කෝටි එකහමාරේ මුදල් කොල්ලයේ ඇතුල් කතාව
එදා පෙබරවාරි 17 වෙනිදාය. වේලාව හරියටම සවස 1.37 ය.
මුහුණු මුළුමනින්ම ආවරණය කර ඇති, යතුරුපැදි හිස් වැසුම් පැළඳි දෙදෙනකු එකවරම මීගමුවේ ජුවෙල් ලංකා ජුවෙලරියට කඩා වැදුණේ දොර අසල සිටි ආරක්ෂක නිලධාරියාද ඇතුළට තල්ලුකරගෙනය. එක් අයෙකු අත බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයකි. අනෙකා අත බෑගයකි.
ඒ වන විට ගනුදෙනුකරුවන් ද සේවකයන් ද ඇතුළුව දහ දොළොස් දෙනෙකුම එහි රැඳී සිටියත් නිරායුධව සිටි ඒ අයට සන්නද්ධව සිටියවුන් සමග හැප්පෙන්නට ශක්තියක් නොවීය. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් හිස් වැසුම් පැළඳි තුවක්කුකරුවෝ තමන් රැගෙන පැමිණි බෑගයට ලාච්චුවල තිබුණු මුදල් මිටි ගණනින් පුරවා ගන්නට වූහ. ශ්‍රී ලංකා රුපියල් පමණක් නොව ඇමරිකානු ඩොලර් , යූරෝ ආදී විදෙස් මුදල්ද ඒ අතර විය. ගතවූයේ විනාඩි දෙකකටත් අඩු කාලයකි. රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක්, දහඩිය බිඳක් නොහෙලා කොල්ලකෑ ඔවුන් දෙදෙනා කිසිදු බාධාවකින් තොරව ජුවලරියෙන් පිටව ගියේය.
මීගමුව පොලීසියේ රථවාහන අංශයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂක ගජනායක යතුරුපැදියක නැගී මෙම ජුවෙලරිය අසලට එන්නේ ඔය අතරතුරදීය. ඒ කෙළින් වීදියේ රථවාහන පාලන කටයුතු සඳහාය. කොල්ලකරුවන් දෙදෙනා ජුවලරියෙන් පිටතට ආවේ උප පොලිස් පරීක්ෂක ගජනායක සිය යතුරුපැදිය ජුවෙලරිය අසල නතර කරනවාත් සමගය. මුහුණු මුළුමනින්ම ආවරණය වූ හිස් වැසුම් පැලඳ පොට්ටනියක්ද අතින් එල්ලාගත් ඒ දෙදෙනා ජුවලරියෙන් පිටතට එන අයුරු එතරම් ඔහුගේ සිතට ඇල්ලුවේ නැත. ඒත් එක්කම ජුවෙලරියේ සේවකයන්ද කෑ ගසමින් පිටතට දිව එන්නට වූයේ ජුවෙලරිය කොල්ලකෑ බව කියමිනි.
උප පොලිස් පරීක්ෂක ගජනායකට සියල්ල පැහැදිලි විය. තම යතුරුපැදිය පණගන්වා ගත් ඔහු කොල්ලකරුවන් පසුපස පන්නන්නට ගත්තේය. ඒත් සමගම එකවරම මතුවුණු යතුරුපැදිකරුවන් දෙදෙනකු කොල්ලකරුවන් තමුන් පැමිණි යතුරුපැදි දෙකෙහි නංවාගෙන විදුලි වේගයෙන් පලායන්නට විය. නමුත් උප පොලිස් පරීක්ෂක ගජනායකද ඔවුන්ව අත හැරියේ නැත. තනිවම සිටියත් කොල්ලකරුවන් පසුපස පන්නන්නට ගත්තේ එය තම වගකීම සේ සලකාය.
උප පොලිස් පරීක්ෂක ගජනායක ඒ වන විට කොල්ලකරුවන්ට මහත් හිසරදයක් බවට පත්ව සිටියේය. ඒ අහුමුළු ඔස්සේ ගමන් කරමින් ඔහුව මග හරින්නට කොතෙක් උත්සහ ගත්තත් ඔහු ඒ අයගේ පස්සෙන්ම සිටි බැවිනි.
