අඬුව තිබියදී අත පුච්චා ගැනීම
හංවැල්ල තුන්නානේ පැවැති මහජන උද්ඝෝෂණය අවසන් වූයේ එය මැඬලීමට ගිය පොලිස් නිලධාරියකු මරණයට පත් කරමිනි. පොහෝ දිනට පෙර දින පස්වරුවේ ඇරැඹි මේ උද්ඝෝෂණය පෝ දා පෙරවරුව දක්වා අඛණ්ව පැවැති අතර පොලිසිය ඊට මැදිහත්වීම නිසා උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරෙමින් ගස් කපා දමමින් හයිලෙවල් මාර්ගය අවහිර කර ටයර් ගිනි තැබීම නිසා තත්ත්වය වඩාත් උණුසුම් වී තිබිණි.
පරිසර නියෝජ්‍ය ඇමැතිවරයාද උද්ඝෝෂකයන් හමුවට පැමිණ ප්‍රශ්නයට විසඳුම් දෙන බවට පොරොන්දු ලබා දුන්නද ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නැත.
තුන්නානේ පිහිටි රබර් අත්වැසුම් කම්හලෙන් සිදුවන පාරිසරික හානිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පැවතියදී ප්‍රදේශවාසීන් මෙලෙස උද්ඝෝෂණයක් ආරම්භ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත.
කෙසේ වුවද නීතිය අතට ගෙන, සාමය කඩවන ලෙස මෙලෙස කලහකාරී ලෙස හැසිරීමට අයිතියක් නැත. පොලිසියේ මැදිහත්වීම ගැන අවබෝධයක් උද්ඝෝෂකයන්ට තිබිය යුතු අතර, සාමකාමීව ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට වඩා මෙරට පොලිසිය වැඩි නැඹුරුවක් දක්වන්නේ කලහකාරීන් මැඬපැවැත්වීම කෙරෙහි බව පැහැදිලි කාරණයකි. හයිලෙවල් වැනි ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන විට ඔවුන් පාලනය කිරීම සඳහා පියවර ගැනීමට පොලිසියට සිදුවේ. කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කිරීම ඒ සඳහා කළ අවම බලය යෙදවීමකි. වාසනාවට මෙන් ආරක්ෂක අංශ රතුපස්වල මෙන් කටයුතු කර නැත. එහෙත් පොලිස් නිලධාරියකුගේ ජීවිතය අහිමි වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව මේ මරණය සැලසුම්ගත ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී රට අපකීර්තියට පත්කිරීමේ වැඩපිළිවෙළ පිටුපස සිටින පිරිස් මේ මරණය පිටුපස සිටිය හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත. ඒ කතාන්දර කෙසේ වෙතත් බොරැල්ල ඕ.අයි.සී.ගේ මරණයට වගකිවයුත්තන් ලෙස ඇඟිල්ල දිගුවන්නේ තුන්නානේ උද්ඝෝෂකයන් වෙතටය.
මහජනයා නීතිය අතට ගන්නේ 'නීතිය' ගැන ඇති විශ්වාසය නැතිවී ගොස් ඇති විටය. මෙරට නීතිය වල්වැදී ගොස් ඇතැයි චෝදනා එල්ල වෙයි. නීතියට ගරු කරන්නන්ට වඩා සිටින්නේ නීතියට පිටුපාන්නන්ය. විශේෂයෙන් ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරන්නේ නීතිය තමන් අතට ගෙන ඇති ආකාරයටය. අවනීතිය රජ කරන විට නීතිය අවඥාවට ලක්වීම නොවැළැක්විය හැකිය.
රතුපස්වල, තොටළඟ, වනාතමුල්ල හා තුන්නානේද ඇතුළුව රට පුරා තැන තැන මහජනයා මහමඟට බැස විවිධ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ කරන්නේ; කළ හැකි අන් දෙයක් නැති නිසා යැයිද නොඑසේ නම් ප්‍රතිගාමී පිරිස්වල උසිගැන්වීම් නිසා යැයි කෙනකුට කිව හැකිය. එහෙත් සෑම උද්ඝෝෂණයක්ම උසි ගැන්වීමක් යැයි කිව නොහැකිය.
ඕනෑම ප්‍රශ්නයකදී දේශපාලන කණ්ඩායම් සිදුකරන මැදිහත්වීම් වැළැක්වීමට අසීරුය. බළලුන් ලවා කොස්ඇට බෑවීමට අපේ දේශපාලනඥයන් කොහොමත් දක්ෂය. නීතිය අතට ගැනීමට මහජනයා කුලප්පු කරන්නේ බොරදියේ මාළු බාන්නන් විය හැකිය. දිය බොරවීමට ඉඩ නොතැබීම පාලකයන්ගේ වගකීමය. උසිගැන්වීම්වලට නතු නොවී කල්පනාකාරීව කටයුතු කිරීම මහජනයාගේ යුතුකමය. උද්ඝෝෂණ කිරීම සඳහා මහ පාරට බැසීමට පෙර ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග රැසක් තිබේ. නඩු මඟට බැසීම ඉන් එකකි. මේ කම්හලට එරෙහිව නඩුවක් අධිකරණයේ විභාග වූවා නම්, එහි තීරණයක් ලැබෙන තුරු සිටියා නම්, වඩා හොඳය.
කෙසේ වුවද මහජනයාට නීතිය අතට ගැනීමට තරම් මේ රටේ පවතින්නේ අරාජික යුගයක් නොවේ. විධායක ජනාධිපතිවරයාත්, විපක්ෂයක් සහිත පාර්ලිමේන්තුවත්, මහාධිකරණය, මාධ්‍ය රටේ පවතී. පාරිසරික ඇමැති, කර්මාන්ත ඇමැති, පළාත් ඇමැතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු රාජකාරි කරමින් සිටිති. පාලකයන් පවසන ආකාරයට මහජනයාගේ දැවෙන ප්‍රශ්නවලට මේ ආයතනවලින් විසඳුම් නොලැබීමට හේතුවක් නැත. ඒ ආයතනවලින් විසඳුම් නොලැබෙන්නේ නම් ඊට එරෙහිවීමට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයක් ද රටේ පවතී. ඒ සියල්ල තිබියදී නීතිය අතට ගැනීමට යෑම අඬුව තිබියදී අත පුච්චා ගැනීමක් වන්නේය.
mawbima -

No comments