අනතුරු හැඟවීමයි! .... ශ්‍රී ලංකාව තරුණියන්ට පමණක් නොව මැදිවියේ කාන්තාවන්ට පවා සංචාරය කිරීමට නුසුදුසු රටක් ළෙස
මග්ගොන වෙරළ තීරයේදී තරුණන් දෙදෙනකු විසින් ජර්මන් ජාතික කාන්තාවක් කෙළෙසන ලදැයි දැනගන්නට ඇත. ඇගේ වයස අවුරුදු 48 කි. මේ අනුව ශ්‍රී ලංකාව යනු තරුණියන්ට පමණක් නොව මැදිවියේ කාන්තාවන්ට පවා සංචාරය කිරීමට නුසුදුසු රටක් බව ජර්මනිය තව දින කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ තිබේ. ලංකාව සිය හොඳ නම සවිමත් කරගනිමින් සිටින සෑම අවස්‌ථාවකම කොහෙන් හෝ මතුවන කාලකණ්‌ණියෙක් විදේශික ගැහැනියක දූෂණය කර මහා විනාශයක් සිදු කරයි. මෙයට කලකට පෙර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිද මෙබඳුÊනීච ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී මුළු මහත් ලංකාවම ලෝකයාගේ අපවාදයට ලක් කළේය. රිමාන්ඩ් සිරගෙදර ටික කලක් ලැගීමෙන් පසු මේකාට ඇප දෙන ලදී. ඇප ලබාගත් විත්තිකරු අධිකරණය මගහරිමින් සිට අතුරුදන්විය. අන්තිමේදී තවත් වතාවක් ලෝක ප්‍රජාවගෙන් අපවාද අසමින් විත්තිකරු සොයනු පිණිස දැලක් එලන්නට පොලිසියට සිදු විය. දූෂණය කළ ස්‌ත්‍රීන්ගේ සංඛ්‍යාව සිහිපත් කරනු පිණිස පාටි දමන සිකනැලුන් සිටින රටක අපි ජීවත් වෙමු. මග්ගොන ස්‌ත්‍රී දූෂකයන් තිදෙනා කළ වරද ඉතා බරපතළය. ඔවුන්ගේ ඇට - බැට කුඩුකළ යුතු බවට අයෙක් යෝජනා කරත්ද, අපි ඔහුට විරුද්ධ නොවෙමු.
ස්‌ත්‍රී දූෂණය යනු කාන්තාවට එරෙහි ප්‍රචණ්‌ඩත්වය යන මාතෘකාව යටතේ සාකච්ඡාවට ලක් කෙරෙන වරදකි. වසර 2013 සැප්තැම්බර් මාසයේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ආසියානු පැසිපික් කලාපයේ කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්‌ඩත්වය පිළිබඳ සමීක්‌ෂණ වාර්තාවක් නිකුත් කළේය. මේ සමීක්‌ෂණය පුරා තුන් අවුරුද්දක් තිස්‌සේ කරන ලද්දකි. ඒ රටේ පිරිමින්ගෙන් 15% ක් ජීවිතයේ කවර හෝ අවස්‌ථාවකදී කිසියම් කාන්තාවකට ලිංගික බලහත්කාරකමක් කර ඇති බව එහිදී හෙළි විය. සමහර විට ඔවුන් දූෂණය කර තිබුණේ තමන් පසු කාලයේදී විවාහ කරගත් පෙම්වතියය. කාන්තාවගේ අකමැත්ත මත සිදු කෙරෙන කවර හෝ ලිංගික ක්‍රියාවක් ලිංගික අඩන්තේට්‌ටමක් ලෙස අර්ථ කතනය කළ හැකි අතර එයට බඳුන් වන්නේ අදාල පුද්ගලයාගේ බිරිඳද නැත්නම් පෙම්වතියද යන කාරණය දූෂණයට දෙන බලපත්‍රයක් ලෙස ගණන් ගන්නේ නැත.
ඉහත සඳහන් පිරිමින්ගෙන් 15% ක්, 65% ක්‌ම කියා සිටියේ තමන් තම ජීවිතයේදී එක් වරකට වඩා බලහත්කාරකමක යෙදී ඇති බවය. ඉහත සඳහන් සමීක්‌ෂණයේදී චීනය, ඉන්දුනීසියාව, බංගලාදේශය, පැපුවානිව්ගිනි, (ඔස්‌ටේ්‍රලියාවට පනින අය පිටුවහල් කරන්නේ මේ දූපතටය) සහ කාම්බෝජය යන රටවල සංඛ්‍යාලේඛන ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන සමග සමතැන් ගත්තේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීක්‌ෂණය කිරීමේදී නියෑදි වශයෙන් තෝරාගෙන තිබුණේ කොළඹ, නුවරඑළිය, මඩකලපුව, හම්බන්තොට යන ප්‍රදේශය.
එක්‌සත් ජාතීන්ගේ සම්පූර්ණ වාර්තා සියයට සියයක් නිවැරදි නැත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බොහෝ විට මෙවැනි සමීක්‌ෂණ කරන්නේ අපට විරුද්ධව ආයුධ වශයෙන් පාවිච්චි කිරීමට ය. එහෙන් මේ වාර්තා 100% ක් නැතත් 50% ක් වත් ඇත්ත නම් තත්ත්වය ඉතා බරපතළය. බිම් මට්‌ටමේ දේශපාලනඥයන්ගේ සිට පාතාල දාමරිකයන්, යුධ හමුදා සාමාජිකයන්, ආගමික පූජකයන් යන හැම දෙනාම ගැහැනුන්ට බලහත්කාරකම් කරති. මෙහි ඇති නරකම තත්ත්වය නම් එක ගැහැනියක දූෂණය කළවිට ගැහැනුන් සිය දෙනකු දූෂණය කළ බවට පිටස්‌තර ලෝකයට ආරංචිය යෑවීමයි. ඉන්දියාවේ දිල්ලි නගරය රාත්‍රි කාලයේදී පමණක් නොව දිවා කාලයේදී පවා ගැහැනියක ගමන් නොකළ යුතු තැනක් ලෙස මේ වන විට හංවඩු ගැසී අවසානය. ඉන්දියාව සම්බන්ධයෙන් රටවල් ගණනාවක්‌ම 'රෙඩ් එලාර්ම්' හෙවත් අනතුරු හඟවන නිවේදන ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද මෙවැනි තත්ත්වයක් හටගතහොත් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ඉඩ ඇති බව සියලු දෙනා දත යුතුය.
ාසඩ්සබ් -

No comments