Jewel-lankaඑම හිසරදයෙන් ගැලවෙනු පිණිස ඔවුන් කල්පනා කරන්නේ උප පොලිස් පරීක්ෂක ගජනායකට ප්‍රහාරයක් එල්ල කරන්නටය. බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය අතින් ගෙන සිටි කොල්ලකරු ඒ සඳහා සූදානම් වන්නේ රුක්අත්තන හන්දිය ආසන්නයේදීය. අනෙක් මෝටර් සයිකලයට ඉදිරියට යන්නට ඉඩදී, තමා ගමන්ගත් යතුරු පැදිය මග හරස්කර නවතා බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය අතින්ගත් කොල්ලකරු යතුරු පැදියෙන් බැස බටහිර චිත්‍රපටයක දකින්නාක් සේ උප පොලිස් පරීක්ෂක ගජනායක පැමිණෙන යතුරු පැදිය දෙසට ගිනි අවිය එල්ල කොට ඉලක්කය ගෙන හුන්නේය. මේ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයා මුහුණ දුන්නේ උභතෝකෝටික ප්‍රශ්නයකටය. වීරයෙක් වන්නට ඉදිරිපිට ගොස් වෙඩි කනවාද, නැතහොත් ආරක්ෂක පියවරක් අනුගමනය කරනවාද? නිරායුධව සිටි උප පොලිස් පරීක්ෂක ගජනායකට මේ දෙකින් එකක් තීරණය කරන්නට ඉතිරිව තිබුණේ තත්පර දෙක තුනක් පමණි. ඔහු ඒ මොහොතේ ගන්නට හැකි හොඳම තීරණය ගත්තේය. ඒ වේගයෙන් ඉදිරියට ධාවනය කරවමින් තිබුණු යතුරුපැදිය අතහැර ආරක්ෂක පියවර අනුගමනය කරමින් ගිනි අවිය ඉලක්ක නොවන තැනකට රිංගා මුවාවීමය. උප පොලිස් පරීක්ෂකවරයා එසේ තමන් පැමිණි යතුරු පැදිය අතහැර ආරක්ෂක පියවරක් අනුගමනය කිරීමත් සමග බිම පෙරළී ගිය යතුරු පැදිය අසලට දිව එන කොල්ලකරු යතුරුපැදියේ ස්විචයේ එල්ලෙමින් තිබුණූ යතුරද රැගෙන පලායන්නේ තව දුරටත් තමන් පසුපස පන්නන්නට ඔහුට ඉඩක් නොතබමිනි.
එය එසේ යැයි කියා උප පොලිස් පරීක්ෂකවරයාද සටන අතහැරියේ නැත. රුක්අත්තන හන්දිය පසුකරමින් ගමන් කරමින් සිටි සංගීත ගුරුවරයෙකුගේ යතුරුපැදියක් ලබාගෙන නැවතත් කොල්ලකරුවන් පසුපස පන්නන්නට ගත්තේය. එහෙත් ඔහුට ඒ යතුරු පැදියෙන්ද වැඩි දුරක් කොල්ලකරුවන් පසුපස හඹා යන්නට ඉඩක් නොලැබුණේ එම යතුරුපැදිය අබලන් තත්ත්වයේ එකක් වූ බැවින් අතරමගදී ලෙඩ දෙන්නට වූ බැවිනි.
මේ අතර මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතා සිටියේ කොල්ලකෑමට ලක්වූ ජුවලරියේය. ඒ එම කොල්ලය කන වැකුණු වහාම ඔහු එහි පැමිණි බැවිණි. මෙහිදී මෙම මුදල් කොල්ලයේ විමර්ශන ඔහු විසින් පවරන්නේ මීගමුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සජිත් රත්නායකටය.
