බලන්න: හා හා බලාගෙනයි, වොෂිංටනයේ බක-තපස් වෙස් මුහුණ ඉරා දැමූ එඩ්වඩ් ස්නෝඩන්)

මේ ස්නෝඩන්ගේ නත්තල් දින පණිවුඩයයි.


[Edward Snowden's Alternative Christmas Message 2013 | ITN]

"සුභ නත්තලක් වේවා ඔබ සැමට. ඔබ සියළු දෙනා අමතන්නට ලැබීම ගෞරවයක්.

පසුගිය කාලයෙදී අපි දැනගත්තා රාජ්‍යයන් විසින් අපේ සියළුම පුද්ගලික තොරතුරුවල ඔත්තු බැලීම සදහා ලෝක ව්‍යාප්ත වශයෙන් ක්‍රියාත්මක ඔත්තු බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන වග.

මහා බ්‍රිතාන්‍යයේ ලේඛක ජෝර්ජ් ඕවල්* විසින් මේ වගේ ඔත්තුබැලීම පිළිබදව මීට පෙර අනතුරු අඟවලා තිබෙනවා. ඕවල් විසින් සඳහන් කරන පොත්පත් වල ලියලා තියෙන තොරතුරු, මයික්‍රොෆෝන් සහ වීඩියෝ පටිගත කිරීම් වගේම අපි විසින් නරඹන රූපවාහිනී වැඩසටහන් වල අන්තර්ගත දේවල් වලින් ඔත්තු බලනවට වඩා අද ක්‍රියාත්මක ‍වෙන විධි හරිම දියුණුයි සහ සූක්ෂමයි. කොටින්ම අපි හැමවෙලාවෙම සාක්කු වල දාගෙන ඉන්න සංවේදකයක් (ජංගම දුරකථනය) හින්දා අපි යන්නේ කොහෙද ගියේ කොහෙද කියලා සජීවි තොරතුරු අත්පත් කරගන්න පුළුවන්.

සාමාන්‍ය මිනිසෙකුගේ ‍පුද්ගලික නිදහස අද පත්ව තිබෙන තත්ත්වය තේරුම් ගන්න. අද උපදින දරුවෙකු හැදී වැඩෙන්නෙ පුද්ගලිකත්වය සහ නිදහස ගැන කිසිම ආකාරයක අදහසකින් තොරව. වෙනත් තැනක සටහන් නොතැබුණු, වි‍ශ්ලේෂණගත නොවුනු පුද්ගලික සිතුම් පැතුම් ගැන කිසිම අදහසක් ඔවුනට නොමැති වේවි. පුද්ගලිකත්වය ප්‍රශ්ණගත වෙන මේ තත්ත්වය විශාල ප්‍රශ්ණයක්, මක්නිසාදයත් පෞද්ගලික නිදහස මතයි "අපි කවුද" සහ "අපි කවුරු බවට පත්වෙනවාද" කියන එක තීරණය වෙන්නෙ.

අපි වටා තිබෙන තාක්ෂණය පිළිබදව අපට ඇති විශ්වාසයත්, එය කවර ආකාරයකින් රාජ්‍යයන් විසින් හසුරුවයිද යන්නත් තීරණය කරනු ඇත්තේ අද දවසේ අපි විසින් සිදුකරන දායකත්වය මතයි. අපිට සියළුදෙනාටම එකතු වෙලා හොද සමබරතාවයක් හදාගන්න පුළුවන්වෙයි. තනි රාජ්‍යයන් විසින් කරන අති විශාල ඔත්තුබැලීමේ කටයුතු නතරකළ යුතුයි. රාජ්‍යයන්ට කියන්න ඕන, ඔය තරම්ම අපි ගැන හොයන්න අවශ්‍යනම් "අසා දැනගැනීම" හොරෙන් ඔත්තු බලනවට වඩා ලාභදායක බව.

අසා සිටින ඔබ සියළුදෙනාටම ස්තූතියි.
සුභ නත්තලක් වේවා...!"

* ජෝර්ජ් ඕවල් යනු, "1984" සහ "ඇනිමල් ෆාම්" යන සුප්‍රකට කෘතීන්හි කතෘවරයාය. රාජ්‍යයක් විසින් එහි ජනතාවගේ සියළු ක්‍රියාකාරකම් බලාසිටිමින්, මිනිස් ජීවිත පාලනය කරන ආකාරය ගැන කියැවෙන 1984 නවකතාවේ "බිග් බ්‍රදර්" යනු පුද්ගලික නිදහස ආක්‍රමණය කිරීම පිළිබදව සංකේතයකි.

පරිවර්තනය - සුමුදු තිවංක ගමගේ
බූන්දි වෙබ් අඩවිය -

Read more
Monday, December 30, 2013
රූමතියගෙන් ලිංගික අල්ලස් ගන්නට යද්දී අල්ලස් කොමිසමට කොටු වූ ‍පොලිස් ලොක්කා

සෑම ‍පොලීසියකම තත්ත්වය එය නොවූවත් සමහර ‍පොලිස් ස්ථානවලට යන ඇහැට කනට පෙනෙන කාන්තාවන්ට විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිදුවන බවට කොතෙකුත් කතන්දර අහන්නට ලැබේ. මෙවැනි ‍පොලීසියකට ගිය විට එකී කාන්තාවට ලැබෙන සැලකිලි මතෛකැයි කිව නොහැකි තරම්ය.

සමහර ‍පොලිස් නිලධාරීන් සීනි බෝතලයට ඇදෙන ඇඹලයින් මෙන් එකී කාන්තාවන් වෙත ඇදී යන්නේ මිස්, නෝනා, නංගි ආදී වශයෙන් අමතමින් කාන්තාව සමග සුහදවී ඇය ‍පොලීසියට පැමිණි කාරණාවද විමසා, ප්‍රමාදයකින් තොරව එයද ඉටුකර දෙමිනි.
සමහර අවස්ථාවල අවසානයේදී සිදුවන්නේ ‍පොලිස් නිලධාරියා තම ජංගම දුරකථන අංකය පවා ඇය අත තැබිමය. බැරි වෙලාවත් එකී කාන්තාව එම ජංගම දුරකථනයට ඇමතුමක් ගත හොත් ඉන් එහාට ඇය වැටෙන්නේ අලි අමාරුවකය. සමහර අවස්ථාවල එකී ‍පොලිස් නිලධාරියා එම බල ප්‍රදේශයේ සේවය කරන තාක් කල් ඇයට ඔහුගේ ලිංගික වහලියක් බවට පත්වීමට පවා සිදුවිය හැකිය.
‍පොලිස් මූලස්ථානයේ තොරතුරුවලට අනුව මෙරට ඇති ‍පොලිස් ස්ථාන සංඛ්‍යාව 400කට වැඩිය. ඒ සෑම ‍පොලීසියකම පාහේ අඩුම තරමින් එවන් අසික්කිත එක් ‍පොලිස් නිලධාරියෙකු වත් සිටින බව පැවසේ. ඊට අමතරව ‍පොලිස් අධිකාරී කාර්යාලවලද, නියෝජ්‍ය ‍පොලිස්පති කාර්යාලවලද මෙවන් අධමයන් නැතුවාම නොවේ. ඒ අය තම ගොදුරු බවට පත්කරගන්නේ තම දුක කියාගෙන ‍පොලීසිවලට හෝ ‍පොලිස් කාර්යාලවලට එන අහිංසක කාන්තාවන්ය. නැතිනම් හුදෙකලා වූ කාන්තාවන්ය.
‍පොලීසියට එරෙහිව යාමෙන් පලක් නොමැති බවට ඇති පුහු මතයක් හේතුවෙන් ‍පොලිස් ගැටවලට හසුවී ‍පොලිස් නිලධාරීන්ගේ ලිංගික වහලුන් බවට පත්ව සිටින බොහෝ කාන්තාවන් ඊට එරෙහිව හඬක් නගන්නේ නැත. සියල්ල ඉවසාගෙන සිටින්නේ තම පවුල් සංස්ථාව පවා බිඳ වට්ටවාගෙනය.
එය එසේ වුවත් මහව රැකෝගම ප්‍රදේශයේ පදිංචි තිස් පස් වියැති කාන්තාවක් මෙවන් අධම ‍පොලිස් නිලධාරියකුගේ ලිංගික වහලියක බවට පත්නොවී ඊට එරෙහිව නැගී සිටියාය. ඒ මෙරට ඉතිහාසයේ පළමු වරට ලිංගික අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් කොමිසමට ‍පොලිස් නිලධාරියෙකු කොටු කර දෙමිනි.
එම නිලධාරියා මහව ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාය. ‍පොලිස් පරීක්ෂකවරයෙකු වන ඔහු ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූයේ එම කාන්තාව  කුරුණෑගල වැව රවුමේ පිහිටි තානායම් කාමරයකට ඉකුත් 26දා ගෙන්වාගෙනය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් ‍පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත්තේ තානායම් කාමරයේදී ඇය සමග යහන්ගත වන්නට සූදානම් වෙද්දීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් එම ස්ථානයට කඩාවදින්නේ ඔවුන්ට ඇති දිවැස් බලයකින් නොව ඇය කල්තියා ඒ බව අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුවය.
ඇහැට කනට පෙනෙන එක් දරු මවක් වන ඇය තෙවරක්ම විවාහවී සිටින්නියකි.
පළමු සැමියා හමුදා සෙබළෙකි. ඔහු මියගොසිනි. දෙවැනි සැමියා ඇය අතහැර ගොස්ය. දැන් ඇය ජීවත්වන්නේ තෙවැනි සැමියා සමගය. ඔහු රක්ෂාව කරන්නේ ‍පොළොන්නරුවේය. ඔහු මහවට එන්නේ ඉඳහිටය. ඒ ඔහුට වැඩ රාජකාරි අධික නිසාය.
‍පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව මෙම කාන්තාව මුල්වරට මහව ‍පොලීසියට එන්නේ සිය 13 හැවිරිදි දියණියට පහරදීම සම්බන්ධයෙන් සැකකාරියක් ලෙසිනි. ඇගේ පළමු විවාහක සැමියාට දාව උපන් එම දැරියට පහරදීම ගැන ඇයට එරෙහිව ‍පොලීසි යන්නේ දැරියගේ කිරි අම්මාය. ඒ ඉකුත් අගෝස්තු

13 වෙනිදාය.
දැන් එම පැමිණිල්ල විභාග වෙන්නේ මහව මහේස්ත්‍රාත් අධිකරණයේය. දැරිය මේ වනවිට සිටින්නේ පරිවාස භාරයේය.
දැරිය සම්බන්ධයෙන් ඇයට එරෙහිව මහව ‍පොලීසියේ ලියැවුණු එම පැමිණල්ලත් සමග ඇගේ ඥාතීන් ද ඇයට එරෙහිව පැමිණිලි රාශියක්ම නොවැම්බර්, දෙසැම්බර් මාසවල මහව ‍පොලීසියට ගෙන ආවෝය. ඒ බහින්බස්වීම් ආදිය ගැනය. අවසන් පැමිණිල්ල ලියැවෙන්නේ ඉකුත් 22 වෙනිදාය. ඒ සියලු පැමිණිලි සුළු සිද්ධීන් අරභයා වූ බැවින් ඒවා විභාග කරනුයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාය. ඔහුට විභාග කළ නොහැකි වූ පැමිණිලි විසඳන්නේ මහව මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සුජීව මහතාය. ඔහුටත් විභාග කර සමථයකට පත්කළ නොහැකි පැමිණිලි විභාග කෙරෙන්නේ සමථ මණ්ඩලයේය.
මේ කුමන මොහොතකවත් ‍පොලීසියේ අපරාධ අංශය සමග ඇය මුසු නොවුණාය. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ කිසිදු මැදිහත්වීමක් ද සිදුනොවුණේය.
එහෙත් ඇහැට කනට පෙනෙන තැනැත්තියක් වූ ඇයට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඒ වන විටත් කිට්ටු කර සිටියේ ඇයට එරෙහිව ඇති පැමිණිලි විභාගයේදී ඇයට උදව් කරන මුවාවෙනි. ඒ ඇගේ ජංගම දුරකථන අංකයද ලබාගෙනය.
පරීක්ෂණවලින් හෙළිවී ඇති ආකාරයට අනුව, ඉඳහිට ඇයට ඇමතුම් දෙමින් ඇයට එරෙහිව ඇති පැමිණිලිවල තොරතුරු කතාබහ කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇයව ඔහුගේ ලිංගික වහලියක් කර ගැනීමට අවශ්‍ය මූලික පියවර ගනු ලබන්නේ අනතුරුවය. ඒ එස්.එම්.එස්. පණිවුඩ මගින් ආදරබර ප්‍රකාශ ඇය වෙත යොමු කරමිනි.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මේ එන ‍පොට හොඳ නැති බව දැන සිටියත් ඔහුට එරෙහිව යන්නට තරම් ශක්තියක් ඇයට නොතිබුණාය. ඒ ගැන සිතාම ඇය මානසික රෝගියෙකු බවටද පත්වෙමින් සිටියාය.
ඇය දිනක් පෞද්ගලික මානසික වෛද්‍යවරයෙකු මුණගැසීමට යන්නේ ඊට ප්‍රතිකාර ලබාගැනීමටය. ඇය මානසිකව කඩා වැටී ඇත්තේ ඇයි දැයි එහිදී හඳුනාගන්නා වෛද්‍යවරයා ‍පොලිස් පරීක්ෂකවරයාගෙන් නිදහස් වෙන්නට කළ යුත්තේ කුමක් දැයි ඇයට උපදෙස් දෙන්නටද අමතක නොකළේය. ඒ අල්ලස් කොමිසමේ දුරකථන අංක පවා ඇය අත තබමිනි.
අල්ලස් කොමිසමට ඇය යන්නේ ඒ අනුවය. ඇගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට පත්වන්නේද ඒ අනුවය.
අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශය මේ වන විට ලිංගික අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ‍පොලිස් නිලධාරියාට පෙර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ඒ 2014 වසරේ
පළමු වසරට ළමයෙකු ඇතුළු කරන්නට එම ළමයාගේ මවගෙන් ලිංගික අල්ලසක් ගන්නට ගිය අවස්ථාවේදීය. ළමයෙකු පාසලකට ඇතුළත් කරන්නට ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවකදී විදුහල්පතිවරයෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වන පළමු අවස්ථාව එයය. ඒ ඉකුත් සැප්තැම්බරයේ සිදුවුණු වැටලීමකි.
අල්ලස් කොමිසමේ අතීත වාර්තා පිරික්සීමේදී පෙනී යන්නේ අල්ලස් කොමිසමට මුල්ම ලිංගික අල්ලස් පැමිණිල්ල ලැබි ඇත්තේ ප්‍රේමදාස පාලන සමයේදී බවය. ඒ නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ නිලධාරියෙකුට එරෙහිවය. නිලධාරිනියකට ස්ථාන මාරුවක් ලබාදීමට ඔහු එම අල්ලස ඉල්ලා තිබුණි.
ඊට පසු නැවතත් ලිංගික අල්ලස් සම්බන්ධයෙන් රජයේ නිලධාරියෙකු කොටුවනුයේ බදුල්‍ලේදීය. ඔහු ග්‍රාමසේවා නිලධාරියෙකි. දුප්පත් ගැමි කාන්තාවකට ආහාර මුද්දර කාඩ්පතක් ලබාගැනීමට නිර්දේශයක් ඉදිරිපත් කිරීමට එම ලිංගික අල්ලස ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු කොටුවී ඇත.
ඊට පසුව ලිංගික අල්ලස් පැමිණිල්ලක් අල්ලස් කොමිසමට ලැබෙන්නේ වසර 18කට පසුවය. ඒ 2007 වසරේ සැප්තැම්බර් 02 දාය.
වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ සේවයේ නිතරව සිටි තිස් එක් වියැති උපස්ථායිකාවකගේ ස්ථාන මාරුවක් සකසාදීමට වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ ප්‍රධාන කළමනාකරු එම ලිංගික අල්ලස ඇගෙන් ඉල්ලා තිබිණ. බුත්තල පිහිටි හෝටල් කාමරයකට ඇයව කැඳවා තිබුණු අතර ඔහු එහිදී අත්අඩංගුවට පත්වන්නේ ලිංගික අල්ලස ලබාගැනීමට සූදානම් වූ මොහොතේය. කොට්ටාව ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා කොටුවන්නේ ඊට වසර හයකට පසුවය. මහව ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමට කොටුවූ අලුත්ම ගොදුරය.
අල්ලස් කොමිසම සඳහන් කරනුයේ ලිංගික අල්ලස සමාජයේ පිළිකාවක් සේ පැතිර ඇති බැවින් ඒවා මර්දනය කිරීමට නම්, ලැජ්ජාව බිය හේතුකොට ගෙන ඒවා ඉවසාගෙන නොසිට අල්ලස් කොමිසමට  පැමිණිලි කරන ලෙසය. ඒ තුළින් කාන්තාවට රැකවරණයක් මෙන්ම ආරක්ෂාවක්ද ලැබෙන බව අල්ලස් කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

 ගයාන් කුමාර වීරසිංහ
Read more
Sunday, December 29, 2013
අජාසත්තයි ලිච්ඡවී රජදරුවයි

‘ඇයි මහින්ද හදිස්සියේම බස්නාහිරත් එක්ක දකුණ තියන්න තීරණය කළේ....’
‘ඒක ඇත්ත. දකුණ විසුරුවන්න තව ගොඩක් කල් තියෙනවානේ...’
‘මහින්දගේ බලකොටුව වගේ තියෙන දකුණ ජනාධිපතිවරණයකට ළඟ තියල විසුරුවන එක වාසියිනේ...’
මේ බස්නාහිරත් එක්ක දකුණ විසුරුවන්න මහින්ද ගත්ත තීරණය ගැන මිනිස්සු කියන කතාය.
‘ඇයි මහින්ද අන්තිමට තියන්න ඕනෑ දකුණ දැන් තියන්න තීරණය කළේ...?’
ඒ හේතුව දන්නේ වෙන කවුරුවත් නොව මහින්ද සහ රනිල්ය.
‘ඒක මහා බහුභූත කතාවක්නේ...?’
බහුභූත වුණත් කතාව ඇත්තය.

වයඹ හා මධ්‍යම ඡන්ද තියල දින්නාට මහින්ද හිටියේ ලොකු බයකින්ය. ඒ බය ඇති වෙන්න හේතුව වුණේ වයඹ සහ මධ්‍යම යූ.ඇන්.පී.ය පරාජය වුණාට පසු රනිල්ව පන්නන රැල්ල යූ.ඇන්.පී.ය ඇතුළෙන්ම අළු ගසා දමල නැඟිටීමය. මහින්දට ඊළඟ ජනාධිපතිවරණය ඉවර වන තෙක් රනිල්ව තියා ගන්න අවශ්‍යය. රනිල් පසුගිය පක්‍ෂ සම්මේලනයේ කියපු විදියටම අජාසත්ත රජ්ජුරුවෝ ලිච්ඡවී රාජ්‍යයේ රජ දරුවෝ අල්ලාගෙන ලිච්ඡවී රාජ්‍ය භේදභින්න කළා සේ මහින්ද රනිල්ව තියාගෙන යූ.ඇන්.පී.ය නැත්තටම නැති කරන්න උත්සාහ ගනී. අජාසත්ත නම් වූ මහින්ද රනිල් නම් වූ ලිච්ඡවී රජ දරුවාට එරෙහිව ලිච්ඡවී රාජ්‍යයේ කුමාරවරු කැරලි ගහනකොට සිරිකොතට එන පාර වහල පාර කාපට් කරල දුන්නේ එහෙයිනි.
එතකොට රනිල් නම් වූ ලිච්ඡවී රාජ්‍යයේ රජ දරුවා අවුරුදු 6 කට යූ.ඇන්.පී. රාජ්‍යයේ පාලනය දීර්ඝ කර ගන්න 2012 පක්‍ෂ සම්මේලනය පවත්වන කොට සිරිකොතට එස්.ටී.එෆ්. ආරක්‍ෂාව දුන්නේ එහෙයිනි.

ඒ වගේම වයඹ සහ මධ්‍යම ඡන්ද පරාජයට පසු රනිල්ට ගෙදර යන්න කියල පටන් ගත්ත පෙළපාළිය නතර කරන්න මාතරදී පෙළපාළියට පහර දෙන්න රනිල්ගේ ඇම්බැට්ටයන්ට අජාසත්ත රජ්ජුරුවෝ ලයිසන් දුන්නේ එහෙයිනි.
ඉතින් වයඹ හා මධ්‍යම ඡන්ද පැරදුණාම රනිල්ව පන්නන්න පක්‍ෂය තුළින්ම ආ රනිල් විරෝධී රැල්ල යටපත් නොකළොත් ඊළඟ ජනාධිපතිවරණයට පෙර රනිල් විසිවී යූ.ඇන්.පී. යට නව නායකයකු බිහිවනු ඇතැයි මහින්ද බය විය. මහින්ද බය වුණේ වෙන කාටවත් නොව සජිත් ප්‍රේමදාස නායකයා වෙයි කියලාය. කරු ජයසූරිය සජිත්ව නායකයා කරන්න පාර කපයි කියල දැනගෙන මහින්ද වහාම කරුගේ බෑනා වූ ආණ්ඩුවේ ඇමැති නවීන් දිසානායකට කියල කරුව රනිල්ගෙ ඔඩොක්කුවට තල්ලු කළේය. රනිල් පත් කළ නායකත්ව මණ්ඩලයේ ඉන්න ඔක්කොම රනිල් හිතෛෂීන් බව මහින්ද දනී. ඒ වගේම පසුගිය මැතිවරණවලදී ඡන්ද සටන් මෙහෙයවා පරාජය වූ අය බවද මහින්ද දනී.

පසු ගිය මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්දයේදී පක්‍ෂයේ යොවුන් ඡන්ද සටන භාරව සිටියෙත් රනිල් එක්ක රට වටා ගියෙත් රුවන්ය. ඡන්ද ප්‍රචාරක කැම්පේන් එක කළේ මංගලය. රවි යාපනය භාරව සිටියේය. කබීර් සහ කිරිඇල්ල ඡන්ද මෙහෙයුම් කමිටු සාමාජිකයන්ය. තිස්ස පක්‍ෂ මහ ලේකම්ය. කරු ජයසූරියද අවසන් දිනවල රනිල්ගේ සෑම රැස්වීමකටම සහභාගි විය. මේ නායකත්ව මණ්ඩලයම වයඹ සහ මධ්‍යම පරාජයේ උරුමක්කාරයන්ය. ඒක නිසා රනිල්ව බේරා ගත්ත මේ නායකත්ව මණ්ඩලයට මහින්ද හරිම කැමැතිය. අද මේ නායකත්ව මණ්ඩලයට සහ කරු ජයසූරියට ලොකුම ප්‍රචාරය දෙන්නේ ස්වාධීන යැයි පෙන්වා ගෙන ඉන්නා ආණ්ඩුව මෙහයවන රිවිර පත්තරයය. ඒ පත්තරය ආණ්ඩුවේ ඉහළම තැනකින් මෙහෙයවන පත්තරයක් කීවේ මෛත්‍රිපාලය. නායකත්ව මණ්ඩලය පුම්බන්න ඒ පත්තරයට උපදෙස් දෙන්නේ මහින්දය. ඒ වගේම දුමින්ද සිල්වාගේ සහෝදරයාට අයත් හිරු රූපවාහිනි ආයතනයද නායකත්ව මණ්ඩලය පුම්බයි. මේකෙන්ම නායකත්ව මණ්ඩලය මෙහෙයවන්නේ කවුද කියන ඒක පැහැදිලිය.

