Header Ads

ඌරා සහ සෞඛ්‍ය පාඩම

ගම්පහ අස්‌ගිරිවල්පොළ ගමේ වෙළෙඳසලක්‌ කොල්ලකෑමට පැමිණි සොර කණ්‌ඩායමක්‌ තැබූ වෙඩි වලින් දහඅට හැවිරි පාසල් සිසුවකු මියගිය බව අද මේ පුවත්පතෙහි සඳහන්ය. කඩය කොල්ලකාගත නොහැකි වූ සොර රැළ පලා ගිය අතර කඩය අයිතිකරුවන්ට තම දරුවාගේ මළ සිරුර පමණක්‌ ඉතිරි විය. ලංකාවේ අපරාධ අනුපාතය ඉතාම ඉහළ තත්ත්වයක පැවති අවස්‌ථා දෙකක්‌ පසුගිය තිස්‌ අවුරුද්ද තුළ තිබිණ. එයින් පළමුවැන්න බෙදුම්වාදී යුද්ධය ය. දෙවැන්න 88-89 වකවානුවේදී පැවැති භීෂණය ය. මේ දෙකෙහිදීම රටේ ජනගහනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර දෙන ලදී. තරුණ කොල්ලන් හතර පස්‌ දෙනා සිටි පවුල්වල එම ගණන එක හෝ දෙක දක්‌වා අඩු කර දෙන ලදී. තරුණ කෙල්ලන් දූෂණය කර ගැහැනුන් බවට පත් කර දෙන ලදී. 2009 යුද ජයග්‍රහණයෙන් පසු අපරාධ ක්‍රමයෙන් අඩු වන්නට විය. රජයේ News.lk වෙබ් අඩවියේ සඳහන් වන පරි 2009 741 ක්‌ වූ සිවිල් මිනීමැරුම් ප්‍රමාණය 2010 දී 2011 දී 724 ක්‌ බවට පත් විය. 2012 දී 646 ක්‌ විය. 2010 දී 6440 ක්‌ වූ සොරකම් ගණන 2011 දී 6240 ක්‌ විය. ගිය අවුරුද්දේ එම ගණන 4793 දක්‌වා පහළ ගියේය. එහෙත් රට තුළ ස්‌ත්‍රී දූෂණ ගණන ඉහළ නැග්ගේය. 2008 දී 1533 ක්‌ වූ ස්‌ත්‍රී දූෂණ ගණන ගිය අවුරුද්ද වන විට 2148 තෙක්‌ ඉහළ ගියේය.

මිනිසුන් මිනී මරන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන නිසා බවට මතයක්‌ ගොඩනැගී තිබේ. එහෙත් අපරාධයක්‌ කර හසු වූ විට පොලිසියෙන් කන්නට වන නැව් ගුටි පිළිබඳ චිත්‍රය එල්ලුම් ගස පිළිබඳ චිත්‍රයට වඩා දරුණුය. අනෙක භයානක මිනීමැරුමක්‌ පොලිසියට හසු වූ විට ආදියුධ පෙන්වීමට යැමේ ටි්‍රප් එකක්‌ පොලිසියේ වියදමින් සංවිධානය කෙරෙන බැවින් ගැලවීමක්‌ ඇත්තේම නැත. මෙසේ ආදියුධ පෙන්වීමේ "ටි්‍රප් එක" මුල් වරට හඳුන්වා දෙන ලද්දේ රෝහණ විඡේවීර සහ උපතිස්‌ස ගමනායක අත්අඩංගුවට ගත් විටය. එය පසු කාලයේදී සාම්ප්‍රදායික පොලිස්‌ විනෝද ගමනක්‌ බවට පත්ව අද වන විට සාමයට කැමති සිවිල් ප්‍රජාවගේද හදවත් නූ සහනදායී ක්‍රියාකලාපයක්‌ බවට පත්ව තිබේ. මේවා Extra Judicial Killings හෙවත් නඩු ඇසීමකින් තොරව කරන මිනීමැරුම් බව ඇම්නෙස්‌ට්‌ ඉන්ටනැෂනල් වැනි සංවිධාන කියති. දරුණු අපරාධකාරයකු අධිකරණ ක්‍රියාවලියකට යොමු කිරීම ඌරකුට සෞඛ්‍ය පාඩමක්‌ කියාදීම වැනි නොගැලපෙන ක්‍රියාවකි.

පසුගිය අවුරුද්දක පමණ කාලය තුළ කොල්ල කෑම් ඉහළ ගොස්‌ තිබේ. බැංකු කැඩීම, රත්තරන් බඩු සාප්පු කොල්ලකෑම, උකස්‌ බඩු කඩවලට පැනීම වැනි අපරාධ ජන ජීවිතය සමග ක්‍රමයෙන් බද්ධ වන බව පෙනී ගොස්‌ ඇත. නන්නත්තාර වූ තරුණයන්, යුද හමුදාවෙන් පැන ආදිවුන්, විශ්‍රාමික සෙබළුන් පමණක්‌ නොව ඡන්දය ඉල්ලන දේශපාලනඥයන් පවා අද කොල්ලකෑම්වලට සහභාගි වෙති. සාමාන්‍යයෙන් සිදුවන්නේ රටක ආදිණ්‌ඩු පක්‍ෂය විසින් ජනතාව කොල්ලකනු ලැබීමය. එහෙත් අද විපක්‍ෂය විසින් රත්තරන් බඩු සාප්පු කොල්ලකයි. මීගමුවේ එජාප සංවිධායක රත්තරන් බඩු සාප්පුවක්‌ කොල්ලකෑමට හසු විය. තම සාමාජිකයන් රත්තරන් බඩු සාප්පු කොල්ලකා ඡන්ද කරන තත්ත්වයට පත් වූයේ ඇයිද යන්න එජාපය කල්පනා කළ යුතුය. කෙසේ වුවද මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ජාතිය මුහුණ පා තිබෙන සමස්‌ත අර්බුදයයි. ලංකාව වැනි ආදිර්ථික තත්ත්වයක්‌ තිබෙන සෙසු රටවල තත්ත්වය මෙයට එහාය. එහෙත් එය නිදහසට කාරණයක්‌ වන්නේ නැත. අප ජීවත් වන්නේ ලංකාවේය. එය යහපත් තැනක්‌ කර දෙනු මැනවි.!

No comments

Powered by Blogger.