Header Ads

කිම් ජොන් උන්ගේ බලූ දානය

එස්.නන්දලාල්

පසුගිය දෙසැම්බර් 08 දින උතුරු කො රි යා නු නායක කිම් ජොන් උන් සිය මාමා එනම් සිය පියා වන කිම් ජොං ඉල්ගේ එක්කුස ඔත් එකම නැගනිය වන තිම් ක්යොන් හුයිගේ සැමියා වන ෂෑං සං තාඒක්ට (67) මරණ ද`ඩුවම නියම කළේ ය.

නිලැඳුමින් සැරසී සිටිනු දැක ඇත්තේ එක් වරක් පමණක් නමුදු තාඒක් උතුරු කොරියානු හමුදාවේ තරු4 ජනරාල්වරයෙක් ව සිටියේය. නායක ඉල් මර ඇඳේ හොත් අවසාන සමයේ එරට නිල නොලත් පාලකයා වූයේ තාඒක්ය.

ඔහුට උතුරු කොරියානු නායක කිම් ඉල් සුංගේ එකම දියණිය හමුවූයේ සිය මූලික උපාධිය සඳහා කොරියාවේ කිම් ඉල් සුං සරසවියේ අධ්‍යාපනය හදාරමින් සිටියදීය. මෙසමයේ දෙදෙනා අතර රහසිගත හමුවීම් වූ අතර කිම් පවුල ඊට විරෝධය පෑ නමුත් සබඳකම් නොබිඳිණි. 1968 සිට දෙදෙනාම එක්ව මොස්කව් සරසවියේ උසස් අධ්‍යාපනය හැදෑරූ අතර 1972 සිය රට පැමිණි පසු ඔවුන් දෙදෙනා අතර විවාහය සිදුවිය. එතැන් සිට ඔහු කොරියානු ශ‍්‍රමික පක්‍ෂයේ විවිධ තනතුරු හොබවා 1986දී එරට නාමමාත‍්‍ර ‘පාර්ලිමේන්තුවට’ තේරී පත්විය. එරට ජාතික වීර සම්මානයකින් පිදුම් ලැබූ හේ 1994දී සිය මාමණ්ඩිය මියයන විට විධායක මට්ටමේ තනතුරු කිහිපයක්ම දරමින් සිටියේය. ඉන්පසු නායකත්වයට පත්වූ මස්සිනා වන කිම් ජොං ඉල් යටතේ ද ඔහුගේ වගකීම එසේ ම පැවතිණි. දීර්ඝකාලීනව අසනීපයෙන් පසුවූ කිම් ජොං ඉල්ගේ පුතුන් ඔහුගේ අභාවයෙන් පසු නායකත්වය භාරගැනීමට සූදානම් බවක් පළ නොවූ අතර බොහෝ විචාරකයන්ගේ මතය වූයේ උතුරු කොරියාවේ මීළ`ග නායකයා ඔහු වනු ඇතැ’යි කියාය. 2011 දෙසැම්බර් 11දා කිම් ජොං ඉල් මිය ගියේය. ඔහුගෙන් පසුව බොහෝ කරුණු සලකා බැලීමෙන් පසුව පක්‍ෂය විසින් නායකත්වයට තෝරා ගන්නා ලද්දේ 1983 වසරේ උපන් ඔහුගේ බාල පුත් කිම් ජොං උන්ය. ඉල්ගේ අභාවයෙන් සතියක් ගිය තැන උන් නායකයා බවට පත්විය. ෂෑංට නායකත්වය ලැබෙන වාට විරුද්ධ වූයේ එරට රාජ්‍ය විචාරණයේ මුල්තැන ගන්නා හමුදාව බව පැවසේ. උන් නායකත්වයට පත්වීමෙන් පසු මාස 22ක් පමණ බෑණා, මාමාගේ උපදෙස් ලබමින් පාලනයේ යෙදුණේය. එහෙත් හදිසියේ ම විරසකය ඇතිවිය. ඔක්තෝබර් මාසයේ ෂෑංට ප‍්‍රසිද්ධියේ අවමන් කොට ඔහු දැරූ සියලූ නිලතලවලින් පහකරන ලද අතර දෙසැම්බරයේ මරණ ද`ඩුවම නියම කරන ලදි.