එය පොලිස් පරීක්ෂක සජිත් රත්නායකට ලැබුණු අභියෝගාත්මක පොලිස් විමර්ශනයකි. කොල්ලකරුවන් හඳුනාගන්නට කිසිදු සාක්ෂියක් නොමැති වූ අතර එය මෙම වසරේ සිදුවුණු ලොකුම මුදල් කොල්ලයද විය. ජුවලරියට කොල්ලකරුවන් ඇතුළු වී කොල්ලය සිදුකරන ආකාරයත්, ඔවුන් පලායන අයුරුත් ජුවලරියේ ඇති ආරක්ෂිත කැමරාවල මනාව සටහන්ව තිබුණත් මුහුණු මුළුමනින්ම ආවරණය වන ලෙස යතුරුපැදි හිස් වැසුම් පැළඳ සිටීමත්, අත්දිග ජැකට් හැඳ සිටීමත් හේතුවෙන් කොල්ලකරුවන්ගේ මුහුණක් තබා ශරීර සලකුණක්වත් සොයා ගන්නට ඉඩක් නොවීය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇළක යතුරුපැදි හිස් වැසුම් දෙකක් , බැනියමක්, ඉරා දමන ලද ගමන් මල්ලක් ඇති බවට තොරතුරක් පොලිස් කණ්ඩායමට ලැබෙන්නේ ඔය අතරතුරදීය. ඒ මංකොල්ලය සිදුවූ දිනම සවස් කාලයේදීය.
එම භාණ්ඩ සියල්ලක්ම පොලිස් භාරයට ගනු ලැබිණි. ඒ එම යතුරුපැදි හිස්වැසුම් දෙක ජුවලරියේ මුදල් කොල්ලකෑ දෙදෙනා පැලඳ සිටි හිස් ආවරණවලට සමාන බව පෙනී යන්නට වූ නිසාය. එම හිස් ආවරණ දෙකම අලුත්ය. පෙනුමෙන් මෙන්ම සුවඳින්ද ඒ බව පෙනී ගියත් එය වඩාත් තහවුරු වන්නේ එක් හිස් ආවරණයක තිබූ මිල සඳහන් ස්ටිකරයේ තිබුණු සලකුණකිනි. හිස් වැසුම් දෙකත්, බැනියමත්, ඉරී ගිය බෑගයත් හැරුණු කොට ඒ වන විට පරීක්ෂණ ඉදිරියට ගෙන යන්නට තරම් වැදගත් යමක් පොලිස් කණ්ඩායමට නොවීය. එම බෑගය කොල්ලකරුවන් මුදල් පුරවාගත් බෑගයට සමාන බව පමණක් තහවුරු කරගන්නට පොලිස් කණ්ඩායමට හැකිවිය. ඒ එම කොල්ලය සිදුවන විට ජුවලරියේ සිටි සේවකයන්ගෙනි. බැනියම ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක කර්මාන්ත ශාලාවේ නම එම්බ්‍රොයිඩර් කරන ලද්දක් විය. මේ සියල්ල පරීක්ෂාකර බලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ලියනගේගෙන් පොලිස් පරීක්ෂක සජිත් රත්නායක ඇතුළු පොලිස් කණ්ඩායමට උපදෙස් ලැබෙන්නේ යතුරුපැදි හිස් වැසුම් දෙක වැදගත් සාක්ෂියක් සේ සලකා ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ කරගෙන යන ලෙසය.
හිස් වැසුම් දෙකකින් කොල්ලකරුවන් පසුපස හඹා යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණත් පොලිස් පරීක්ෂක සජිත් රත්නායක තම පරීක්ෂණ කණ්ඩායම වූ උප පොලිස් පරීක්ෂකවරුන් වූ රාජපක්ෂ , වික්‍රමසිංහ , සැරයන් නිස්මි, කොස්තාපල්වරුන් වන රසික බණ්ඩාර, චාමර, ප්‍රියන්ත යන නිලධාරීන් සමග එක්ව, යතුරුපැදි හිස් වැසුම් අලෙවිසල්වලට රිංගන්නට ගත්තේ කොල්ලකරුවන් හඳුනාගන්නට පොටක් පාදාගන්නට ඒ තුළින් හැකියාවක් ලැබේදැයි සිතාගෙනය. මුලින්ම ඔවුන් පරීක්ෂා කරන්නේ මීගමුවේ පිහිටි යතුරුපැදි හිස් වැසුම් අලෙවි කරන තැන්ය.
