Header Ads

දෙවරක් නිදිපෙති බිවූ කවුද මේ ලක්ෂ්මන් හුළුගල්ල

යුද්ධය පැවැති කාලයේ නම් ලක්ෂ්මන් හුළුගල්ලගේ නම මෙන්ම ඔහුගේ රූපකාය රට්ටුන්ට  හොඳටම හුරුපුරුදුය. ඒ ඔහු යුද්ධය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය වූ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ බැවිනි. එකල ඔහු කොළඹ සමාජයේ හැඳින්වූයේ මහා බලසම්පන්න  චරිතයක් ලෙසය.
ලක්ෂ්මන් හුළුගල්‍ලේ යුද්ධය සමග රටේ බලසම්පන්න චරිතයක් බවට පත් වුවද කොළඹ සමාජයේ ඇත්තෝ ඔහුගේ වගතුග  දන්නේ බොහෝ  කලකට පෙර සිටය. ඒ ඔහු ජේ.ආර්. ජයවර්ධන හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගවලදී දේශපාලනයේ තිරය පිටුපස රඟපෑ  භූමිකාව නිසාය.
සිය මුල්ම රැකියාව ලෙස
ලක්ෂ්මන්  හුළුගල්ල තෝරා ගන්නේ හෝටල් කළමනාකරණයයි. ඒ වෘත්තියට එකතුවීමට පෙර සිටම ඔහුට ගාමිණී දිසානායක හඳුනාගන්නට ඉඩ ලැබුණේය. මේ හේතුවෙන් ගාමිණී  දිසානායක ඉඩම් සංවර්ධන හා මහවැලි  සංවර්ධන ඇමැතිවරයා ලෙස පත්වූ  කල්හි ඔහුගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා ලෙස පත්වූයේ ලක්ෂ්මන් හුළුගල්ලය. ඉක්බිතිව හුළුගල්‍ලේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලටද ක්‍රියාකාරී ලෙස සහභාගි වී පක්ෂයේ තනතුරුද දැරුවේය. පසුකලෙක ඔහුට එජාපයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඡන්දය ඉල්ලීමට  අවස්ථාව පෙනි පෙනී තිබියදී  අවාසනාවකට මෙන් එය අහිමි විය.
මේ අතර ගාමිණී දිසානායක ජනපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කළ  අවස්ථාවේ දී තිරය පිටුපස දේශපාලන කටයුතුවල හුළුගල්ලද හුන්නේය. වරුණ කරුණාතිලක ලියූ දෝෂාභියෝගයේ ඇතුළු පැත්ත කෘතියේ දැක්වෙන පරිදි ජනපති ‍ලේකම් කාර්යාලයට දෝෂාභියෝග යෝජනාව භාර දුන් පසු ලක්ෂ්මන් හුළුගල්ල ‍පොලිස්පති කතා කරන ආකාරයට ජනපති ‍ලේකම් කාර්යාලයට කතා කර ජනපති ‍ලේකම්වරයා සිටීදැයි විමසුවේය. ජනපති ‍ලේකම්  කාර්යාලයේ සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු කථානායක එම්.එච්. මොහොමඩ් ජනපති ‍ලේකම්ට කතා කර දෝෂාභියෝග ලිපිය ලැබුණි දැයි අසා තිබෙන බව එම කෘතියේ දැක්වේ. දෝෂාභියෝගයේදී ලක්ෂ්මන් හුළුගල්ලගේ භූමිකාව වරුණ කරුණාතිලකගේ කෘතියේ තවදුරටත්  දැක්වෙන්නේ මෙසේය.