හැබැයි බස්නාහිර විතරක් තියල යූ.ඇන්.පී.ය පරාජය වුණොත් රනිල් වගේම නායකත්ව මණ්ඩලයත් ඉවර බව මහින්ද දනී. එතකොට රනිල් වගේම නායකත්ව මණ්ඩලයත් පන්නලා සජිත්ව නායකයා කළ යුතු යැයි එ.ජා.ප. පාක්‍ෂිකයන් හඬ නඟන්න ඉඩ ඇති බව මහින්ද දනී. සජිත් හදිසියේවත් නායකයා වුණොත් එය ඊළඟ ජනාධිපතිවරණයට සේම දකුණු පළාත් සභා ඡන්දයටත් බලපෑ හැකි බව මහින්දගේ හිත කියයි.

‘ඔයා බස්නාහිරත් එක්ක දකුණත් තියල සජිත්වත් ඉවර කරන්න. කොහොමත් දකුණ අපිට ගොඩගන්නම බෑ. සුළු ජාතික ඡන්ද නිසා කොළඹ අපි ආසන දෙක තුනක් දිනනවා. ඒ ජය මගෙයි නායකත්ව මණ්ඩලයෙහි එකවුන්ට් එකට දාගෙන සජිත්ව ඉවර කරමු. මම ලංකාදීප පත්තරය ලව්වා ඒක කරවන්නම්. ඔයා ඔයාගේ මධ්‍යස්ථ පත්තරයයි ටී.වී. එකයි දමල අපිව උස්සල සජිත්ව ඉවර කරල දෙන්න...’
රනිල් මහින්දට එහෙම කිව්වාද දන්නේ නැත.
‘දකුණත් තියල සජිත්ව ඉවර කරගත්තොත් සජිත් ආයේ රනිල්ව පන්නන්න සටන් කරන එකක් නැහැ. එතකොට රනිල්ව තියාගෙන ජනාධිපතිවරණයට යන්න පුළුවන්....’
මහින්දත් එහෙම හිතුවාද දන්නේ නැත.




වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද අවසන් වූ විගස ඊළඟට එළැඹෙන බස්නාහිර ගැන කතා නොකොට දකුණේ මහ ඇමැති අපේක්‍ෂක ලෙස සජිත්ව පත් කරන්න යැයි මංගල දුවගෙන ගිහින් මාතරදී යෝජනා සම්මත කළේත්, සජිත්ට දකුණට එන්න යැයි රවි සහ පක්‍ෂ මහ ලේකම් තිස්ස අභියෝග කළේත් නිකම්ම නොවේ. අත ළඟ තිබෙන බස්නාහිර මහඇමැති අපේක්‍ෂකයා ගැන කතා කොට විසුරුවන්න කල් තිබෙන දකුණේ මහ ඇමැති අපේක්‍ෂකව නම් කරන්න යෝජනා සම්මත කර ගැනීමෙන්ම බස්නාහිර එක්ක දකුණ තියල සජිත්ව විනාශ කරන්න කියල මහින්දට උඩ ගෙඩි දුන්නේ රනිල් බව පැහැදිලිය.


මහින්දට තියෙන අනෙක් බය ෆොන්සේකාය. ෆොන්සේකාට බස්නාහිර ලොකු රැල්ලක් තියෙන බව මහින්ද දනී. බස්නාහිර විතරක් තියල ෆොන්සේකා යූ.ඇන්.පී.ය තුනට දමල දෙක වුණොත් ඊළඟ ජනාධිපතිවරණයට විපක්‍ෂය මෙහෙයවන්නේ ෆොන්සේකා යැයි මහින්ද හිතයි. දකුණ ෆොන්සේකාට අවාසි යැයි හිතන මහින්ද බස්නාහිරයි දකුණෙයි දෙකේම ෆොන්සේකාට දුවන්න අමාරු යැයි හිතයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ව ඉවර කර ගන්නවා සේ සජිත්වයි ෆොන්සේකාවයි දෙන්නාවම ඉවර කරල රනිල්ව ආරක්‍ෂා කර ගැනීම මහින්දගේ උපායය.


2011 කොළඹ නගර සභා ඡන්දයේදී කොළඹ නගර සභාව දිනන්න මහින්ද බැස්සේ නැත. නගර සභා ඡන්ද කාලයේදී මහින්ද සහ රනිල් හමු වූ විටකදී ඇයි කොළඹට මිලින්ද වගේ දුර්වල අපේක්‍ෂකයෙක් දැම්මේ යැයි රනිල් අහද්දී ඔයාව බේරා ගන්න දැම්මේ කියල මහින්ද කිව්වා යැයි පත්තරවල පළ විය. රනිල් කළේ කොළඹ දිනල නායකත්වය ආරක්‍ෂා කරගෙන නගර සභාව මහින්දට බද්දට දීමය. කොළඹ නගර සභා අය-වැයට සන්ධානය සහාය දුන්නේ නගර සභාව ආණ්ඩුවේ නිසාය.


මහින්ද සහ රනිල් නොහොත් අජාසත්තයි ලිච්ඡවී රජ දරුවයි කොකා පෙන්නල තියෙන්නේ ඡන්දය දුන්න අහිංසක යූ.ඇන්.පී.කාරයන්ටය.
මහින්දට පසුගිය සති කිහිපයේම ආණ්ඩුවේ ප්‍රාදේශීය සභාවල අය - වැය පරාජය වීම නිසා නින්ද නොගියත් සැපට නින්ද යන්න ඇත්තේ යූ.ඇන්.පී. සම්මේලනය දා රාත්‍රියේය. ඒ රනිල්ගේ නායකත්වය ආරක්‍ෂා වූ නිසාය. රනිල්වයි නායකත්ව මණ්ඩලයයි ආරක්‍ෂා කරල මහින්දට ඕනෑ කතාව කළේ විජේදාස රාජපක්‍ෂය.

මේ විජේදාස රාජපක්‍ෂ මහින්දව යුද අපරාධවලින් බේරාගන්න බෑන් කී මූන්ට ලියුම් ලිව්ව කෙනාය. ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදී තීන්දු මණ්ඩල සභාපති ලෙස දෝෂාභියෝග විරෝධී ව්‍යාපාරය හීන් නූලෙන් කඩාකප්පල් කළේ විජේදාසය. ඒ කාලයේ තමාගේ ගෙදරට මැර ප්‍රහාර එල්ල කළා යැයි ඔහු හඬන විට මහින්ද ඔහුගේ කඳුළු පිසදමන්න ගෙදරට දුවගෙන ගියේය.

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ සම්මත වූවාට පසු එය පිළිනොගෙන සටන් කරන්න නීතිඥවරුන් සුදානම්ව සිටියදී විජේදාස නීතිඥයන් සමඟ ගිහින් මහින්ද හමුවී නීතිඥ මණ්ඩල සභාපති ලෙස දෝෂාභියෝගයට නිල පිළිගැනීමක් දුන්නේය. විජේදාස නීතිඥ මණ්ඩල සභාපති ධුරයට පත් වුණේද මහින්දගේ සහාය ලබාගෙන මහින්ද එක්ක ඡායාරූපයකට පෙනී හිටලාය. විජේදාසට එරෙහිව අපේක්‍ෂකයෙක් නොදමන ලෙස මහින්ද ආණ්ඩුවේ නීතිඥවරුන්ට කීවේය.


අද යූ.ඇන්.පී.යේ වීරයෝ ලෙස පෙනී සිටින්නේ මොවුන්ය. වීරයෝ කවුද පරයෝ කවුද කියල යූ.ඇන්.පී.කාරයෝ තේරුම් ගන්න දවස වැඩි අෑතක නොවේ. මහින්දට මහින්දගේ අන්තිම දවස් ගණින්න වෙන්නේ එදාටය.



උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
සුනාමියෙන් සැමියා දරු දෙදෙනා අම්මා තාත්තා හැමෝම අහිමි වූ ලාංකික ‍ලේඛිකාව ලියූ WAVE ‍පොත ජාත්‍යන්තරයේ අලෙවි වාර්තා තබයි

සොනාලි දැරණියගලගේ ගැන සටහනක්

යාල අභය භුමියට කිට්ටුවෙන් මුහුද අසල සිට අහස බැලූ සොනාලි දුටුවේ වර්ණවත් අහසකි. ඒවා සිත්තරෙකු විවිධ වර්ණයෙන් ඇඳි පින්සල් පහරවල් මෙන් දිස්වන බව ඇය කල්පනා කළේ සැහැල්ලුවෙනි. මේ ඇය දහස්වරක් දැක ඇති අහසයි. තව මොහොතකින් ඈත නිල් සයුර වියරු වෙස්ගෙන ගොඩට විත් ජීවිතයේ තමා වඩාත් ආදරය කරන සියලු දෙනා සඟවාගෙන යන බව ඇය මොහොතකට හෝ කල්පනා කළේ නැත. ඒ වනවිට ඇය, සැමියා හා දරු දෙදෙනා සමග පදිංචිව සිටි ලන්ඩනයේ සිට ඔවුන්ද කැටුව තම උපන් බිම වන ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරන්නට පැමිණ සිටියාය.
සොනාලි දැරණියගල ගැන අද මෙරට මෙන්ම ජාත්‍යන්තර සාහිත්‍ය ලෝකයද හඳුනන්නේ ඉතා ඉහළ අලෙවියක් ඇති ‘වේව්’ (WAVE) නම්, පාඨක හා විචාරක ප්‍රසාදයට පාත්‍ර වූ ඉංග්‍රීසි ‍පොත ලියූ ශ්‍රී ලාංකික ‍ලේඛිකාව ලෙසටය. ‍පොතේ ඇත්තේ සොනාලිගේ ‍ලේ, කඳුළු හා සුසුම් ඇසුරින් ලියැවුණු කතාවය. 2004 දෙසැම්බර් මාසයේ ආසියාවට බලපෑ ඉන්දියානු සාගරයේ මහා සුනාමිය ඇගේ සැමියා,පුතුන් දෙදෙනා පමණක් නොව දෙමව්පියන්ද සොනාලිට අහිමි කළේය. මේ කියන දිනයේ පවු‍ලේ උදවිය සමග යාල අසල මුහුදු වෙරළේ සිටි සොනාලි මුහුදු රළ අසාමාන්‍ය වේගයකින් ඇදී එනු දුටුවාය. මුහුද ගොඩගලන බව වැටහුනු ඇය ඒ බව හඬ නගා කියමින් තම සැමියා හා දරුවන් සමග අසලවූ ඔවුන්ගේ ජීප් රථයට ගොඩවෙනවාත් සමගම මුහුද විදුලි වේගයෙන් පැමිණ සියල්ල ඩැහැගත්තේය.
සිහිසුන්ව සිටි සොනාලි මියගිය අය අතරේ පණ ඇති අය සොයන පිරිසට හමුවනවිට ඇය ලෙයින් මෙන්ම මඩින්ද නැහැවී කෙළින් සිටගන්නටවත් නොහැකි තත්ත්වයක පසුවූවාය. ජීප් රිය පෙරැළෙද්දී ඇයගේ සිරුරට පිටතින් මෙන්ම අභ්‍යන්තරවද තුවාල සිදුවූ අතර සොනාලිගේ සෞඛ්‍යය නැවත යහපත් තත්ත්වයකට තරමක් හෝ පත්වන්නට මාස ගණනක් ගතවිය. තම පුතෙකුගේ කමිසයක් පමණක් ඇයට මුල් දිනවල සුන්බුන් අතර තිබි හමුවුවද බාල පුතු නිකිල් ගේ හා සැමියා ස්ටීව්ගේ මළ සිරුරු හඳුනාගන්නට සිව් මසක් ගතවිය. ඔවුන් මිහිදන් කරන ලද්දේ සමූහ මිනී වළකය.
කාලය ගෙවී ගියේය.කොළඹ තම නැන්දනියගේ නිවසේ නැවතී සිටි මුල් කාලයේදී සුනාමිය යන වචනයෙන් පවා තැතිගත් සොනාලි දෙතුන් වරක් දිවිනසාගන්නටද තැත් කළාය. පණටත් වඩා ආදරය කළ සැමියා, දරු දෙදෙනා සහ මව්පියන් යන සියලු දෙනා අහිමිව සිටි ඇගේ තනියට ඒ කාලයේ සිටියේ නෑයින් හා විශේෂයෙන් මිතුරු,මිතුරියන්ය. සුනාමියෙන් පසු ඒ වෙලාවේ තම පවු‍ලේ අය සිටි තැනට නැවත නැවතත් ගිය සොනාලිට පෙරළා waveලන්ඩනයට එන්නට හිත හදාගන්නට හැකිවූයේ දෙවසරක කාලයකට පසුය.
ලන්ඩන් නිවසේ නිදන කාමරයට ගිය ඇයට කොට්ටයක් මත වැටී තිබූ තම සැමියාගේ ඇස් පිහාටුවක් දකින්නට ලැබෙන්නේ හද කම්පා කරවමිනි. කිසිදිනෙක අමතක නොවන මතකය ‍පොතක පිටු අතරට ගොනුකොට තම ඛිෙදනීය අත්දැකීම ලොව හා බෙදාගන්නට සොනාලි කල්පනා කළාය. ‍පොතේ නම හා ඇගේ නම හැරුනුවිට ඡායාරූප හෝ චිත්‍ර නැති අඳුරු පැහැ කවරයකින් යුතු ‘රැල්ල’ යන අරුත ඇති ‘WAVE’ සාහිත්‍ය ලෝකයට පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
“රැල්ලකට අහුවෙලා මාව ගහගෙන ගියා. දිගින් දිගටම ගහගෙන ගියා. වේදනාව එක්කම තද බයක් මට දැනුනා. මොනවා වෙනවද කියලා හිතාගන්නත් අමාරුයි. ඒ එක්කම ටික ටික මොහොතකට කලින් වුණ දේවල් මට මතක් වෙන්න ගත්තා. මගේ ළඟින්ම මගේ පුතාගෙ වයසෙ පිරිමි ළමයෙක් වාහනේක සීට් එකක් අල්ලගෙන පා වෙලා ගියා. මට මේ කිසි දෙයක් අදටත් හිතාගන්න බැහැ. මම මුහුණදුන්නෙ මොනතරම් වෙනස් අත්දැකීමකටද කියලා. මට හොඳටම කල්පනා වුණේ ‍පොත ලියන්න පටන්ගත්තමයි.”සොනාලි කියයි. ‘WAVE’  හරහා සාහිත්‍ය ලොව තුළ තම පවු‍ලේ අය ගැන අසාමාන්‍ය සිහිවටනයක් ගොඩනගන සොනාලි දැන් පදිංචිව සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේය. ඇය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සේවය කරයි. මීට පස් වසරකට පෙර පදිංචියට ගිය නිව්යෝක් තට්ටු නිවසේ තනි යහනේ ගුලිවී ඇය තම දුක පරිගණකයෙන් අකුරු කරවන්නට වූවාය. තමා අත්දුටු දේ අවංකවම ලියැවෙද්දී හිතට සැනසීමක්ද දැනෙන්නට වූ බව සොනාලි පවසන්නීය.
‘WAVE’ වෙළෙඳපළට නිකුත්වී ටික දිනකින්ම එය අතිශයින් ජනප්‍රිය විය. ‍පොතේ පෙරවදන් ලියා තිබුණේ සාහිත්‍ය ලෝකයේ සොනාලිගේ වීරයන් වන මයිකල් ඔන්ඩච්චි හා ජෝන් ඩිඩියොන් විසිනි. ජෝන් ‘ද ඉයර් ඔෆ් මැජිකල් තින්කින්’ වැනි සුප්‍රකට ‍පොත් ලියූ ඇමරිකානු ‍ලේඛිකාව වන අතර මයිකල් ඔන්ඩච්චි ‘ද ඉංග්ලිෂ් පේන්ට්’ නවකතාව වෙනුවෙන් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රකට ශ්‍රී ලාංකික ‍ලේඛකයාය. ‍පොත ලිව්වද එය මුද්‍රණය කිරීම කල්දමමින් සිටි තමාට ඊට අනුබල දුන්නේ ඔන්ඩච්චි බව ඇය ගෞරවයෙන්  යුතුව සිහිපත් කරයි. පරිගණකගත කළ ‍පොත වසරක් තුළ මුද්‍රණයෙන්ද නිකුත් වූ බැවින් එය සංස්කරණය කරන ලද්දේද යාන්තමින් බව සොනාලි කියයි.
‘WAVE’ නිකුත් කරන ලද්දේ  මෙම වසරේ මාර්තු පස්වැනිදාය. ජීවතුන් අතර සිටියානම් ඇගේ වැඩිමහල් පුතු වික්‍රම් මාර්තු තුන්වැනිදා සමරන්නේ ඔහුගේ  දහසයවැනි උපන් දිනයයි. සොනාලිගේ පනස්වැනි උපන්දිනයද මාර්තුවේ යෙදී තිබිණි. සුනාමිය සියල්ල රැගෙන ගිය පසු පවු‍ලේ උපන්දින හෝ සංවත්සර යෙදෙන දින තරම් සොනාලිට ගෙවාගන්නට අපහසු දවස් තවත් නැත. ඒ දවස්වලට ඇය කරන්නේ කිට්ටු හිතවතුන් සමග සෙනග බහුල තැනකටවී කාලය ගතකිරීමෙන් තනිකම මගහරවාගැනීමය. එසේ නොකළහොත් එය තමාට දරාගන්නට බැරි වේදනාවක් ඇති කරන බව ඇය කියන්නීය.
‘WAVE’ ලිවීම තුළින් සොනාලි තම දුක තුනීකරගැනීමේ පාඩමද උගත්තාය. අමතක කර සැනසෙන්නට නොව තම ආදරණීයයන් මතකයේ තබාගෙන සැනසෙන්නට දැන් තමාට හැකි බව ඇය කියයි. ‍පොත නිකුත් කිරීම කලබලයකින් තොරව කරන්නට ඇය ගත් තීරණයට ප්‍රකාශකයින්ගෙන්ද ලැබුණේ ලොකු සහයෝගයකි. මේ නිසා මාධ්‍ය ආවරණ ඇතුළු ප්‍රචාරක කටයුතුවලින් තොරව ‍පොත පිටවුණද ටික දිනකින්ම නොසිතූ ප්‍රතිචාර දසතින් ඊට ලැබිණි. කෙසේවුවද තවදුරටත් ඇය වැඩිදෙනෙකු නොදන්නා කෙනෙකු නොවේ. මගතොට හමුවන්නන්ද දැන් ඇයව හඳුනාගෙන කතා කරයි.මෙය එක් අතෙකින් තමාට පහසුවක් මෙන්ම තවත් අතෙකින් අපහසුවක් ඇතිකරන බව කියන සොනාලි මේ තත්ත්වයට මුහුණදෙන ආකාරය ගැන තමා තවමත් සිතා බලන බවද කියයි.
“මම මේ ‍පොත ලිව්වෙ බොහෝ දෙනෙක් මෙවැනි අවස්ථාවක කරනවා වගේ මගේ දුක තුනීකරගන්න ‍නෙවෙයි. මගේ පවු‍ලේ අය ගැන මතක ‍පොතක් ලියන්නයි මට ඕන වුණේ. ඔවුන් එක්ක ගතකරපු කාලය ගැන ලියලා මම මගේ හදවත නැවත අවදි කරගත්තා” සොනාලි දැරණියගල පවසයි. ‍පොත ලියාගෙන යද්දී තමාට  දැනුණේ තාත්තා, අම්මා, සැමියා ස්ටීව්, වැඩිමහල් පුතු වික්‍රම් හා ‘මල්ලි’ යන සුරතල් නමින් හැඳින්වුණ බාල පුතු නිකිල් සම්බන්ධ සිදුවීම් කොහේදෝ ඈත ලෝකයකින් එබිකම් කරන්නාක් මෙන් යැයිද සොනාලි පවසා තිබිණි. ‘WAVE’ ‍පොතට හැඳින්වීමේ පාඨයක් ලෙස ‘සුනාමියෙන් පසු ජිවිතය හා මතක’ යන අරුත ඇති “ලයිෆ් ඇන්ඩ් මෙමුවාර්ස් ආෆ්ටර් ද සුනාමි” (Life and memoirs after the Tsunami) යන්න ඇය එකතු කරන්නේද එබැවිනි. මේ හේතුවෙන්ම සොනාලිගේ ‍පොත  නිර්භීත හා අවංක ප්‍රයත්නයක් බව බටහිර විචාරකයින්ගේ මතය වී තිබේ.
‘WAVE’ හරහා සොනාලි පාඨකයා ගෙනයන්නේ එක හුස්මට කියැවිය හැකි අසංවේදී ගමනක් බව කියන ‘අමේසන් ඩොට් කොම්’ (amazon.com) වබේ අඩවිය අසංවේදී යැයි කියන හේතුව මෙසේ විස්තර කරයි.
“පළමු මාස කිහිපය තුළ නොඅනුමානව මේ ඛිෙදවාචකය හා ‍පොර බදන්නට ඇති ඇය තමාට මුහුණ දෙන්නට අපහසු වුවද ප්‍රතික්ෂේප කරන්නටද බැරි යථාර්ථයට මුහුණ දෙන්නට ඉදිරි වසර කිහිපය තුළ ක්‍රමයෙන් තීරණය කළ බව පෙනෙයි. ඉන්පසු සොනාලි කරන්නේ වියෝ දුකින් බර තම මතකය, ගෙවී ගිය ජීවිතයේ ඉසුරුමත් හා ප්‍රීතිමත් කාලය ඔස්සේ සෙමින් ගමන් කරවීමයි. කොළඹ ගත කළ ළමා විය, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ හමු වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයා, ඔහු හා පෙමින් වෙලී විවාහ වූ ආකාරය, ලන්ඩනයේ තම නිවස, දරුවන්ගේ උපත සෙමින් අප ඉදිරියේ දිග හරින ඇය අහිමි වූ අය ගැන දරාගත නොහැකි මතකය මැද වුවද ඔවුන් තමා තුළ ජීවමානව තබාගැනීමට උත්සාහ කරන්නීය.”
සොනාලි දැරණියගලගේ මෙම ‍පොත ගැන ප්‍රබලතම විචාරයක් ‘ද ගාඩියන්’ පුවත්පතට කරන සුප්‍රකට ‍ලේඛකයෙකු මෙන්ම ඉතිහාසඥයෙකුද වන විලියම් ඩැල්රයිම්ප්ල් කියන්නේ ‘වේව්’ විරහව මෙන්ම ප්‍රේමය ගැන එතෙක් මතෛක් ලියැවුණු හොඳම ‍පොත්වලින් එකක් බවයි. සුනාමිය ගොඩට එන දිනයේ ඔහුද තම දරුවන් තිදෙනා සමග ඉන්දියාවේ මුහුදුබඩ නිවාඩුවක් ගතකරමින් සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත අනූනමයෙන් බේරී ඇත්තේ නැවතී සිටි හෝටලයේ ඔවුන් ඒ මොහොතේ නොසිටි බැවිනි.

නිශානි දිසානායක
Read more
Saturday, December 28, 2013
ජනාධිපති රාජපක්ෂ වෙත නෙල්සන් මැන්ඩෙලාගෙන්

සුනන්ද දේශප්‍රිය -

පි‍්‍රය මහින්ද රාජපක්ෂ,
මෙම ලිපිය ලිවීම ආරම්භ කිරීමට පෙර මා එක් කරුණක් කියන්නට කැමැති යි. එනම් අපට මුණ ගැසී කතා කිරිමට නොලැබීම ගැන මා කනගාටු වන බවයි. ඔබ ඉතා දුෂ්කර යුද්ධයක පැටලී සිටි නිසා සමහර විට ඔබට මා ඔත්පල වීමට පෙර හමුවීමට එන්නට අවස්ථාවක් නැති වන්නට ඇති. ඔබේ ලස්සන රටෙහි ජීවත්වන සියලූ ජනයා කෙරෙහි මා පළමුවෙන්ම ස්තුති වන්ත විය යුතු යි. ඒ අපේ දේශය වර්ගවාදයේ සාපයට යටත්ව තිබූ මෑත අතීතයේ දී ඔබේ රටෙහි ජනයා සහ නායක නායිකාවන් පැගී සිටි අපේ ජනයාගේ නිදහස වෙනුවෙන් දෙන ලද අදම්‍ය සහාය නිසා ය. ඔබේ රටේ ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා කුමාරතුංග හමු වූ අවස්ථාවන්හි දී මම මේ බව ඇයට ද කියා සිටියෙමි.

