Header Ads

නෙත්තිකුමාරිය සහ හුළං කුමාරයා

එකෝමත් එක රටක රජ කෙනෙකු ජීවත් විය. ඒ රජතුමාට බිසවක් විය. ඒ දෙපළට දූ කුමාරියක් ලැබිණ. උපන් දින සාදයට ආරාධනා නොලත් නපුරු සුරංගනාවියකගේ ශාපය නිසා ඉදිකටුවක් අතේ ඇනීමෙන් කුමරිය තද නින්දකට පිවිසුණාය. ඒ සමගම රජතුමා, බිසව ඇතුළු සමස්ත රාජධානියම නින්දට පත් විය. මායාකාරියගේ ශාපය අවසන් කර නිදි කුමරිය සහ රාජධානිය නින්දෙන් අවදි කරන ලද්දේ වසර ගණනකට පසු මාළිගයට ඇතුළු වී කුමරියගේ දෙතොල් සිපගත් කුමාරයකු විසිනි. ඉක්බිති කුමරා විසින් කුමරිය විවාහ කර ගත් අතර ඉක්බිති සියල්ලෝම සතුටෙන් ජීවත් වූහ.

මෙයට සමාන සිදුවීමක් ලංකාවේද සිදු වී ඇති බව අද දිවයින පත්‍රයට එහි කර්තෘ මාණ්ඩලිකයෙකු වන සිරිමෙවන් කස්තුරිආරච්චි විසින් ලියන ලද ලිපියකින් හෙළි වේ. ජනාධිපතිතුමාගේ අතේ ඉදිකටුව ඇනීමෙන් පසු එතුමා ඇතුළුව මාධ්‍යවේදීන්ද සමග මුළු මහත් ජාතියම තද නිද්‍රාවකට වැටී තිබී ඇත. ඒ නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නම් ස්ථානය අරා වැඩ සිටි ලක්ෂ්මන් හුළුගල්ල යනු කවුරුන්දැයි සියළු දෙනාටම අමතක වී ගියේය. අන්තිමේදී ජාතියේ පිනට පහළ වූ නෙත්ති කුමාරියගේ චුම්බනයක් හේතුවෙන් සියළු දෙනාටම ඇහැ ඇරුණු අතර ලක්ෂ්මන් හුළුගල්ල යනු කවුරුන්දැයි මාධ්‍යවේදීන්ට අවබෝධ වී ඇත.

ඒ අනුව මෙතෙක් මහින්ද චින්තන ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය හසුරුවමින් ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ දෙවන බලවතා වශයෙන් කටයුතු කළ හුළුගල්ල මහතා ආර්. ජයවර්ධනගේ යූ.ඇන්.පී  ආණ්ඩුව යටතේ මහවැලියේ දුෂණ වංචා ගණනාවකට සම්බන්ධ වී, අද වනවිට සමහරුන් විසින් පොදු අපේක්ෂිකාව බවට පත් කිරීමට අර අඳින චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේ කුප්‍රකට චැනල් නයින් ගණුදෙනුව පසු පස සිටි පුද්ගලයා බවට සිරිමෙවන්ට මතක් වී ඇත.  මේ සියල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ලක්ෂ්මන් හුළුගල්ල මහතා නිකංම නිකං හුලා බවට පත් වී ඇත.

සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න

රට වට බැඳි රන් වැට

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය හිටි හැටියේම අහෝසි කර දැමීමට රජය ගත් පියවර එක්‌තරා අන්දමක ආන්දොaලනාත්මක සිදුවීමක්‌ ලෙස සැලකිය හැක.

නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයුම් පැවැති සමයේ ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීම සහ එල්.ටී. ටී.ඊ. ය විසින් ගෙන ගිය හමුදා විරෝධී අසත්‍ය ප්‍රචාරයන් නිවැරැදි කර නිසි පිළිතුරු සැපයීම වැනි සේවයක්‌ සැලසූ එම මාධ්‍ය මධ්‍යස්‌ථානය යුද්ධය අවසන් වූ පසුවද වසර 4 1/2 ක්‌ වැනි කාලයක්‌ තවදුරටත් ක්‍රියාත්මකව තිබියදී ඉකුත් 01 වැනිදා මෙම හදිසි අහෝසි කිරීම සිදුවිය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය ආරම්භයේ සිට එහි අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ලක්‍ෂ්මන් හුළුගල්ල මහතාගේ එම තනතුර ද ඒ අනුව අහෝසි විය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය හෙවත් MCNS නමින් හැඳින්වූ එම මධ්‍යස්‌ථානයෙන් එකල ප්‍රධාන වශයෙන් සිදුවූයේ මාධ්‍ය සාකච්ඡා සඳහා මාධ්‍යවේදීන් එම ස්‌ථානයට ගෙන්වා ගැනීමය.

