Header Ads

බුබුල -- තිසරණී ගුණසේකර

සියලූම ඝනද්‍රව්‍ය උණුවී වාෂ්ප බවට පත්වේ.සියලූම ශුද්ධ වස්තු කෙළෙසී යයි.: මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනය

අමතකවී යමින් තිබෙන එක්තරා ඈත එපිට කාලයක ඇමරිකාවේ එන්රොන් නමින් දැවැන්ත ව්‍යාපාරික ආයතනයක් තිබුණේය. ඇමරිකාවේ වඩාත්ම නව්‍යකරණයෙන් යුතු සමාගම ලෙස ෆෝචූන් සඟරාවෙන් පිට පිට හයවසරක් විරුදාවලි ලත් එය දේශපාලනඥයන්ගේ සහ වෝල්වීදියේ ව්‍යාපාර ලෝකයේ නොමඳ පැසසුමට ලක්විය.

‘එන්රොන්’ මේ නව නැමියාවන්ගෙන් ඉහළට නැග ඒම සඳහා තදබල ලෙස රැුකගත් රහසක් වූයේය. ඒ නිර්මාණාත්මක ගිණුම් තැබීමය. ඔවුහු තමන්ගේ ලාභ පුම්බා පෙන්වීමට ගිණුම් ව්‍යාජ ලෙස සකස් කිරීම පුරුද්දක් කරගත්තෝය. මේ රැුවටිල්ල එළිවීමට පටන් ගත් විට එහි ඉහළින් වැජඹුණු සභාපති කෙනත් ලේ සහ අනෙකුත් ඉහළ විධායකයන් ඇප ලබාගෙන බේරුණේ ඔවුන් සතු කොටස් ඉහළ ලාභ තබාගෙන විකිණීමෙනි. එහි ලිපිකරුවන් හා කම්කරුවන්ට අවශ්‍ය වූ විට කොටස් විකිණීම තහනම් කෙරිණ. ඔවුන්ට ජීවිත කාලයක් කළ ඉතුරු කිරීම් සහ විශ‍්‍රාම වැටුප් අහිමි විය. එන්රොන් කඩා වැටීම සහ අනතුරුව සිදුවූ ඇමරිකන් කොටස් වෙළෙඳපොළේ බිඳවැටීම පිළිබඳව ඉකොනොමිස්ට් සඟරාව චෝදනා කළේ ‘වැරදි ආකාර ගිණුම් තැබීම්, කෑදර කළමනාකරුවන් සහ අඥාන ආයෝජන තීරණ’වලටය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පසුගිය සතියේ තහවුරු කළ ලෙසට ශ‍්‍රී ලංකාවද යන්නේ ‘එන්රොන්’ ගිය මාර්ගයේය.

තමන්ගේ ජාතික ගිණුම් නිර්ව්‍යාජ නොවීම ගැන කිසිදු සිහිබුද්ධිය ඇති ආණ්ඩුවක් නොසලකා සිටින්නේ නැත. එහෙත් පවුල් පාලක කල්ලියද අලූතින් ගොඩනැගූ සමාගම් මෙන්ම සිහිබුද්ධියෙන් තොර වූවකි. දෙගොල්ලටම අවශ්‍ය තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම පමණි. රට අන්තයටම පිරිහුණත් මොනවා අහිමි වුවත් ඔවුහු තම පුද්ගලික ලාභ සහ පවුල් බලය පවත්වා ගැනීම සඳහාම වෙර දරති. තනතුරෙන් ඉවත් කරන ලද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ එච්.එස්. වනසිංහ වසර 30ක පළපුරුද්ද ඇති සංඛ්‍යා ලේඛනඥයෙකි. ඔහුට එරෙහි විනය පරීක්ෂණයේදී පළමු කාර්තුවේ තක්සේරු කළ වර්ධන අනුපාතය 5.4%ක් බව සඳහන් වාර්තාව අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යැවූ පසු සිදුවු දේ එළිකර ඇත. ‘2013 ජූනි 6 උදේ 8.30 මගේ ජංගම දුරකතනය ඇමතූ අධ්‍යක්ෂ ජෙනරාල් මා කැඳවූයේය. මා විසින් සකස් කළ තක්සේරු ඔහු බැලූ බවත් කෘෂිකර්ම, බැංකු, අභ්‍යන්තර වෙළෙඳාම්, විදුලිබලය, ආහාර සහ දුම්කොළ යන අංශ නැවත පරීක්ෂා කරන ලෙසත් ඔහු කියා සිටියේය. භාණ්ඩාගාරය සහ මහ බැංකුව කර තිබෙන විස්තර ප‍්‍රකාශයන් සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙසත් ඔහු පවසා සිටියේය. ජූනි 13දා අදාළ නිලධාරීන් සමග දීර්ඝ සාකච්ඡුා කිරීම්වලින් පසුව වර්ධන අනුපාතය 5.5% ලෙසට ගණනය කරන ලදි.’ වනසිංහ මහතා පවසන්නේ මෙසේය. ‘2013 ජූනි 13 හවස 4.53ට මා විද්‍යුත් තැපෑලෙන් පළමුවැනි කාර්තුවේ ගිණුම් අධ්‍යක්ෂ ජෙනරාල්ට යැව්වා. ඉන්පසු මා සති අන්තයට ගෙදර ගියා. මා අසනීපව සිටි බැවින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිගමුනිට දන්වා මා නිවසේ සිටියා. පැය භාගයකට පසුව නිගමුනි මහත්මිය මට කතා කර ආර්ථික වර්ධන වේගය 6%ක් වෙනස් කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්ට අවශ්‍ය බවත් එබැවින් වහාම එය 6%කට වෙනස් කළයුතු බවත් පැවසුවා.’