අපේ දෙරටම විවිධ තත්ත්වයන් යටතේ නමුත් යුද්ධයේ සාපයෙන් පීඩා විඳ ඇත්තෙමු. යුද්ධය සමහර විට සාධාරණ ය. සමහර විට අසාධාරණ ය. ඒ කෙසේ වෙතත් යුද්ධයක අවසානය විසින් ඉතිරි කරන ප‍්‍රශ්න බොහෝ සමාන ය. මන්ද යත් යුද්ධය යනු සංහාරය නිසා ය. අපේ දකුණු අපි‍්‍රකාව නිදහස් ප‍්‍රජතන්ත‍්‍රවාදී පාලනයක් දිනාගත්තේ දීර්ඝ කාලීන පීඩාකාරී වර්ගවාදී පාලනයක් සහ සන්නද්ධ ප‍්‍රතිවිරෝධය පෑමක් පසු බිමෙහි ඇතිව ය. එසේ නමුත් ආමානුෂික වර්ගවාදී පාලනය අවසන් වීමෙන් පසු එම පිළිවෙත සහ එම පිළිවෙත ගෙනගියා වූ වර්ගවාදී රජය සමග මාරාන්තික අරගලයක නිරත වී සිටි අපේ අරමුණ බවට පත් වූයේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීම යි. යුද්ධයකට වඩා එය බොහෝ සෙයින් වෙනස් ය.

ඔබේම කලාපයේ ඉතිහාසය දෙස බැලූ විට හමුවන අශෝක අධිරාජ්‍යයාද එවැනි වෙනසක් ඇති කිරීමට සමත් විය. ඔහු යුද්ධයේ දේශපාලන සළුපිළි උනා තබා ධර්මාශෝක බවට පත් විය. සාමය සහ මානව නිදහස ඇති කිරිමට නම් යුද්ධයේ දේශපාලනයෙන් ඉවත්වීම අත්‍යවශ්‍යය. එමෙන්ම අපේ නිදහස සඳහා අන්තර් ජාතික දේශපාලන බලපෑම් මහෝපකාරී වූ බව ද සඳහන් කළ යුතු ය. මා ඔබට කීමට කැමැති මගේ වැදගත්ම අත්දැකීමක් නම් අන්තර් ජාතික දේශපාලන බලපෑම් රටක හොඳට මෙන්ම නරකට ද තීරණාත්මක ලෙස බල පෑ හැකි බවයි. එහි බලපෑම වැළැක්විය නොහැක.

එසේ නමුත් රටක අනාගතය රඳා පවතින්නේ දේශීය බලවේග මත බව අපේ අරගලය අපට සනාථ කළේ ය. දකුණු අපි‍්‍රකාවේදී අන්තර්ජාතික සහ ජාතික බලවේග කි‍්‍රයාත්මක වූයේ එකම කඹයක වෙළු දෙකක් මෙන් ය.

අප රට තුළ නිදහස සඳහා ප‍්‍රබල ව්‍යාපාරයක් නොවූයේ නම් එවැනි අන්තර්ජාතික දේශපාලන බලපෑමක් ඇති වන්නේවත් ඇති වුවත් ඉන් වැඩක් වන්නේවත් නැත.

මා මෙසේ දේශපාලන සාකච්ඡාවකට යොමු වන්නේ විශේෂයෙන්ම එක් කරුණක් නිසා ය. එනම් ඔබ සහ ඔබගේ ආණ්ඩුව අපේ දකුණු අපි‍්‍රකාවේ අත්දැකීමක් වන සත්‍යය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධානයේ කොමිසම ගැන උනන්දු වන බව අසන්නට ලැබීම යි. එය සතුටට කරුණකි. මෑත පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රැුස්වීමේ දී ශී‍්‍ර ලංකාවේ නොවිසඳී පවත්නා යුද්ධයට අදාළ මිනිස් අයිතිවාසිකම් ගැටලූ විසඳීම පිණිස දකුණු අපි‍්‍රකානු අත්දැකීමෙන් ඉගෙන ගැනීමට ඔබ සතු කැමැත්ත ප‍්‍රකාශ වීම ඉතා අගනේ ය.

මා සමග එක්ව දකුණු අපි‍්‍රකාවේ නිදහස උදෙසා සටන් කළ බිෂොප් ඩෙස්මන්ඞ් ටූ ටූ වැනි මගේ කාලයේ යහපත් මිනිසුන් ඔබේ රට මුහුණ දී සිටින කනගාටුදායක තත්ත්වය ගැන වරක් නොව අවස්ථා ගණනාවකදීම පැහැදිලිකිරිම් කර තිබුණි. 2007 වසරේ දී මා, ග‍්‍රාෂියා මචෙල් සහ බිෂොප් ඩෙස්මන්ඞ් ටූ ටූ එක්ව වයෝවෘද්ධයන්ගේ එකමුතුව (ථෙ Eල්ඩෙර්ස්) ඇති කළේ ද ලොව මුහුණ දී සිටින උග‍්‍රතම ප‍්‍රශ්න විසඳනු පිණිස සහාය වීමට ය. ඊට මානව හිමිකම් ආරක්ෂකයන් ලෙස ලොව පිළිගත් නායක නායිකාවෝ කණ්ඩායමක් එකතු වූහ. ඒ අවස්ථාවේ මම මෙසේ කීවෙමි. ‘ගත යුතු කවර හෝ පියවරක් ගනු පිණිස මෙම කණ්ඩායමට නිදහසේ සහ එඩිතරව කතා කළ හැකි ය; ප‍්‍රසිද්ධියේ හෝ අප‍්‍රසිද්ධියේ කි‍්‍රයත්මක විය හැකි ය. එමගින් අප එක්ව බිය ඇති තැන ධෛර්ය ඇති කරනු පිණිස ද, ගැටුම් ඇති තැන එකඟතා ඇති කරනු පිණිස ද, අපේක්ෂා භංගත්වය ඇති තැන බලාපොරොත්තු දැල්වීම පිණිස ද කටයුතු කරමු.’ අප තිදෙනා විසින් මූලිකත්වය ගන්නා ලද මෙම වයෝවෘද්ධයන්ගේ එකමුතුවෙහි සභාපතිත්වය 2007 සිට 2013 දක්වාම දරන ලද්දේ මා මුලින් සඳහන් කළ බිෂොප් ටූ ටූ ය. ඔහු නිදහස ලද අපේ දේශය යළි වනචාරී යුද්ධය කරා ඇද වැටීම නතර කරනු පිණිස මහඟු සේවයක් කළ මිනිසෙකි. බොහෝදෙනකු විසින් මාගේ අනුප‍්‍රාප්තිකයා වනු ඇතැයි විශ්වාස කළ දකුණු අපි‍්‍රකානු කොමියුනිස්ට් පක්ෂයේ නායක කි‍්‍රස් යානි, සුදු ජාතික වර්ගවාදීන් විසින් 1993 දී ඝාතනය කරන ලද අවස්ථාවෙහි ටූ ටූ රඟ පෑ භූමිකාව ඉතිහාසීය වශයෙන් අද්විතීය වේ. සිය නායකයාගේ මරණයෙන් උද්වේගයට පත් 120,000 තරම් ජනකායක් සුදු ජාතික විරෝධී ගැටුම් ඇති කිරීමට පොදිකමින් සිටියහ. ඔහුගේ අවමංගල්‍ය උළෙලෙහි දී බිෂොප් ටූ ටූ තමා සමග එක්ව උද්යෝග පාඨ කීමට එම ජනයා පොළඹවා ගත්තේය: ‘‘අප නිදහස ලබනවාමයි” ‘‘අප හැමෝම” ‘‘කළු සහ සුදු හැමෝම එකට”. එම සපථ කිරීම විසින් ගැටුම් සඳහා තිබූ ආවේගය සාමකාමී මාවතට හැරවුණි.

ඔබ අවශ්‍ය නම් ජීවිත කාලය පුරාම රටෙහි නායකයා වී සිටිය හැකි පරිදි රටෙහි ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම පුදුමයට කරුණකි. ඔබට දකුණු අපි‍්‍රකාවෙන් ඉගෙන ගැනීමට හැකි එක් දෙයක් නම් එය යි. මා ජනාධිපති ධුරය එක්වරක් දරා ඉවත් වූයේ අනෙක් නායකයන්ට ඉඩ සැලසෙන පරිදි ය. 2013 වසරෙහි දී වයෝවෘද්ධයන්ගේ එකමුතුවෙහි සභාපතිකමින් ඉවත් වෙමින් බිෂොප් ටූ ටූ කියා සිටියේ ‘‘වයෝවෘද්ධයන් ලෙස ජීවිත කාලයම සභාපති වී සිටීමට විරුද්ධ විය යුතු ය. අපූරු සය වසරකට පසු මට ද දැන් ඉවත් වීමට කාලය පැමිණ තිබේ” කියා ය.

පි‍්‍රය මහින්ද රාජපක්ෂ, ඔබ ගමන් කරන්නේ අප විසින් දක්වන ලද මාවතෙහි ද කියා කරුණාකර හොඳින් විමසා බලන්න. මගේ මරණයෙන් පසු මා සුරුවමක් බවට පත්කර ගෙන සෑම වරදකාරී පාලනයකටම මාගේ නාමය සහ රූපය ගෑවීමට ඇති ඉඩ මා බිය පත් කරයි. නිදහසින් පසු අපට වඩා සහමුලින්ම වෙනස්ව ප‍්‍රචණ්ඩ මාවතකට ගමන් ගත් සිම්බාබ්වේ හි ජිවිත කාලයම ජනාධිපති වී සිටීමට කැස කවන රොබට් මුගාබේගේ අතිජාත මිතුරකු වන ඔබට අපෙන් ඉගෙන ගැනීමට ඇත්තේ කුමක් ද? තවත් එවැනිම සිත් කළඹවන ආරංචියක් නම් අපි‍්‍රකාවේ පසුගාමීම රාජ්‍යයක් වන ස්වාසිලන්තයේ රජු සහ ඔබ අතර ඇති ඇයි හොඳයියයි. ඔබ යන්නේ මුගාබේ සහ ස්වාසිලන්ත රජු පිටුපස නම් අපට ඔබට දිය හැකි දෙයක් නැත.

ඔබට දකුණු අපි‍්‍රකාවෙන් ඉගෙන ගැනීමට හෝ මාගේ පසුකාලීන දේශපාලනයෙන් ඉගෙන ගැනීමට යමක් ඇත්නම් ඒ වනාහි යුද්ධ දේශපාලනය සහ සාම දේශපාලනය අතර ඇති වෙනස තේරුම් ගැනීම බව මා සඳහන් කරන්නේ ඒ නිසා ය. සාම දේශපාලනය පදනම් වන්නේ බලහත්කාරය හෝ යුදකරණය මත නොව යුක්තිය සහ සාධාරණය පෙරටු කර ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මක් මත ය. ඉහත කී වයෝචෘද්ධයන්ගේ එකමුතුව සහ බිෂොප් ටූ ටූ 2013 වසරෙහි මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ඔබේ රට ගැන කියා ඇති දේ මට ද කියවන්නට ලැබුණි.

‘‘යුද්ධාවසානයෙන් සිව් වසරක් ගත වී ඇතත් ශී‍්‍ර ලංකාවෙහි යුද්ධ සමයෙහි සිදු වූ අපරාධ ගැන පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් සිදුව නැත. එමෙන්ම ශී‍්‍ර ලංකාණ්ඩුවේ ම යාන්ත‍්‍රණය වූ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමෙහි නිර්දේශයන් කි‍්‍රයාවට නැංවෙන තත්ත්වයක් නැත. යුද හමුදාව විසින් යුද හමුදාවේම අපරාධ චෝදනා විභාගයට ලක්කිරීම ද නියම කි‍්‍රයාවලිය නොවේ. අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීම කනසල්ලට කරුණකි. ”

මා ද සාමාජිකයකු වූ එකී වයෝවෘද්ධයන්ගේ එකමුතුව ද ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජීනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි දී සම්මත වූ යෝජනා දෙකටම සහයෝගය ලබා දුන් බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතු ය.

එනයින් මා අයත් වනු ඇත්තේ ශී‍්‍ර ලංකාව විනාශ කිරීමට කැස කවන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට නොවේ ද? මෙයට හිතවත්,
නෙල්සන් මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලා විසින් ලියන්නට ඉඩ තිබූ ලිපියක් ලියා එවූයේ සුනන්ද දේශපි‍්‍රය විසිනි.
Read more
Friday, December 27, 2013
මේ කියන්නේ කුණාටුවක් ගැනය... (අගමැතිගේ කුඩු නගරය)

‘ගම්පොළ පොලිසිය හා උසාවිය, නගර මධ්‍යයෙන් ඉවත් කර මහවැලි ගඟෙන් එගොඩ පිහිටි මහර ප්‍රදේශයට ගෙන ගොස්, දැනට එම ආයතන පිහිටි ඉඩම මහ පරිමාණයේ කුඩු ජාවාරම්කරුවකුට ලබා දී රුපියල් කෝටි ගණනක ‘සන්තෝසම්’ ලබා ගැනීමේ ප්‍රයත්නයක ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු නිරත වී සිටින බව උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියන් (අම්බුළුවාවේ හාමුදුරුවන්) නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

ඊයේ (26දා) ‘මව්බිම’ පුවත්පතේ ප්‍රධාන පුවතින් හෙළිදරව් කළ මෙකී කාරණයෙන් ඉඟි කෙරෙන්නේ තවත් ‘චිකාගෝවක’ පෙර නිමිතිය. තවත් ‘බණ්ඩා අචේ’ ප්‍රාන්තයක පෙරනිමිතිය. ලංකාව, ආසියාවේ කුඩු ආශ්චර්යය බවට පත්කිරීම’ යනුවෙන් මෙම කුණාටුව හැඳින්විය හැකිය.

මීට පෙර ලංකාවෙන් හමුවූයේ කුඩු පැකට් ගණනිනි. ඒත් මේ කුණාටුව හමන භීම සමයේදී හමුවන්නේ කුඩු කන්ටේනර් ගණනිනි. ඒ සම්බන්ධ වන්නේ බලය ලත් ලේකම්වරයෙකි. දේශපාලනඥයකුගේ ගම්පොළ කාර්යාලයේ නිත්‍ය සාමාජිකයකු වූ නාගරික මන්ත්‍රිවරයෙකි. කසිප්පු සිරිසේනගේ ඉඩම කෙළවරේ පිහිටි වැවේ සොරොව්ව යට තිබී ගෝඩා හමුවුවත්, පොලිසිය කුදළාගෙන යන්නේ සිරිසේනවය. ඒ සැකයේ වාසිය සිරිසේනගේ පැත්තට නොසිටින නිසාය.

එහෙත් උඩප්පුවේදී කේරළ ගංජා හමුවන විටදීත්, අගමැති ලේකම් කුඩු කන්ටේනරයක් නිදහස් කර ගන්නට ලිපි නිකුත් කරන විටදීත්, සැකයේ වාසිය සිටියේ ඔවුන්ගේ පැත්තේය. එපමණකින් නොනැවතී ප්‍රධාන රාජ්‍ය ආයතන පවා තිබෙන තැන්වලින් ඉවත් කර කුඩු ජාවාරම්කරුවන්ට ඒ තැන් පවරා දෙන්නට දේශපාලනඥයන් කටයුතු කිරීම කනගාටුදායකය.

එසේම ගම්පොළ; මේ වනවිට කුඩු ආශ්චර්යයේ තෝතැන්න බවට පත් වෙමින් ඇති බව අනාවරණය කෙරෙන සාධක රැසකි. එහි ප්‍රධාන පෙළේ පන්සල් දෙකක් ඉදිකිරීමට යකඩ සහ සිමෙන්ති ලබා දී ඇත්තේ දැනට සිරගතව සිටින කුඩු ජාවාරම්කරුවෙක් බව පැවැසේ. ගම්පොළ උනම්බුව පාරේ නිවාස කිහිපයක මාරුවෙන් - මාරුවට කුඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිදරව් කරගෙන ඇත.

මෙතරම් සාධක තිබියදීත් ගම්පොළින් ඉහළ මිලක් ඇති වටිනා ඉඩම් කුඩු ජාවාරම්කරුවන් අතට පත්වේ. ඒ; අද වනවිට කුඩු ජාවාරමත්, දේශපාලනයත් යන දෙකම, එක පාරක යන නිසාය. චිකාගෝවේ මන්ත්‍රිවරුන් එක රැයෙන් කෝටිපතියන් වූයේත්, ලංකාවේ දේශපාලකයන් එක රැයෙන් කෝටිපතියන් වන්නේත් ඒ පාරේ එකට යන නිසාය. සිංහල රාජාවලියේ නම් සඳහන් රජවරුන් හය දෙනකු ගම්පොළ රජ කර ඇත.

ඒ නිසා මේ කුණාටුවෙන් ගම්පොළත්, රටත් ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුවට තිබේ. තමන්ගේ ඡන්ද පදනම හෝ ගෝල - බාලයන්ගේ හෙට දවස ගැන සිතා කුඩු ජාවාරම්කාරයන්ට බඩ පිනුම් ගසන්නට ඉඩ දීම වහාම නතර කළ යුතුය. තවදුරටත් මැති ඇමැතිවරුන්ගේ නමින් ලිපි නිකුත් කර කුඩු තොග නිදහස් කරගන්නා ලේකම්වරුන්ට එළියේ හිඳ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට ඉඩ නොදී, අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුය.

කසිප්පු සිරිසේනට තමන්ට එරෙහිව පරීක්ෂණ අවසන් කරන තුරු, වරද ඔප්පු වන තුරු මෙසේ එළියේ සිටිය හැකිද?
නීතිය ඉදිරියේ සියල්ලන් එක සමාන ලෙස සැලකිය යුතුවාක් මෙන්ම නීතිය අකුරටම ඉටු කිරීමද ආණ්ඩුවේ වගකීමක් වන්නේය. එසේ නොකොට නීතියේ දෙවඟන එක ඇසක් ඇර බැලීමෙන් සිදුවන්නේ කුණාටුව තවදුරටත් රට තුළම කරකැවීමය.

‘කුණාටුවලට බිය නොවන්න, මන්ද අපට යෑමට ඇත්තේද කුණාටු හරහාය’ යනුවෙන් මාඕ සේතුං පවසා තිබේ. අපටද ආණ්ඩුවට කියන්නට ඇත්තේ ඩොලර් මිටි ගණන් වීසි කළද, මේ කුණාටුව වහාම නතර කළ යුතු බවය. කොතරම් කුණාටු මැදින් වුවද ඒ ගමන යා යුතුමය. එසේ නොවුණහොත් අද මෙරටට පැමිණි කුඩු කන්ටේනරය, හෙට නැවක් වනු ඇත.

mawbima -
ගම්පොළ බේරාදෙන්න

ගම්පොළ පොලිසිය හා උසාවිය නගර මධ්‍යයෙන් ඉවත්කර මහවැලි ගඟෙන් එගොඩ පිහිටි මහර ප්‍රදේශයට ගෙන ගොස් එම ඉඩම කුඩු ජාවාරමේ මූලිකයකුට ලබාදී කෝටි ගණනක සන්තෝසම් ලබාගැනීමේ ප්‍රයත්නයක ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු උත්සාහයක යෙදී සිටින බව උනන්විටියේ ශාන්තභද්‍ර හිමි (අම්බුළුවාවේ හාමුදුරුවෝ) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

උන්වහන්සේ ලිපියෙන් ආරක්‍ෂක ලේකම්වරයාට පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවට ඉඩ දුනහොත් ගම්පොළ ජාතියම විනාශ වී යනු ඇති බවයි.
සිංහල රාජාවලියේ රජවරුන් හයදෙනකු පමණ රජකම් කළ මේ රාජධානිය වත්මන් යුගය වනවිට අපගේ බලය සියයට දහයක්වත් නොමැති තත්ත්වයට වත්මන් දේශපාලනඥයන් පත්කර ඇති බවද ගම්පොළ හදවත වැනි දුම්රිය ස්ථානය අසල පිහිටි විශාල කුඹුරු ඉඩම පොදු අවශ්‍යතාවකට පවරා නොගෙන ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු එකතුවී එය ගම්පොළට පිළිලයක් බවට පත්ව ඇති පුද්ගලයකුට මිලට ගැනීමට කටයුතු කර ඔහුගෙන් විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවද, උන්වහන්සේ ආරක්‍ෂක ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

ජාතික උරුමය රැකීමේ මධ්‍යස්ථානය නමින් බෝඩ් සවිකරගෙන මහර වෙල්යාය ගොඩකරමින් මේ දේශපාලනඥයන් ජාතියම වනසන බවද එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

ගම්පොළ පිළිබඳ සැබෑ තත්ත්වය දන්නේ දිවියෙන් වැඩිසරිසක් ගෙවා අදත් එහි ජීවත්වන තමන් වහන්සේ බවද අමු අමුවේ ජාතිය වනසන දේශපාලනඥයන් සුදනන් කිරීමට කතාකරන හාමුදුරුවරු වන්දිභට්ට කතා කියන්නේ ඔවුන්ගෙන් වාසියක් ගැනීමට මිස රටට ආදරයෙන් නොවන බවද අම්බුළුවාවේ හාමුදුරුවෝ එම ලිපියෙහි දක්වා ඇත.

මේ ජාතික විපත ගැන රටට හඬ නඟා කී ඕමල්පේ සෝභිත මාහිමියන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු යැයිද, ගම්පොළ ජාතිවාදී විනාශයෙන් බේරාගැනීමට පොලිසිය හා උසාවි ගොඩනැඟිල්ල පිහිටි බිම් ප්‍රදේශ රජයට පවරාගෙන එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසද උන්වහන්සේ සිය ලිපිය මඟින් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read more
දියවන්නාව අයිනෙ ගෑනියෙක් එක්ක නිර්වස්ත්‍රව උන්නයි කියපු රෑ මං හිටියෙ උපරිමාධිකරණයේ  --  හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ...සරත් සිල්වාගේ පුහු තර්ක ---- වික්ටර් අයිවන්

සරත් සිල්වාගේ පුහු තර්ක ---- වික්ටර් අයිවන් 

පසුගිය සතියේ සිකුරාදා ‘සිලෝන් ටුඩේ‘පුවත්පතේ ජනමාධ්‍ය වේදියෙක් මට දුරකතනයෙන් කතා කොට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පුවත්පත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් මා ගැන සඳහන් කිරීම් කිහිපයක් කරන ලද බවත් විශේෂයෙන්ම දියවන්නා ඔය කතාව මා හා ලසන්ත වික‍්‍රමතුංග නිර්මාණය කරන ලද කතාවක් බව ඔහු කී බවත් මට කියමින් ඒ ගැන වන මගේ කතාව කීමට අවස්ථාවක් ලබාදීමට පුවත්පත කැමති බවත් ඒ සඳහා වන සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා සඳුදා දිනයේදී හමුවිය හැකිදැ’යි මගෙන් විමසා සිටියේය. පොහොය දිනය වන සඳුදා දිනයේදී මා කොළඹ නොසිටින නිසා හමුවනවා නම් හමුවිය හැක්කේ අඟහරුවාදා බව ප‍්‍රකාශ කරමින් නැවත සඳුදා දින කතා කරන ලෙස ඉල්ලා සිටියෙමි.

