Header Ads

රජ හොරු - විමලනාත් වීරරත්න

ජනාධිපතිතුමාගේ ගිරවා බොල්ගොඩදී සිදුවූ දසකන් මන්ත‍්‍රණය ඩබල් එකේම ජනාධිපතිතුමාට සැල කළේය. ඌ කීවේ මරාගෙන මැරෙන භටයන් සේ කැඳවීමක් ලද ගමන් එළිබහින්නට එස්එල්එෆ්පී එකේ හැට ගාණක් රෙඩිපිට සිටින බව මංගල, තිස්ස කරු රනිල් චන්ද්‍රිකා සිව් කට්ටුවට කී බවය. වෙන මොනවද මෑන් කිව්වේ කියා ඇසූ ජනාධිපතිතුමාට ගිරවා කීවේ මැඩම් බැහැමයි කියද්දී මේ යකා එතුමියට කොමන් කැන්ඩිඬේට් වෙන්න කියලා සෑහෙන්න කරදර කළා බොස් කියාය. ජනාධිපතිතුමා ඇසුවේ සතරකන් මන්ත‍්‍රණය අහං හිටපු ගිරවා වගේ උඹ එන්න කලින් කේවට්ටයාට වර්චස් පාරකින් සංග‍්‍රහ කළේ නැද්ද කියාය. ගිරවා කීවේ කේවට්ටයාගේ හොඳ වෙලාවට මට බොග්මන්ට් එකක් සෙට් වුණේ නැහැ කියාය. ජනාධිපතිතුමා අනතුරුව ඇසුවේ මෙහෙන් පනින්න බලං ඉන්න ලස්කිරිඤ්ඤ සෙට් එක කවුද කියාය. ගිරවා කීවේ ඒක නම් ලීක් වුණේ නැහැ මුං සෙට් එක මේ වැඬේ කළේ ඔළුවෙ ඉන්න උකුණන්ටත් හොරෙන් වගේ කියාය. එතකොට පත්තරවලට ඔය නිව්ස් එක දුන්නේ කට්ලන්වල ඉන්න ගෝපායොද කියා ඇසූ ජනාධිපතිතුමා මේ සෙට් එක මැංගිගෙ බොල්ගොඩ ගෙදරට එන හැටි අහල පහළ එවුන් දකින්න ඇතිනේ කියා කීවේය. බොස් හිතනවා වැරදියි කී ගිරවා හතරදෙනා විටින් විට ගෙදරට ආවේ වෙස් වළාගෙන කියා කීවේය. අනතුරුව කීවේ කරු ආවේ නැෂනල් එක සුම්බරයක් වගේ ඔළුවේ බැඳගෙන බොල්ගොඩ ගඟ හරහා පීනගෙන කියාය. හප්පා ඇති මිනිහා දියේ නොගිලූණා කී ජනාධිපතිතුමාට කරු දියේ ගිලූණා නම් දියෙහි ගිලූණු අයියාට කවි පන්තිය කියන්නට තිස්ස දුර තියාම ගඟ දිහා බුබුළු මතුවෙනකං බලං හිටියා කියාය. මෑන් ආවේ කොහොමද කියා ඇසූ ජනාධිපතිතුමාට ගිරවා කීවේ හවසට හවසට ඇඟ හදාගන්න දුවන පොරක් වගේ දුවගෙන ආ තිස්ස ගඟ ළඟ දං පඳුරකට කවර් වෙලා කරු ගිලෙනකං බලා උන්නා කියාය. එතකොට මැඩම් කොහොමද ආවේ කියා ඇසූ ජනාධිපතිතුමාට ගිරවා කීවේ ‘‘අනේ මහතුනේ මට වන් දුක බලලා’’ සිංදුව කිය කියා මැඩම් හෙන දුක්බර වෙසකුත් මවාගෙන මංගලගේ ගේට්ටුවට කිරිටිං එකකින් තට්ටු කර කර ඉන්නකොට මංගලයි රනිලූයි දෙන්නා ගේ ඇතුළේ ඉඳන් ඇවිත් එතුමිය එක්කගෙන ගියා කියාය. රනිල් ආපු විදිය ගැනත් ඇසූ ජනාධිපතිතුමා මංගල ආවෙ කොහොමද කියා අන්තිමට ගිරවාගෙන් ඇසුවේය. ගිරවා ටිකක් නුරුස්නා හඬින් කීවේ මංගලගෙ ගෙදරටනෙ කට්ටිය ආවෙ, අනික් එවුන්ට ගෙදරට එන්න කියලා මිනිහා කොහෙවත් යන්නෙ නැහැනෙ බොස් මොනවද මේ අහන්නෙ කියාය. ජනාධිපතිතුමා කීවේ මේක නිකං විජේවීරලා කැලැත්තෑවෙදි ජේවීපී එක හදන්න කරපු සාකච්ඡුාව වගේනෙ, උනුත් ඔහොම එක එකා වෙස් වළාගෙනනෙ ඇවිත් තියෙන්නෙ කියාය. ගිරවා කීවේ ඒත් ඔය කියන විජේවීරට නම් රටේ නායකයා වෙන්න තියා ඒ අහලකටවත් එන්න බැරිවුණා. ඒත් මේකෙ විජේවීරි දෙපාරක් ජනාධිපතිකම් කරපු කෙනෙක් බව අමතක කරන්න එපා කියාය. ජනාධිපතිතුමා මඳක් කල්පනා කරමින් සිට ඇසුවේ චෞර රැුජින අලූත් ප‍්‍රින්ට් එකකට යන්න බැරිවෙයිද බං කියාය. ගිරවා ඊට පිළිතුරු වශයෙන් කීවේ දැන් නම් පෑන අහිංසකද නැද්ද කියලා හරියටම ජජ් කරගන්න අමාරුයි කියාය. ජනාධිපතිතුමා කීවේ රැුජින එන ආරංචියට අහිංසක පෑන පත්තු වුණත් අනෙක් පෑන් නම් පත්තු වෙයි කියලා හිතන්න බැහැ බං කියාය.

