අනුරට පුළුවන්ද?
‘සෝමවංශ අමරසිංහ ඇයි අයින් වුණේ...?’
මේ දවස්වල බොහෝම දෙනෙක් කතා බහ කරන මාතෘකාව ඕකය.
ඒකට හේතුවක් තිබේ. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන පක්‍ෂවල නායකයන් මැරෙනකම් නායකත්වයේ ඉන්න දඟලන දැඟලිල්ල නිසාය. තමන් හිතල තීරණය කරල නායකත්වයෙන් ඉවත් වූ නායකයන් ඉන්නේ තුන් දෙනෙකි. එක් කෙනෙක් ඩඩ්ලි සේනානායකය. ඩඩ්ලි 1953 හර්තාලයට පසු අගමැති ධුරයෙන්ද, පක්‍ෂ නායකත්වයෙන්ද ඉවත් විය. අනෙකා සර් ජෝන්ය. ඔහු 1956 පරාජයට පසු ඉවත් විය. තුන්වැන්නා විජේතුංගය. ඔහු 1994 ජනාධිපතිවරණ පරාජයට පසු පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය. මේ ඔක්කොම යූ.ඇන්.පී. නායකයන්ය.
මෙරට වාමාංශික පක්‍ෂවල නායකයන් මැරෙනකම් අයින් වන්නේ නැත. ඇන්.ඇම්., වික්‍රමසිංහ, බර්නාඩ් සොයිසා ඒ සඳහා හොඳ උදාහරණය. මෙරට වම විනාශ වූයේද මැරෙන තෙක් නායකත්වයේ ඉන්න වාමවාදී නායකයන්ට අවශ්‍ය වූ නිසාය. ඔවුන් පක්‍ෂය තුළ තරුණ නායකයන් හදා තමන් වියපත් වන විට නායකත්වය ඔවුන්ට භාර දුන්නා නම් වමට මේ ඉරණම අත්වන්නේ නැත.
එහෙම බලන කොට සෝමවංශ ගත් තීරණය ශේර්ෂ්ඨ තීරණයකි. ජ.වි.පෙ. මේ රටේ විප්ලව තුනක් කර තිබේ. පළමුවැන්න ආයුධ සන්නද්ධ 1971 කැරැල්ලය. දෙවැන්න 88 - 89 ආයුධ සන්නද්ධ කැරැල්ලය. තුන් වැන්න 2004 - 2005 ප්‍රජාතන්ත්‍රවාදී කැරැල්ලය. පළමු කැරැලි දෙකේම ගෞරවය විජේවීරට යා යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී කැරැල්ලේ ගෞරවය හිමි විය යුත්තේ සෝමවංශටය. විජේවීර ජ.වි.පෙ. හදන්න බොහෝ දුෂ්කර ක්‍රියා කළ බව ඇත්තය. හැබැයි 88 - 89 භීෂණයෙන් පුච්චා අළු බවට පත් කළ ජ.වි.පෙ. ෆීනික්ස් පක්ෂියකු ලෙස යළි නැඟිටුවන්න සෝමවංශ විජේවීරට වඩා දුෂ්කර ක්‍රියා කළේය.
සෝමවංශ එදා විජේවීර සමඟ දිවි දුන් පක්‍ෂ සාමාජිකයන්ගේ අළු මතින් හදපු ෆීනික්ස් පක්ෂියාගේ තටු අද සිඳී යළි අළු බවට පත් වෙන ලකුණු පහළ වෙද්දී පසුගිය ඉරිදා නායකත්වයෙන් ඉවත් වූයේ ෆීනික්ස් පක්ෂියාට යළි තටු දෙන්නට විය යුතුය.
පෙබරවාරිය ජ.වි.පෙ.ට හරිම වැදගත් මාසයකි. මෙයින් හරියටම වසර 20කට පෙර 1994 පෙබරවාරියේදී ජ.වි.පෙ. තමන්ව අළු බවට පත් කළ යූ.ඇන්.පී. ආණ්ඩුවට පාඩමක් උගන්වන්න දකුණු පළාත් සභාව ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛ පොදු පෙරමුණට දිනා දෙන්න කැප වන්නේ අදිසි හස්තයක් ලෙසය. ජ.වි.පෙ. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ගමන පටන් ගත්තේ එතැනින්ය. එදා ජ.වි.පෙ. සාමාජිකයන් ශ්‍රී ල.නි.ප. වෙස් ගෙන දකුණේ ගම් නියම්ගම් පුරා ගොස් යූ.ඇන්.පී.යේ අවසානයක ආරම්භය චන්ද්‍රිකාගේ අතින් ලියවයි.
