Header Ads

මැදමුලන හැදූ විදේශ ප‍්‍රතිපත්තිය

තිසරණී ගුණසේකර / පරිවර්තනය: හේමන්ත රණවීර

පොදු රද මඬුල්ලේ මහා නායකයා දිනේවා: රාජපක්ෂ පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිත්වයට පත් වූ උළෙලේ හාහෝ හඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ 2012දී මහජන ප‍්‍රදර්ශනය සඳහා කපිලවස්තු ධාතු ලංකාවට එවන මෙන් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. පළාත් සභා මැතිවරණ අලූත් වටයක් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර සිංහල බෞද්ධ ජනයා රැුවටීම සඳහා ධාතු යොදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. ධාතුවල සියුම් ස්වභාවය හේතුවෙන් 1995 තායිලන්තයේ ප‍්‍රදර්ශනයෙන් පසුව නැවත කපිලවස්තු ධාතු පිටට නොයැවීමට ඉන්දියාව තීරණය කර තිබුණි. එහෙත් ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලූ විට එය සුවිශේෂි ඉල්ලීමක් සේ සලකා ඉන්දියාව ඒවා ශී‍්‍ර ලංකාවට ලබා දුන්නේය.

දෙමළ ප‍්‍රශ්නය ඉන්දු ලංකා සබඳතා ඉවත්ව නොයන සාධකයක් වන නමුත් එහි වැදගත්කම ස්ථාවරව නොපවතී. ද්‍රවිඩ ජනයාගේ අවශ්‍යතා ගැන ඉන්දියාව කටයුතු කරන්නේ කතාවෙන් පමණි. එහෙත් මැතිවරණ සමයේ තමිල්නාඩු සාධකය ඉස්මතු වූ විට දිල්ලිය කොළඹට වඩා තමිල්නාඩුව තෘප්තිමත් කිරීමට කටයුතු කරයි. එසේ නොමැති විට ලංකාව බීජිං කක්ෂයට වැටීම වැළැක්වීමටත්, ඉන්දියානු ව්‍යාපාර අවශ්‍යතා සඳහාත්, කොළඹ සැනසීමටත් කි‍්‍රයා කරයි. ඒ වෙනස්වීම් පිළිබඳව රාජපක්ෂලාට අවබෝධයක් නැත. ඔවුහු අගමැති මන්මෝහන් සිං ලංකාවට ගෙන්වා ගැනීම සඳහා තමිල්නාඩුව සමග පොරයකට පිවිසියහ. මැතිවරණයක් ආසන්නව තිබීම, මෝඩි එල්ලකරන අභියෝගයේ බලවත්කම මත කොංග‍්‍රසයට තමිල්නාඩුවේ ඡන්දවල ඇති වැදගත්කම තේරුම් ගැනීමට ඔවුහු අසමත් වූහ. අද ලෝකය හැඩගැසෙන අන්දමට තනි සුපිරි බලයකට වුවත් ගෝලීය ජනමතය නොතකා කොන්දේසි විරහිත සහායක් කිසිවකුට නොදිය හැකිය. රාජපක්ෂලා තමන්ට ද්‍රව්‍යමය හෝ සදාචාරමය බලයක් නැතත් තමන්ට ලොකු ජනමතය නොතකා තමන්ට රිසි සේ කටයුතු කිරීමට මුක්තියක් ඇතැ’යි සිතති. ජාත්‍යන්තර සම්බන්ධතාවලදී ද රට තුළ දේශපාලනයේදී යොදා ගන්නා අපි ඉහළින් සැලකීමේ විකෘතිය යොදාගත හැකැ’යි සිතති.

ඒ අනුව ජාත්‍යන්තර තලය තුළත් ඔවුන් සිතන්නේ අනිත් අය තමන්ගේ පැත්තේ නොවේ නම් ඒ අය තමන්ගේ සතුරන් ලෙසටය. ස්වාධීන ස්වෛරී රටකට තමන්ගේ වැඩපිළිවෙළ වෙනස් කිරීමට ලෝකයට ඉඩදිය නොහැකි මුත් බුද්ධිමත් රටකට තමන්ගේ වැඩපිළිවෙළ සකස් කිරීමේදී ජාත්‍යන්තර ප‍්‍රජාව කියන දේ නොතකමින් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකිය. බාහිර මූලාශ‍්‍ර මූල්‍යමය ලෙස රැදී පවතින රටකට දේශපාලන ස්වාධීනත්වයක් ද පවත්වාගත නොහේ. එබඳු රටක් වෑයම් කළ යුත්තේ එම නායකයන්ගේ බලය පිළිබඳ උමතු ආශා මුදුන්පත් කරවීමට වඩා ගැටුම් සමනය කෙරෙන විවිධ බලවේග තුලනය කරන අයුරින් එක`ගතා ඇතිකර ගැනීමටය.

