ජයලාල් රෝහණ උඩ බලාගෙන කෙළ ගැසීම -- ආනන්ද පද්මසිරි
පළාත් සභා මැතිවරණය සඳහා නිළියන් කීපදෙනෙකුට නාමයෝජනා ලබා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමග ඒ පිළිබඳව විවිධ අදහස් උදහස් පළ විය.මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් මෙන්ම අන්තර්ජාලයේ විවිධ වබේ අඩවි හරහාද මෙම අදහස් ප්‍රචාරණය කෙරිණ.
මුද්‍රිත මාධ්‍ය කීපයක් මගින් මේ ගැන අදහස් දැක්වූ වේදිකා / රූපවාහිනී නළු ජයලාල් රෝහණ මෙකී නිළියන්ට නාමයෝජනා ලබා දීම දැඩි ලෙස විවේචනය කර තිබුණි. මේ අය ජය ගතහොත් රටම ගණිකා මඩමක් බවට පත්වනු ඇතැයි ඔහු කර තිබූ ප්‍රකාශය මාධ්‍ය කීපයක මෙන්ම වබේ අඩවිවල ද හුවා දක්වා තිබුණේය. මේ ප්‍රකාශය මේ වන විට කලා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව අතර කතාබහට ලක්වී තිබේ. මෙය තමන්ද නිරත ක්ෂේත්‍රයේ
සහෝදර නිළියන් පිරිසක් පිළිබඳව ජයලාල් රෝහණ විසින් කරනු ලැබූ සාහසික ප්‍රකාශයක් බව මැදහත් නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. රංගන වෘත්තිය මෙසේ හෑල්ලුවට ලක් කෙරෙන ප්‍රකාශයක් එතෙක් මතෛක් ශ්‍රී ලංකාවේ බිහි වූ කවර හෝ නළුවෙකු / නිළියක විසින් නොකළ බව බොහෝ දෙනෙක් පවසති. ඒ පිළිබඳව කනගාටු වෙති. පිළිකුල පළ කරති.
ජයලාල් රෝහණ මෑතදී විවේචනාත්මක ප්‍රකාශ කීපයක්ම නිකුත් කළේය. නිදහස් මාධ්‍ය සඳහා කලාකරුවන් එක්රැස් වී මෙම රජය බලයට පත්වීමට පෙර පැවැති මංගල රැස්වීමේ නිවේදකයා ලෙස සෘජුවම දේශපාලන කාර්යභාරයක් ඉටු කළ බව ඔහු එවන් අදහස් දැක්වීමකදී පිළිගෙන තිබුණි. එදා එම රැස්වීමේ කතා කර න්නට අවස්ථාව බලහත්කාරයෙන් ඉල්ලා ගත් ප්‍රසිද්ධ ගායකයෙකුට රජය බලයට ආ පසුව පළාත් ආණ්ඩුකාරකමක් දුන් බැවින් තමන්ට මේ රජය යන පාර ගැනද වැටහීමක් ඇති වී නැවත දේශපාලන ක්‍රියාවලීන් සඳහා එක් නොවන්නට තීරණය කළ බවද ඔහු කියා තිබුණි. එය වෙනම කතාවකි. එහෙත් නිළියන් දේශ පාලනයට පිවිසීම ගැන මත දැක්වීමේදී නිළියන් ගණිකාවන් ලෙස හැඳින්වීම සුදුසුද ? ඔහුට එසේ කියන්නට ඇති අයිතිය කුමක්ද ? නළුවෙකු හැටියට සහෝදර නිළියන් ගැන ඔහු එසේ අදහස් දක්වද්දී නිළියන්ට මඩ ගසන්නට පුල පුලා සිටින පිරිස් කුමක් කියනු ඇද්ද ?
මාලිනී ෆොන්සේකා - ගීතා කුමාරසිංහ - රෝසි සේනානායක - උපේක්ෂා ස්වර්ණමාලි, අනර්කලී ආකර්ෂා වැනි නිළියෝ ක්‍රියාකාරී දේශපාලනයේ සිටිති. නදීෂා හේමමාලි, රුවන්ති මංගලා, ජින්ජර් වයිට්, ගයේෂා පෙරේරා වැනි නිළියන් හා ගායිකාවන් පළාත් සභා ඡන්දයට නාමයෝජනා පතා තිබුණි. ජයලාල් රෝහණ කුපිත වී ඇත්තේ පළාත් සභා නාමයෝජනා පැතූ නිළියන් ගැනය. මාලිනීට, ගීතාට, රෝසිට, පබාට, අනර්කලීට ඇති අයිතිය ඔවුනට නැද්ද ? ඔවුන් දිනුවොත් රට අසවල් තත්ත්වයකට පත් වනු ඇතැයි ජයලාල් පවසන්නේ ඔවුන් කවර තරමේ පහත් තත්ත්වයකට ඇද දමමින්ද ? තමන් තුන්හතර පාර ඕ ලෙවල් ගත් අයෙකු නොවන බවත්, උගතෙකු බවත් උජාරුවෙන් කියන ඔහුගේ උගත්කම කුමක්දැයි අපට අසන්නට සිදුවන්නේ තමන්ද නිරත වෘත්තියේ ගරුත්වය ප්‍රසිද්ධියේ වනසන නින්දිත ප්‍රකාශයක් කළ නිසාය. කාන්තා නියෝජනය දේශපාලනයට වැඩියෙන් අවශ්‍යය. එසේ නම් නිළියන් හැර සෙසු කාන්තාවන් පමණක් දේශපාලනය කළ යුතු බවට ජයලාල් අදහස් කරන්නේද ?
