Header Ads

පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසන මන්ත්‍රීවරු

ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්
සභාපති - යහපත් රාජ්‍ය පාලනය සඳහාවූ රටවැසි ව්‍යාපාරය

මහජනයා මුහුණපාන විවිධ ජීවිත ප්‍රශ්න පිළිබඳව රජය දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටින නමුත් ඊට වඩා විශාල ප්‍රමාණයක මන්ත්‍රීවරු සිටින්නේ මහජන දුක්‌ ගැහැට ශත දෙකක ප්‍රමාණයකටවත් ගණන් නොගන්නා අයය. කනගාටුවෙන් වුවද පැවසිය යුත්තේ අපේ රටවැසියන් එකහඬින් පිළිගන්නා එක්‌ කරුණක්‌ පිළිබඳවය. එය නම් මන්ත්‍රීවරු විශාල ගණනක්‌ (ඇමැතිවරුද ඇතුළුව) නිතිපතාම පාර්ලිමේන්තු රැස්‌වීම්වලට සහභාගි නොවන බවය. එසේ නොකොට සභා ගර්භයට ඇතුළුවී විනාඩි කිහිපයක්‌ පමණක්‌ ගතකොට පිටත්ව යන බවය. එසේ කරන්නේද ඔවුන්ගේ පැමිණීමේ දීමනාව ලබා ගැනීම සඳහා බවය.

රටවැසියන් විසින් පත්කර එවා ඇති ඇමැතිවරු පමණක්‌ නොව මන්ත්‍රීවරුද තමා වෙත පැවරී ඇති වගකීම කිසිත් ගණනකට නොගන්නා මෙම මැති ඇමැතිවරු පිළිබඳව බොහෝ අවස්‌ථාවලදී කතානායක විසින්ද සඳහන් කර ඇත. තමන් වෙත ඉදිරිපත් කොට තිබූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අදාළ ඇමැතිවරු නොසිටි අවස්‌ථා බොහෝය. ල-ජාවක්‌ නැතිව ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සභානායකට හෝ ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වෙත පැවරීමට ඔවුන් පුරුදුව සිටිති. ඉන්පසු ලැබෙන්නේ යම්කිසි පිළිතුරකි. ඉතා මෑතකදී සිදුවූ වගකීමෙන් තොර සිද්ධියක්‌ මෙසේය. ගාමිණී ලොකුගේ, ටී. බී. ඒකනායක, අරුන්දික ප්‍රනාන්දු සහ වසන්ත සේනානායක ආදීන් විසින් ඉදිරිපත් කිරීමට තිබූ පෙත්සම් ඒ සඳහා වෙන්කළ දිනයේ සභා ගර්භය තුළ නොතිබිණි. එය කථානායකගේ ප්‍රසාදයට හේතු- නොවීය. මේ එවැනි අවස්‌ථාවලින් එකක්‌ පමණි. එයින් පෙන්නුම් කරන්නේ ඇමැතිවරු හා මන්ත්‍රීවරු ඔවුන් පත්කර එවූ ජනතාව වෙත දක්‌වන පිළිකුලය.

මහජනතාව වෙත ඔවුන් දක්‌වන ඉතාම අල්ප ගෞරවය ඉතා හොඳින් පිළිබිඹු වන්නේ ඔවුන් මහජන අයිතිවාසිකම් හා සුව පහසුව කිසික්‌ ගණනකට නොගෙන මහා මාර්ගවල වාහනවලින් හඹා යද්දීය. මේ සම්බන්ධයෙන් දැනට මාස කිහිපයකට පෙර සිදුවූ පුළුල් ප්‍රචාරයක්‌ ලැබූ සිද්ධියක්‌ සිහිපත් වේ.

මන්ත්‍රීවරයකු රැගත් වාහනයක්‌ පැයට කිලෝ මීටර 160 ක වේගයෙන් ධාවනය වී වල් ඌරෙකු හා ගැටුණි. ඒ පිළිබඳව ගත් කිසිම ක්‍රියාමාර්ගයක්‌ ගැන දැනගන්නට නොලැබුණි. නීති මගින් ක්‍රියා නොකිරීමේ ජනාධිපති නිදහස ඔහුටද ලැබුණේද? රියෑදුරුටද එය ලැබෙqණේද? අප හැමදෙනාම විසින් ගරු කළ යුතු වේග සීමාව පිළිබඳව එම රියෑදුරුටද අවවාද කිරීමේ වගකීම එම මන්ත්‍රීවරයාට පැවරෙන්නේ නැද්ද? වල් ඌරව හැප්පී එම සතා දෙකට කැඩී ඈතට විසිවීමට තරම්, මාර්ගයේද අනික්‌ රියෑදුරන් හා මහජනතාවන්ද ජීවිත අවදානමකට ලක්‌කරමින් එතරම් වේගයකින් ධාවනය කිරීමට හේතුවූ හදිසි කාරණාව කුමක්‌ද? පදික වේදිකාවක ගමන්ගත් අසරණ අයෙකු වුවානම් ඔහුවද දෙකඩවීමට ඉඩ තිබුණි.