ඉරිදා උදේ මට දුරකතනයෙන් කතා කළ මා දන්නා හඳුනන හිටපු විනිසුරුවරයකු සරත් නන්ද සිල්වා මව්බිමට පච තොගයක් කියා ඇති බව කියා සිටියේය. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව මුළුමනින් කියවීදැ’යි විමසූ විට මුළු සම්මුඛ සාකච්ඡාවම කියවූ බවත් සම්මුඛ සාකච්ඡාවට වෙන්කර තිබෙන ඉඩ පිටු දෙකහමාරක් බවත් කියා සිටියේය.

ඉන්පසු ඉරිදා මව්බිම පුවත්පත හා එම ආයතනය විසින්ම පළකරන සිලෝන් ටුඬේ පුවත්පත ගෙන්වාගෙන කියවීමි. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සඳහා සිංහල පුවත්පත පිටු දෙකහමාරක් වෙන් කරන විට ඉංග‍්‍රීසි පුවත්පත සම්පූර්ණ පිටුවක ඉඩක් වෙන්කර තිබුණි. ඉංග‍්‍රීසි පුවත්පතේ පළවී තිබුණේ සිංහල පුවත්පතට ගන්නා ලද සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණයකි. සම්මුඛ සාකච්ඡාව තුළින් තනතුරේ සිටියදී ඔහු විසින් කරන ලද නින්දාසහගත ක‍්‍රියාවන් නිසා ඇෙඟ් තැවරී තිබුණු කැත කුණු සෝදාගැනීමට ඔහු විශාල උත්සාහයක යෙදී තිබුණු බව පෙනෙන්නට තිබුණි. එහි ඔහු මා ගැනද නොයෙකුත් දේ කියා තිබුණි.

සඳුදා සවස සිලෝන් ටුඩේ මාධ්‍යවේදියා නැවත මට කතා කොට අඟහරුවාදා දිනට යොදාගෙන ඇති සම්මුඛ සාකච්ඡාව ගැන මතක් කළේය. පුවත්පත් දෙකේම පළවී තිබූ වාර්තා මා කියවූ බවත් සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබෙන පුද්ගලයා එය සිදුකර තිබෙන ආකාරය ගැන මට එකඟවිය නොහැකි බවත්, බරපතළ වැරදි කර තිබෙන පුද්ගලයකුට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන විට එය කළයුත්තේ ප‍්‍රමාණවත් තරමේ කරුණු හැදෑරීමකින් පසුව බවත්, ඔහුට එරෙහිව එල්ල වී තිබූ බරපතළ චෝදනා පිළිබඳව ලියැවුණු පොත්පත් සේ ම දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා තිබෙන බවත්, ඒවා පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව ඇෙඟ් තැවරී තිබෙන කැත කුණු සෝදා ගැනීමට වේදිකාවක් තනාදීම යහපත් ජනමාධ්‍ය කලාවක් ලෙස සැලකිය නොහැකි බවත් කියමින්, ඒ ආකාරයෙන් කැරුණු සංවාදයක කොටස්කරුවකු වීමට මට අවශ්‍ය නොවන බවත් කියා සිටියෙමි.

ඒ කතාව අවසන් කොට තවත් ටික වේලාවකට පසුව ඔහු නැවත මට දුරකතනයෙන් කතා කළේය. මා දෙන ලද පිළිතුර තම කතුවරයාට දැනුම් දෙනු ලැබූ බවත් මා එම සම්මුඛ සාකච්ඡාව ගැන කරන ඕනෑම ප‍්‍රතිවිග‍්‍රහයක් කපා කෙටීමකින් හෝ විකෘති කිරීමකින් තොරව පළකරන බවට කතුවරයා සහතික වූ බවත් ඔහු කියා සිටියේය. ඉන්පසු සම්මුඛ සාකච්ඡාවකට මම එකඟවීමි. ඒ අනුව පසුදින එම මාධ්‍යවේදියා මගෙන් සම්මුඛ සාකච්ඡුාව ලබා ගත්තේය.

එහි පළවන්නේ කුමක් වුවද එම පුවත්පත්වල පළවූ සම්මුඛ සාකච්ඡුාව පිළිබඳව කෙටි විග‍්‍රහයක් රාවය පාඨකයන්ගේද දැනගැනීම සඳහා ලිවීම සුදුසුයැ’යි සිතුණි. සරත් නන්ද සිල්වා

සරත් නන්ද සිල්වා ඉතා වැදගත් හා බලවත් තනතුරු ගණනාවක් ඉසිලූ පුද්ගලයෙකි. ඔහු කලක් නීතිපති ධුරයද වඩා දීර්ඝ කාලයක් අගවිනිසුරු ධුරයද දැරීය. ඔහු එම තනතුරු දෙක උසුලන කාලයේදී මා විසින් ඔහුට එල්ල කරන ලද චෝදනා හා ඔහු එම තනතුරෙන් ඉවත් කරවා ගැනීම සඳහා මා දියත් කරන ලද ක‍්‍රියාමාර්ග ඔහුට සිය ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවූ ලොකුම අර්බුද වන්නට ඇති බවට සැකයක් නැත. කරුණු නොදන්නා සාමාන්‍ය මිනිසුන් අතර ආගමට බර තබා ක‍්‍රියාකරන සැදැහැවත් ධර්ම දේශකයකුගේ තත්ත්වය පවත්වාගෙන යන්නට ඔහු සමත්ව ඇතත් කරුණු හොඳින් දන්නා අය අතර දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ඔහු ගැන ඇත්තේ අතිවිශාල පිළිකුලකි.

ශ‍්‍රී ලංකාවේ අධිකරණයට තිබූ ගෞරවය හා අභිමානය නැත්තටම නැති කළ පුද්ගලයා ඔහුය. අධිකරණයේ තිබූ ඉදිරිගාමී ගමන ආපස්සට හරවනු ලැබූ පුද්ගලයාද ඔහුය. ආණ්ඩුක‍්‍රමයේ තිබූ අවුල් උග‍්‍ර කළ පුද්ගලයාද ඔහුය. ඔහු රාජ්‍යයේ අත්තනෝමතිකභාවය ශක්තිමත් කළේය. විපක්ෂයේ පැවැත්ම නැත්තටම නැති කළේය. යුරෝපා සංගමයෙන් ලැබෙමින් තිබූ ජීඑස්පී ප්ලස් සහනය ශ‍්‍රී ලංකාවට අහිමි කිරීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ පුද්ගලයා ලෙසද ඔහු සැලකිය හැකිය. යුක්තිය හා පොදු යහපත පිණිස මා මාගේ ජීවිතයේදී විවිධ අරගලවල යෙදී ඇතත්, ඒ සියලූ අරගල අතුරින් මා වැඩිම අවදානමක් බාරගනිමින් කරන ලද දුෂ්කරම හා සංකීර්ණම අරගලයද ඔහුට එරෙහිව කරන ලද අරගලය වීයැ’යි කිව හැකිය. එය මා විසින් කරන ලද සියලූ අරගල අතුරින් ගතවූ කාලය අනුව දීර්ඝතම අරගලය ලෙසද සැලකිය හැකිය. මා එම අරගලයෙන් ජයගත්තේ නැතත් පරාජය වූයේද නැත. එහෙත් මා එම අරගලයෙන් සමාජය හා රටේ ආයතන ක‍්‍රමය පිළිබඳව ඉගෙනගත් ප‍්‍රමාණය වෙනත් කිසිදු අරගලයකින් ඉගෙනගත් ප‍්‍රමාණයට වඩා වැඩිය.

එහෙත් ඔහුට එරෙහිව කරන ලද අරගලය යුක්තිසහගත හේතු මත කරන ලද සාධාරණ අරගලයක් වූවා මිස පරණ කෝන්තරයක් නිසා කරන ලද දෙයක් නොවීය. එම දුෂ්කර අරගලය තුළ මට විනාශ නොවී පවතින්නට හැකිවූයේද ඒ නිසාය. ඒ බව ඔහුද දැන සිටියේය. ඔහු ඉතාමත් දූෂිත හා කෲර මිනිසකු වුවත් අංශුමාත‍්‍රයක හෝ හෘදය සාක්ෂියක් ඔහුට තිබුණේය. ඔහුට අභියෝග කරන්නට ආ බලවත් අයට පවා ඔහු සිය නිල බලය යොදා පහර දුන්නේය. ඔවුන්ට හිරබත් කන තැනට වැඩ සැලැස්සුවේය. එහෙත් ඔහු මා සම්බන්ධයෙන් එවැනි ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළේ මා හැප්පුණේ ආවේගයෙන් නොව බුද්ධියෙන් වන නිසාත් ඒ හැප්පීමට බලපෑ හේතු ඔහුගේ හෘදය සාක්ෂියට වද දෙන ප‍්‍රශ්න ඒවා වීමත් නිසාය.

71 කැරැල්ලේ නඩුව

එහෙත් ඔහු මෙම පුවත්පත් දෙකට දෙන ලද සාකච්ඡාවේදී අඟවන්නට උත්සාහ දරා තිබෙන්නේ මට සිරදඬුවම් නියම වූ කැරැල්ලේ නඩුව ඔහු මෙහෙයවන ලද නිසා මා ඔහු කෙරෙහි ඇති කරගත් වෛරයකින් ක‍්‍රියා කළ බවය.

ඔහු දී තිබෙන අර්ථකථනයේ අල්පමාත‍්‍ර වශයෙන් හෝ සත්‍යයක් නැත. කැරැල්ලේ එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම සඳහා යොදාගත් රජයේ නීතිඥ කණ්ඩායමට පුද්ගලයෝ පස්දෙනෙක් අයත් වූහ. එම කණ්ඩායමේ ප‍්‍රධානියා වූයේ වික්ටර් තෙන්නකෝන්ය. දෙවැනියා වූයේ කොලින් තෝමේය. රංජිත් අබේසූරිය තුන්වැනියා විය. තිලක් මාරපන එම කණ්ඩායමේ සිව්වැන්නා විය. කණ්ඩායමේ අන්තිමයා හෙවත් කනිෂ්ඨම පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය.

වික්ටර් තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පසු පැමිණිල්ලේ නඩුව මෙහෙයවන ලද්දේ කොලින් තෝමේය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමෙන් පසුව නඩුව මෙහෙයවන ලද්දේ රංජිත් අබේසූරියයි. එතැන් සිට නඩු තීන්දුව දෙන අවස්ථාව දක්වා පැමිණිල්ල මෙහෙයවූ ප‍්‍රධානියාද ඔහු විය. සරත් නන්ද සිල්වා එම කණ්ඩායමේ සාමාජිකයන් අතුරින් අඩුම වැදගත්කමක් ලැබුණු පුද්ගලයා විය. විනිසුරු කොලින් තෝමේ විශ‍්‍රාමයෑමෙන් පසු හා මා රාවය ආරම්භ කිරීමෙන් පසු අප දෙදෙනා අතර යම් පමණක ඇසුරක් හා මිතුරුකමක් තිබුණේයැ’යි කිව හැකිය. වෛර කරනවා නම් මා වෛර කළයුත්තේ සරත් නන්ද සිල්වාට නොව රංජිත් අබේසූරියටය. එහෙත් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මාගේ වැදගත් නඩු දෙකක් වෙනුවෙන් නොමිලේ පෙනී සිටියේය. ඉන් එකක් සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීමට එරෙහිව පවරන ලද නඩුව වූ අතර එය දිග්ගැසුණු නඩුවක් විය. කැරැුල්ලේ නඩුව මෙහෙයවන ලද පුද්ගලයන් හා මා අතර අගතිගාමී හැඟීම් තිබුණේ වී නම් මා ඔහුගෙන් ආධාර ලබන හෝ ඔහු මට ආධාර කරන තත්ත්වයක් හෝ ඇතිවිය නොහැකිය. එම නඩුව ආශ‍්‍රයෙන් ඔහු පිළිබඳව මා තුළ ඇති කරගත් අගතියක් තිබුණේය, ඒ අගතිය මත අන් සියලූ දේ සිදුවීය කියන තර්කයේ කිසිදු සත්‍ය පදනමක් නැති බව ඉන් පෙනීයයි.

1992දී හෝ 1993දී නීති විද්‍යාලය විසින් මා වෙත මාගේ මාධ්‍ය භාවිතාව වෙනුවෙන් සම්මානයක් පිරිනමනු ලැබීය. නාට්‍ය භාවිතය සඳහා ධර්මසිරි බණ්ඩාරනායකටද සම්මානයක් පිරිනමනු ලැබීය. ඒ වන විට සරත් නන්ද සිල්වා අභියාචනාධිකරණයේ ප‍්‍රධානියා විය. අපට සම්මාන පිරිනැමීම සඳහා තෝරාගෙන තිබුණේ ඔහුය. මට සම්මානය ලබාගන්නට සිදුවූයේ ඔහු අතිනි. සම්මාන පිරිනැමෙන අවස්ථාවේදී එහි සිටි ඡායාරූප ශිල්පීන් ඡායාරූප ගත්තා වුවද උත්සවය අවසන්වීමෙන් පසු මා සමග එක්ව ඡායාරූපයක් ගන්නා ලෙස ඔහු එහි සිටි ඡායාරූප ශිල්පියකුගෙන් ඉල්ලා සිටියේය. මමද ඔහුගේ ඉල්ලීමට එකඟ වීමි. මා තුළ ඔහු පිළිබඳව කිසිදු තරහක් තිබුණේ නම් මා ඒ යෝජනාවට එකඟවන්නේ නැත.

නීතිපතිට එරෙහිව නඩු පැවරීම

කැරැල්ලේ නඩුව ආශ‍්‍රයෙන් මා තුළ තරහක් තිබුණු බව පෙන්වන්නට ඔහු ඇඟටපතට නොදෙනී ඉදිරිපත් කර තිබෙන තවත් කතාවක් වනුයේ ඔහු නීතිපති ධුරයට පත්වූ පසුවද මා ඔහුට එරෙහිව නඩු පැවරූ බවය. එය ඇත්තකි. එසේ කළේද ඔහු කෙරෙහි වන විශේෂ තරහක් තිබූ නිසා නොව නීතිපති වශයෙන් ඔහු හා ඔහුගේ පූර්වගාමීන් මා සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබූ මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරන ප‍්‍රතිපත්තියට එරෙහිව මා කරමින් සිටි අරගලය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට එසේ කිරීමට අවශ්‍ය වූ නිසාය.

සාපරාධී අපහාස නීතියෙන් වැඩියෙන්ම බැටකෑ ජනමාධ්‍යවේදියා මාය. සරත් නන්ද සිල්වා සේ ම ඔහුගේ පූර්වගාමී නීතිපතිවරුන් සාපරාධී අපහාස නීතිය මට එරෙහිව සේම වෙනත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිවද යොදා ගනිමින් තිබුණේ නීතියට පටහැනිව හිතුවක්කාරී ආකාරයකටය. මට එරෙහිව සාපරාධී අපහාස නීතිය පාවිච්චි කරන්නට පෙර පාවිච්චි කැරුණේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතියයි. එම නීතිය අභියෝගයට ලක් කරන්නට මට සිදුවූ අතර එම අභියෝගය ඉදිරියේ මට එරෙහිව පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය භාවිත කිරීම අත්හරින්නට එවකට පැවති පේ‍්‍රමදාස ආණ්ඩුවට සිදුවිය. ඉන්පසු ඒ වෙනුවට මට එරෙහිව බහුල ලෙස යොදාගන්නට වූයේ සාපරාධී අපහාස නීතියයි.

සාපරාධී අපහාස නීතියේදී සාමාන්‍යයෙන් ඒ යටතේ නඩු පැවරෙන පුද්ගලයකුට අධිචෝදනා ඉදිරිපත් කෙරුණේ මහේස්ත‍්‍රාත් උසාවියකදී සිදුකෙරෙන මූලික පරීක්ෂණයකදී චෝදනා සනාථ වුවහොත් පමණය. ඒ සාමාන්‍ය ක‍්‍රමය වෙනුවට මට එරෙහිව යොදාගනු ලැබුවේ විශේෂ ක‍්‍රමයකි. එනම් මහේස්ත‍්‍රාත් උසාවියේ මූලික පරීක්ෂණයකට ඉඩ නොදී මහාධිකරණය ඉදිරියේ කෙළින්ම අධිචෝදනා ඉදිරිපත් කිරීමය. නීතිපතිට එවැනි බලයක් තිබුණද අභිමත බලය පාවිච්චි කරමින් අධිචෝදනා ඉදිරිපත් කරන්නේ නම් ඒ ආකාරයෙන් කරන නඩු පැවරීමකට පෙර අධිචෝදනා ඉදිරිපත් කරන්නට තරම් බරපතළ වරදක් මා අතින් සිදුවීද යන්න නීතිපති හොඳින් සොයා බැලිය යුතුව තිබුණි. එහෙත් මට එරෙහිව සේ ම අන් ජනමාධ්‍යවේදීන්ට එරෙහිවද නීතිපතිවරුන් තමන්ට ලැබී තිබෙන අභිමත බලය පාවිච්චි කරමින් තිබුණේ හිතුවක්කාරී හා පීඩාකාරී ලෙසය. වෙනත් ජනමාධ්‍යවේදීන් ඒ තත්ත්වය පිළිගෙන නඩුවලට මුහුණ දෙන විට මා එම තත්ත්වය පිළිනොගෙන නඩු පවරන ක‍්‍රමයට අභියෝග කරමින් මට එරෙහිව පවරන නඩුවලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන පිළිවෙතක් අනුගමනය කළෙමි. ඉන්පසු මා කළේ ඒ සියලූ නඩු එකට ගෙන නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමය. එය ඒ ආකාරයෙන් නීතිපතිවරයෙකුට එරෙහිව පවරන ලද පළමු නඩුව විය. පෙත්සම විභාගයට ගැනුණේ මාර්ක් ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. නීතිපති වෙනුවෙන් පෙනීසිටියේ නීතිපතිගේ දෙවැනියා ලෙස ක‍්‍රියා කළ කමලසබේසන්ය. නීතිපතිට එරෙහිව මේ ආකාරයට නඩු පවරන ප‍්‍රතිපත්තියකට ඉඩ දුනහොත් නීතිපති දෙපාර්තමේන්තුව සිය කටයුතු කරගෙන යෑමට බැරි තත්ත්වයක් ඇතිවනු ඇති බවට කමලසබේසන් තර්ක කළේය. එහෙත් මාර්ක් ප‍්‍රනාන්දු කමලසබේසන්ගේ එම තර්කය පිළිගත්තේ නැත. නීතිපති තමාට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව කෙනෙකුට එරෙහිව පීඩාකාරී ලෙස පාවිච්චි කරන්නේ නම් එවැනි අවස්ථාවකදී නීතිපතිට එරෙහිව නඩු පැවරීමේ අයිතියක් ඒ පුද්ගලයාට තිබෙන බව මාර්ක් ප‍්‍රනාන්දු එහිදී පළකළ මතය විය. එම නඩුවේදී මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා නීතිපතිට එරෙහිව නඩු පැවරීමට මට තිබෙන අයිතිය පිළිගත්තද නීතිපති මට එරෙහිව තමාට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව පීඩාකාරී ලෙස පාවිච්චි කර තිබෙන බව පිළිනොගත්තේය.

ජිනීවා නඩුව

මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයාගේ තීන්දු අර්ධ විප්ලවකාරී වුවද එය මාගේ පිළිගැනීමට හේතු නොවීය. ඔහු මගේ නඩුව අවශ්‍ය තරමට පුළුල් කෝණයකින් සලකා නොබැලීය යන්න මගේ මතය විය. එම තීන්දුව ප‍්‍රකාශ කළ දිනයේදී ඒ ගැන වන මගේ මතය ජනමාධ්‍යවේදීන් විමසූ අතර මම එම තීන්දුව නොපිළිගන්නා බවත් තීන්දුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරමින් සාපරාධී අපහාස නීතියට එරෙහිව කරන මගේ සටන තවදුරටත් ඉදිරියට ගෙනයන බවත් ප‍්‍රකාශ කළෙමි.

ඒ අනුව මාගේ නඩුව ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කළෙමි. කමිටුව මගේ පැමිණිල්ල විභාගයට ගැනීමට තීන්දු කළේය. ලංකා ආණ්ඩුව ඊට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය. පළමුවෙන් එය සලකා බලන ලද අතර මූලික විරෝධයට එරෙහිව මගේ පැත්තෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත සැලකිරීම් පිළිගනිමින් ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධය නිෂ්ප‍්‍රභ කරමින් මාගේ පැමිණිල්ල විභාගයට ගත්තේය. නඩු විභාගය ඒකපාක්ෂික එකක් නොවීය. ලංකා ආණ්ඩුවද විධිමත් ලෙස ලිඛිතව කරුණු ඉදිරිපත් කළේය. අවසානයේ කමිටුව මගේ පැත්තෙන් ඉදිරිපත් කළ තර්ක පිළිගනිමින් ලංකා ආණ්ඩුව මේ නඩු පැවරීම් මගින් මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කරමින් ඒ මගින් මට සිදුවී තිබෙන පීඩාවට ප‍්‍රමාණවත් වන්දියක් ගෙවන ලෙස නියම කළේය. එය මට පමණක් නොව ලංකාවේ වෙනත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව බහුල වශයෙන් පාවිච්චි කරනු ලැබූ පීඩාකාරී නීතියකට එරෙහිව කරන ලද දිග්ගැසුණු නෛතික සටනකින් මා ලැබූ ජයග‍්‍රහණයක් විය.

ඉතා වැදගත් දේ ජිනීවා නඩුව සඳහා මා පාදක කොටගත්තේ ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු දෙන ලද තීන්දුවයි. එය ඔහු විසින් දෙනු ලැබූ තීන්දුවක් වඩා බලවත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ අභියෝගයකට ලක්කෙරුණු අවස්ථාවක් විය. ඒ තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය විසින් පළකරන “ශ්‍රී ලංකා ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ” නමැති සඟරාවට එම තීන්දුව විවරණය කරන ලිපියක් ලීවේය. එහි මාතෘකාව වූයේ “වික්ටර් අයිවන් Vස්. ශ්‍රී ලංකා - ඩිසිෂන් ඉට් ස් ඉම්පැක්ට් ඔන් හියුමන් රයිට්ස්” යන්නයි. ඔහු එම විචාරයෙන් මානව හිමිකම් කමිටුව දී තිබෙන තීන්දුවේ වැදගත්කම පිළිගනිමින් එම තීන්දුව ලංකාවේ මානව අයිතිවාසිකම්වලට නව මානයක් ලබාදී තිබෙන බව ප‍්‍රකාශ කර තිබුණි. මා ඒ වෙනුවෙන් කරන ලද අරගලය කිසිදු පදනමක් නැතිව කරන ලද බොරු අරගලයක් නොවන බව ඉන් පෙනීයයි. නීතිපති සමග ගැටුමක් ඇතිකර ගැනීම

මා නීතිපති සරත් නන්ද සිල්වා සමග ගැටුමකට එළැඹෙන්නේ මහේස්ත‍්‍රාත්වරයකු තමා ඉදිරියේ ඇසෙන නඩුවක වගඋත්තරකාරියක අපහරණය කිරීමේ සිද්ධියක් පිළිබඳව මා කරන ලද හෙළිදරව්වකින් පසුව ඒ පිළිබඳව කෙරුණු පරීක්ෂණයෙන් ඒ බව සනාථ වී තිබියදීත් පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත ලැබීමෙන් පසු නීතිපති වශයෙන් ඔහු එම දූෂිත මහේස්ත‍්‍රාත්වරයා ආරක්ෂා කිරීමේ සිද්ධිය නිසාය. ඒ ආශ‍්‍රයෙන් ඉන්පසු ඇතිවූ දේවල් මා ලියා ඇති බැවින් මා මෙහිදී ඒ ගැන කිසිවක් කතා කරන්නේ නැත.

