Header Ads

වෙද නළාව සහ චූං පාන් නළාව (බදුරලියේ දැනට සිදුවන මළකෙළිය ගැනයි)

බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් අනුගමනය කරන දුෂ්ට, නීච, කාලකණ්‌අණි ප්‍රතිපත්තිය නිසා ප්‍රදේශවාසී රෝගීහු දහස්‌ ගණනක්‌ අනතුරට පත්ව සිටිති. එම රෝහලේදී කාන්තාවක මිය යැම සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනයා රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරතවීම නිසා තවදුරටත් ඇඳුම් ඇඳගෙන පාරේ යන්නට බැරි තරම් "ලඡ්ජාවට" පත්වූ දොස්‌තරලා සහ මිසීලා රෝහල වසා ගෙදර ගිය හැටි අපි දැනටමත් දනිමු. මෙකී දොස්‌තර මිසී හවුල ගෙදර ගියේ ඇඳුම් ඇතිවද නැතිවද යන්න දැන ගැනීමට අපි කැමැත්තෙමු. තමන් රෝහල වසා ගෙවල්වලට යැම නිසා දුප්පත් ජනයා පත්වන අසරණ සහ කාලකණ්‌ණි තත්ත්වය මෙකී දොස්‌තර-මිසි හවුල හොඳාකාරවම දනිති. ඒ අනුව ශිෂ්ට සමාජයේ ජනයා හා සමානව ඇඳුම් ඇඳගෙන සිටීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම මේ මොහොතේදී මතභේදයට තුඩු දෙන්නේය. රෝහලක්‌ වහන්නට තරම් හයියක්‌ මේ දොස්‌තරලාට ලැබුණේ කොහෙන්ද? මෙය ස්‌ථිර වශයෙන්ම සිවිල් නීති කඩ කිරීමකි. මෙබඳු වැරදි සම්බන්ධයෙන් ශිෂ්ට නීතියට අනුව දෙන දඬුවම්වලට අමතරව සිටුවා පස්‌ ගැසීමද කළ යුතුය. බදුරලියේ රෝහලේ කුමක්‌ සිදුවීද යන්න දොස්‌තර-මිසී හවුල දන්නේය. සිද්ධියට අදාළ මරණය සිදුවූයේ කෙසේද යන්න ඔවුන්ගේ හෘද සාක්‍ෂිය දන්නේය. ලෙඩා මියයැම පිළිබඳ හරි කතන්දරය එළියට ආ දවසට බදුරලියේ දොස්‌තරට සිදුවන්නේ රෝහල පමණක්‌ නොව තම ගෙවල් දොරවල්ද වසා දමා වළක්‌ කපාගෙන සැඟවීමටය. වෛද්‍ය වෘත්තියේ නම කෙළෙසන නීචයන්ට කිසිදු අනුකම්පාවක්‌ නොදක්‌වන ලෙස වෛද්‍යවරුන්ගේ සංගම් සියල්ලෙන්ම ඉල්ලමු. බදුරලියේ දොස්‌තර-මිසී හවුල මේ රටේ සිවිල් ක්‍රියාපටිපාටිය කඩාකප්පල් කරමින් සේවය අත්හැර ගිය අය වෙති. දුප්පත් ක්‌ලාක්‌ කෙනෙක්‌, අසරණ ගුරුවරයෙක්‌ හෝ කම්කරුවෙක්‌ මෙබන්දක්‌ කළේ නම් ආණ්‌ඩුව ඔහු ගස්‌ බඳින්නේය. එහෙත් දොස්‌තරගේ කෝට්‌ එකට සහ නළාවට ආණ්‌ඩුව බයය. දුප්පත් අසරණ රෝගීන්ට හිරිහැරයක්‌ වන පරිදි කටයුතු කරන දොස්‌තරලාගේ වෙද නළාවට වඩා අයිස්‌ක්‍රීම් කාරයකුගේ නළාව හා චූං පාන්කාරයාගේ නළාව වටින බව අපගේ පිළිගැනීමය.

