ඒ අම්මා කිරි එරෙන්නට කරවිල තම්බාගෙන කෑ කතාව .. මේ අම්මාටත්, ඇයගේ අවුරුදු පහක් වයසැති දියණියටත් සිදුනොවේවා --- මව්බිම
බඩගින්නට කරවිල තම්බාගෙන කෑ අම්මාටත්, දරුවන් හතර දෙනාටත් සිදුවූ දේ මේ අම්මාටත්, ඇයගේ අවුරුදු පහක් වයසැති දියණියටත් සිදුනොවේවා යැයි අපි මුලින් ප්‍රාර්ථනා කරමු.‘පන්සලට ලැබෙන දානෙන් කොටසක් කා බඩගිනි නිවාගන්නා පවුලක් මහවිලච්චියේ.’
වැලන්ටයින් සමරන්නට, ඒ වෙනුවෙන් මුහුදු වෙරළවල සාද පවත්වන්නට ලක්‍ෂ ගණන් වියදම් කළ රටේ මහ පොළොවේ සැබෑවට සිදුවන කතාවක් මෙසේ ‘මව්බිම’ පසුගියදා හෙළිදරව් කළේය. ඒ අම්මාගේ කුඩා දියණියට යාන්තම් අවුරුදු පහක් පිරුණා පමණි. මේ ළමයකුගේ හොඳම වැඩෙන වයස ය. පෝෂ්‍යදායී ආහාර අවශ්‍යම කාලය ය. ඒත් මේ අම්මාට අෑට දෙන්නට පෝෂ්‍යදායී කෑම නැත.
ඇය සිටියේ කොළඹ පන්සලක නම්; එසේත් නැතිනම් අගනුවරින් පිට නගරාසන්න පන්සලක නම් දානෙ වේල කියන්නේත් හොඳම පෝෂ්‍යදායී ආහාර වේලකි. ඒත් දුප්පත්කම පමණක් නොව ‘පතිරූප දේසය’ පවා ඒ අම්මාටත්, දියණියටත් හරහට සිට තිබේ. මහවිලච්චිය ගමෙන් පන්සලට දානෙ ලැබෙන්නේත් ඉඳහිටය. ඒත් පොල් සම්බෝලයක්, කරවල හොද්දක්, එක් එළවළුවක් පමණකි. ඒකත් නැති දාට පන්සලේ හාමුදුරුවන්ට සිදුවන්නේ මඤ්‍ෙඤාක්කා අලයක් පුච්චාගෙන වළඳන්නටය.
මේ ගමේ ඇත්තෝ යාන්තමට හෝ අල-බතල ටිකක් වවාගෙන, කුඹුර අස්වද්දාගෙන ජීවත් වූහ. පසුගිය නියඟයෙන් ඒ සියල්ල පාළු විය. ඒත් මේ අම්මලා කන්නේ කොහොමද, ඔවුන්ගේ හුස්ම වැටෙනවාද බලන්නට රජයේ නිලධාරියකු ඒ පැත්ත පළාතේ ගොස් නැත.
බඩගින්නට කරවිල තම්බාගෙන කෑ අම්මා සහ දරුවන් හතර දෙනා බලන්නටද වගකිවයුත්තන් ගියේ ‘මව්බිම’ ඒ පිළිබඳ හෙළිදරව් කළ පසුය. ඒත් ඔවුන්ට ජීවත් වන්නට ක්‍රමයක් හදා දෙන්නට නොවේ. තමන්ගේ බල පරාක්‍රමය යොදා ‘අපි ඉන්නෙ බඩගින්නේ’ යැයි කීම නවත්වන්නටය. ඒ අම්මා කිරි එරෙන්නට කරවිල තම්බාගෙන කෑ කතාව ඇතැම් මාධ්‍ය කරළියට ගෙනාවේය.
මේ නිසා හෙට-අනිද්දාට මහවිලච්චියේ අම්මාත්, දියණියත් අප පන්සලට ගියේ පිනක් දහමක් කරන්නට යැයි කියන්නට ඉඩ ඇත. දේශපාලනඥයන්ගේ බල පරාක්‍රමය හමුවේ මේ අහිංසක අම්මලාට ඇත්ත කතා කරන්නට ඉඩක් නැත. ‘බඩගිනියි’ කියන්නට අයිතියක් නැත.
ඒත් ‘මව්බිම’ ජනතාව වෙනුවෙන් වූ මාධ්‍යයේ යුතුකම හෙටත් අභීතව ඉටුකරන බව, ඇත්ත වහන්නට හදන මාධ්‍යයන්ටත්, බලය වෙනුවෙන් තමන්ගේ අය වුවද විකිණීමට සූදානම් දේශපාලකයන්ටත් අපි අවධාරණය කරමු.

No comments