ඔහු අගවිනිසුරු ධුරයට පත්වූ අවස්ථාවේදී එම පත්කිරීම මා අභියෝගයට ලක් කළේද ඒ සඳහා වන ශක්තිමත් හා යුක්තිසහගත පදනමක පිිහිටාය. මා විනිශ්චයකාරවරුන් දෙදෙනකුට එරෙහිව ප‍්‍රසිද්ධ චෝදනා ඉදිරිපත් කර තිබුණි. ලෙනින් රත්නායක එක් අයකු වන විට උපාලි අබේරත්න ඊළඟ විනිසුරුවරයා විය. ඒ ගැන මා දිගින් දිගට කරන ලද හඬනැගීම නිසා මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කරන ලද චෝදනා පිළිබඳව කරුණු පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා අගවිනිසුරු ජීපීඑස් ද සිල්වා විසින් අභියාචනාධි කරණයේ විනිසුරු වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කළේය. මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධිකරණයේ හෙක්ටර් යාපා, අශෝක ද සිල්වා හා ටීබී වීරසූරිය යන විනිසුරුවරුන්ගෙනි. දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධි කරණයේ අමීර් ඉස්මයිල්, හෙක්ටර් යාපා හා පී එදුස්සූරිය යන විනිසුරු වරුන්ගෙනි. මේ කමිටු දෙක විසින් ඒ ගැන පවත්වන ලද පරීක්ෂණයකින් පසුව මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කර තිබුණු චෝදනාවලට එම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කළේය. ඒ තීන්දු විසින් එතෙක් මා නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව කරමින් තිබූ අරගලයට ශක්තිමත් නෛතික පදනමක් ලැබුණි. විවිධ හේතු මත (ලෙනින් රත්නායක සරත් නන්ද සිල්වාගේ ඥාතියෙක් විය. උපාලි අබේරත්න සරත් නන්ද සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් ජයසේකර පවරන ලද නඩුවේදී නීතියට පටහැනිව සරත් නන්ද සිල්වාගේ වාසිය පිණිස නීතියට පටහැනිව ක‍්‍රියාකළ විනිසුරුවරයා විය.) මෙම විනිසුරුවරුන් දෙදෙනා ආරක්ෂා කළේ නීතිපතිය. පරීක්ෂණ දෙකේ තීන්දුවෙන් පසු නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව මම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළෙමි. මාගේ පැමිණිල්ල මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ මා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පහසුවෙන් ඉවත දැමිය නොහැකි ශක්තිමත් පදනමක පිහිටා තිබූ බැවිනි. එම තීරණය ගන්නා ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුවරුන් එකට එකතු වී ඒ ගැන කරන ලද සාකච්ඡාවකින් පසුවය. පරීක්ෂණයක් ආරම්භ කරනවාට විනිසුරුවරුන් තිදෙනකු (ප‍්‍රියන්ත පෙරේරා, ඞීපීඑස් ගුණසේකර හා එල්ජීඑච් ධීරසේකර යන විනිසුරුවරුන්) විරුද්ධ වූ අතර අන් සියලූදෙනා පක්ෂ වූහ. මාගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ අමීර් ඉස්මයිල් මහතාටය. ජයසේකරගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ ශිරානි බණ්ඩාරනායක මහත්මියටය. මෙම පරීක්ෂණ දෙක භාරව ක‍්‍රියා කළේ මාර්ක් ප‍්‍රනාන්දු මහතාය.

ජනාධිපතිනිය විසින් බෙල්ල හිරවන තත්ත්වයකට පත්ව සිටි චෝදනාලාභී සිය මිතුරා අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ මගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරව ක‍්‍රියා කළ විනිසුරු අමීර් ඉස්මයිල් මහතා සරත් නන්ද සිල්වාගෙන් ලිඛිතව නිදහසට කරුණු විමසීමක්ද කර තිබියදීය.

සරත් නන්ද සිල්වා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා පළකිරීම ගැන සරත් සිල්වා කියා තිබුණේ ඒ මගින් ඔහු පමණක් නොව රටේ ජනාධිපතිනියද මා විසින් ඔළුවෙන් සිටුවූ බවය. එය ඇත්තය. ඒ අවස්ථාවේදී මගේ විරෝධයට හේතුවූයේ සරත් නන්ද සිල්වා පමණක් නොවේ. ඒ නොමනා පත්කිරීම සිදුකළ ජනාධිපතිනියද මගේ විරෝධයට හේතුවී තිබුණි. මට ඒ අවස්ථාවේදී ඉතාමත් බලවත් ලෙස විරෝධය පළකිරීමට තිබුණු එකම මාර්ගයද එයවීයැ’යි කිව හැකිය.

සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අවස්ථාවක ඔහු මෙම තනතුරට පත්කිරීම සුදුසු නැති බව ජනාධිපතිනියගේ ප‍්‍රධාන නීති උපදේශක වශයෙන් ක‍්‍රියා කළ එච්එල් ද සිල්වාද ජනාධිපතිනියට ප‍්‍රකාශ කර තිබුණි. මෙම නොමනා පත්කිරීම කරනු ලැබූ අවස්ථාවේදී, අධිකරණයේ විනිසුරුවරුන් හා නීතිඥයන් පිළිබඳ විෂය භාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන නිලධාරියා වශයෙන් ක‍්‍රියා කළ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතාද ශ‍්‍රී ලංකාවට පැමිණ එය නොමනා පත්කිරීමක් බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළේය. අඩුම වශයෙන් පරීක්ෂණය අවසන් වනතෙක් වැඩබලන අගවිනිසුරුවරයකු පත් කළ යුතුව තිබුණු බව ඔහු ප‍්‍රකාශ කළේය.

ඒ සියල්ලෙන්ද පෙනීයන්නේ ඔහුගේ පත්කිරීමට එරෙහිව මා පළ කළ විරෝධය තර්කානුකූල ශක්තිමත් පදනමක් තිබූ එකක් මිස පුහු විරෝධයක් නොවන බවය.

(ඉතිරි කොටස ලබන සතියේ)

සරත් සිල්වාගේ පුහු තර්ක ---   වික්ටර් අයිවන් December 22, 2013 


සරත් සිල්වාගේ තර්කය -- 

සරත් සිල්වා ගැන වැඩිදුරටත්

වික්ටර් අයිවන්
මම පසුගිය කලාපයෙන් මව්බිම හා සිලෝන්ටුඬේ යන පුවත්පත් දෙක ඔස්සේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පළකර තිබූ අදහස් විවේචනයට ලක්කරමින් ප‍්‍රතිවිවේචනයක් ලියන ලද්දේ මා සම්බන්ධයෙන් පළකර තිබූ අදහස් පිළිබඳව සිලෝන් ටුඬේ පුවත්පත විසින් මගෙන් සම්මුඛ සාකච්ඡුාවක් ලබාගෙන තිබියදීය. මා එසේ කරන ලද්දේ එය ඔවුන් විසින් පළ කළත් නැතත් ඒ ගැන මාගේ අදහස් රාවය මගින් පළකළ යුතුයැ’යි කියන අදහසේ පිහිටාය. කොහොමටත් මෙම පුවත්පත් දෙකම එකම ආයතනයකින් පළකෙරෙන පුවත් පත් වීම හා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡුාව රටට විශාල විනාශයක් කරන ලද පුද්ගලයකු සාධාරණ ලෙස ප‍්‍රශ්න කිරීමකට ලක් නොකොට ගැලවුම්කාර වේෂයක් ආරෝපණය කිරීමට හේතුවන ආකාරයට කර තිබීම යන කාරණා මා ඇති කරගෙන තිබූ විචිකිච්ඡුාව කෙරෙහි බලපෑවේය. ඊට අතිරේකව සම්මුඛ සාකච්ඡුාව පවත්වා තිබෙන්නේ මව්බිම පුවත්පත වීම හා සිලෝන් ටුඬේ පුවත්පතේ පළවූයේ මව්බිම පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡුාවේ සාරාංශයක් පමණක් වීම හා එසේ තිබියදී මාගෙන් ප‍්‍රතිචාරයක් මව්බිම පුවත්පත විසින් ලබාගන්නවා වෙනුවට සිලෝන් ටුඬේ පුවත්පත විසින් ලබාගැනීම යන කාරණාද මා තුළ ඇතිව තිබූ එම විචිකිච්ඡුාව කෙරෙහි බලපා තිබුණි.

එම සම්මුඛ සාකච්ඡුාවේදී සරත් නන්ද සිල්වා මා පිළිබඳව පළකරන ලද අදහස් පිළිබඳව මාගේ ප‍්‍රතිචාරය සඳහා වන සම්මුඛ සාකච්ඡුාවක් සිලෝන් ටුඬේ පුවත්පත ඉල්ලා සිටි විට එම සාකච්ඡුාවෙන් පළවන දර්ශනයට මා එකඟ නොවන නිසා හා එම සම්මුඛ සාකච්ඡුාවෙන් සිදුකර තිබෙන්නේ මහා විනාශයක් සිදුකළ පුද්ගලයකුට ගැලවුම්කාරයකුගේ පෙනුම ලබාදීම බව ප‍්‍රකාශ කරමින් මම ඒ ආකාරයෙන් කෙරෙන සංවාදයක කොටස්කරුවකු වීමට කැමති නැති බව කීවෙමි. මා පළකරන ලද දෝෂාරෝපණයට ඇහුම්කන් දුන් ජනමාධ්‍යවේදියා ඔහු පසුව පළ කළ ආකාරයට පුවත්පතේ කතුවරයාට ඒ බව දැනුම්දීමෙන් පසු මගෙන් ලබාගන්නා සම්මුඛ සාකච්ඡුාව කිසිදු විකෘති කිරීමකින් තොරව හා කපා කෙටීමකින් තොරව පළකරන බවට කතුවරයා පොරොන්දු වූ බව දැනුම්දීමෙන් පසුව සම්මුඛ සාකච්ඡුාවක් ලබාදීමට මම එකඟවීමි. මේ වගේ දූෂිත පුද්ගලයන් හෙළිදරව් කිරීම තම යුතුකමක් බවද සම්මුඛ සාකච්ඡුාව පවත්වන ලද අතරවාරයේදී සම්මුඛ සාකච්ඡුාව ලබාගත් ජනමාධ්‍යවේදියා ගම්භිර ස්වරයකින් ප‍්‍රකාශ කළ බවද මට මතකය. සම්මුඛ සාකච්ඡුාව මාගෙන් ලබාගත් පුද්ගලයා සාකච්ඡුාව අවසානයේදී මගෙන් සමුගත්තේද මා එහිදී පළකරන ලද අදහස් කිසිදු කප්පාදුවකින් තොරව පළ කරන බවටද සහතිකවෙමිනි. එහෙත් එය එසේ සිදු නොවීය. එය එසේ වූයේ ඇයිද යන්නද මම නොදනිමි.

පස්සා දොරෙන් සිදුවූ ගනුදෙනු

මා මීට පෙරද විටින් විට ප‍්‍රකාශ කර ඇති පරිදි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එම ධුරයේ සිටියදී රටට හා සමාජයට මහා විනාශයක් කරන ලද පුද්ගලයකු වී සිටියදී ඔහු සිදුකර තිබුණු විනාශය ආශ‍්‍රයෙන් මතුව තිබූ අර්බුදයේදී ඔහුගෙන් විශාල ඵලප‍්‍රයෝජන ලැබූ බලවත් සුළු පිරිසක්ද රටේ සිටියෝය. සමහර දේශපාලන පක්ෂ ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන ක‍්‍රමයක් මගින් එම පක්ෂවලට කීර්තියක් ලබාදීමට හේතුවන නඩු තීන්දු ලබාගත්තේය. ඒ විශේෂ අවස්ථාවේදී ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කළ අය අතර සමහර ජනමාධ්‍යවේදීහු සේ ම ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවෝද සිටියෝය. ඒ විශේෂ මොහොතේදී ඔහුට ඒ සියලූදෙනාගේ සහාය අවශ්‍ය වී තිබුණි. එහිදී ඔහු ඔවුන්ට පහසුවෙන් අමතක කළ නොහැකි තරමේ විශේෂ විශාල හා තීරණාත්මක උදව් ලබා දුන්නේය. එසේ ඔහුගෙන් ඒ මොහොතේ විශේෂ හා විශාල ප‍්‍රමාණයෙන් උදව් ලබාගත්තවුන් අතර අද දක්වාම ඔහු කෙරෙහි ඇති කරගත් කෘතවේදී හැඟීමකින් යුතුව ඔහුට ප‍්‍රතිඋපකාර දක්වන ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේයැ’යි කිව හැකිය. 

රටේ තිබුණු අධිකරණ ක‍්‍රමය මුළුමනින් විනාශ කළ පුද්ගලයකුට ඔහු විසින් එම මහා විනාශය සිදුකරන කාලයේදීම ඔහුගෙන් අයථා ලෙස උපකාර ලැබූ රටේ ප‍්‍රබලයන් පිරිසක් ඔහු විශ‍්‍රාම ගැනීමෙන් පසු ඔහුට නැවත ප‍්‍රබල තත්ත්වයක් ලබාදීමට දක්වන අනුග‍්‍රහයද රටේ තිබෙන අවුල උග‍්‍ර කිරීමට බලපා තිබෙන වැදගත් අතිරේක සාධකයක් ලෙස ක‍්‍රියාකරමින් තිබෙන බව දැකිය හැකිය. සරත් ෆොන්සේකා කරළියට එන්නට පෙර රට ගලවාගැනීමේ භූමිකාව රඟපෑම සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරියට එන්නට නියමිතව සිටියේ සරත් නන්ද සිල්වාය. සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස කරළියට ඒම නිසා එම සිහිනය බිඳ වැටුණි. එහෙත් ඒ නිසා ඔහුට ලැබී තිබුණු වැදගත්කම මුළුමනින් බිඳ වැටුණේ නැත. සරත් ෆොන්සේකාගේ ජයග‍්‍රහණයෙන් පසුව නව ආණ්ඩුක‍්‍රමයක් ඇති කිරීමේ වගකීම පැවරී තිබුණු ප‍්‍රධාන පුද්ගලයා ඔහුය. තාමත් ඔහුගේ හොල්මන මුළුමනින් වියැකී නැත. තාමත් ඔහු පුම්බන ජනමාධ්‍ය හරහා ඔහු කියන්නේ රට වෙනුවෙන් ඉටු කරන්නට වැදගත් කාර්යභාරයක් තමාට තිබෙන බවය. රටේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීම, රට ඉදිරියේ තිබෙන හා ප‍්‍රමුඛ හා වැදගත්ම කාර්යභාරය බවත් ඒ වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීම තම අපේක්ෂාව බවත් ඔහු ගම්භිර සේ ම ධාර්මික ස්වරයකින් එම ජනමාධ්‍ය ඔස්සේ පුන පුනා රටට කියනු ලබයි. මෙම අර්බුදය තුළ ගැලවුම්කාරයකු වශයෙන් ඔහුට ලැබී තිබෙන හෝ ලබාදී තිබෙන වැදගත්කමේ තරම රට මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එහි නියම ස්වභාවය විකාරරූපී ස්වරූපයකින් පිළිබිඹු කරන්නේයැ’යි කිව හැකිය.

සරත් සිල්වාට ලැබෙන වැදගත්කම

මට සරත් නන්ද සිල්වා වැදගත් වනුයේ ඔහු අගවිනිසුරු ධුරයේ සිටියදී ඔහුගේ දූෂිත ආධිපත්‍යයට එරෙහිව කරන අරගලයක මා ප‍්‍රධාන කොටස්කරුවකු වීම නිසා නොවේ. රටේ තිබෙන දූෂිත දේශපාලන ක‍්‍රමය කුණුවී තිබෙන තරම හොඳින්ම පිළිබිඹු කරන ලද පුද්ගලයා ඔහු වීම නිසාය. මා මේ රටේ තිබෙන දූෂිත දේශපාලන ක‍්‍රමයේ දැති රෝද කැරකෙන ආකාරය වැඩියෙන්ම තේරුම්ගත්තේ ඔහු පිළිබඳව කරන සොයා බැලීම් ආශ‍්‍රයෙනි. අන් සියලූ දේට වඩා යහපාලනයක් සඳහා අධිකරණය වැදගත්ය. කොතරම් හොඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබුණද රටේ තිබෙන අධිකරණ ක‍්‍රමය දූෂිත නම් රටේ යහපාලනයක් තිබිය නොහැකිය. අනෙක් අතට රටේ තිබෙන්නේ නරකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වුවත් රටේ හොඳ අධිකරණයක් තිබේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නරක වුවත් කිසියම් විශාල ප‍්‍රමාණයකට පාලනය කළ හැකිය. ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු සැලකිය යුත්තේ මේ ධර්මතාව වඩාත් හොඳින් ක‍්‍රියාවෙන් පෙන්නුම් කළ විනිසුරුවරයා වශයෙනි.

එක් අවස්ථාවකදී ජනාධිපතිනිය ඡුන්ද පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් සභා කිහිපයක ඡුන්දය පැවැත්වීම හදිසි නීතිය යටතේ කල් තබන ලදි. ඊට එරෙහිව කිසියම් පුරවැසියකු අධිකරණය ඉදිරියට ගියේය. ඡුන්ද පැවැත්වීමට බැරිතරමේ බරපතළ තත්ත්වයක් එම පළාත්වල හෝ රටේ නොපවත්නා බවත් ඉතාමත් බිහිසුණු තත්ත්වයක් රටේ පැවති අවස්ථාවල පවා ඡුන්ද පවත්වා තිබෙන බවත් ඒ නිසා හදිසි නීතිය යටතේ ඡුන්ද කල්දැමීම සඳහා ජනාධිපති විසින් දී තිබෙන නියෝග නීතියට පටහැනි බවත් ඔහු තර්කානුකූලව අධිකරණයට පෙන්වා දුන්නේය. මාර්ක් ප‍්‍රනාන්දු ජනාධිපතිනියගේ ඡුන්ද කල්ගැනීමේ නියෝගය නීති විරෝධී බව ප‍්‍රකාශ කරමින් එම පළාත් සභා දෙකේ ඡුන්ද පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කළේය. ඉනුත් පසු පළාත් සභා මැතිවරණ කිහිපයක් මුව විට තිබෙන අවස්ථාවකදී තවත් පුරවැසියන් දෙදෙනකු අධිකරණය ඉදිරියට යමින් වයඹ පැවති ඡුන්ද කොල්ලය නිදර්ශනයට ගනිමින් මැතිවරණ පැවැත්වීමට නියමිත පළාත් සභාවලද ඒ හා සමාන තත්ත්වයක් ඇතිවිය හැකි බව ප‍්‍රකාශ කරමින් ඒ මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ආසන්න තත්ත්වයක තිබෙන බවට තර්ක කළේය. ඒ අවස්ථාවේ මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා ඓතිහාසික වැදගත්කමක් ඇති තීන්දුවක් දුන්නේය. ඡුන්දය පාවිච්චි කිරීමේ අයිතිය අදහස් පළකිරීමේ නිදහසින් වෙන්කළ නොහැකි එකට යාවී තිබෙන දෙයක් බව අධිකරණය විසින් ප‍්‍රකාශ කරන ලද්දේ එහිදීය. ඡුන්දය පාවිච්චි කිරීමේ අයිතිය පිළිබඳව ඊට සමාන අර්ථකථනයක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඊට පෙර ලබාදී තිබුණි. මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා ආදර්ශයට ගත් බව පෙනෙන්නේ එම නඩු තීන්දුවය. අධිකරණය මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා අධිකරණය ඉදිරියට කැඳවා නිදහස් හා සාධාරණ ඡුන්දයක් සහතික කිරීමට හේතුවන වැඩපිළිවෙළක් සංවිධානය කොට එය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඒ දෙදෙනාගෙන් ඉල්ලා සිටියේය. 1977න් පසුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවති එකම අවස්ථාව එය ලෙස සැලකිය හැකිය. මීට පෙර ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ප‍්‍රසිද්ධියේ කෙරෙන දෙයක් බවට පත්ව තිබුණේය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මැතිවරණවලදී මැතිවරණ කටයුතු සඳහා රජයේ නිලධාරීන් හා සම්පත් යොදා ගැනීමද වැළැක්විය නොහැකි සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණේය. ඒ කිසිවෙක් මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග තුට්ටුවකටවත් ගණන් නොගත්තේය. එහෙත් එම මැතිවරණයේදී පමණක් චිත‍්‍රය මුළුමනින් වෙනස් විය. නීතියට පටහැනිව ක‍්‍රියාකළහොත් එය අධිකරණයට එරෙහිව කරන ලද අපහාසයක් ලෙස සලකා තමන්ට දඬුවම් කරනු ඇතැ’යි කියන බිය නිසා වෙනදා නීතිය තුට්ටුවකුටවත් ගණන් නොගෙන හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකළ සියලූදෙනා නීතියට අනුකූලව ක‍්‍රියාකරන තත්ත්වයකට තල්ලූ වූහ. එය යහපාලනයක් සඳහා අධිකරණයට තිබෙන බලමහිමය අධිකරණය විසින් ඉතා බලවත් ලෙස පෙන්නුම් කළ අවස්ථාවක් විය.

සරත් නන්ද සිල්වා විසින් ආපස්සට හරවන ලද්දේ අධිකරණය ගමන් ගනිමින් තිබූ එම ඉදිරිගාමී මාවතය. ඔහු අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුද මැතිවරණවලදී විවිධ පුරවැසියෝ නිදහස් හා සාධාරණ තත්ත්වයක් දිනාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගියෝය. ඔවුන්ට ආපසු එන්නට සිදුවූයේ හිස් අතිනි. එවැනි සමහර අයට එරෙහිව අවවාද කෙරුණු අවස්ථාද තිබුණි. කරු ජයසූරියද මැතිවරණයකදී ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේය. පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරුණේ මැතිවරණය පැවැත්වීමට නියමිත දිනයෙන් පසු දිනකය. එය නීති උල්ලංඝනය කරන්නන්ට ආණ්ඩු පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් බිය නැතිව නීති උල්ලංඝනය කිරීමට දෙන ලද ප‍්‍රබල සංඥාවක් විය. මේ ආකාරයට කිසියම් ප‍්‍රමාණයක ඉදිරිගාමී තත්ත්වයක තිබූ අධිකරණය ආණ්ඩු පක්ෂයේ දේශපාලන අතකොලූවක් බවට පත් කළේ සරත් නන්ද සිල්වාය. සරත් නන්ද සිල්වා පුම්බන්නට වලිකන ජනමාධ්‍ය ජනතාවට වසන් කරන්නට යන්නේද එම ඉතිහාසයයි.