ගමනක මුල එතැනය. ඒ ගමනේ අග 2004 පෙබරවාරියය. ජ.වි.පෙ. ශ්‍රී ල.නි.ප.ය සමඟ සන්ධානගත වී යූ.ඇන්.පී. ආණ්ඩුව පෙරළන්න චන්ද්‍රිකාට බලපෑම් කොට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ 2004 පෙබරවාරි 07 වැනි දිනය. 2004 අප්‍රියෙල් බලයට පත් වන්නේ ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් නොව ජ.වි.පෙ. ආණ්ඩුවකි. ජ.වි.පෙ. මන්ත්‍රිවරුන් 49ක් තේරී පත්වී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය දිග්විජය කළේ 2004 දීය. 1971 විප්ලවය 1988 - 89 විප්ලයට මෙන්ම 2004 විප්ලවයත් ජයග්‍රහණයකින් අවසන් කරන්න ජ.වි.පෙ.ට නොහැකි විය. 1971 විප්ලවය අසාර්ථක වූ පසු 1971 සිට 1981 දක්වා ජ.වි.පෙ. සිටියේ නන්නත්තාර වෙලාය. එකම කඩඉම විජේවීර 78 නිදහස් වීමය. 1982 ජනාධිපතිවරණයෙන් මෙරට තුන්වැනි බලවේගය බවට පත් වෙන ජ.වි.පෙ. 1981 සිට හරියටම අවුරුදු පහක් තුළ තහනමට ලක් වී 88 - 89 විප්ලවය සඳහා සන්නද්ධ වී යළි හිස ඔසවනු ලැබීය. ඒ විප්ලවය දියත් කළේ 1987දීය.
විප්ලවය අසාර්ථක වී ජ.වි.පෙ. අළු දූලි බවට පත් වී 1989 සිට 1999 දක්වා ජ.වි.පෙ. ඉන්නේ නන්නත්තාර වෙලාය. එකම කඩඉම 1994 මහ මැතිවරණයේදී මන්ත්‍රිවරයෙක් පත් කර ගැනීමට හැකි වීමය. 1999 පළාත් සභා මැතිවරණයෙන් උනුත් එකයි මුනුත් එකයි කියා තෙවැනි බලයක් ගොඩනගන ජ.වි.පෙ. 2004 ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සඳහා 1999දී ජනතාව සංවිධානය කොට හරියටම අවුරුදු පහක් තුළ මෙරට රජුන් තනන පක්‍ෂය බවට පත් වෙයි. 2004 ආණ්ඩුව හදා 2005 ජනාධිපතිවරයෙක්ද නිර්මාණය කරන ජ.වි.පෙ. යළි දෙකට තුනට කැඩී විනාශයට යනු ලැබීය.
මේ 2014ය. ඒ කියන්නේ 2004ට හරියටම අවුරුදු 10 කට පසු ජ.වි.පෙ. අලුත් ගමනක් යන්න අලුත් නායකයෙක් තෝරා පත්කර ගෙන ඇත.
‘මේ අලුත් නායකයා මෙතැන් සිට අවුරුදු පහක් තුළ ජ.වි.පෙ. තව විප්ලවයකට සූදානම් කරයිද...?’
අනුර කුමාර දිසානායක ඉපදිලා තියෙන්නේ 1968දීය. 1968 කියන්නේ විජේවීර පන්ති පහ හදල වැඩේට බැස්ස කාලයය. ජ.වි.පෙ. 2004දී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය දිග්විජය කළාට පසු ඒ විප්ලවය මොට කරල ජ.වි.පෙ., ශ්‍රී ල.නි.ප.යේ කිහිලිකරුවක් කරන්න ගිය හැම වෙලාවකම 2004 විප්ලවයේ අවසානය නොව ආරම්භය කියමින් ජ.වි.පෙ. තුළ සටන් කරපු අය අතුරින් අනුර ප්‍රධානය.
2004 ඇමැති මණ්ඩලය හදද්දී කලින් පොරොන්දු වූ මහවැලි විෂය චන්ද්‍රිකා මෛත්‍රිපාලට දෙන්න යද්දී එය ජ.වි.පෙ.ට හිමි විය යුතු යැයි කියා සටන් කළේ අනුරය. ශ්‍රී ල.නි.ප.ය යට කරගෙන ජ.වි.පෙ. රට තුළ මතු වූ වැව් 10,000ක් ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙළ නිර්මාණය කළේ කෘෂිකර්ම ඇමැති ලෙස අනුරය. වැව් ව්‍යාපෘතිය හරහා අනුරලා ගම් පිටින් අල්ලනවා යැයි බය වී චන්ද්‍රිකා එය නතර කරන්න ගත් උත්සාහය සන්ධානය දෙකඩ වීමේ පළමු බෝම්බය විය. ඒ වෙලාවේ ඇමැති මණ්ඩලයේ චන්ද්‍රිකා එක්ක හැප්පුණේ අනුරය. 2005 ජනාධිපතිවරණයේදී මහින්දට සහාය නොදී ශ්‍රී ල.නි.ප.ය විපක්‍ෂයට යවා විපක්‍ෂ නායකකම ජ.වි.පෙ.ට හිමි කර ගෙන 2004 පටන් ගත් විප්ලවය ජයග්‍රාහී අවසානයකින් කෙළවර කරමු යැයි කී ජ.වි.පෙ. නායකයන් අතර අනුරද පෙරමුණේ සිටියේය.
