ජනාධිපති රාජපක්ෂ වෙත නෙල්සන් මැන්ඩෙලාගෙන්
සුනන්ද දේශප්‍රිය -
පි‍්‍රය මහින්ද රාජපක්ෂ,
මෙම ලිපිය ලිවීම ආරම්භ කිරීමට පෙර මා එක් කරුණක් කියන්නට කැමැති යි. එනම් අපට මුණ ගැසී කතා කිරිමට නොලැබීම ගැන මා කනගාටු වන බවයි. ඔබ ඉතා දුෂ්කර යුද්ධයක පැටලී සිටි නිසා සමහර විට ඔබට මා ඔත්පල වීමට පෙර හමුවීමට එන්නට අවස්ථාවක් නැති වන්නට ඇති. ඔබේ ලස්සන රටෙහි ජීවත්වන සියලූ ජනයා කෙරෙහි මා පළමුවෙන්ම ස්තුති වන්ත විය යුතු යි. ඒ අපේ දේශය වර්ගවාදයේ සාපයට යටත්ව තිබූ මෑත අතීතයේ දී ඔබේ රටෙහි ජනයා සහ නායක නායිකාවන් පැගී සිටි අපේ ජනයාගේ නිදහස වෙනුවෙන් දෙන ලද අදම්‍ය සහාය නිසා ය. ඔබේ රටේ ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා කුමාරතුංග හමු වූ අවස්ථාවන්හි දී මම මේ බව ඇයට ද කියා සිටියෙමි.
අපේ දෙරටම විවිධ තත්ත්වයන් යටතේ නමුත් යුද්ධයේ සාපයෙන් පීඩා විඳ ඇත්තෙමු. යුද්ධය සමහර විට සාධාරණ ය. සමහර විට අසාධාරණ ය. ඒ කෙසේ වෙතත් යුද්ධයක අවසානය විසින් ඉතිරි කරන ප‍්‍රශ්න බොහෝ සමාන ය. මන්ද යත් යුද්ධය යනු සංහාරය නිසා ය. අපේ දකුණු අපි‍්‍රකාව නිදහස් ප‍්‍රජතන්ත‍්‍රවාදී පාලනයක් දිනාගත්තේ දීර්ඝ කාලීන පීඩාකාරී වර්ගවාදී පාලනයක් සහ සන්නද්ධ ප‍්‍රතිවිරෝධය පෑමක් පසු බිමෙහි ඇතිව ය. එසේ නමුත් ආමානුෂික වර්ගවාදී පාලනය අවසන් වීමෙන් පසු එම පිළිවෙත සහ එම පිළිවෙත ගෙනගියා වූ වර්ගවාදී රජය සමග මාරාන්තික අරගලයක නිරත වී සිටි අපේ අරමුණ බවට පත් වූයේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීම යි. යුද්ධයකට වඩා එය බොහෝ සෙයින් වෙනස් ය.
ඔබේම කලාපයේ ඉතිහාසය දෙස බැලූ විට හමුවන අශෝක අධිරාජ්‍යයාද එවැනි වෙනසක් ඇති කිරීමට සමත් විය. ඔහු යුද්ධයේ දේශපාලන සළුපිළි උනා තබා ධර්මාශෝක බවට පත් විය. සාමය සහ මානව නිදහස ඇති කිරිමට නම් යුද්ධයේ දේශපාලනයෙන් ඉවත්වීම අත්‍යවශ්‍යය. එමෙන්ම අපේ නිදහස සඳහා අන්තර් ජාතික දේශපාලන බලපෑම් මහෝපකාරී වූ බව ද සඳහන් කළ යුතු ය. මා ඔබට කීමට කැමැති මගේ වැදගත්ම අත්දැකීමක් නම් අන්තර් ජාතික දේශපාලන බලපෑම් රටක හොඳට මෙන්ම නරකට ද තීරණාත්මක ලෙස බල පෑ හැකි බවයි. එහි බලපෑම වැළැක්විය නොහැක.
එසේ නමුත් රටක අනාගතය රඳා පවතින්නේ දේශීය බලවේග මත බව අපේ අරගලය අපට සනාථ කළේ ය. දකුණු අපි‍්‍රකාවේදී අන්තර්ජාතික සහ ජාතික බලවේග කි‍්‍රයාත්මක වූයේ එකම කඹයක වෙළු දෙකක් මෙන් ය.
අප රට තුළ නිදහස සඳහා ප‍්‍රබල ව්‍යාපාරයක් නොවූයේ නම් එවැනි අන්තර්ජාතික දේශපාලන බලපෑමක් ඇති වන්නේවත් ඇති වුවත් ඉන් වැඩක් වන්නේවත් නැත.