අධිකරණ ක‍්‍රමයට ලැබෙන වැදගත්කම

දේශපාලන ක‍්‍රමය හෙවත් විධායක ජනාධිපති ක‍්‍රමය පරාජය කළ යුතුව තිබෙන ප‍්‍රධාන පොදු සතුරා බවට පත්වන තත්ත්වයක් ඇතිවෙමින් තිබීම ගැන සතුටු විය හැකිය. එහෙත් එම විවාදය තාමත් තිබෙන්නේ මතුපිටින් අතපත ගාන තත්ත්වයකය. එහි ගැඹුරු හරය සලකා බලන තත්ත්වයකට තවමත් රට යොමුවී නැත. ඇති කරන්නට යන ඕනෑම වෙනසකදී වෙනස් කිරීමට ඉතාමත් අමාරු සංකීර්ණ දේ වනු ඇත්තේද අධිකරණයයි. එය උපරිම මට්ටමෙන් දූෂණයෙන් කුණුවූ ආයතන ක‍්‍රමයක තත්ත්වයට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ තත්ත්වයෙහි ඵලදායක හා ගැඹුරු වෙනසක් ඇතිකර ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය බැ?රුම් ලෙස සාකච්ඡුාවට ලක් කරන තත්ත්වයක් තවමත් මතුවී නැත. දූෂණයෙන් කුණුවී තිබෙන අධිකරණ ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති නොකරන කවර වෙනසකටවත් අර්ථවත් වෙනසක් වීමේ හැකියාවක් නැත. ඇති කෙරෙන එම වෙනසේ මහ මොළකාරයන් ලෙස ක‍්‍රියාකරන්නට යන්නේ සරත් සිල්වා වැනි අන්ත දූෂිත පුද්ගලයන් නම් වෙනසක් ඇතිවනවාට වඩා වෙනසක් ඇති නොවී තිබීම යහපත්ය. එවිට විය හැක්කේ මජර ගලන තරමට කුණුවී තිබෙන අන්තර්ගතය එහි මතුපිටින් අයිසින්වලින් ලස්සන කිරීමක් පමණය.

අධිකරණ ප‍්‍රතිසංස් කරණයකදී මුහුණ දෙන්නට සිදුවන බරපතළම ප‍්‍රශ්නය වනුයේ අධිකරණයේ විනිශ්චයකාරවරුන් අතර ඇතිවී තිබෙන බුද්ධිමය හා සදාචාරමය පරිහානිය ජයගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි. ඒ සඳහා වන අධ්‍යාශයක් හෝ පුරෝගාමී ශක්තියක් ඇති අය ඉහළ නිලතල දරන්නන් අතර සිටින්නේද යන්න ප‍්‍රශ්නයකි. අධිකරණය විසින් සිය ඉතිහාසය තුළ ලබාදී තිබෙන සමහර වැදගත් තීන්දු නීතියට පටහැනිවනවා පමණක් නොව ඉතාමත් පසුගාමී හා ප‍්‍රතිගාමී වන බවද කිව යුතුය. පක්ෂ මාරුව සඳහා ලබාදී තිබෙන තීන්දු ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයක් පමණය.

සරත් නන්ද සිල්වා අධිකරණයේ තමන්ගේ පාලන කාලය තුළ තමන් දෙන ලද තීන්දු ගැනද මෙම සම්මුඛ සාකච්ඡුාවේදී මහා උජාරුවකින් කතා කර තිබුණි. ඔහු පුම්බන්නට හදන ජනමාධ්‍ය එහිදී මුළුමනින් අමතක කර තිබෙන වැදගත් කාරණයක් වනුයේ ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් විමර්ශනය කොට ලංකාවට එරෙහිව දෙන ලද තීරණ හයෙන් හතරක්ම සරත් නන්ද සිල්වාගේ අධිකරණ තීන්දුවලට එරෙහිව දෙන ලද තීරණ වන බවය.

ඔහු එස්.බී. දිසානායකගේ නඩුව ගැන පුරාජේරු ස්වරයකින් කතා කර තිබුණි. ඒ ගැන ඔහුගෙන් ප‍්‍රශ්න කළ ජනමාධ්‍යවේදියා අමතක කරන ලද කරුණක් වනුයේ එස්.බී. දිසානායකට අදාළව ඔහු විසින් දෙන ලද නඩු තීන්දුවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඓතිහාසික වැදගත්කමක් ඇති නඩු තීන්දුවක් ලබාදී තිබෙන බවය. ඒ නඩු තීන්දුව පමණක් නොව ටෝනි එම්මානුවෙල්ට උසාවි අපහාස නීතිය යටතේ සිරදඬුවමක් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන්ද එම මානව හිමිකම් කමිටුව ලබාදී තිබෙන තීන්දු උසාවි අපහාස නීතිය ලංකාවේ ක‍්‍රියාත්මක වන හිතුවක්කාරී හා නීති විරෝධී ස්වභාවය පෙන්නුම් කරන්නක් ලෙස සැලකිය හැකිය. සරත් නන්ද සිල්වා මෙම සම්මුඛ සාකච්ඡුාවේදී නරක විනිසුරුවරුන්ට එරෙහිව තමන් පවත්වාගෙන ගිය දැඩි ප‍්‍රතිපත්තිය ගැනද පුරාජේරු කතා කර තිබුණි. මා දන්නා තරමින් අධිකරණයේ සිටි නරකම විනිසුරුවරයා සරත් නන්ද සිල්වාය. ඔහු තමන්ගේ නඩු තමන්ම අසා තීන්දු දුන්නේය. දේශපාලන පක්ෂ සතුටුකිරීම සඳහා ඔවුන්ට නඩු නිමිති හදාදී ඒ සඳහා වන පෙත්සම් සකස් කළ යුතු ආකාරයද කියාදී ඒ පෙත්සම් තමා ඉදිරියේ විභාගයට ගෙන එම දේශපාලන පක්ෂවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබා දුන්නේය. නඩු කියන්නන් අතර ඔහුගේ සිත්ගත් කාන්තාවන් සිටින අවස්ථාවලදී එවැනි සමහර කාන්තාවන් ලිංගික වශයෙන් අපහරණය කොට ඒ වෙනුවෙන් ගෙවන වන්දියක් වශයෙන් ඔවුන්ට වාසිදායක නඩු තීන්දු ලබා දුන්නේය. ඔහු තමන්ට තිබෙන අධිකරණ බලය තමන් නොකැමති අයගෙන් පළිගැනීමට හා පීඩාවට පත්කිරීමට යොදා ගත්තේය. ඔහු එක් අවස්ථාවකදී සැකයට හේතුවී සිටි රූපවාහිනී ආයතනයක හිමිකරුවකුට, රජය විසින් තහනම් කොට තිබූ එම ආයතනය වෙනත් ගැනුම්කරුවකුට විකිණීමට ඉඩදී ඒ වෙනුවෙන් ඔහුගෙන් තමන් සඳහා රූපවාහිනී නාලිකාවක් ලබාගත්තේය. එවැනි අධම තත්ත්වයක ලා සැලකිය හැකි අධිකරණ නායකයකු විනිශ්චයකරුවන්ගේ විනය ගැන කතා කරන විට අප සිනාසිය යුත්තේ කවර මුඛයෙන්දැ’යි ඔහු අපට කියා දිය යුතුය.

ටෝනි එම්මානුවෙල්

ඔහුගේ බිහිසුණු හා අධම ගණයෙහිලා සැලකිය හැකි නඩු තීන්දු අතර ඔහුගේ අගතිගාමී හා අධම ස්වභාවය උපරිම මට්ටමකින් පෙන්නුම් කරන නඩු තීන්දුව ටෝනි එම්මානුවෙල් සම්බන්ධයෙන් දී තිබෙන නඩු තීන්දුව ලෙස සැලකිය හැකිය. ටෝනි ඉංග‍්‍රීසි ටියුෂන් ගුරුවරයෙකි. ඔහු කලක් පෞද්ගලික ආයතනයක සේවය කොට එම ආයතනය සමග ඇති කරගත් ආරාවුලක් මත එම ආයතනයට එරෙහිව කම්කරු උසාවියේ නඩු කී පුද්ගලයෙකි. තමාගේ නඩුවට අදාළ උසාවි වාර්තා ලබාගැනීමට අවශ්‍ය වී ඒ සඳහා දරන ලද උත්සාහයන් ගණනාවක් අසාර්ථක වීමෙන් පසු ඒ ගැන අධිකරණ සේවා කොමිසමට ලිඛිතව පැමිණිලි කරමින් එම නඩු වාර්තා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහු එක වරක් නොව කිහිප වරක්ම අධිකරණ සේවා කොමිසමට ඒ ගැන ලීවේය. කිසිදු සාධාරණ පිළිතුරක් ලබාගැනීමට නොහැකි වූ කල ඔහු අධිකරණ සේවා කොමිසමේ සභාපති (අගවිනිසුරු සරත් එන්. සිල්වා* හා එහි අනෙකුත් සමාජිකයන් දෙදෙනා (ඔවුන්ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු වූහ.) වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ නඩුව නඩුවේ වගඋත්තරකරුවකු වූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප‍්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ අසන්නට නියම කර තිබෙන බව දැනගන්නට ලැබුණු විට ඔහු මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණ සේවා කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් තම පෙත්සමේ වගඋත්තරකරුවන් වන නිසා කොමිසමේ සාමාජිකයන් ඇතුළත් නොවන විනිශ්චය මණ්ඩලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ කිසිවක් නොසැලකූ සරත් නන්ද සිල්වා ඒ නඩුව තමාද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන ටෝනි අධිකරණයට අපහාස කළේයැ’යි තීන්දු කොට ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් නියම කළේය. ටෝනිගේ නඩුව වෙනුවෙන් නීතිඥයෝ පෙනී නොසිටියෝය. නඩුව කතා කළේ ඔහුමය. අවසානයේ ගෙදර යන්න බලාගෙන අධිකරණය ඉදිරියට පැමිණි ටෝනිට පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසු හිරේ යන්නට සිදුවිය. ටෝනිගේ ප‍්‍රශ්නය ඉන් අවසන් වූයේය. ඔහු කරන ලද ඊනියා වරද වෙනුවෙන් ඔහුට දෙවැනි දඬුවමක්ද විඳින්නට සිදුවූයේය. හිරගෙදර ගිය වහාම බන්ධනාගාර නිලධාරීන් ඔහුට ඔහුගේ අතපය කැඩෙන තෙක් පහර දුන්නේය. ඒ නිසා ඔහුට දීර්ඝ කලක් රෝහල් ගතවී ප‍්‍රතිකාර ගන්නට සිදුවූ අතර මෙම දුෂ්ඨ ක‍්‍රියාදාමයේ බරපතළකම කොතරම් විශාලවීද කියනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිඥයන් විනිසුරුවරුන් පිළිබඳ විෂය භාර ප‍්‍රධාන නිලධාරියා ලෙස සැලකිය හැකි ඩාටෝ පරම්කුමාරස්වාමි රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ටෝනි බලන්නට ශ‍්‍රී ලංකාවට ආවේය. ඔහු ආපසු ලංකාවෙන් යන්නට පෙර ටාජ් සමුද්‍ර හෝටලයේදී පුවත්පත් සාකච්ඡුාවක් පවත්වන ලද අතර ටෝනි සම්බන්ධයෙන් අගවිනිසුරු සරත් නන්ද සිල්වා අනුගමනය කර තිබෙන අගතිගාමී ප‍්‍රතිපත්තිය විවේචනයට ලක්කරමින් ටෝනි නිදහස් කරගැනීම සඳහා නැවත අධිකරණය වෙත ප‍්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස නීතිඥ සංගමයෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. ලංකාවේ නීතිඥ සංගමයද මෙම සාහසික සිද්ධියේදී ඇස් වසාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා මිස ටෝනිට සිදුකර තිබුණු අසාධාරණය ගැන එකම වචනයක්වත් කතා නොකළේය.

ටෝනිට දඬුවම් කරන ලැබූ අවස්ථාවේදී එම නඩු තීන්දුව ගැන මා කතුවැකියක් ලීවා මට මතකය. එය මාගේ පැවැත්ම පරදුවට තබා ලියන ලද බිහිසුණු කතුවැකියක් වීයැ’යි කිව හැකිය. මා ඉන් කියා සිටියේ රටේ නීතියක් තිබෙනවා නම් හිරේ යැවිය යුත්තේ අගවිනිසුරුවයා මිස ටෝනි නොවන බවය. ටෝනිගේ ඛේදවාචකය ඉන් අවසන් වන්නේ නැත. ඔහු සිරදඬුවම් සම්පූර්ණ කොට නිදහස් ලෝකයට එකතුවීමෙන් දින කිහිපයකට පසුව වෑන් රථයකින් පැමිණි සාහසික පිරිසක් ඔහු පැහැරගෙන යෑමට දරන ලද උත්සාහයකින් බේරී පලායෑමට ඔහු සමත් විය. ඒ නිසා ඇතිවූ කම්පනය ඔහුගේ සමස්ත ජීවිතය කෙරෙහිම බලපෑවේය. ටෝනිට ආරක්ෂාව ලබාදී ඒ ගැන වාර්තා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එම සිද්ධියෙන් පසුව ලංකා ආණ්ඩුවට දැනුම් දෙනු ලැබූවත් ජනාධිපතිනිය අතින් ඒ සඳහා වන ඵලදායි කිසිවක් සිදු නොවීය. මරණ බියෙන් තැතිගෙන සිටි ටෝනි කිසියම් කලක් ලංකාවේ සැඟවී සිට ආරක්ෂාව සඳහා හොංකොංවලට පලා ගොස් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම නිසා කැනඩාවේ දේශපාලන රැුකවරණ ලබාගත්තේය.

අදත් ඔහුගේ බිරිඳ හා දරුවන් ජීවත්වන්නේ කැනඩාවේය. ඉඳහිට ඔහුගේ බිරිඳද තවත් සමහර අවස්ථාවලදී ටෝනිද මට දුරකතනයෙන් කතා කරයි. ඒ සිද්ධි දාමයෙන් ඔහු තුළ ඇතිවී තිබෙන බිය තවමත් මුළුමනින් පහවී නැත. ඔහු සදාකාලික මානසික රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇතැ’යි කිව හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ටෝනිගේ පෙත්සම විභාගයට ගෙන සරත් නන්ද සිල්වාගේ නඩු තීන්දුව අභියෝගයට ලක් කෙරෙන තීන්දුවක් ලබාදෙමින් ටෝනිට සිරදඬුවම් පමුණුවන ලද නඩු තීන්දුව මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බැවින් ඔහුට සාධාරණ වන්දියක් ගෙවන ලෙස නියම කරමින් ලංකාවේ භාවිත කරන උසාවි අපහාස නීතිය මානව හිමිකම් උල්ලංඝනයන්ට ඉඩ නොලැබෙන පරිදි සංශෝධනය කොට එය මානව හිමිකම් කොමිසම වෙත වාර්තා කරන ලෙස ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ. ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂදර්ශනයට ලක්වීම ආරම්භවන්නේ එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධය අවසන්වීමෙන් පසුව නොව එය සරත් නන්ද සිල්වාගේ අධිකරණ පාලන කාලයේ සිටම ඔහුගේ අගතිගාමී නඩු තීන්දු මුල් කොටගෙන ඇතිව තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.


සරත් සිල්වා ගැන වැඩිදුරටත් --- වික්ටර් අයිවන් December 29, 2013


Read more
SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය

සෙක්ස් යන වචනය වැඩියෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සෙවූ රටවල් අතරින් ලංකාව පළමු තැනට පත් වූ බව පසුගිය කාලයේ වාර්ථා වුණා. මේ වාර්ථාවේ අලුත්ම වාර්ථා දක්වන අන්දමට ලංකාව අභිමානවත්ව මේ තත්ත්වය තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යනව. ගූගල් අන්තර්ජාල පිරික්සුම හරහා SEX යන වදන සෙවූ රටවල් අතරින් ලොව ඉහළම තැන නැවතත් ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වේ. ගූගල් විසින් නිකුත් කළ වාර්තාවක මේ බව දක්වා තිබේ.  ලංකාව SEX සෙවුමෙන් ලොව ප්‍රථම ස්ථානය ගෙන ඇත්තේ පිට පිටම තෙවන වසරටත් වීම විශේෂත්වයකි.

නුගේගොඩ, හෝමාගම සහ කොළඹ වැසියන් මෙලෙස කාමුක අඩවි කෙරෙහි වැඩි කුතුහලයක් දක්වා ඇතැයි වාර්තා වේ.  ගූගල් පවසන්නේ 2013 වසරේ මේ වචනය සිය පිරික්සුම භාවිතා කර සොයා ඇත්තේ අප්‍රේල් 14-20 සතිය තුළ බවයි.  ඉන්දියාව, ඉතියෝපියාව, ටිමෝරය සහ බංග්ලාදේශය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ ස්ථාන හිමිකරගත් සෙසු රටවල් වේ.

ලංකාවේ ගොඩක් අය මේ අකාරයෙන් සෙක්ස් වැඩිපුර සොයන්නේ ඇයි? විශේෂයෙන් ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය කියන්නෙම රෑට කලුවරේ හෙරෙන් කරන දේකට. මේ නිසා ලංකාවේ බහුතරයකට සෙක්ස් කියන්නේ අනෙකාගේ බැල්ම මත ප්‍රක්ශේපණය වන දෙයක්.. අනෙක් අතට ඇත්ත ජීවිතයේ සෙක්ස් නැති අය වැඩිපුරම ආශා කරන්නේ සෙක්ස් ගැන කතා කරන්න සහ සෙක්ස් බලන්නයි. තමන් වෙනුවෙන් වෙනත් අයෙක් සෙක්ස් කරන නිසා ගොඩක් අය මේවා බලලා සතුටු වෙනව. හරියට නාමල් රාජපක්ෂ රෑට කාර් රේස් පදින කොට නීතිය කඩන්න දෛනිකව බය ගොඩක් අය ඒවා බලලා සතුටු වෙනව වගේම ඉතාලියේ,ප්‍රංශයේ, ඇමරිකාවේ අය සෙක්ස් කරනවා දැකලා මේ අය විනෝදයට පත් වෙනව. ඒත් ඇත්ටම සෙක්ස් කියන්නේ වර්චුවල් දෙයක් කියන එක හරියටම අවබෝධකර ගෙන ඉන්නේ ලංකාවේ අය කියන එක මේ අයම දන්නේ නැහැ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවේ අය සෙක්ස් කියන එක මේ අකාරයෙන් ස්වභාවධර්මයෙන් සංස්කෘතික දෙයක් කියන එක අවබෝධකර ගෙන තියෙනව. මේ ගොඩක් අන්තර්ජාලයේ සෙක්ස් හොයන අයගේ පවුල් ජීවිතය කියන්නේ හරිම ඕලාරික ඒකාකාරී වේදනාත්මක දෙයක්. ඇත්තටම සෙකස් කියන එක අපි කොහොමද සරළව තේරුම් ගන්නේ.

01-සෙක්ස් කියන්නේ ප්‍රදර්ශණකාමී දෙයක්. ඒ කියන්නේ අපි සෙක්ස් කරන්නෙම අනෙකාගේ බැල්මට. අනෙකාගේ බැල්මෙන් තොරව පාරිශ්‍රද්ධ සෙක්ස් කියලා දෙයක් යථාර්ථය තුළ නැහැ. එහෙම දේවල් තියෙන්නේ ෆැන්ටසි ලෝක වල විතරයි. මේ නිසා තමයි සෙක්ස් කියන දේ යථාර්ථය තුළ කරන විට අවිඥාණකව තුන් වැන්නෙකුගේ බැල්ම අවශ්‍ය කරන්නේ.

02-ගොඩක් අය හිතන්නේ සෙකස් කියන්නේ ඇක්ටියුව් දෙයක් කියලයි. ඒ කියන්නේ උපරිම වශයෙන් තෘප්තියට පත් වෙන්න පුලුවන්. ක්‍රියාශීලි දෙයක් කියලයි. ඒත් ඇත්ටම සෙක්ස් කියන්නේ පැසිව් දෙයක්.් ඒ මගින් ඇත්තටම අපිට කාර්යක්ශම කරනවා නෙවි අකර්මන්‍ය කරනව. ඒ නිසා ඇත්ත සෙක්ස් තියෙන්නේ යථාර්ථය තුළ නෙවි ෆැන්ටසිය තුළයි.

ලැකාන් කියන අකාරයට කසදා බැදපු ජෝඩුවක් තමන්ගේ ඇද මත කරන ඕනෑම ක්‍රියාවක් අයිති වන්නේ සෙක්ස් කියන කැටගරි එකට තමයි. එතනදී සදාචාරය, ආගම, සභ්‍යත්වය වගේ දේවල් අදාල වෙන්නේ නැහැ. මේ වගේ ජොඩුවක් මේ මොන ආකාරයට සෙකස් කරත් ඒ ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ලංකාවේ අන්තර්ජාලයේ සෙක්ස් හොයන පිරිමි ගොඩක් නිලකාර සිනමාව නරඹලා රෑට ගෙදර ඇවිත් ඒවා අත්හදා බලන්න උත්සහ කරනව. ඒවා අවසන් වන්නේ කොන්ද කඩාගෙන රෝහලකින් හෝ දික්කසාද නඩුවක් නිසා උසාවියකින්. ඇත්තටම ඇයි අපට සෙකස් වලට සංස්කෘතියක් නැත්තේ. ලංකාවේ බහුතරයක් දෙනා සෙකස් කියන එක සලකන්නේ පාපයක් විදිහටයි. ඒක බෞද්ධ පසුබිමත් බලපානව. ලංකාවේ බහුතරයක් වර්ථමාන බෞද්ධ ස්වාමින් වහන්සේලා කියන බණ කතා වලින් සිදු වන්නේ මිනිස්සු හිස්ටෙරික අකාරයෙන් සෙක්ස් වලින් ඈත් වෙන එකයි.

ඒ නිසා ගොඩක් අය ඉන්නේ දැඩි අසහනයෙන්. ඒ නිසා තමයි මේ විදිහට වැඩිපුර සෙක්ස් හොයන්න පෙළබෙන්නේ. මේ කට උත්තර තියෙන්නේ මනෝවිශ්ලේෂණය තුළ විතරයි. මනෝ විශ්ලේෂණය මගින් කරන්නේ ඇත්ත සෙක්ස් වලට තියෙන බාධාව ඉවත් කරන එකයි. මේ මගින් රෝගී තත්ත්වයෙන් පසුවන අයව නිරෝගී බවට පත් කරනව. සෙකස් කියන්නේ ස්වභාව ධර්මය නෙවි සංස්කෘතය කියන එක අපට අවබෝධ කර ගන්න පුලුවන් වෙන්නේ මේ නිසයි. සිගමන් ෆොයිඩි කියන අකාරයට ඇත්ත සෙක්ස් කියන්නේ මහත් වේදනාවක්. ඒක ඔහු සමාන කරන්නේ මකුණන් කෑමකටයි. මේ නිසා තමයි ගොඩක් අය ඇත්ත සෙකස් මගහරින්න අන්තර්ජාගයෙන් සෙකස් හොයන්නේ. ඒ අතින් ගත්තම නුගේගොඩ,හෝමාගම සහ කොළඹ ජීවත් වන මිනිස්සු කියන්නේ ඇමරිකාවේ, ප්‍රංශයේ ජීවත් වන අයටත් වඩා සංස්කෘතික පිරිසක් කියන එකයි. ඇත්ත සෙකස් කියන්නේ නිකම්ම නිකම් ශරීර දෙකක එකතුවකට නෙවි. ඇත්ත සෙකස් කියන්නෙම තුන්වැන්නෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා යැයි අවිඥාණකව කල්පනා කරමින් කරන දේකටයි. මේ නිසා තමයි ඇන්ජලීනා ජොලී තමන් ගේ පෙම්වතා ගේ තොල් පෙති තිරයක් මත සිපගන්නා විට අපි සුරතාන්තයට පත් වන්නේ. මේ මගින් ලබන තෘප්තිය ඇත්තටම ඇදක් මත සෙකස් කරලා ලබන සුරතාන්තයට වඩා සුන්දරයි කියන එක තමයි මේ වැඩිපුරම සෙකස් හොයන අය අපිට ඔප්පු කරලා තියෙන්නේ.