එම පරීක්ෂාවේදී මීගමුව කොප්පරා හන්දියේ පිහිටි යතුරුපැදි හිස් වැසුම් අලෙවිසලකටද පොලිස් කණ්ඩායම ගොඩවිය. එම හිස් වැසුම් දෙක අතට ගත් එහි හිමිකරු “මේක නම් අපි විකුණපු එකක්.”යැයි කීවේ එක් හිස් වැසුමක් අතට ගෙන පරීක්ෂා කර බලාය. එසේ කියන්නට ඔහුට හැකියාව තිබුණේ හිස් වැසුමේ අලවා තිබුණු ස්ටිකරයෙහි සලකුණක් දමා ඇත්තේ ඔහු බැවිණි. මෙම සලකුණ තමන් අලෙවි කළ භාණ්ඩ නැවත මාරු කිරීම සඳහා රැගෙන ආවොත් එය හඳුනා ගැනීමේ සලකුණකි.
එම හිස් ආවරණය අලෙවි කළ දිනයද හිමිකරුගේ මතකයේ හොඳින් ලියැවී තිබුණේය. 17 වෙනිදා උදෑසන කාලයේ පැමිණෙන තරුණයෙකු රුපියල් 4600 ක් ගෙවා හිස් වැසුම් මිලදී ගන්නේ එකක් තමාටත් අනික තම පෙම්වතියටත් බව පවසමිණි. මෙම හිස් වැසුම් අලෙවිසලද
ආරක්ෂක කැමරා පද්ධතියකින් ආවරණය වන්නකි. එය පොලිස් පරීක්ෂක සජිත් රත්නායක ඇතුළු පොලිස් කණ්ඩායමට, හිස් ආවරණ මිලදී ගන්නට එහි පැමිණි පුද්ගලයා හඳුනාගන්නට මහත් පිටිවහලක් විය. ඊට අනුව එකී පුද්ගලයා කහ පැහැති බැනියමකින් සැරසී වෙළෙඳ සලට ඇතුළු වන්නේ හරියටම 17 වෙනිදා පෙරවරු 11.26 ටය. හිස් වැසුම් රැගෙන පිටව යන්නේ ඊට විනාඩි හතකට පසුවය. ඔහු සිටින්නේ හිස් වැසුම් දෙක සමග ඇළේ තිබි හමුවන බැනියමින් සැරසීය. ඒ අනුව පොලිස් කණ්ඩායමට යමක් පැහැදිලි විය. ඒ ජුවෙලරියේ කොල්ලය සහ එම පුද්ගලයා අතර යම් සම්බන්ධයක් ඇති බවය.
මේ අතර කොල්ලකරුවන් ගමන්ගත් යතුරුපැදි දෙකද පොලීසියට හමු විය. ඒ මීගමුවේ පත්තෑයම් වත්ත පැත්තේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදීය. සොයා බැලීමේදී අනාවරණය වන්නේ එම යතුරු පැදි දෙකෙන් එකක් සීදූව ප්‍රදේශයේදීත්, අනික කටුනායක ප්‍රදේශයේදීත් සොරාගෙන සහ මංකොල්ලකා ඇති බවය. යතුරු පැදි දෙක කොල්ල කන්නේ සැලසුම් සහගතව ජුවලරි කොල්ලයටම බව ඒ අනුව පොලිස් කණ්ඩායමට පැහැදිලි විය.
ඒ අතර ඇඟලුම් ආයතනයක නාමය සඳහන් බැනියමද පොලිස් පරීක්ෂක සජිත් රත්නායක සතු විය. පොලිස් සේවයෙන් ඉවත්ව ඉහත කී ප්‍රසිද්ධ සමාගමේ කළමනාකාර තනතුරක් දරන තම මිතුරෙකු සිටි බැවින් සජිත් ඒ බැනියමේ ජායාරූපයක් ඒ මිතුරාට ඊ-මේල් කර යවන්නේ කොල්ලකරුවන්ට කිට්ටුවන්නට ඒ තුළින් පොටක් පාදා ගන්නට හැකියාවක් තිබේදැයි දැනගන්නටය. එම බැනියම අදාළ සමාගමේ සේවකයන් වෙනුවෙන්ම නිපදවන ලද විශේෂ බැනියමකි. එම ආයතනයේ සේවකයන්ගේ ක්‍රීඩා උත්සවයක් සඳහා එම බැනියම නිර්මාණය කර තිබුණි.