එක්‌සත් ජාතික පක්‍ෂය කියා දෙයක්‌ මේ රටේ තිබෙන බවට එකම එක සාක්‍ෂියක්‌ බදුරලියේ සිද්ධියෙන් අපට ලැබුණි. එනම් පෙරකී දොස්‌තර-මිසී ත්‍රස්‌තවාදයට එරෙහිව තනියෙන්ම ගොස්‌ උපවාස පැදුර මත වාඩිගත් පළමුවන දේශපාලනඥයා එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම බවට පත්වීමය. ඔහුට පොලිසියෙන්ද පහරදී ඇති බව දැන ගන්නට තිබේ. එහෙත් ඔහු බැලීමට හෝ ඔහුගේ සටනට සහායදීමට සිරිකොතේ ලොක්‌කන් කිසිවෙක්‌ පැත්ත පළාතටවත් පැමිණියේ නැත. රෝහල 25 වැනිදා නැවත විවෘත කෙරුණු නමුත් දොස්‌තරලා ඊයේ වනතුරුත් වැඩට පැමිණ නැත. මෙය මහජනතාවට නොමිලයේ සෞඛ්‍ය සේවාව ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය බදුරලියේදී දිගින් දිගටම කඩාකප්පල් කිරීමකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකාය යොදවා මේ රෝහල ක්‍රියාත්මක කරවන ලෙස අපි ආණ්‌ඩුවෙන් ඉල්ලමු. සෑම විෂයක්‌ම සඳහා විනයානුකූලව පුහුණු කරන ලද යුද හමුදාවක්‌ අද අපට සිටිති. හමුදාවේ වෛද්‍ය බළකාය "ප්‍රයිවට්‌ ප්‍රැක්‌ටිස්‌" කරන්නේ නැත. එබැවින් දවසේ නියමිත සේවා කාලය තුළ ජනතාවට සේවය සැපයීමට ඔවුනට පුළුවන. ඒ අතර පාලිත තෙවරප්පෙරුමට පහරදුන් පොලිස්‌කාරයා හෝ කාරයන් ගැන වහා සොයා බැලීම ආණ්‌ඩුවේ යුතුකමය. මෙය ආණ්‌ඩුවෙන් ලකුණු දමා ගැනීමට කළ වැඩක්‌ වුවද ජනාධිපතිතුමා එකී මගෝඩි පොලිස්‌ කාරයන්ගේ ලකුණු කපන බව අපට විශ්වාසය. මේ රට අදටත් දුවන්නේ ජනාධිපතිතුමා කෙරෙහි වැසියන් තබා ඇති තනි විශ්වාසය මතය. එබැවින් බදුරලියේ සිද්ධියට එතුමා මැදිහත් විය යුතුමය.
divaina -

3 comments:

  1. මං මහා ලොකු කෙනෙක් නොවුනත් මෙන්න මේකත් කියන්නම්.ඒ මේ දිවයින ලිපිය ගැන.
    රෝහලේ ගැටලුව ගැන නොකියා වෛද්‍යවරුන්ට පමණක් මේක තල්ලු කරලා තියේ.ඒ ඇයි?
    පොලීසිය විවේචනය අන්තිමට ජනාධිපතිට ලකුණු දාන්න පාවිච්චි කරලා,ඒ ඇයි?
    එජාප මන්ත්‍රී හොඳයි,නායකයින් නරකා.....යි කියලා,ඒ ඇයි?
    ප්‍රශ්නය පැත්තක තියෙද්දි ඒ ඒ වෛද්‍යවරු සමඟ පුද්ගලික තරහක් පිමිමහලා,ඒ ඇයි?
    හේතුව මාධ්‍යවේදියෙක් ලෙස තමන්ට ඇති හීනමානය හා දේශපාලනඥයාගෙන් ලකුණු දමා ගැනීමේ වුවමනාව.

    ReplyDelete
  2. දොස්තරලා හා මිසීලා ජම්මාන්තර වෛරය. දෙගොල්ලූ එකට එළියට බහින්න නම් මොකක් හො ලොකු ජරමරයක් තියෙන්නට ඔනෑය. කම්කරුවන් ගැන නහයෙන් ඇඬුවාට, බදුරලියේ කම්කරුවන්ඩ්ද ස්ට්‍රැයික්ය. ඒ විතරක් නොව පාමcඉස්ට්ලාත් ස්ට්‍රැයික්ය. මෙහෙම වෙන්නේ පීචං දේශපාලුවෙක් මේකට අතදමා ඇති නිසා මිසක් වෙන මොකක්වත් නිසා නොවේය. දොස්තරලාට බනිමින් හීනාමානය වහග්න්නවා වෙනුවට පිස්සු කෙළින දේශපාලුවා ගැන හෙළි කරනවානම් උචිතය.

    ReplyDelete

Powered by Blogger.