කේස් එක වැට උඩතියන එකක් බව කල්පනා කරන ගමන් ජනාධිපතිතුමා දුරකතනය ඩයල් කළේය. එහා පැත්තෙන් කතා කළේ දවල් වෙලාවකදි නම් ලොව කිසිම ජර්නලිස්ට් කෙනෙකුට වොයිස් කට් එකක් ගන්න අල්ලා ගන්න බැරි මෛත‍්‍රීපාල සිරිසේනය. ජනාධිපතිතුමා කෙළින්ම ඇසුවේ මෛත‍්‍රිට මොනවද තියන ප‍්‍රශ්න කියාය. මෛත‍්‍රී කීවේ මොකුත් නැහැ සේරම හරි හොඳින් වෙනවා කියාය. ජනාධිපතිතුමා කීවේ වෙනද වගේ මරුකියවන්න එපා ඉතිං තියන අවුල කියන්න කියාය. මෛත‍්‍රීට එහා පැත්තෙන් කතා කරන්නේ කවුද කියන එකත් අමතක වී කීවේ විකාර කතා කරන්න එපා ආණ්ඩුවෙ කිසිම ආබාධයක් නැහැ, ඔහේ හදන්නෙ අවුලක් හදන්නද කොහෙද නිකං යනවා ඕයි යන්න කියාය. අනෙක් පැත්තෙන් ඇසුවේ ඒක නෙමෙයි මං අහන්න හැදුවෙ මේ විධායක ධුරයේ පැල් බැඳගෙන ඉන්න පුළුවන් 18 වැනි සංශෝධනේ මාර වාතයක් අපි ඒක අයින් කරමුද කියාය. බම්බුව ඒක අයින් කරල කොහොමද, තමුන් සෝභිත හාමුදුරුවන්ගෙ ගෝලයෙක්ද කී මෛත‍්‍රී මේකෙන් කොච්චර තැලූම් කෑවත් ගෑනි දිගටම මිනිහගෙන් ගුටි කකා ඉන්නවා වගේ අපිටත් දැන් මේක නැතුව බැහැ කියා කීවේය.

