Header Ads

මහින්දගේ හෙණරාජය බිඳීම

“මහින්දගේ ලොකුම ශක්තිය මොකක්ද...?”
මේ විදේශ මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකි.
“මහින්දගේ ලොකුම ශක්තිය ඡන්ද...”
මෙරට මාධ්‍යවේදියා දුන්නේ ඒ උත්තරයය.

කතාව ඇත්තය. මහින්දගේ ලොකුම ශක්තිය ඡන්දය. මහින්ද හැම ප්‍රශ්නයක්ම විසඳන්න හදන්නේ ඡන්ද තියලාය. රට ඇතුළේ ආණ්ඩුව හොල්ලන සිදුවීමක් සිදුවුවහොත් මහින්ද වහාම කරන්නේ ඡන්දයක් තියල හයිය පෙන්නන එකය. ඒ වගේම ලෝකයාට හයිය පෙන්නන්නේත් ඡන්ද තියලාය. චෝගම් සභාපති වෙන්න මහින්ද වයඹ සහ මධ්‍යම ඡන්ද තිබ්බේය. දැන් මාර්තු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන්න යන අලුත් යෝජනාව පරාජය කරන්න මහින්ද බස්නාහිර සහ දකුණේ ඡන්ද තියන්න ලකලැහැස්ති වෙයි.

මේ රටේ තුනෙන් දෙකක බලයක් හිමිකරගත් පළමු ආණ්ඩුව බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුවය. එවන් බලයක් තිබියදීත් ඇය 1975 මහ ඡන්දයකට යන්න බය විය.
1977 ජේ. ආර්.ට ලැබුණේ හයෙන් පහක බලයකි. ඒත් ජේ. ආර්. 1982 ජනාධිපතිවරණය දිනා මහ ඡන්දයකට යන්න බය විය.
1988 ජනාධිපති වූ ප්‍රේමදාසට හදිසි ජනාධිපතිවරණයකට එන්න යැයි විපක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය 1991 දෝෂාභියෝගයෙන් පසු අභියෝග කරද්දී ප්‍රේමදාස ඒ අභියෝගය භාර ගත්තේ නැත.

චන්ද්‍රිකා ජනාධිපති වී මුල් වටයේදී පළාත් සභා ඡන්ද කල්දැම්මාය.
ඒත් මහින්ද ඡන්ද තියන්න බය නැත. මහින්ද හිතන්නේ ඡන්දවලින් ඔක්කොම ප්‍රශ්න විස¼දාගන්න පුළුවන් කියලාය. මැතිනිලා, ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා ඡන්ද තියන්න බය වුණේ විපක්‍ෂය නැඟිටියි කියලාය. චන්ද්‍රිකාත් පළමුවැනි පළාත් සභා ඡන්ද තියන්න බය වුණේ ඒ වෙනකොට රනිල් එක්ක ඡන්ද කරලා තිබුණේ නැති නිසාය. චන්ද්‍රිකා ඒ වෙලාවේ රනිල්ගේ විපක්‍ෂයට බය විය. ඒත් 1997 පුංචි ඡන්ද පවත්වා ජය ගත්තාට පසු චන්ද්‍රිකාගේ බය ගියාය. පළාත් සභා කඩින් කඩ තියල විපක්‍ෂය වට්ටලා හයිය පෙන්වන සෙල්ලම පටන් ගත්තේ චන්ද්‍රිකාය. මහින්ද ඒ සෙල්ලම නොනවත්වා කරගෙන යමින් සිටියි.
1997න් පසු චන්ද්‍රිකාත් අද මහින්දත් ඡන්ද තියන්න බය නැත්තේ රනිල් නිසාය. ඡන්ද දිනල හයිය පෙන්වන්න චන්ද්‍රිකාටත් වඩා හොඳට අද රනිල් කාඩ් එක පාවිච්චි කරන්නේ මහින්දය.

