Header Ads

අගමැති කුඩු කැ කතාවේ ලිපිය සහ කියන කතා

ග‍්‍රීස් ටින් යයි පවසා පසුගියදා ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලදුව රේගුව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කන්ටේනරය නිදහස් කරන ලෙස ඉල්ලා බලපෑම් කල අගමැති කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියා ඉල්ලා අස් වී තිබේ.


බෞද්ධ ශාසන අමාත්‍යංශයේ සම්බ්නධිකරණ නිලධාරියෙකු වන කිර්ති ශ්‍රී වීරසිංහ නමැති අය පසුගිය 09 වනදා සිය ඉල්ලා අස්වීම බාර දී ඇති බව පවසමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ගම්පොළ නාගරික මන්ත්‍රීවරයකු වන තරංග විට්ටච්චි මහතා, මෙම ව්‍යාපාරිකයින් හඳුනන බවත්, නානකාමර උපාංග හා ලිහිසි තෙල් සහිත කන්ටේනරයක් ආනයනය කර ඇති බවත්, එය මුදාගැනීමට නොහැකිව මාස 2 ½ ක පමණ කාලයක ප්‍රමාද ගුදම් ගාස්තු (Demurrage) ගෙවීමට සිදුව ඇති බවත්, එසේ වුවහොත් භාණ්ඩවල වටිනාකමට වඩා ප්‍රමාද ගුදම් ගාස්තු ගෙවීමට සිදුවන බැවින්, ඒ සඳහා සහනයක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව, මා විසින් එම ප්‍රමාද ගුදම් ගාස්තු ගෙවීමට ඇති තැ.පෙ. 141, කොළඹ වරාය, කොළඹ ලිපිනයැති “සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පෞද්ගලික සමාගමට” ලිපියක්, ඉහත නාගරික මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පරිදි යවන ලදී.

මෙම ආනයන කටයුත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට කිසිදු අයුරකින් බලපෑමක් මා විසින් කර නොමැති බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මා කැලණිය විශ්වවිද්‍යායාලයේ වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අතර, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය ඇතුළු රජයේ හා පෞද්ගලික ආයතනවල ඉහළ තනතුරු රාශියක් දරා ඇත. තවද ජාතික හා අන්තර්ජාතික ලෙස මම රට වෙනුවෙන් කරන ලද සේවයන් ඉතා ඉහළ මට්ටමේ බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

වගකීම් සහිත තනතුරු රැසක් හොබවා ඇති මම ඉහත ලිපිය අදාළ ආයතනය වෙත යොමු කරන ලද්දේ ඉතාමත් සද්භාවයෙනි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරන ලද චෝදනාවලට මමත්, අග්‍රාමාත්‍ය කාර්යාලයත් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි.

නීතියට එරෙහිව කිසිදු කටයුත්තක් කිරීමට හෝ අනුබලයක් දීමට කිසිදු උවමනාවක් මට නොමැත.සිද්ධිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා පොලීසිය හා අදාළ අංශ විසින් කරනු ලබන පරීක්ෂණය අනුවසත්‍ය හෙළිදරව් වනු ඇතැයි තරයේ විශ්වාස කරමි.

ශ්‍රී ලංකා පොලීසියට හා අදාළ අංශයන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට, මගෙන් ඉටුවිය යුතු කාර්යභාරය, ඕනෑම අවස්ථාවක ඉතා සද්භාවයෙන් මම ඉටු කරමි.

දැනට කරගෙන යනු ලබන්නා වූ පරීක්ෂණ වඩාත් පහසුවනු පිණිසත්, ගරුඅග්‍රාමාත්‍ය තුමා සහ අග්‍රාමාත්‍ය කාර්යාලය මෙම චෝදනා නිසා අපහසුතාවයට පත් නොවීම පිණිසත්, මවිසින් දැනට දරනු ලබන සම්බන්ධීකරණ ලේකම් තනතුරින්,පරීක්ෂණ අවසන් වන තෙක් ඉල්ලා අස්වී  නියම රාජ්‍ය සේවකයකුගේ හා සිවිල් පුරවැසියකුගේ යුතුකම සහ වගකීම මෙරට ජනතාවට ඉටු කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි.

කීර්ති ශ්‍රී වීරසිංහ
2013.12.11

ඉල්ලා අස්වීම දන්වමින් අගමැති දි.මු. ජයරත්න මහතා වෙත යොමු කර ඇති ලිපිය

GA59 Industrial Area,
Ampara.
9th December 2013.

Hon. D.M Jayaratne,
Prime Minister and Minister of
Buddha Sasana & Religious Affairs.