මේ නිසා තමයි අනාගතයේ දී සෙකස් කියන එක ස්වභාව ධර්මයෙන් සංස්කෘතිය දක්වා වඩාත් ගමන් කරනු ඇති බව කියන්නේ. අනාගතයේ දී මේ නිසා සෙකස් කියන දේ බලන දෙයක් බවට පත්වන බව පැහැදිලියි. ඒ කියන්නේ සෙක්ස් කියන එක ස්වභාව ධර්මයෙන් ඉවත් වෙලා සංස්කෘතික තිරයක් මතට ප්‍රක්ශේපණය වීම තමයි තාක්ෂණයේ දියුණුවේ අවසන් හරය කියන්නේ.

ලංකාවේ බහුතරයක් දෙනා ලෝකයේ වැඩිපුරම ගූගල් හරහා සෙක්ස් හොයන අය ඉන්නේ ලංකාවේ කියන එක ගන්නේ නෙගටිව් අර්ථයකින්. ඒ කියන්නේ ලංකාවේ මේ අය පව්කාරයන් කියන අර්ථයෙන්. ඒත් ඇත්තටම සෙකස් වලට සම්බන්ධ වන අය කියන්නේ ශිෂ්ඨාචාරයේ වඩාත්ම නිරෝගී අය කියන එක හිතන්න මේ අය බයයි. ඒකට හේතුව ගොඩක් අය හිස්ටෙරික අකාරයෙන් සෙකස් මගහරිමින් ඉන්න නිසයි. එහෙම බැලුවහම ලංකාවේ විතරක් නෙවි, ඇමරිකාවේ,ප්‍රංශයේ, ජර්මනියේ ඇතුලු ලෝකයේ බහුතරයක් රටවල ඉන්නේ වනචර මිනිස්සු. මිනිස්සු වනචරයි කියන එක නරක දෙයක් විදිහට ගන්නේ ආගමික මතවාදයකින්. ඒත් ඇත්තටම මනෝ විශ්ලේෂණාත්මක අර්ථයකින් ගත්තහම මිනිහෙක් වනචරයි කියන්නේ ඒ මනුස්සයා නිරෝගීයි කියන එකයි. ඒකට හේතුව තමයි ඇත්ත සෙකස් කියන එක තියෙන්නේ යථාර්ථයේ නෙවි ෆැන්ටසියේ වීම.

ශිෂ්ඨාචාරයේ මිනිස්සු විසින් සංස්කෘතික පාරිභෝගික භාණ්ඩයක් වන සබන් සහ දත් බෙහෙත් සෙයා ගත්තට පසුව තමයි කෙනෙක්ට තවත් කෙනෙක් ගේ ශරීරය ලෙව කන්න පුලුවන් වෙන්නේ ඊට පෙර ඒක කරන්න බැරි වන්නේ ස්භාවයෙන්ම මනුෂ්‍ය ශරීරය දහදියෙන් දුගදන හමන නිසයි. වර්ථමානය වන විට බොඩි ලෝෂන්,බොඩ් ස්ප්‍රෙර්,ෆර්ෆියුම්,මවුත් වොෂ් වගේ දේවල් මගින් තමයි ස්වභාවික සෙක්ස් සංස්කෘතික දෙයක් බවට පත් කරලා තියෙන්නේ. ඒත් අනාගතයේ දී තවත් ඉදිරියටයට යමින් සෙකස් කියන එක ඇත්ත ජීවිතයෙන් වර්චුවර් තිරයක් මතට ගමන් ගත් විට සෙකස් කියන්නේ කරන දෙයක් නෙවි බලන දෙයක් බවට පත් වෙනව. මේ නිසා තමයි ලැකාන් ලිංගික සම්බධතා යනුවෙන් දෙයක් නොපවතියි යැයි පවසන්නේ. ඇත්ත ජීවිතයේ සෙකස් කියා දෙයක් නැති බවත් දන්නා නමුත් ෆැන්ටසියක් ලෙස සෙකස්ස් තිබෙනවා යැයි විශ්වාස කරන්න මිනිසුන් ආශා කරන්නේ ඇයි?

අපි කුඩා කාලයේ නත්තල් දවසේ රෑට නත්තල් සීයා තෑගි ගෙනත් රහසේම කොට්ටය යටින් තබා යන බව දෙමාපියන් විසින් පවසනවා. අපි මහත් බලාපොරොත්තු තබා ගෙන නින්දට යනව. පසුවදා අපි අවධිව බලන විට ඇත්තටම අපේ කොට්ටය පාමුල අපි ආසම කරන සෙල්ලම් බඩුවක් තියෙනව. දෙමාපියන් ගෙන් මේ ගැන ඇසූ විට ඔවුන් පවසන්නේ නතල් සීයා රෑ හොරෙන්ම ඇවිත් තෑගි ගෙනත් දී ඇති බවයි. ඉන් අපි මහත් සතුටට පත් වෙනව. පසුව දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසු නත්තල් සීයා කියා කෙනෙක් සැබෑ ලෝකයේ නැති බවත් දෙමාපියන් විසින් තමන් ගේ කොට්ටය අසළ තෑගී තැබූ බවත් දරුවන් දැන ගන්නව. ඒත් දරුවන් යළි දෙමාපියන් බවට පත් වූ විට ඔවුන් ගේ දරුවන්ටත් නත්තල් සීයාගේ කතාව කියා දී දරුවන් ගේ කොට්ටය අසළ ඔවුන්ට හොරෙන් තෑඝි තබනව. ඇත්තටම නත්තල් සීයා කියා කෙනෙක් යථාර්ථය තුළ නැති බව හොදටම දැන දැනත් ෆැන්ටසියක් ලෙස නත්ලත් සීයා ගේ පැවැත්ම සියළු දෙනාම තහවුරු කරන්න උත්සහ ගන්නේ ඇයි?
3mana -
Read more
Thursday, December 26, 2013
වෙද නළාව සහ චූං පාන් නළාව (බදුරලියේ දැනට සිදුවන මළකෙළිය ගැනයි)

බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් අනුගමනය කරන දුෂ්ට, නීච, කාලකණ්‌අණි ප්‍රතිපත්තිය නිසා ප්‍රදේශවාසී රෝගීහු දහස්‌ ගණනක්‌ අනතුරට පත්ව සිටිති. එම රෝහලේදී කාන්තාවක මිය යැම සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනයා රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරතවීම නිසා තවදුරටත් ඇඳුම් ඇඳගෙන පාරේ යන්නට බැරි තරම් "ලඡ්ජාවට" පත්වූ දොස්‌තරලා සහ මිසීලා රෝහල වසා ගෙදර ගිය හැටි අපි දැනටමත් දනිමු. මෙකී දොස්‌තර මිසී හවුල ගෙදර ගියේ ඇඳුම් ඇතිවද නැතිවද යන්න දැන ගැනීමට අපි කැමැත්තෙමු. තමන් රෝහල වසා ගෙවල්වලට යැම නිසා දුප්පත් ජනයා පත්වන අසරණ සහ කාලකණ්‌ණි තත්ත්වය මෙකී දොස්‌තර-මිසි හවුල හොඳාකාරවම දනිති. ඒ අනුව ශිෂ්ට සමාජයේ ජනයා හා සමානව ඇඳුම් ඇඳගෙන සිටීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම මේ මොහොතේදී මතභේදයට තුඩු දෙන්නේය. රෝහලක්‌ වහන්නට තරම් හයියක්‌ මේ දොස්‌තරලාට ලැබුණේ කොහෙන්ද? මෙය ස්‌ථිර වශයෙන්ම සිවිල් නීති කඩ කිරීමකි. මෙබඳු වැරදි සම්බන්ධයෙන් ශිෂ්ට නීතියට අනුව දෙන දඬුවම්වලට අමතරව සිටුවා පස්‌ ගැසීමද කළ යුතුය. බදුරලියේ රෝහලේ කුමක්‌ සිදුවීද යන්න දොස්‌තර-මිසී හවුල දන්නේය. සිද්ධියට අදාළ මරණය සිදුවූයේ කෙසේද යන්න ඔවුන්ගේ හෘද සාක්‍ෂිය දන්නේය. ලෙඩා මියයැම පිළිබඳ හරි කතන්දරය එළියට ආ දවසට බදුරලියේ දොස්‌තරට සිදුවන්නේ රෝහල පමණක්‌ නොව තම ගෙවල් දොරවල්ද වසා දමා වළක්‌ කපාගෙන සැඟවීමටය. වෛද්‍ය වෘත්තියේ නම කෙළෙසන නීචයන්ට කිසිදු අනුකම්පාවක්‌ නොදක්‌වන ලෙස වෛද්‍යවරුන්ගේ සංගම් සියල්ලෙන්ම ඉල්ලමු. බදුරලියේ දොස්‌තර-මිසී හවුල මේ රටේ සිවිල් ක්‍රියාපටිපාටිය කඩාකප්පල් කරමින් සේවය අත්හැර ගිය අය වෙති. දුප්පත් ක්‌ලාක්‌ කෙනෙක්‌, අසරණ ගුරුවරයෙක්‌ හෝ කම්කරුවෙක්‌ මෙබන්දක්‌ කළේ නම් ආණ්‌ඩුව ඔහු ගස්‌ බඳින්නේය. එහෙත් දොස්‌තරගේ කෝට්‌ එකට සහ නළාවට ආණ්‌ඩුව බයය. දුප්පත් අසරණ රෝගීන්ට හිරිහැරයක්‌ වන පරිදි කටයුතු කරන දොස්‌තරලාගේ වෙද නළාවට වඩා අයිස්‌ක්‍රීම් කාරයකුගේ නළාව හා චූං පාන්කාරයාගේ නළාව වටින බව අපගේ පිළිගැනීමය.

එක්‌සත් ජාතික පක්‍ෂය කියා දෙයක්‌ මේ රටේ තිබෙන බවට එකම එක සාක්‍ෂියක්‌ බදුරලියේ සිද්ධියෙන් අපට ලැබුණි. එනම් පෙරකී දොස්‌තර-මිසී ත්‍රස්‌තවාදයට එරෙහිව තනියෙන්ම ගොස්‌ උපවාස පැදුර මත වාඩිගත් පළමුවන දේශපාලනඥයා එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම බවට පත්වීමය. ඔහුට පොලිසියෙන්ද පහරදී ඇති බව දැන ගන්නට තිබේ. එහෙත් ඔහු බැලීමට හෝ ඔහුගේ සටනට සහායදීමට සිරිකොතේ ලොක්‌කන් කිසිවෙක්‌ පැත්ත පළාතටවත් පැමිණියේ නැත. රෝහල 25 වැනිදා නැවත විවෘත කෙරුණු නමුත් දොස්‌තරලා ඊයේ වනතුරුත් වැඩට පැමිණ නැත. මෙය මහජනතාවට නොමිලයේ සෞඛ්‍ය සේවාව ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය බදුරලියේදී දිගින් දිගටම කඩාකප්පල් කිරීමකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකාය යොදවා මේ රෝහල ක්‍රියාත්මක කරවන ලෙස අපි ආණ්‌ඩුවෙන් ඉල්ලමු. සෑම විෂයක්‌ම සඳහා විනයානුකූලව පුහුණු කරන ලද යුද හමුදාවක්‌ අද අපට සිටිති. හමුදාවේ වෛද්‍ය බළකාය "ප්‍රයිවට්‌ ප්‍රැක්‌ටිස්‌" කරන්නේ නැත. එබැවින් දවසේ නියමිත සේවා කාලය තුළ ජනතාවට සේවය සැපයීමට ඔවුනට පුළුවන. ඒ අතර පාලිත තෙවරප්පෙරුමට පහරදුන් පොලිස්‌කාරයා හෝ කාරයන් ගැන වහා සොයා බැලීම ආණ්‌ඩුවේ යුතුකමය. මෙය ආණ්‌ඩුවෙන් ලකුණු දමා ගැනීමට කළ වැඩක්‌ වුවද ජනාධිපතිතුමා එකී මගෝඩි පොලිස්‌ කාරයන්ගේ ලකුණු කපන බව අපට විශ්වාසය. මේ රට අදටත් දුවන්නේ ජනාධිපතිතුමා කෙරෙහි වැසියන් තබා ඇති තනි විශ්වාසය මතය. එබැවින් බදුරලියේ සිද්ධියට එතුමා මැදිහත් විය යුතුමය.
divaina -
Read more
Wednesday, December 25, 2013
අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

මම මුලින් ම ෆේස්බුක් භාවිතා කළේ  W3Lanka ප්‍රවර්ධනය කරන්නට ය. ඒ වෙනුවෙන් වෙන ම ෆේස්බුක් ගිනුමක් සැකසූ අතර වසර ගණනකට පසු මම එය අතහැර දැමුවෙමි. ඒ වන විට එහි මිතුරෝ දහස් ගණනක් සිටිය හ.

සිංහල හෝම් යන අන්වර්ථ නමින් එය පවත්වාගෙන යද්දී බොහෝ පිරිමි එය පවත්වාගෙන යන තැනැත්තා ගැහැනියක යයි සිතා චැට් කරන්නට පැමිණිය හ. අප ලියූ ලිපිවල ස්ත්‍රීන් කෙරෙහි දක්වා තිබුණු ආකල්පය මෙම ගිනුම පවත්වාගෙන යන්නේ ගැහැනියක යයි සිතන්නට හේතු වන්නට ඇත.

අප එම ගිනුම අතහැර දැමීමට එක් හේතුවක් වන්නේ අන්තර්ජාලයේ නිර්නාමිකව පෙනී සිටීම වෙනුවට නමින් හා වගකීමකින් යුක්ත පුරවැසියන් ලෙස කටයුුතු කිරීම දේශපාලනික අවශ්‍යතාවක් ලෙස දකින බැවිනි. අප මේ කතා කරන්නේ ජීවිතයේ දේශපාලනය ගැන මිස දේශපාලන ව්‍යාපාර ගැන නො වේ.

එක් කාලයක ලංකාවේ ෆේස්බුක්හි කාන්තාවේ දුලබ වූ හ. ඒ කාලයේ ඇත්තෙන් ම ෆේස්බුක් විනීත කාන්තාවන්ට අනතුරුදායක අවකාශයක් විය. මා මීට පෙර ද මේ පිළිබඳව ලිපියක් ලියා ඇත.
ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?
අන්තර්ජාලයෙන් චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ පිරිමි කොණ තෙමා ගන්නේ ඇයි ද යන්න විමසා බැලීම රසවත් කරුණකි.

සෙක්ස් කියන වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් තුන්වන එක ළඟ එක වසරටත්, 2013දීත්, ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි. (ඩේලි මිරර් පුවත්පතේ එම වාර්තාව මෙතැනින් කියවන්න)

සෙක්ස්, සෙක්ස් වීඩියෝ, ‍ෆ්‍රී සෙක්ස් වැනි ඉතා වියුක්ත වදන් යොදා සෙවුම් කරන්නෝ ආධුනිකයෝ ය. නැතිනම් හරි හමන් ඉංග්‍රීසි දැනුමක් නැති අය ය.

උදේ හවා බණ අහන, පිරිත් සජ්ජායනා කරන, ජාති වාත්සල්‍යයෙන් ඔද වැඩුණු, සාන්ත දාන්ත තීන්ත කූඩු වන ලංකාවේ  පිරිමින්ගේ (ගැහැනුනුත් ඇතුළත්ව) යථා ලෝකය ඔවුහු අන්තර්ජාලය තුළ සොයනු දක්නට ලැබේ.

නීතිමය, ආර්ථික හා සමාජමය හේතූන් මත තමන් සිර වී සිටින ඕලාරික ලිංගික ලෝකවලින් පිටතට පැමිණ තමන්ගේ ලිංගික ෆැන්ටසිය සොයන්නට ඔවුහු අන්තර්ජාලය භාවිතා කරති.

එබැවින් ලංකාවේ මිනිසුන්ගේ අන්තර්ජාල නියෝජනය බොහෝ විට ව්‍යාජ ය. ඇතැමෙක් පූර්ණ ලෙස ම ව්‍යාජ ලෙස පෙනී සිටිති. බොහෝ දෙනෙකුගේ අන්තර්ජාල නියෝජනය විශාලනය කරන ලද එකකි. කාන්තාවක නම් ෆොටෝෂොප් භාවිතාවෙන් වැඩිපුර සුදු වෙති. පිරිමි නම් පෙනී සිටින්නේ ගැඹුරු කටහඬක් ඇති, උස මහත, ඉතා කඩවසම් පුද්ගලයන් ලෙසයි.

ෆේස්බුක්හි ගැහැනුන් ලෙස පෙනී සිටින ඇතැමෙක් පිරිමි ය. ඇත්තෙන් ම මේ ඔවුන්ගේ යටි සිතෙහි ජීවත් වන ගැහැනිය විය හැකි ය. නැතිනම්, සම ලිංගික ආශාව විය හැකි ය.

සමරිසියන් ගැන කතා කරන විට ෆේස්බුක් ඔවුන්ට ද සිය ආශාව සොයා යන්නට යොදා ගැනෙන අවකාශයක් වී තිබේ. සමරිසි පිරිමි ගණනාවක් ම මගේ ෆේස්බුක් මිතුරන් අතර සිටිති. මේ අතරින් ඇතැමෙක් අන්තර්ජාලයට පිවිසෙන්නේ දඩයක්කාරයන් ලෙසිනි. සිය ගොදුරු ෆේස්බුකියට පිවිසෙන තෙක් ‍ඔවුහු කුරුමානම් අල්ලාගෙන සිටිති. ඇතැමෙකුගෙන් බේරී ෆේස්බුකියට පිවිසෙන්නට බැරිකම නිසා ඇතැමෙක් අන්ෆ්‍රෙන්ඩ් කර දමන්නට සිදු වූ අවස්ථා ද තිබේ.

යම් අසහනකාරී මානසිකත්වයන්ගෙන් පෙළෙන ගැහැනු ද අන්තර්ජාලයෙන් සිය ලිංගික ‍ෆැන්ටසි සොයා යති. බොහෝ කාන්තාවන් ෆේස්බුකියේ කරන්නේ තමන්ගේ පිංතූර දැමීම පමණි. ඒ දැමූ සැණින් ඒවා වයිරල් වේ. මාර ලස්සනයි, සෙක්සි ආදිය පමණක් නොව ඍජුව ලිංගික ආරාධනා පවා කරනු දක්නට ලැබේ. එහෙත්, දැන් දැන් මෙම ප්‍රවණතාවේ අඩුවක් තිබේ. මඳක් හෝ සක්‍රිය ෆේස්බුක් කාන්තාවන් සොයා මිතුරු ඉල්ලීම් ගලා එන්නේ තොග ගණනිනි.

රජය විසින් අන්තර්ජාලය පිළිබඳ නීති තද කිරීම ද මෙම වර්ධනයට ඉවහල් විය. ටයි දාගෙන මහත්වරුන් ලෙස රැකියා කරමින් ෆේස්බුකියේදී වනචාරීන් ලෙස හැසිරුණු ඇතැමෙකුට රැකියා අහිමි වූ අවස්ථා ද පසුගිය කාලයේ තිබිණි. දැන් බොහෝ අන්තර්ජාල කැෆේ ද අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම අධෛර්යය  කරන ආකාරයට සකසා තිබේ.

අන්තර්ජාලයේ සිය සැබෑ අනන්‍යතාවෙන් පෙනී සිටීම ද වර්ධනය වෙමින් තිබෙන ආකාරයක් නිරීක්ෂණය කළෙමි. කලින් වෙනත් නම්වලින් පෙනී සිටි අය දැන් සිය සැබෑ අනන්‍යතාව වෙත මාරු වෙමින් සිටිති. එපමණක් නොව, "අහවල් නමින් පෙනී හිටියේ මම. හී! හී!" කියමින් චූන් වන්නෝ ද හමු වෙති.

තවමත් බ්ලොග් අවකාශය නම් ව්‍යාජ අනන්‍යතාවන්ගෙන් පිරී තිබේ. තමන් ‍කරන අදහස් ප්‍රකාශ කිරීම් නිසා රජයෙන් හා වෙනත් අයගෙන් කරදර වේ යයි බියක් මේ පිටුපස තිබේ. රජය හොඳ යයි සහතිකයක් දෙන්නට බැරි වුණත්, මේ ව්‍යාජ අනන්‍යතා පිටුපස තිබෙන්නේ බියට වඩා වෙනත් කාරණයකි. ඒ තමන් කරන ප්‍රකාශයේ වගකීම් භාර ගන්නට තිබෙන බියයි. නැතිනම් නිදහසේ කුණුහරුප කියන්නට තිබෙන ආසාවයි.

අප මෙම බ්ලොගයෙහි නිර්නාමික අදහස් පළ කිරීම් කරන්නට දී තිබෙන ඉඩකඩ ඇතැමෙක් වෙනත් බ්ලොග්කරුවන්ට බැන වදින්නට ද භාවිතා කරන ආකාරය දක්නට ලැබේ.

පාසල් සිසුන් හා තරුණයින් බොහෝ දෙනෙක් ෆේස්බුක්හි කරන්නේ චැටි කිරීමයි. ඔවුහු ඉඳහිට තමන්ගේ පිංතූරයක් හෝ බැනරයක් වැනි දෙයක් ෂෙයා කරති. එහෙත්, බොහෝ කාලයක් ෆේස්බුක්හි ලොග් ඉන් වී සිටිනු දක්නට ලැබේ.

අන්තර්ජාලය හා ෆේස්බුක් වැනි සමාජ ජාලයන් වගකීමක් සහිත පුරවැසි අවකාශයන් බවට පත් කිරීම සඳහා අපට ද කළ හැකි දේ තිබේ. එකක් අන්තර්ජාලයේ සිටින වංචනිකයන් හඳුනාගෙන ඔවුන්ගෙන් හැකි තරම් ඈත් වීමයි. එවැන්නෙක් තමන්ගේ මිතුරු ලැයිස්තුවේ සිටින්නේ නම් පහසුවෙන් අන්ෆ්‍රෙන්ඩ් කළ හැකි ය.

අප වැනි දේශපාලනය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමට උත්සාහ කරන අයට තරාතිරම නො බලා ෆේස්බුක් මිතුරු ඉල්ලීම් පිළි ගන්නට සිදු වන මුත්, පෞද්ගලික ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යන අයට සැබෑ මිතුරන් පමණක් තම ගිනුමට ඇතුළත් කර ගැනීමට පුළුවන. තමන්ට මෙතරම් ෆේස්බුක් මිතුරන් සංඛ්‍යාවක් සිටින්නේ යයි උදම් අැනීම ‍තේරුමක් නැති දෙයකි. ෆේස්බුක් මිතුරෝ වනාහි බෙහෙවින් ම ව්‍යාජ පිරිසකි. සැබෑ මිතුරුකම් ඇත්තේ ස්පර්ශ ලෝකයේ ය.‍

W3Lanka -
Read more
අගනගරය වසා පුතාගේ ආසාවට ඉඩදෙන තාත්තාගේ රට

අරුණ ජයවර්ධන

ශ්‍රී ලංකාව කියන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජන-රජයක්ද නැතිනම් රජකුගේ රාජධානියක්ද? මේ ප‍්‍රශ්නය පැනනගින්නේ, හැම අවුරුද්දක්ම අවසානයේ කොළඹ අගනගරය අකර්මන්‍ය කොට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ වැඩිමහල් පුත‍්‍රයා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් ලක්‍ෂ්මන් රාජපක්‍ෂ නටන කොළඹ නයිට් රේස් සැණකෙළිය දිහා බලන විටය.