“මහින්දගේ මේ ශක්තිය නැති කරන්නේ කොහොමද...?”
මහින්දගේ මේ ශක්තිය නැති කරන්න තියෙන එකම විකල්පය ඡන්ද වර්ජනයය.
අද තායිලන්තයේ සහ බංග්ලාදේශයේ වෙන්නේ ඒකය. තායිලන්තයේ අගමැතිනිය මහින්දගේ ජාත්‍යන්තර මිතුරියකි. පසුගියදා ඇය මෙහි ආ විට ඇයට පාර්ලිමේන්තුව අමතන්නද අවස්ථාවක් මහින්ද දුන්නේය. මහින්ද හමුවී තායිලන්තයට ගිය ඇය සිය නිල කාලය අවසන් වීමට පෙර හදිසි මහ මැතිවරණයක් පවත්වන්න තීරණය කළාය. 2011දී අගමැති ධුරයට පත් ඇය වසර තුනක් ප්‍රශ්නයක් නැතිව රට පාලනය කළාය. ප්‍රශ්නය මතු වූයේ ඇගේ සොහොයුරා, රටින් පිටමං වී සිටින තක්‍ෂින් සියලු වරදවලින් නි‍ෙදාස් කොට රටට ගෙන ඒමේ පනත සම්මත කර ගන්න යද්දීය.

එයට එරෙහිව එරට විපක්‍ෂය පාරට බහිද්දී ඇය බය විය. ඇය සිය සම්පූර්ණ නිල කාලය අවසන් වන තෙක් සිටියහොත් විපක්‍ෂයේ විරෝධතා රැල්ල රට පුරා ව්‍යාප්ත වී ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික ප්‍රශ්න හමුවේ ඇය පරාජයට පත්වනු ඇතැයි බිය විය. දැන්ම ඡන්දයකට ගිහින් විපක්‍ෂය වට්ටවලා සිය සහෝදරයාව රටට ගෙන්වා ගත හැකි වනු ඇතැයි ඇය සිතන්න ඇත. මේ තියරිය ඇයට දුන්නේ මහින්දද දන්නේ නැත. මොකද ඡන්දවලින් විපක්‍ෂය වට්ටවන මන්තරය දන්නේ මහින්දය. ඇයගේ උපාය දැන එරට විපක්‍ෂය එකට එක්වී ඡන්ද වර්ජනයකට රටම සූදානම් කරමින් සිටියි. විපක්‍ෂයේ විරෝධතාවන්ට බය වූ මැතිවරණ කොමිසම ඡන්දය කල් දමන්න යැයි අගමැතිනියගෙන් ඉල්ලා ඇත. ඡන්ද පවත්වනවා නම් අගමැතිනිය ඉවත්වී රජුගේ ප්‍රධානත්වයෙන් විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයකින් මැතිවරණ පැවැත්විය යුතු යැයි කියාය. එලෙස නොපවත්වන මැතිවරණ තමන් වර්ජනය කොට ඇයට එරෙහිව ජනතාව පෙළගස්වන බව විපක්‍ෂය කියා සිටියි.

බංග්ලාදේශයේ විපක්‍ෂය ගහන්නෙත් මේ වගේම ගැටයක්ය. එරට අගමැතිනිය ෂීක් හසීනා 2008 බලයට පත්වූයේ අති විශාල ජන වරමකිනි. ඇය තුනෙන් දෙකක බලයක් ගත්තාය. ඇයව පරාජය කිරීම විපක්‍ෂයට ලෙහෙසි නොවීය. ඇය පසුගියදා මහ මැතිවරණය පවත්වන්න තීරණය කළ විට විපක්‍ෂය පාරට බසිනු ලැබීය. විපක්‍ෂයේ සටන් පාඨය වූයේ අගමැතිනිය යටතේ පවත්වන මැතිවරණ තමන්ට විශ්වාස කළ නොහැකි බවය. හෂීනා බලයට ආවේ විද්වතකුගේ නායකත්වයෙන් භාරකාර ආණ්ඩුවක් යටතේ පවත්වන ලද මැතිවරණයකිනි. අද විපක්‍ෂය ඉල්ලන්නේ හසීනා ඉවත්වී එවැනි මණ්ඩලයක් යටතේ මැතිවරණ පැවැත්විය යුතු යැයි කියාය. විපක්‍ෂයේ ප්‍රධාන චරිත දෙක වන හිටපු අගමැතිනි ඛලීඩා ෂියා සහ හිටපු ඒකාධිපති පාලක එර්ෂාඩ් එකට එක්වී මැතිවරණය වර්ජනය කරන්න සියලු පක්‍ෂ එක්කර ගත්හ. ඔවුන් රට පුරා විරෝධතා පවත්වද්දී ෂීක් හසීනා බය විය. ඇය විපක්‍ෂයේ නියෝජිතයන්ගෙන් සමන්විත භාරකාර රජයක් යටතේ මැතිවරණ පවත්වන්න එකඟ විය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් හසීනාගේ ඒ යෝජනාවට එකඟ වන ලෙස විපක්‍ෂයෙන් ඉල්ලා සිටියහ. එහෙත් ඛලීඩා ෂියා කීවේ ඇය අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවය. විපක්‍ෂයේ විරෝධතාව නොතකා ඇය පසුගියදා මහ මැතිවරණය පැවැත්වීය. ඡන්ද පොළට ආවේ ඡන්ද දායකයන් 20%කි. බොහෝ ආසන දින්නේ නිතරගයෙනි. දැන් මේ ප්‍රතිඵලයට රටම හිනා වෙයි. රට පමණක් නොවේ ලෝකයාත් හිනා වෙයි. ෂීක් හසීනාට ඡන්දය පවත්වන්න ඉඩදී විපක්‍ෂය ඡන්දයට ආවා නම් හසීනා සුළු ගණනකින් හරි දිනන්න ඉඩ තිබිණි. ඇය හොඳින් හෝ නරකින් දිනන්න රාජ්‍ය බලය පාවිච්චි කරන්න ඉඩ තිබිණි. ඡන්දයට ගියා නම් පරාජය භාරගෙන විපක්‍ෂයේ වාඩි වෙනවා හැර ඛලීඩා ෂියාට සහ එර්ෂාඩ්ට වෙන විකල්පයක් නැත. ඔවුන් එකට එක්වී 2008 ජනතා වීරවරිය 20%ක ඡන්ද ප්‍රතිශතයකට ඇද දමා බලු කරවනු ලැබීය. දැන් ඇය යන්නේ විනාශයටය. මේ ඡන්දය පවත්වා ෂීක් හසීනා කරගෙන ඇත්තේ ඇයවත් ඇය 2008 ජයග්‍රහණයෙන් ගොඩනඟා ගත් ජනතා ප්‍රතිරූපයත් විනාශ කර ගැනීමකි. 2008 බංග්ලාදේශය දිනා ලොවේම අවධානය දිනාගත් තුනෙන් දෙකේ නායිකාව අද 20%ට බැස තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විප්ලවයකින් අගමැති වූ ඇය අද ඒකාධිපතිනියක් සේ හැසිරෙයි. ඇයව මේ උගුලේ පැටලෙව්වේ විපක්‍ෂයය.