අයිරාංගනී සේරසිංහ හැර සෙසු නිළියන් පහතට දමා මෙම නළුවා කරන ප්‍රකාශවලට
එරෙහිව සියලු නිළියන් එකාවන්ව නැගී සිටිය යුතු බව අපේ අදහසයි. ඔහු සමග රංගනයේ යෙදීම ප්‍රතික්ෂේප කරන්නට වුවද තීරණය කළාට කම් නැත. මෙය එපමණටම සාහසික ප්‍රකාශයක් බැවිනි. ජයලාල් රෝහණගෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නා සිසුවියන් මතු නිළියන් ලෙස ක්ෂේත්‍රයට පිවිසුණ විට ඔවුන්ව හඳුන්වන්නේත් ගණිකාවන් නමින්දැයි එම සිසුවියන්ගේ දෙමාපියන් ඔහුගෙන් බරපතළ ලෙස විමසිය යුතුය.
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතවරණය සඳහා නාමයෝජනා බලාපොරොත්තු වූ නිළියන් කීපදෙනාගේ සුදුසුකම් හා ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තර ගැන මෙහිදී සැලකිය යුතු නැත. ජයලාල් රෝහණ නමැති නළුවා විසින් තම ක්ෂේත්‍රයේ නිළියන්ට ගණිකාවන් ලෙස ගැරහීම ගැන පිළිකුල හා විරෝධය ඔහුට පළකළ යුතුය.
‘රන්මිණිතැන්න’ ටෙලි සිනමා ගම්මානයේ රූගත කළ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට තෝරා ගත් නිළියක් එහි අධ්‍යක්ෂවරයාගේ අයුතු යෝජනා ප්‍රතික්‍ෂේප කිරීම නිසා නාට්‍යයෙන් කපා දමා තනිව ආපසු එවූ බව ඇය මෑතදී මාධ්‍යයට කියා තිබුණි. ඊට පෙරදී එම අධ්‍යක්ෂවරයා නවක නිළියකට අයුතු බලපෑම් කළ බව පළ වී තිබුණේය. මේ ක්ෂේත්‍රයේ සංස්කෘතියට අනුව හැඩ ගැහෙන්නට බැරි අය ඉවත් කරන බව අධ්‍යක්ෂවරයා කී බවද දෙවනුව අයුතු යෝජනා ලැබූ නිළිය කියයි. නිළියන් ජරා නම්වලින් හඳුන්වන ජයලාල් රෝහණ මේ ගැන කුමක් කියන්නේද ?
ලිංගික අල්ලස් ලබා ගන්නා නීචයන් සඟවා නිළියන්ට තුච්ඡ අපහාස කිරීම ජයලාල් රෝහණගේ සංස්කෘතියද ? මෙම පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රියට ගර්හා කිරීම යළිත් කැපී පෙනෙන අවස්ථාවක් නොවන්නේද?

ananda wesige putho thoge ammata ballo hukala jathaka wechcha ponnya kari ballek nisa, tho aanduwata kade yana bawa hondata therenawa,, me rohana jayalal kiyenne awanka manussayek. tho wage kondak nathi awajathaka wesa ponna huko gannek newei......
ReplyDeleteදැනට දේශපාලනයේ ඉන්න ඔය එක වෙසියෙක් වත් වැඩක් නැත. අලුතෙන් එන්න හදන වෙසියොත් එහෙමය. ඔය ඔක්කොම එවුන්ගේ විතරක් නෙවෙයි රවීන්ද්‍ර රන්දෙනිය, ජීවන්, ජැකා, වැනි වල් බල්ලන්ද එලවා දැමිය යුතුය.
ReplyDeleteela talk eka uphere.
Deletedear admin.baduwata baduwa kiyannath beri and ,mahathma gathi saha eththa katha karana ewunwa pennanna beri oyala wage aya innakan me rata hadanna behe.mehema hari kiwwe neththam mulu ratama ganika purayak wei.
ආන්නද පද්මසිරි යනු ......... කි. එවැනි ඉදිබුවන්ට මෝඩ අදහස් දැක්වීමට ඉඩ නොතබමු.....
ReplyDelete