ඒ සඳහා ඔවුන් භාවිතා කළ ක්‍රමවේදය වූයේ අසවල් දින අසවල් වේලාවට අසවලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වේ. කරුණාකර එයට ඔබ ආයතනයේ මාධ්‍යවේදියකු සහභාගි කරවන්න යනුවෙන් එවන µeක්‌ස්‌ පණිවිඩයයි.

ඒ අනුව එකල ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා පිරිවරා ගත් හමුදා ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා වත්මන් ආරක්‍ෂක තත්ත්වය මාධ්‍යවේදීන්ට පැහැදිලි කිරීම සිදු කළේය.

එහිදී ලක්‍ෂ්මන් හුළුගල්ල මහතාට හිමිවූයේ අද්විතීය ස්‌ථානයකි. සියල්ල සිදුවූයේ ඔහුගේ ප්‍රමුඛත්වයෙනි.

එසමයෙහි සැවොම ඔහුගේ යටත්වැසියෝ වූහ. පසුකලෙක ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය බවට ව්‍යාප්ත වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පසුව සිටි සුපිරි බලවතා ලෙස පෙනී සිටි ඔහුගේ අණසකට මාධ්‍යවේදීන් පමණක්‌ නොව ආරක්‍ෂක හමුදා ප්‍රධානීහු පවා යටත් වූහ. එය සත්‍යයකි.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිදුවන සියලු මාධ්‍ය කටයුතු සිදු වූයේ හුළුගල්ලේ මහතාගේ උපදෙස්‌ සහ මෙහෙයවීම මතය. ඒ නිසා ආරක්‍ෂක අංශ පමණක්‌ නොව රජයට කඩේ යන මාධ්‍යවේදීහු පවා ඔහුට බිය වූහ.

ඒ නිසාම හුළුගල්ල මහතා යනු එක්‌සත් ජාතික පාක්‍ෂිකයකුව සිට පසුව චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට සමීප වී සුප්‍රකට ව්‍යාපාර ගනුදෙනුවලට චෝදනා එල්ල වූ වාසි පැත්තට හෝයියා කියන චරිතයක්‌ බව සියල්ලන් විසින්ම අමතක කරන ලදී.

කෙසේ වෙතත් ඔහුගේ ව්‍යාපාරික හා අවස්‌ථාවාදී දේශපාලන පිළිවෙත අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සමීපව එමගින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේද හිත දිනාගනිමින් වත්මන් රජයේ අති ප්‍රබලයකු බවට පත්විය.

වාසි පැත්තට හෝයියා කියන දෙබිඩි චරිතවලට රෙද්ද අස්‌සේ හොවාගෙන "කනවෝ කනවෝ" යෑයි කියන්නට ඉඩ නොතබා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ යුද. නාවික, ගුවන්, පොලිස්‌, සිවිල්, ආරක්‍ෂක, ජාතික ශිෂ්‍ය භට, වෙරළාරක්‍ෂක බළකායන් ඇතුළු සමස්‌ත ආරක්‍ෂක හමුදා ආයතනයන්හි ප්‍රධානීන් කුඩු කෑවුන්ගේ තත්ත්වයට පත් වීමට පෙර මෙසේ සත්‍ය තත්ත්වය හෙළිදරව් වීම ජාතියේම වාසනාවකි.

එසේ හෙළිදරව් නොවිනි නම් මෙම සියලු චෝදනා සහ අපවාද බැර වනුයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ ගිණුමට බව නිසැකය.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ 63 වැනි සංවත්සරය මෙම මස 09 වැනිදාට යෙදී ඇත. "රට වට බැඳි රන්වැට" යන විරුදාවලිය ලැබූ නාවික හමුදාවේ ඉතිහාසය සැකෙවින් මෙසේය.

1937 පෙබරවාරි මස 12 වැනි දින ස්‌වෙච්ඡා නාවික සේනාංකය ලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා නාවික හමුදාව 1938 පෙබරවාරි මස 01 වැනි දින නාවික හමුදාවක්‌ ලෙස පිහිටුවීමේ ප්‍රවිෂ්ටයක්‌ ලබා ගන්නා ලදී. 1938 ඔක්‌තෝබර් මස 21 වැනි දින ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු බඳවා ගැනීමත් සමගම දේශීයයන්ගෙන් සමන්විත නාවික හමුදාවක්‌ බිහි විය. 1939 වසරේදී නිලධාරීන් 08 දෙනකු සහ නාවිකයන් 50 දෙනකුගෙන් සමන්විත වූ ස්‌වෙච්ඡා උපසේවයක්‌ පිහිටුවන ලද අතර 1941 වර්ෂයේදී එය රාජකීය ලංකා ස්‌වෙච්ඡා නාවික හමුදාව බවට පත් කරන ලදී.