ක්‍රීඩා උත්සවය සඳහා ප්‍රමාණ කිහිපයකින් එවන් බැනියම් 28ක් නිෂ්පාදනය කළ බව අනාවරණය වන්නේ එහිදීය. ඒ 2010 වසරේදීය. ඒ වන විට පොලිස් පරීක්ෂක සජිත් රත්නායක අත වූයේ මීඩියම් ප්‍රමාණයේ බැනියමකි. එම බැනියමත් රැගෙන උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ , කොස්තාපල්වරුන් වන බණ්ඩාර සහ ප්‍රියන්ත සමගින් පොලිස් පරීක්ෂක සජිත් රත්නායක අදාළ ආයතනයේ කර්මාන්ත ශාලාවට ගොස් නිලධාරියකු හමු විය. ඔහු සමග සුහද කතා බහක නිරත වන පොලිස් පරීක්ෂක සජිත් රත්නායක ආරක්ෂක කැමරාවේ සටහන්ව සිටි, යතුරුපැදි හිස් වැසුම් මිලදී ගන්නා තරුණයාගේ ජායාරූපය ඔහුට පෙන්වූයේය. එහිදී කළමනාකරු තැතිගෙන ඒ ජායාරූපය දෙස මඳ වේලාවක් බලා සිට “මෙයා මෝටර් බයික් පදින කෙනෙක් නේද? “යැයි පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසුවේය.
කළමනාකරු එසේ පොලිස් පරීක්ෂක සජිත්ගෙන් විමසන්නට වූයේ එම ඡායාරූපයේ සිටි පුද්ගලයා මහාමාර්ගවල රාත්‍රී කාලයට හොර රහසේ පවත්වන යතුරු පැදි ධාවන තරගවලට සම්බන්ධ වන දක්ෂ යතුරුපැදි ධාවකයෙකු නිසාය. කළමනාකරු සිතන්නට ඇත්තේ පොලීසිය ඇවිත් සිටින්නේ එවන් ප්‍රශ්නයකට කියාය. ඒ සිතුවිලි නිවැරදි කරන්නට පොලිස් පරීක්ෂක සජිත් මහන්සි ගත්තේ නැත. “ගිය 17 වෙනිදා එයා වැඩට ඇවිල්ල ද කියල දැනගන්න පුළුවන්ද”ඒ වෙනුවට ඔහු කළමනාකරුගෙන් විමසුවේය. එහිදී ලැබුණු පිළිතුර වූයේ එදා උදේ ඔහු පැමිණ නිවාඩුවක් ලබාගෙන පිටව ගිය බවය. ඒ පැමිණ ඇත්තේ පොලිස් පරීක්ෂක සජිත් අත ඇති බැනියමින් සැරසීගෙනය.
වැඩ පරීක්ෂකයෙකු ලෙස එහි සේවයේ නිරතව සිටින ඔහු ඒ වන විටත් කර්මාන්ත ශාලාවේ සිටියේය. තරිඳු නමැති ඔහුව ඒ නිසාම වැඩි වෙහෙසකින් තොරව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවන්නේ ජුවෙලරි කොල්ලයට කොටුකරගත් පළමු සැකකරු වශයෙන් නම් කරමිනි. ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සියල්ල වැමෑරුවේ තම පාසල් මිතුරකුගේ ඉල්ලීම මත එම කොල්ලයට එක්වූ බව කියමිනි. ඒ මිතුරා මොහොමඩ්ය. ඔහු මීගමුව පෙරියමුල්‍ලේය. වෘත්තියෙන් රියැදුරෙකු වන ඔහු මීගමුව නගර සභාවේ විපක්ෂ නායක මෙන්ම මීගමුව එජාප සංවිධායක, බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රොයිස් ප්‍රනාන්දුගේ රියැදුරා බව හෙළි කරගත් බව පොලීසිය පවසයි. “රොයිස් මහත්තයට කියල මට රට යන්න හදල දෙන්නම් කියල යාළුවා කියපු නිසයි මම මේ ගේමට සෙට් උනේ. එහෙම නැතිව සල්ලිවලට නමෛයි. මම සත පහක් මේ ගේමෙන් ගත්තේ නැහැ.” මිතුරාගේ ඉල්ලීමට වුණත් තරිඳු එම කොල්ලයට සම්බන්ධ වන්නේ රට රැකියාවක් අපේක්ෂාවෙනි. “මට කිව්වේ නැහැ මෙච්චර ලොකු ගේමක් කියල. පොඩි වැඩකට කියලයි කතා කළේ. මට තිබ්බේ බයික් එක පදින්න විතරයි” තරිඳු සියල්ල වමාරන්නේ එසේය.