Hon. Sir,

Resignation from the Post of Coordinating Secretary to the Hon. Minister of Buddha Sasana & Religious Affairs

Please accept my resignation from the Post of Coordinating Secretary to the Hon. Minister of Buddha Sasana and Religious Affairs with effect from 9th December 2013.

Furthermore, I wish to inform you clearly, that I have no connection whatsoever with the alleged incident levelled against me by the media during the past few weeks. I, as a Government servant, have discharged my duties for the benefit and welfare of the State.

I wish to state that I served in the above position with honour and respect and to the best of my know1edg and ability.

I thank you for your advice and assistance extended to me during the tenure of my service.

Thanking You,
Yours faithfully,


Keerthi Sri Weerasinghe.

කුඩු ගැන විවාදයකට එන්න, අගමැති ලේකම්ගෙන් අභියෝගයක්


කුඩු කන්ටේනරය මුදාගන්නට රේගුවට තමන් විසින් බලපෑම් කරන ලදැයි කියන ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ හා එ.ජා.පක්ෂය සමඟ ඕනෑම තැනක දී විවෘත විවාදයකට එළැබෙන්නට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ පවසයි.
තමන් කිසි විටෙක රේගුවට අදාල කන්ටේනරය මුදා හරින්නට ලිපියක් නොදුන් බව හෙතෙම පවසයි. එහෙත් අගමැති කාර්යාලයේ ලිපි ශීර්ෂයට කොළඹ පුද්ගලික සමාගමක (සවුත් ඒෂියා ෆැසිපික්) නමට ලිපියක් නිකුත් කළ බවත් හේ පවසයි.

අදාල කන්ටේනරයේ ඇත්තේ සෙරමික් භාණ්ඩ බවට තමන් දැනුවත් කර තිබූ නිසා දෙමසක් තිස්සේ රේගුවේ රඳවා තිබෙන මෙම කන්ටේනරයට ගෙවිය යුතු රැඳවුම් ගාස්තු අඩුකරන ලෙසත් එම ලිපිය මඟින් තමා ඉල්ලා සිටි බවත් හේ පවසයි.


මෙම සත්‍ය කතාව විකෘති කරමින් හෙල උරුමය ඇතුලු විපක්‍ෂය අගමැතිට මඩ ගසන බැවින් මා විසින්ම මගේ ඉල්ලා අස්වීම යතුරුලියනය කර අගමැතිවරයාට දුනිමි. මා ඉවත් කළා නොව පරීක්ෂණවලට පහසුවනු පිණිස ඉල්ලා අස්වීමි. ඒ පිළිබඳ හෙළ උරුමයේ හෝ විපක්ෂයේ ඕණෑම අයෙක් හා විවෘත සංවාදයකට මා සූදානම් බව නොබියව කියමි යැයි ඔහු කීය.

කුඩු ගැන ලිපිය රේගුවට ලියැන්නැයි අගමැති කිවුවා – අස් වූ ලේකම්

දකුණු ආසියාවේදී අත්අඩංගුනට ගත් විශාලතම මත්කුඩ තොගය වන හෙරොයින් කිලෝ 262ක් සහිත කන්ටේනරය නිදහස් කරන්නැයි ලෙස තමා විසින් ශ‍්‍රී ලංකා රේගුවට ලිපියක් යොමු කළේ අගමැති විසින් කළ දැනුම්දීමකට යයි අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වූ කීර්ති ශ‍්‍රී වීරසිංහ පවසයි.

එසේම අගමැතිවරයා මෙවැනි ජාවාරමක් පිළිබද නොදැන තමන්ට එම උපදෙස් දුන් බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප‍්‍රශ්ණකිරීම්වලදී ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.


අගමැතිවරයා දුරකතනය හරහා කළ දැනුම්දීමක් මත තමන් කොළඹ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී එම ලිපිය සකස්කර දුන් බවත් ඔහු එහිදී පවසා තිබේ.



කුඩු කන්ටේනරයේ සුලමුල හෙළිවේ යැයි අගමැති ලේකම් බයවෙලා

අගමැතිවරයාගේ ලිපි ශීර්ෂය අවභාවිතයේ යොදවා විශාල මත්කුඩු කොගයක් නිදහස් කර ගැනීමට ඉල්ලා සිටි පුද්ගලයා රටට හෙළි කර නීතිය හමුවට පමුණුවනවා වෙනුවට තමන් වහන්සේ යොමු කළ ලිපියට පිළිතුරු එවීමට අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා කඩිනම් වී ඇත්තේ කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළිදරව් යැයි ඇති බිය නිසා බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

කුඩු කන්ටේනරය සම්බන්ධ පරීක්ෂණ වලට සහය දී අගමැතිවරයාට එල්ල වන මහා අපකීර්තියෙන් හා උපහාසයෙන් ගලවාගැනීමට අමරසේකර මහතාට වගකීමක් තිබූ බව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ දෙයි.