ඇත්තටම ජ.වි.පෙ.ට වැරැදිච්ච තැන මහින්දව දිනවපු තැනය. දේශපාලනය දන්න අය හිතුවේ ජ.වි.පෙ., ශ්‍රී ල.නි.ප.ය පරාජය කොට ශ්‍රී ල.නි.ප.ය කිහිලිකරුවක් කරගෙන විපක්‍ෂයේ බලය අල්ලන්න යනවා කියලාය. පළමුව විපක්‍ෂ නායකකම ගෙන දේශද්‍රෝහී රනිල්ව පන්නලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන්න යනවා කියලාය.
‘අනුර හදන්නේ ඒ වැරැදුණ තැන හදන්නද...?’
අනුරත් ජ.වි.පෙ. විනාශයට වගකිව යුතු ප්‍රධාන චරිතයක් බවට චෝදනාවක් තිබේ... විමල් ශ්‍රී ල.නි.ප.ය එක්ක එකතු වෙලා ජ.වි.පෙ. විනාශ කළා වගේ අනුර එ.ජා.ප.ය එක්ක එකතු වෙලා ජ.වි.පෙ. විනාශ කළා කියල මතයක් තිබේ. හැබැයි මහින්ද විමල්ව බා ගත්තා සේ එ.ජා.ප.යට අනුරව බා ගන්න බැරි විය. අනුර යූ.ඇන්.පී.යේ කනෙන් රිංගලා 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාව ජ.වි.පෙ. අපේක්‍ෂකයා බවට පත් කර ගත්තේය. එක් ඇමෙරිකානු තානාපති කාර්යාල විකීලීක්ස් කේබල් එකක තියෙන්නේ තමාගෙන් අහන්නේ නැතිව ෆොන්සේකා වැඩ කළේ ජ.වි.පෙ. එක්ක යැයි රනිල් ගෝඨාභය හමුවූ විටකදී කියා ඇති බවය.
2010 මහ මැතිවරණයට ෆොන්සේකා එ.ජා.ප.යෙන් තරග කිරීම වළක්වා ජ.වි.පෙ. සන්ධානයට එක් කර ගන්න අනුරලා ලොකු ගේමක් ගැහුවේය. ඒ වේලාවේ ෆොන්සේකා එ.ජා.ප.ය එක්ක ගියා නම් ජ.වි.පෙ.ට යන්න වෙන්නේ හොම්බෙන්ය. එහෙම බලන කොට අනුරට එරෙහි චෝදනාවල දෙපැත්තක් තිබේ. අනුරට තියෙන පළමු අභියෝගය ජ.වි.පෙ.න් කැඩී ගිය පෙරටුගාමීන් එකතු කර ගැනීමය. ජ.වි.පෙ. වැනි පක්ෂ පක්ෂය හැර යන්නන් ද්‍රෝහීන් ලෙස සලකයි. අවම වශයෙන් සන්ධානයක් තුළ හෝ එකතු කර ගන්න පුළුවන් නම් එය ජයග්‍රහණයකි.
කොහොම වුණත් අද රනිල් එක්ක යූ.ඇන්.පී.ය වැටෙන තාලෙට ඊළඟ මහ ඡන්දයෙන් බැරි වුණත් වසර 5ක් තුළ ප්‍රධාන විපක්‍ෂය වෙන්න ජ.වි.පෙ. ඔළුව පාවිච්චි කරල ගේම ගැහුවොත් බැරිකමක් නැත. නැති නම් පොදු සන්ධානයක් යටතේ මහින්දව පරද්දල ශ්‍රී ල.නි.ප.ය විපක්‍ෂයට යවල විපක්‍ෂයේ බලය අල්ලන්නද ජ.වි.පෙ.ට බැරිකමක් නැත. මොකද රනිල් මෙහෙම හිටියොත් යූ.ඇන්.පී.ය වැටෙනවා වගේම මහින්ද දිගටම යන විදියට මහින්ද යනකොට යන්නේ කොරහත් බිඳගෙන නැතිනම් ශ්‍රී ල.නි.ප.යත් ඉවර කර ගෙනය.
මහින්දගේ සහ රනිල්ගේ නායකත්වය නිසා මේ පක්‍ෂ දෙකම ජනතාවට වගේම පාක්‍ෂිකයන්ටත් තිත්ත වී ඇත. මෙවර පළාත් සභා මැතිවරණයේදී තරග කරන්න ඉදිරිපත් වූ ඉල්ලුම්පත්‍රවල වැටීමම එයට හොඳ සාක්‍ෂියකි. ඒ කියන්නේ ජ.වි.පෙ. වටා සියලු බලවේග ගොනු කොට විපක්‍ෂයේ බලය ඇල්ලීම පසෙක දමා කෙළින්ම මහින්ද හා රනිල් පරාජය කොට ආණ්ඩුවක් හදන තැනකට යන්න වුවද බැරිකමක් නැත. නව විප්ලවයක බීජය වපුරන්න පස හොඳට පදම්වී තිබේ. අනුරට සහ ජ.වි.පෙ.ට එය කළ හැකිද කියන එක නම් තවම කියන්න බැරිය.
උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments