උන් මාර ජනතාවක් මචං
විමලනාත් වීරරත්න
ජනාධිපතිතුමාගෙන් ජනතාව හංදි ගානේ ඉඳන් ප්‍රශ්න අහන, ජනාධිපතිතුමා උත්තර බඳින එළකිරි රියැලිටි වැඩසටහන මොකක්ද කියා බලන්නට ඬේවිඞ් කැමරනුත් බැරැුක් ඔබාමාත් ලංකාවට ඇහැ දැමූහ. අත්තනගල්ලේ එක්රැුස්වී සිටි ජනයා අතරින් එක් මුස්ලිම් කාන්තාවක් අඬ අඬා කීවේ කුඩු, ගංජා මෙහේ වැහි වැහැලා සර්, ප්‍රභාකරන්ගෙ වැඬේ වගේ කොහොමහරි මේ වැස්සත් නතර කරලා දෙන්න කියාය. ජනාධිපතිතුමා කීවේ මේකෙදි සුදු කොඩි දාගෙන එන එවුන්ට වෙඩි තියන්න විදියක්
නැති එකනේ ප්‍රශ්නෙ කියාය. ඒ මොකද කියා ඇසූ කාන්තාවට සංවාද මණ්ඩපයේ සිටි ජනාධිපතිතුමාගේ පූසා කීවේ උන් ගේන්නේ සුදු කොඩිය විතරක් නෙමෙයි ඒකයි වෙඩි තියන්න විදියක් නැත්තේ කියාය. ඊළඟට ගොවි සංවිධානයක පොරක් කීවේ ඒ පැත්තේ වැවක පාසි පිරී ඇති බැවින් ඒ ටික ඉවත් කර දුන්නොත් ජනාධිපතිතුමාට ජිනීවා රෙසලූෂන් තාප්පෙන් පැනගන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා කියාය. ජනාධිපතිතුමා කීවේ අයියෝ සුළු දෙයක්නෙ මං හෙට උදේම ඇවිත් පාසි ටික අස් කරලා දාන්නම් කියාය. දකුණේ ධීවරයෙක් ප්‍රශ්නයක් යොමු කරමින් ධීවර කර්මාන්තයේ ප්‍රශ්න වැලක් කියාගෙන කියාගෙන යන අවු අස්සේ ජනාධිපතිතුමා, ළඟ සිටි ගල් ආඳකු සමග හයිවේ කතාවක පැටලූණේය. ඒ විරාමයේදී ජනාධිපතිතුමාගේ පූසා සැටලයිටය හරහා ජනාධිපතිතුමාට සමාන කටහඬකින් අර ධීවරයාට කීවේ ඕක එච්චර දෙයක් නෙමෙයි අපි මාර්තු 29න් පස්සෙ මූදක් හදලා මාළුත් මවලා දෙන්නම් ඔරු අරං පන්නෙට යන එකයි ඇත්තේ කියාය. ධීවරයා කීවේ බොහොම ස්තුතියි සර් කියාය.
