Header Ads

අගමැති කුඩුකාරයන් රකිනවා

අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා භික්‍ෂූන් වහන්සේලා යොදාගෙන හෙළ උරුමයට මඩ ගහන්නේ කුඩුකාරයන් රකින්න යයි ජාතික හෙල උරුමය පවසයි. මේ බව සඳහන් කරමින් ජාතික හෙළ උරුමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානය ඊයේ පෙරවරුවේ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මතබේදයට තුඩු දි ඇති මත්කුඩු කන්ටේනරය සම්බන්ධව ජාතික හෙළ උරුමයේ චෝදනා පදනම් කරගෙන අගමැතිවරයා බේරාගැනීම සදහා ගරු කටයුතු භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් යොදවාගෙන මුසාවාදා හා අවලාද නගා ඇත. ජාතික හෙළ උරුමයේ ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේලාට එරෙහිව තවත් ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා පිරිසක් යොදවාගෙන නින්දා අපහාස කිරීමේ පහත් තත්වයකට අගමැතිවරයා පත්ව ඇති අතර, අගමැතිවරයාගේ මාධ්‍ය ඒකකය මෙම මාධ්‍ය හමුව සංවිධානය කර ඇත. අගමැතිවරයාගේ එම කොන්තා‍්‍රත්තුව භාරගත් මෙම අන්තර් ආගමික සංවිධානය හා එහි ස්වාමීන් වහන්සේලා ගැන අප අනුකම්පා කරන්නෙමු. සංඝයා වහන්සේලා යොදාගෙන බුද්ධ ශාසන ඇමතිවරයා තම කුණු හෝදා ගැනීමට චීවරය පාවඩයක් කර ගැනීමත් සංඝයා වහන්සේලා කෙටවීමත් සංඝයා වහන්සේලා අතර භේදබින්නතාවයක් ඇති කිරීමත් ඇති කරගෙන ඇති පාප කර්මයට තවත් පව් ගොඩ ගසා ගැනීමක් මිස, තමන් පැටලී ඇති දැන හෝ නොදැන කර ඇති පාපී කි‍්‍රයාවෙන් ගොඩ ඒමට නිහතමානීව උත්සහ දරා නැත.

දිමු ජයරත්න මැතිතුමාගේ දේශපාලන ජීවිතය මෙන් පෞද්ගලික ජීවිතය ඉතා පිරිසිදු බවත් ඔහු කිසි දිනක සමාජ විරෝධී කි‍්‍රයාවලට හවුල් නොවන බවත් ගංගොඩවිල පුෂ්පාරාම විහාරාධිපති කහටපිටියේ පඤ්ඤාසාර හිමියන් පවසා ඇත. එවැනි සහතිකයක් අගමැතිවරයා සම්බන්ධයෙන් ලබාදීමට උන්වහන්සේට ඇති සුදුසුකම කුමක්දැයි අපි නොදනිමු. දිමූ ජයරත්න මැතිතුමා සමග ජාතික හෙළ උරුමයට දේශපාලනික කෝන්තරයක් හෝ පෞද්ගලික ගැටුමක් නැත. අගමැතිවරයාට එරෙහිව කුමන්ත‍්‍රණයක් අප කළේ නැත. අගමැතිවරයාගේ තනතුර ලිපි ශීර්ෂ අවභාවිතයේ යොදවමින් එතුමාට එරෙහිව කුමන්ත‍්‍රණය කර ඇත්තේ කාර්ය මණ්ඩලයයි. කුඩු කන්ටේනරය අත්අඩංගුවට ගෙන මාස 04 ක් ගතවන තෙක් මේ සිද්ධියට සම්බන්ධ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ හා ගම්පොල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයාගේ කිසිම තොරතුරක් හෙළිදරව් වූයේ නැත. ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියන්

ගංගොඩවිල සෝම හිමි සමරු දේශනයේදී අගමැතිවරයා පිළිබද කළ ප‍්‍රකාශයෙන් පසු මෙම කුඩු කන්ටේනරය හා සම්බන්ධ විශාල තොරතුරු ප‍්‍රමාණයක් මේ වන විට හෙළිදරව් වී ඇති අතර, මැති සබය තුුළ පවා ඒ පිළිබද වාද විවාද ඇති වෙමින් ඒ සම්බන්ධව තොරතුරු තව තවත් හෙළි දරව් වෙමින් ඇත. කහටපිටියේ පඤ්ඤාසාර හිමියන් ප‍්‍රකාශ කරන ආකාරයට කුඩු කාරයන්ට උදව්කර ඇත්තේ ජාතික හෙළ උරුමයද? නැතිනම් අගමැතිවරයාගේ පාරිශුද්ධ භාවය වෙනුවෙන් පෙනී සිටින කොන්ත‍්‍රාත්කරුවන්ද? යන්න මැදහත් සිතින් බලන සිහි බුද්ධිය ඇති  ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ.

එමෙන්ම ජාතික හෙළ උරුමයට පොලිස් බලතල හෝ පොලීසි නැති අතර, අපට ඇති එකම ශක්තිය රටත්, ජාතියත්. සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ප‍්‍රතිපත්තිගරුකව ලාභ ප‍්‍රයෝජනවලට යට නොවී කුණු ගොඩවල් වලට කර නොගහා ස්ථිරසාර ලෙස පෙනී සිටීම පමණකි. කුඩු කන්ටේනරයේ සුල මුල සොයාගන්නා තෙක් එයට එරෙහිව නීතිය කි‍්‍රයාකරන තෙක් අප අපගේ සටන රට වෙනුවෙන් අත් නොහරින අතර, අගමැතිතුමාට තමන්ගේ නිර්දෝෂීභාවය හා පිරිසිදුකම රැුක ගැනිමට අවංකව උවමනාවක් ඇතිනම් කළ යුතුව ඇත්තේ මෙම කුඩු කන්ටේනරය සම්බන්ධ පරීක්‍ෂණයට උපරිම සහය දී තම තනතුරේ හා ලිපි ශීර්ෂවල ගෞරවය රැුක ගැනීමට කටයුතු කිරීම මිස උගත් – වියත් – ධර්මධර – විනයධර නායක හිමිවරුන්ට තවත් හිමිවරු යොදාගෙන නින්දා අපහාස කිරීම නොවේ එය අග‍්‍රාමාත්‍ය තනතුරටත්, බුද්ධ ශාසන අමාත්‍ය තනතුරටත් නොගැලපෙන පහත් අවකල් කි‍්‍රයාවක් බවට අප අවධාරණය කරන අතර වරදක් කර ඇත්නම් එය පිළිගැනීමට නිහතමානී වීම පිරිසිදු මහත්මා දේශපාලනයේම කොටසක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්/ජාතික හෙළ උරුමය

1 comment:

  1. please be investigate the whole assets of the said co ordinating secretory

    ReplyDelete

Powered by Blogger.