1948 පෙබරවාරි 04 වැනි දින නිදහස ලැබීමෙන් පසුව පෙරට වඩා ශක්‌තිමත් ඉසව්වක්‌ කරා ගමන් කිරීමට නාවික හමුදාවට සිදු විය. 1950 දෙසැම්බර් මස 09 වන දින රාජකීය ලංකා නාවික හමුදාව බිහි වූයේ රාජකීය ලංකා ස්‌වෙච්ඡා නාවික හමුදාව හා රාජකීය ලංකා නාවික ස්‌වෙච්ඡා උපසේවය ඒකාබද්ධ කිරීමෙන් අනතුරුවය. මෙලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රමිකව වර්ධනය වෙමින් තාක්‍ෂණික හා වෘත්තීය නිපුණත්වයෙන් පරිපූර්ණ වෙමින් වර්තමානයේදී ලෝකයේ නාවික හමුදාවන් අතර ඉහළ තලයකට පැමිණ ඇත. මෑත ඉතිහාසයේ නාවික යුද අත්දැකීම් ලැබූ ලොව ඇති එකම නාවික හමුදාව ද ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

මානුෂීය මෙහෙයුම් සමයේදී ත්‍රස්‌තවාදීන්ගේ පාවෙන අවි ගබඩාවන් බඳු වූ ඈත දියඹේ යාත්‍රා කළ ත්‍රස්‌තවාදී නෞකා සමූහය තම සීමිත සම්පත් උපයෝගී කොට විනාශ කර විශ්වකීර්තියට පත් ශ්‍රී ලංකා නාවික හමුදාව LTTE අවි ආයුධ සැපයුම් මාර්ග සම්පූර්ණයෙන්ම අඩාලකොට මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණය සඳහා සෘජුවම දායක විය. කුඩා යාත්‍රා සංකල්පය ලොවට හඳුන්වාදෙමින් මුහුදු ත්‍රස්‌තවාදීන් විමතියට පත් කරමින් ලබාගත් ජයග්‍රහණ නිසා ලෝකයේ බොහෝදෙනාගේ අවධානය දිනා ගැනීමටද ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. රට ජාතිය බේරා ගැනීමේ උදාරතර කර්තව්‍යයේදී අභීත නාවික විරුවන් 734 දෙනකු සිය ජීවිත මව්බිම වෙනුවෙන් පරිත්‍යාග කර ඇති අතර, 368 දෙනෙක්‌ සටනේදී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්ව ඇත.

උදා කරගත් සාමයේ ප්‍රතිලාභ මහජනතාවට භුක්‌තිවිඳීමේ අවකාශ සලසාදෙමින් අද ශ්‍රී ලංකා නාවික හමුදාව වර්තමාන නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත්a කොළඹගේ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ ස්‌වකීය විශේෂඥ දැනුම, සම්පත් සහ ශ්‍රමය ජාතිය ගොඩනැගීමේ මහා කර්තව්‍යයට සෘජුවම ලබාදෙමින් සිටියි. එමෙන්ම විවිධ ප්‍රජා සත්කාරක සේවාවන්a ආරම්භ කිරීමටත් නාවික හමුදාව ක්‍රියාකරමින් සිටින අතර, එසේ සිදු කළා වූ සංවර්ධන ව්‍යාපෘතීන් අතර, සංචාරක කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සංචාරක නිකේතන, අවන්හල් සහ සංචාරක බෝට්‌ටු සේවා වැනි ව්‍යාපෘතීන් රාශියක්‌ද ආරම්භ කර ඇත.

අවංකත්වයෙන්, විනයෙන්, නීතිගරුක බවින් හා වෘත්තීය නිපුණත්වයෙන් පරිපූර්ණව පළමුව - දෙවනුව හා තෙවනුවත් "මගේ රට" යන උදාර සංකල්පය මත "රට වට බැඳි රන් වැට" ලෙස එදා මෙන් අදත් අද මෙන් හෙටත් ශ්‍රී ලංකා නාවික හමුදාව මව්බිම රැක ගැනීමට කැපවී සිටී.

මේ අතර මෙරට සංචාරයක නියුතු මහජන චීන සමූහාණ්‌ඩුවේ යුද හමුදා නියෝජිත පිරිස පසුගිය 21 දින ශ්‍රී ලංකා අරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මුණගැසිණි.

මහජන චීන සමූහාණ්‌ඩුවේ නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් වෑන්ග් ගුවාන්ස්‌හෝaං මහතාගේ ප්‍රධානත්වයෙන් සපැමිණි මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිටින මහජන චීන සමූහාණ්‌ඩුවේ තානාපති වූ ජියෑංහෝ මහතා විසින් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී වෙත හඳුන්වා දෙන ලදී.