මා මෙසේ දේශපාලන සාකච්ඡාවකට යොමු වන්නේ විශේෂයෙන්ම එක් කරුණක් නිසා ය. එනම් ඔබ සහ ඔබගේ ආණ්ඩුව අපේ දකුණු අපි‍්‍රකාවේ අත්දැකීමක් වන සත්‍යය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධානයේ කොමිසම ගැන උනන්දු වන බව අසන්නට ලැබීම යි. එය සතුටට කරුණකි. මෑත පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රැුස්වීමේ දී ශී‍්‍ර ලංකාවේ නොවිසඳී පවත්නා යුද්ධයට අදාළ මිනිස් අයිතිවාසිකම් ගැටලූ විසඳීම පිණිස දකුණු අපි‍්‍රකානු අත්දැකීමෙන් ඉගෙන ගැනීමට ඔබ සතු කැමැත්ත ප‍්‍රකාශ වීම ඉතා අගනේ ය.
මා සමග එක්ව දකුණු අපි‍්‍රකාවේ නිදහස උදෙසා සටන් කළ බිෂොප් ඩෙස්මන්ඞ් ටූ ටූ වැනි මගේ කාලයේ යහපත් මිනිසුන් ඔබේ රට මුහුණ දී සිටින කනගාටුදායක තත්ත්වය ගැන වරක් නොව අවස්ථා ගණනාවකදීම පැහැදිලිකිරිම් කර තිබුණි. 2007 වසරේ දී මා, ග‍්‍රාෂියා මචෙල් සහ බිෂොප් ඩෙස්මන්ඞ් ටූ ටූ එක්ව වයෝවෘද්ධයන්ගේ එකමුතුව (ථෙ Eල්ඩෙර්ස්) ඇති කළේ ද ලොව මුහුණ දී සිටින උග‍්‍රතම ප‍්‍රශ්න විසඳනු පිණිස සහාය වීමට ය. ඊට මානව හිමිකම් ආරක්ෂකයන් ලෙස ලොව පිළිගත් නායක නායිකාවෝ කණ්ඩායමක් එකතු වූහ. ඒ අවස්ථාවේ මම මෙසේ කීවෙමි. ‘ගත යුතු කවර හෝ පියවරක් ගනු පිණිස මෙම කණ්ඩායමට නිදහසේ සහ එඩිතරව කතා කළ හැකි ය; ප‍්‍රසිද්ධියේ හෝ අප‍්‍රසිද්ධියේ කි‍්‍රයත්මක විය හැකි ය. එමගින් අප එක්ව බිය ඇති තැන ධෛර්ය ඇති කරනු පිණිස ද, ගැටුම් ඇති තැන එකඟතා ඇති කරනු පිණිස ද, අපේක්ෂා භංගත්වය ඇති තැන බලාපොරොත්තු දැල්වීම පිණිස ද කටයුතු කරමු.’ අප තිදෙනා විසින් මූලිකත්වය ගන්නා ලද මෙම වයෝවෘද්ධයන්ගේ එකමුතුවෙහි සභාපතිත්වය 2007 සිට 2013 දක්වාම දරන ලද්දේ මා මුලින් සඳහන් කළ බිෂොප් ටූ ටූ ය. ඔහු නිදහස ලද අපේ දේශය යළි වනචාරී යුද්ධය කරා ඇද වැටීම නතර කරනු පිණිස මහඟු සේවයක් කළ මිනිසෙකි. බොහෝදෙනකු විසින් මාගේ අනුප‍්‍රාප්තිකයා වනු ඇතැයි විශ්වාස කළ දකුණු අපි‍්‍රකානු කොමියුනිස්ට් පක්ෂයේ නායක කි‍්‍රස් යානි, සුදු ජාතික වර්ගවාදීන් විසින් 1993 දී ඝාතනය කරන ලද අවස්ථාවෙහි ටූ ටූ රඟ පෑ භූමිකාව ඉතිහාසීය වශයෙන් අද්විතීය වේ. සිය නායකයාගේ මරණයෙන් උද්වේගයට පත් 120,000 තරම් ජනකායක් සුදු ජාතික විරෝධී ගැටුම් ඇති කිරීමට පොදිකමින් සිටියහ. ඔහුගේ අවමංගල්‍ය උළෙලෙහි දී බිෂොප් ටූ ටූ තමා සමග එක්ව උද්යෝග පාඨ කීමට එම ජනයා පොළඹවා ගත්තේය: ‘‘අප නිදහස ලබනවාමයි” ‘‘අප හැමෝම” ‘‘කළු සහ සුදු හැමෝම එකට”. එම සපථ කිරීම විසින් ගැටුම් සඳහා තිබූ ආවේගය සාමකාමී මාවතට හැරවුණි.
