ඉන්දියාව සතුරකු සේ සැලකීමෙන් ලංකාවේ අනාගතය පිළිබඳ බියකරු අවදානමක්
- ආචාර්ය දයාන් ජයතිලක
ඉන්දියාව සහ ලංකාව අතර ගොඩනැගී ඇති ආතතිය මේ දිනවල විශාල වශයෙන් අවධානයට හා සාකච්ඡාවට ලක්ව ඇති මාතෘකාවකි. මෙවර ජිනීවා සමුළුවේදී ඉන්දියාවේ ස්ථාවරය කෙසේවනු ඇත්ද යන්නද කාගේත් කුතුහලයට තුඩු දී ඇති කාරණාවක් බවද රහසක් නොවේ. මෙම පසුබිම තුළ ඉන්දු- ලංකා සබඳතාව හා ආශ්‍රිත ගැටලු පිළිබඳව ගැඹුරින් විමසා බලා සුදුසු පියවර ගැනීම වැදගත් කටයුත්තක් බව අමුතුවෙන් කිවයුතු නැත.
ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ද්විත්වාකාර පිළිවෙතකි.
එය දෙබිඩි පිළිවෙතක්ම නොවේ. නමුත් සංකීර්ණ හා පැත්තෙන් පැත්තට දෝලනය වන පිළිවෙතකි. ඉන්දියාවේ තමිල්නාඩුවේ දස ලක්ෂ හැත්තෑවක දමිළ ජනතාවක් ජීවත් වෙයි. එම නිසා තමිල්නාඩුව ඉන්දීය රජයට වැදගත් පාර්ශ්වයකි. අනෙක් පැත්තෙන් ලංකාවද වැදගත් අසල්වැසියෙකි. මේ නිසා ලංකාව කළ යුතුව තිබුණේ දිල්ලිය තමන් වෙත නතුකර ගනිමින් තමිල්නාඩුව තුලනය කිරීමට ඇති හැකියාව තමන්ගේ පැත්තේ රඳවාගැනීමයි. නමුත් එවැන්නක් කිරීමට කළ යුතු හා නොකළ යුතු දේ ඇත. කළ යුතු දේ වන්නේ ඉන්දු - ලංකා ගිවිසුම අපේ ෙසෙවරීභාවයේ පලිහක් සේ යොදාගත හැකි ආකාරයට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමයි. ඒ මගින් තමිල්නාඩුවේ ව්‍යාප්තවාදය තුලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. නොකළ යුතු දේ වන්නේ සමස්ත ඉන්දියාවම සතුරකු සේ සැලකීමයි. දිල්ලිය සතුරකු සේ සැලකුවහොත් තමිල්නාඩුවේ ව්‍යාප්තවාදය තුලනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. දිල්ලිය ජයලලිතාගේ ඔඩොක්කුවට අප විසින් තල්ලු නොකළ යුතුය. මේ කාරණා දෙකේදී ලංකා ආණ්ඩුව පසුගිය කාලයේදී ප්‍රඥාගෝචර අයුරින් කටයුතු කර ඇති බවක් පෙනෙන්නට නැතැයි යන්න මාගේ අදහසයි.
ඉන්දියාව ඉහත කී ආකාරයෙන් ද්විත්වාකාර පිළිවෙතක් අනුගමය කරන්නේ දෙරටේ හැඩගැස්ම පිළිබඳව වන ගැටලුවක් නිසාය. ලංකාවේ උතුරුකරයේ බහුතර ජනවර්ගය ඉන්දියාවේ දකුණුකරයේ බහුතර ජනවර්ගයේ පවුල්කරුවන්ය. එකම භාෂාවක් කතා කරන, එකම ජන වර්ගයකි. මේ නිසා ඉන්දියාවේ තත්ත්වය සංකීර්ණය. 2009 වසරේදී ජිනීවා යෝජනා ඉදරිපත් වූ අවස්ථාවේදී දිල්ලිය විසින් තමිල්නාඩුව
කළමනාකරණය කරන ලද්දේ ඉන්දීය මහ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදීය.
ලංකා ආණ්ඩුවට ඉන්දීය රජය විසින් මෝටාර් බෝම්බ සපයනවාය යන බොරු චෝදනාව මත තමිල්නාඩුවේදී පෙළපාළිකරුවන් ඉන්දීය හමුදා ට්‍රක් රථ ගිනිබත් කළේය. එනමුත් යුද්ධය සාර්ථකව නිමා කිරීමට ඉන්දියාව ලංකාවට සහය ලබාදුන්නේය. යුද්ධය නවත්වන ලෙසට වූ බටහිර බලපෑම් තුලනය කිරීමට ලංකාවට හැකියාව ලැබුණේ ඉන්දියාවේ සහය නිසාය.