ජෙනරාල් ජයසූරිය මහතා හා මෙම නියෝජිත පිරිස අතර සිදුවූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සමග මනා සහයෝගයකින් යුතුව විවිධ අංශයන්ගෙන් එක්‌ව වැඩ කටයුතු කළ හැකිබව පෙන්වා දුන් වෑන්ග් ගුවාන්ස්‌හෝං මහතා යුද්ධය පැවැති කාලය තුළදී හා යුද්ධයෙන් අනතුරුව සාමය ස්‌ථාපිත වීමෙන් පසුවද චීනය විසින් නිරතුරුවම ශ්‍රී ලංකාවට සිය උදව් උපකාර ලබා දුන් බවද ඉදිරියටත් එය එසේම සිදු කරන බවත් මෙහිදි ප්‍රකාශ කර සිටියේය.

චීනයේ ඇති යුද හමුදා පුහුණු මධ්‍යස්‌ථාන 63 න් 23 කම ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවල හමුදා සාමාජිකයන්ට පුහුණුව ලබාදෙන බව පැවසූ ගුවාන්ස්‌හෝං මහතා ඉදිරියේදී චීන ආරක්‍ෂක අධිකාරියේ උපදෙස්‌ මත ඒ සඳහා බඳවා ගනු ලබන ශ්‍රී ලාංකික සාමාජිකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීම සඳහා පියවර ගනු ලබන බව ද මෙහිදී සඳහන් කර සිටියේය. එසේම ත්‍රස්‌තවාදී කටයුතු මැඬලීම සඳහා ශ්‍රී ලාංකික හමුදාව විසින් දක්‌වන ලද උසස්‌ වෘත්තීය නිපුණතාව හා දක්‍ෂතාව මෙහිදී චීන නියෝජිත පිරිසේ ඇගයීමට ලක්‌ විය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජෙනරාල් ජගත් ජයසූරිය මහජන චීන සමූහාණ්‌ඩුව විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් කෙරේ දක්‌වන උනන්දුව හා ඇගයීම පිළිබඳව මෙහිදී සිය ස්‌තුතිය පුද කර සිටි අතර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අප හමුදාව ඉදිරියේදීත් කැපවී සිය සේවාවන් ලබාදෙන බව ද මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

මේ අතර මෙම සතියේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක්‌ ලෙස නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයුම්වලදී වීර වික්‍රමයන් පෑ යුද හමුදා කමාන්ඩෝ රණවිරුවන් හට වීර ක්‍රියා පදක්‌කම් පිරිනැමීමද සැලකිය හැක.

මානුෂීය මෙහෙයුමේදී මව්බිම වෙනුවෙන් දිවි පිදූ කමාන්ඩෝ රණවිරුවන්ට ද රණශූර පදක්‌කම් පිරිනැමූ අතර, මියගිය රණවිරුවන්ගේ ඥතීන් විසින් ඒවා ලබාගත් අවස්‌ථාව ඉතා හැඟුම්බර සංවේදී දසුනක්‌ විය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

1 comment:

  1. අචාර්ය ගාමිනි උයන්ගොඩDecember 13, 2013 at 1:32 AM

    මේ වෙසිට එක පය්යකින් කාල මදි වෙලා. සල්ලි තියෙන නිසා හොර සුදු පොලෙන් එන මෙකි එක එක දවසට එක එක මිනිසුන් හොයන් හුකවා ගන්නවලු . මෙකිගෙ මිනිහා කියන්නේ. මෙකිට අන්තිමට අහුවුන නාකි කිම්බි සිමා තමා මෙ හුලන් කුමාරයා. හෙවත් හුලුගල්ල නපුන්සකය . මුගෙ ගෙදර ඉන්න ගෙනිට පිට උන් හුකද්දි . මු මෙ ගොනට හුකනව , හුකනව නෙමෙ මෙ නෙත්තිකුමරි ගෙනිගෙ කිම්බ ලෙවකනව පුකටත් දිව දමල ලෙවකනවලු නෙත්තිකුමරි එයගෙ යලුවන්ට කියල. හුලුගල්ල පොන්නයා ආස කරන්නෙ කිම්බි වලට දිව දමනත් කිම්බි ලෙවකන්නත් ගෙනුන්ගෙ පුකේ හිලට දිව දමල පුකෙ හිල ලෙවකන්නලු . කොහොම පොන්නයෙක්දමෙ හුලුගල්ල කියන එක . මහජන සල්ලි වලින් කිම්බි ලෙවකන නපුන්සකයා සක්කිලි වෙසිගෙ පුතා තොට හෙනහතම වෙදියන් අපෙ මහජන සල්ලි වලින් තො කිම්බි සිමා වුනාට

    ReplyDelete

Powered by Blogger.