පවුල් පාලන තන්ත‍්‍රය තුළ රටම වැඩකළයුත්තේ රාජපක්ෂලාගේ තාලයට අනුවය. තමන්ගේ සංවර්ධන ආශ්චර්යය පෙන්වීමට සහෝදර කල්ලියට ඉහළ වර්ධන වේගයක් පෙන්වුව මනාය. ඒ සඳහා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වූ මහ බැංකුව වෙත ඊට අවශ්‍ය සංඛ්‍යා ලේඛන ඉලක්කම් ලබාදිය යුතුය.

රාජපක්ෂලාට සුවදායක වන සංඛ්‍යා ලේඛන ඉලක්කම් සකස් කිරීම ගැන මුල්ම අනතුරු ඇඟවීම ආවේ විගණකාධිපතිගෙනි. 2006 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ රජය ඉදිරිපත් කර ඇති ආදායම් බදු හා අපනයන ආදායම් සංඛ්‍යා ලේඛන නොමගයවනසුලූ බව ඔහු සඳහන් කළේය. ඊට පිළියම් යොදනු වෙනුවට මුදල් අමාත්‍යාංශය කළේ විගණකාධිපතිට දොස් පැවරීමයි. ‘‘බදු අයකිරීමේ දුර්වලතා නිසා රුපියල් බිලියන 360ක ආදායමක් අහිමි වූ බව මුදල් අමාත්‍යාංශය පිළිනොගනී. රුපියල් බිලියන 22ක බදු හිඟයක් ඇති බවට කරන ලද ප‍්‍රකාශයද එය ප‍්‍රතික්ෂේප කරයි. එම සංඛ්‍යාවන් නැවත පරීක්ෂා කළ යුතුව තිබේ.’’ මේ අතර අසාර්ථක දේශපාලනඥයකු හා ගණකාධිකාරියකු වන මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් වර්ධන අනුපාත වැඩිකර පෙන්වීම පිළිබඳව වනසිංහ මහතාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරයි.