පොලීසිය පවසන ආකාරයට අනුව එදා 17 වෙනිදා තම මිතුරාගේ දැනුම්දීමට අනුව තරිඳු පැමිණෙන්නේ මීගමුවේ පිහිටි රොයිස්ගේ දේශපාලන කාර්යාලයටය. එදා උදේ ඔහු හිස් වැසුම් ගන්නට යන්නේ එහි සිටය. ඒ යන්නේ රොයිස්ගේ යතුරුපැදියේ නැගීය. කළු පැහැති හිස් වැසුම් දෙක පමණක් නොව තවත් යතුරුපැදි හිස් වැසුමක් ඔහු මීගමුවේ වෙනත් ස්ථානයකින් එදිනම මිලදී ගෙන තිබුණේය. පොලීසිය පවසන ආකාරයට අනුව තරිඳු ඉන්පසු කෙළින්ම ගොස් ඇත්තේ රොයිස්ගේ පක්ෂ කාර්යාලය වෙතය. එහිදී මොහොමඩ් ඒ හිස් වැසුම් තුනෙක් එකක් ඔහු පැළඳ ගත්තේය. තවත් එකක් අතේ පටලවාගත් ඔහු රොයිස්ට අයත් යතුරුපැදියේ නැගී යන්නට වූයේ ඉක්මනින් තමා එන බව තරිඳුට පවසාය. වැඩි වේලාවක් ගියේ නැත. මොහොමඩ් එහි ආවේය. ඒ ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියකිනි.
ඒ පැමිණි ඔහු තරිඳුවත් එහි නංවාගෙන ගමන් කරන්නට වූයේ මීගමුව මල්වත්ත පල්ලිය අසලටය. ඒ යන විටත් ඔවුන්ව පිළිගන්නට මෙන් පල්සර් වර්ගයේ යතුරුපැදියකින් තවත් දෙදෙනකු එහි පැමිණ සිටියේය. රොයිස්ගේ නිවස පිහිටා ඇත්තේද ඒ අසල බව පැවසේ. ඒ අය පැළඳ සිටියේද මුහුණු මුළුමනින්ම ආවරණය වන ආකාරයේ හිස් ආවරණයන්ය. ඒ එක් හිස් ආවරණයක් තරිඳු මිලදී ගත් කළු හිස් ආවරණ දෙකින් එකක් බව තරිඳු පවසා ඇත.
සැලසුම් ප්‍රකාරව මුදල් කොල්ලයට කණ්ඩායම පිටත්ව යන්නේ එහි සිටය. යතුරුපැදි ධාවකයන් වූයේ මොහොමඩ් සහ තරිඳුය.