මෙරට විපක්‍ෂය මහින්දගේ උගුල්වල පැටලෙනවා මිස මහින්දට උගුල් අටවන්න දන්නේ නැත. විපක්‍ෂය ඒකාබද්ධ වී පළාත් සභා ඡන්ද වර්ජනය කළා නම් ළඟ එන ජනාධිපතිවරණය වර්ජනය කළා නම් මහින්දට වෙන්නෙත් තායිලන්ත අගමැතිනි යින්ලුක් ෂිනවත්‍රාට සහ ෂීක් හසීනාට වෙච්ච දෙයය. එතැනින්ම මහින්දගේ එකම ශක්තිය ඉවරයටම ඉවරය.
ඒක වෙන්නේ නැත්තේ රනිල්ට ඕනෑ ආණ්ඩුවක් නොව විපක්‍ෂයේ බලය තියා ගන්නටය. ඡන්ද වර්ජනය කරන්න ගිහින් විපක්‍ෂයයි, විපක්‍ෂ නායකකමයි නැති වෙයි කියා රනිල් බයය.

මහින්ද දිනන්නේ ජනතාව මහින්දට කැමැති නිසා නොවේ. මහින්ද දිනන්නේ හෙණරාජ තෛලයෙනි. එකල හෙණරාජ තෛලය ළඟ තියාගත්තොත් වෙඩි වදින්නේ නැත කියා ගම්වල කතාවක් තිබේ. මහින්ද ළඟ තියෙන හෙණරාජ තෛලය රනිල්ය. මහින්ද බය නැතිව ඡන්දවලට ගත්තේ ඒ තෙලේ බලෙන්ය. පරදින්නේ නැත. අත්දුටුවයි, සත්තයි. ඒ තෙලේ බලය නැති කොට ජනතාව පාරට ගෙන්වා තායිලන්තයේ සහ බංග්ලාදේශයේ මෙන් මහා ඡන්ද වර්ජනයක් දියත් කළොත් තුනෙන් දෙකේ මහින්ද බින්දුවට වට්ටවන එක මහ ලොකු කජ්ජක් නොවේ.