අපි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇත. එනම් සාපරාධී ක්‍රියාවක්‌ හා නීතිය ක්‍රියාත්මක නොකිරීමේ සීමාව දැක්‌වීම සඳහා පොලිසිය විසින් රේඛාවක්‌ අඳින්නේ කොතනින්ද කියාය.

මහජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්‌ වර්ෂයක්‌ තුළදී ගත කරන පැය ගණන සස¹ බැලීමට යම් කිසිවෙකු ඉදිරිපත් වුවහොත් මෙම මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙක්‌ මහජන ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය කාලය ගත නොකිරීමෙන් මහජනයාට කරන්නේ මොන වංචාවක්‌දැයි ඉතා හොඳින් පැහැදිලි වනු ඇත. සීමාවක්‌ නොමැතිව වේගයෙන් දොඩවමින් කරන පෞද්ගලික ප්‍රහාර පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සුලභ අතර මේවා කරන්නේ මහජන සුබ සිදුධිය සඳහාද?

මුහුදු යන ධීවරයන්ගේ භාෂාව ඉතාම අසභ්‍ය බව ප්‍රසිද්ධ කාරණයක්‌. එය කවුරුත් දනිති. නමුත් ඒවාට වඩා උසස්‌ තත්ත්වයේ අසභ්‍ය වදන් එම ධීවරයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉගෙන ගැනීමට හැකිවනු ඇත. තමාට වඩා වයසින් අඩු ඉන්දියන් අගමැතිට zනාකියාZ කියමින් අවමන් කරන වයසක, ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙක්‌ සිටියි. මෙම මන්ත්‍රීවරයා දිගටම බැණවැදීම කරගෙන යමින් බ්‍රිතාන්‍ය අගමැතිව හඳුන්වන ලද්දේ කාලකණ්‌නියා කියාය. ඔහු ජනාධිපති ඔබාමාව හඳුන්වන ලද්දේ "කල්ලා" කියාය. විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ හැඳින්වූයේ නහරවල තලතෙල් ගලායන ද්‍රවිඩයන් ඇළුම් කරන අයෙක්‌ කියාය.

විදේශ කටයුතු භාරව සිටි ඇමැතිවරයාවූ නීතිය පිළිබඳ මහාචාර්ය වශයෙන් පිදුම් ලැබූ අය එම අවස්‌ථාවේ එහි සිට ඇති නමුත් මෙම පිළිකුල් උපදවන දේ පවසද්දී එය කිසිම ගණනකට ගෙන නැත.