මැතිවරණ සමයේදී ඉන්දීය සාධකය රත්වෙමින් තිබුණත් දිල්ලිය ලංකාව පැත්තට දිනාගැනීමට හැකිවූ එක් හේතුවක් වූයේ දිල්ලිය ප්‍රභාකරන් සමග ඇතිකරගෙන තිබූ වෛරයයි. දෙවැන්න වූයේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ලංකාව විසින් ඉන්දියාවට ලබාදී තිබූ පොරොන්දුවය. එම පොරොන්දුව දුන්නේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා ලලිත් වීරතුංග යන ටේරායිකාව විසිනි. එම පොරොන්දුව අතැතිව දිල්ලිය විසින් තමිල්නාඩුව තුලනය කරන ලදී. එහෙත් එම පොරොන්දුව ඉටු නොකිරීම නිසා හෝ යම් යම් කාරණා ඉතා ප්‍රමාද වී ඉටු කිරීම නිසා දිල්ලිය හා තමිල්නාඩුව අතර තුලනය, දිල්ලියට අවාසිදායක ආකාරයක් ගත්තේය. දැන් තමිල්නාඩුව ප්‍රහාරක ස්ථානයකට පැමිණ තිබේ. නවදිල්ලිය පසුබැස ඇත. එහි අවාසිය අත්වන්නේ ලංකාවටමය.
මෙහිදී ඇමෙරිකාවේ ස්ථාවරයත් අමතක කළ යුතු නැත. දිල්ලිය ලංකාවට විරුද්ධව පළමුවෙන් ඡන්දය දුන්නේ 2012දී ජිනීවා සමුළුවේදීය. ඊට සති කිහිපයකට පෙර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් ජයලලිතා හමුවී සාකච්ඡා කළ බව අමතක කළ යුතු නැත. ඇමෙරිකාවේ හිලරි ක්ලින්ටන් ප්‍රමුඛ මැදිහත්වීමේ ප්‍රවණතාව විසින් ජයලලිතා හා තමිල්නාඩුව කුලප්පු කළ බව අප මතක තබාගත යුතුය. මේ නිසා බලතල බෙදීම ප්‍රමාද කිරීම විශාල අනුවණ කමක් විය. දැන් දිල්ලිය බිත්තියට හේත්තු කිරීමට තමිල්නාඩුවට හැකියාව ලැබි තිබේ.
2016දී පවත්වනු ලබන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වීමට බෙහෙවින්ම ඉඩ ඇත්තේ හිලරි ක්ලින්ටන්මය. ඇය ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි සිතිය හැකිය. ජයලලිතා, හිලරි ක්ලින්ටන් හා නවි පිල්‍ලේ යන ප්‍රබල කාන්තා චරිත තුන විසින් නියෝජනය කරන අභියෝගාත්මක හා තර්ජනකාරී දේශපාලනය තුළ ලංකාව මීළඟ වකවානුවේදී හිරවීමේ ඉඩක් ඇත. එසේ හිරවීමෙන් ගැලවිය හැක්කේ ප්‍රඥාගෝචර හා යථාර්ථවාදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් පමණි. එහෙත් එවැන්නක් මේ වන විට ක්‍රියාත්මක කරන බවක් පෙන්නුම් කරන්නේ නැත.
ලංකාව ඉන්දියාව සම්බන්ධයෙන් යුද සමයේදී ප්‍රඥාගෝචර ප්‍රතිපත්තියක් අනුගමනය කළත් පශ්චාත් යුද සමයේ අනුගමනය කර ඇත්තේ මෝඩ ප්‍රතිපත්තියක් බව කිව හැකිය. යුද ජයග්‍රහණයත් සමග ලංකා ආණ්ඩුවේ සමහර කොට්ඨාස තුළ කිසියම් අධි තක්සේරුවක් ඇතිවිය. එය අප ලැබූ ශේ්‍රෂ්ඨ ජයග්‍රහණයේ සීමාවන් හඳුනා නොගැනීමකි. ඕනෑම ජයග්‍රහණයක සීමාවන් හඳුනාගත යුතුය. සම්භාව්‍ය ග්‍රීක චින්තකයින් හා දාර්ශනිකයින් “හියුබ්‍රිස්”නැමති උවදුර පිළිබඳ අවවාද කළේ මේ නිසාය. “හියුබ්‍රිස්” යනු ඉහවහා ගිය, සීමාවක් නැති ආඩම්බරයයි. එය ඇතිවන්නේ යුද ජයග්‍රහණයකින් පසුවය.