මේ පිළිබඳ පුවත (දෝෂාභියෝගය) දිසානායකගේ පෞද්ගලික ‍ලේකම් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින් ඔබරෝයි හෝටලයේ වැඩ කරන ඔහුගේ මිතුරියකට හෙළි කරන ලදී. ඈ ඒ රහස ගුවන් සේවා කාර්යාලයක එවකට වැඩ කරමින් සිටි තමාගේ පැරණි හාම්පුතාට කීවාය. මේ කතාව තවත් කිහිප දෙනෙකුටද ගියේය.
දෝෂාභියෝගයෙන් පසු ලලිත්  ගාමිණී ඇතුළු පිරිස එජාපයෙන් දොට්ට දැමූ පසු ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත්හ. ගාමිණී සමග එජාපය හැරපියා ගිය  හුළුගල්‍ලේ  නව පක්ෂයේ නිකවැරටිය  ආසන සංවිධායකවරයා ලෙස පත්විය. ටික දොහක් යන විට පක්ෂයේ ඇති වූ අභ්‍යන්තර ප්‍රශ්නයක් හේතුවෙන්  ඔහු ඉන් ඉවත්  වූයේය. හුළුගල්ලගේ ඊළඟ නවාතැන වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය. අනූහතරේ ජුනි මාසයේ දී ඔහු චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංගගේ අතින් ශ්‍රී ලනිප සාමාජිකත්වය ගත්තේ රොස්මිඩ් නිවසේය. අනූ හතරේ ‍පොදු පෙරමුණ ආණ්ඩුව පිහිට වූ කල්හි ඔහු කම්කරු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා  ලෙස පත්විය. ඉක්බිතිව සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකවරයා ලෙසද පත්විය.
ලක්ෂ්මන් හුළුගල්‍ලේ  නම රටේ ආන්දෝලනයට පත්වූයේ චන්ද්‍රිකා සමයේ වූ කුප්‍රකට චැනල් 9 ගනුදෙනුවට ඔහුගේ  නම ගෑවීම නිසාය.
මේ සිද්ධිය හේතුවෙන් ලක්ෂ්මන් හුළුගල්‍ලේ රහස් ‍පොලීසියේ අත්අඩංගුවට පත්ව හතරවැනි තට්ටුවේ ළගින්නට පවා සිද්ධ විය. ඒ පිළිබඳ ඔහු තම චරිතාපදානය වන ලක්ෂ්මන් කෘතියේ සඳහන් කරන්නේ තමා ‍පොලිස් අත්අඩංගුවට පත්වූයේ චන්ද්‍රිකා හා සනත්ගේ බලපෑමට බවය. කෙසේ නමුදු චැනල් 9  සිද්ධියෙන් නිදහස් වූ ඔහු දෙදහස් පහෙන් පසු රාජ්‍ය ආයතන කීපයක ප්‍රධාන තනතුරු කීපයක් ද ඉසිලීය. ඒ අතර පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, කොමර්ෂල් බැංකුවේ රජයේ පත් කළ අධ්‍යක්ෂ මෙන්ම,රාජ්‍ය නොවන සංවිධාන ‍ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්විය.
ලක්ෂ්මන් හුළුගල්ලගේ මුහුණ රට්ටුන්ට හොඳ හැටි මතක හිටින්නට පටන් ගත්තේ ඔහු  ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමත් සමගය.
එතැන් සිට සත් වසරක් පුරා ක්‍රියාත්මක වූ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය මෙන්ම එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරයද හිටි හැටියේම එක රැයකින් අහෝසි කෙරුණේ ඉකුත් දෙසැම්බරයේදීය. එය නිවේදනය කරනු ලැබුවේ ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක විසිනි.  රජ ගෙදර පරෙවියා මෙන් හුන් ලක්ෂ්මන් හුළුගල්ලගේද තටු සිඳුණේ එම නිවේදනයත් සමගය.