චීනය යොදා ගැනීම

ලෝකය දිනූ නායකයා යන්න රාජපක්ෂ චග්ගෝලයන් භාවිත කරන පුරසාරම් කතාවකි. ජනාධිපතිට ලංකාවේ නායකයා වීම ප‍්‍රමාණවත් නැත. ඔහුට ජාත්‍යන්තර තලයේ විශේෂයෙන් බටහිරට පෙනෙන කෙනෙකු වීමට වුවමනාය. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ප‍්‍රමුඛතාව දුන්නේ ඒ හේතුවෙනි. රාජපක්ෂ පාලනය යටතේ ලංකා විදේශ ප‍්‍රතිපත්තිය සකස් වූයේ බටහිරට හා ජාත්‍යන්තරයට ප‍්‍රවේශ වීමේ උඩගු අවශ්‍යතාවක් ඉටුකර ගැනීමටය. ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සකස් වීමට ජනාධිපති රාජපක්ෂගේ මානසික වෙනස්වීම් බලපායි. රට රටවල් ගැන ලංකාව දක්වන ආකල්ප සතුරුද, මිතුරුද, වෛරසහගතද, පළිගන්නාසුලූ ද යන්න තීරණය වන්නේ ජනාධිපතිවරයාගේ මානසික ස්වභාවය මතය. රටට මොනවා වුණත් කොපමණ මුදල් වැයවුණත් ඒ ගැන නොතකා ජාත්‍යන්තර මිතුරන්ට තෑගි ද සතුරන්ට දඩුවම් ද දෙනු ලබයි.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සූදානම් වන කාලයේ තමන්ගේ ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ ආරක්ෂා කිරීමට මන්තී‍්‍රවරුන් 14ක් සිටින බවට ලන්ඩන් ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය පුරසාරම් දෙඩූ බවට බි‍්‍රතාන්‍ය පුවත්පත් වාර්තා කළේය. එක් කොන්සර්වේටිව් මන්තී‍්‍රවරයකු තමන්ට සුඛෝපභෝගි විදේශ චාරිකාවක් සමග අවශ්‍ය සියලූ දේ ශී‍්‍ර ලංකාව විසින් දෙනු ලැබූ බව පළකළේය. තවත් කොන්සර්වේටිව් මන්තී‍්‍රවරයෙක් ශී‍්‍ර ලංකා රජයෙන් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාදෙන විවෘත ආරාධනයක් ලැබුණු බව කියා සිටියේය. 2013 ජනවාරි පෙබරවාරියේදී ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය හෙළිදරව් කළේ මිනිසුන් රට පැටවීමේ ජාවාරමට ලංකාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු සම්බන්ධ බවට සැකකෙරන වගය. ඉහළ තනතුරක් දරන එම නිලධාරියා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතකු බවද සඳහන්ව තිබිණ. ශී‍්‍ර ලංකාවේ සිට රැුකවරණ පතා ජනයා ගෙන ගිය බෝට්ටු ගණනාවක් පසුගිය මාස 10 තුළ එවීමට බලය දෙන ලද්දේ ඔහු බවට ඕස්ටේ‍්‍රලියා ඔත්තු සේවා විශ්වාස කරති. ඕස්ටේ‍්‍රලියානු මැතිවරණයෙන් පසුව පත් වූ අලූත් අගමැතිගේ සරණාගත ප‍්‍රතිපත්තිය අනුව සියලූ නීති විරෝධි පැමිණෙන්නන් ආපසු පැටවීමට ලංකාවේ පූර්ණ සහයෝගය දෙනු ලැබීය. ඇබට් මහතා එය භාරගත්තේය. මිනිසුන් පැටවීමේ ජාවාරමේ මහමොළකරු වූ ඉහළ නාවික නිලධාරියා ඕස්ටේ‍්‍රලියාවේ මුහුදු සීමා ආරක්ෂක ප‍්‍රධානියාට ජාවාරම නැවැත්වීම ගැන උපදෙස් දුන්නේය. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සමයේ ඔහු අත්අඩංගුවට පත්විය. මිනිසුන් යැවීමේ ජාවාරම නැවැත්වීම පිළිබඳව අවබෝධතා ගිිවිසුමක් දෙරට නාවික හමුදා අතර අත්සන් තබනු ලැබීය.