පාර්ලිමේන්තුවේ වටිනා සම්පතක්‌ වූ ප්‍රසිද්ධ ව්‍යාපාර සඳහා වූ (Cධඡෑ) කමිටුව දෙස බලමු. එය ඇත්තේ රාජ්‍ය ව්‍යාපාර නිසි ලෙස පවත්වාගෙන යනවාදැයි සොයාබැලීම සඳහාය. දැනට සාමාජිකයන් 31 ක්‌ සිටින මෙම කමිටුවේ දැඩි වෙහෙසක්‌ ගෙන තම සේවය ඉටුකළ මන්ත්‍රීවරු ටික දෙනෙක්‌ පසුව සභාපතිධුරද දැරූහ. හිටපු මන්ත්‍රී බර්නාඩ් සොයිසා, විජයදාස රාජපක්‍ෂ සහ ඩී. ඊ. එබ්ලිව්. ගුණසේකර යන මහ්තවරු එම ගණයට වැටේ. නමුත් අනික්‌ අයගෙන් ඉටුවූ සේවය කුමක්‌ද? අවාසනාවකට මෙන් ඔවුන් ඉටුකළ සේවා පිළිබඳ වාර්තා අපට ලබාගැනීමට නොහැකිය, එහෙත් පුවත්පත් වාර්තාවල දැක්‌වෙන්නේ 2012 සහ 2013 වර්ෂවලදී පැවැති රැස්‌වීම් වාර 100 න් හරි අඩකට පමණ සහභාගිවී ඇත්තේ මන්ත්‍රීවරු ටික දෙනෙක්‌ පමණක්‌ බවය. තම රාජකාරිය හොඳින් ඉටුකළ මෙම මන්ත්‍රීවරු අතර ඩී. ඊ. ඩබ්ලියු. ගුණසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර (දැන් අස්‌වී ඇත), ඒ. එච්. එම්. අස්‌වර්, ඒ. විනායගමූර්ති, ඉරාන් වික්‍රමරත්න සහ සරණ ගුණවර්ධන මහත්වරු වෙති. මෙම රැස්‌වීම්වලට සහභාගි නොවීමේ අපකීර්ති ප්‍රථම ත්‍යාගය සමූහ වශයෙන් එස්‌. එම්. චන්ද්‍රසේන, වීරකුමාර දිසානායක, අතුරලියේ රතන ස්‌ථවිර සහ ඊ. සරවනපවන් යන මන්ත්‍රීවරුන්ට හිමිවේ. ඉහත සඳහන් වූ රැස්‌වීම් 100 න් එකකටවත් ඔවුන් සහභාගි වී නැත. පවිත්‍රා වන්නආරච්චි මහත්මිය, චන්ද්‍රසිරි ගජධීර මහතා සහ එම්. ටී. හසන් මහතාද විශාල කාර්යයන් ඉටුකර ඇත. එනම් එක වාරයක්‌ පමණක්‌ සහභාගිවීමය. නාමල් රාජපක්‍ෂ මහතා රැස්‌වීම් තුනකට සහභාගි විය. තරුණ මන්ත්‍රීවරයකූ වශයෙන් මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා මෙයට වඩා හොඳින් කටයුතු කිරීම අවශ්‍ය බව ඔහු වටහා ගත යුතුව ඇත. මර්වින් සිල්වා සහ සුසිල් ප්‍රේම ජයන්ත මහත්වරු රැස්‌වීම් හතරකට බැගින් සහභාගි වූහ. මේ අතර රෝසි සේනානායක මහත්මිය ඉහතකී මන්ත්‍රීවරුන් හයදෙනාම අභිබවමින් රැස්‌වීම් වාර පහකටම සහභාගි වූවාය.

සෑහෙන දුරට මෙම අඩුවෙන් රැස්‌වීමවලට සහභාගිවන ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු වැඩිදෙනා පිළිපදින සංකල්පය වන්නේ අධික ලෙස ශබ්ද නගා තම සහයෝගය දී විපක්‍ෂයේ දායකත්වය යටපත් කිරීමය.

තමන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් ආරක්‍ෂා වන බව දැන දැනම මෙම මන්ත්‍රීවරුන්ගෙන් සමහරු සභා ගර්භය තුළ පමණක්‌ නොව ඉන් පිටතදීද ඉතා නින්දිත ලෙස හැසිරෙති. එක්‌තරා විවාහක මන්ත්‍රීවරයෙක්‌ තමාම අපකීර්තියට පත්වෙමින් ජනමාධ්‍යවේදීන්ගේ කැමරා උදුරා ගනිති. අනාරක්‍ෂිත රජයේ සේවකයන් ගස්‌වල බඳිති. හාමුදුරුවරුන්ගේ ලිංගේන්ද්‍රියන්ට පහර දෙති. තමන් වෙත ජාත්‍යන්තර අවදානය යොමුකරවා ගනිමින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් තම බිරිඳ වශයෙන් තබා ගැනීමට කටයුතු කරති. තමා විසින් නීත්‍යානුකූලව විවාහ කරගත් බිරිඳ සමඟ කුමක්‌ කරන්නේදැයි ඔහු සඳහන් නොකරයි. එසේම ඔහුගේ එම ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවට, රජයට, රාජ්‍ය පාලකයන්ට සහ ජනතාවටද විඳින්නට සිදුවන විපත්තිදායක ප්‍රතිඵල ගැන ඔහු කිසිවිට සැලකිල්ලට නොගනියි.


පරිවර්තනය කළේ - එස්‌. කේ. ඡේ. කුරේරා

No comments

Powered by Blogger.