තිස්ස වැව ළඟ සිටි කට්ටියක් කතා කරන්නට හදනකොටම සැටලයිට් ජෑම් එකක් ගියේය. ඒ වගේ ලයිට් ගිය වතුර ගිය වෙලාවල්වල සක්ක ගැසීම සඳහා පැත්තක තැන්පත්ව සිටි ඩොඹ මල්ලී ඇසුවේ දැන් ජනාධිපතිතුමනි හයිවේ හදනකොට වංචා, දූෂණ සිදුවුණයි කියලා විපක්ෂය චෝදනා කරනවා. ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ කියාය. ජනාධිපතිතුමා ඒ ලූස් බෝලයට පාදයක් පසුපසට ගෙන හයක් ගහන්න හදනවිටම ගෙදරට වෙලා මේ සිද්ධිය බලං සිටි ඩොඹ මල්ලිගේ පත්තරේ ජර්නලිස්ට් කෙනෙක් හිතුවේ යකෝ ෆැට්ස් ඇන්ඞ් ෆිගර්ස් නැතුව මෙහෙමත් ගොං ප්‍රශ්න පත්තරකාරයෙක් තියා පත්තර ඒජන්ට් කෙනෙක්වත් අහන් නැහැ කියාය. ඩොඹ මල්ලී තව විරාමයකදී පාළු කැපීම සඳහා ඉන්න පාළු යකෙක් සේ ඇසුවේ ජිනීවාවල මොකද වෙන්න නියමිත ජනාධිපතිතුමනි කියාය. ජනාධිපතිතුමා කීවේ මල්ලිලා වගේ අය ඉන්න තුරු එහේ රෙසලූෂන් හැටක් පැරදුණත් මෙහේ මොකුත් වෙන්නැහැ ඒ නිසා හිතේ බයක් නැහැ මල්ලී කියාය. තිස්සමහාරාමයේ නයනා කීවේ ළමයින්ට කිරි නැති කතාවකි. සභාවේ සිටි දකුණේ වෙන පොරක් ජනාධිපතිතුමාට කීවේ වෙන්න බැහැනෙ සර් අපේ ඒරියා එකේ ඕනේ තරම් හරක් ඉන්නවනේ කියාය.
වැඩසටහන බලා සිටි ඔබාමාත් කැමරුනුත් එකවර සිනාසුණු අතර කැමරන් ඇසුවේ ලංකාවේ මෑන්ලට ගංජයි, පාසියි, හරක් ප්‍රශ්නයි ඇරෙන්න වෙන මොකුත් ප්‍රශ්න නැද්ද මචං කියාය. ඊළඟට දක්නට ලැබුණේ වාරවිංසයා තිරස් අතට පැතිරී ගිය නාගරික නිවාස සිරස් අතට හදන බව පවසා ඩිෆෙන්ස් මල්ලියාගේ ඉඩම් එකතු කිරිල්ලට න්‍යායක් සම්පාදනය කරදෙන අන්දමය. අනතුරුව නොරොක්වෙච්ච නොරොච්චෝලේ, මාරාන්තික ෆේස්බුක්, සූර්වෙන්න හෙයාර්ජෙල් කෑම, කැස්ස පැණි බීම ආදී කිසි කරදරයක් නැති ප්‍රශ්න හා උත්තර හුවමාරුවෙමින් තිබියදී ජිනීවා රෙසලූෂන් එකට පෙර මොනවා නමුත් කළ යුතු බව කල්පනා කළ ඔබාමාත් ඬේවිඞ් කැමරුනුත් තම ශරීරවලින් නැගී මනෝකායෙන් ලංකාවට ආහ.