සැලසුම් ප්‍රකාරව ජුවලරියට ඇතුළු වී කිසිදු වෙහෙසක් නොදරා කොල්ලය සිදු කළද සියලු සැලසුම් බිඳ වැටෙන්නේ උප පොලිස් පරීක්ෂක ගජනායක එම අවස්ථාවේම ඒ අසල මාර්ගයේ ගමන් කිරීම නිසාය. ප්‍රශ්න කිරීම් හමුවේ තරිඳු පවසන්නට වූ ආකාරයට අනුව ඔවුන් පිළිගන්නට එන්නේ රොයිස්ය. ඒ ඔහුගේ මෝටර් රථයෙනි. මෝටර් රථයට ගොඩවීමෙන් පසු කොල්ලකන ලද මුදල් පොට්ටනිය ඔවුන් අතින් ගන්නේද රොයිස්ය. වෙනත් බෑගයකට මුදල් දමාගෙන බෑගය ඉරාදමා විසිකරන්නට දෙන්නේද රොයිස්ය. ඒ සියල්ල අවසානයේදී තරිඳුව මෝටර් රථයෙන් බස්සවන්නේ මීගමුව පෙරියමුල්‍ලේදීය. ඒ රොයිස් ඔහු අතට රුපියල් 1000 නෝට්ටුවක් අත මිට මොලවා ස්තූතියද පළකරමින් බව තරිඳු පවසා තිබේ.
මේ සියලු තොරතුරු පොලිස් පරීක්ෂක සජිත් රත්නායක ඇතුළු නිලධාරීන් විසින් තරිඳුගෙන් හෙළි කරගන්නා විට මොහොමඩ් සිටින්නේ බණ්ඩාරවෙලය. අනාවරණය වන ආකාරයට ඒ ඔහුගේ හිතවතියක මුණගැසෙන්නට ගොසිනි. කොල්ලයට පසු දින ඔහු එහි යන්නේද කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකිනි. ඒ රොයිස්ගෙන් වියදමට යැයි කියා ලැබුණු රුපියල් ලක්ෂ දෙක තුනක මුදලත් රැගෙනය.
ඔහු නැවත මීගමුව බලා බණ්ඩාරවෙලින් පිටත් වූයේ දින දෙක තුනකට පසුවය. තරිඳු පොලිස් අත්අඩංගුවේ සිටින බවක් ඔහු දැන සිටියේ නැත. ඒ නිසාම ඔහු තරිඳුට දුරකථන ඇමතුමක් ගත්තේ තත්ත්වය බලාගන්නටය. එහිදී තරිඳුව ඉත්තෙකු කරගන්නා පොලිස් කණ්ඩායම උපක්‍රමශීලීව ඔහුව මීගමුව කිඹුලාපිටියට ගෙන්වා ගන්නට වග බලා ගත්තේය. පොලිස් උගුලට මොහොමඩ් කොටුවූයේ කිසිවක් සිතා ගන්නට නොහැකි ලෙසිනි. මොහොමඩ් ඒ එන්නේ ද මෝටර් රථයෙනි. එම රථයේ අමතර රෝදය යට සඟවා තිබි රොයිස් ඔහුට ලබාදුන් බව කී මුදලින් ඉතිරිව තිබුණු රුපියල් එක් ලක්ෂ අසූ හතර දහසක මුදලක්ද, තවත් තැනක තිබි රුපියල් පනස් අට දහසක මුදලක්ද පොලිස් කණ්ඩායමට සොයා ගන්නට හැකි විය. කොල්ලකන ලද මුදලින් සොයාගන්නා ලද මුල්ම කොටස එයය.
පොලීසිය කියන ආකාරයට ජුවෙලරියේ කොල්ලයට ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත් සභා එජාප අපේක්ෂක රොයිස් ප්‍රනාන්දුගේ සම්බන්ධයක් ඇති බව පැහැදිලිවම හෙළිවන්නේ මොහොමඩ්ගෙනි.
මතෛක් කරන ලද පරීක්ෂණවලින් හෙළිවී ඇති ආකාරයට අනුව ඒ වන විට රොයිස් සිට ඇත්තේ හතර වටේටම ණයකාරයෙකු බවට පත්වය. මැතිවරණයට වියදම් කරගන්නටවත් ඔහුට හැකියාවක් තිබි නැත. ඒ ණයවලින් බේරෙන්නටත් , ඡන්ද කටයුතු කරන්නටත් නොහැකිව අසරණව සිටි රොයිස්ට ‘ගේමක්’ දෙන්නට යෝජනා කරන්නේ ඔහුගේම ගෝලයන්ය. ජුවලරිය ඒ සඳහා යෝජනා කරන්නේ මොහොමඩ්ය. ඒ ඔහු විදෙස් මුදල් මාරුකරන්නට එහි නිතර යන එන අයෙකු වූ බැවින් යහමින් මුදල් එහි ගැවසෙන බව දැන සිටි හෙයිනි. ඒ අනුව කොල්ලය සැලසුම් කර ඇත්තේ රොයිස් යැයි පොලීසිය කියයි. සෙසු කොල්ලකරුවන් දෙදෙනා සූදානම් කරන්නේද රොයිස්ය. සැලසුම් සියල්ල සකස් කෙරෙන්නේද රොයිස්ගේ නිවසේදීය.
