තව පොඩ්ඩෙන් බිංදුව 'තිතක්' බවටපත් වන්නේය ( බිංදු වීරසිංහ සහ මාධ්‍ය කබ්බා )
වැලිකඩ හිරගෙදර සින්දු කියන්නට ගොස් ගුටි කා ආපසු පැමිණි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා ගැන ඊයේ (02 දා) පුවත්පත්වල පළ විය. ඔහුට පහර දෙන ලද්දේ දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ බවට පැමිණිල්ලක් බොරැල්ල පොලිසියේ පොත්වල සටහන්ව තිබේ. එසේම සමන් ද සිල්වා ද තමන්ට පහර දුන් බවට බිංදු වීරසිංහ ද එම පොලිසියේම පැමිණිල්ලක් දමා ඇත. කෙසේ වුවද සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ බිංදු වීරසිංහ වේදිකාවට පැන සමන් ද සිල්වාට පහර දුන් බව ය. මේ නිසා අම්බානක ගුටි කෑමේ වරප්‍රසාදය බිංදු වීරසිංහ සතුය. සමන් සින්දු කියන්නට වේදිකාවට නගින විට බන්ධනාගාර කටයුතු භාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර නරඹන්නන් අතර සිටියේ නැත. සමන් ද සිල්වා ඒ ගැන වේදිකාව මතදී මතක් කර ඇත. එය සමන්ට අයිති නැති පණ්ඩිත වැඩකි. ඔහු නොමිලයේ එහි පැමිණිය ද, එසේ ආවේ ඇමැතිවරුන්ගේ විනය පිළිබඳ දේශන පැවැත්වීමට නොව සින්දු කීමට ය. එම පණ්ඩිත කතාවෙන් කුපිත වූ බිංදු සමන්ට කනට ගසා ඇත. ඔහුට සහාය පිණිස එවිට ඉදිරිපත් වන්නේ ඔහුගේ මාධ්‍ය ලේකම් බව කියන තුට්ටු දෙකේ කබ්බෙකි. තම ලොක්කා තරමටම කසිප්පු (හෝ වෙනත් මත්පැනක්) පානය කර සිටි මේ නකුට්ටා ද වේදිකාවට පැන සමන් ද සිල්වාට ගුටි දුන් බව දැනගන්නට තිබේ. ඉන්පසු සතර දිසාවෙන් පැමිණි බිංදු වීරසිංහ විරෝධී සහ මාධ්‍ය නකුට්ටා විරෝධී ජන ගංගාවක් මේ දෙදෙනාට සිත්සේ නෙළන්නට සූදානම් විය. එවිට මේ දෙදෙනා පණ බේරා ගත්තේ බන්ධනාගාරයේ වෙනත් කොටසක සැඟවීමෙනි. හිර ගෙදරින් හරියාකාර ගුටි කෑ කෙනකුට සිය ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නට සිදුවන්නේ නළ මාර්ගයෙන් ආහාර ගනිමින් ඇඳක් මත ය. හිරෙන් දෙන ගුටි එපමණටම නැව් ගුටි ය. එහෙත් බන්ධනාගාර නිලධාරීන් විසින් මේ දෙදෙනා ගලවා ගනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවේ කුහක දේශපාලනයේ ආරම්භක ස්ථානය ප්‍රාදේශීය සභාව සහ පළාත් සභාව ය. මෙකල වැඩිපුරම පිස්සු කෙළින්නෝ පළාත් සභා කාරයෝ සහ ප්‍රාදේශීය සභා කාරයෝ ය. ඔවුන්ගේ වැරදි ළමා අපයෝජනයෙන් සහ ලිංගික අපහරණයෙන් පටන්ගෙන පගා ගැසීම හරහා මිනී මැරීමෙන් කෙළවර වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා නැති හයියක් මෙකල සිටින ප්‍රාදේශීය සභා සහ පළාත් සභා දේශපාලනඥයන්ට ඇත. අද මේ රටේ ප්‍රතිරූපය විනාශ කරන්නෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොව බිම් මට්ටමේ දේශපාලනඥයෝ ය.
සමන් ද සිල්වාට ගුටි කෑමට තුඩු දුන් සංගීත සංදර්ශනය පැවැතියේ එදින උදය වරුවේ බන්ධනාගාර පරිශ්‍රය තුළ පැවැති පාපන්දු තරගාවලියක අවසන් කොටස ලෙස ය. එම තරගාවලිය නැරඹීමට බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර සහ එම අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ. ඒ බව නොදත් සමන් ද සිල්වා බන්ධනාගාර ඇමැතිගේ නොපැමිණීම සිහිපත් කරන්නේ උදේ කාලයෙහි සිදු වූ දේ ගැන නොදැන ය. සමන්ගේ සිහිපත් කිරීමෙන් සිත් රිදුණු පිරිසක් ඇමැතිවරයා උදේ කාලයෙහි එහි පැමිණි බව සමන්ට කියා පෙර කී සිහිපත් කිරීම ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන ලෙස ඉල්ලා ඇත. සමන්, ප්‍රසිද්ධ වේදිකාවේදී තුන්වරක් සමාව ගත් අතර පෙර කී මත්ලෝලීන් දෙදෙනා සමන්ට පහර දීමට වේදිකාවට නගින්නේ ඉන් පසුව ය. පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ බන්ධනාගාර ඇමැතිට මේ ආකාරයෙන් පන්දම් අල්ලන්නේ ඇයි? මෙයින් ඔවුන්ට ඇති වාසිය කුමක්ද? වැඩේ යාන්තමින්වත් ගැස්සුණා නම් බිංදු වීරසිංහ සහ මාධ්‍ය කබ්බාගේ මළ සිරුරු හඳුනා ගැනීමට පොලිස් මෝචරියට යා යුතු තත්ත්වයක් මතු වන්නේ ය. එබඳු සිද්ධියක් වී නම් ඊළඟට බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් තොග වශයෙන් ගුටි කනවා ඇත. එයට පිළිතුරු සැපයීමට රැඳවියන් සංවිධානය වනවා ඇත. මෙය කාලයකට ඉවර නොවන ප්රශ්නයකි. නිසි ලෙස හැසිරෙන්නට බැරි තැන්වලට යැමෙන් වැළකී සිටීමට බිංදු වීරසිංහ සහ මාධ්‍ය කබ්බා හිතට ගත යුතු ය.
divana -

hal paruwo.........
ReplyDeleteගායකයොත් ඒතැන්වලට හරියන්න රගපාන්න දැනගන්න එපායැ.
ReplyDelete