එල්.ටී.ටී.ඊ.යේ යුද යන්ත්‍රය සම්පූර්ණයෙන් පරාජය කළ නමුත් එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර අතිරේක බලවේගය පරාජය නොකළ බව ලංකාවට අමතක විය. ඔවුන් විශාල පසමුණක් සේ කටයුතු කළේය. ඒ පසමුණේ එක් කොටසක් වූයේ තමිල්නාඩුවේ අන්ත ජාතිවාදී දේශපාලන ධාරාවයි. ඉන්දියාවේ සහය නොමැතිව මෙම ජාIndiya-strikeත්‍යන්තර බලවේග පරාජය කළ නොහැකිය. උණුසුම් යුද්ධය සමයේ ඉන්දියාව අපේ සගයකු සේ කටයුතු කළ ආකාරයට සීතල යුද්ධ කාලයේදීත් ඉන්දියාවේ සහය ලබාගත යුතුව තිබුණි. බටහිර රටවල් හා බෙදුම්වාදී ඩයස්‍පෝරාව විසින් සීතල යුද්ධය ක්‍රියාත්මක කරන විට මුල් සටන ජයගත් මූලෝපාය ලංකා ආණ්ඩුවේ සමහර කොටස් විසින් ඉවත දමන ලදී.
සීතල යුද්ධය ඇරඹුණේ 2009 දී ජිනීවාහිදී ඉදිරිපත් වූ යෝජනාවත් සමගය. එහිදී ඉන්දියාව ලංකාවේ පැත්තේ සිටියේය. එය ජයගැනීමට ලංකාවට හැකිවිය. එම සටනින් පසුව ලංකාවේ ජාත්‍යන්තර මූලෝපාය වෙනස් විය. ඉන්දියාව සගයකු සේ සලකනවාට වඩා පශ්චාත් යුද ලංකාවේ සතුරකු සේ ඉන්දියාව දෙස බලන ආකාරය රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැමුන්ගෙන් දකින්නට ලැබුණි. ඉන්දියාව සමග ලංකාවේ සම්බන්ධතාව දුර්වලවීම නිසා ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල කිරීමේ අවස්ථාව බටහිර රටවලට විවර විය. 2012 වසරේදී මේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරය මුල්වරට එල්ලවිය.
ලංකා ආණ්ඩුවේ අතිධාවනකාරී කොටස් පශ්චාත් යුද ලංකාවේ මූලෝපායික වටාපිටාවන් නිවැරදිව තේරුම් නොගත් බව පෙනේ. ලංකාවේ පිහිටීම මෙන්ම දමිළ ප්‍රජාවේ සංඛ්‍යාව හා ව්‍යාප්තිය යන සාධක දෙක ගත් විට ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික රණබිමේ අප සිටින්නේ අවදානම්කාරී තත්ත්වයක බව තේරුම්ගත යුතුව තිබුණි. එය තේරුම්ගත්තා නම් අපේ අසල්වැසි යෝධයා සමග පැවැති සුහද සම්බන්ධය තවදුරටත් ශක්තිමත් කිරීමට ලංකා රජය කටයුතු කරන්නට ඉඩ තිබුණි. නමුත් ඉන්දියාවට පොරොන්දු වූ ආකාරයට 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් උතුරු පළාත් සභාව කඩිනමින් පිහිටුවූයේ නැත. මේ නිසා තමිල්නාඩුව කුලප්පු කිරීමට ඇමෙරිකාවේ හිලරි ක්ලින්ටන්ට අවස්ථාව ලැබුණි. තමිල්නාඩුව තුළ සිටින දෙමළ බෙදුම්වාදීන්ටද එම අවස්ථාව ලැබුණි. මේ වන විට සිදුව ඇත්තේ තමිල්නාඩුව නැමැති නගුට විසින් ඉන්දියාව නැමැති දේශපාලන සත්වයා වැනීමය.
ඉන්දියාව සමග සුහද හා කිට්ටු සම්බන්ධයක් පවත්වාගන්නා ලෙස චීනය නිතරම පැවැසුවේය. එම පණිවුඩය ලංකා ආණ්ඩුවට ගෙන යාමට අතරමැදි දූතයකු ලෙස මමද කටයුතු කළෙමි. ඉන්දියාව හා ලංකාව අතර පරතරයක් ඇතිකරන ආකාරයට චීනය කිසිවිටක කටයුතු කළේ නැත. චීනය සැමවිටම ප්‍රායෝගික හා යථාර්ථවාදී උපදෙස් ලංකාවට සපයා තිබේ. නමුත් ලංකාව එම උපදෙස් තේරුම්ගෙන ඇති බවක් පෙන්නුම් කරන්නේ නැත.