එසේ නොමැතිව තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට වෙර දරමින්, තම ගෞරවය ආරක්ෂා කර ගැනීම උදෙසා මාධ්‍ය වෙත ලිපි යොමු කිරීමෙන් ඵලක් නොවන බවද සෝභිත හිමියෝ සදහන් කරති.

මෙහි අවුල් සහගත හා සංකීර්ණ තත්ත්වයක් තිබුණේ නම් එය නිවැරදි කිරීමට තිබුණේ මීට බොහෝ කලකට පෙර බව පවසන උන්වහන්සේ,මේ දක්වා මෙම සිද්ධිය සම්බන්ධව අසන ලද කිසිදු ප‍්‍රශ්නයකට වගකිවයුත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණු බවද පෙන්වා දෙති.


මෙම සිදුවීම සම්බන්ධ සියලූ තොරතුරු රටට හෙළිදරව් කර,වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසද උන්වහන්සේ වැඩිදුරටත් අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.


ලිපියක්‌ යවා ඇත්නම් වරදක්‌ - අගමැති දි. මු. ජයරත්න

කුඩු කන්ටේනරයක්‌ මුදාහරින ලෙස තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක්‌ යවා ඇත්නම් එය වරදක්‌ ලෙස පිළිගන්නා බව අගමැති දි. මු. ජයරත්න මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්‌ කිරීමට කතානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කළද මේ මොහොතේ ඒ ගැන කිසිවක්‌ ප්‍රකාශ නොකරන්නැයි පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි නිසා තමන් නිහඬව සිටින බවද අගමැතිවරයා කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයක්‌ මගින් පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක්‌ විය හැකි බැවින් තමා ඒ පිළිබඳව ප්‍රකාශයක්‌ නොකරන බවද අගමැතිවරයා කීවේය.


"මම මෙතරම් කාලයක්‌ නිහඬව සිටියේ මේ ගැන පරීක්‍ෂණ පවත්වන නිසා. මම මොනවා හරි කිව්වොත් ඒක පරීක්‍ෂණවලට බාධාවක්‌ වෙන්න පුළුවන්. ඒ නිසා මම නිහඬව ඉන්නවා. පක්‍ෂ විපක්‍ෂ දෙගොල්ලොම මේ ගැන මොකුත් කියන්න එපා කියලා මට කිව්වා. අද මේ කතා කරන මන්ත්‍රිවරයාගෙන් කියන්නේ පත්තරවල තියෙන දේවල් විතරයි. පත්තර විකුණ ගන්න මොන මොනවාහරි දානවා. මම ඒ පත්තර බලලා හිනාවෙනවා. කුඩු නිදහස්‌ කරන්න කියලා ලිපියක්‌ යෑව්වා නම් ඒක වරදක්‌ බව මම පිළිගන්නවා.

අගමැති ලේකම් ගැන පැමිණිළි නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද හෙරොයින් මත්කුඩු අඩංගු කන්ටේනරය රේගුවෙන් මුදා ගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් නිකුත් කර තිබීම පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගන්නැයි බොහෝ දෙනා පැවසූ නමුත් කිසිවෙක් මේ දක්වා ඒ පිළිබඳව පැමිණිලි කර නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

පොලිසියේ විමර්ශණවලට අදාල වන්නේ මේ කුඩු ගෙනාවේ කවුද?කාටද?කොහෙන්ද යනාදිය ගැන පමණක් බවද ඒ මහතා පැවසීය.සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන අඛණ්ඩව සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.


අග‍්‍රාමාත්‍යවරයා සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලය අදාළ චෝදනා හේතුවෙන් අපහසුතාවට පත්කිරීම වැළැක්වීම පිණිස බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ‍්‍රී වීරසිංහ නැමැත්තා එම ධුරයෙන් ඉල්ලා අස්වු බව නිවේදනය කොට තිබේ.කෙසේ වෙතත් හෙරොයින් කන්ටේනරයක් මුදාහැරීම සඳහා බලපෑම් කළ බවට තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද හෙතෙම නිවේදනයක කරයි.




1 comment:

  1. mu nidan haral na kiwwa dan kudu genallth na kiyana wa ponna agamathi

    ReplyDelete

Powered by Blogger.