මේ සිදුවූයේ කුමක්දැ’යි අදහාගත නොහැකි තරමේ වික්‍ෂිප්තයකි. මන්දයත් රාජ්‍යතන්ත‍්‍රය තුළ තාඒක්ගේ භූමිකාව එතරම්ම ප‍්‍රබල වූ හෙයිනි. ඔහුට ඉහළින් සිටියා නම් ඒ නායකයාම පමණි. එක් අතකින් එහි පුදුමවන්නට තරම් දෙයක් ද නොවීය. පුදුමවන්නට තිබුණේ මෙවැන්නක් සිදු නොවුණා නම් පමණි. පසුගිය මාස දහයක පමණ කාලයක සිට උන්, සිය පියාට සමීපව සිට ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස තමන් පත්වූ පසුව තමාටද සේවය කළ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුටම මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක කළ බැවිනි. මෙයින් ඔහු අපේක්ෂා කරන්නේ සිය නොමේරූ කි‍්‍රයාවලට වදනකින් හෝ එරෙහිවන්නන් සතුරන් සේ සලකා ඔවුන් සිය කණ්ඩායමෙන් ඉවත්කිරීමයි. මෙලෙස ඔහු සිය අතීත පෙම්වතියක වූ ඔපෙරා ගායිකා හ්යොන් සොං වොයි ද පසුගිය අගෝස්තු මාසයේ මරණීය දණ්ඩනයට යටත් කළේය.

වචන 2,700ක් පමණ අන්තර්ගත වෙතැ’යි පැවසෙන ලියවිල්ලකින් ෂෑංට මරණ ද`ඩුවම නියම කිරීමට හේතු දක්වා ඇත. එහි පුන පුනා කියැවෙන්නේ ‘තුච්ඡු නින්දිත මනුෂ්‍ය කුණපයක් වන බල්ලකුටත් අන්ත ෂෑං තෙවරක් සාපලත් කි‍්‍රයාවල නිරත වූයේය. ඔහු වෙත තබනු ලැබූ හෘදයංගම විශ්වාසය පාවාදීමෙන් පක්‍ෂය සහ නායකයා විසින් ඔහු වෙත පුදනු ලැබූ උණුුසුම් පීතෘමය ආදරයට ද්‍රෝහීවීමයි ඒ.’ යන්න බව සඳහන්ය.

මාධ්‍ය පෙන්වා දෙන පරිදි ඔහු ඔහුගේ පියාගේ කපාපු පලූවය. ඇ`ගපත, මහත දෙහෙත සියල්ලම සමානය. එහෙත් පියාගේ පාලන සමය තුළ මෙබඳු කෲර ඝාතන සිදුව නොමැත. බිස්නස් ඉන්සයිඩර් නමැති ව්‍යාපාරික ස`ගරාව පෙන්වා දෙන පරිදි ඔහු බලයට පත්වූ තැන් සිට උතුරු කොරියාවට සුඛෝපභෝගී අයිතමයන් හීන් සීරුවේ ඇදී එන්නට පටන් ගෙන තිබේ. ඔහුගේ බිරිඳ රි සොල් ජු පසුගිය අගෝස්තුවේ මිලදී ගන්නා ලද ඇඩො 1,600 පමණ වටනා ෘසදර අත් බෑගයක් ගැන ද එහි සඳහන්ය. ඒ මුදල සාමාන්‍ය කොරියානුවකුගේ වාර්ෂික වැටුපට වැඩිය.