හෙණ ගෙඩියක් පහත් වුණාක් මෙන් ලක්ෂ්මන් හුළුගල්ල දැරූ තනතුර අහිමි වීමට ආසන්නම හේතුව ලෙස  පැවසෙන්නේ ආන්දෝලනයට තුඩු දුන් කොළඹ පුරහල අසල බූරු‍පොළක් වැටලීමේ  සිද්ධියෙන් පසු සලාකා ආයතනයේ හිමිකරුවෙකු වන ගාමිණී නෙත්තිකුමාර  හෙළි කළ කතාවකි. මේ සිද්ධිය කෙතරම් දුරදිග ගියේදැයි කිවහොත් පාර්ලිමේන්තුවේ පවා මේ පිළිබඳ ප්‍රශ්න කෙරුණි.  බූරු‍පොළ වැටලූ ‍පොලිස් නිලධාරීන් මාරු කළේ ලක්ෂ්මන් හුළුගල්ලගේ බලපෑම් බවට   චෝදනා  එල්ල වුණිද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම ලක්ෂ්මන් හුළුගල්ලද එකී චෝදනා ප්‍රතික්‍ෂේප කළහ.
දියණිවරුන් තිදෙනෙකුගේ පියෙකු වන ලක්ෂ්මන් හුළුගල්ලද පිළිගන්නා පරිදි ඉකුත් කාලයේ ඔහුගේ ජීවිතයට කාන්තාවක සමීප වූවාය. ඒ පිළිබඳව  ලක්ෂ්මන් - ඔහු තම මව්බිමට යුතුකම ඉටු කළේය. (කර්තෘ දයාවංශ කරුණාමුණි) යන කෘතියේ 482 හා 483 යන පිටුවල  සඳහන් වන්නේ මෙසේය.
මෑත කාලයේ ලක්ෂ්මන් හා සමීප වූ  අය අතරින් සුවිශේෂී කාන්තාවක් සිටී.  අනේකවිධ ගැටලුවලට  මුහුණ දී ජීවිතය ජය ගන්නට තරම් ශක්තියක් තිබූ ඇය මෙරට කාන්තාවන් අතර සුවිශේෂත්වයට පත් වූයේ ධෛර්යවන්තභාවය නිසාමය. තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලුවලට මැය මුහුණ දෙන අයුරු ලක්ෂ්මන් බොහෝ විට බලා සිටියේය. කුමන ගැටලුවලට මුහුණ දුන්නද ජීවිතය ජයගන්නට ඇති ඕනෑකමත් ධෛර්යයත් කිසිදා ඇගෙන් ඈත් නොවූ අයුරුද පුදුම සහගතය. මෙරට සමාජය  තුළ කාන්තාවක් ලෙස ඇයට උසස් තත්ත්වයකට පැමිණෙන්නට ඒ ධෛර්යය සම්පන්න  බවම හේතු විය.
ඇය කෙරෙහි ලක්ෂ්මන් තුළ ගෞරවයක් මෙන්ම සුහදත්වයක් ඇතිවන්නට මෙම කරුණු බෙහෙවින් හේතු විය.  තමන් ජීවිතයේ දී මුහුණ දුන් බොහෝ අත්දැකීම් ලක්ෂ්මන්ගේ අනාගතය වෙනුවෙන් ඇය නිරතුරුව ගළපන්නට උත්සාහ කළාය.  අනේක විධ රාජකාරි හා සමාජ ගැටලුවලින් පීඩාවට පත්ව සිටි
ලක්ෂ්මන්ට එය මහත් සහනයක් විය. එපමණක්ද නොව තම කටයුතු නිරවුල්ව පවත්වාගෙන යාමට ලක්ෂ්මන්ට එම පසුබිම මහත් පිටිවහලක් ද විය.
මේ සියල්ලටත් වඩා ඇගෙන් ලැබුණු ආදරයත්, සෙනෙහසත් , කරුණාවත්, දයාබර බවත් ලක්ෂ්මන්ගේ ජීවිතය වඩාත් අර්ථවත් වන්නටද හේතු වූ බව සිහිපත් කළ යුතුමය. එසේ වුවද ඇය ඇතැම් අවස්ථාවල ලක්ෂ්මන්ගේ ඇතැම් දුර්වලකම් විවේචනය කළාය. ඇය ඒ සියල්ල කළේ ආදරය සහ සෙනෙහස නිසාය.