ඊළඟ ප්රශ්නය ජනාධිපතිතුමාගෙන් ඇසුවේ බණ්ඩාරගම බබුන්ය. රතුපස්වල ජනයාට වෙඩි තිබ්බා මිසක් වතුර ප්‍රශ්නෙ විසඳුවෙ නැහැ, ඒ ගැන මොකද කියන්න තියෙන්නේ ජනාධිපතිතුමනි කියා ඇසූ ප්‍රශ්නයට එකවර උත්තර දෙන්න නොගිය ජනාධිපතිතුමා ඒ පන්දුවට ග්ලාන්ස් කිරීමක් කර විෂය භාර ඇමති අතට යන්ට හැරියේය. මෑන් අනෙක් ප්‍රශ්නවලට උත්තර දෙන ආකාරයටම දෙකොණ පටලවා හෙන බුලක් ගැහුවේය. බබුන් යළි ඇසුවේ රතුපස්වල ජනයා අද වැඩසටහනට සම්බන්ධ කර නොගත්තේ ඇයි කියාය. පූසා ළඟ සිටි පොරකගේ කනට කර අමු තිත්ත කතාවක් කී අතර ජනාධිපතිතුමා යමක් නිරීක්ෂණය කරමින් ළඟ සිටි අත්දණ්ඩෙකුට කීවේ මේ ප්‍රශ්න අහන හාදයා බණ්ඩාරගම බබුන්ද ඇමරිකාවේ බබුන් කෙනෙක්ද කියාය. ඊළඟට දැරණියගලින් කතා කළ ඬේවිට් අයියා ඇසුවේ එක්නැළිගොඩ අතුරුදන්වීම ගැන පරීක්ෂණවල ප්‍රතිඵල මොනවද කියාය. ජනාධිපතිතුමා කල්පනා කළේ ලංකාවේ ඬේවිට්ලා ඔය වගේ ප්‍රශ්න අහන්න විදියක් නැහැ කියාය. ඩබල් එකේම ඬේවිට් අයියා ඇසුවේ වෙළෙඳ කලාපේ රොෂේන් කොල්ලගෙයි, හලාවත ඇන්ටනි ඝාතනයෙයි වගකිවයුත්තන්ට දඬුවම් කරන්නේ කවදද කියාය. පූසාට තදවී ළඟ සිටි එකාට කීවේ ඇයි රොෂේන්ගෙ කේස් එකෙන් පස්සෙ අපි මහින්ද බාලසූරියට දඬුවමක් විදියට ෆොරින් සර්විස් එකට දැම්මේ මුංට මේ ඩිංගට ඒවා අමතක වෙලා කියාය. යළි බණ්ඩාරගම බබුන් නිවේදකයාගෙන් මයික් එක උදුරාගෙන ඇසුවේ ලසන්ත වික්‍රමතුංග මරපු කේස් එකේ පරීක්ෂණවල දැන් අලූත් තත්ත්වය මොකක්ද කියාය. පූසා කීවේ ඒකෙත් අවුලක් නැහැනෙ ඉතිං හැම ජනවාරියෙම ලසන්තගෙ සෙට් එක උන්නැහේ වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කරනවනේ කියාය. බබුන් ඩබල් එකේම ඇසුවේ ත්‍රිකුණාමලේ ශිෂ්‍ය ඝාතනයේ පරීක්ෂණවල තත්ත්වය දැනගන්න පුළුවන්ද කියාය. ජනාධිපතිතුමාට මේ වෙලාවේදී හෙන බාචුරක් හැදී වොෂ් රූමයට පැනගත් අතර සංවාද මණ්ඩපයේ සාමාජිකයෝ පිට පොට ගසා ගත්හ. බාචුරෙන් නිදහස් වූ ජනාධිපතිතුමා මඳ වේලාවක් එක ලක්ෂයක භ්‍රමණය වී ඊළඟ ඇසිල්ලේ මනෝකායට මාරු විය. ඉන්පසු ආකාශයට නැගී බණ්ඩාරගමත් දැරණියගලත් ජනරාශීන් නිරීක්ෂණය කළේය. එසේ කර සුම්බරයකුන් ඔළුවේ බැඳගෙන ආකාශ මාර්ගය දිගේ බණ්ඩාරගම ජනරාශිය වෙතට ගියේය. සුම්බරඅප්පු ළඟ සිටි ගැමියකුගෙන් ඇසුවේ අර බබුන් කියන හාදයා කොහෙන් පාත්වෙච්ච හාල් කෑල්ලක්ද