එහෙත් ඛලීඩා ෂියා කීවේ ඇය අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවය. විපක්‍ෂයේ විරෝධතාව නොතකා ඇය පසුගියදා මහ මැතිවරණය පැවැත්වීය. ඡන්ද පොළට ආවේ ඡන්ද දායකයන් 20%කි. බොහෝ ආසන දින්නේ නිතරගයෙනි. දැන් මේ ප්‍රතිඵලයට රටම හිනා වෙයි. රට පමණක් නොවේ ලෝකයාත් හිනා වෙයි. ෂීක් හසීනාට ඡන්දය පවත්වන්න ඉඩදී විපක්‍ෂය ඡන්දයට ආවා නම් හසීනා සුළු ගණනකින් හරි දිනන්න ඉඩ තිබිණි. ඇය හොඳින් හෝ නරකින් දිනන්න රාජ්‍ය බලය පාවිච්චි කරන්න ඉඩ තිබිණි. ඡන්දයට ගියා නම් පරාජය භාරගෙන විපක්‍ෂයේ වාඩි වෙනවා හැර ඛලීඩා ෂියාට සහ එර්ෂාඩ්ට වෙන විකල්පයක් නැත. ඔවුන් එකට එක්වී 2008 ජනතා වීරවරිය 20%ක ඡන්ද ප්‍රතිශතයකට ඇද දමා බලු කරවනු ලැබීය. දැන් ඇය යන්නේ විනාශයටය. මේ ඡන්දය පවත්වා ෂීක් හසීනා කරගෙන ඇත්තේ ඇයවත්, ඇය 2008 ජයග්‍රහණයෙන් ගොඩනඟා ගත් ජනතා ප්‍රතිරූපයත් විනාශ කර ගැනීමකි. 2008 බංග්ලාදේශය දිනා ලොවේම අවධානය දිනාගත් තුනෙන් දෙකේ නායිකාව අද 20%ට බැස තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විප්ලවයකින් අගමැති වූ ඇය අද ඒකාධිපතිනියක් සේ හැසිරෙයි. ඇයව මේ උගුලේ පැටලෙව්වේ විපක්‍ෂයය.

මෙරට විපක්‍ෂය මහින්දගේ උගුල්වල පැටලෙනවා මිස මහින්දට උගුල් අටවන්න දන්නේ නැත. විපක්‍ෂය ඒකාබද්ධ වී පළාත් සභා ඡන්ද වර්ජනය කළා නම් ළඟ එන ජනාධිපතිවරණය වර්ජනය කළා නම් මහින්දට වෙන්නෙත් තායිලන්ත අගමැතිනි යින්ලුක් ෂිනවත්‍රාට සහ ෂීක් හසීනාට වෙච්ච දෙයය. එතැනින්ම මහින්දගේ එකම ශක්තිය ඉවරයටම ඉවරය.
ඒක වෙන්නේ නැත්තේ රනිල්ට ඕනෑ ආණ්ඩුවක් නොව විපක්‍ෂයේ බලය තියා ගන්නටය. ඡන්ද වර්ජනය කරන්න ගිහින් විපක්‍ෂයයි, විපක්‍ෂ නායකකමයි නැති වෙයි කියා රනිල් බයය.

මහින්ද දිනන්නේ ජනතාව මහින්දට කැමැති නිසා නොවේ. මහින්ද දිනන්නේ හෙණරාජ තෛලයෙනි. එකල හෙණරාජ තෛලය ළඟ තියාගත්තොත් වෙඩි වදින්නේ නැත කියා ගම්වල කතාවක් තිබේ. මහින්ද ළඟ තියෙන හෙණරාජ තෛලය රනිල්ය. මහින්ද බය නැතිව ඡන්දවලට යන්නේ ඒ තෙලේ බලෙන්ය. පරදින්නේ නැත. අත්දුටුවයි, සත්තය. ඒ තෙලේ බලය නැති කොට, ජනතාව පාරට ගෙන්වා තායිලන්තයේ සහ බංග්ලාදේශයේ මෙන් මහා ඡන්ද වර්ජනයක් දියත් කළොත් තුනෙන් දෙකේ මහින්ද බින්දුවට වට්ටවන එක මහ ලොකු කජ්ජක් නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

1 comment:

  1. අමුතුවෙන් ජන්ද වර්ජනය කොරන්න දෙයක් නැත...මහින්ද විරෝධියෝ, රනිල්ට චන්දේ දෙන්න බැරි හින්දා කොහොමත් වර්ජනය කරති.....මහින්දාගමිකයෝ මහින්දට ගිහින් චන්දේ ගසති...වැඩේ තියෙන්නේ ඔවුන් 60% වීමය...තායිලන්තයේදී 20% උනාට ලංකාවේදී එය මලාට ඒ ගාණට නොවැටෙන්න්න ඒ නිසාය.

    ReplyDelete

Powered by Blogger.