ටිකක් දාඩිය දාන්න පටන් ගත් නමුත් ජනාධිපතිතුමා ඩබල් එකේම නිමල් සිරිපාලට ගත්තේය. දහඅට දැන් ඉතිං ඇති නේද කියා ඇසූ සැණින් නිමල් ගාම්භීර ලෙස ජනාධිපතිතුමාගෙන් ඇසුවේ තමුන් කවුද කියාය. ඇත්ත නොකියා නිමල්ගේ අදහස දැනගත යුතුයැ’යි සිතූ ජනාධිපතිතුමා සර් මම ඡුන්දදායකයෙක් 18 වැනි සංශෝධනේ වගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සංශෝධනයක් තවදුරටත් තියාගෙන ඉන්න එක වැරදි පියවරක් කියා කීවේය. නිමල් මලපැන කීවේ ඕයි මේ අපේ ජනාධිපතිතුමාට ඕනෙ නිසා ඒක ගෙනාවෙ එතුමාගේ වුවමනාව තමයි අපෙත් වුවමනාව, තමුසෙ මොන රෙද්දටද ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි, ඇටි කෙහෙළයි ගැන හොයන්නෙ ලැබෙන දේකින් සැනසිලා බුදු දහමට අනුව ජීවත්වෙනවා හලෝ කියාය. එවර ජනාධිපතිතුමා ටිකක් බැගෑ ස්වරයෙන් ඇත්තම මාතෘකාවට බැස කීවේ නෑ ඇමතිතුමා 18 නිසා චන්ද්‍රිකා නෝනා ආයෙ ඡුන්දෙ ඉල්ලන්න සෙට් වුණොත් අපේ ජනාධිපතිතුමා ඒකෙන් ලොකු අභියෝගයකට මූණදෙන්න පුළුවන්. ඒ නිසා 18 දැන්ම අහෝසි කරලා දාන එක නරකද කියාය. නිමල් කීවේ ඈ හලෝ එතකොට අපේ ලොක්කටත් ධුර කාල දෙකකින් සෑහීමකට පත්වෙන්න වෙනවනේ කියාය. බැගෑසේන ලෙස වෙස් ගත් ජනාධිපතිතුමා කීවේ ඉතිං චන්ද්‍රිකා නෝනා ආපහු දිනලා අපි හම්බ පරිප්පුවක් කනවට වඩා මේක දෙපාරක් කරලා නම්බු පිටින් ගෙදර යන එක හොඳයිනේ කියාය. එතකොට නෝමල් පුතාගෙයි තව තවත් එතනට එන්න හිතාගෙන ඉන්න අයගෙයි ව්‍යාපෘති අවුල් වෙනවනෙ හලෝ කී නිමල්ට ජනාධිපතිතුමා කීවේ කරන්න දෙයක් නැහැ නිමල් උන්ටත් ඕනෑකම තියෙනං මං වගේ මඩකාගෙන නැගිටින්නෙ නැතෑ කියාය. ඒක ඇසුණු ස්වරය පෙර බැගෑ ස්වරය නොවන බව අවබෝධ කරගත් නිමල් කලබල වුවත් මොකුත් අහන්ට පෙර දුරකතනය විසන්ධි වී තිබුණි.

ජනාධිපතිතුමා ළඟ සිටි ගිරවාගෙන් ඇසුවේ මැංගිලගෙ -බොල්ගොඩ සාකච්ඡුාව පත්තරවලට ලීක්වුණේ කොහොමද කියාය. ගිරවා කීවේ මම නම් වෙන කාටවත් කිව්වේ නැහැ, ඒත් හිතාමතා බලන පත්තරේ එවුන් ගිය සතියේ ලීඞ් එකකුත් ගහලා තිබුණෙ කියාය. ආපෝ උන් නම් අනික් පත්තරකාරයො අවුරුදු ගාණකට කලින් ලියපු විහිළු තහළු පවා කොපි කරලා අද ඒවා වගේ ලියන මෑන්ලා ටිකක් කී ජනාධිපතිතුමා කොපි කැට් ගැහිල්ල නවත්තලා තනියම දෙයක් ලියන්න ට‍්‍රයි නොකළොත් උන්ගෙ හිතාමතා බලන පත්තරේ නොසිතාම අත ඇරෙයි කියා කීවේය.

ඊටත් පසුවදා මංගලගේ බොල්ගොඩ නිවසට පල්හොරු පැන්නෝය. වටිනා දෙයක් අතුරුදන් නොවුණි. එහෙත් පොඩි පොඩි බෝල ඇඳපු මූණු ඇඳපු ඉරි කෑලි ගහපු කොළ වගයක් අතුරුදන් වී තිබුණි. පොලිසිය වටේ පිටේ අයගෙන් කටඋත්තරයක් ගත් අතර පාන්දර ඒ පැත්තේ යන කිරිකාරයෙක් කියා තිබුණේ රතු මහත දෙහෙත කෙනෙක් තාප්පෙකින් පැන යනු දුටු බවය. මංගල තමන්ට හිතවත් උසස් පොලිස් නිලධාරියෙකුට කියා තිබුණේ මැඩම් වැදගත් සාකච්ඡුාවක් අතර හැමදාම අඳින බලිරූප ඇතුළත් ඩොකියුමන්ට්ස් වගයක් හොරු ගෙන ගොස් ඇති බවය. හොරු අල්ලන්නට පොලිස් සුනඛයන් යෙදවූ අතර එකෙකු කොල්ලූපිටියේ ගල් පල්ලිය කිට්ටුව ගෙයක් ළඟ කැරකුණත් ඇතුළට යෑමට මැලිකමක් දක්වන බව පෙනුණි. නිලධාරියා සුනඛයා ඇදගෙන යන්න හැදුවේය. බල්ලා හොඳටම බයවී බිම පෙරළී නිලධාරියාට කීවේ නිකං ඉල්ලං කන්න හදන්නැතුව මෙන්න මෙහෙ ඉන්නවා හලෝ කියාය.

විමලනාත් වීරරත්න

No comments

Powered by Blogger.