ඉන්දියානු මැතිවරණ ප්‍රතිඵල සමග ලංකාවට වඩාත් අසීරු තත්ත්වයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. මාර්තු මාසයේ ජිනීවා සටනින් පසුව අප්‍රේල් මැයි මාසවලදී ඉන්දීය මැතිවරණය පැවැත්වෙනු ඇත. ඒ මැතිවරණ ප්‍රතිඵල අනුව බොහෝදුරට භාරතීය ජනතා පක්ෂය (බි.ජේ.පී.) කේන්ද්‍රකරගත් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇත. එහිදී ලංකාවට අවදානම්කාරී කරුණු දෙකක් තිබේ. බි.ජේ.පී.යේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි චීනය, පාකිස්තානය හා ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශ සිදු කළ අයෙකි. චීනය සිය ව්‍යප්තවාදය අතහැරිය යුතු බව ඔහු අරුණාචල් ප්‍රදේශයේ මැතිවරණ ව්‍යාපාරයට එක්වෙමින් කියා සිටියේය. පාකිස්තානය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන්නේ කොංග්‍රස්
පක්ෂයට වඩා දැඩි ප්‍රතිපත්තියකි. ලංකාවේ සමීප සගයින් ලෙස මේ වන විට කටයුතු කරන්නේ චීනය, පාකිස්තානය හා ඊශ්‍රායලයයි. මේ නිසා පාකිස්තානය හා චීනය සමග ඇති ප්‍රතිවිරෝධතා ලංකාව පිටින් යෑමේ අවස්ථාව තිබේ.
එහෙත් වඩාත් අවදානම්කාරී තත්ත්වය වන්නේ එම ආණ්ඩුවේ ජයලලිතාට හිමිවන තත්ත්වයයි. මේ වන විට ඇය අගමැති ධුරයට පත්වීමට පවා ඉල්ලීම් කර ඇත. ඇයට අගමැතිවීමට නොහැකි වන නමුත් එමගින් ඇය සිය කේවල් කිරීමේ ශක්තිය ඉහළ දමාගනු ඇත. ඔවුන්ගේ පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයට ලංකාව සම්බන්ධයෙන් භයානක යෝජනාවක් ඇතුළත් කර තිබේ. ලංකාවේ තමිල් ඊළමක් පිහිටුවාගත යුතුද යන්න පිළිබඳ ලෝකයේ දමිළ ජනතාව අතර ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කරන බව ඇය යෝජනා කර තිබේ. මෙවැනි සටන් පාඨයක් ඉන්දියාවේ ප්‍රධාන පක්ෂයක මැතිවරණ ප්‍රකාශයට ඇතුළත්වීමසැහැල්ලුවෙන් සැලකිය යුතු විහිළුවක් නම් නොවේ. ඉදිරියේදී ඉන්දියාවේ ඇතිවන සභාග ආණ්ඩුව ලංකාවට බරපතළ අභියෝගයක් වනු ඇත. ඒ අතරම ජිනීවා හරහා ඇතිවන අභියෝගය හමුවේ ලංකාව භයානක වටලෑමකට ලක්වීමට ඇත්තේ මාස කිහිපයක් බව මතක තබාගත යුතුය. මේ වටලෑමෙන් යුදමය තර්ජනයක් ඇති නොවේ. නමුත් එම වටලෑමෙන් ඇතිවන තෙරපුම නිසා රටේ ෙසෙවරීභාවයට හා යුද ජයග්‍රහණයටත් තර්ජනාත්මක වාතාවරණයක් ඇතිවනු නිසැකය.