උන් පසුගිය පෙබරවාරියේ ඩෙනිස් රොඞ්මන් නමැති අමෙරිකානු සුපිරි බාස්කට් බෝල් කී‍්‍රඩකයාට තමා හමුවන්නට උන් අවසර දුන්නේය. එම 13දා උන්ට අයත් පුද්ගලික දූපතේ දී ඒ හමුව සිදුවිණි. රොඞ්මන් පසුව පැවසු පරිදි ඒ දූපත අතිසුඛෝපභෝගී එකකි. ඔහු එහි නිවසන්නේ හුදෙ කලාවය. රොඞ්ස් සමග ගිය වයිස් ස`ගරාවේ මාධ්‍යවේදී රයන් ඩෆි කියන පරිදි උන් සමාජයීය වශයෙන් එතරම් ළගන්නාසුලූ මිනිසෙක් නොවේ. ආචාරය සඳහා අතට අත දෙනවිට ඔහු කෙළින් මුහුණ නොබලයි. අමුත්තන් සමග එළිවෙන තුරු මද්‍යපානයෙන් සප්පායම් වන්නට කැමති උන් ඒ සඳහාද අධික වියදම් දරයි. ඉන් ඇතිවන වෙරිමත සහ වෙහෙස නිවාරණය කරගැනීම සඳහා ඔහු ස්ව්ට්සර්ලන්තයෙන් ආනයනය කරන ලද හුමාල කට්ටලයක් භාවිත කරයි. එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (නාමමාත‍්‍ර) ඇඩො 506කි.

එරට දිළිඳුකම ගැන උදාහරණයක් මෙසේ ය. දුර පෙදෙසක එක් ගොවියෙක් පසුගිය ජනවාරි පෙබරවාරි මාසවල ඇති වූ සාගතය දරාගත නොහී සිය දරු දෙන්නා මරා මස් කෑවේය. සිද්ධිය හෙළිදරව්වීමෙන් පසු හමුදාව ඔහු වෙඩි තබා මරා දමන ලදි. ඒ සාගතයෙන් 10,000ට අධික පිරිසක් කුසගින්නෙන් මරණයට පත්වූහ.

පසුගිය මාර්තු මාසයේ උන් ඝාතනය කරන්නට දකුණු කොරියාව විසින් කරන ලද අසාර්ථක සැලසුමක් පිළිබඳව තොරතුරු එරට රහස් ඔත්තු සේවා විසින් අනාවරණය කර ගන්නා ලදි. මෙයින් ඔහු මහත් සේ කැළඹුණු බව ප‍්‍රකටය. ඊට ප‍්‍රමුඛ හේතුව වූයේ එය සැලසුම් කරන ලද්දේ තමාට සම්බන්ධ පුද්ගලයන් විසින් බව දන්වනු ලැබීමයි. සිය අතීත පෙම්වතියගේ සිට මාමා දක්වා පුද්ගලයන් ගණනාවක් ඝාතනය කිරීමට ඔහු යොමුවීමට හේතුව එය විය හැකි බව පැවසේ.

තාඒක් වෙඩි තබා ඝාතනය කරන ලද බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය දෙසැම්බර් 12දා නිවේදනය කළේය. එහෙත් 13දා හොංකොංහි චීන බසින් පළවන ටැබ්ලොයිඩයක පළවූයේ ඔහු නිරුවත් කොට දින 3ක් නිරාහාර බවට පත්කරනු ලැබූ බල්ලන් 120ක් දෙනා අබිමුවට ඔහු තල්ලූ කර දමන ලද බවයි. මෙපුවත ඊට සති දෙකකට පසුව ඉංගී‍්‍රසි බසින් සිංගප්පූරුවේ පළවන ‘ස්ටේ‍්‍රට්ස් ටයිම්’ නමැති දිනපතා පුවත්පතේ පළවිණ, පසුගිය සතිය වන විට එය බටහිර මාධ්‍ය විසින් සත්‍ය පුවතක් ලෙස වාර්තා කළැ’යිද ගාඩියන් වෙබ් අඩවියේ පසුගිය 06දා සඳහන් වෙයි. එහෙත් මෙහි නිරවද්‍යභාවය ගැන සැක පහළ වී ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

මේ අතර පසුගිය අ`ගහරුවාදා තිම් ක්යොන් හුයි (67) ද මරණයට පත්වූ බව වාර්තා වෙයි. තරු3 ජනරාල්වරියකව සිටි ඇයගේ මරණයට හේතුව හෘදයාබාධයක් ද නොඑසේ නම් සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳ ස්ථිර වාර්තා නොමැත.

ravaya -

No comments

Powered by Blogger.