ඔබ අවශ්‍ය නම් ජීවිත කාලය පුරාම රටෙහි නායකයා වී සිටිය හැකි පරිදි රටෙහි ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම පුදුමයට කරුණකි. ඔබට දකුණු අපි‍්‍රකාවෙන් ඉගෙන ගැනීමට හැකි එක් දෙයක් නම් එය යි. මා ජනාධිපති ධුරය එක්වරක් දරා ඉවත් වූයේ අනෙක් නායකයන්ට ඉඩ සැලසෙන පරිදි ය. 2013 වසරෙහි දී වයෝවෘද්ධයන්ගේ එකමුතුවෙහි සභාපතිකමින් ඉවත් වෙමින් බිෂොප් ටූ ටූ කියා සිටියේ ‘‘වයෝවෘද්ධයන් ලෙස ජීවිත කාලයම සභාපති වී සිටීමට විරුද්ධ විය යුතු ය. අපූරු සය වසරකට පසු මට ද දැන් ඉවත් වීමට කාලය පැමිණ තිබේ” කියා ය.
පි‍්‍රය මහින්ද රාජපක්ෂ, ඔබ ගමන් කරන්නේ අප විසින් දක්වන ලද මාවතෙහි ද කියා කරුණාකර හොඳින් විමසා බලන්න. මගේ මරණයෙන් පසු මා සුරුවමක් බවට පත්කර ගෙන සෑම වරදකාරී පාලනයකටම මාගේ නාමය සහ රූපය ගෑවීමට ඇති ඉඩ මා බිය පත් කරයි. නිදහසින් පසු අපට වඩා සහමුලින්ම වෙනස්ව ප‍්‍රචණ්ඩ මාවතකට ගමන් ගත් සිම්බාබ්වේ හි ජිවිත කාලයම ජනාධිපති වී සිටීමට කැස කවන රොබට් මුගාබේගේ අතිජාත මිතුරකු වන ඔබට අපෙන් ඉගෙන ගැනීමට ඇත්තේ කුමක් ද? තවත් එවැනිම සිත් කළඹවන ආරංචියක් නම් අපි‍්‍රකාවේ පසුගාමීම රාජ්‍යයක් වන ස්වාසිලන්තයේ රජු සහ ඔබ අතර ඇති ඇයි හොඳයියයි. ඔබ යන්නේ මුගාබේ සහ ස්වාසිලන්ත රජු පිටුපස නම් අපට ඔබට දිය හැකි දෙයක් නැත.
ඔබට දකුණු අපි‍්‍රකාවෙන් ඉගෙන ගැනීමට හෝ මාගේ පසුකාලීන දේශපාලනයෙන් ඉගෙන ගැනීමට යමක් ඇත්නම් ඒ වනාහි යුද්ධ දේශපාලනය සහ සාම දේශපාලනය අතර ඇති වෙනස තේරුම් ගැනීම බව මා සඳහන් කරන්නේ ඒ නිසා ය. සාම දේශපාලනය පදනම් වන්නේ බලහත්කාරය හෝ යුදකරණය මත නොව යුක්තිය සහ සාධාරණය පෙරටු කර ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මක් මත ය. ඉහත කී වයෝචෘද්ධයන්ගේ එකමුතුව සහ බිෂොප් ටූ ටූ 2013 වසරෙහි මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ඔබේ රට ගැන කියා ඇති දේ මට ද කියවන්නට ලැබුණි.
‘‘යුද්ධාවසානයෙන් සිව් වසරක් ගත වී ඇතත් ශී‍්‍ර ලංකාවෙහි යුද්ධ සමයෙහි සිදු වූ අපරාධ ගැන පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් සිදුව නැත. එමෙන්ම ශී‍්‍ර ලංකාණ්ඩුවේ ම යාන්ත‍්‍රණය වූ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමෙහි නිර්දේශයන් කි‍්‍රයාවට නැංවෙන තත්ත්වයක් නැත. යුද හමුදාව විසින් යුද හමුදාවේම අපරාධ චෝදනා විභාගයට ලක්කිරීම ද නියම කි‍්‍රයාවලිය නොවේ. අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීම කනසල්ලට කරුණකි. ”
මා ද සාමාජිකයකු වූ එකී වයෝවෘද්ධයන්ගේ එකමුතුව ද ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජීනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි දී සම්මත වූ යෝජනා දෙකටම සහයෝගය ලබා දුන් බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතු ය.
එනයින් මා අයත් වනු ඇත්තේ ශී‍්‍ර ලංකාව විනාශ කිරීමට කැස කවන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට නොවේ ද? මෙයට හිතවත්,
නෙල්සන් මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලා විසින් ලියන්නට ඉඩ තිබූ ලිපියක් ලියා එවූයේ සුනන්ද දේශපි‍්‍රය විසිනි.

No comments