කලාවට මහත් වූ ලැදියාවක් ඇති ඇය සමග ලක්ෂ්මන් එක්ව කටයුතු කළ සුවිශේෂ මොහොතක් වූයේ නෙළුම් ‍පොකුණ මහින්ද රාජපක්ෂ රඟහ‍ලේ පැවැති පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වන ජන්ම දින ගී සංදර්ශනයයි. එහි සාර්ථකත්වය ජීවිතයේ තවත් බොහෝ කටයුතු රැසක ආරම්භයකට මගපෙන්වන්නක් ද විය.
නෙළුම් ‍පොකුණේ පැවැති සංගීත ප්‍රසංගය සංවිධානය කිරීමේලා සුධර්මා නෙත්තිකුමාරි ද කැපී පෙනෙන කාර්යයක් ඉටු කළාය. ඇය සලාකා සෙන්කඩ අධිපති ගාමිණී නෙත්තිකුමාරගේ විවාහක බිරියය.
බූරු‍පොළ වැටලීමෙන් පසුව ගාමිණී මාධ්‍යයට කළ ප්‍රකාශයේදී සිය බිරියට චෝදනා කළේ ඇය තමාටත්  දරුවන්ටත් කරන බලපෑම්ද හෙළිකරමිනි. ඒ සාකච්ඡාවේදී ඔහු කීවේ තම බිරියට බලසම්පන්න චරිතයක රැකවරණය ලැබි ඇති බවය.
මේ අතර ලක්ෂ්මන් හුළුගල්ල නිදිපෙති පානය කිරීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කෙරුණි. ඒ අවස්ථාවේදී ඔහුගේ දිවි ගලවා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ. ඉක්බිතිව ඔහු යළිත් වරක් නිදිපෙති බිවේය. ඒ ඉකුත් විසි හය වැනිදා රාත්‍රියේ මහනුවර හෝටලයකදීය. නිදිපෙති  බිම හේතුවෙන් අඩසිහියෙන් පසුවූ ඔහු හෝටල් බලධාරීන් එළියට ගෙන ඇත්තේ කාමරයේ දොර කඩාය. ඔහු නිදිපෙති බි ඇති බව හෝටල් බලධාරීන් දැනගෙන ඇත්තේ පිටතින් පැමිණි දුරකථන ඇමතුමකිනි. දැනගන්නට ලැබි තිබෙන පරිදි නිදිපෙති බි ලක්ෂ්මන් හුළුගල්‍ලේ ඒ බව සිය සමීපතමයකුට පවසා තිබේ. හෝටලයට දුරකථන ඇමතුමදී ඇත්තේ එම නාඳුනන පුද්ගලයාය.
කෙසේ නමුදු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ලක්ෂ්මන් හුළුගල්‍ලේ මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ උදරය  විරේක කර දිවි ගලවා ගැනීමට වෛද්‍යවරු  මෙවරත් සමත් වූහ.
ඔහු ක්ලෝනිපෑන් නිදිපෙති පහළොවක් පමණ පානය කරඇති බව වෛද්‍ය පරීක්ෂණයෙදී හෙළි වී තිබුණි. මහනුවර රෝහලෙන්  ප්‍රතිකාර  ලැබිමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා  කොළඹ ජාතික රෝහලට මාරුකර යවනු ලැබිය.
කෙසේ නමුදු මහා බලසම්පන්න චරිතයක් ලෙස කලක්  වැජඹුණු ලක්ෂ්මන් හුළුගල්‍ලේ දෙපාරක් නිදිපෙති පානය කළේ නින්ද යාම පිළිබඳ ප්‍රශ්නයකට නම් නොවන බව පැහැදිලිය. මක් නිසාදයත් නිදිපෙති වැඩි ප්‍රමාණයක් බොන්නේ සදාකාලික නින්දක් අපේක්ෂා කරන පුද්ගලයන් වීම හේතුවෙනි. එසේ නම් ලක්ෂ්මන් හුළුගල්ල එවැනි දෙයක් බලා‍පොරොත්තු වන්නේ ඇයිද? ඊට පිළිතුර දන්නේ ලක්ෂ්මන් හුළුගල්ලමය.