ඕස්ටේ‍්‍රලියානු නායකයන් කොන්දේසි විරහිතව රාජපක්ෂට සහාය දැක්වීමේත් බෝට්ටු ජාවාරම සාර්ථක ලෙස නැවැත්වීමේ කොළඹ වෑයමත් අතර කුමන්ත‍්‍රණකාරී සම්බන්ධයක් තිබේද? නවසීලන්තයේ කොන්දේසි විරහිත සහාය දීමේත් කිරිපිටි ප‍්‍රශ්නය විසඳාදීමේත් එබඳු සම්බන්ධයක් තිබේද? පාලකයන් හදිසියේම ෆොන්ටේරා ආනයන තහනම් කිරීමත්, ඒ හදිසියෙන්ම තහනම ඉවත් කිරීමත් සමග නවසීලන්ත විදේශ ඇමති හා ෆොන්ටේරා සභාපති, ඇමති බැසිල් රාජපක්ෂ සමග අවුල් විසඳා ගැනීමටත් එකගතාවක් සඳහාත් සාකච්ඡා කරන ලදි. මින් සති කීපයක් ගතවන තුරු ශී‍්‍ර ලංකාවේ ෆොන්ටේරා නියෝජිතයන්ට අපහසුකාරී තත්ත්වයක් ඇති වූ අතර සමුළුව සමයේ රටවල් දෙක අතර ගිිවිසුමක් අත්සන්කරන ලදි. වරක් දුෂ්ටයන් වූ ෆොන්ටේරා පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවේ ගෞරවනීය සහභාගි වන්නකු බවට පත්විය.

මේ කැරට් අල දීමේ ප‍්‍රතිපත්තිය දිගටම ගෙනයෑමටත් එමගින් බටහිර විවේචකයන් දිනාගැනීමටත් ශී‍්‍ර ලංකාවට හැකි වූයේ නැත. එමගින් 2014 මාර්තු ජිනීවාහිදී එල්ල වන ප‍්‍රහාරයන් වළකා ගැනීමටත් නොහැකි විය. එහිදී තීන්දුවක් නොලැබෙන මුත් යම් දිනක එක්සත් ජාතීන්ගේ සමුළුවට මුහුණ දීම සඳහා වැදගත් පියවරක් වනු ඇත.

ශී‍්‍ර ලංකාවේ මානව අයිතීන් ගැන නොසිතූ ලෙසට චීනය දැක් වූ අදහස් ගැන සලකාබැලිය යුත්තේ මේ පසුබිම තුළය. මේ විවේචනය කරුණු අනිත් වැදගත් වන්නේ සුළු වශයෙන් නමුත් වැදගත් වන්නේ එය චීනය විසින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම නිසාය. චීනය විසින් රාජපක්ෂ ප‍්‍රතිපත්තිවලට උදව් කිරීම සදාකාලික හෝ කොන්දේසි විරහිතව නොවන බව මේ මගින් චීනය ලංකාවට හා ලෝකයට හ`ගවා ඇත. ලංකාවේ ප‍්‍රශ්නය ආරක්ෂක මණ්ඩලය ඉදිරියට ගිය විට සදාකාලිකව චීනයේ නිශේධ බලය මත රැදී සිටීමට රාජපක්ෂලාට නොහැකි වනු ඇත. ශී‍්‍ර ලංකාව බේරාගැනීමට ගොස් බටහිර සමග තමන්ගේ ඇති දේශපාලන ආර්ථික සබඳතාවලට හානිකර ගැනීමට චීනය සූදානම් නැත.

ශී‍්‍ර ලංකාවට සිටින බලවත්ම මිතුරා චීනයයි. එහෙත් බටහිර හෝ ඉන්දියාව හා සසඳන විට චීනයට ලංකාව සුළු තිතක් බඳුය. බටහිරට චීනය අවශ්‍ය ලෙසින්ම චීනයට ද බටහිර සහයෝගය අවශ්‍යය. චීනය ඉන්දියාවේ ලොකුම වෙළෙඳ හවුල්කරුවෙක් වේ. අන්තිමේදී චීනය විසින් බටහිර වුවමනාව ඉටුකර ගැනීම සඳහා චීනය මත ආර්ථිකව හා දේශපාලනිකව යැපෙන ශී‍්‍ර ලංකාව ආරක්ෂක මණ්ඩලයේදී පාවා දෙනු ලැබීමට හොඳටම ඉඩ තිබේ. චීනයට වැඩි කරදරයක් නොමැතිව එසේ කළ හැකි වන්නේ අප කලාපීයව හා ජාත්‍යන්තරව සියලූ මිතුරන් අතහැර චීනයේ එල්ලී සිටින බැවිනි.

ravaya -

1 comment:

  1. Here we have this game that's a little bit like Prince of Persia games,
    originally released for the Apple II home computer clash of clans hack in the 1980's, have both seen
    modern HD remakes. If it were true that video games are perfect for people
    who love to explore this concept but there are many people that
    wonder why people love playing them. The existence of violent video games clash of
    clans hack for hours, days, weeks, or months.

    Here is my page ... Cheat Codes Of Clash Of Clans

    ReplyDelete

Powered by Blogger.