තරිඳු මෙන්ම මොහොමඩ්ද ඒ වන විට ලබා දී තිබූ සාක්ෂි රොයිස් අත්අඩංගුවට ගැනීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වුවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ තවදුරටත් රොයිස් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන ලෙසට පොලිස් පරීක්ෂක සජිත් රත්නායකට උපදෙස් දුන්නේය. ඒ ප්‍රධාන දේශපාලන පක්ෂයක පළාත් සභා අපේක්ෂකයෙකු බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමේදී දේශපාලනික වශයෙන් ගැටලු ගෙන දෙන්නට හැකි බව දන්නා බැවිණි.
රොයිස් ප්‍රනාන්දු ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වන්නේ එවිටය. එම තොරතුරුවලට අනුව රොයිස්ගේ මුල්ම රැකියාව පොලිස් සේවයය. විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස 1986 වර්ෂයේදී පොලිස් සේවයට එක්ව ඇති ඔහු පසුව එයින් ඉවත් වී තිබේ. ඒ අනුව ජුවෙලරියේ කොල්ලයේ සැලසුම්කරු ලෙසත් පහසුකම් සපයන්නා ලෙසත් පොලිස් කණ්ඩායම ඔහුව අත්අඩංගුවට ගත්තේය.
එජාපය මෙසේ කියයි
එජාප නීති අංශ සාමාජික බස්නාහිර පළාත් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් පළ කළ අදහස්.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු වන රොයිස් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මේ දිනවල පොලිස් පරීක්ෂණ රැසක් සිදු කරමින් තිබෙනවා. මේ රටේ පිළිගත් නීතිය අනුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම පුද්ගලයා වරදකරු වී තිබේ නම් එම පුද්ගලයාට දැඩි දඬුවම් ලබාදිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ පිළිගැනීමයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී සිටින අයෙකු කිසියම් වරදකට සම්බන්ධ වුවහොත් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කිරීමට කැමැතියි.
මේ රටේ පිළිගත් නීතිය අනුව අපරාධයක් සිදු වූ පමණින් පුද්ගලයකු වරදකරුවකු ලෙස තීරණය කෙරෙන්නේ නැහැ. පොලීසිය විසින් අපරාධය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම පළමු පියවර වන අතර, චෝදනාව බරපතළ වන්නේ නම් පමණක් සාක්ෂි සලකා බලා තීන්දුවක් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම ඊළඟ පියවරයි. කිසියම් වරදකට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයකු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් අධි චෝදනා පත්‍රයක් මහා අධිකරණයට යවන අතර, එය පොලීසිය විසින් හෝ නීතිපතිතුමා විසින් සිදු කරනු ලබන දෙයක් නොවේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වයෙන්ම සාක්ෂි විමසා බලා තීන්දුව දෙනු ලබන්නේ අධිකරණය විසිනුයි. අධිකරණයෙන් ප්‍රකාශ කරන තුරු පුද්ගලයකු වරදකරු වන්නේ නැහැ.
මැතිවරණ සමයක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුට කිසියම් චෝදනාවක් තිබෙන්නේ ද යන කාරණව මත එක්සත් ජාතික පක්ෂයට මඩගැසීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට අයිතියක් නොමැති අතර, එසේ කිරීම දුෂ්ට ක්‍රියාවක් බව ද කිව යුතුයි. මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇතැම් කාරණා ගැන පක්ෂයට බරපතළ ප්‍රශ්න තිබෙන බවත් සඳහන් කළ යුතුයි.
ඡායාරූප - රේමන් අපෝන්සු
ගයාන් කුමාර වීරසිංහ

No comments