මිහිරි ෆොන්සේකා

4 comments:

  1. ජගත්චන්ද්‍ර පෑරිසියFebruary 4, 2014 at 1:07 AM

    මෙ හුලුගල්ල කියන තනත්තා දෙශපාලනයෙන් බිලියන ගනන් උපයා ගත් දෙශපලන ප්‍රපත්තියක් නොමෙති . තමාගේ වාසිය තකා ඔනෙම පක්ශයකට පිල් මාරු කිරිමට දක්ශයෙකි. පසු ගිය කාලයේ මොහු වඩා ජනප්‍රියා වුයේ හුලා යන අන්වර්ත නාමයෙනි . හුලා නම එසුන විගස ඔනෙම පොඩි එකෙක් පවා දන්නේ මොහු ගනිකා වෙවයට බොහො උදව් කරන හොර සූදු පොලවල් වලට උදව කරන හොර සූදු සහ හොර ගනිකා මඩම් මෙහෙයවන උදවියට රාජ්ය මට්ටමෙ මහජන මුදලින් නඩත්තු කරනා විශෙශ බලක සෙබලුන් සහ පොලිසිය යොදවා ආරක්ශාව සෙපයිම පිලිබන්දවය . මොහුගෙ විවාහක බිරින්ද මෙයට අනුමතිය දී තිබේනම් ගනිකා පහස හොර රහසේ සපයා ගත්තාට කිසිවක් කිමට නොහෙකිය . එහෙත් මොහු ගනිකා පහස ලෙබුවෙ සමාජයෙ එලිපිටම සහ හොර සූදු පොලවල් වලට ආරක්ශාව සෙපයුයෙත් එලිපිටමය . වෙනත් මිනිසිකුගෙ විවාහක බිරින්දක් එම සෙමියාව රාජ්ය බලය යොදා බියා වද්දා සෙමියට බිරින්ද ගවට යෙමට ආරක්ශක නිලදරින්ගෙ අනුමතිය ලෙබුනට පසු බිරින්ද ඩෙක බලා ගෙනිමට ඉඩ දුන්නෙ මෙම හුලුගල්ල හෙවත් හුලාය . රටක අවනිතියත් බිශනයත් පවත්වා මෙම කරන්නා වු දෙවලට මුන්ට කවදා කෙසේ හො පල විපාක වින්දිමට සිඩුවන එත. තනකොල කන පුන්නක්කු බොන චන්ද දයකයින් බහුතරය නිසා මෙවෙන්නන් පාර්ලිමෙන්තුවෙ රජ කිරුල දරති . මහජන බදු මුදල් වලින් නඩත්තුවන මොවුන් තව එම මහජන මුදලින් ගනිකාවන් සහ හොර සූදු පොලවල් රෙකිමටත් ආර්ක්ශාව සෙලසිමටත් සෙරසි සිටිති . මෙයත් මහින්ද චින්තනයෙ අවසාන පිටුවල සන්දහන් විය දෙයක් විය යුතුය . එහෙත් එවා කියවිමට පෙර කවුරු හො විනශ කර තිබේ . අද අපි ඉන්නේ ආසියාවෙ අයිශ්චර්යමත් රටවන සිරි ලන්කාවෙ නිසා මෙවත් අයිශ්චර්ය දෙවල් කියා සිත සදා ජිවත් වන්නට සිදුව තිබේ

    ReplyDelete
  2. නිදිපෙති බීපු හුලාගේ රෝහල් ගාස්තු ගෙවල තියෙන්නේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සල්ලි වලින්. හුලා NLDB Deputy Chairman. Muu ratama danna horek.

    ReplyDelete
  3. හුලාගෙ හොර ගේනිගෙ යාලුවෙක්February 4, 2014 at 11:51 AM

    හුලා ගනිකාවන් සරන පතා ගියාම එකට බිල ගෙවන්නෙත් රජයෙන් (මහජන මුදල් ) මු හුලා නිදි පෙති ගත්තම රොහල් බිලත් රජයෙන් ( මහජන මුදල් ) මු සූදු කෙලින්න ගිහින් අහුවෙල දඩ ගෙහුවත් එවත් රජයෙන් ( මහජන මුදල් ) මු මෙරුනත් මුන්ගෙ මරන වලටත් රජයෙ මුදලින් එවත් . තොපි වගේ උන් ඉක්මනට මෙරියන් . හුලාගෙ හුලන් ගියා නම් මහ ජනතාවට පොඩ්ඩක් බර අඩු වෙනවා. හුලාගෙ හොර ගෙනුන්ට රාජකිය ආරක්ශවට මුදල් ගෙවල අහුවෙලා මූ ෆුල් චාටර් වෙලා. එකයි මූ නිදි පෙති ගෙහුවේ

    ReplyDelete
  4. dittata damma wedaniya karma....

    ReplyDelete

Powered by Blogger.