කියාය. මන්ද බං ඌ අපේ ජනාධිපතිතුමාට ෆුල් අගේන්ස් කී ගැමියාට සුම්බර අප්පු කීවේ ඒ වුණාට බබුන්කාරයා කියපු එක ඇත්ත ජනාධිපතිතුමා රතුපස්වල ගැන අවංකව මොකුත් කළේ නැහැනෙ මචං කියාය. ගැමියාට තදවී බබුන්ටත් ඇනෙන ලෙස සුම්බර අප්පුට කීවේ අඩෝ මේ අපේ ජනාධිපතිතුමාට අනං මනං කියන්න එපා ඇයි රතුපස්වල මැරිච්ච හාදයින්ගෙ ගෙවල්වල එවුන් ගෙනල්ලා එකට ඉඳලා පිංතූර ගහලා මරණ ගැන සෙට්ල්මන්ට් එකකට ආවෙ උඹලට ඒවා අමතකද කියාය. සුම්බරඅප්පු ඊට වඩා මොකුත් කියන්න නොගිය අතර අනතුරුව දැරණියගලට ගියේය. දැරණියගල ඬේවිට් අයියා ඒ වනවිට හිටියේ සහන සේවකයන්ගේ ඝාතනය සහ යුද්ධයේ අවසන් දවස්වල ඇස්ටි හලපු, ජිනීවා කේස් එකටත් තුඩුදුන් සිද්ධිය ගැන ලංකාවේ ජනාධිපතිවරයාගෙන් විමසමිනි. ඒ දෙස බලා සිටි සුම්බර අප්පු ළඟ සිටි වැඩිහිටි ගැහැනියකට කීවේ ‘‘අක්කෙ මූ නම් නියම පොරක් මේ පාර නම් අපේ ප්‍රසිඩන්ට් ප්ලැටේ ප්ලැට් වෙනවා’’ කියාය. ආ උඹත් ඬේවිටාගෙ හාල්දණ්ඩෙක්ද තොපි දැනගනිල්ලා අපේ ලොක්කගෙ මයිලක්වත් අල්ලන්න තොපිට තියා ඬේවිඞ් කැමරන්ටවත් බැහැ කී ගැහැනිය සුම්බරයත් ගැලවෙන ලෙස නෙළන්න පෙර සුම්බර අප්පු එතැනින් පැන ගත්තේය. සිද්ධිය හොඳින් දුටු ඬේවිට් අයියාද ස්ලාස් ගා එතනින් මාරු වූ අතර ජනාධිපතිතුමා ගෙදර වොෂ් රූමයෙන් එළියට පැමිණ යළි සංවාද මණ්ඩපයෙහි අසුන් ගත්තේය. එතුමා බණ්ඩාරගම බබුන්ටත්, දැරණියගල ඬේවිට් අයියාටත් පසුදා උදේ හැලප කා තේ බීම සඳහා ජනාධිපති මන්දිරයට ආරාධනා කළේය. මේ සියල්ල අසා සිටි බෑන් කී මූන් තමන් අසා ඇති පරිදි බෞද්ධ සාහිත්‍යයේ එන කතාවක් කීවේය. රරාක්ෂෂයෙක් සිටින විලට බට කුමාරවරුන් විලට ගිය නියාව මිස යළි පැමිණි සේයාවක් සටහන් වී නොතිබුණු බව කී හෙතෙම විලට ගිය කුමාරවරුන්ගේ අඩිපාරේ නොයන ලෙස බබුන්ටත් ඬේවිට්ටත් දැනුම් දුන්නේය.
බබුනුත් ඬේවිටුත් යළි ආපු අතක් බලාගෙන යෑමට සැරසී ප්ලේන්ටියක් බී විඩා නිවන ගමන් එක් දෙයක් පසක් කර ගත්හ. ඒ මානසික ඒකාග්රතාවෙන්ම ඔවුහු ජර්මනිය බලා ගියහ. එහිදී මහා කලාකරු බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ සොහොන ඉදිරියේ වැඳ වැටුණහ. අනතුරුව, ලංකාවේ ප්‍රසිඩන්ට් නොව ලංකාවේ ජනතාව වෙනස් කරන ක්‍රමයක් සොයා දෙන්න, ඒ පිනෙන් ඔබතුමාට ස්වර්ග රාජ්‍යයේ දොර ඇරෙනවා නියතයි කීහ.

No comments