ලංකාව ඉන්දියාව සමග පසමිතුරු තත්ත්වයක පසුවීමේ භයානකත්වය වන්නේ සාධක තුනක් එක්තැන්වීමයි. පළමුවැන්නවන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර සමග රාජ්‍යතාන්ත්‍රික ගැටුම්කාරී තත්ත්වයක පසුවීමයි. එවැනි රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකදී ලංකාවට සහය දුන් ඉන්දියාව සමග විරසකවීමක් ඇතිකරගැනීම දෙවැන්නයි. තුන්වැන්න බටහිර තුලනය කිරීමට සහය දුන් බ්‍රසීලය වැනි රටවල් පවා ලංකාවෙන් ඈත්වී ලංකාවට විරුද්ධව ඡන්දය දීමයි. මේ සියල්ලෙන් සිදුවන්නේ ජාත්‍යන්තර රණබිමේ ලංකාව තනිවීමයි. එදා දුටුගැමුණු කුමාරයා මුහුණදුන් තත්ත්වයට වඩා භයානක තත්ත්වයකට ලංකාව දැන් පත්ව සිටී. දකුණින් ගොලු මුහුද තිබියදීම බටහිර හා අසල්වැසි ඉන්දීය පෙරමුණු වෙතින් සතුරු ව්‍යාපෘතීන් දියත් වෙයි. ඒ බලකඳවුරු දෙක සමගම ලංකාව පසමිතුරු ආකල්පයක කටයුතු කරයි. එක විට ඇමෙරිකාව හා ඉන්දියාව සමග පසමිතුරු ආකල්පයක් පවත්වාගෙන යාමට ලංකාවට ආර්ථික, භූ දේශපාලනික, රාජ්‍ය තාන්ත්‍රික හෝ මූලෝපායික හැකියාවක් නොමැති බව සිහිබුද්ධියෙන් කල්පනා කරන අයට අවබෝධ වන්නකි.
ආසියාව රොකට්ටුවක වේගයෙන් ආර්ථික සංවර්ධනයක් ලබාගනී. මේ රොකට්ටුවේ ඇන්ජින් දෙක වන්නේ ඉන්දියාව හා චීනයයි. මේ දෙකෙන්ම ප්‍රයෝජන ගැනීමට ලංකාවට හැකිය. එහෙත් ලංකාව දැන් ඉගිලෙන්නේ චීනය නැමැති තටුවෙන් පමණි. බටහිර ප්‍රහාර හමුවේ කිසියම් ආර්ථික තහංචිවලට මුහුණදීමට සිදුවන විටක ඉන්දියාව සමග යහපත් ආර්ථික සම්බන්ධතාවක් පැවතියේ නම් එය ආරක්ෂක දැලක් වීමට තිබුණි. එහෙත් දැන් සියලුම බිත්තර ඇත්තේ චීන කූඩය තුළයි. එය ප්‍රඥාගෝචර නැත. ආසියාවේ මහා මොළකරු වූ ලී ක්වාන් යූ පවසා තිබුණේ ආසියාවේ රටවල් ස්ථානගත විය යුත්තේ චීනය හා ඉන්දියාව යන මහා වෘක්ෂයන්ගේ අතු එකිනෙක දැවටෙන තැන බවයි. ලංකාවට එවැනි තැනක සිටීමට හැකියාව තිබූ නමුත් ඒ ගැන අවබෝධ කර නොගැනීම කනගාටුදායකය.
ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන පසමිතුරු තත්ත්වයෙන් මිදීමට පියවර දෙකක් ගත යුතුය. පළමුවැන්න වන්නේ ඉන්දියාව පිළිබඳ නිවැරදි ආකල්පයක් ඇතිකර ගැනීමයි. බටහිර අපට එරෙහිවන අවස්ථාවකදී ඉන්දියාව සතුරකු සේ සැලකීම ප්‍රඥාගෝචර නොවන බවත් එවැනි ස්ථාවරයක දිගටම සිටිය නොහැකි බවත් ලක් රජය තේරුම්ගත යුතුය. ඉන් ඉක්බිතව කළ යුතුව ඇත්තේ දිල්ලිය ලංකාව පැත්තට නංවාගත හැකි ආකාරයට, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමයි. එසේ කිරීමෙන් දිල්ලිය සමග පාලම අලුත් කළ හැකිය. තමිල්නාඩුව තුළ සිටින මධ්‍යස්ථ මතධාරී පිරිස් දිනාගත හැකි පරිදි හා දිල්ලියේ සියලුම දේශපාලන ධාරාවන්ද, සිවිල් සමාජයද දිනාගත හැකි ආකාරයට ඉන්දියාවේ සිටින ලංකා නියෝජිතයා හා ලංකා ආණ්ඩුව කටයුතු කළ යුතුය. ජයලලිතාගේ ව්‍යාප්තවාදය තුලනය කළ හැකි ආකාරයට සමස්ත ඉන්දියාවේ හොඳ හිත දිනාගත යුතුය. එයට දේශපාලන සමාජය, සිවිල් සමාජය හා මාධ්‍ය හරහා ලංකාවේ ප්‍රතිරූපය සාර්ථකව ව්‍යාප්ත කළ හැකි ආකාරයේ බුද්ධිමය මෙහෙයුමක් මහා පරිමාණයෙන් ලංකාවේ මහ කොමසාරිස් කාර්යාල විසින් දියත් කළ යුතුය.
සාකච්ඡා කළේ :සංජය නල්ලපෙරුම

No comments