සමස්ත දත්ත රැුස්කිරීමේ ක‍්‍රමය පහතට හෙළන අයුරින් කටයුතු නොකරන මෙන් ඔහු විවේචකයන්ට අනතුරු අඟවයි. වනසිංහගේ චෝදනා පිළිබඳව මහ බැංකු අධිපති කීවේ තමා පුද්ගලිකව ගිණුම් පරීක්ෂා කළ බවත් දෙපාර්තමේන්තුව දෙනු ලැබූ දත්ත සැක කිරීමට හේතුවක් නොමැති බවත්ය. එහි අදහස මේ සම්බන්ධව කිසිම පියවරක් නොගන්නා බවය. රාජපක්ෂ අධිකරණයද රාජපක්ෂ සංඛ්‍යා ලේඛන වැනිම බැවින් වනසිංහ මහතා සිය මූලික අයිතිවාසිකම් නඩුව පරදිනු ඇත. ඔහුට අත්වන ඉරණම ඔහුගේ සගයන්ටද පාඩමක් වනු ඇත. යම් දිනක මූල්‍ය ජලාශය බිඳී යනතුරු නිහඬතාව පවතිනු ඇත. 1987 පෙබරවාරිවලදී එන්රොන්හි අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීහු දෙදෙනෙක් ඔහුගේ ගැත්තන් දෙදෙනකු සමාගමට වංචා කළ බවට සාක්ෂි ඇති බව සභාපති කෙනත් ලේට පැවසූහ. සමාගමේ මූලික විධික‍්‍රමය ව්‍යාජ ගිණුම් පෙන්වීම බව සහ සභාපති ලේ ද එහි ප‍්‍රතිලාභියකු වන බව විගණන නිලධාරීන් දැන සිටියේ නැත. ශ‍්‍රී ලංකාවේද වනසිංහ එළිදරව් කිරීම් සහ විගණකාධිපතිගේ අනතුරු ඇඟවීම් නොතකා සිටින්නේ ව්‍යාජ ගිණුම් යොදාගන්නේ රාජපක්ෂලාගේ සංවර්ධන පුරසාරම තහවුරු කිරීම සඳහා බැවිනි. ‘කිසිදු සිවිල් වැසියකුට හානි නොවීම’ පවත්වාගන්නේ මානුෂික මෙහෙයුමට රුකුළක් දීමටය. අයවැයේ ණය පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 722 ඇතුළත් නොකිරීම සහ සංවර්ධනයට වෙන් කරන ලද මුදල් අවභාවිත කිරීම පිළිබඳව 2007දී ශ්‍රේෂ්ඨාධිකරණය රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කළේය. භාණ්ඩාගාර නිලධාරීන් මින් රුපියල් බිලියන 22ක් මාරු කරන ලද අතර විදේශ සංචාර හා වාහන මිලදී ගැනීමට සහ අනෙකුත් විවිධ වියදම් සඳහා ඒවා යොදාගන්නා ලදි. අර්ථසාධක අරමුදලේ තදබල ගිණුම් දෝෂ පවතින බවත් කළමනාකරණය අකාර්යක්ෂම බවත් 2012දී විගණකාධිපති අනතුරු ඇෙඟව්වේය. 2005-2008 කාලය තුළ සාමාජික මුදල් සහ උසාවි දඩ ගාස්තු වශයෙන් ලැබූ රුපියල් මිලියන 62ක් සාමාජික ගිණුම්වලට නොයොදා 2010 රජයේ ආදායමට එක්කර ඇත. රාජපක්ෂලා දිගින් දිගටම ජනතාව තුළ බර පටවමින් සහ අලූතින් ණය ලබාගනිමින් ඔවුන්ගේ ආර්ථික සියදිවි හානි වන කටයුතුවල යෙදී සිටිති. 2014 අයවැයට අනුව පැනවූ බදු හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නගිනමුත් උද්ධමනය වෙනස් නොවී හෝ සමහරවිට අඩුවෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාවේ ණය රුපියල් ටි‍්‍රලියන 5.63ක් වී ඇත. වසර 10කින් කල් පිරෙන රාජ්‍ය බැඳුම්කර මගින් ඇමරිකන් ඩොලර් මිලියන 1000ක් උපයා ගැනීමට පාලක කල්ලිය සැලසුම් කරමින් සිටී. දැනටමත් ඇමරිකන් ඩොලර් මිලියන 4000ක බැඳුම්කර නිකුත් කොට ඇත. 2013 කල්පිරුණු මුල් ඇමරිකන් ඩොලර් මිලියන 5000 බැඳුම්කර පියවන ලද්දේ ඩොලර් මිලියන 1000ක බැඳුම්කර නිකුත් කරමිනි. 2015 මීළඟ බැඳුම්කර කල්පිරීමට නියමිතය. 2013 සම්පූර්ණ ණය සේවා වියදම ඇමරිකන් ඩොලර් මිලියන 1500 (රුපියල් බිලියන 1070) කි. 2004දී ඇමරිකන් රජය සභාපති ලේට සහ අවශේෂ ඉහළ නිලධාරීන්ට නඩු පැවරුවේය. රාජපක්ෂ පාලනය පවතින තාක් කල් ඔවුන්ට අවශ්‍ය පරිදි කෙරෙන වංචාවලට දඬුවම් ලැබෙන්නේ නැත. රටේ ආර්ථික හා මූල්‍ය තත්ත්වය නරක අතට හැරෙන තත්ත්වය තුළ සංවර්ධන බොරුව එළිවන අතර ජනතාව රවටා තව තව වංචා කෙරෙනු ඇත. යම් දිනක පවතින යථාර්ථය විනාශකාරී බලවේග යටපත් කරනු ඇත.

බුබුල ඉදිරියේ පුපුරා යන බව සහෝදර කල්ලිය දනිති. ඔවුන් හමුදාව ශක්තිමත් කරමින් රාජපක්ෂකරණය කරන්නේ එබැවිනි. සිංහල බෞද්ධයන් සුළු ජාතීන්ට පහරදීමට උසිගැන්විය නොහැකි නම් හමුදාවට සිංහල බෞද්ධයන්ට වෙඩි තැබීමට අණ ලැබෙනු ඇත.

ravaya -

1 comment:

  1. ane thisarani ube wadak balagena idapan ban,ubata wediya mole thiyena aya me rate innawa

    ReplyDelete

Powered by Blogger.