ජනාධිපතිතුමා කතාවට නම් කියන්නේ තමා ලංකාවේ භාරකාරයා මිසක අයිතිකාරයා නොවන බවය. එහෙත් ක‍්‍රියාවෙන් නම් පෙනෙන්නේ එතුමා රටේ අයිතිකාරයාම වන බවත්, ලංකාව රාජපක්‍ෂ පවුලේ නින්දගමක් බවත්, තම පුත‍්‍රයන්ට රටේ අගනගරය පවා බද්දට ගෙන සිත් සේ සැණකෙළි කෙළින්නට ජනාධිපති පියා විසින්ම ඉඩකඩ සපයාදී ඇති බවත්ය. පසුගිය 14, 15 දෙදින තුළ තුන්වැනි වරටත් කොළඹ පැවැති නයිට් රේස් එකෙන් ඒ බව නැවතත් තහවුරු වෙයි. ලංකාවේ පහළ වූ විධායක ජනාධිපතිවරු මේ වන විට පස්දෙනෙකි. මීට පෙර සිටි තුන් දෙනකුටමද පුත්තු සිටියෝය. එහෙත් ඒ කිසිම ජනාධිපතිවරයකු හෝ ජනාධිපතිවරියක හෝ තම පුත‍්‍රයන්ට රටේ අගනගරයේ පාරවල් වසාගෙන ජනජීවිතය අංශභාග කොට, රිසි සේ කෙළින්නට ඉඩ දුන්නේ නැත. එක්කෝ ඔවුන්ට එවැනි දෙයක් නොකර ඉන්නට විලිලජ්ජාවක් තිබුණේය. නැතිනම් හැදිච්චකමක් තිබුණේය.

කොළඹ කියන්නේ ලංකාවේ අගනගරයය. ඒ අගනගරයේ වැදගත්ම පදාසය අංශභාග කොට දින දෙකක් තිස්සේ තම පුත‍්‍රයාගේ නයිට් රේස් ආසාව වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් වෙන්කැරෙන්නේ තමන්ගේ හෝ පවුලේ හෝ සල්ලි වියදම් කරමින් නම් නොවේ. බදු ගෙවන ජනතාවගේ මුදල් හා රටේ සම්පත් යහමින් ඒ සඳහා යොදවමින් ය. ඒ වගේම, රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා අයකරගත යුතු බදු ලෝබ නැතිව කපාහරිමින්ය. කොළඹ නයිට් රේස් පවත්වන්නේ කාල්ටන් ක‍්‍රීඩා සමාජය විසිනි. එය ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂගේ පෞද්ගලික සංවිධානයකි. කලම්බු නයිට් රේස්හි නිල මාධ්‍ය මෙහෙයුම බෙදාගෙන තිබෙන්නේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආයතනයයි. ඒ යටතේ ක‍්‍රියාත්මක වන සිංහ එෆ්එම් ගුවන්විදුලිය හා සීඑස්එන් රූපවාහිනී නාලිකාවද ජනාධිපති පියාගේ රජයෙන් තම පුත‍්‍රයන්ට ලැබුණු තෑග්ගකි. සීඑස්එන් සඳහා ආණ්ඩුවෙන් විකාශන බලපත‍්‍රය නිකුත්කරන ලද්දේ 2011 මාර්තු 3වැනිදාය. එම මාර්තු 7වැනිදාම එහි විකාශය පටන්ගන්නා ලදි. ඒ රජයේ ආයතනයක් වන ස්වාධීන රූපවාහිනිය එතෙක් පවත්වාගෙන ආ ප‍්‍රයිම් ටීවී නාලිකාවේ අයිතිය හිමිකරගැනිීමනි. වර්තමානයේ සීඑස්එන්හි ප‍්‍රධානියා හැටියට කටයුතු කරන්නේ නාවික හමුදාවේ නිලධාරියකු වන ජනාධිපති දෙටු පුත් යෝෂිත කණිෂ්ක රාජපක්‍ෂ අනාගතයේ විවාහවන්නට නියමිත තරුණියයි. ඇය සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකාගේ මිණිබිරියකි.

පුතා වෙනුවෙන් නීති වෙනස්කිරීම

පුත‍්‍රයාගේ කොළඹ නයිට් රේස් සඳහා රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පහසුකම් සැලසෙන පළමුවැනි ක‍්‍රමය වන්නේ ඒ සඳහා අවශ්‍ය අධිවේගී රේසිං මෝටර් රථ ලංකාවට ගෙන්වීමට අවශ්‍ය නීතිමය නිදහස අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ජනාධිපති පියා විසින්ම ලබාදීමෙනි. එය කරන්නේ රේසිං කාර් ලංකාවට ගෙන ඒමට නම් ලබාගතයුතුයැ’යි ඊට පෙර නීතියෙන් නියම කර තිබුණු බලපත‍්‍රය ‘දැන් අනවශ්‍යයැ’යි ඉවත්කිරීමෙනි. එලෙස බලපත‍්‍රයක් අවශ්‍යයැ’යි කියන අතිවිශේෂ ගැසට් පත‍්‍රය ප‍්‍රසිද්ධ කර තිබුණේ 2013 ජුනි මස 5 දින අංක 1813/14 හැටියටය. කොළඹ නයිට් රේස්වලට ඔන්න මෙන්න තිබියදී 2013 නොවැම්බර් 21වැනි දින අංක 1837/41 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය නිකුත්කරමින් රේසිං කාර් ලංකාවට ගෙන්වීමට බලපත‍්‍රයක් අනවශ්‍යයැ’යි නියම කොට ජනාධිපතිවරයා, තමා විසින්ම තම පුත‍්‍රයාට ඒ අවශ්‍යතාව ඉටුකරදෙයි. ඒ අනුව, බලපත‍්‍රයකින් තොරව රේසිං කාර් රිසි සේ ලංකාවට ගෙන්වන්නට කාල්ටන් ක‍්‍රීඩා සමාජයටත් කොළඹ නයිට් රේස් පදින්නට බලාපොරොත්තුවන රටේ ප‍්‍රභූ සමාජයේ අන් අයටත් අවසරය ලැබිණි.

ජනාධිපතිතුමා තමන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් රටේ නීති වෙනස්කරන්නට වුවත් නොපැකිළෙන බවට මේ එක් උදාහරණයක් පමණකි. තව උදාහරණ තිබේ. මීට පෙර සිය වැඩිමහල් සහෝදර කතානායක චමල් රාජපක්‍ෂගේ පුත‍්‍රයාට කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර දරමින්ම ඌව පළාත් ප‍්‍රධාන ඇමැති ධුරය ද දැරීමට හැකිවන පරිදි විහාර හා දේවාලගම් ආඥාපනත වෙනස් කර දුන්නේද ජනාධිපති සුළු පියා විසිනි. විහාර හා දේවාලගම් පනතේ 14 වැනි වගන්තියට අනුව පළාත්පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එම පනත යටතේ ගැනෙන දේවාලවල බස්නායක නිලමේ තනතුර දැරිය නොහැකිය. ජනාධිපතිවරයා කළේ, 2009, අංක 1614/30 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් කතරගම දේවාලය විහාර හා දේවාලගම් ආඥාපනතේ 14 වැනි වගන්තියේ විධිවිධානවලින් ඉවත්කිරීමයිෟ (වැඩි විස්තර සඳහා කියවන්න, පුත‍්‍ර සමාගම, ලසන්ත රුහුණගේ, රාවය ප‍්‍රකාශන, 2010.)

පාර වැහුවාම මොකෝ

ඊළඟට ධාවන පථය සැකසීම අවශ්‍යය. නයිට් රේස් සඳහා ධාවන පථය සැකසෙන්නේ කොළඹ අගනගරයේ හදවත වැනි ප‍්‍රදේශ අවුරාලමිනි. පැරණි පාර්ලිමේන්තුව (දැන් ජනාධිපති ලේකම් කාර්යාලය) ඉදිරිපිටින් පටන්ගන්නේයැ’යි සිතුවොත්, එම ධාවන පථය ජනාධිපති මාවත දිගේ රජගෙදර පැත්තට ගොස්, අතරමැදින් ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට හා ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති ලංකා බැංකු මාවතේ ගොස්, වමට හැරී යෝක් වීදිය හරහා යමින් නැවතත් දකුණට හැරී කොටුව පැත්තට සීටී ඕ හන්දිය දක්වා දිවගොස් එතැනින් දකුණට හැරී පහළ චැතැම් වීදිය, රීගල් වටරවුම පැත්තට ලෝටස් පාර දිගේ (ගලධාරි හෝටලය පිහිටා ඇති පාර) පැරණි පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිටින් වමට හැරී ගෝල්ෆේස් මැද පාර දිගේ ගොස් ටාජ් සමුද්‍රා හෝටලයට මෙපිටින් නැවත හැරී පැමිණ පැරණි පාර්ලිමේන්තුව ළඟින්ම අවසන්වෙයි. මේ පාරවල් වෙන්කර තිබුණේ කාර් රේස් ධාවන පථය සඳහාය. මේ පාරවල ප‍්‍රභූ ඇත්තන්ට කාර්රේස් පැදීමට බාධාවක් නොවනු පිණිස එම පාරවලට ඇතුළුවන සෑම මංසන්ධියක්ම හා පාරක්මද වසා කිසිදු වාහනයකට හෝ පුද්ගලයකුට ඒ ප‍්‍රදේශයට පිවිසීම තහනම් කර තිබිණ. ඒවා නම්, ගෝල් ෆේස් වටරවුමේ සිට කොටුව පැත්තට මහාමාර්ගය, රීගල් වටරවුමේ සිට කොටුව පැත්තට මහාමාර්ගය, චෛත්‍ය පාරේ සිට කොටුව පැත්තට මහා මාර්ගය, ඛාන් ඔරලෝසු කණුවේ සිට කොටුව පැත්තට මහාමාර්ගය, ඕල්කට් මාවතේ සීනෝර් හන්දියේ සිට කොටුව පැත්තට මහාමාර්ගය යනාදියයි. කොළඹ අගනගරයේ සිතියමක් අතට ගෙන මේ ප‍්‍රදේශ සලකුණු කළහොත් එහි වපසරිය කෙතෙක්දැ’යි වටහාගත හැකි වනු ඇත. තරගය පැවැති දින දෙකෙහිදී සවස තුනෙන් පසු මේ මාර්ග හරහා යන සියලූ පෞද්ගලික වාහන මෙන්ම මගී බස්රථද වෙන මාර්ගවලින් හරවා යවන ලදි. විවිධ හේතු මත කොළඹ නගරයට ඇදී එන අති විශාල සාමාන්‍ය පන්තියේ ජනතාවට මේ පාරවල් වැසීම නිසා සිදුවූ අවහිරය ගණන් තැබිය හැක්කේ කෙසේද? (එහෙත්, සරසවි සිසුන් සිය ඉල්ලීම් සඳහා පාගමනක් යන නිසා සිය ගමන පරක්කු විණැ’යි මූලික අයිතිවාසිකම් නඩු දමන, මාධ්‍යවලට ‘වොයිස් කට්’ දෙන මිනිසුන් සිටින මේ රටේ ජනාධිපති පුත‍්‍රයාගේ පෞද්ගලික ආසාව නිසා සිදුවන මහා අවහිරයට විරෝධය පාන්නට මහජනතාවගෙන් කිසිවකු නොමැතිවීම ආශ්චර්යයකි.)

රණවිරුවන්ගෙන් වැලිකොට්ට

ආරක්‍ෂාව තහවුරු කරනු සඳහා මේ ධාවන පථයේ මුළු දිගටම වැලිකොට්ට එක පිට එක අතුරා කි්ලෝමීටර් ගණන් දිග ප‍්‍රාකාරයක් තනන ලදි. එලෙස වැලිකොට්ට ඇතිරීම සඳහා යොදාගන්නා ලද්දේ ශ‍්‍රී ලංකා හමුදාවේ සෙබළුන්ය. මීට පෙර රණවිරුවන් ලෙස හැඳින්වුණු ඔවුන් පසුගිය දිනවල නාමල් රාජපක්‍ෂ මහතාගේ කාර් රේස් ආසාව වෙනුවෙන් මහ දවාලේ ගිනි අව්වේ, මඟ දිගේ වැලිකොට්ට අතුරමින් සිටිනු දැකගන්නට ලැබිණි. රටේ ආරක්‍ෂක ඇමැතිවරයාද, සන්නද්ධ හමුදාවල අණදෙන්නාද, සේනාධිනායකයාද වන ජනාධිපතිතුමා තමාගේ පුත‍්‍රයාගේ සුපිරි ආසාව ගැන ආඩම්බරයට පත්වී තමා යටතේ සිටින හමුදාවල සෙබළුන් වැලිකොට්ට ඇතිරීම සඳහා යොදවන්නට අවසර දෙන්නට ඇති බවට සැකයක් නැත. අනෙක් අතට, එම අමාත්‍යාංශය භාර ලේකම්වරයාද නාමල් රාජපක්‍ෂ මහතාගේ සුළුපියා වන කල කාර්යය තවත් පහසුය.

විවේක කාල දෙකක්ම

කාර් රේස් පැවැති දෙසැම්බර් 14 සෙනසුරාදා සහ 15 සෙනසුරාදා සවස 3න් පසු ඉහත දැක්වූ අතිවිශාල ප‍්‍රදේශය මුළුමනින්ම වසා දමන ලද්දේ පොලිසිය විසිනි. පොලිසිය ද ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපතිතුමා යටතේ නිසා ඒ සඳහා අණ නිකුත්කිරීමද පහසුය. තරග පැවැත්වුණු දින දෙක පුරාම අතිවිශාල පොලිස් බලඇණියක් ඒ ප‍්‍රදේශයෙහි සේවයේ යොදවා තිබිණ. සාමය රැුකීමකට නොවේ. කොළඹ නයිට් රේස් සැණකෙළියට ආරක්‍ෂාව දීම සඳහාය. මේ සා විශාල පොලිස් බලඇණියක දීමනා, කෑමබීම, ප‍්‍රවාහන ආදී වියදම් මහජන බදු මුදලින් අපේ පොකට්ටුවෙන් ගෙවන තත්ත්වයක් යටතේ රාජපක්‍ෂ ආණ්ඩුවට ඒ ගැන ලොකු බරක් නැතිවීම ගැන අප සතුටට පත්විය යුතුය. 14 දින මූලික තෝරාගැනීම් තරග වට පැවැත්වුණු අතර 15වැනිදා අවසාන තරග වට පැවැත්විණි. දින දෙකේ සවස තුනට පෙර මේ ප‍්‍රදේශවල ජීවත්වන ජනයාද, කාර්යාලවල වැඩකරන ජනයාද, අවශ්‍යතාවන්ට කොළඹ අගනගරයට එන ජනයාද, ස්ථිර වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන ජනයාද, එදා එදා පාරේ වෙළහෙළඳාමක් කරගෙන දවසට කීයක් හරි උපයාගන්නා ජනයාද, ඒ අවට ඇති තරු හෝටල්වල නවාතැන්ගෙන සිටින, උත්සවවලට සහභාගිවන ජනයාද සියලූ වැඩ අත්හැර තහනම් ප‍්‍රදේශයෙන් වහා ඉවත්විය යුතු විය. එසේ යන්නට බැරිවුණු මේ හුදී ජනයාට ප‍්‍රදේශයෙන් ඉවත්වීමේ හෝ තම නිවෙස් ඇතුළට වැදීමේ පහසුව පිණිස පොලිසිය පැය භාගය බැගින් දෙවරක් මාර්ගය විවෘතව තැබීමේ ‘විවේක කාල’ දෙකක් ලබාදීමට කාරුණික විය. එනම් සවස 7 සිට 7.30 දක්වාත්, රාත‍්‍රී 9.15 සිට 9.45 දක්වාත් ය.

විදුලි බිලත් අපිට

තරග පැවැත්වුණු දින දෙක පුරාම මේ සියලූ ප‍්‍රදේශ දෙව්ලොව සිරි ගන්නා පරිදි විදුලි ආලෝකයෙන් ඒකාලෝක කොට තිබිණි. ඒ සඳහා ජාතික විදුලිබල පද්ධතියෙන් කොපමණ විදුලිය ශක්ති ප‍්‍රමාණයක් වැයවූවාදැ’යි දැනගැනීම අවශ්‍ය නොවන්නේ ඒ සියලූ විදුලි බිල් සඳහා යන වියදම කෙතරම් වුවත් ජනාධිපතිතුමාගේ පුත‍්‍රයාගේ ආසාව වෙනුවෙන් තමන්ගේ සාක්කුවෙන් මගින් ගෙවාදැමීමට දැනටමත් එක් අයකු රුපියල් ලක්‍ෂ තුනකට වැඩියෙන් ණය බරක් දරා හුරුපුරුදු රටේ කෝටි දෙකක්වූ මහජනතාව කැමැත්තෙන්ම පේවී සිටින නිසාය.

මහ ඇමතිත් පැනලා දෙනවා නම්

ඊළඟට ජනාධිපති පුත‍්‍රයාගේ මේ විනෝදයට පැනලා දුන්නේ බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංගය. ඔහු මේ නයිට් රේස් කෙළිය මුළුමනින්ම කොළඹ නගර සභාවේ විනෝද බද්දෙන් නිදහස් කරන්නට නියෝග කළේ පිය රජු හා පුත් කුමර සෙනෙහසට ගරුකිරීමක්ද, තම අන්තේවාසිකකම පෙන්වීමේ පියවරක්ද වශයෙනි. කොළඹ නගරය තුළ ටිකට් පත් අලෙවි කරමින් පවත්වන සෑම සැණකෙළියකින්ම, සංදර්ශනයකින්ම, කී‍්‍රඩා තරගයකින්ම 10%ක මුදලක් විනෝද බද්ද වශයෙන් කොළඹ මහ නගර සභාව අයකරගත යුතුය. බදු වශයෙන් ලැබෙන ඒ මුදල යොදවන්නේ නගරයේ වසන්නන්ට පහසුකම් සැලසීම සඳහාය. තරග නැරඹීම සඳහා දේශීය හා විදේශීය නරඹන්නන් ලක්‍ෂයක පමණ පිරිසක් පැමිණේවියැ’යි බලාපොරොත්තු වන බව සංවිධායකයෝ පැවසූහ’යි පසුගිය ඉරිදා සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. කෙසේ වෙතත් ඒ පිරිස සඳහා රුපියල් 5,000 ටිකට් 300ක්ද, රුපියල් 2,000 ටිකට් 14,000ක්ද, රුපියල් 500 ටිකට් 600ක්ද, රුපියල් 100 ටිකට් 50,000ක්ද සූදානම් කර ඇති බව කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ්හි ලේකම් ජාලිය ජයසේකර පසුගිය රාවයට පවසා තිබිණි. මේ ටිකට්පත් සියල්ලම විකිණිනියැ’යි සැලකුවහොත් ලැබිය යුතු ආදායම රුපියල් තුන්කෝටි හතළිස් අටලක්‍ෂයකි. ඉන් සියයට 10ක විනෝද බද්ද රුපියල් තිස්හතර ලක්‍ෂයකි. මහඇමති ප‍්‍රසන්න රණතුංගට ඕනෑම සංදර්ශනයකින්, සැණකෙළියකින්, තරගයකින් මේ විනෝද බද්ද අයනොකරගත යුතුයැ’යි මහඇමති හැටියට නියෝග කළ හැකිය. එහෙත් එය අත්තනෝමතික බලයක් නොවේ. ඒ සඳහා සාධාරණ හේතුවක් දැක්වීම අවශ්‍යය. කිසියම් තරගයක් හෝ සංදර්ශනයක් පවත්වන්නේ එයින් ලැබෙන මුදල් කිසියම් සුබසාධන කටයුත්තක යෙදවීමට නම් ඒ සඳහා වන විනෝද බද්ද කපාහැරීමට හෝ සුදුසු නියමයක් කිරීමට මහඇමතිට නීත්‍යනුකූල හා සාධාරණ වශයෙන් ඉඩ තිබේ. එහෙත් කාල්ටන් කොළඹ නයිට් රේස්වලින් (රටේ මහජනයා බලවත් පීඩනයකට පත්කිරීමම මිස)සිදුවන මහජන සුබසාධනය කුමක්ද? අනෙක් අතට නයිට් රේස් නිසා කොළඹ සිදුවූ අංශභාග තත්ත්වයද සලකන විට ප‍්‍රසන්න රණතුංග මහඇමැතිගේ පැනලා දීම මුළුමනින්ම නීතිවිරෝධී, සදාචාර විරෝධී පමණක් නොව මහජන සුබසාධන විරෝධී ය. එපමණක් නොව, එමගින් කොළඹ නගර සභාවට ලැබිය යුතු මුදලක් ලැබීම හිතාමතාම වළක්වාලීමෙන් නීතියෙන්ම වරදක් වන කොළඹ නගර සභාවට අයුතු අලාභයක් ද මහඇමතිවරයා සිදුකර ඇත්තේය. පසුගිය වසරේ පැවති කොළඹ රාත‍්‍රී මෝටර් රථ ධාවන සැණකෙළියද බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග විසින් විනෝද බද්දෙන් නිදහස් කළ අතර කොළඹ පොලිස් ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිතව ඊට පෙර පැවති කාල්ටන් රගර් සැණකෙළියද මහඇමති විසින් මෙලෙසම විනෝද බද්දෙන් නිදහස් කර තිබේ. මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ පුත‍්‍රයාගේ කාර් රේස් ආසාව වෙනුවෙන් රටේ දින දෙකකම සවස් වරුවත්, කොළඹ අගනගරයේ අතිවිශාල ප‍්‍රදේශයකුත්, මහජනතාවගේ බදු මුදලූත් රිසි සේ කාබාසිනියා කරන්නට මහඟු අවස්ථාවක් උදාකිරීම ගැන මේ රටේ හුදී ජනතාව රාජපක්‍ෂ ආණ්ඩුවට නිවන් සුව පැතිය යුතුය.

දේශපාලන බලහත්කාරය මත කළ දෙයක් - මුජිබර් රහුමාන් (බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී)
කොළඹ නගර සභාවේ එක ආදායම් මාර්ගයක් තමයි විනෝදාංශ බද්ද. එයින් අයකරගන්න මුදල් යොදවන්නේ කොළඹ නගරයේ දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවන්ට හා ප‍්‍රජාවගේ ප‍්‍රජා කටයුතුවලටයි. නගරය තුළ විනෝදාත්මක කටයුතුවලට අලෙවි කරන ටිකට් එක පිටිපස්සේ නගර සභාවේ සීල් එක තියෙන්න ඕනෑ. සීල් එක නැතිව විනෝද කටයුතුවලට කොළඹ නගරය තුළ ටිකට් අලෙවි කිරීම තහනම්. මේ රේස් ටිකට්වල නගර සභා සීල් එක නැහැ. එතකොට කෝටි ගානක මුදල් හම්බකරන්න කරපු මේ රේස් එකට කොළඹ නගර සභාවේ අනුමැතියකින් තොරවයි ටිකට් විකුණලා තියෙන්නේ. ඒ නිසා නයිට් රේස් කියන්නේ දේශපාලන බලය උඩ බලහත්කාරකමින් කළ දෙයක්. රේස් තිබුණු දවස් දෙකේම කොළඹ නගරයේ ජීවත්වන කාටවත් කොටුවට එන්න බැහැ. ඒ පැතිවල හිටපු ව්‍යාපාරිකයන් සවස එකහමාර දෙක වෙනකොට තමන්ගේ වෙළඳ කටයුතු අවසන් කරලා කඩවල් වහලා පිටමං වෙන්න ඕනෑ. තරුපහේ හෝටල ඉස්සරහා වැලිකොට්ට ගොඩවල් ගහලා ඒවායේ කටයුතුවලටත් බාධා කළා. හමුදාව තමයි වැලිකොට්ට ගැහුවේ. පෞද්ගලික ක‍්‍රීඩා සමාජයකින් කරන රේස් එකකට හමුදාවේ කට්ටිය වැලිකොට්ට ගොඩගහන්නේ මොකටද? කලම්බු නයිට් රේස් කියන්නේ ප‍්‍රජාසත්කාරයක්ද?

ravaya -
Read more

Popular Posts

Popular Posts